Author: Editor[N]
-

කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්
මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය….“බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා මේකට හොඳ වචනයක් හැදුවා ෆේක් නිවුස්. (Fake News) එතුමා ජනතාව ඉදිරියට ගිහින් මේ ගැන කරුණු කිව්වා. 99 ක්ම මාධ්‍ය එරෙහිව ඉඳලත් එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ජනතාව ඒ දේ තේරුම් ගත්තා. ඒ නිසා මම මාධ්‍යයට කියනවා ඔබට සීමාවක් තියෙන්න ඕනේ, සීමාව ඉක්මවා ගියොත් ජනතාව පෙබරවාරි මාසේ 10 වෙනිදා උත්තරයක් දෙනවා. එදාට මේ රටේ සමහර මාධ්‍යවලට අමතක නොවෙන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා කියන එක මම කියන්න කැමැතියි.මේ ජනාධිපතිතුමා පත් කරන්නත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ආණ්ඩුව හදන්නත් ශක්තිය ලැබුණේ කන්ද උඩරටින්. පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ඡන්ද විශාල ප්‍රමාණයකින් මහනුවර ජයග්‍රහණය කළා. මේ පළාත් පාලන මැතිවරණයේදීත් කන්ද උඩරට තියෙන සෑම සභාවක්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.” -

රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ
අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
-

ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කල ඉල්ලීමට අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලලේ සිදුවූ විමර්ශනයෙන් ජනාධිපි ධූර කාලය වසර 5කට සීමා වන බව දන්වා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.
-

මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර
පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු අනුරාධපුර රෝහලේ පශ්චාත් මරණ ඒකකය වෙත ගෙන ඒමෙන් පසු මරන පරීක්ෂන සිදුකරීමෙන් අනතුරුව මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට බාර දී ඇති අතර ඔවුන් එම සිරුරු ඒ ඒ මල්ශාලාවට රැගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර නිවෙස්වලට රැගෙන ගොස් ඇත. එහිදි සිරුරු මාරුවී ඇති බව පෙනී යෑම නිසා නැවත එම සිරුරු අනුරාධපුර රෝහලට රැගෙන ආ අතර එහිදී එම වරද නිවැරැදී කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. සීප්පිකුලමේ සහ ශාස්තිපුර පදිංචි කරුවන් දෙදෙනකුගේ සිරුරු මෙසේ මාරු වී ඇත.
-

ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්
ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇති අතර එම මුදලෙන් පලමු අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.
-

දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට
ලාංකික දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බව ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.
මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට යැවීම තම බලාපොරොත්තුව බවත් වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති මුත් නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් මේ සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක් සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇති නිසා තම වරිගයේ ඇත්තන් ගම පළාත දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත් එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.
-

