කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න..

“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක…
තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 200 පනී..

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියමින් මව්වරුන් 215 දෙනකු ඊයේ (29) වනවිට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත. රෝහල් බලධාරීන් පවසන්නේ…
ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර  යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන්  මෙම පත්වීම ලබාදී තිබේ. නව…
අපෙන් සමුගත් ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චිගේ මතකයන්

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ එ මහතා 68 හැවිරිදි වියෙහි පසු විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘රත්තරන්’’ වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙමින් රංගනයට අත්පොත් තැබූ ඒ මහතා වේදිකා, ටෙලිනාට්‍ය…
තන පටවල තිබූ ජෙල් විෂ රසායන හෝ වඳ බෙහෙත් නොවන බව රස පරීක්‍ෂක තහවුරු කරයි

දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු  අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත. සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක්…
ඇමති රාජිත ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ ගෙන්වා ඇති බවට විගණන වාර්තාවෙන් හෙළිවෙයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන…
ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ  (Video)

ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ට පිරි නැමිම ඊයේ(26)ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන ප්‍රසාදි කොදාගොඩ මහත්මිය විසින් ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ශ්‍රී…
වෛද්‍ය සාෆිට එරෙහිව අදට පැමිණිලි 51ක්

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය…
15 හැවිරිදි සිසුවෙක්, 11 හැවිරිදි පාසැල් දැරියක් ගැබිණියක් කරලා

බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු එකොලොස් වයසැති පාසල් දරියක් ගැබිනියක් කල පහලොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි. එම එකොලොස් හැවිරිදි දැරියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍ය…
ජනතාව බය කරන්න අත්පත්‍රිකා බෙදු මහින්දවාදියෙක් අත්අඩංගුවට

පොසොන් පොහොයට පෙර භයාතක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට රත්නපුර නගරයේ අත් පති‍්‍රකා බෙදු පොහොට්ටු පාක්ෂික අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර නව නගරය ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිංහල ජාතිකයෙකි. මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරගෙන යන…
ආගම විකුණලා කටයුතු කරන මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා..

“යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට,  අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත්,  අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක්…
2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය සහ අයඳුම් පත්‍රය අද(27) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන්…
රන්ජන් ලවා රෙදි අපුල්ල ගන්න ආපු බදියුදීන්ගේ රෙදි ගැලවෙයි.. (වීඩියෝ)

මේ දිනවල හත්පොලේ ගාගෙන සිටින තවුජිද් ජමාත් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන්නෙකු ලෙස ජනතාව අතර කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තම රෙදි අපුල්ලාගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාව අඩංගු වීඩියෝව හමුවීමට පැමිණි සුප්‍රකට අමාත්‍යවරයා වන රන්ජන් රාමනායක විසින් මුදා හැර තිබේ.…
බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු කරුණ ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා…
ත්‍රස්තවාදී සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ අනාවරණය කරගනී (Video)

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටල් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාව ඩී.එන්.ඒ…
ත්‍රස්තවාදීන්ට උදව් කළ හැන්සාර්ඞ් නිලධාරියා පාර්ලිමේන්තුවට ගෙන එයි

තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත‍්‍රස්තවාදී කටයුතුවලට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (21) පාර්ලිමේන්තුවට රැගෙනවිත් පරීක්‍ෂණ සිදුකරන ලදී. මොහොමඞ් නවුෂාඞ් ජලාල්ඞීන් නමැති මෙම සැකකරු පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ…