







ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ.
අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය සමඟ 4.30ට ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් අවිස්සාවේල්ල දක්වා ධාවනය වී තිබේ. රූපවාහිණී කාර්යමණ්ඩලය බස්රථයට නැගීමටපෙර ඇඟිලිසළකුණු අංශයේ පිරිස කඩාවැදීම දිගින් දිගටම සිදුවන නිසා රූපවාහිණී කාර්ය මණ්ඩලයට ආසන අහිමිව හිටගෙන යාමට පවා සිදුව ඇත. මේ බව පොලිස් ඇඟිලිසලකුණු අංශයේ නිලධාරීන්ට සහ අනෙක් පිරිසට දැන්වූවද ඒ ගැන නොතකා ඇඟිලි සලකුණු අංශයේ පිරිස පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට ගොස් තිබේ.
අවසානයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් භාරදිමෙන් මේ වන විට බස් රථය නතරකර ඇත. හෝමාගම ඩිපෝවට මේ පිළිබඳව කථා කිරීමේදී පවසා ඇත්තේ පොලිස්සිය සමඟහැප්පීමට බැරි නිසා තවදුරටත් ගුවන්විදුලිට සහ රූපවාහිණියට මෙම බස් රථය යෙදවිය නොහැකි බවයි.
අපි සී අයි ඞී යනුවෙන් බස් රථයට කඩා වැදී අසුන් ගැනීම පිළිබඳව ගුවන්විදුලියේ සහරූපවාහිණියේ කාර්යමණ්ඩලය තුළ ඇත්තේ බලවත් අප්රසාදයකි. ඔවුන්ට යෙදවූ බස් රථයේ කිසිදු අවසරයකින්තොරව බලහත්කාරයෙන් වාඩිවී අපි සී අයි ඞී යයි පැවසිම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ රහස්‍යභාවයට කෙතෙක් දුරට යුක්තියුක්තදැයි විමසීම වටීයි.
පොලිසීය ජනතාහිතවාදිව සිටිය යුතු මොහොතක වසර දෙකක් ධාවනය වු බසය අත්හිටවූයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් ගොස් බාරදීමෙනි. අනතුරුව පවසා ඇත්තේ බස් රථය ධාවනය වුවහොත් හන්දියක් හන්දියක්ගානේ බස්රථයේ රියදුරු නොකළ වැරදිවලට පොලිස් රථවාහන ඒකකයෙන් නවත්වන බවයි. ඇඟිලි සලකුණු අංශයේ කාන්තා උපපොලිස්පරීක්ෂකවරියක්ද මෙම බස් රථයේ ගොස් ඇති අතර ඇය අපේ මිනිස්සු හරිවැරදී යනුවෙන් පවසා ඇත. ඇයට තේරෙන සත්‍යය පිරිමි උපපොල්ස්පරීක්ෂකවරුන් සහ කොස්තාපල්වරුන් ඇතුලූ ඇඟිලි සලකුණු අංශයේ කාර්ය මණ්ඩලයට නොතේරුණේ මන්දැයි විමතියකි.
හෝමාගම ඩිපෝවේ සාමාජික පිරිස පවසා ඇත්තේ නොකළවැරදිවලට පොලීසිය දඩුවම්දෙන ඉතිහාසයක් ඇති නිසා තවදුරටත් ගුවන් විදුලිසංස්ථාව ඉදිරිපිට පේ‍්‍රමකීර්ති ද අල්විස් මාවතෙන් බස් රථය ආරම්භ කළ නොහැකිබවයි. ”කුඩු පැකට් එකක්වත් ගෙනත්දාලා අපිව වැරදිකාරයෝ කළොත් මහත්තයෝ අපි අසරණයිනේ. නඩුයි බඩුයි උන්ගෙනේ”යයි ඩිපෝවේ සාමාජිකයන් මෙන්ම කොන්දොස්තරමහතා සහ රියදුරුමහතාද භීතියෙන් වෙලී ඇතැයි පැවසේ. මහජන සුභසිද්ධිය සඳහා කි‍්‍රයා කළයුතු පොලිසිය පොලිස්පාට් දැමීම නිසා නතරවූ බස්රථය නැවත ලබා දෙන්නේ කවදාදැයි ඇසියයුත්තේ කාගෙන්ද? මෙවන් නොහොඹිනා වැඩපොලීසිය අත්හරින්නේ කවදාද?






