Author: Editor

  • කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

    කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

    කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

    ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ඒ එක්කම ND 2350 මාකුඹුර – ගාල්ල ගිය බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ND 549 – අම්බලන්ගොඩ බස් එක කඩවත ඉදලා ගිය බස් එකෙත් රෝගියෙක් ඉදලා තියෙනවා. කොළඹ – යාපනය ගිය 6503 බස් එකෙත් කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ඇල්පිටිය – කොළඹ ගිය බස් එකෙත් ND 9788කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ගාල්ල – කඩවත ගිය බස් එකෙත් NF 7515 බස් එකෙත් රෝගියෙක් හමුවෙලා තියෙනවා. අපේ තියෙන හයිවේ බස් සියල්ලම මොනිටර් කරලා තියෙන්නේ ජීපීස් තාක්ෂණයෙන්“ යනුවෙනි.

    මේ අතර, සුඛෝපභොගි බස් රථවලට මගීන් නංවාගැනීමට පෙර ඔවුනගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුකළ යුතු බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට දෛනිකව බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ද සිඝ්‍ර ලෙස අඩුවී ඇති බවය.

    බස් රථවල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යා රක්ෂිතභාවය සම්බන්ධයෙන් බස්රථ සේවකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

    “අපි විශේෂයෙන්ම වායුසමනය කළ බස් රථවලින් ඉල්ලීමක් කරනවා ඒ බස්වලට මගීන් ගොඩවෙන්න කලින් උණ බලන යන්ත්‍රයක් පාවිච්චි කරලා හැමෝගෙම උණ බලලා, ඇතුළු කරන්න කියලා. එහෙම අවිශ්වාසයක් තියෙනවා නම්, ඒ එය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුවත් කරන්න. සාමාන්‍ය ධාවනයේ තිබුණ බස් ප්‍රමාණයත් සමග අද මගීන්ගේ ගමනාගමනය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය ඇති වෙන්න ඉස්සෙල්ලා, දිනකට බස් 1600ක් ධාවනය වුණා. 25,000ක් විතර මගීන් ආවා දැන් බස්රථ 666කට වගේ සීමාවෙලා. මගීන් එන්නේ 5691ක් විතර. අපි බලාපොරොත්තු වෙන්නේ මගීන්ගේ සේවාව ඒ විදියටම පවත්වන ගමන් කොවඩ් වසංගතයෙන් මගීන්ව ආරක්ෂා කරන්න.“

    කොවිඩ් 19 තිබෙන මොහොතක බස් සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1955ට කතා කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

  • කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.

    (එම විස්තර පහතින්)

  • කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

    මේ අතර කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.

    අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    ඒ අනුව ඇයව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද යොමු කර තිබේ.

  • මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.

    මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය.

    බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.

    එම පුද්ගලයින් තිදෙනාම කළුතර නාගොඩ රෝහලෙන් පසුගිය දා ස්වකැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ අනුව ඔවුන් ආසාදිතයින් බවට ඊයේ (13) රාත්‍රීයේ තහවුරු වී තිබේ.

    “කළුතර මහරෝහලේ පීසීආර් කිරීමෙන් පසුව කොවිඩ් 19 ආසාදිත බවට රෝගීන් තිදෙනෙකු මතුගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ, බදුගම, ඕවිටිගම සහ යටගල යන ප්‍රදේශවලින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් වාර්තා වුණා. එතැන් සිට මතුගම ප්‍රාදේශීය සභාව, පොලීසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම තිදෙනා මතුගම – කොළඹ වායුසමීකරණය කරන ලද බස් රථයක රියදුරු, කොන්දොස්තර සහ හිමිකරුවන් වෙනවා. මෙම බස් රථය කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් හා පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් සිටිනවා. තවද එම ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. එම බස්රථයේ ගමන් කළ බොහෝ පිරිසක් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.“

    එමෙන්ම මෙම බස් රථයේ ගමන් කළ බව පැවසෙන කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු මතුගම වල්ලාවිට ප්‍රදේශයේ පදිංචි හෙදියක්ට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    මෙලෙස ආසාදිතයින් හමුවීමත් සමග පුද්ගලික බස් නැවතුම්පොළ අසල ඇති වෙළෙඳසැල් දින 14 ක කාලයක් වසා දැමීමට වෙළෙන්ඳන් කටයුතු කර තිබේ.

