Author: Editor[N]

  • ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි.
    රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙන අතර ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් ඇත.
    නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කිටී.
  • දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට සමාදාන විනිශ්චයකාර තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
    මහාචාර්ය ජයවර්ධන එම්. පී. අත්තනායක නමින් පෙනී සිටින මොහු වහල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැත්තකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇති අතර මෙම ව්‍යාජ මහාචාර්යවරයා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී ඔහු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණිය දක්‌වා පමණක්‌ අධ්‍යාපනය ලබා ඇති බවත් ඊයේ (6 දා) වන විටත් පාසලෙන් අස්‌වීම් සහතිකය පවා ලබාගෙන නැති බවත් හෙළිවී ඇත.
    මොහු ඇහැලියගොඩ පොලිසිය මගින් පැවරූ නඩු තුනකට වැරදිකරු වී සිරදඬුවම් ලැබූ අයකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුව ඇතුළත් අයකු බව තහවුරුවී ඇති අතර  සාමවිනිසුරු ධූරය ලබාගෙන ඇත්තේද වත්මන් ආණ්‌ඩුව යටතේ සිටි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකුගෙන් බවද අනාවරණය වී තිබේ.
  • රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එම ස්‌ථානයෙන් ඉවත් කර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 
     
     තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ අරමුණ ඇතිව නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා මහින්ද අමරවීර ඇමැතිවරයා කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මේ වනවිට රුපියල් කෝටි දහයක්‌ වැය කරමින් ගොවිජන මන්දිරය අලුත්වැඩියා කරන බවත් තව නොබෝ දිනකින් එම ගොඩනැඟිල්ලට යැමට හැකි වෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
     
     වසර පහක කුලී පදනම මත රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කුලිය වශයෙන් රුපියල් කෝටි පනහකට වැඩි මුදලක්‌ ගෙවා ඇති බවත් එයට සේවා ගාස්‌තුවක්‌ද ඇතුළත් බවත් හෙතෙම කියා සිටියේය. මසකට රු. හැටඑක්‌ ලක්‌ෂ දහඅට දහස බැගින් මේ වනවිට කෝටි 14 කට අධික මුදලක්‌ සේවා ගාස්‌තු වශයෙන් ගෙවා ඇතැයිද කී එම නිලධාරියා මේ සියලු ගෙවීම්වලට අමතරව ගොඩනැඟිල්ල විවිධ අංශවලට බෙදා වෙන් කිරීම සඳහා රු. කෝටි හතළිහක්‌ද, ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්‌ සඳහා රුපියල් ලක්‌ෂ පනහක්‌ ද, අමාත්‍යාංශයේ ගෘහ භාණ්‌ඩ සඳහා කෝටි පනහක පමණ මුදලක්‌ද රජය වැය කර ඇති බව අමාත්‍යවරයා විසින් කළ සමීක්‌ෂණයේදී හෙළිවී ඇතැයිද කීවේය. 
     
     මේ වනවිට මෙම ගොඩනැඟිල්ලේ ගිවිසුම් සහ කුලී ගෙවීම් පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇති බවත් ගොඩනැඟිල්ල ගැනීමේදී තාක්‌ෂණ නිලධාරියාගේ වාර්තාවේ සේවා ගාස්‌තු අය කර ගැනීම සඳහන් කර නොමැතිව තිබියදී ඊට පිටින් රජයේ ආයතනයක්‌ පවත්වාගෙන යැමේදී එම ගොඩනැඟිල්ල සඳහා සේවා ගාස්‌තුවක්‌ ගෙවා තිබීම පිළිබඳව වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පී. විඡේරත්න මහතා විමසීමට ලක්‌ කර ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

  • වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    කිලෝ අටක්‌ වූ ප්ලාස්‌ටික්‌ බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක්‌ මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
     
     රාත්තල් 500 ක්‌ බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික්‌ බෑග් 80 ක්‌ තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
     දින පහක්‌ තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික්‌ දිරවා ගත නොහැකිව බව වාර්තා වේ.