මේ දින සමාජ ජාලා වෙඩ් අඩවි සහ පිටු වල UNP තීම් සෝන්ග් නමින් සංසරනය වන සංගීත වීඩියෝවක් දකින්න ලැබෙනවා… මෙන්න ඒ වීඩියෝව
<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/FQ2-pb3IgZk” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>


ප්රශ්නය:- මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද?
පිළිතුර:- දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන ගියා. දැන් අපි ලෑස්තියි.
ප්රශ්නය:- මැතිවරණය ළංවෙත්ම බැඳුම්කර වාර්තාව එළියට ඒම එ.ජා.පයට අහිතකරව බලපායි නේද?
පිළිතුර:- එහෙම බලපෑමක් ඇත්තෙම නැහැ. අගමැතිතුමා කළ පත්වීම විධිමත් එකක් බව බැඳුම්කර කොමිසම් වාර්තාවේ තිබෙන බව ජනාධිපතිතුමා කිව්වා. අපි තාම මේ වාර්තාව දැකලා නැහැ. ඒ නිසා මේ ගැන වැඩිපුර කතා කරන්න බැහැ. 2008 පටන් ඉදිරි කාලය ගැනම පරීක්ෂණ කරන්න වෙනවා. මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා. අපි ඒකට එකඟයි. ඒක රටට හොඳ දෙයක්.
ප්රශ්නය:- ඔබ එහෙම කිව්වට බැඳුම්කරේ අපවාදය සම්පූර්ණයෙන් එල්ල වෙන්නේ එ.ජා.ප.යට නේද?
පිළිතුර:- ඒ මාධ්‍යයෙන් සමහරවිට පෙන්නන හැටි වෙන්න පුළුවන්. මේක 2008 පටන් දිගට ඇවිත් තිබෙන එකක්. 2015 අපි ආවට පස්සේ වෙන්දේසි ක්‍රමයකට ගියා. විනිවිදභාවයෙන් මේ කටයුතු කෙරෙන තැනට අපි වැඩ කළා. යහපාලනය යටතේ කිසි දෙයක් හංගන්න අපි කටයුතු කරලා නැහැ. නීතිපතිතුමාට නැතිනම් කෝප් කමිටුවට මේවා ගැන සොයන්න ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලුවාම ඒකත් දුන්නා. අගමැතිතුමා පවා මේ කොමිසම හමුවට ගිහින් කරුණු ඉදිරිපත් කළා. අපි කිසි දෙයක් හංගන්න උත්සාහ කරලා නැහැ. පක්ෂයක් හැටියට වගකීමෙන් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. 2015ට පෙර මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණා නම් කොයි වගේ ප්‍රතිචාරයක් ලැබේවි ද? මේ ගැන හරි තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. මෙතනින් එහාට වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. වාර්තාව දැක්කාම තමා හරියටම මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.
ප්රශ්නය:- එ.ජා.ප. ඇමැතිවරුන්ටයි ඍජුවම චෝදනා එල්ල වෙන්නේ. මෙය ශ්‍රී.ල.නි.ප. පැත්තෙන් එ.ජා.ප.යට කරන හානියක් නොවේ ද?
පිළිතුර:- අපි 2008 පටන් එන කරුණුත් විමසලා බැලුවම මුළු ඉතිහාසය ගැනම එළියට ඒවි. ඊට පස්සේ අපට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ වාර්තාව සහ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව බිලියන දහයක පමණ පාඩුවක් ගැන සඳහන්. බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක් ගැන කතා කරන්න අමාරුයි. ඒ වෙලාවේ අවශ්‍ය වූ මුදල් ප්‍රමාණය තිබ්බෙ නැත්නම් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද? සමහරවිට පඩිනඩි ගෙවන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න බැරිවෙන්න පුළුවන්. අපි බාරගත්තේ දුෂ්කර තත්ත්වයක තිබූ ආර්ථිකයක්. ඒ වෙලාවේ කරන්න තිබූ ගෙවීම්වලට මුදල් අවශ්‍ය වුණා. ඒ ක්‍රියාදාමවල යම් යම් අඩුපාඩු තිබුණා. අවශ්‍ය මුදල මුල් අවස්ථාවේම ඇස්තමේන්තු කර තිබුණා නම් තත්ත්වය පැහැදිලියි. අපට තවමත් නොගෙවූ පැරැණි බිල් මතුවෙනවා. කිසිම ගිවිසුමක් අත්සන් නොකරපු ප්‍රසම්පාදන ක්‍රියා අනුගමනය නොකරපු දේවල් තවමත් මතුවෙනවා.