කලාකාරයන් අතර කලාකරුවෙක් වූ සැනට් දික්කුඹුර (පෝලෝ සීයා)
සැනට් දික්කුඹුර කියන්නේ හොඳ නළුවෙක් විතරක් නෙවෙයි හොඳ අංග රචනා ශිල්පියෙක්. සැනට් කීවාට වඩා බොහෝදෙනා ඔහු හඳුනන්නේ පෝලෝ සීයා කීවාමයි. සැනට් ජීවත් වෙන දෙහිවල නිවසට ඔහු සොයා ගිය ගමනක මතක සටහන් පෙළගැස්මකි මේ.
මම මේ ඉන්න නිවස කලකට ඉස්සර තට්ටු දෙකේ ගෙයක්. මගේ තාත්තා මාතර කෙනෙක් . කොළඹට ඇවිත් තාත්තා පින්තූර රාමු කිරීම වගේ පොඩි පොඩි වැඩ කරමින් තමයි ජීවත්වෙලා තියෙන්නේ. පොල්හේන ඉස්කෝලෙන් හතේ පංතියට විතරක් ඉගෙන ගත්ත තාත්තා ගොඩාක් දුප්පත් පවුලක කෙනෙක්. සීයා වඩු කාර්මිකයෙක්. ඉතිං ඉස්කෝලෙ අත ඇරලා කොළඹ ආපු තාත්තා මේසන් වැඩ තමයි කරලා තියෙන්නේ. තාත්තා පොල් කඩේක වැඩ කරන අතර තමයි මේ වැඩ කරලා තියෙන්නේ. තාත්තාට උපකාර කළ මුදලාලිටත් අත්උදව් දීගෙන පිංතූර රාමු කඩයකුයි, ලංකා හෝටලය කියලා හෝටලයකුයි කරගෙන තාත්තා ජීවත්වෙන්න පටන් අරන් තියෙනවා. තාත්තා උත්සහවන්තයෙක් බව දැකපු පොල් කඩේ මුදලාලිත් එයාගෙ දුවක් කසාද බන්දලා දීලා තාත්තව පවුලේම කෙනෙක් කරගැනීමෙන් පස්සේ තාත්තා කොළඹම කෙනෙක් වුණා.
තාත්තා කුලී ගෙවල්වල ඉන්නකොට තමයි ඇස් ද ඇස් ජයසිංහ මහත්තයා මේ ගෙවල් ලබාදීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ දවස්වල මම ලැබෙන්න ඉන්න කාලෙලු තාත්තා ගෙයක් ඉල්ලලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොට ගෙවල් ඔක්කොම දීලා ඉවරයිලු. ඒත් කවුරුවත් නොගෙන ඒ ගෙවල් සියයෙන් එකක් ඉතිරිවෙලා තිබිලා. ඒ නොම්බර 99 ගෙදර. අනූ නවය අසුබයි කියලා හිතපු මිනිස්සු ඒ ගෙය අත ඇරියට එය ලබාගත්තු තාත්තට එයින් වාසනාව උදා වුණා. සැනට් දික්කුඹුර කියන මටත් වාසනාව උදා වුණේ මේ ගෙදරින්. ඉස්සර අපේ තාත්තා තමයි මුළු කොළඹටම වෙසක් සැරසිලි හැදුව ව්‍යාපාරිකයා. මේ ගෙදරම වෙසක් කූඩු, බකට්, වෙස්මූණු වැනි දෑ හදලා තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් වුණා. නමුත් ඔහු හදිසි අනතුරකින් මිය ගියා. ඒ දවස්වල අද වගේ හදිසි අනතුරු බහුල නෑ. ඒ කාලේ ලොකුම අනතුරක් විදිහට සැලකුව ඒ අනතුරින් හතරදෙනෙක් මිය ගියා. එයින් තුන් වැනියාට මිය ගියේ මගේ තාත්තා. ඉතිං ඉස්සර තාත්තා හදන වෙස් මූණු පාට කළේ මම. මට හොඳට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුණා. අපේ ගෙදර පිට පළාත්වලින් ආව හැටක් විතර කර්මාන්තයේ නියලුණා. මේ විදිහට ලයනල් වෙන්ඩ්ට් එකට සම්බන්ධ වුණා.
