Author: Editor[N]

  • යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක්‌ ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් එක්‌ හිමිනමක්‌ අපවත් වී අනෙක්‌ හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්‌aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම විහාරස්‌ථානයේ වැඩවසන සාමනේර හිමිවරුන් දෙනමකි.
     
     අනතුරින් අපවත් වී ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 16 හැවිරිදි තිස්‌සපුර සද්ධානන්ද හිමියන් වන අතර  බරපතළ ලෙස තුවාල ලබා සිටි 14 හැවිරිදි අනෙක්‌ සාමනේර හිමියන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි. 
     

  • කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

    කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

    මහමග ගමන් කරමින් සිටි කාන්තාවගේ කනට පහරදී ගෙල මිරිකා ඇය වැළඳගෙන ඇය ගෙල බැඳි පවුම් දෙකක්‌ බරැති “රන්මාලය” කොල්ලකෑ අපරාධකරුවකු සහ ඔහුට සහය දැක්‌වූ තවත් පුද්ගලයෙකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කොට්‌ඨාශ රථවාහන අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා කැබ්රථයකින් පැමිණ කුරුණෑගල ගැට්‌ටුවාන ප්‍රදේශයේදී මහමග ගමන් ගත් මෙම කාන්තාවට ඉහත අපරාධය කර පලාගොස් ඇති අතර 
    සිදුවීම සියෑසින් දුටු තරුණයෙක්‌ අපරාධකරුවන් පලාගිය කැබ් රථයේ අංකය 119 අමතා සිදුවීම දැනුම් දී ඇත. ඒත් සමඟම වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන් බදුරාගල රෙග්ලන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සුවිශේෂම කරුණ වන්නේ පැමිණිලිකාරිය කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට තමන්ට සිදුවූ කරදරය පැමිණිලි කරන මොහොතේම ඇයගේ “රන්මාලය” පැහැරගත් කොල්ලකරුවන් ඇය ඉදිරියට රැගෙන ඒමයි.

    සැකකරු මැද මහනුවර දොරලියද්ද ප්‍රදේශයේ පදිංචි එක්‌දරු පියෙකි. මොහුගේ සහයකයා සුරංජිත් නැමැත්තෙකි. මොවුන් දෙදෙනාට එරෙහිව දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රන් මාල කැඩීමේ සිදුවීම් සම්බන්ධව නඩු 3ක්‌ තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අපරාධකරුවන් දෙදෙනා ගමන් ගත් කැබ්රථය කුරුණෑගල මූලස්‌ථාන පොලිස්‌ පරිශ්‍රයේ රඳවා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියමිතය.

  • උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16දා) විවෘත වරෙන්තු නිකුත් කළාය.
     
    මෙම නඩුව ඊයේ (16දා) කැඳවූ අවස්‌ථාවේදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිහාල්  මහතා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එම නඩුවේ සැකකරුවන් ලෙස විදේශ ජාතිකයන් පස්‌දෙනකු හා විදේශීය සමාගමක්‌ නම්කර ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරුවන්ට කුමන චෝදනා ගොනු කරන්නේද නැතහොත් ඔවුන් සිදු කර ඇති වැරදි කුමක්‌දැයි වෙන් වෙන්ව සවිස්‌තර ආකාරයෙන් ලිතව අධිකරණයට කරුණු දක්‌වා කරුණු තහවුරු කරන ලෙසට එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
     
     සැකකාර උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ආගමන විගමන පාලකවරයා විසින් නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රයක්‌ උපයෝගි කර ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට ඇමරිකා එක්‌සත් ජනපදය බලා යැමට උත්සාහ දැරීමේදී පසුගිය පෙබරවාරි 4 වැනිදා ගුවන් තොටුපළ බලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ ඔහුට එරෙහිව නිකුත් කර තිබූ නිල් නිවේදනය අනුව බවද විමර්ශන නිලධාරීහු එහිදී සඳහන් කළහ.
     