මීට කලින් රජය කාලයේ හානිය ටි්රලියන හතරක්. බිලියන හාරදහසක්. මිලියනවලින් ගත්තොත් මිලියන මිලියන හතරක්. පොඩි ගණනක් නෙමෙයි. මේව කළේ කවුද? ශ්‍රී.ල.නි.ප.යනේ. ඒත් අපි මේ වෙලාවේ ඇඟිලි දිගු කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේ රට වෙනුවෙන් වැදගත් පියවර රාශියක් ගන්න එ.ජා.ප.ය නායකත්වය දී තිබෙනවා.
ප්රශ්නය:- පසුගිය කාලයේ සිදුවූ දේවල් පිළිබඳව ඔබ කිව්වත් ඒවා ගැන මොකුත් වෙන බවක් නම් පේන්න නැහැනේ?
පිළිතුර:- ඒව සොයනවා. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී.ය මේවා පිළිබඳ කටයුතු කරගෙන යනවා. අපි මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළා. ෆොන්සේකා මහත්තය හිරේ දාපු ආකාරයට මේ කවුරුත් හිරේ දාන්න අපි කටයුතු කළේ නැහැ. මේ කටයුතු කරගෙන යාමට නීතියට අවස්ථාව දී තිබෙනවා. අපිට ඕනකමක් තිබෙනවා. ඒ දේශපාලන වශයෙන් නෙවෙයි. නීතිමය වශයෙන්. නීතිය සැමටම පොදුයි කියන ස්ථාවරයේ ඉඳන්. කවුරු හෝ වරදක් කර තිබෙනවා නම් ඒකට නීතියෙන් දඬුවම් පැනවෙන්න ඕන. ඒ වෙනුවෙන් පරීක්ෂණ කිරීම ඇතුළු පියවර රාශියක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. මේවා බොහෝම සියුම් කාරණා. සමහර ඒවා රටවල් දෙකක සිදුව තිබෙන ගනුදෙනු. රටවල් අතර නීති වෙනස්. තොරතුරු ගන්න ගියාම ගැටලු මතුවෙනවා.
සමහර තැන්වලදී සාක්ෂි සියල්ල විනාශ කරලා. එක වකවානුවකදී පොලිස් පොත්වල ලියපුවා පවා නැති වෙලා. එවැනි තැන්වලදී කටයුතු කිරීම දුෂ්කර වී තිබෙනවා. මුල්ම සාක්ෂි නැති වුණාම කටයුතු කිරීම හරිම අපහසුයි. ඒත් බොහෝ තැන්වලදී ගොඩක් හොඳ මට්ටමකට අපි පැමිණ සිටිනවා. ඉදිරියේදී ඒවායේ ප්‍රතිඵල එනවා. කවුරුත් කතා නොකළට පවරපු නඩු රාශියක් තිබෙනවා. නඩු ඇසීම වේගයෙන්, කඩිනමින් සිදු නොවීමයි ප්රශ්නය. මේ කටයුතු කඩිනම් කිරීමට පියවර කීපයක් ගෙන ඇති බව කියන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තිබෙනවා. සැමටම සාධාරණය ඉටු කිරීමට යන ගමනෙදි මේ වැඩවලට දීර්ඝ කාලයක් යන නිසා ජනතාවට අසාධාරණයක් වෙන බව කීමත් සාධාරණයි.
ප්රශ්නය:- බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට පැහැදිලි ස්ථාවරයක ආණ්ඩුව ඉන්නවා ද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. එ.ජා.ප.යත් ඒ ස්ථාවරයේ ඉන්නවා.