    -දෙරණ-

  • නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසකගේ නිවසකට රාත්‍රී කාලයේ සොරුන් පිරිසක් ඇතුළු වී ඇති පුවතක් නාරම්මල, මැටිවලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ඉකුත් 5 වන දින කොවිඩ් ආසාදනය වු බවට සැකපිට 42 හැවිරිදි කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ඇයගේ පවුලේ ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.

    ඊයේ (13) රාත්‍රී කාලයේ දී සුනඛයන්ගේ කෑ ගසන හඬක් ඇසීමත් සමග ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසේ පිටුපස දොර කඩා සොරුන් නිවසට ඇතුළු වී ඇති බවට අනාවරණය වී ඇත.

    නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    -අද දෙරණ-

  • දිවුලපිටිය කාන්තාවගේ දරුවෙකුටත් කොවිඩ්

    දිවුලපිටිය කාන්තාවගේ දරුවෙකුටත් කොවිඩ්

    ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

    පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවය.

    මෙ වන විට දියණිය ද IDH රෝහලට යොමුකර ඇති බව බලධාරීන් පවසයි.

    -අද දෙරණ-

  • 20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය අද (30) දෙවන දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේදී ආරම්භ විය.

    එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරලා !

    20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇත. ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා මුලදර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමිනි. එය කිසිසේත් කල නොහැකි දෙයකි.

    එම නිසා 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්න ව්‍යවස්තාව යෝජනාවලියම ප්‍රතික්ෂේප කලයුතුව තිබේ.

    එසේම එවැනි ව්‍යවස්තාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් ඔහු පැවසීය.

    ඉතිහාසයේ දී අවස්තා දෙකක් !

    මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී සිදුව තිබේ. ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.

    දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය. ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි.

    අප විනාශයේ මාවතට අවතීර්න වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරනය වනු ඇත.  එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරනය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරනය මත රැඳී පවතින බව නීතිඥ ශිරාල් වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීම: ද ලීඩර්

  • දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

    එසේම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව ගැන තමා කිසිසේත්ම නොදන්නා බව එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් සඳහන් වූ හිටපු ඇමැති සහ එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වූ මලික් සමරවික‍්‍රම මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    තමාගේ නම එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස සඳහන්ව තිබුණත් තමාට එහි රැුස්වීම්වලට කතා කළේ නැති බවද ඒවාට තමා සහභාගි නොවූ බවද මලික් සමරවික‍්‍රම මහතා කීවේය.

    එසේම අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ එම දූෂණ විරෝධි කමිටුව යටතේ පිහිටුවා තිබෙන ක්‍ෂණික ප‍්‍රතිචාර අනුකමිටුවේ සම්බන්ධීකාරක ලෙස තම නම සඳහන්ව තිබුණත් තමා එවැනි කමිටුවක් තිබෙන බවක් නොදැන සිටි බවය.

    මෙම කොමිසම ඊයේ උදේ 11.00 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මැදහත්භාවයෙන් රැුස් විය.

  • රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    කාමරයේ ඇඳමත රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සමග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති බව කියමින් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    තමන් තම බිරිය සමග හලාවත මාළු වෙළෙඳසලට පැමිණ බිරියට මාළු වෙළෙඳසල ඇතුළට පිටත් කර යවා තමා මාළු වෙළෙඳ සැලට ඇතුල් වන ස්ථානයේ රැඳී සිටි බවත් එවෙලේ වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් පැමිණ තමාගේ සැමියා නොමැති බවත් දරුවකු සිටින බවටත් කී බව පැමිණිල්ලෙන් කියා ඇත.