ඒ විදිහට තමයි මම කලාවට පය තිබ්බේ. අංග රචනා ඉගෙන ගත්තෙ පත්මකුමාරි එදිරිවීර කියන ගුරුන්නාන්සේගෙන්. මගෙත් එක්ක ලයනල් වෙන්ඩ්ට් එකේ තවත් බොහෝ පිරිසක් අංග රචනා ඉගෙන ගත්තට අවසානයේ එය කරන්න ඉතිරි වුණේ මං විතරයි. මම අංග රචනාවලින් අදටත් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. ඇස් යට මෙරූන් පාට තවරන්නේ මම විතරයි. කිසිම කෙනෙක් එය නොකරන දෙයක්. නමුත් එයින් මම ඇස්වල ඉස්මතුවීම වඩාත් තීව්‍ර කරනවා. මගේ එම විශේෂත්වය නිසා බැලූ බැල්මටම එය මගේ අංග රචනයක් බව දැනගන්න හැකි ලකුණක් වෙලා තියෙනවා. නමුත් අපේ කලාවේ මේ කාරිය කොතරම් බැරෑරුම් දෙයක් වුණත් ගෙවන්නේ ඉතාම අඩුවෙන්. මේක්අප් බඩුත් මා විසින්ම සපයගන්නවා. මෙහෙම එක්තරා ජනප්‍රිය ප්‍රවීණ නිළියකගේ චිත්‍රපටයක මේක් අප් කරලා ඇය මට ගෙවුවේ රුපියල් තුන්දාහයි. ඒ විදිහට ශ්‍රමය සූරාකන අය තමයි මට වැඩිපුරම හමුවෙන්නේ. අසූ අටේ මට සම්මානය ලැබුණේ ‘මෝරා’ නාට්‍යයෙන්. මම එහි පසුතල නිර්මාණය කළා, අංග රචනය කළා, රඟපෑවා. ජයන්ත චන්ද්‍රසිරිගේ බලකිරීමටයි ඒක කළේ. ඒ මගේ පළවෙනි නාට්‍යය. එයින් සම්මාන ලැබුණා. ජයන්ත ඒ බඩු සමහරක් තවමත් අරන් ගියේ නැහැ.
ඔය ගේ ඉදිරිපිට තියෙන ලෑලි තට්ටු තමයි ඒ. අද මමත් මගේ යාළුවෝ සහ අයිතිකාරයෝ වුණ බල්ලන් රෑනත් නිදාගන්නේ ඒ ලෑලි තට්ටු මත. ගෙය කඩා වැටුණා. මම විවාහ වුණෙත් නැහැ. මේ ගෙය අපි සහෝදර සහෝදරියන් හයදෙනෙකුට අයිතියි. එකමුතුකමක් නැති අපේ කට්ටියගේ විවිධ මතිමතාන්තර නිසා මේවා මේ විදිහට ගරා වැටෙන්න කලින් හදාගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. මගේ ලොකු අක්කත්, මමත් විවාහ වී නැහැ. මම විවාහ වෙන්න නොසිතුවෙත් මම ඉන්න මේ අවුල් ගොඩට තවත් කෙනෙක් ගෙනත් ජීවත් වෙන්න කියන්නේ කොහොමද කියන ගැටලුව තිබුණ නිසා. මම හරි හම්බු කරපු දේවල් කෝ කියල අහන්න එපා. වැඩ කළාට බොහෝ දෙනෙක් මට ඒවට හරියන ගෙවීමක් කරල නැහැ.
මෙතෙක් කාලෙකට මම කරපු අංග රචනයකට, එහි රඟපෑමටත් එක්කම ගෙවා ඇති වැඩිම මුදල රුපියල් අටදාහයි. ඒ ‘වෙලාවකට පිස්සු වගේ’ කියන වේදිකා නාට්‍යයට. ඒ වගේම තමයි මට මුදල් අයකිරීම සම්බන්ධයෙන් පන්නගෙන යන දැනුමක් නැහැ. මට ලැබුණු පෝලෝ ඇඩ් එකටත් ගෙවුවේ රුපියල් තිස්දාහයි. නමුත් එහි අංග රචනා ශිල්පියා රංජිත් මතගවීර මා එක්ක කිවුවා ඔහුගේ කාරිය වෙනුවෙන් ඔහුට හැත්තෑපන්දාහක් ගෙවුවා කියලා. දිලීප අබේසේකර මහත්තයට මම ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ ඔහු අපේ ප්‍රවීණ කලාකරුවෙකුගේ පුත්‍රයෙක් වගේම නිර්මාණශීලී තරුණයෙක් නිසා. ඔහු තමයි මේ ඇඩ් එකට මාව යෝජනා කර තිබෙන්නෙත්. මාව තුන් පාරක් විතර ඒකෙන් විකිණිලා තිබුණා.