ප්රශ්නය:- මීට ඉදිරිපත්ව ඇති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක වී නැහැ. ඒ ඉරණම මේකටත් අත්වේ ද?
පිළිතුර:- ඒ ඉරණමම මේකට අත්වෙන්න බැහැ. ඒ වගේම ඒ වාර්තා නිර්දේශවලට වෙනම ඉරණමක් අත්වෙන්නත් බැහැ. ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඕන.
ප්රශ්නය:- බැඳුම්කර වාර්තා බෝලය නීතිපතිට පාස්කර එජාපය ඇඟ බේරාගන්න ද හදන්නේ?
පිළිතුර:- තවම අපිවත් වාර්තාව දැකල නැහැනේ. මේක ජනාධිපතිතුමාගෙ කොමිෂන් වාර්තාවක්. එජාපයට ඒක පාස් කරන්න බැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. රජයක් වශයෙන් යම් යම් පියවර ගන්න පුළුවන්. මේ නිර්දේශ අනුව සමහර පරීක්ෂණ අරඹන්න පුළුවන්.
ප්රශ්නය:- තමන්ගේ කඩුවට කැපෙන අය ගැන ජනාධිපතිවරයා ඉඟි පළ කළා. මේ කඩුවට එජාපයම කැපේවි ද?
පිළිතුර:- ජනාධිපතිතුමත් අපිත් එකට වැඩ කරනවා. ගිවිසුම අවසන් බව ශ්‍රීලනිප සමහර ඇමැතිවරු කියනවා. ඒත් අපි තවමත් කටයුතු කරගෙන යන්නේ ජනතාවට දීපු පොරොන්දුව අනුවයි. ජනාධිපතිතුමා දැක්වූ අදහස මොකක් ද කියන්න දන්නෙ නැහැ. අපි හරි දේ කළොත් කැපෙන්න ඕන නැහැනේ.
ප්රශ්නය:- මොනවා කිව්වත් ජනතාව ඉන්නේ අමාරුවෙන්. මේ තත්ත්වය යටතේ ඡන්දය ජයගන්න එජාපයට පුළුවන් ද?
පිළිතුර:- අපි ජයගන්න බව පැහැදිලිව කියන්න පුළුවන්. මැතිවරණය නිසා අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා නැහැ. මේක ගමේ මැතිවරණයක්. එහෙත් වැදගත් මැතිවරණයක්. අවුරුදු දෙකක් අපි වැඩ කළේ ගමේ ආණ්ඩුව නැතුවයි. ඒ අඩුපාඩුව අපට හොඳට දැනුණා. ඩෙංගු උවදුර වෙලාවෙ මේ මන්ත්‍රීවරු සිටිය නම් වැඩ කඩිනම් කරගන්න තිබුණා. අපි ගමට මුදල් යොදවනවා. හැබැයි සියල්ල වියදම් කරලා නැහැ. ගමේ මන්ත්‍රීවරයෙක් සිටිය නම් ඒ දේ වෙනවා. අපි ඉන්නේ ආණ්ඩුවේ. අපේ මන්ත්‍රීවරු සිටියොත් වැඩියෙන් ගමට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ බහුතරය ඉන්න පක්ෂයට තමයි ගමේ ආණ්ඩුවත් ලැබෙන්නේ. මේක සාමාන්‍ය සූත්‍රයක්. අපි ගොඩක් වැඩ කර තිබෙනවා.