    ඉන් පසුව ඇය තමාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා කාමරයකට යෑමට කතා කළ බවත් තමා එයට කැමති වී ති‍්‍රරෝද රථයකින් හලාවත හෝටලයකට පැමිණි බවද, එහි කාමරයක් කුලියට ගෙන ඇයත් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බවද ඉන් අනතුරුව තමාගේ ගෙල බැඳි රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල ගලවා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට ගිය බවද සඳහන් කර ඇත.

    නාන කාමරයේ සිට විනාඩි පහකින් පමණ කාමරයට පැමිණි බවද ඒ එන විට කාමරයේ සිටි කාන්තාව හා රන් දම්වැල නොතිබූ බවද තමා කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානයක් නොදන්නා බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

    හලාවත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණී ආදසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කරගෙන යයි.

    -දිවයින-

  • අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ කළ පුද්ගලයා සහ ඇය සමග කාමරයේ රැඳී සිටි පුද්ගලයාද වන බව පොලිසිය කියයි. ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක උපුල් ඇතුළු පොලිස් කණ්ඩායම බප‍්‍රදේශයේ තාවකාලික නවාතැම් පළක් පරීක්ෂා කිරීමේදි එහි කාමරයක රැඳී සිටි දැරිය හා ගැනුම්කරුවා සහ නැවතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දැරිය සම්බන්ධීකරණ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    දැරිය පැයක කාලයක් සඳහා රුපියල් 3000 කට ගැනුම්කරුට ලබාදී ඇති අතර හෝටල් කළමනාකාරීත්වය දැරියට රුපියල් 2000 ක මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරීයකු පැවසීය. සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් (55277) කිත්සිරි, කොස්තාපල්වරුන් වන (36166) ඉෂාන්, (92442) වික‍්‍රමාරච්චි සහ කාන්තා (10600)නදීශා නිලධාරිනියද වැටලීමට එක්වූහ.

  • ලිංගික ශ්‍රමික සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොලිසිය වටලයි

    ලිංගික ශ්‍රමික සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොලිසිය වටලයි

    සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04) දහවල් 2.30ට පමණ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ කළමණාකරනයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් අවුරුදු 42, 35, 29 වයස්වල පසුවන වේයන්ගොඩ, කැකිරාව, තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    සැකකරු හා සැකකාරියන් අද (05) අත්තනගලල් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • ගවයින් 5800ක් චීන මුහුදේ…

    ගවයින් 5800ක් චීන මුහුදේ…

    ගවයින් 5800 ක් නවසීලන්තයේ සිග චීනය වෙත රැගෙන යමින් සිටි Gulf Livestock 1 නෞකාව මේ දිනවල නැගෙනහිර ආසියාවේ හමායන මයිසක් සුළි කුණාටුවට මැදිව අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කෙරෙනවා.

    කාර්යය මණ්ඩලය 43 දෙනකු සිටි මෙම නෞකාව ජපානයට අයත් අමාමි ඔෂීමා දූපතට කිලෝමීටර් 160 ක් පමණ බටහිරින් තිබියදී අතුරුදහන් වී තිබෙනවා.

    පිලිපීන ජාතික කාර්යය මණ්ඩල සාමාජිකයකු වූ සරේනෝ එඩොවොරෝඩෝ නමැත්තාව මුහුදේදී ගලවාගෙන තිබෙනවා. එහෙත් තවත් පිලිපීන ජාතිකයන් 38 ක්, නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක් හා ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් ආගිය අතක් නැහැ.

    එඩොවොරෝඩෝ ජපන් වෙරළාරක්ෂක භටයින්ට පවසා සිටියේ නෞකාවේ ඇන්ජිමක් ක්‍රියා විරහිත වූ බවයි. ඉන්පසු විශාල රැල්ලක් එහි ගැටීමෙන් එය පෙරළී ගිය බව ඔහු කියා සිටියා.