     විදේශ ගමන් බලපත්‍රය රඳවාගෙන පදිංචි ස්‌ථානය හා දුරකථන සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බවත් පසුව පෙබරවාරි 12 වැනිදා ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව විසින් රතු නිවේදන ඔහුට නිකුත් කර ඇති බවත් එහිදී දැන්වූ විමර්ශන නිලධාරීන් ඔහු පදිංචි බවට දැන්වූ ස්‌ථානයෙන් අතුරුදන්ව සිටීම නිසා එරට පිහිටි සියලුම ගුවන්තොටුපළ හා හෝටල් වෙත ඔහු අත්‍යවශ්‍ය සැකකරුවකු බවට දැන්වීමට ජාත්‍යන්තර පොලිසිය පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
     
     එම ගනුදෙනුවට අදාළ මුල් ලේඛනවල පිටපත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයේ තිබියදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය කුමක්‌දැයි අධිකරණය එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එම විමර්ශනවල උධෘත උපදෙස්‌ ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

  • බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

    බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

    මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා ලබා මේ වන රටින් පැනගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් හට අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇත.

    මේ වන විට රටින් පැන ගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

  • ජාතික සමගිය මොනවට කියාපාන පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ ධර්මශාලාව හා චෛත්‍ය විවෘත කෙරේ

    ජාතික සමගිය මොනවට කියාපාන පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ ධර්මශාලාව හා චෛත්‍ය විවෘත කෙරේ

    “තම දෙමාපියන් ගෙදරින් පන්නා දමන දරුවන් සිටින සහෝදර සහෝදරියන් සමඟ ඉඩම් නඩු කියන යුගයක එම සැමට ආදර්ශයක්‌ ලබා දෙමින් පුපුරැස්‌සේ සුබ්‍රම නියම් දෙමළ ජාතික මුදලාලි මහතා ඉඩමක්‌ සසුනට භාරකර විහාරස්‌ථානයක්‌ සංවර්ධනය කර ජාතික සමගිය ඇතිකිරීමෙන් අප සිංහල ජාතියට හොඳ ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගෙලිඔය තෙලඹුගල නිග්‍රෝධාචෙත්ත පරිවේණාධිපති පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නායක හිමියෝ පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ අභිනවයෙන් සංවර්ධනය කර ධර්ම ශාලාව හා චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේදී කියා සිටියහ.

    එහිදී  උන්වහන්සේ ,

    “අප වසර 30 ක්‌ ජාතිවාදය නිසා රට විනාශ වෙමින් ජීවිත නැති කර ගත්තා. එවැනි යුගයක මෙවැනි මිනිසුන් රටට සම්පතක්‌. අප කාටත් ආදර්ශයක්‌ ගෙනදී තිබෙනවා. දරුවාගේ සිට වැඩිමහල්ලා දක්‌වා අද මෙම විහාරස්‌ථානයට පැමිණි චෛත්‍ය, බෝධිය, බුදු පිළිමය දෙස බලා ගෙන සිටිමින් තම කේන්තිය තරහා නැතිකර ගනිමින් හික්‌මීමක්‌ ඇතිකර ගන්න පුළුවන්. විහාරස්‌ථාන වැසී යන යුගයක මෙවැනි විහාරස්‌ථාන ආරක්‌ෂා කරන හිමිවරු රැක ගැනීම අප සිංහල බෞද්ධ ජනතාවගේ යුතුකමකි.

    අප සිංහල ජාතිය වඳ වී යන යුගයක විහාරස්‌ථාන වැසී යන යුගයක රට විනාශ වෙන යුගයක අප සිංහල ජාතියක්‌ ලෙස තිබෙන එකම රට ආරක්‌ෂා කිරීම බුදු දහම ආරක්‌ෂා කිරීමට එකමුතුව පියවර ගමු, ජාති ආගම්වලින් තොරව නැගී සිටීමට පියවර ගමු, සෝරත නායක හිමි අද වයසට ගියත් දුෂ්කර කඳු නගිමින් විහාරස්‌ථාන තුනක්‌ ආරක්‌ෂා කරනවා කියන්නේ එසේ පහසු වැඩක්‌ නොවෙයි. එම නායක හිමියන් බලා ගැනීම දායක සභාවේ යුතුකමක්‌. එම නිසා අප කාටත් අද සතුටුවිය හැකි දවසක්‌ කියලා මම හිතනවා.”

    යැයි වැඩි දුරටත් කියා සිටි අතර මෙම අවස්‌ථාවට සුබ්‍රමනියම් විහාරාධිපති පූජ්‍ය කොහොවල සෝරත හිමිගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාවනැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එක්‌සත් බෞද්ධ රාජ්‍යයේ මහා සම්මේලනයේ ලේකම් සමුදය භානුක විමලසූරිය මහතා ඇතුළු දායක සභාව සහභාගි වූහ.

  • අල්ලස් දීමට තැත්කල දේශපාලුවා අත්අඩංගුවට ගත් අවංක පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක්

    අල්ලස් දීමට තැත්කල දේශපාලුවා අත්අඩංගුවට ගත් අවංක පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක්

    පවුල් ආරවුලක්‌ සම්බන්ධයෙන් තමන්ට වාසි දායක ලෙස කටයුතු කර ගැනීම සඳහා හම්බෙගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට ගත් උත්සාහයේදී එම ස්ථානාධිපති වරයා විසින් පොලීසියේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අදාල දේශපාලනඥයා අත්අඩංගුවට ගත් පුවතක් පසුගියා දා වාර්ථා විය.

    පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‌ෂා කරගෙන තම රාජකාරිය අකුරට ඉෂ්ට කළ මෙම පොලිස් නිළධාරියාව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇල්පිටිය මූලස්‌ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.

    මෙම අවංක නිළධාරියා මෙසේ මාරුකර යෑවීම පිළිබඳව හම්බෙගමුව ජනතාව විමතිය පළ කර සිටින අතර අවංක නිළධාරියෙකට පොලීසියේ අත්වන්නේ මෙවන් ඉරණමක් නම් රටවැසියන්ට අත්වන්නේ කවර ඉරණමක්ද යන්න හිතාබැලිය යුතුම කරුණක් බව ඔවුන් අසා සිටී.

     

     

  • නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

    නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

    කොළඹ වරාය 2017 වසරේදී නැව් බහලුම් මිලියන හයයි දශම එකක්‌ (6.1) ඉක්‌මවන ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම නිසා නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ ඇතැයි වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (14දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.

    එහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය,

    “මේ වනවිට කොළඹ වරායේ එස්‌. ඒ. ජී. ටී. (SAGT), සී අයි සී ටී (CICT) සහ ඡේ සී ටී (JCT) පර්යන්ත තුනම සමාගම් තුනක්‌ යටතේ මෙහෙයුම් කටයුතු සිදු කර ගෙන යනවා. මේවායින් SAGT සහ CICT පර්යන්ත දෙකෙහි සීයට 85 ක කොටස්‌ පෞද්ගලික සමාගම් දෙකකට අයත් අතර සීයට 15 බැගින් කොටස්‌ වරාය අධිකාරියට අයත්ව පවතිනවා. JCT පර්යන්තයේ සීයට සීයම වරාය අධිකාරියට අයත් වනවා. මේ වනතෙක්‌ සමාගම් තුන වෙන වෙනම බහලුම් කටයුතු සිදු කළත් ඊයේ (14දා) සිට මෙම සමාගම් තුනම ගිවිසුමක්‌ මගින් ඒකාබද්ධ වී බහලුම් කටයුතු සිදු කරනවා.

    රාජ්‍ය පෞද්ගලික ගිවිසුම් යටතේ 1989 වසරේදී කොළඹ වරායේ SAGT පර්යන්තය පෞද්ගලික මෙහෙයුම් සඳහා වසර 30 ක ගිවිසුමකට ලබාදී තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 180 ආදායමක්‌ ලැබී තිබෙනවා. එම ගිවිසුමට මේ වනවිට වසර 19 ක්‌ ගතවී තවත් වසර 11 ක්‌ ගතවීමට නියමිතයි. මෙම පර්යන්තය මේ වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 220 ක්‌ ආයෝජනය කර තිබෙනවා. මෙහි 2017 වසරේදී බහලුම් මිලියන 1.8 ක්‌ මෙහෙයුම් කටයුතු කර තිබෙනවා.

