Author: Editor[N]

  • 2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…

    2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…

    රාජපක්ෂ පාලන සමය තුල 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බවත්ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවත් ඊයේ(07) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය

    රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත්බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බවත් එහිදී අග්‍රාමාත්‍ය තුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

     

     

  • නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

    නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

    අපේ රටේ තවත් තරුණ නිරූපිකාවක් තමයි අමන්දා සිල්වා කියන්නේ. එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා. 2017 අවුරුද්ද නිමාවුණේ අමන්දාට මංගල සීනු හඬවමින්. අවුරුද්ද අවසන් වෙන්න දවස් තුනකට කලින් ඒ කියන්නේ 2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වූ අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය සිදුකෙරුණා. පසුගිය සතියේ අපි ඔබට ඒ සුබ ආරංචිය දැනුම් දුන්නා. අද අපි සූදානම් වෙන්නේ මේ දෙන්නාගේ කවුරුත් නොදන්නා ආදර කතාව ගැන ඔබට කියන්නයි.
    අමන්දාට සුබ මංගලම් කියලම මේ කතාබහ ආරම්භ කරනවා
    බොහොම ස්තූතියි
    අමන්දා-දිමුතු විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ගැන දැනගන්නත් රසික පිරිස කැමති වේවි?
    28 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේ තමයි උත්සවය පැවැත්වුණේ. මම බෞද්ධ. දිමුතු කතෝලික. බෞද්ධ චාරිත්‍ර අනුව වගේම කතෝලික චාරිත්‍ර අනුවත් උත්සවය සිදු කෙරුණා. අපි දෙන්නගේ ඥාතීන් හැරුණම සමීපතම හිතවතුන් තමයි උත්සවයට සහභාගි වුණේ. මගේ පැත්තෙන් අත්සන් කළේ කැලුම් විජේසූරිය. දිමුතුගේ පැත්තෙන් එයගේ මාමා අත්සන් කළා.
    කලා ලොවෙ හිතවතුන් සහභාගි වුණේ නැද්ද?
    ගොඩක් අය මංගල උත්සවවලදී සාක්ෂිකරුවන්ව, දෙවැනි මනාල මනාලියන්ව යොදා ගන්නේ ජනප්‍රිය චරිත. ඒත් මට එහෙම හිතුණේ නැහැ. හේෂාන් මංජුල, අරුණ හා ඉරේෂා විතරයි කලා ලෝකයේ අයගෙන් උත්සවයට සහභාගි වුණේ. ඒ තුන්දෙනා මගේ හොඳම යාළුවෝ.
    කොහොමද අමන්දාට දිමුතුව හමුවුණේ?
    දිමුතු පදිංචිවෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒත් එයා මගේ මාමා (ප්‍රියන්ත විජේකෝන්)ගේ යාළුවෙක්. මම ගැන අදහසක් තියෙනවා කියලා දිමුතු තමයි මාමට කියලා තියෙන්නේ. හැබැයි ඒ වෙද්දී එයා මාව දැකලා තිබුණේ ෆොටෝවලින් විතරයි. මාමා මට ඒ ගැන කිව්වා. ආශ්‍රය කරලා තීරණයක් ගන්න කියලා මාමා මට කිව්වා. මුලදී දිමුතුයි මමයි Video Call වලින් තමයි කතාබහ කළේ. යාළුවෝ විදියට ආශ්‍රය කරද්දී මට එයා ගැන පැහැදීමක් ඇතිවුණා. ඊට පස්සේ තමයි කැමති වුණේ. අපි අවුරුදු 2 1/2ක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ.
    ඇයි අමන්දා දිමුතුට කැමති වුණේ?
    එයා හරිම හොඳ අවංක කෙනෙක්. මං ගැන ගොඩක් උනන්දුයි. මම වගේම අපේ පවු‍ලේ අයටත් ආදරෙයි. ඒ හින්දා මම කැමති වුණා.
