Author: Editor

  • පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.

    ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී ඇති අතර දැනට දිස්ත්‍රික් මට්ටමෙන් මධ්‍යම හා කුඩා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් ව නිසි පරිදි නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාතික අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා භාවිත කිරීමට වැඩපිළිවලක් සකසා ඇත. එකී වැඩපිළිවෙල යටතේ ඔවුන් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කරනු ලැබේ.

    ඒ අනුව 2021.06.11 දින සිට 2021.06.30 දින දක්වා දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල  වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදකයින් හමුවීමට කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා සූදානමින් සිටින අතර එම අවස්ථාවන් සඳහා අමාත්‍යංශ නිලධාරීන්ද සහභාගී වනු ඇත.

    එකී වැඩපිළිවෙලෙහි පළමු අදියර ලෙසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික් කාබනික පොහොර නිෂ්පාදයින් සමග සැසිය අද උදෑසන පැවැත්විණි. මේ සඳහා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොශාන් ගුණතිලක, බස්නාහිර පළාත් කමිටු සභාපති ප්‍රියන්ත උදුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ ඇතුලු පිරිසක් සහභාගී විය.

  • ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

    ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

    අද(09) මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි.

    රජය සිදු කල යුතුව තිබුණේ රසායනික පොහොර වල ප්‍රමිතිය වැඩි දියුණු කරමින් එහි අක්‍රමවත් භාවිතාවන් නිසා වන හානිය පාලනය කිරීම සඳහා නියාමන වැඩසටහනක් ක්‍රියාවට නංවමින් පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතයට ගොවියන් පුහුණු කරමින් ක්‍රමිකව කාබනික පොහොර සඳහා යොමුවිය හැකි කෘෂි ක්ෂේත්‍ර ඒ සඳහා යොමු කරවීම බවයි. එහෙත් ඊට හාත්පසින් වෙනස් විනාශකාරී තීන්දුවකට ජනාධිපතිවරයා එළඹ තිබීම අතිශය කනගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

    මේ නිසා තේ වගාව වැනි වසර 150 ක් පමණ පැරණි අපනයන ක්ෂේත්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වී යාමේ අවධානමක් ඇති බව පෙන්වා දෙන ලද ඒ මහතා තේ හෙක්ටයාරයක් සඳහා වර්තමාන වියදම වන ආසන්න වශයෙන් රුපියල් 31000 ක මිල මේ හේතුවෙන් රුපියල් 400000 කට පමණ වැඩිවන බවත් නිෂ්පාදන වියදම අසීමාන්තික ලෙස ඉහළ ගොස් තේ වල අපනයන ආදායම බිඳ වැටීම තුළින් සිලෝන් ටී සන්නාමය විනාශ වී යා හැකි බවත් ප්‍රකාශ කරන ලදී.

    රජය මෙම අවිචාරවත් පොහොර තහනම ගෙන ඒමට සමගාමීව දැනටමත් කාබනික පොහොර නැව් ගෙන්වීමට ඇතැම් පිරිස් සහ සමාගම් කටයුතු කරමින් තිබීම තුළින් මේ පිටුපස විශාල ජාවාරමක් පැවතිය හැකි බවට සැකයක් මතුවන බවත් මෙකී ප්‍රායෝගික නොවන තීන්දුව නිසා එළඹෙන කන්නයේ වී, එලවලු ඇතුළු අනෙකුත් බෝග වල අස්වැන්න හරි අඩකින් අඩුවීමෙන් ශ්‍රීලංකාව ආහාර සුරක්ෂිත තාව පිළිබඳව බරපතල අර්බුදයකට ලක්විය හැකිබවත් පෙන්වා දෙන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වසංගත තත්ත්වයක් මැද රට ඒ සා විශාල අර්බුදයකට ලක්කල නොකල යුතු බවත් පෙන්වා දෙන ලදී.

  • යසිරු ඇප මත නිදහස් කරයි

    යසිරු ඇප මත නිදහස් කරයි

    “ජනාධිපති  ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

    ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගල මහතා නියෝගය මතය.

    ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අදාළ තරුණයා එම පුවත පළ කර තිබුණි.

    නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.

