Author: Editor

  • යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විපතට පත් දකුණේ සිසුන්ට ආධාර

    සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය.

    යාපනය විශ්ව විද්‍යාල සිසුන් මෙම සත්කාරය සඳහා කොළඹට පැමිණි වහා ඔවුන්ගේ අරමුණ පිළිබඳව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත දැනුම් දිමෙන් පසු එතුමා විසින් පාසල් උපකරණ මිළදි ගැනිමේ කටයුතු සංවිධානය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය. ඒ අනුව එම සිසුන් විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලින් යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව 1 සිට 13 වසර දක්වා වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකු සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබුහ.

    අනතුරුව, යාපනය විශ්ව විද්‍යාල සිසුන් කුකුලේ ගඟ ප්‍රදේශයට පැමිණ මොල්කාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගංවතුරෙන් විපතට පත් සිසුන් වෙත මෙම පාසල් උපකරණ ල බාදුන් අතර, අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

    මේජර් ජෙනරාල් සේනානායක විසින් විශේෂ බළකායේ මුලස්ථාන බලඇණියේ සහයෝගය ඇතිව මෙම සත්කාරයේ නියුතු විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන, ආහාර සහ නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබු අතර, මෙම ව්‍යපෘතීය සාර්ථක කර ගැනිම සඳහා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක (IPSOTSL) සහ නුඳුරේදි ලේබනන් සාම සාධක මෙහෙයුම් රාජකාරින් සඳහා යාමට නියමිත බලඇණියේ අණදෙන නිලධාරි විසින් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

    *
    *-+
    [rns_reactions]
  • සරසවි සිසුවියක් දුම්රියට පනී…

    පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ.

    කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය.

    මියගිය සිසුවිය පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

    [rns_reactions]
  • නව අමාත්‍යමණ්ඩල සංශෝධනයේ ගැසට් පත්‍රය මෙන්න…

    පසුගියදා සිදුවූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නව අමාත්‍ය සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙනවා.

    එය පහතින් කියවිය හැකියි.



    [rns_reactions]

     

  • ගෝඨාභයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි…

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන 9.30 පමණ සිය ආරක්ෂකයින් සමග රහස් පොලිස් මූලස්ථානය වෙත පැමිණි අතර මේ වන විටත් ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කරනු ලබන්නේ මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙනි.

    රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්‍රශ්න කිරීම අද අවසන් කළ නොහැකි බවයි. ඒ අනුව තව දිනයක් හෝ දින කිහිපයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

    කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට මේජර් බුලත්වත්ත ඇතුළු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. ඔවුන්ගෙන් හෙලිවූ කරුණු මත මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරේ.

    [rns_reactions]
  • කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපන් රජයෙන් සහාය…

    කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල කන්දේ සවිකොට තිබූ ඩොප්ලර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍රය නිපදව ඇති අමෙරිකානු සමගම වෙත නැව් මඟින් යවා ඇති බව අමාත්‍යවරයා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

    සුළි සුළං, ගංවතුර, ආදී ආපදාවන් ඉදිරි කාලයේ විටින් විට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ සපයා එය තාක්ෂණික අතින් වඩාත් දියුණු කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

    ආපද කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝට්ටු ලබා දී තිබේ.

    එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් බෝට්ටු 100ක් එම ප්‍රදේශවලට ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    [rns_reactions]
  • FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා..

    FACE BOOK ද? FAKE BOOK ද?

    බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

    ෆේස්බුක් හෙවත් මුහුණුපොත එක කාසියක දෙපැත්ත වගේ. එකිනෙකට වෙනස්. හොඳත් තියෙනවා නරකත් තියෙනවා. සමහරු ප්‍රසිද්ධියේ කියාගන්න බැරි දේවල් ෆේස්බුක් හරහා ප්‍රකාශයට පත් කරනවා. ඇතැම් අය තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට ෆේස්බුක් භාවිත කරනවා. ඒ වගේම ෆේස් බුකියට නොවැදගත් පින්තූර එකතු කරමින් සිඟිති තෘප්තියක් ලබා ගන්නෝ ද එමටයි. අප රටේ සිටින ප්‍රසිද්ධ අය බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

    දැන් මඳකට නවත්වලා

    ටෙනිසන් කුරේ

    මං ෆේස්බුක් ඉන්නවා මේ නමින්ම. හැබැයි පසුගිය දින කිහිපය ඉඳලා මං මඳකට ෆේස්බුක් යෑම නවත්වලයි තියෙන්නේ. එයට හේතුව මේකයි. මං ෆේස්බුක් එකට එකතු කරන පින්තූරවලට එක එක අය විවිධ කමෙන්ට් දානවා. ඔය අතරේ අපි දර්ශන තලවලදී අලුත් නිළියො එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. ඒවා ඒ අය ඒ අයගේ ෆේස්බුක්වලට දාපුවම ‘ආ ටෙනීත් දැන් මෙහෙමද’ වගේ කමෙන්ට් දානවා. ඒ වගේ ඒවා දැක්කම ෆේස්බුක් යන්න හිතෙන්නේ නැහැ.

    සුදුසු අය විතරයි ඉන්නේ

    බුද්ධදාස විතානාච්චි

    මම ෆේස්බුක් එකේ ඉන්නවා. මං මෙය භාවිත කරන්නේ තෝරාගත් වැදගත් මිත්‍රයොත් එක්ක අදහස් සහ ඡයාරූප එකතු කරගන්න. ෆේස්බුක් ගිනුම හදපු කාලේ මං එක්තරා මෝඩ වැඩක් කරගත්තා. ඒ තරාතිරමක් හොයලා නොබලා මට ආව සෑම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්ම ඇක්සෙප්ට් කිරීම. දැන් එහෙම කරන්නේ නැහැ. සුදුසු අය පමණයි ඇතුළත් කරගන්නේ.

    මගේ නමින් තියෙන්නේ බොරු ගිනුමක්

    චන්න පෙරේරා

    මට නම් ෆේස්බුක් ගිනුමක් නැහැ. මගේ පෞද්ගලික දේවල් ෆේස්බුක් එකට මොකට දානවද. අනික මට ඒ වැඩේට යොදවන්න කාලයකුත් නැහැ. මට කියන්න තියෙන්නේ මගේ නමින් ඇති ෆේස්බුක් ගිනුම් බොරු ඒවා කියන කාරණය.

    ඇත්ත එකක් තියෙනවා

    ඩිනක්ෂි ප්‍රියසාද්

    මගේ නමින් ව්‍යාජ එකවුන්ට් සීයක් විතර තියෙනවා. මගේ නමින් තිබෙන ෆෑන් පේජ් එක ගියාම මගේ ඇත්ත ෆේස්බුක් එකවුන්ට් එක හොයාගන්න පුළුවන්. මගේ අලුත් නිර්මාණ ගැන දාන්න තමයි මං ෆේස්බුක් එක යොදා ගන්නේ.

    මට ගිනුමක් නැහැ

    රවීන්ද්‍ර රන්දෙණිය

    සරසවිය පත්තරෙන් මේ වගේ පුවත්පත් ලිපියක් කරන එක හොඳයි. මටත් එහි ඉඩක් දුන්නට තුති. මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මම ෆේස්බුක් එකේ නැහැ කියන එක. නමුත් මගේ නමින් ගිනුම් කිහිපයක්ම තියෙනවා. ඇතැම් විට සමහරු මම කියලා රැවටිලා ඒ ගිනුම් හරහා අදහස් හුවමාරු කරගන්නවත් ඇති. මම ඒ ගිනුම් පිරික්සලත් තියෙනවා. මට ඉන් කරදරයක් නැති නිසා මං නීතිමය පැත්තට ගියේ නැහැ.