    CICT පර්යන්තය 2013 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 550 ක වසර 35 ක ගිවිසුමකට බදු දී තිබෙනවා. මේ වනවිට මෙයට මිලියන 600 ක විතර ආයෝජනයක්‌ කර තිබෙනවා. මෙහි බහලුම් මිලියන 2.4 කට ආසන්න මෙහෙයුම් සිදු කර තිබෙනවා. JCT පර්යන්තය සීයට සීයක්‌ වරාය අධිකාරියට අයත්. 2016 වසරේදී ඝෘණ අගයක්‌ පෙන්නුවත් 2017 වසරේ තුන්වැනි කාර්තුවේදී සීයට 8.5 ක වර්ධනයක්‌ සිදුව තිබෙනවා. මෙහි මිලියන 2.1 බහලුම් කටයුතු සිදු කර තිබෙනවා.

    මේ වනවිට ලෝකයේ බහලුම් කටයුතු සිදු කරන වරායන් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ තිබෙනවා. 2017 වසරේ මිලියන 6 කට වැඩි බහලුම් කටයුතු සිදු කිරීම නිසා එම තත්ත්වයට පැමිණ තිබෙනවා. මේ වසර අවසන් වන විට බහලුම් මිලියන 7 ඉක්‌මවන්න හැකියාව පවතිනවා. එසේ වුවහොත් ලෝකයෙන්ම 20 වැනි තැනට පමණ පැමිණිය හැකියි. මේ වනවිට අලුත් නැව් සමාගම් පැමිණීම නිසා මෙම තත්ත්වය ළඟා කර ගන්න හැකියාව ලැබෙනවා.”

     

  • 70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ.

    කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan Sports Club, Doha Qatar) විසින් අති සාර්ථක ලෙස 21 වෙනි වරටත් සංවිධානය කරන මෙම සැහැල්ලු පන්දු තරගාවලිය සදහා ප්‍රබල ශ්‍රීලාංකික කණ්ඩායම් 20 ක් තරග වැදීමට නියමිතය.

    මෙවර තරග මාලාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර් රාජ්‍යයේ ගරු තානාපති A.S.P. ලියනගේ මහතා සහභාගී වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර සහභාගි වේ.

    70th SSC Independence Cup 2018 ලෙස නම් කර ඇති මෙම සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය මාර්තු මස 16 වන දින කටාර් රාජ්‍යයේ Indian Ideal Ground (Near Midmac R/A) ක්‍රීඩාංගනයේදී උදෑසන 6.30 සිට රාත්‍රී 10.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එදින පැමිණෙන සියලුම දෙනා හට අවශ්‍ය සියලුම අහාරපාන , පානීය ජලය, සිසිල් බීම ඇතුළු සියලුම පහසුකම් නොමිලයේ ලබා දීමට SSC සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

    මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන , පදක්කම් , අගල් 40 LED රූපවාහිනී , හෝම් තියටර් , ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ , මයික්‍රෝවෙව් ඇතුළු වටිනා ත්‍යාග රැසක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

    පැමිණෙන සියලුම නරබන්නන් හට ජනප්‍රිය ක්‍රීඩක නුවන් කුලසේකර හමුවීමට හැකි අයුරින් ඉඩ කඩ සලසා දිමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වන බව දැන ගැනීමට ඇත.

  • කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

    කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

    කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක්‌ කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස්‌ පොත් තොගය හමුවී ඇත.කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබූ අතර බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක්‌ ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්‌ද එකල බාලයස්‌කාර ගිණුම් විශාල සංඛ්‍යාවක්‌ පවත්වා ගෙන ගියහ. මීට අමතරව ස්‌ථිර ගිණුම් ධන යෝජන ගිණුම්, ආදි වශයෙන් ගිණුම්ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බැංකුවල පවත්වා ගෙන යන ලදී. උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරන ලද මුදල් සියල්ලම අපතේ යන ලදී. යුද්ධය හමාර වීමත් සමඟම ඊළාම් බැංකු අහෝසි වූ අතර එම ගිණුම්ද පළක්‌ නොමැති ගිණුම් බවට පත්වුණි.

  • ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

    ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

    ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක්‌ අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව ඇත.
     
     මෙහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශකයන් හයදෙනකු  මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත අතර එහිදී ජිනීවා යෝජනාව නීතිවිරෝධී බවත් එම යෝජනාව සඳහා ඡන්ද විමසීමක්‌ පවත්වා නැති බවටත් පෙන්නුම් කෙරේ.ඊට අමතරව ලබන 18 වැනිදා (ඉරිදා) ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ ද පවත්වන අතර කොටින්ගේ බිහිසුණු අපරාධ පිළිබිඹු කෙරෙන ප්‍රදර්ශනයක්‌ ද මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

    රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක්‌ කැඳවීමටද පියවර ගන්නා ලෙසට නියෝග කෙරිණි.

    බීමත්ව රිය පැදවීම, අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක්‌ සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට කරුණු වාර්තා නොකිරීම ඇතුළු චෝදනා හතරක්‌ යටතේ නාරාහේන්පිට පොලිසිය විසින් රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම චෝදනා හතරටම නිවැරදිකරු බව රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔහු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක්‌ මත මුදාහැරීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය ලබන ජුනි 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ අතර පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

    ඉකුත් 09 වැනිදා නාවල නාරාහේන්පිට ලේක්‌ ඩ්‍රයිව් පාරේදී යතුරු පැදියක්‌ අනතුරකට ලක්‌කර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

    බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක්‌ යටතේ 2016 සැප්තැම්බර් 28 වැනි දිනද රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය 2016.ඔක්‌තෝබර් 11 වැනිදා ඔහුට රුපියල් 29,000 දඩයක්‌ ගෙවීමට නියම කොට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද නියෝග කොට තිබිණි.

  • අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

    අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

    තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස්‌ කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක්‌ බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා නැගෙනහිර මනම්පිටිය සමගි අවමංගල්‍යාධාර සමිති ඇතුළු ස්‌වෙච්ඡා සංවිධානවලට ප්ලාස්‌ටික්‌ පුටු සහ ගොවි සංවිධාන ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත්කිරීම සඳහා පැවැති උත්සවයකදී පවසන ලදී

    එහිදී, 

    “මේ රටේ සියලු දෙනා ජීවත්වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව මතයි. සිංහල ගම්මානවලට සහ වැලිකන්දේ මුස්‌ලිම් ගම්මානවලට හා මනම්පිටියේ දෙමළ ගම්මානවලට උදව් කරන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනුයි.මෙම ප්‍රදේශවල අහිංසක දුප්පත් ජනතාවට විශාල ගැටලු තිබෙනවා. ඒවා පිළිබඳව පක්‌ෂ නායකයන් දැනුවත් කළද ඔවුන් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

  • කුණුකොල්ලයට ගෙනා පිටරට බාල සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට විකුණලා

    කුණුකොල්ලයට ගෙනා පිටරට බාල සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට විකුණලා

    මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බවත් මෙසේ කාලයක්‌ තිස්‌සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස්‌ ඇති බවත් පසුගිය කාලයේ සහල් මිල ඉහළ යැමට එය බලපා ඇති බවත් පසුගියදා රැස්‌ වූ ආර්ථික කමිටු රැස්‌වීමේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා  පවසා ඇත.

    රජය ලබාදුන් අවසරය මත පිටකොටුවේ තොග වෙළෙඳුන් සහල් ආනයනය කරන අතර දේශීය සහල් මෝල් හිමියන් කන්ටේනර් වශයෙන් ඉතා අඩු මිලට එම සහල් ලබා ගෙන දේශීය සහල් ලෙස සකසා වැඩි මිලට රට පුරාම විකුණා ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.ඉතා ඉක්‌මනින් එම සහල් මෝල් හිමියන් පිළිබඳව සොයා බලා පාරිභෝගික අධිකාරිය හරහා ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

    පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

    පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

    පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌ නිවේදනයට ඇතුළත් වන අතර එමනිසා මුද්‍රණය, සෝදුපත් බැලීම ආදී කටයුතුවලට දින කිහිපයක්‌ ගතවනු ඇති බවත් මේ වන විට නම්වල නිවැරැදිතාව පරීක්‍ෂා කිරීමට මැතිවරණ කොමිසමට එම ලේඛන යොමුකර ඇති බවත් ඒවා අඩුපාඩු සකස්‌ කිරීමෙන් පසුව අවසන් කර මුද්‍රණයට යොමු කරන බවත් එම ආරංචි වල  වැඩිදුරටත් සඳහන් වේ.

