පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට කොට්ටඨාෂයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට කටයුතු සකස් කරන බවත් ඔවුන් එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කගහොත් ඒ අයට ලක්ෂ 100 ක මුදලක් දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (01) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධනන වැඩසටහන යටතේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදි කරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
Author: Editor[N]
-

පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා
මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් අතින්ම එම කටයුතු අවංකව, හොඳින් ඉටු වෙනවා ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ බවත් අද මෙන්ම හෙටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. -

ගෑස් වල ගෑස් බලන්න වෙයිද ?
පසුගියදා මෙරට ගෑස් සමාගම් 2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ගෑස් සමාගම් කළ අදාළ ඉල්ලීම සලකා බලා ඇති අතර එහිදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි පවතින වෙනස්කම් හා මෙරට ගෑස් වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. -

විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සිට වර්ජනේ
ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව වුවද තම ගැටලු සඳහා නිසි විසදුම් ලැබෙනු ඇති බවට අපේක්ෂා නොකරන බැවින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටී. -

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ
පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ.මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා සඳහන් කරයි. -

ෆොන්සේකා අද ජනපති හමුවෙයි
ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) උදෑසන 9 ට ජනපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබූ බව දේශපාලන ආරංචි වල සඳහන් වේ.සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ද මුණ ගැසී ඇති අතර. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ඉකුත් සමයේ දිගින් දිගටම විවිධ වාර්තා පළ වුණත් කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකරන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකාවේ රැඳී නොසිටි බැවින් මෙම හමුවීම් යොදාගෙන ඇතැයි එම ආරංචි වල වැඩි දුරටත් සඳහන් වේ. -

බීමතින් අසු පැදෙව්වාට දඩ
ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ 29 හැවිරිදි ලුයිස් පෙරේස් නැමති පුද්ගලයා එම ප්‍රාන්තයේ ප්‍රධාන මහා මාර්ගයක බීමතින් අසුපිට නැගී ගමන් කරමින් සිටියදී අධිවේගී මාර්ග රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර තිබේ.
අසාමාන්‍ය ලෙස ප්‍රධාන මහා මාර්ගයක අශ්වයෙකු පිට නැගී පුද්ගලයෙකු ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ පොලීසිය ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී, ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට වැටහී ඇති අතර, පසුව සිදුකළ මත්පැන් පරීක්ෂාවේදී සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක ඇල්කොහොල් මාත්‍රාවක් ඔහුගේ රුධිරයේ පැවති බවද පොලීසිය කියයි.
සාමාන්‍යයෙන් බීමතින් මෝටර් රථයක් ධාවනය කර පොලීසියට අසුවූ අවස්ථාවක මෝටර් රථයද පොලීසියට රැගෙන ගියත්, මෙම සිදුවීම සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයාගේ මව වෙත ඔහු පැමිණි අශ්වයා භාරදීමට පොලීසිය කටයුතු කර ඇති අතර මෙම සිදුවීමෙන් ඔහුට විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බව පවසන පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙනි.
එහිදී, පොලීසිය පවසා තිබුණේ “ඔබට මහා මාර්ගයක නිකරුණේ අසුන් පැදීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම, බීමතින් එවැන්නක් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ” යනුවෙනි.මෙවැනි ක්‍රියාවන් සිදුකිරීමෙන් ඔබේ ජීවිතය, ඔබේ සුරතලාගේ ජීවිතය මෙන්ම, මාර්ගයේ යන අන් අයගේ ජීවිතත් අනතුරට ලක් නොකරන ලෙසද පොලීසිය එම ඡායාරූප පළ කරමින් පවසා තිබුණි.