    නැව පෙරළීම සිදුවන විට ජීවිතාරක්ෂක කබා පැළඳ මුහුදට පනින ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා. තම සගයින් කිසිවකු තමන් මුහුදේදී නුදුටු බවද එඩොවොරෝඩෝ පවසා තිබුණා.

  • මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

    මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

    ඊයේ(04) දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි රනිල් වික්‍රමසිංහ එම කමිටුව හමුවේ කියා සිටියේ තමා බැදුම්කර සිද්ධියට සම්බන්ධ නැති බව බැඳුම්කර කොමිසම සහ පාර්ලිමේන්තුව පවසා තිබියදී ත් මාධ්‍ය මහත්තුරු එය පිළිනොගන්නා බවත් තමන්ට බැදුම්කර හොරා යැයි කියන බවත් ය.

    හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොමිසම විසින් දූෂණ විරෝධි කොමිසමට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම,අත් අඩංගුවටගැනීම,ප්‍රශ්න කිරීම,සහ ජනාමාධ්‍යය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුව් ලෙස හංවඩු ගැහෙනවා නේද යනුවෙන් කරන ලද විමසීමකට පිිළිතුරු ලෙසයි.

    හිටපු අග්‍රාමාත්‍යවරයා සරල සහ සැහැල්ලු ඉරියව්වකින් කොමිසම ඉදිරියේ පිළිතුරු ලබා දුන් අතර නික්ම යාමේදි මාධ්‍යවේදීන්ට පිිළිතුරු ලබා දීමෙන් වැළකී සිටි අතර මාධ්‍යවේදියෙක් එජාප නායකත්වය ගැන කරන ලද විමසිමකදී එය කොමිසමෙන් නෑසූ බව සඳහන් කළේය.

  • ඓශ්වර්‍යා ඇතුළු ඉන්දීය නළු නිළි පිරිසක් ලංකාවට

    ඓශ්වර්‍යා ඇතුළු ඉන්දීය නළු නිළි පිරිසක් ලංකාවට

    ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ‘Times of India‘ පුවත්පත වාර්තා කරයි.

    ලංකාව – ඉන්දියාව සම්බන්ධ වූ වෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නැමැති ප්‍රකට ලේඛකයා රචිත නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්වර්යා රායි බච්චන්, වික්‍රම්, කානික්, ට්‍රිෂා ක්‍රිශ්ණ, ප්‍රභු, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී, ජෙයරාම්, වික්‍රම්ප්‍රභු, සරත් කුමාර්, කිලර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30% පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ. ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිනිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපෙයකදී දින 100ක කාලයක් තුළ රූගත කිරීමට සියලු සැලසුම් සුදානම් කර ඇති බව දැනගන්නට ඇත.

    මෙහිදී ඔවුන් සමග මෙරට නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.

  • බදුර්දීන්ගේ බිරිඳටත් සිතාසි! කෝටි 18ක බදු ගෙවීම් පැහැර හැරලා..

    බදුර්දීන්ගේ බිරිඳටත් සිතාසි! කෝටි 18ක බදු ගෙවීම් පැහැර හැරලා..

    රුපියල් කෝටි 18කට ආසන්න බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියට මේ මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(03) සිතාසි නිකුත් කළේය. 
    රුපියල් 17999673ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවීම් පැහැර හැර ඇති බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය වන සහබ්දින් අයිසා මහත්මිය වෙත මෙම නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇත. 

    අදාළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියට මේ මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. නො 410 /16 බෞද්ධාලෝක මාවත, කොළඹ 7 පිහිටි නිවස වෙත මෙම සිතාසිය භාර දී තිබේ.

  • අසුභ පුවතක්! ලොව විශාලතම තෙල් කාන්දුවට ශ්‍රී ලංකා මුහුදු තීරණය නතුවීමේ දැඩි අවදානමක්! (වීඩියෝ)

    අසුභ පුවතක්! ලොව විශාලතම තෙල් කාන්දුවට ශ්‍රී ලංකා මුහුදු තීරණය නතුවීමේ දැඩි අවදානමක්! (වීඩියෝ)

    ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් මුහුදේ දී ගිනිගත් නෞකාව අද (04) අලුයම 5 වන විට නාවික සැතපුම් 25 ක් ගොඩබිමට ආසන්න වී තිබේ.