     

     

  • මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

    මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

    මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට කැබිනට්‌ ප්‍රකාශක,  රාජිත සේනාරත්න  විසින් කරන ලද ප්‍රකාශය නිසා ඊයේ (8) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.
     
    අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා – ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ ප්‍රකාශයක්‌ කර තිබෙනවා. එදා කිව්වා කුලියාපිටියේ කඩවලට ගිනි තියලා කියලා. ඒකට මන්ත්‍රීවරයෙක්‌ සම්බන්ධයි කියලා. ඒත් පොලිසියට ඉහළින් ආපු බලපෑමක්‌ නිසා ඔහුව නිදහස්‌ කරලා කියලා. මේක සම්පූර්ණයෙන් අසත්‍යයි. කඩ ගිනි තියලා නැහැ.
     
     සිද්ධි දෙකක්‌ වී තිබෙනවා කොත්තු දමන කඩයක වීදුරුවකට පහරදීමක්‌ වෙලා තිබෙනවා. ඒකට කිසිම මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන නැහැ. මේවා අසත්‍යයි. මේ අය ජාතිවාදය අවුස්‌සනවා. පොඩි ඡන්දයක්‌ දිනලා මෙහෙම නම් ලොකු ඡන්දයක්‌ දිනුවොත් කොහොමට සිටීද?
     
     බන්දුල ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ ගැන කියලා ප්‍රවෘත්ති දාලා. ජාතිවාදය අවුස්‌සන්නේ ආණ්‌ඩුව. මෙවැනි අවස්‌ථාවකට පත්වෙන්න එපා. රටක්‌ ගිනි ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිරේ දාන එකද කරන්නේ?
     
     නලින් බණ්‌ඩාර මහතා – මහනුවර තිබෙන ජාතිවාදී අරගල වයඹට, කුරුණෑගලට ගේන්න උත්සහ ගෙන තිබෙනවා. මේවා මේ වීරවංශලා, ගම්මන්පිලලා වපුරපු ජාතිවාදී බීජ තමයි.
     
     විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට්‌ තීන්දු ප්‍රකාශයට පත් කරන ගමන් මේ ප්‍රකාශය කර තිබෙනවා. රූපවාහිනියෙන් මමත් එය දැක්‌කා. මේ ගැටුම් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකු හවුල් වෙලා නම් ඔහු මේ නම් නොකියා කියන්නේ දේශපාලන හස්‌තයක්‌ තිබෙන බවයි. මහනුවර සිද්ධිය පිළිබඳ අදිසි හස්‌තය හෙළිවෙයි කියලයි පුවත්පත් වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා මේවා ව්‍යංගයෙන් නොකියා පාර්ලිමේන්තුවට විස්‌තර ඇතුව කියන්න.
     
     දිනේෂ් ගුණවර්ධන මහතා – 1983 කළු ජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්‌ඩලය මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ පිටුපස දේශපාලන හස්‌තයක්‌ තිබෙනවා කියලා. ඒ නිසා වහාම ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, තහනම් කරනවා කියලා. ඒ පක්‍ෂවල නායකයන් මීගමුවේ බන්ධනාගාරයට ගෙනිච්චා. නමුත් මාස ගණනක්‌ යැමට කලින් හෙළිවුණා. කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාපයේ නායකයන් බවට.
     
     ප්‍රශ්නයක්‌ වෙන තැනකට යැමට මහජන නියෝජිතයන්ට අයිතියක්‌ තිබෙනවා. ඒ නිසා වගකිවයුතු අය වෙනුවට වෙන අයගේ කරපිටට දාන්න එපා. අපි අපේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්‍ෂා කරන ලෙස කථානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා.
     