  • රංජන්ට එරෙහි පෙත්සම් 2  සම්පූර්ණ විභාගයට ගනී

    රංජන්ට එරෙහි පෙත්සම් 2 සම්පූර්ණ විභාගයට ගනී

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4 ) දැනුම් දුන්නේය. 
     
     රංජන් රාමනායක මහතා කළැයි කියන කතාව පටිගත කළ වීඩියෝ හඬ පටය ආශ්‍රයෙන් සකස්‌ කළ එම කතාවේ පිටපතක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකරුවන් වෙන වෙනම පරීක්‍ෂා කර බලා පසුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට රැස්‌වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙක ඊවා වනසුන්දර සහ දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී  ඔහු මේ බව දැනුම් දුන්නේ ය.
     
    පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටියේ සියලුම විනිසුරුවරුන් හා නීතිඥවරුන් දූෂිතයන් යෑයි ඔහු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුව ඇති බව නිසා ඔහු කළ එම වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඔහු උසාවියට කැඳවා විමසන ලෙසත් පසුව ඒ ගැන විභාගයක්‌ පවත්වා ඔහුට සුදුසු දඬුවමක්‌ ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
     
     රංජන් රාමනායක මහතාට එරෙහිව පෙත්සම් දෙක ගැන අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත යොමු කිරීමටද ඊයේ තීරණය කෙරිණු අතර රාමනායක මහතා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුවී ඇත යන්න නීතිපතිවරයාගේ ස්‌ථාවරය බව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ මුල් දිනයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා දැනුම් දුන්නේය.
     
    ශ්‍රී ලංකා නීතිඥ සංගමයද රාමනායක මහතා කළ කතාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයේදී තම සංගමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
     
     වැඩිදුර විභාගය ලබන 18 දාට කල් තැබුණු අතර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටී.මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී රණවක සුනිල් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.

  • විදෙස්‌ සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක්‌ කහවත්තේ

    විදෙස්‌ සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක්‌ කහවත්තේ

    විදෙස්‌ සඟරා පරිශීලනය කර ලබාගත් දැනුමෙන් අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවිකරන කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදනාගාරයක්‌ වටලා ගිනිඅවි රැසක්‌ සමඟ සැකකරුවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.
     
     අර්ධ ස්‌වයංක්‍රීය ගිනිඅවි 01 ක්‌ නිම නොකළ අර්ධ ස්‌වයංක්‍රීය අවි දෙකක කොටස්‌, ටී 56 ජීව උණ්‌ඩ 03 ක්‌ ගිනිඅවි නිෂ්පාදනයට යොදාගන්නා කොටස්‌ සහ නිෂ්පාදනයට භාවිත කරන උපකරණ රැසක්‌ සොයාගත් බවත්‍ෙසැකකරු විසින් කහවත්ත කහවතු කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 25,000 ක්‌ (විසිපන්දාහක) මුදලකට අලෙවිකර තිබූ බෝර 12 පතුරම් තුවක්‌කු 01 ක්‌ සමඟ මිලදීගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
    අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ සැකකරුවන් ඊයේ (04) පැල්මඬුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
     

  • අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

    අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

    ආගරපතනේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක හා ඇගේ අවුරුදු 5 1/2 වයසැති දියණිය හා 2 1/2 ක්‌ වයසැති පුතෙකු පැහැර ගෙන ගොස්‌ වැඩිමහල් දරුවා විකිණීම හා අදාළ කාන්තාව අතවරයට පත් කළැයි චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් ළිඳුල තලවකැලේ පුරපතිවරයාත්. එහි සභිකයකුත්, ආගරපතන ඩයගම රෝහලේ සේවකයකුත්, තලවකැලේ ත්‍රිරෝද රථ රියදුරෙකුත් පෙරේදා (03) රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

    කාන්තාවක හා දරුවන් දෙදෙනකු පැහැර ගෙන ගොස්‌ එම කාන්තාවට අතවර කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් පෙරේදා (03 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ නගරාධිපති අශෝක සේපාල සහ එම නගර සභාවේ මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුළු සිව්දෙනකු ලබන 11 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා ඊයේ (04) නියෝග කළේය. 

    රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක්‌ දෙදෙනා ආගරපතන ඩයගම රෝහලේ සේවකයකු වන හේරත් මුදියන්සේලාගේ තිලකරත්න සහ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන ආගරපතන පදිංචි ඔරාකඳ ලියනගේ ජයන්ත පීරිස්‌ යන අය වෙති.

    ආගරපතන පදිංචි ජයන්ත නමැත්තා 2017.06.04 දින දුරකථනය ඔස්‌සේ කථා කොට ආගරපතනේ සිය දරුවන් දෙදෙනා සමග වාසය කළ මෙම කාන්තාවට රැකියාවක්‌ ලබා දෙන පොරොන්දුව මත ලියකියවිළි හා ඇඳුම් පැළඳුම් රැගෙන තලවාකැලේ බස්‌ නැවතුම්පළට පැමිණෙන ලෙස දන්වා ඇත.

    ඉන් පසු ඉෂාර මංචනායක නමැත්තාගේ නිවසේ දින කීපයක්‌ අදාල කාන්තාව හා දරුවන් දෙදෙනා රඳවා තබා ඇත. එම කාලය තුළදී පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත විනාශ කර දමා ඈ හා අනෙකුත් අය අතර තිබු සම්බන්ධතා බිඳ දමා ඇති බව කියති. ඉන් පසු ඉෂාර යන අයගේ සහෝදරයකුගේ නිවසේ ද දින කීපයක්‌ රඳවා තබා ඉන් අනතුරුව අශෝක සේපාල නමැති අය හමුවට කැඳවාගෙන ගොස්‌ ඇත. එහිදී ලිපි කීපයකට අත්සන් ලබා ගෙන ඇති අතර කාන්තාවගේ වැඩිමහල් ගැහැනු දරුවා සැකකරුවන් විසින් රඳවාගෙන කාන්තාවගේ කුඩා දරුවා වෙනත් නිවසකට කැඳවාගෙන ගොස්‌ ඇත. ඉන් පසු තිලකරන්න නමැති සැකකාර ත්‍රී රෝද රථ රියදුරුගේ නිවසේ අදාල කාන්තාවත් දරුවාත් නතර කර ඇති අතර දින කීපයක්‌ එහි නතරව සිටි කාන්තාව තිලකරන්න නමැත්තා විසින් කොළඹ කැඳවාගෙන ගොස්‌ ආමර් වීදියේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකින් ගමන් බලපත්‍රයක්‌ පිළියෙළ කර දී ඇත. එහෙත් ඇය අතට ගමන් බලපත්‍රය ලබා දී නැත. මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කාන්තාවගේ සැමියා තම බිරිඳ හා දරුවන් ආගිය අතක්‌ නැති බවට ආගරපතන පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. සැකකාර තිලකරත්නගේ නිවසේ කාන්තාව රැඳී සිටින අවස්‌ථාවේදී පිරිමි ළමයා ද සැකකරුවන් විසින් රැගෙන ගොස්‌ ඇත්තේ කාන්තාව ඊට රැකියාවකට යන නිසා දරුවාගේ රැකවරණය සැපයීමට යනුවෙන් පවසමිනි. රැකියාව සඳහා අදාළ කටයුතු සම්පාදනය කිරීමට සැකකාර තිලකරත්න නමැත්තා සමග ගමන් බිමන් යද්දී ඔහු විසින් පැමිණිලිකාරිය කෙළෙසූ බවට ඇය විසින් කරුණු දක්‌වා ඇත.

    පැමිණිලිකාරියගේ සැමියා විසින් ආගරපතන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක්‌ කරන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරුවන් විසින් කාන්තාව බත්තරමුල්ලේ නිවසකටත් ඉන්පසු පිළියන්දල නිවසකත් සේවයට යවා ඇත. පිළියන්දල නිවසේ සේවය කරද්දී තමාට සිදුවූ අතවර හා දරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බව පොලිසියේ පැමිණිලි කර ඇත.