කලක් රාජපක්ෂ ආණ්ඩුව පාරවල් හදලා ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ ආණ්ඩුව වැටෙන්නත් ඒ පාරවල් හේතුවක් වුණා. මේ පාරවල් නැවතුනේ නැහැ. හැබැයි මේවායේ කොන්ත්‍රාත් කළ කෙනා හැදුණා. සාමාන්‍ය ජනතාවට වැඩක් වුණේ නැහැ. දැන් අපට මුල ඉඳන්ම පාරවල් හදන්න වෙලා. අපි කරන්නේ ඒක විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය හරිහැටි කළමනාකරණය කරනවා. ණය බර පාලනය කරගෙන තිබෙනවා. රටට ආදායම් වැඩිකරගෙන රට දියුණු කිරීම කරගෙන එනවා. මේක ලේසි නෑ. අපි ගෙවන්නේ පසුගිය ආණ්ඩුවේ පව්. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු අංශ දියුණු කරනවා. මේ කාලයට අවශ්‍ය දේ කරනවා. පාසල් යන දරුවන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අපට හැකිවී තිබෙනවා. අපි කිසිවක් නතර කරල නෙමෙයි අනෙක් දේවල් කරන්නේ. බෙහෙත් මිල කොයි තරම් අඩු කළා ද. මූලික ප්‍රතිකාර සහිත 1990 ගිලන් රථ සේවාව ගමට ගෙන ගියා. මේක මුළු රටේම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිසිය ගැන විශ්වාසයක් නැති කාලයක් තිබුණා. දැන් ඒක වෙනස්. හැබැයි මේක බොහෝ අයට අමතකයි. 2015 මැතිවරණයේදී පොලිසිය කෙළින් සිටි නිසා වෙනසක් කරන්න ජනතාවට අවස්ථාව ලැබුණා. එතැන් පටන් අපි පොලිසිය දියුණු කළා. ස්වාධීනව හරි විදියට කටයුතු කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නත් ක්‍රමයෙන් විසඳමින් සිටිනවා.
ප්රශ්නය:- ආණ්ඩුව හැටියට එජාපය ජය ගන්නා බව ඔබලා කියනවා. ඔය කතාවම ආණ්ඩුවේ ඉඳගෙන ශ්‍රීලනිපයත් කියනවා නේද?
පිළිතුර:- තමන් දිනන බව ජවිපෙත් කියනවා. එත් කවද ද දිනල තියෙන්නේ? ශ්රීලනිපය දෙකට බෙදිලා. බෙදුන තැනක් ඉදිරියට යන්නේ නැහැ. රටක් වශයෙන් වුණත් බෙදුනොත් ඉදිරියට යන්න අමාරුයි. දේශපාලනයෙන් අපේ රටේ වෙනසක් වෙන්න ඕන දෙයක් තිබෙනවා. ඡන්දෙ කාලෙට බෙදිල වැඩ කළාට පාර්ලිමේන්තුවේ වැඩ කරන ක්‍රම තිබෙනවා. මේක පෙරළන්න හන්දි ගානේ කතා කිරීම රටට කරන විනාශයක්. වෙන රටවල් දියුණු වෙලා තිබෙන්නේ එකට වැඩ කිරීමෙන්. ඒත් ඡන්දය පැරදුණු වෙලාවේ ඉඳන් මහින්ද මහත්තය කළේ හන්දි ගානේ උද්ඝෝෂණ කරවීමයි. ඒ මොන අභියෝග තිබුණත් රට ඉදිරියට ගෙන යන්න අපට හැකි වී තිබෙනවා. ඉදිරි වසර දෙකේදී මේ ගමන මීට වඩා වේගවත් වේවි.
ප්රශ්නය:- පොහොට්ටුව නම් බලවත් බව කියනවා. මේක අභියෝගයක් නොවෙයි ද?
පිළිතුර:- සෑම මැතිවරණයකදීම ප්‍රතිවාදීන් තර්ජනයක් නෙමෙයි කියා සිතුවොත් ඒක අපේ දුර්වලකමක්. අපිට තිබෙන තර්ජන මොනවා ද කියා අවබෝධ කරගන්න ඕන. ඒවාට අවශ්‍ය පියවර ගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය ඒ අනුව සකසාගෙන මහන්සිවෙලා තමයි දිනන්න යන්නේ. තර්ජන නැතිව අභියෝගයක් නෑ. අභියෝග නැතිව දේශපාලන ගමනකුත් නෑ. තර්ජන, අභියෝග සෑම දෙයකටම මුහුණ දෙන්න අපි ලෑස්තියි.
ප්රශ්නය:- සාගලට ඕන හැටියට පොලිසිය හසුරුවනවා කියන චෝදනාව ගැන මොකද කියන්නේ?
පිළිතුර:- ඇමැති හැටියට පොලිසිය බාරව ඉන්න රජයේ නියෝජිතයා මමයි. නිවැරැදි ආකාරයට රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. වැරැදි විදියට නෙමෙයි. ඔය ප්රශ්නය අහන්න ඕන මගෙන් නෙමෙයි. පොලිසියෙන්. ඒ අය පිළිතුරු දේවි.