     රෝහිත අබේගුණවර්ධන මහතා – රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල්වලට විසඳුම් දීමයි. මේ පුවත්පතින් දෙන පණිවුඩය කුමක්‌ද? අලුත්ගම දර්ගා නගරයේදී මීට පෙර ඇතිවූ තත්ත්වය සමථයට පත් කරන්න අපිට පල්ලියට, පන්සලට යන්න වුණා. මේ ජාතිවාදී ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තිබෙන අයිතියත් නැති කරන්නද මේ හදන්නේ? මේ ගිනිගන්නේ මුළු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන මේ කැබිනට්‌ ප්‍රකාශකයා ටික කාලයකට හෝ ඉවත් කරන්න කියා මා ඉල්ලනවා.
     
     අනුර දිසානායක මහතා – කැබිනට්‌ ප්‍රකාශක තුමා කියපු මේ මන්ත්‍රීවරු කවුද කියලා රජය හෙළි කළ යුතුයි.
     
     කථානායක – මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු කෙරෙනවා. ඒ වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.
     
     අනුර දිසානායක මහතා – ඒක තමයි පරීක්‍ෂණවලින් පසුවයි මෙවැනි දේවල් කිව යුත්තේ.
     
     බන්දුල ගුණවර්ධන මහතා – අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගැන ප්‍රශ්නයක්‌ මතුවී තිබෙන නිසා කථානායකතුමාට වගකීමක්‌ තිබෙනවා මේ ජාතිවාදී ගිනිදැල්වලට හවුල් වී තිබෙන මන්ත්‍රීවරු දෙදෙනා කවුද කියලා හෙළි කරන්න.

  • මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රෙජිමෙන්තුවට පහසුකම් සපයල තියෙන්නෙ කිරිඇල්ලගෙ ලේකම්

    මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රෙජිමෙන්තුවට පහසුකම් සපයල තියෙන්නෙ කිරිඇල්ලගෙ ලේකම්

    අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බවට අප පසුගියදා කල අනාවරණය මේ වනවිට තහවුරු කිරිමට lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමත්ව තිබේ.

    ඒ අනුව ගෝඨාගේ ජාතීවාදී කදවුරේ ගෝඨාගේ සමිපතම දෙදෙනෙකු වන රක්නා ලංකා හී අධ්‍යක්ෂක ධුරයක් ඉසිලු මේජර් චින්තක පෙරේරා සහ තෙල් සංස්ථාවේ සේවය කල විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා මේ පිටුපස සිටින බව අප අනාවරණය කල අතර මේ වනවිට මේජර් චින්තකට සහ මේජර් ජනරාල් සොයිසාට නුවර සිට මෙම මෙහෙයුම දියත් කිරිම සදහා අවශ්‍ය පහසුකම් සපයන්නා අනාවරණය වි ඇත.

    ජෙනරාල් සොයිසාගේ සහ මේජර් චින්තකගේ කණ්ඩායම් වලට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල ගේ සම්බන්ධීකරණ ලේකම් බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු ට තොරතුරු ලැබි ඇති අතර එම තොරතුරු මේ වනවිට තහවුරු කර ගැනිමට හැකියාව ලැබි ඇති බවද ඔහු සදහන් කළා.

    ලක්ෂ්මන් කිරිඇල්ල ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සතුව නුවර හෝටලයක් තිබේන අතර ජෙනරාල් සොයිසා සහ මේජර් චින්තක පසුගිය 2 වැනිදා එම හෝටලයේ නතර වි ඇති අතර 5 රාත්‍රීයෙ ඔහුන් දෙදෙනා නැවත් පිටත්ව ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    තෙල්දෙණිය ගිණි තැබිමට කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මේ වනවිට හදුනා ගැනිමට රජයේ බුද්ධි අංශ සමත් වි තිබුනද ගෝඨාගේ කල්ලිය සමග සම්බන්ධ නිසාවෙන් මේ කිසිදු අයෙකු අත් අඩංගුවට ගත නොහැකිව තිබේ.

    මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සතුව පවතින අතර ඒ සියල්ලම ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.

    – lankaleaks.net