    පැමිණිලිකාරිය කුඩා කාලයේ දී මව මිය යාමෙන් අනතුරුව අවුරුදු 19 ක්‌ පිළියන්දල එස්‌ ඕ එස්‌ ළමා නිවාසයේ රැඳී සිටි නිසා ඇය තමා පත්වී ඇති තත්ත්වය පිළිබඳ එස්‌. ඕ. එස්‌ ළමා ගම්මානයේ කාර්යය මණ්‌ඩලයටද දන්වා ඇත. ඒ හේතුව මත පැමිණිලිකාරියට ඇගේ ස්‌වාමියා යළි මුණගැසී ඇත. ඉන් පසුව මෙම පැමිණිලිකාරිය විසින් පෙරේදා නුවරඑළිය මූලස්‌ථාන පොලිසියට පැමිණ සියලු සිද්ධීන් අනාවරණය කර ඇති බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

    මෙම පැමිණිල්ල පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ, නුවරඑළියේ නියෝජ්‍ය පොලිස්‌පති ඊ. ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි නුවරඑළිය පොලිස්‌ අධිකාරී අයි. බී. ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන බස්‌නායක, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. බී. අයි. ඉන්ද්‍රජිත්, පොලිස්‌ පරීක්‍ෂක චන්දන රණසිංහ, අපරාධ කොට්‌ඨාස ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක චන්දන හල්පාගොඩ, ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. පී. යොෂානි යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

    පැමිණිලිකාරියගේ අවු 5 1/2 වයසැති දැරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි යුවළක්‌ විසින් ඊයේ නුවරඑළිය පොලිසියට රැගෙන පැමිණ සිටි අතර අවුරුදු 2 1/2 ක්‌ වයසැති පිරිමි දරුවා පතන විහාරස්‌ථානයක සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

  • ශ්‍රී ලංකන් හා  මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි

    ශ්‍රී ලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි

    ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද (04) ආරම්භ වුණි.
    අදාළ සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි 14 වනදා විශේෂ කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කෙරුණි.
    මේ වන විටත් ‍ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම වෙත මහජන පැමිණිලි ලැබී ඇති අතර සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිලධාරියෙකුගෙන් අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය 
    අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.
  • දකුණේ වසංගතයට හේතුව සොයා ගනී

    දකුණේ වසංගතයට හේතුව සොයා ගනී

    දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි. 

    සිය ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලට අනුව මෙම රෝග තත්ත්වයට හේතුව වී තිබෙන්නේ “ඉන්ෆුවෙන්සා A” නම් වෛරසය බව ද එම ආයතනය තවදුරටත් අනාවරණය කර සිටියි.

  • ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”

    ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”

    මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.

    ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.

    ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.

    Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….

    මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.

    මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!

    වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,

    https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be

     

     

  • අගමැති රනිල් හා තිස්ස අත්තනායක එකට

    අගමැති රනිල් හා තිස්ස අත්තනායක එකට

    නුගේගොඩ – නාලන්දාරාම විහාරස්ථානය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ(2) සිදුකෙරිණු අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.
    බුද්ධ මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමිණ. 
  • ශ්‍රීලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද

    ශ්‍රීලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව ඇත.
     මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ තාවකාලික කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. 
  • තවත් IMF ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි

    තවත් IMF ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

  • 2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි

    2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි

    එජාප ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පත්වීමේ ලිපිය ප්‍රදානය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් 2015 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූයේත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ කැපකිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවැසීය.  

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

    “එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.

    රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.” 