ප්රශ්නය:- ඔබේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් වෙන්නේ සාගලට ඕන හැටියට පොලිසිය හැසිරවීම නිසා නෙමෙයි ද?
පිළිතුර:- සෑම අමාත්‍යාංශයකටම වගේ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. මගේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත්වීම ගැන මම සතුටුයි. මේක ලොකු අමාත්‍යාංශයක්. සමහරවිට එක වෙලාවට තැන් දෙකක මට ඉන්න බැරි වෙනවා. තවත් කෙනෙක් සිටියොත් මට හයියක්. අපි කරන්න යන දේ ගැන සෑම මොහොතකම අගමැති තුමාටයි ජනාධිපතිතුමාටයි වද කරන්න මට බැහැ. ඒව ගැන කතා කරන්න තව කෙනෙක් සිටීම හොඳයි.
ප්රශ්නය:- හැබැයි දෙන්නා පක්ෂ දෙකෙන්. කඹ ඇදීමක් වෙන එකක් නැද්ද?
පිළිතුර:- ඒක දැනගන්න ඕන එතුමයි, මායි. අපි දෙන්න අතර එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එක ගමේ. එතුමටත් මටත් වැඩ කර හොඳ පළපුරුද්දක් තිබෙනවා.
ප්රශ්නය:- ඔබේ රාජ්‍ය ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට ගාල්ලේදී බැණ වැදී වැඩ අල්ලා තිබුණා. ඇමැති හැටියට ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- එහෙම එකක් පත්තරවල තිබෙනවා මමත් දැක්කා. අපි ඒ ගැන කතා කළා. අපි වැඩ කරන විදිය එහෙම නෙමෙයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට තරාතිරමක් නෑ. එතුමත් ඒකට එකඟයි. මේ කාලයේ සැර ටිකක් අඩු කරන්න බැරි දි කියා ඡන්ද අපේක්ෂකයන් මගෙන් අහනවා. හෙල්මට් නැතිව යන්න, වේගයෙන් යන්න පොඩි චාන්ස් එකක් දෙන්න බැරි ද අහනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. ජීවිත වටිනවා. අපේ අය වෙනත් රටවල වැඩ කරනවා. මේ සෑම රටකම නීතිය අකුරට ක්‍රියාත්මකයි. නීතිය ලිහිල් කරන්න කියා ඒ රටවල අය කියන්නේ නෑ. ලස්සනට ඒ නීතිය තුළ ජීවත් වෙනවා. තමන්ගේ රටේ නීතිය ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? නීතිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක අපේ වගකීමක්.
පොලිසියත් ජනතාවට හිරිහැර කරන්න බෑ. මානුෂීය පැත්තක් තියෙන්න ඕන. මේක බොහොම සියුම් කාරණයක්. ජනතාවට සේවය කරන්න ඕන. ඒත් වද දෙන්න හොඳ නෑ.
ප්රශ්නය:- පාතාල ප්රශ්නය නිතර කතා වෙන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇයි?
පිළිතුර:- පාතාලය මර්දනයට ලොකු දැලක් දාලා තිබෙනවා. ඒ බව දැනිලා දැන් සමහරු රට පනින්න පටන් අරන්. ඒත් වැඩිකල් ඒ අයට ඉන්න බැහැ. අපි මේක ඉවර කරනවා. කුඩු සහ පාතාලය එකට යන්නේ. මේ කිසිවකට ඉඩ දෙන්නේ නෑ. මර්දනය කරනවා.අල්ලන මත්කුඩුවලට වෙන්නේ මොකක් ද කියන ප්රශ්නය තිබුණා. ලබන 15 වැනිදා මහජනයා ඉදිරියේ මත්කුඩු කිලෝ 1000ක් පුළුස්සනවා. මේක වෙන්නේ පියවර දෙකකින්. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සහභාගි වෙනවා. පළමු පියවර කටුනායකදී ක්‍රියාත්මක කරනවා. පාතාලයට, කුඩුවලට ඉඩක් දෙන්නේම නෑ.