    විවාහය ලියාපදිංචි කෙරුණා. දැන් කවදද විවාහ උත්සවය?
    මේ අවුරුද්දේ විතර
    ඊට පස්සේ ඔබ කලාවයි. ලංකාවයි අතහැරලා ඇමෙරිකාවට යනවද?
    මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නේ පැරීසියට යන පාර ටෙලි නාට්‍යයට විතරයි. තවම ඒකේ ෂූටිං ඉවර වෙලා නැහැ. දිමුත් එක්ක මටත් ඇමෙරිකා යන්න වෙනවා. හැබැයි ඉතින් කලාව තුළ හෝ නිරූපණය තුළ හොඳ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ආයෙමත් ලංකාවට ඇවිල්ලා හරි ඊට සම්බන්ධ වෙනවා.
    අපි අපේ කතාබහට දිමුතුවත් එකතු කරගත්තා. අමන්දාගේ ආදරය දිනූ දිමුතු ගැන වැඩි විස්තර දැනගන්න හැමෝම කැමතියිනේ. ඒ හින්දා අපි මුලින්ම ඔහුගෙන් සාමාන්‍ය තොරතුරු ගැන විමසා සිටියා.
    මගේ ගම කිරිබත්ගොඩ. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මම වයස 14දී ඇමෙරිකාවට ගියා. පවු‍ලේ හැමෝම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. මම ව්‍යාපාරිකයෙක්.
    ව්‍යාපාරිකයෙක් වුණාට ඔබට හොඳ ගායන හැකියාවක් තියෙන බව ආරංචියි. ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද?
    මම සංගීතයට ආසයි. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට ගොඩක් කැමතියි. යම් යම් උත්සවවල ගී ගයන්න වුණොත් ගයන්නේ ඒ දෙන්නාගේ ගීත. ඒත් ගීතයක් කරන්න කලාවට එකතු වන්න නම් ආශාවක් නැහැ. මගේ ක්‍ෂේත්‍රය ව්‍යාපාර ක්‍ෂේත්‍රය.
    ඇමෙරිකාව ලංකාවට වඩා ගොඩක් ලොකු රටක්. ලස්සන සුද්දියොත් එහෙදි දකින්න ලැබෙන්න ඇති. එහෙම තියෙද්දී ඇයි ෆොටෝවලින් දැකපු ගෑනු ළමයෙකු ගැන හිත බැඳුණේ
    එකට හේතුව මටත් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අමන්දා මවන්න ඇත්තේ මම වෙනුවෙන් වෙන්න ඇති.
    ෆොටෝවලින් හිත බැඳිලා දුරකථනයෙන් කාලයක් අසුරු කරද්දී මොකද හිතුණේ?
    අමන්දාට ලස්සන හිතක් තියෙන්නේ කියලා හිතුනා.
    ඉස්සරවෙලාම එයාව සජීවීව දැක්කේ කවදාද?
    මීට අවුරුද්දකට විතර කලින්
    ඒ වෙලාවේ මොකද හිතුණේ?
    (හිනැහී) ෆොටෝවලයි වීඩියෝ කෝල්වලයි දකිනවට වඩා කොච්චර ලස්සනද කියලා හිතුණා.
    දිමුතු අමන්දාව ඇමෙරිකාවට එකතු කරගෙන යන්නේ කලාවෙන් අයින් කරලාද?
    එයා කැමති දේවලවලින් මම කවදාවත් එයාව ඈත් කරන්නේ නැහැ. ඉඳහිට ලංකාවට ඇවිත් කලා කටයුතුවල නිරත වෙන්න ඉඩදෙනවා. ඇමෙරිකාවේදී එයාට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ වැඩිදුර හදාරන්න, ඒ තුළ යමක් කරන්න ඉඩ හදලා දෙනවා.
  • දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 27ක් ලෙයසි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය ද පැවැත්වෙන්නේ කේප්ටවුන් නුවරයි. එම ප‍්‍රදේශයට පවතින ජල හිගය හේතුවෙන් එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් දස දහස් පන්සියයක් පමණයි. එ් අනුව කේප්ටවුන් නුවර එක් පුද්ගලයෙකුගේ දිනක පරිභෝජනය සඳහා ජලය ලීටර් 87ක ප‍්‍රමාණයක් හිමිවන බවයි වාර්තා වන්නේ. මෙම තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ලබා දෙන ජල ප‍්‍රමාණය තවත් සීමා කිරීමට සිදුවනු ඇති බව කේප්ටවුන් නුවර නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