  • රටේ ඉන්න හැම දේශපාලනඥයාම දූෂිත නෑ…

    රටේ ඉන්න හැම දේශපාලනඥයාම දූෂිත නෑ…

    ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අකිල විරාජ් කාරිවසම් අමාත්‍යවරයා කියාසිටියේ සෑම දේශපාලනඥයෙකු සම්බන්ධයෙන්ම සමාන අයුරින් සිතා කටයුතු කිරීම යුක්තිසහගත නොවන බවයි.
    එහිදී සෑම අයෙකුම දූෂිත දේශපාලනඥයෙකු ලෙස  සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දෙන ලදී.
  • පොලිස් කොස්තාපල් වරියට රහසඟ පෙන්වූ මැනේජර් මහත්තයාට වැඩ වරදී

    පොලිස් කොස්තාපල් වරියට රහසඟ පෙන්වූ මැනේජර් මහත්තයාට වැඩ වරදී

    සිවිල් ඇඳුමකින් සැරසී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් වරියකට තවත් මෝටර් සයිකලයක ගමන් කරමින් සිටියදීම නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයෙකු ඉමදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

    පසුව තොරතුරු අනාවරණවූ අන්දමට ඔහු පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකි. මීට පෙරද ඔහු මෙම පොලිස් නිළධාරිනියට තම නිරුවත පෙන්වා ඇති අතර මේ අයුරින් ඔහු තවත් කාන්තාවන් විශාල පිරිසක් ඉදිරියේ මෙලෙස අසභ්‍ය ලෙස හැසිරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

    මෙලෙස කාන්තාවන් හමුවේ තම නිරුවත ප්‍රදර්ශනය කරන පුද්ගලයන් පිළිබඳව ඉඳහිට අසන්නට ලැබේ. එහෙත් මෙය බොහෝ විට ‘ප්‍රදර්ශන කාමුකත්වය’ නම් වන මානසික රෝගී ලක්ෂණයක් බව බොහෝ දෙනෙක් නොදනිති. මෙම ප්‍රදර්ශන කාමුකත්වය නම් මානසික රෝගී තත්වයට නතුවනුයේ රස්තියාදු කාරයන් වශයෙන් සළකන සමාජයේ පහළ පැලැන්තියේ අයැයි බොහෝ දෙනෙක් සිතති.

    එහෙත් එහි සැලකිය යුතු සත්‍යතාවයක් නැත. සමාජීය වශයෙන් ඉහළ තත්වයන්හි පසුවන්නවුන් තුළින් පවා මෙම රෝගී තත්වය ඉස්මතු වීමට පුළුවන. ලිංගික අවවර්ථන ගණනයට අයත් වන මෙවන් අස්වාභාවික ලිංගික අශාවන් අැතිවීමට නිශ්චිත හේතුවක් අනාවරණයවී නැත.  එමෙන්ම මෙම මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් කාන්තාවන් හමුවේ තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කරවනුයේ ඔවුන් ලිංගිකව පොළඹවා ගැනීමට යැයි අදත් සමාජයේ බොහෝ දෙනෙක් සිතති.

    එහෙත් ඔවුන් එසේ කරනුයේ එය දකින කාන්තාවන් බිය වැද්දීමටය. එම පුද්ගලයන් සතුටු වනුයේ එසේ කතුන් තම ක්‍රියාවෙන් බිය වැද්දෙනු දැකීමෙනි. එහෙත් එවන් දර්ශනයක් දකින කාන්තාවක් බැරි වේලාවත් ඉන් සතුටට පත්වී තමන් සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට එම පුද්ගලයන්ට ඇරයුම් කළා යැයි සිතමු. (නමුත් එවැනි දර්ශනයකින් කාන්තාවෝ ලිංගික උද්දීපණයක් නොලඹති)

    එවිට එම පුද්ගලයෝ බොහෝ විට එම ඇරයුම පිළිනොගනිති. ඊට හේතුව එම රෝගීයකුගේ අරමුණ එම කාන්තාව සමඟ යහන්ගත වීමක් නොවන බැවිනි. ඒ කෙසේ හෝ මෙවන් පුද්ගලයකු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ හොත් ඔහු මෙම පුරුද්දෙන් ඉවත් කිරීමේ යම් හැකියාවක් පවතී.  නමුත් ඒ සඳහා දිගුකාලීනව මනෝ චිකිත්සක ක්‍රම වලට ඔහු යොමු කළ යුතුය.

    – දමයන්ති ගමගේ