-

එජාපය රනිල්ට එරෙහි වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව සිරිකොතින් වාර්ථා වෙයි.
පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මෙන්න ඊට පෙරත් ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව හම ආරංචි වල සඳහන් වන අතර එජාප ප්‍රභලයෙකුගේ නුගේගොඩ නිවසේදී පෙරේරදා (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.
-

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වෙලා
බැඳුම්කර හොරකමේ මූලික සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල (කුරියර් සේවය) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
-

සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ තනතුරු ඉදිරි සති දෙක ඇතුළත වෙනස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ නව ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
මේ අතර නව කැබිනට් සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යංශවල විෂය පථයන්ද ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක්කරන බව ජනාධිපතිවරයා පැවැසීය. මෙහිදී අදාළ ආයතන නිවැරදිව ගැළපෙන අමාත්‍යංශ යටතට පත්කිරීමටද නියමිතය.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම්ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
රටේ ජනතාවගෙන් ලැබි ඇති පණිවුඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු ඉදිරි වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. -

බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති
දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස්රථ ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස්හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්ත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි වුවත් භූමිතෙල් භාවිතා කිරීම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටස්වලට යන වියදම පියවාගත හැකි බැවින‍් බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යානුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක්ද අවශ්‍ය නොවන බවත් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) කියා සිටියේය.
-

මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.
” මේකට ආරාධනා කලේ නැහැ කාටවත්, ඉල්ලීම් කරපු අයට විතරක් අවස්ථාව දුන්නා. අනික ආරාධනා කරන්න ඔයා කවුද ? ” යනුවෙන් විමසා ඇත.
එවිට ගම්මන්පිල විසින් පෙන්වා දී ඇත්තේ තමන් එම කමිටුවේ සභිකයෙකු බවත් ඒ නිසා ආරාධනා කල යුතු නමුත් අවම වශයෙන් දැනුම් දීමට හෝ තිබුනු බවයි. එවිට බැසිල් විසින් උස් හඬින් පවසා ඇත්තේ ..
” ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ. ඒ මගේ හැටි. වැඩක් බලාගෙන ඉන්න, බැරිනම් යන්න. ” යනුවෙනි.
එවිට උදය පවසා ඇත්තේ ” ඇයි ඔයා ඔච්චර සද්දෙන් කතා කරන්නෙ. අපි මොකක්ද කරපු වරද ” යනුවෙනි. එවිට නැවතත් බැසිල් පවසා ඇත්තේ ” ඔය සුලු පක්ෂවල අය මොනවද කලේ. මේක පොදුජන පෙරමුණේ ජන රැල්ල. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගෙන ඉන්නවා. ඔයාගේ නායකයටත් ඕක කියනවා ” යනුවෙනි
එවිට නැවතත් ගම්මන්පිල පවසා ඇත්තේ ” කවුද මගේ නායකයා. මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ” එවිට උරණ වූ බැසිල් ” විමල් වීරවංශ ” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කොට ඇත.
මේ සිද්ධිය පිළිබඳව ගම්මන්පිල විසින් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය හිටපු ජනපතිවරයා දැනුවත් කිරීමට ඔහු උත්සාහ කලද, එයද ව්‍යර්ථ වූ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වූ මොහොතේ බැසිල් සිය බිරිඳද කැටුව මෙරටින් පලා ගිය අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නැවතත් ජනරැල්ලක් ගොඩනගා ජයග්‍රාහී මාවත දක්වා ගෙන ආවේ විමල්, දිනේෂ්, වාසු, උදය වැනි සෙසු පක්ෂ නායකින්ය. මේ ආකාරයට බැසිල්ගේ ඒකාධිපති ස්වරූපය හරහා බැසිල් ගමන් කරන්නේ කොතනටද යන්න නැවතත් විමසා බැලිය යුතුය.
http://lankaenews.me අඩවියෙන් උපුටා ගත්තකි
-

මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න
මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ ඔහුට අඩුම තරමේ මාසයක කාලයක් වත් විවේකයෙන් සිටීමට අවශ්‍ය බවයි. -

පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ
හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.
මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබු අතරසැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.
ඒ අනුව එම නඩුව ඊයේ(22) විභාග වූ අතර සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.
-

විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට
රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.
මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද (23දා) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
-

දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්
.
විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා බවත් ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ(22දා) ප්‍රකාශ කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,
“මේ දවස්වල මහනායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේලා,ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න එපා කියාගෙන යනවා.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ජනතාව දීපු උත්තරය වුණේ ආණ්ඩුව අස්ථාවර කළ යුතුයි කියලා.බොහෝ දෙනා නොදන්නවාට මේ ආණ්ඩුව අස්ථාවර නොකර ස්ථාවරව තියාගැනීමේ ප්‍රබලම අවශ්‍යතාව තියෙන්නේ විදේශ බලවේගවලට හා දෙමළ බෙදුම්වාදීන්ට.මහනායක හාමුදුරුවෝ වුණත්,අනෙක් සංඝයා වහන්සේලා වුණත්,මේ ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයි කියන්නේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා.ඒක දැන කරනවද, නොදැන කරනවද කියලා අපි දන්නෙ නෑ.නමුත් මේ රටේ හාමුදුරුවරු හැටියට යමක් කියනවා නම් වගකීමක් ඇතිව කියන්න ඕන.අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කරලා එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා ඔප්පු කළොත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපාගන්නවා කියලා.මේක විලිලැජ්ජ නැති කතාවක්.මේ සංඝයාවහන්සේලාද සිවුරු දරාගෙන ඉන්නේ කියන සැකය තියෙනවා.අඩුගාණේ මම සිවුරු අරිනවා කියලා කිව්වනම් ඒක කමක් නැහැ.රනිල් වික්රමසිංහ මහතා හොරෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.බැඳුම්කර වංචාවේ මූලික විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් කමයි බැඳුම්කර මහහොරකම සිදුවුණේ.ඒ නිසා ඒ හොරකම කරන්න මූලිකයා වුණේ රනිල් වික්‍රමසිංහ.දැන් අපි ඒ උන්නාන්සේට කියනවා බෙල්ල කපාගන්න කියලා.මේ ගොල්ලෝ හදන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා හරි කමක්නැහැ මොනවාහරි කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආණ්ඩුවට පක්ෂව කරුණු කියන්න.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක් මහජනතාව ප්‍රකාශ කළා.නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ජනමතයට ඇහුම්කන් දෙන එක නෙමෙයි.මේක රූකඩ ආණ්ඩුවක් නිසා මේ අයට ජනමතයට ඇහුම්කන් දෙන්න බැහැ.සාමාන්‍යයෙන් රඟපෑමක් කරනවා නම් නළුවෝ නිළියෝ වේදිකාවට ඇවිත් රඟපෑම් කරන්නේ.දැන් මේ සිරිසේන රනිල් රඟපෑමක් නෙමෙයි කරන්නේ.ඒගොල්ලො රූකඩයෝ.සී.අයි.ඒ. එකයි රෝ එකයි, දෙමළ බෙදුම්වාදීන්,ඩයස්පෝරාව පිටුපස්සෙන් ඉඳගෙන මේ රූකඩ ටික නටවනවා.ඒ නිසා මේ ආණ්ඩුවට රඟපෑම් කරන්නවත් බැහැ.ඒ රූකඩ ආණ්ඩුව ස්ථාවර කරන්න කියලා කියන්න පුළුවන් මොන මෝඩයටද?ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට යමක් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන හරියට ප්‍රකාශ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.බලයට රැවටිලා පන්දම් අල්ලන්න එපා කියලා මහනායක හිමිවරු ඇතුළුව භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා.මහානායකකමත් එක්ක නුවණ ලැබෙන්නැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.තනතුරක් ලැබුණට නුවණ ලබෙන් නැහැ” යනුවෙන් පවසා සිටියහ.
-

විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි
කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
පෙරේදා (20) දා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.
මෙම මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති අතරව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.