    භාෂණයේ නිදහස උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ මහජනයා නොමග යවන සුළු ප්‍රකාශ පළකිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රජයේ හා රාජ්‍ය ආයතනවල කටයුතු අකර්මණ්‍ය කරන ආකාරයෙන් ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

    එබැවින් මින්මතුවට මේ ආකාරයෙන් කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය.

    එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

    එම ඇප ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර සිටියේය.

    සැකකරු අන්තර්ජාලය හරහා පළ කර ඇති පුවත මඟින් මෙරට ආර්ථිකය අකර්මණ්‍ය කොට රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක් තිබුණේ දැයි සැක මතු වී තිබෙන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

    මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම සැකකරු නඩුවට පාදක වන රජයේ ආයතනවල වෙබ් අඩවි තුළට අනවසර ආකාරයෙන් ඇතුළු වී තිබීම හෝ ඒවායේ මුර පද අවභාවිතා කිරීම සිදුකර තිබේ දැයි ප්‍රශ්න කර සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ,  විමර්ශනවලදී එවැනි කරුණක් අනාවරණය වී නොමැති බවය.

    එසේ නම් පරිගණක අපරාධ පනතේ 6, 10 සහ 12 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට අදාළ නොවන වගන්ති ඇතුළත් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට පවා අසීරු වනු ඇති බව කියා සිටියේය.

    ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේ දී පරිගණක අපරාධ පනත යටතේ එම සැකකරු වරදක් සිදුකර ඇති බවට බැලූ බැල්මටම කරුණු අනාවරණය නොවන බවය.

    එමෙන්ම කිසියම් වරදක් අනාවරණය කර ගන්නා තුරු සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

    –අද දෙරණ–

  • කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. 

    ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදී සිටින හා එම කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන දේශීය ව්යසවසායකයන්ව දිරි ගැන්වීමේ අරමුණින් යුතුව “සශ්‍රීක” නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ඊයේ දින( 2021.06.03) ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. කාබනික පොහොර නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වසර 10 ක් හා රුපියල් මිලියන 200 ක් දක්වා මෙම ණය පහසුකම් ලබාගත හැක.

    ශ්‍රී ලාංකික ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී සුරක්ෂිත රටක් ගොඩ නැගීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ජනාධිපතිතුමන් ගත් තීරණය අද නොව හෙට දිනය ගැන සිතා ගත් තීරණයක් බැවින් ජාතික වගකීමක් සේ සිතා අප සියලුම දෙනා මේ මොහොතේ එක්ව කටයුතු කළයුතු බව කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහ රජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.රණසිංහ මහතා, ලංකා බැංකු සභාපති නීතීඥ කාංචන රත්වත්තේ මහතා , ලංකා බැංකු ප්‍රධාන කළමණාකරු සුගත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

  • ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    විපක්ෂ නායකවරයාගේ ගරු ආර්යා තනතුර හොබවන ජලනි ප්‍රේමදාස කොළඹ ෂැංග්‍රීලා හෝටලය තුළ vvip සැලූන් සහ ස්පා එකක් පවත්වාගෙන යන බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එහි නම ‘Jalspa’ යන්නයි. සැලුන් එක සහ ස්පා එක ජලනිගේ වෘත්තීය ආදායම් මාර්ගයයි. රජය විසින් නිරෝධායන නීති යටතේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහ ස්පා වසා දමන ලෙස පවසා තිබියදීත් ජලනි ප්‍රේමදාස ගේ vvip ස්පා එක විවෘතව තබාගෙන සිය සේවාදායකයන්ට සේවා සපයන ලදී. සජිත්ගේ අතිජාත මිත්‍ර ටිරාන් අලස් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීය. ඔහුගේ සමීප හිතවත්කම මත මේ වනවිට ජලනි බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු දේශපාලන ඩීල් කාරියක් වී සිටින බව සමගි ජනබලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සැලවේ. එමනිසා ජලනිට නිරෝධායන නීතියට පිටින් ස්පා එක පවත්වාගෙන යාම ගැටලුවක් නොවන්නට ඇත.