ඉතිං මේ වැඩේ කතා කරන්න ගියාම මම හිතුවෙ ඒ ගැන මා එක්ක කතා කළ කාන්තාව දිලීප මහත්තයගෙ නෝනා වෙන්න ඇති කියලා. අනේ ඉතිං මගෙන් ඇහුවා එයා කීයක් මේ වැඩේට ඕනෙද කියලා. මම කිවුවා ඒක එයාලටම තීරණය කරන්න කියලා. එහෙමනම් අපි තර්ටි තවුසන්ඩ් දෙන්නම් කිවුවා. මට ඔය ගණන් මිනුම් ඉංග්‍රීසියෙන් කිවුවට ඒ තරම් කල්පනාවක් වුණේ නැහැ. ඒ වෙලාවෙ මට හිතුනෙ ඒ කිවුවෙ දහතුන්දාහක් වෙන්න ඇති කියලා. මම මුකුත් කිවුවෙ නැහැ. දිලීප මහත්තයගෙ මූණට එහෙම ගණන් මිනුම් ගැන කතාකරන්න හරි නැහැනේ කියල හිතුණ නිසා. අන්තිමේ එයින් මට ලැබුණු ගණන අරන් නිකම් හිටියා.
මට ජීවත්වීමට ක්‍රමයක් දැන් මා සතුව හරියාකරව නැති නිසා මම මේ ළඟදි දවසක විශ්‍රාම වැටුපක් අයදුම් කරන්න ගියා. එහිදී මට වයස වැඩියි කියලා ඒ කියන්නේ හැට දෙකක් කියලා විශ්‍රාම වැටුපක් දෙන්න බැහැ කිවුවා. එයාලගේ වයස් සීමාව හැට විදිහටලු තීරණය කරල තියෙන්නේ. ඉතිං මම ඒ අදහස අත්ඇරියා. නමුත් පෞද්ගලිකව එක් තරුණ මහත්තයෙක් මට මසකට එයා ගානේ ඒ රුපියල් හාරදහසක් ගෙවන්න පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ මුදල දැන් මාස තුනක් තිස්සේම මට ලබාදීලා තියෙනවා. මේ ළඟදී දවසක එයාගෙ නෝනගේ උපන්දිනය දවසේ මට වාහනය ගෙදරටම එවලා මාව එක්කගෙන ගිහින් මට හොඳ වටින ඇඳුම් කට්ටල දෙකක්ම තෑගි කරලා, මුදලුත් දීලා මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.
කලාකාරයන් සහ කලාකරුවන් කියන්නේ එක කොටසක් නෙවෙයි, කොටස් දෙකක්. අපේ රටේ සීයට අනූවක් ඉන්නේ කලාකාරයෝ. නමුත් කලාකරුවන් අඩුයි. කලාව වෙනුවෙන් අත හිත දීලා තව පරපුරකට එන්න මග සලසන අය, තවත් කලාකරුවෙකුට කලාව වෙනුවෙන් අතහිත දෙන අය තමයි කලාකරුවො වෙන්නේ. ලංකාවේ එහෙම තරු නෑ. දැන් බලන්න මාලනී ෆොන්සේකා නිළි රැජින. නමුත් කාටවත් උදව්වක් කරල නෑ. එයා කලාකාරිනියක් මිස කලාකරුවෙක් නෙවෙයි. මට වැඩ නැතිවෙන්න හේතුව ඕනම දෙයක දොසක් දැක්කොත් මම නම් ගම් පිටින්ම කියනවා. ඒක ගොඩක් දෙනෙකුට දිරවන්නෙ නෑ. ඒ නිසයි මට වැඩ අඩු. කලාකාරයො වෙන්නෙ කලාව තමන්ගේ බඩ වඩාගැනීම වෙනුවෙන් විතරක් පාවිච්චි කරන අය කියලා මම හිතනවා. එහෙම අය තමයි බහුතරයක් හමුවෙලා තියෙන්නේ.