    “BIG Focus“වැඩසටහන සමග එක්වෙමින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ, “අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය හැකියි.“ යනුවෙනි.

    “කිරින්දේ සිට නැගෙනහිර පැත්තට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. කාන්දුවීමක් සිදුවුවහොත් එය සිදුවුනාට පසුව සුදානම් වීමට අපිට කාලය මදි.“ යනුවෙන් ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

    යම් හෙයකින් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා සිටියේ, “තෙල් කාන්දුවු විගස ඝණ බවට පත්වෙනවා. ග්‍රීස් බවට පත්වෙලා වතුරේ පාවෙනවා. මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාප වෙන ආරුගම්බේ නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා ආවොත් ඒ තෙල් අයින් කරන්නම කාලයක් ගතවෙයි.“යනුවෙනි.

    “එහෙම අයින් කරත් අපිට අයින් කරන්න පුළුවන් වෙන්නේ සියයට 60ක් වැනි ප්‍රමාණයක්. සියයට 40ක් අයින් කරන්න බැහැ. හැම වැලිකැටයක් ගානේ සුද්ද කරන්න බැහැ. ඒ පරිසරයේ තෙල් තට්ටුව ඉවත් කරලා තිබුණ තත්ත්වයට එන්න වසර 25 ක් හෝ 30ක් යයි. එසේ නැත්නම් නොඑන්නත් පුළුවන්. මේ තත්ත්වයේ තෙල් විෂවීමක් ලෝකයේ වෙනවාමයි. මේකෙන් කෙටි කාලීන නෙමෙයි දීර්ඝ කාලයක් හානි වෙනවා. “ යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    තල්මසුන් හා කැස්බෑවන් වැනි සත්වයින්ට තෙල් තට්ටුව හේතුවෙන් ජලයෙන් උඩට ඒමට අවස්ථාව ඇහිරී යන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    නෞකාවේ බඳ කොටසේ ජල මට්ටමින් යට මීටර 20ක් දක්වා වු ප්‍රමාණයක් පුරා තෙල් ගබඩා කර ඇතැයි පැවසු ටර්නි ප්‍රදීප් කුමාර මහතා, පිපිරීම සිදුවු අවස්ථාවේ නෞකාවේ බොයිලේරුව තුළ පමණක් ගින්න ව්‍යාප්තව තිබී ඇතැයි ද පැවසීය.

    නමුත් එම අවස්ථාවේ දී නෞකාවේ කපිතාන්වරයා ගින්න මැඩ පැවැත්වීමට උත්සහ නොකර එම ප්‍රදේශය වසා දමා ඉවත්ව ඇතැයි ද පැවසු ඔහු ගින්න එම අවස්ථාවේ දී පාලනය කර ගැනීමට අවස්ථාව තිබී ඇතැයි ද කියා සිටියේය.

    පැනමා ධජය සහිත ‘නිව් ඩයමන්ඩ් ‘ ඉන්ධන නෞකාව කුවේට් හී මිනා අල් අහමදී වරායෙන් පිටත්වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් තිබිය දී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්විය.

    නෞකාවේ සිදුවු පිපිරීමෙන් එහි සිටි පිලිපීන ජාතික නාවිකයෙකු මිය ගොස් ඇති බව නාවික හමුදාව අද තහවුරු කළේය.

    කෙසේ වෙතත් නෞකාවේ ගබඩා කර ඇති මෙට්‍රික්ටොන් 270,000ක් වු බොරතෙල් සංචිතයට මෙතෙක් ගින්නෙන් කිසිඳු බලපෑමක් සිදුවී නොමැති බව නාවික හමුදාව තහවුරු කරයි.

    -අද දෙරණ-