    කෙසේ වෙතත් පසුගිය 14 වනදා එහි සේවය කල සියලු දෙනා කෝවිඩ් පොසිටිව් වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු විය. ඒ අනුව 15 වනදා ආයතනය වසා දැමීමට ජලනි ප්‍රේමදාස කටයුතු කරන ලදී. එහෙත් එදින සිට ස්වයං නිරෝධායනය විය යුතු ප්‍රේමදාස යුවළ එසේ නොකර එය රහසක්ව තබා ගනිමින් වගකීම් විරහිත ලෙස හැසිරී ඇත.

    ජලනි සමගිය අනතුරේ හෙලීම

    ජලනි ප්‍රේමදාස නිල නොවන පක්ෂ නායිකාව ලෙස ක්‍රියා කරන බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ සියළුදෙනාම දන්නා කරුණක් බවට පත්ව ඇත. පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගයේ නායිකාව වන්නේද ජලනිය. පක්ෂයේ නිල නොවන තීරණ ගන්නා කමිටුව (Kitchen Working Committee) රැස් වන්නේද ජලනිගේ ස්පා එක තුළය. ඒ සඳහා නිරූපා කරුණාරත්න, සුලක්ඛනා වැන්නියන් නිරන්තරව සහභාගීවේ. පක්ෂයේ නිල නොවන රැස්වීම් සිය ස්පා එක තුළ පවත්වද්දීත් ජලනිට වගකීම් සහගතව හැසිරී ස්පා එක මගින් පක්ෂයට කොරෝනා බෝ නොකිරීමට යුතුකමක් තිබිණි. එහෙත් ඇය එය පැහැර හැර ඇත.

    සජිත් නිරෝධායන නීති කඩමින් රණවිරු සැමරුමට එක්වෙයි.

    තත්ත්වය එසේ තිබියදී මේ සියල්ල රහසක් ලෙස තබා ගනිමින් වගකීම විරහිත ලෙස මැයි 22 රණවිරු සැමරුමට ද සජිත් සහභාගීවී තිබේ. ජනාධිපති, අගමැති ඇතුලු මැති ඇමතිවරුද ත්‍රිවිධ හමුදාපතිවරු ද සහභාගී විය.

    එලෙස මුලු රටක්ම වගකීම් විරහිත ලෙස ක්‍රියාකරමින් අනතුරේ හෙළීම නිරෝධායන නීතිය යටතේ බරපතල වරදකි. මේ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 262 සහ 264 වගන්ති යටතේ සජිත් සහ ජලනි යුවලට නඩු පැවරිය හැක.

    එහෙත් රාජපක්ෂලා සජිත්ට කෙසේ වෙතත් ජලනිට එසේ නොකර බව පෙනෙන්නට තිබේ. සජිත් නිවාස ඇමති කාලයේ රටපුරා සෑදූ නිවාස වලට සිමෙන්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ජලනිගේ මව බව මේ වනවිට දැනගන්නට ඇත. ඒ තුළින් ඇය විශාල මුදලක් හම්බකරගෙන ඇති බව ආරංචිය. එහෙත් රාජපක්ෂලා ඒවා සොයන්නේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදේ සිදුවූ වංචා පිළිබඳව ද කිසිඳු හාවක් හූවක් නැත. ඩීල් එක යන්නේ එහෙමය. මීට පෙර සජිත් ගේ අක්කා දුලාංජලී හොර නෝට්ටු මුද්‍රණය කර හසුවූ විට ඇයව බේරාගත්තේ ද මහින්ද රාජපක්ෂය.

    කෙසේ වෙතත් සාමන්‍ය ජනතාව නිකටෙන් පහලට මාස්ක් එක දැමූවිට එය හේතුකොටගෙන කුදලාගෙන යන පොලිසිය හෝ ඒවා වීඩීයෝ කරමින් ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කෙලෙසන මාධ්‍ය සජිත් සහ ජලනිගේ නිරෝධායන නීති උල්ලංඝනය ගැන මීක් කියන්නේ නැත. අපේ රටේ මාධ්‍ය, විපක්ෂය සහ ආණ්ඩුව යන සැමට පුරවැසියාට වඩා ඩීල් එක ලොකුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙව් රටක ඉපදීමේ පව ගෙවිය යුතු වන්නේ පුරවැසියාය.