-පුවත්පත් උපුටනයකි

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට ඊයේ (8) පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
.සිද්ධිය වු අවස්ථාවේ පොලිසියට දැනුම් දීමක් කර ඇති අතර පොලිස් ජංගම රථය එම ස්ථානයට ගොස් පලායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අති අතර ඔහු යාපනයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වේ.ඔහු අද(9) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට බව පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

මන්නාරම මහ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක් විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.
විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය. එසේෙ කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.

පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය.
එම සිදුවීම්වලින් පසු හොලිවුඞ් සිනමාවේ පැවැති ප්‍රධානතම සම්මාන උළෙල වූයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලයි. ලිංගික පීඩා, හිංසා ආදියට පත්වූ නිළියන්ට හා කාන්තාවන්ට ගෞරව කිරීමක් එම කාන්තාවන්ට සිදු වන ලිංගි හිරිහැරවලට විරෝධය පෑමක් ලෙස රාත්‍රියේ පැවැති සම්මාන උළෙලට සහභාගී වූ නිළියන්ගෙන් බහුතරයකට වැඩි දෙනකු කළු පැහැති ඇඳුම්වලින් සැරැසී සහභාගී වූ බව ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කර තිබිණි.
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ හොලිවුඞ් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. මෙම සම්මාන උළෙල ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන හිමි කරගනු ඇතැයි අපේක්ෂිත චිත්‍රපට සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙන්නක් මෙන්ම ඔස්කාර් සම්මාන උළෙලට එක් නිර්නායකයක් ලෙසින් ද සැලකෙයි. ඔස්කාර් එසේත් නැතිනම් ඇකඩමි සම්මාන උළෙල ලබන මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලොව පුරා අසාධාරණයට, වදහිංසා හා පීඩාවලට මෙන්ම ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වන කාන්තාවන් රැකගැනීම සහ එවැනි ක්‍රියාවලට විරෝධය පළ කිරීම ඉලක්ක කරගනිමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්මාන උළෙල අවස්ථාවක් කරගැනීමට ද හොලිවුඞ් නිළියෝ කටයුතු කළහ. ඊට නළුවන්ගේ ද සහාය හිමිව තිබිණි.කාලය අවසන් ‘ටයිම්ස් අප්’ සහ මමත් ‘මී ටූ’ යනු එම වැඩසටහන් දෙකකි. ඒ වෙනුවෙන් පළඳනයක් තිබූ අතර නිළියන් මෙන්ම නළුවන් ද එම පළඳනය ඔවුන්ගේ ඇඳුම්වල රඳවාගෙන තිබූ අයුරු දක්නට ලැබිණි.
හොලිවුඞ් විකට නළුවකු සහ දේශපාලන විචාරකයකු වන සෙත් මේයර්ස් සම්මාන උළෙල ආරම්භ කළේද “නෝනාවරුන්ගෙන් සහ ඉතිරි මහත්වරුන්ගෙන් අවසරයි” යනුවෙන් ඉංග්‍රිසි බසින් ප්‍රකාශ කරමිනි. සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ප්රචණ්ඩත්වය, ලිංගික හිරිහැර යනාදියට විරෝධය පළ කළහ.

අද (9 ) සිට වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් මහතා පැවසීය.
මීට අමතරව උතුරුමැද සහ ඌව පළාතේ සහ මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන අතර සෙසු පළාත්වලද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව ද මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ශීත කාලගුණ තත්ත්වයේ අඩුවක් ද අද සිට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි ඇයගේ නිවසට ගලකින් පහර දි ඇයට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය දිඹුල පොලීසියට පැමිණිලි කර ඇත.

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරු එක්ව පිළිරුවට මල්දමක් පැළඳවීය.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීහු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.




– ඡායාරූප ලංකාදිපයෙන්

මහින්ද වෙනුවෙන් හිරබත් කාපු අයට බලය නැති කාලෙ මේ විදියටනම් සලකන්නෙ. බලය ලැබුන පසු කුණු කූඩයේ නොවේද?



එහිදී පැවැති උත්සව සභාව අමතමින් ජනපති ප්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වාදිය හැකි බවයි.
ජනවාරි 8 වැනිදා දේශපාලන විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනපතිවරයා මෙහිදී යෝජනා කළේය.
අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.