     

  • සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.  ඇය හා අතිනත ගත් ෂෙහාන් පෙරේරාගේ ජන්ම දිනයද විවාහ දිනට යෙදී තිබීම විශේෂ සිදුවීමක් වුණා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ සිටියා.

    ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ අතර මධු සමය සඳහා නව සියල්ලන්ගේම ප්‍රීතිඝෝෂා මධ්‍යයේ නව යුවල එම රථයෙන් පිටත්ව ගොස් ඇත.

  • අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…

    අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…

    “රැකියාවලින් අඩුම මට්ටමේ රැකියාව වන කොළඹ ගෙවල්වල මෙහෙකාරකමට උයන්න පියන්න වැඩට හොයන්නේ වත්තේ කෙල්ලෝ. වත්ත ඕන වෙලා තියෙන්නේ මොකදට, කොළඹ හතේ නෝනලාගේ ගෙවල් බලාගන්න. ගොඩාක් නගර සභාවල කුණු එකතු කරන්නේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන්නේ වත්තේ අය. වත්තේ අය තියාගෙන ඉන්නේ අඩු වරප්‍රසාද සහිත රැකියාවලට. ඒක සාධාරණ නැහැ. වතුවල නායකයෝ හැදුණා. හැම ආණ්ඩුවකම මේ නායකයෝ හිටියාට ජනතාවගේ ප්‍රශ්න විසඳුණේ නැහැ. හැබැයි ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුණා. තොන්ඩමන් මහත්තයාගේ මනෝගනේෂන් මහත්තයාගේ දිගම්බරම් මහත්තයාගේ ප්‍රශ්න විසඳුණා. හැබැයි එයාලගේ දරුවෝ යනවාද ගෙවල්වල වැඩට. නැහැ. ඒ ගොල්ලෝ නගර සභාවේ වැඩ නැහැ. එයාලගේ ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ. හැබැයි ජනතාවගේ ප්‍රශ්න එක තැනමයි. කුඩා කාමරයක ජීවත් වෙනවා. වැසිකිළි පද්ධති නැහැ. දරුවන්ට පාසලක් නැහැ. හරියට රස්සාවක් නැහැ. වැඩිපුරම වත්තේ ආහාර මොනවාද? පිටි ගොඩක්. ඒ අයට ගැස්ට්‍රයිටිස්. රොටි කනවා. බුලත් විට කනවා. ඒවා තමයි කෑම. කාන්තාවන් ලංකාවේ වැඩියෙන්ම අරක්කු බොන්නේ වත්තේ. ඇයි? ජීවිතේ ප්‍රශ්න වැඩි නිසා. හවසට චිත්‍රපට බලන්න යන්නද? නාට්‍යයක් බලන්න යන්නද?, විනෝද ගමන් යන්නද? නැහැ. ඒ නිසා කාලක් ගහල එනවා. දැන් හැමදේම වෙනස් වෙලා. ඒ නිසා හරබර සාකච්ඡා අපේ මාධ්‍යවල යනවා අඩුයි. ටී.වී. සංවාද යනවා. හොඳ සාකච්ඡාවක් යනකොට විවේක කාලය හම්බවෙනවා. වෙළෙඳ දැන්වීම් දාන්න. එතකොට නිවේදකයා කියනවා අද ටිකක් රණ්ඩුව මදි වගේ. දෙන්නා ටිකක් ඇරගන්න. නැත්තම් කට්ටිය නිදාගන්නවාලු.
    මාධ්‍ය ගැන හිතුවොත් බැඳුම්කර කොමිසමේ වාර්තාව පසුගිය 30 වනදා ජනාධිපතිට භාර දුන්නා. අපේ කාලයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් වාර්තාවක් ඒ. ඒ කොමිසම සඳහා වෙන් කළේ  මහජනයාගේ මුදල්. ඒ පරීක්ෂාවට භාජනය කළේ මහජනයාගේ මුදල් හොරකමක් ගැන. මහජනයාගේ මුදල් වියදම් කරලා මහජනයාගේ මුදල් හොරකම ගැන පරීක්ෂාව භාජනයට ලක් කළා. එතකොට මහජනයාට අයිතියක් තියෙනවා, ඒ වාර්තාවේ මොකක්ද තියන්නේ කියලා දැන ගන්න. ඒ නිසා අපි බලකරලා කියනවා ඒ වාර්තාව සමාජයට ඉදිරිපත් කරන්න.”

    යයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටගල ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් හඳුන්වාදීම සඳහා හැටන් කොටගල ඩෙරික්කෙලයාර් වතුයායේ පැවැති ජන හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි ස්වරයෙන් පැවසූහ.

  • ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

    ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද  සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම ගැටළුව පිළිබඳ රජයෙන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

     

  • සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

    සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

     

    පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති වරයාව ස්ථාන මාරු කිරීමට පොලිස්පති තුමාට උපදෙස් දී ඇත.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ස්ථාන මාරු නොකෙරෙන බැවින් මැතිවරන කොමිසමට ඉදිරිපත් කොට කොමිසමේ අනුමැතිය අනුව අදාල ස්ථාන මාරු කිරීම සිදු වනු ඇත.

  • එදා රාපක්ෂවරුන් ඇතිකල ප්‍රශ්න වලට අද වගකියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටයි….

    එදා රාපක්ෂවරුන් ඇතිකල ප්‍රශ්න වලට අද වගකියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටයි….