    -සමගි ජන බලවේගය සුරකීමේ ව්‍යාපාරය-

  • ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා.

    කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

    රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් මර්දන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙරට ධානපතියන්ගෙන් සහ විදේශගත ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙම අධිසුඛෝපභෝගී වාහන ‍තොගය ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම පුදුමය දනවන්නක්.

    උපුටා ගැනීම: මීමැස්සෝ ඩොට් එල්කේ

  • මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?

    මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?

    මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට ආරාධනා කර සිටිති.

    පහත දැක්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලංකාවට සම්ප්‍රාත්ත වූ බව දැන ගත් එම විශේෂඥ වෛද්‍යවරුන් එතුමාට ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට කළ ගෞරවාන්විත ආරාධනයයි.

    —-උපුටා ගැනීම—

    “බුරුමයේ තානාපති ධුරන්දර මහාචාර්ය නලින් ද සිල්වා මහතා පසුගිය වසර තිස්පහ තිස්සේ ප්‍රචලිත කල මතවාදයෙහි ඇති හානිකර හා අසත්‍ය බව ඔප්පුකිරීමට විවාදයකට පැමිණෙන ලෙස එතුමාට අප මේ වසරේ පෙබරවාරි මස අරාධනා කළෙමු.

    ඉන්පසුව අපගේ කරුණු ඔප්පු කිරීමට ලිපි දහයක්ද පුවත්පත් වල පලකලෙමු. එතුමා මේ දිනවල ලංකාවට සැපත්ව ඇති බව අප හට සැලවී ඇත.

    එම නිසා අප යෝජනා කල විවාදයට එළඹෙන ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු. විවාදයේ මාතෘකාව සහ අනෙක් තාක්ෂණික විස්තර එතුමා විවාදයට එකඟ වූ විට අපහට සාකච්ඡා කළ හැක.

    අපගේ මේ ආරාධනාව කාරුණිකව පිළිගන්නා මෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටිමු.

    විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

    විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

    —-උපුටා ගැනීම අවසන්—

  • වරාය නගර පනතින් රටේ ඒකීය භාවය බිඳවැටෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

    වරාය නගර පනතින් රටේ ඒකීය භාවය බිඳවැටෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

    යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන ලද්දේ එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර පවතින ෆෙඩරසි පන්නයේ නෛතික ව්‍යූහයකට වන බවයි.

    ඒ අනුව මෙම කොමිසමේ පැවැත්ම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ංඝනය කරන බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා එයින් පාර්ලිමේන්තුව සතුව නීති සැදීම සඳහා වන උත්තරීතර බලය පහැර ගෙන තිබෙන බවද සඳහන් කරන ලදී.

    තවද අප ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන අපේ පාලන ක්‍රමය නිදහස් ස්වාධීන, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට ඇති පිලිගැනීම මෙම පනත මගින් පරාජය කොට තිබෙන බව අධිකරණය හමුවේ පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ලෝකයේ මෙන්ම අප රටේ ද විදේශ ආයෝජන ආරක්ෂා කරගැනීම සඳහා විවිධ නෛතික ව්‍යුහයන් අතීතයේ සිට හඳුන්වා දී තිබුනද මෙවැනි ආකාරයේ ෆෙඩරල් පන්නයේ බලතල සහිත ව්‍යුහයක් හඳුන්වාදීම පිලිබඳව කිසිදු පුර්වාදර්ශයක් අපට සොයාගත නොහැකි බවද පවසා සිටින ලදී.

    මෙම පනත මගින් සත්‍යවශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහය මංකොල්ලකාරී හොර ධනවතුන් කන්ඩායමකට වඩාත් වාසි සහගත වන එකක් බවත් එමගින් සදාචාර විරෝධීව හා කිසිදු ආකරයකින් නීතියේ පාලනයකට, පාර්ලිමේන්තුවේ පාලනයකට හෝ විගණකාධිපතිවරයාගේ පාලනයකට නතු නොවී කිසිදු නෛතික වගකීමකින් හෝ පෙරලා බදු ගෙවීමෙන් ද තොරව ලාභ ලබාගෙන එම ලාභය තමන්ගේ පුද්ගලික ගිනුමකට බැර කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවත් ප්‍රකාශකල ශිරාල් ලක්තිලක මහතා . රටටද පුරවැසින්ටද මෙමගින් අත්වන වාසිය සොච්චම් ප්‍රමාණයක් බවද කරුණු සහිතව පෙන්වා දෙන ලදී.

