“බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.
Author: Editor[N]
-

අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්
දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇති බවත් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා ප්‍රකාශ කලේය.වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇති අතර පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇති බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද ප්‍රකාශ කලේය.ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටළු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා කියා සිටියේය. -

තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි
මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ(22) වැටලීමක් දියත් කර තිබේ.
දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී ඇත.86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටින අතර ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයක වේ.
තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි. අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.
-

තව අවුරුදු දෙකක් යනකල් බස් ගාස්තු වැඩි වෙන්නෙ නෑ
බස් ගාස්තු සියයට 12.5% කින් ඉහළ දැමීමට ඊයේ(22) උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩි වීම ක්‍රියාත්මක වේ. මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 02 ක කාලයක් සදහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබා නොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සදහා අවසර ලබා දීමට බව ප්රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සදහන් කලේය.
අධිවේගී මාර්ගවල බස් ගාස්තුද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යන අතර මහරගම සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 560 ක් ද මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 450 ක් ද කඩවත සිට ගාල්ලට නව බස් ගාස්තුව රුපියල් 490 ක් ද කඩවත සිට මාතරට වන නව ගාස්තුව රුපියල් 600 ක් ද කඩුවෙල – මාතර නව බස් ගාස්තුව රුපියල් 580 ක් ද වහයෙන් ඉහළ නංවා ඇත.
-

වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි
ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.
අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මඟින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කල අතර ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැළකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය.
-

ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්
හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය.පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය.මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය.ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති.මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය.මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ.එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි.අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි.කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය.එම අගය මිලිමීටර් 74.9කි.කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.(under the courtesy of newsfirst.lk web)
-

පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර
කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් මේ සතිය තුල පිහිටු වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි.ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. -

එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි.යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් වුවත් මේවර සාර්ථකව එවරස්ට් තරණය කළ ඔහු මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි. -

ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි
ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට.කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ.සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුණා.ඒ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.මේ එම සටහනයි.(under the courtesy of adaderana news web)

-

ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි
පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේ දී එම විවාදය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසෙ ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීමක් කර ඇත.කෙසේවෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දහවල් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. -

යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර ඇත.මෙහිදී රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණු අතර අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. -

ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි
දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ, කළුතර, මඩකලපුව, කල්මුණේ, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටියේය.
මේ නිසා තද උණ සමග හිසරදය, මස්පිඬු වේදනාව, වමනය ආදී රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඇය ජනතාවට දන්වයි.
-

දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට
දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පසුගිය මාසයක කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ දරුවන්ට නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර එම දරුවන්ට උණ සහ ශ්වසනාබාධ ලක්ෂණද දක්නට ලැබුණි. මෙහිදී කරන ලද රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනා මේ වන විට මියගොස් ඇත.පවතින තත්ත්වය අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.රෝගීන් කළමනාකාරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර පැතිර යාම වැළැක්වීමටද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර ශ්වසනාබාධ සහිත රොගීන් වෙනත් ස්ථානවල රඳවා ප්‍රතිකාර කරනු ලබයි.
එමෙන්ම මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා සිටින ලෙසත් දෑත් සබන් දා සෝදා පිරිසිදුව තබාගන්නා ලෙස ජනාකිර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. තවද අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි. වයස අවුරුදු 2ට අඩු දරුවන් ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටියන් ඉහළ අවධානමක් සහිත පිරිස් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.
-

නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟ ඉහළ ගංඟා ධාරා ප්‍රදේශයේ එනම්තවලම ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද බද්දේගම ආශ්‍රිත පහල ගංගා ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් රත්නපුර, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නායයෑමේ අවදානම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
-

“බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට
ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ.
-

සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි
මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත.
මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ කළ දිසා විනිසුරුවරයා එම ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරණ ලෙස පොලීසියට නියෝග කළ අතර මේ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ලබා ගන්නා ලෙස නියෝග කොට ඇත. දිසා විනිසුරුවරයා කැණීම් සිදු කරණ ස්ථානයට අධිකරණ නිලධාරීන්ද යොදවා ඇත.
යම් හෙයකින් මෙම ස්ථානයෙන් තවදුරටත් මිනිස් ඇටසැකිළි කොටස් හමු වුවහොත් සතොස තොග ගබඩාවෙන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.
-

මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි
රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත.ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර ඊට නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහය ලබාදෙනු ඇත.රට වෙනුවෙන් ජීවිතය පූජා කළ 28,619 ක් වූ රණවිරුවන් සමරා පහන් දැල්වීම මෙහිදී සිදුවන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද ඊට එක්වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළ අතර දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බල සේනා, යුද හමුදා පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මෙන්ම ක්ෂේත්‍ර මූලස්ථානවලද අද පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.මෙවර රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම විෂේශත්වයකි.