    ගිය ආණ්ඩු සමයේ රාජක්ෂවරු විසින් ඔවුන්ගේ අත්තනොමතික වැඩ නිසා ඇතිකල ප්‍රශ්න මේ වන විට ඉතා බරපතල මට්ටමින් වර්ධනය වී ඇති අතර එදා සුළුවෙන් විසඳිය හැකිව තිබූ එම ප්‍රශ්න විසදීමට මෙම රජයට මහත් වූ පරිශ්‍රමයක් දරීමට සිදුවනවා යැයි මහනුවරදී පැවති ජන හමුවකදී යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

     

  • පොදුජන පෙරමුණ මගේ පක්ෂයයි… මහින්ද තිසා ඔය ඒකාබද්දෙ කිසිකෙනෙක් පොහොට්ටුවේ සමාජිකයො නෙමෙයි…

    පොදුජන පෙරමුණ මගේ පක්ෂයයි… මහින්ද තිසා ඔය ඒකාබද්දෙ කිසිකෙනෙක් පොහොට්ටුවේ සමාජිකයො නෙමෙයි…

     

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  අදහස් පල කරමින් ප්‍රකාශ කර ඇත.

    පොදුජන පෙරමුණ වෙනුවෙන් සිය මන්ත්‍රී කම කැප කල එකම පුද්ගලයා වන්නේ ජී එල් පමනකි. අනෙක් ඒකාබද්ධයේ මන්‍රත්‍රීන් තම මන්ත්‍රී වරප්‍රසාද ලබමින් පොහොට්ටුවේ නායකයා මහින්ද යයි කියන නිසා ජී එල් මෙසේ කල කිරී ඇති බව දේශපාලන ආරචි මාර්ග වල සඳහන් වේ.

    මුන් ඔක්කොම එකතු වෙලා මාව මුරුංග අත්තේ තිබ්බා යයි ජී එල් ඔහුගේ සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.

  • මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…

    මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…

    2015 දී මහින්දගේ ආණ්ඩුව පෙරලා නොදැම්මේ නම් මේ වන විට ශ‍්‍රී ලංකාවට සම්බාධක විශාල ප්‍රමාණයක් පැනවී ඇති බවත් එදා මහින්ද පරාද කිරීම තුලින් ජාත්‍යන්තරයේ තිබූ එම සූදානම බිඳහෙලීමට සමත් වූ බැවින් අප රටට සම්පූර්ණයෙන්ම වැසී යාමට තිබූ විදෙස් වෙළදපලෙ බේරා ගැනීමට හැකිවීම යහපාලන ආණ්ඩුව මේ රටට කල ලොකුම සේවයක් බවත් මාතර නගර සභාවට හා ප‍්‍රාදේශීය සභාවට පළාත් පාලන මැතිවරණයේදී තරග වදින එක්සත් ජාතික පක්‍ෂ අපේෂක්‍කයන් අමතමිනි  මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පුකාශ කර සිටියේය.

    යහපාලන ආණ්ඩුව අද වන විට මුළු ලෝකයම දිනගෙන අවසන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

     

  • ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

    ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

    ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ  ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියා සිටියේය.

    ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව  කිසිසේත්ම එකතු නොවන බව හා කෙසේ හෝ එම පක්ෂ දෙක එකතු ූ වුව හොත් නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවත් එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

  • ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…

    ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…

     

     

    මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී මෙම විශ්වාස භංගය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමට එවුන් සැලසුම් කර ඇත.

     

  • මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..

    මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..

    වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  ප්‍රකාශ කළේයඑමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
     
    කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය. 
     
    මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ. 

  • අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…

     

    බැඳුම්කර කොමිසමේ  සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ .සියලූ කටයුතු නියාමනය කරනු  ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු  පැවරීම එතරම් අපහසු නොවන බවන් නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල් ගත නොවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.

    ‘‘මේ වාර්තාවේ ඇමුණුම් දහසකට වඩා තිබෙනවා. ඒ නිසා මේකට කාලය ගත කළ යුතු නැහැ. සියලූ කටයුතු සම්පාදනය වී ඇති බැවින් ඉක්මනින්ම චෝදනා පත‍්‍ර භාරදිය හැකියි. පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු පවා මේ ගැන උනන්දුයි. මේ ගැන නීති සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා නම් ඉතා ඉක්මණින් හා පහසුවෙන් එයත් කරගන්න පුළුවන්. හිටපු මහ බැංකු අධිපති ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නොවෙයි. පත් කළේ හෝ රැක්කේ ජනාධිපතිතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. ඔහුට විරුද්ධව නඩු පවරන එක වළක්වන්න උත්සාහ ගත්තේ ජනාධිපතිතුමා නොවෙයි.” යනුවෙන් ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේයත

  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…

     

    බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් මඟින් දන්වා ඇත.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 

    අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද(5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවක් හෝ මෙතෙක් එළිදක්වා නොමැති බව කී පොල්ගම්පොල මහතා එහි නාමයෝජනා පත‍්‍ර කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වන අයුරින් සැකසීම කිසියම් පිරිසකගේ සිත සැනසවීමේ අරමුණින් කළ අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද යන්න ගැන සැකයක් තිබෙන බව ද කීවේය.