    එම නිසා නඩුකටයුතු ආරම්භයේ දී ඉදිරිපත් කල තාක්ෂනික පදනම් මත මෙම කෙටුම් පත සාකච්ඡාවට නොගෙනම අධිකරනය විසින් මුලසිටම ශුන්‍ය කෙටුම්පතක් ලෙස සලකා ප්‍රතිකෂේප කරන ලෙසද එසේ නොමැති නම් ජනමතවිචාරනයකින් රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකරන ලෙස ද ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

  • “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19 වැනි අධි අවදානම් වෛරසයකට ලෝකයම විද්‍යාත්මකම තහවුරු කළ ඖෂධයක් සොයන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කට්ටඩි වැඩ කරන මේසන් බාස් අයවලෙකුගේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, තහවුරු කිරීමක් නොමැති ඊනියා පැණියක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතෙක් ලොව පිළිගත් රාජ්‍යයක මෙන්ම ලක් ඉතිහාසයටවත් සිදු නොවූ තරමේ ඛේදවාචකයෙකි. කෝවිඩ් 19 දෙවන රැල්ලෙන් අසාර්ථක වූ ආණ්ඩුව ඊට නිසි සැලැස්මක් වෙනුවට ඉන් බේරී ජනමනස සකසන්න විවිධ උපක්‍රම භාවිතා කළ තර ධම්මික පැණියේ, පැණි නාටකය ආණ්ඩුවේම තවත් අසාර්ථක තිර පිටපතක් බවට දැන් ඔප්පු වෙමින් පවතී.

    මෙය කෙතරම් අභ්‍යාග්‍යසම්පන්න, සෝචනීය තත්වයක්ද යත් මෙරට සියලු ගෞරවනීය ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් ඇතුළු රටක අභිවෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් වැඩ කරන පිරිස්වලට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩින්, මේසන් බාස්ලා ඉදිරියේ කර බා ඔවුන්ට ආශිර්වාද කරමින් නිහඬව බලා සිටීමටත්, එහෙයියන් වීමටත් සිදුව තිබීමයි.

    මෙවැනි විකාර රූපී අයවලුන්ගේ මිත්‍යාවිශ්වාස පිළිගැනීම, ඒවා පසුපස යෑම සහ ප්‍රවර්ධනය කිරීම රාජපක්ෂලා සහ ඔවුන් වන්දනා කරන වහල්ලුන්ට අලුත් දෙයක් සහ දැනෙන යමක් නොවූවද, මේ වන විට වත්මන් ගෝඨාණ්ඩුව මේ කෙලෙසමින් සිටින්නේ පෞඩ්‍ර, දියුණු තාක්ෂණික ඉතිහාසයක් පැවති රටක අභිමානය සහ අනාගතයයි.

    මේ පහත දැක්වෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිකුත් කරන “ධම්මික පැණිය” හිමිකරු සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු අටමස්ථානය භාර අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අමතන ආකාරයයි.

    රටක උගතුන්, වියතුන් වෙනුවට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩි, මේසන් බාස්ලාට සියල්ලන්ට ඉහලින් වැජබෙමින් රිසි සේ රඟන්න රාජ්‍ය අනුග්‍රහය දෙන ආණ්ඩුවක් පිළිබඳව රටක පුරවැසියන් ලෙස සිතා බැලීම ඔබට භාරයි.

    ඡායාරූප සහ දර්ශන උපුටා ගැනීමේ ස්තුතිය: Sirasa News 1st

  • කොවිඩ් 19 අස්සේ ඔන්ලයින් බැංකුකරණයේ තවත් පෙරලියක්..!

    කොවිඩ් 19 අස්සේ ඔන්ලයින් බැංකුකරණයේ තවත් පෙරලියක්..!

    Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

    මේ තත්ත්වය හමුවේ බැංකු සේවාවන් ද වේගයෙන් තම සාම්ප‍්‍රදායික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ඩිජිටල්කරණ සේවාවන් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටී.

    ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියා වන්නේ සම්පත් බැංකුවයි. ගෝලීය වශයෙන් බැංකු පද්ධතිය තුළ ඩිජිටල්කරණය ආරම්භ වූ වහාම සම්පත් බැංකුව ද මෙරට තුළ ඩිජිටල් බැංකුකරණ සේවා ආරම්භ කළ අතර ඒ පුරෝගාමී මෙහෙවර අඛණ්ඩත්, ශක්තිමත් ලෙසත්, පුළුල් ලෙසත් පවත්වා ගෙන යාමට සම්පත් බැංකුව සමත්වි සිටී.

    මේ පුරෝගාමී නායකත්වය මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින් සහ ඉදිරියට ගෙන යමින් සම්පත් බැංකුව සිය පාරිභෝගිකයින්ට නිවෙසේ හෝ ඕනෑම ස්ථානයක සිට තම බැංකු කටයුතු පහසුවෙන් හා ආරක්ෂාකාරීව කරගෙන යාම සඳහා හඳුන්වා දුන් ‘සම්පත් විශ්ව’ ඔන්ලයින් බැංකු සේවාව මේ වන විට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

    නවතම තාක්ෂණය උපයෝගී කරගෙන පාරිභෝගිකයින්ගේ රහස්‍යභාවය හා ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාත්මක කොට ඇති ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් රැසකි.

    Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් අතර

    1. සම්පත් ගිණුම් හිමියන්ට බැංකුවට නොගොස් නිවසේ සිටම අලුතින් ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට හැකි වීම.

    2. තම ගිණුමේ ශේෂය දැන ගැනීම.

    3. බැංකුවේ සිය ගිණුමේ තිබෙන තැන්පතුවලින් ක්ෂණික ණය මුදලක් ලබා ගැනීම.

    4. මොබයිල් කෑෂ් පහසුකම යටතේ ඕනෑම ගිණුමකට මුදල් යැවීම.

    5. තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනු විස්තර ලබා ගැනීම හා එහි බිල ගෙවීම.

    6. ජල, විදුලි, දුරකතන බිල්පත් රක්ෂණවාරික රෝහල් ගාස්තු හා පාසල් ගාස්තු ද ‘සම්පත් පහසුකම යටතේ ගෙවීමට හැකිය.

    එසේම තමන් විසින් ලබා දෙන ස්ථාවර නියෝගයක් මඟින් මාසිකව ගෙවිය යුතු බිල් නියමිත දිනට බැංකුව මගින් ගෙවීමට හැකිවීම ද මෙහි තවත් විශේෂත්වයකි.

    තවද වෙනත් ගිණුම්වලට තම ගිණුමෙන් මුදල් යැවීම, නිකුත් කරන ලදචෙක්පත් ගෙවීම් අත් හිටුවීමට හා එක් දිනක් තුළ තම ගිණුමෙන් රුපියල් 20,000,000 දක්වා වූ මුදලක් වෙනත් ගිණුම්වලට බැර කිරීමට ද ‘සම්පත් විශ්ව’ මඟින් පහසුකම් සලසා ඇත.

    ‘සම්පත් විශ්ව’ මඟින් මුදල් යැවූ පසු ඒ බව සඳහන් ක්ෂණික දැනුම් දීමක් (SMS) පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට ලැබේ.

    මෙම සියලු පහසුකම් ලබා ගත හැක්කේ සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ට පමණි. සම්පත් බැංකුවේ ගිණුමක් තිබෙන ඕනෑම පාරිභෝගිකයෙකුට  https://www.sampath.lk/en/ සම්පත් බැංකුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති  https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController පිටුවට ගොස් ‘සම්පත් විශ්ව’ පහසුකම් සඳහා ලියාපදිංචි වීමට පුළුවන. තම ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ සේවාව (SMS) තිබේ නම් පාරිභෝගිකයාට සිය නිවසේ සිටම මෙහි ලියාපදිංචිය (0112303050) ලබා ගත හැකිය.