අද මම මේ කඩා වැටී අබලන් වුණ ගෙදර මගේ සුරතලුන් එක්ක ජීවත් වෙනවා. මම මගේ කෑම වේල ගෙදර උයාගන්නෙ නැහැ. කඩෙනුයි ගෙනෙන්නේ. නමුත් මගේ හිතමිතුරන් විදිහට මගේ ළඟින් ඉඳගෙන මට තනියක් නොදැනෙන්න මාව ආරක්ෂා කරන, මට ඇත්තටම හිතවත් මේ බල්ලන් තුන්දෙනා වෙනුවෙන් මම ගෙදර උයනවා. උන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕන. මම නොකා හිටියත් මේ තුන්දෙනාට කන්න දෙනවා. බල්ලන් හත්දෙනෙක් හිටියා. වරින් වර මිය ගිහින් දැන් ඉන්නේ මේ කට්ටිය විතරයි. මම නාන වෙලාවට මට හදිසියේවත් දුරකථන ඇමතුමක් ඇවිත් ඒක නෑසෙන තැනක නම් මම ඉන්නේ, මේ එක යාළුවෙක් මට දුරකථන ඇමතුමක් ඇවිත් බව මහ හයියෙන් දැනුම් දෙනවා උඩු බුරලලා. මෙයා උඩු බුරනකොට මං දන්නවා ඒ මට දුරකථන ඇමතුමක් ඇවිත් කියලා. මෙයාලා තුන්දෙනාම රෑට නිදාගන්නේ මා එක්ක අර ලී තට්ටු උඩ. ඇත්තටම මිනිසුන්ට වැඩිය පුදුම කෙළෙහිගුණයක් තියෙන්නේ. පොඩි අසනීපයක් හැදුණත් මම මෙයාලට බෙහෙත් අරන් දෙනවා. මේ ගෙදරට ඇතුළු වෙන තැනම ඔය එල්ලලා තියෙන්නේ එයාලගෙ බෙහෙත්හේත්. මම නාන්නේ සන්ලයිට් ගාලා. නමුත් මෙයාලට බේබි සබන් ගාලයි නාවන්නේ. එක සතෙක්වත් මෙයාලාගේ ඇඟේ නැහැ. ඒ තරම් එයාලව පිරිසුදුව තියාගන්න මං වෙහෙසෙනවා.
මං කලකට ඉහත කෑම ගත්තෙ සිංහල හෝටලයකින්. ණයට තමයි ඉතිං. මුදල් ලැබුණු ගමන් ණය ගෙවා දමනවා. ඒත් පස්සෙ මට එතැනින් කැම අරගන්න එක නවතන්න වුණා. හේතුව වැඩ කරන ළමයි මට පල නොකියා පලා බෙදන්න පටන් ගත්තු නිසා. ඊට පස්සෙ මම මුස්ලිම් හෝටලයකින් තමයි කෑම ගන්න පටන් ගත්තේ. ඒ කෑම කඩේ ඉතාම සැලකිල්ලෙන් මට කෑම ටික දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ විදිහට මගේ කෑම බිල අසූ හයදහසක් විතර වෙලා තිබුණා.නමුත් කවදාවත් සල්ලි ඉල්ලුවේ නැහැ. මට ළඟදී කොළඹ සන්නිය රඟපෑම් වෙනුවෙන් රුපියල් පනස් දහසක් ඇඩ්වාන්ස් ලැබුණා. මම එයින් ණයෙන් කොටසක් ගෙවන්න ගිය වෙලාවෙත් ඒ මුදලාලි ඇහුවා පනස්දාහක්ම දෙන්න සල්ලි අතේ තියෙනවද, නැතිනම් ඒක අපි හෙමින් බේරගමු කියලා. නමුත් මට ඔලුව නිදහස්වීම ඊට වඩා වටිනවා. ඒ නිසා මම එය ගෙවා දැම්මා. මං මේ කිවුවේ අපේ රටේ අපේ මිනිස්සු අපිට සලකන විදිහ මෙහෙමයි කියන්නයි.
සමහරු අපිට නාට්‍යයකට මේක්අප් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් දෙදාහයි. ඇත්තටම වේදිකාවේ මේක්අප් වෙනුවෙන් ගැළපෙන්නේ ග්‍රීස් පේන්ට්. නමුත් දැන් අය කැමති පෑන් කේක් මේක්අප් තමයි. ඉස්සර අපි මේක්අප් වලට කවලම් කළේ පොල් තෙල්. නමුත් දැන් බේබි ඔයිල්. කාලය වෙනස්වෙලා. තවමත් මට මගේ රසිකයින්ගේ ආදරේ තියෙනවා. ඒ මම මුදලට යට නොවුණ මිනිහෙක් නිසා. මට නාට්‍ය ලෝකයේ ලැබුණ සම්මාන වගේම කලාභූෂණ සම්මානයත් ලැබිලා තියෙනවා. මම ඉතිං මේ අබලන්ව කඩා වැටුණු අංක 99, ශ්‍රී ගුණාලංකාර පාර, කලුබෝවිල දෙහිවල කියන ලිපිනයේ තමයි පදිංචිවෙලා ඉන්නෙ.
-නාලිකා රාජපක්ෂ