    සම්පත් බැංකුව විසින් හඳුන්වා දී ඇති මෙම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් මගින් ඔබ පමණක් නොව සමස්ත සමාජයම ගෝලීය ආපදාවෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඒ සමග ලෝකයේ වඩාත් නවීනතම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් ලබා ගැනීමට ද ඔබට අවස්ථාව ලබා දී ඇත.

  • ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

    ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.

  • සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

    සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

    සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යාන්ත්‍රණයක් තුළ ඔවුන්ගේ සිතුමතේට පක්ෂය මෙහෙයවීමට සහ අවශ්‍ය අවස්ථාවල ඩීල් සඳහා කේවල් කිරීමෙ බලය නොලැබෙන බැවිනි.

    සජිත් ගේ තීරන ගැනීමේ මන්ඩලය වන්නේ ඉමිටියාස්, ( ජලනි – බිරිඳ නිල නොවන පක්ෂ ප්‍රධානී)
    නමුත් ප්‍රධාන තීරක) එරාන්, ලක්ෂ්මන් ෆොන්සේකා (කුඩා කල මිතුරා සහ මුදල් සපයා දෙන්නා, ප්‍රධාන තීරක වරයෙක්) රංජිත් මද්දුම බන්ඩාර. රවි ජයවර්ධන(පුද්ගලික ලේකම්) හා චමින්ද එදිරිවීක්‍රම. යන අයයි.

    ජලනි – ප්‍රධානව හසුරුවන්නේ ටිරාන් අලස් විසිනි. එය තුල විශාල වශයෙන් මුදල් හා සබැඳිකම් ද ඇත.
    ඊට අමතරව ඇයගේ තීන්දු තීරන වලට බලපාන්නාවු ප්‍රධාන පුද්ගලයන් වන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා සහ චමින්ද එදිරිවික්‍රමයි. ( ඊට අමතරව හරින් සහ එරාන්ය)

    ලක්ෂ්මන්ව හසුරුවන්නේ දිලිත් ජයවීර සහ ටිරාන් අලස් විසිනි. දිනපතා ඔවුන් ලක්ෂ්මන් හමුවෙති.

    උදාහරණයක් ලෙස යහපාලන සමය තුළ උග්‍ර සජිත් විරෝධියකු වූ රවී ජයවර්ධනව (රවී යනු මුල් කලීනව ජී.ඇල් පීරිස්ගේ ගෝලයකු වන අතර පොදු පෙරමුණ සමයේ ජී.එල් සමග කටයුතු කල අයෙකි.) ලක්ෂ්මන් හරහා සජිත් ලඟ plant කරන්නේ දිලිත් ජයවීර විසිනි. රවි සහ දිලිත් කොළඹ විශ්ව විද්‍යාලයේ බඩ බැඳගත් මිතුරන්ය.

    චමින්ද එදිරිවික්‍රම – ලොකුබාලගේ ගේ සහ ගාමිනී සෙනරත් ගේ බඩියාය. ඔහු ඔවුන්ගේ ලාෆ් ගෑස් සමාගමේ CEO ය. මෙම තනතුරට පෙර චමින්ද හිටියේ LOLC ලොක්කා සමගය. LOLC ලොක්කා ගාමිනී සෙනරත් ගේ එකඟතාවය මත චමින්ද ලාෆ් සමාගමට ගත්තේ දීර්ඝ කාලීන අරමුනක් සහිතවය. ඒ සජිත් සමග චමින්ද සමග තිබු සම්බන්දයෙන් ප්‍රයෝජනය ගැනීමටය. ගාමිනී සෙනරත් ගේ දකුනු අත ලොකු බාලගේ වු අතර ලොකු බාලගේ ගේ දකුනු අත වුයේ චමින්දයි. මේ සම්බන්දතාවය ඇතිවන්නේ 2011 සිටය. එදා සිට අද දක්වා චමින්ද ලාෆ් සමාගමේ ලොක්කා වන අතර යහපාලන ආන්ඩුවේ සජිත්ගේ ආන්ඩුවේ ඉංජිනේරු සංස්තාවේ උප සභාපතිවරයාය. ජනාධිපතිවරනයේ දි සම්පුර්න මුදල් පාලනය කලේ චමින්දය. මේ මුදල් පාලනය භාරව ක්‍රියාකල නිසාම
    අවසානයේ දී චමින්ද ජලනිගේ අතිජාත විශ්වාසවන්තයා බවට පත්විය.