ලංකාදීප සාරවිට අතිරේකයෙන් උපුටා ගත්තකි.
-

මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (12 ) අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකයින් අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදී,
“මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා…..ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ
‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව මගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබුණා . සමාජය තුල වගේම උගතුන් බුද්ධිමතුන් නීති විශාරදයින් පවා මත දෙකක සිටි නිසා මට අවශ්‍ය වුණා නිවැරදි මතය දැනගන්න
එහෙම නැතිව අවුරුදු හතරක්ද පහක්ද හයක්ද කියලා බලයේ රැදී ඉන්න නෙවෙයි . පළාත් පාලන හෝ පළාත් සභා හෝ මහ මැතිවරණ ආදී ඕනෑම ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵලය ජනතාව පිළිගන්නවා . සියයට සියයක් නොවුනත් පහුගිය මැතිවරණ වල ඒ විනිවිද භාවය තිබුණා.
ඡන්දයෙන් ලැබෙන තීරණය වගේම අධිකරණය ලබා දෙන තීරණ ගැනත් ජනතාව තුල විශ්වාසය ඇති වී තිබෙනවා .පහුගිය රජය කාලේ වගේ නඩුකාරයින්ට කෝල් දීලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තත්වයක් දැන් රටේ නැහැ . පහුගිය අවුරුදු තුනේම අධිකරණය ස්වාධීන ආයතනයක් බවට මා පත් කළා .ඒ නිසා මට ලැබී තිබෙන බලතල අනුව නීතිපතිවරයා මගින් අවශ්‍ය ලිපි ලේඛන මා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.“
-

පුද්ගලික රෝහල් වල සැත්කම් සඳහා උපරිම මිලක්
එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
එහිදි පළමුව සෑම පෞද්ගලික රෝහලකම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර එම වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව මිල ගණන් සීමා කෙරෙනු ඇත.ඉදිරි මාස 06 තුළ පෞද්ගලික රෝහල්වල සිදු කරන එකම වර්ගයේ සැත්කම් සඳහා එකම මිලක් අය කිරීමට නියමිතය.
-

රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.
-

70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට
70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බවත් ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. -

අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි
ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇත.
-

නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී
නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
-

ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි
ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන් පසු දහවල් 12.15ට සභාව ආරම්භ වුවද නියමිත ඝණ පූර්ණය නොමැති විය.
-

මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී
වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් අබලන්වී ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින් මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන් මහියංගණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් ප්‍රධන මාර්ගයේ ධාවනය වූ රථවාහන විකල්ප මාර්ග වලට යොමු කරමින් විරෝධතාවය සමතයකට පත්කිරීමට දැඩි වෙහෙසක් දැරූහ.