    රංජිත් මද්දුම බන්ඩාර මේ තාක් දුරට පාලනය කලේ ඩයනා විසිනි. ඩයනා පාලනය කරන්නේ සේනකය. සේනක හසුරුවන්නේ බැසිල්ය.

    හරින් ට ජලනි හසුරුවන්නට බලය ලැබෙන්නේ පරන ප්‍රේමය හේතුවෙනි. හරින් හසුරුවන්නේ මල්ෂාය. මල්ෂා හසුරුවන්නේ බැසිල්ය.

    තීන්දු ගන්නා ඉතුරු දෙන්නා ඉමිටියාස් සහ එරාන්ය.

    එරාන් යනු ඇවන්ජලිකල් ක්‍රිස්තියානි දහම මෙරට ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියාගේ පුතාය. අදටත් ඔහු පාස්ටර් වරයෙකි. ඔවුන්ගේ න්‍යාපත්‍රය හසුරුවන්නේ බොර්න් අගේන් ක්‍රිස්තියානි සභාව මගිනි. දේශපාලනිකව විපක්ෂය ඇත්තේ දැඩි අනතුරක වන්නේ මෙලෙසිනි.

    මේ අය විසින් හසුරුවණ සමගි ජන බලවේගයේ අනාගතය කොහෙටද?

    මෙයට අමතරව තිස්ස පිළිබඳවද යමක් සඳහන් කල යුතුය. ඩයනා ආන්ඩුවට ගිය දවසේ තිස්ස, හේෂා සහ චමින්ද විජේසිරි සමග හිටියේ ඩයනාගේ ගෙදර බවට ඩයනා මේ වන විටත් ප්‍රකාශ කර ඇත. ඔවුන් අයවැය සමයේ ආණ්ඩුවට එකතුවනු ඇත.

    විපක්ෂයක් නැත්තටම නැති කිරීමට බැසිල්ගේ කූඨ උපායන් සියල්ලටම සජිත් සහ ජලනි හසුවී ඇත. මේ සියල්ලට හේතුව ජලනි පක්ෂය තමන් අතේ නැටවීමට ඇති කෑදර කමත් මුදල් සදහා ඇති ගිජු කම නිසා ඩීල් වලට ඇති නැඹුරුවත්‍ ය. එය බැසිල් විසින් සිය අන්තේවාසිකයින් සජිත් සහ ජලනිට සමීප කර සිය වාසියට හරවා ගෙන ඇත.

    එජාපය අද නැත. සජබය බැසිල්ගේ රූකඩයක් වී ඇත. විපක්ෂයක් නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කොයිබටද..?

  • කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

    කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

    කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් පහක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    වෙරලබඩ පොලිසිය, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, කෙසෙල්වත්ත යන පොලිස් වසම් සදහා එසේ ඇඳ නීතිය පනවනු ලැබ ඇත.

    කොරෝනා පැතිරීව වැලැක්වීම සදහා පනවන ලද මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

  • රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

    අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

    නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

    වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

    සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

    එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

    කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

  • මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

    මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

    මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යාම බරපතළ වරදක් යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

    විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය විරුද්ධ බවත්, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප බොහෝ දෙනෙකු ඊට සහය නොදී සිටිනු ඇති බවත් කිහිප දෙනෙකු සහය දෙනු ඇති පැවසූ ඔහු පක්ෂය ඊට බලපෑම් නොකරන බවත් පැවසීය.

    ජනතාව ඉල්ලුවේ විසිවන සංශෝධනය නොව අලූත් ව්‍යවස්ථාවක් බවත් විසිවන සංශෝධනය මේ රටට අවශ්‍ය දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

    මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා නිසා බවත් ඔවුන් ඉවත් වුවහොත් ආණ්ඩුව බිඳ වැටෙන බවද තව දුරටත් පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

  • බැසිල්ගේ බල්ලා විමල්ට බුරයි..?

    බැසිල්ගේ බල්ලා විමල්ට බුරයි..?

    ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.

    අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.

    මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.

    – reporter-