    බොරු ඒවා අහක් කළා

    රොෂාන් ප්‍රනාන්දු

    මේ නමින් ෆේස්බුක් ගිනුමක් සහ ෆෑන් පේජ් එකක් තියෙනවා. දිනෙන් දින මගේ ඡායාරූප මං අප්ඩේට් කරනවා. ඒ ඔස්සේ මගේ ඇත්ත ගිනුම හඳුනගන්න පුළුවන්. මේ ළඟදී දවසක මගේ නමින් ඇති ව්‍යාජ එකවුන්ට් පහලොවක් මං තහනම් කළා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරලා. ඒත් තව එකක් දෙකක් තියෙනවා.

    රසිකයන් දැනුවත් කරනවා

    උරේෂා රවිහාරි

    මං ෆේස්බුක් ඉන්නවා. මගේ අලුත් තොරතුරු, පවත්වන සන්දර්ශන ගැන රසිකයන්ව දැනුවත් කරන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ.

    කාලෙකින්  ගියේ නැහැ

    දර්ශන් ධර්මරාජ්

    මගේ නමින් ෆේස්බුක් ගිනුමක් තියෙනවා. නමුත් අවුරුද්දක් පමණ මං ෆේස්බුක් ආවේ නැහැ. මං මේ දිනවල ඉන්දියන් නිෂ්පාදනයකට දායක වී සිටිනවා. ඔවුන් එක්ක වැඩ කරද්දී ෆේස්බුක් තහනම්.

    මං ඉන්නවා

    රන්ජන් රාමනායක

    දැන් අවුරුදු හතරක පහක සිට මං ෆේස්බුක් එකේ ඉන්නවා. ඒ වගේම මට ෆෑන් පේජ් එකකුත් තියෙනවා. එහි රසික රසිකාවන් හය ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ෆේස්බුක් ගැන කතා කළොත් එහි හොඳ සහ නරක කියන පැති දෙකම තියෙනවා. මං ගැන අනන්තවත් ව්‍යාජ තොරතුරු පළ වෙනවා. ඒ ගැන මට ගාණක් නැහැ. නරක පැත්ත 10%, 90% හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මගේ ගිනුමේ නිල්පාට මාර්ක් එකක් තියෙනවා. මං එය ලබා ගත්තේ ෆේස්බුක් ආයතනය හරහා. එමඟින් පුළුවන් මගේ ඇත්ත ගිනුම හඳුනාගන්න.

    හැක් කරලද දන්නෙත් නැහැ

    මහේන්ද්‍ර පෙරේරා

    මමත් ෆේස්බුක් එකේ ඉන්නවා ලොකු අයියේ. මං ගිටාර් එකක් අරගෙන ගත්තු ඡායාරූපයක් සහිත ගිනුම තමයි මගේ ඇත්ත ගිනුම. මගේ මිත්‍රයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ. මේ වන විට හැක් කරලද දන්නෙත් නැහැ. ටික කලකින් යන්නත් බැරි වුණා.

  • වෙස්මුහුණු බැදන් සිටින එජාපයේ පිංගුත්තර ඇමතියා කවුද?

    සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන බවත් රට වෙනුවෙන් වැරදි තීරණයක් ගනු ලබන කිසිදු අවස්ථාවක තමන් ඊට පක්ෂව නැගී නොසිටින බවත් ය.

     

    හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රධාන ඩීල්කරුවකු සහ ඒජන්තයෙකු වන මෙම කුප්‍රකට අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අනාවරණයක් සිදුකළේය.

    අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් අනාවරණය කළේ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා පුවත්පතකට කළ තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
    [rns_reactions]

  • ඇමති රාජිතට ඉහල පුටුවක්..

    සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත.

    විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02 ක් වෙයි. විධායක සභාවට අවශ්‍ය සාමාජිකයින් සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඇති පුද්ගලයින් විය යුතුය. මෙවර විධායක සභාව ජුනි මස 01 සහ 02 යන දෙදින ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වෙයි. එම විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි වීමට නියමිතය.

    මෙම විධායක සභා රැස්වීමෙි දී ඉදිරි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, සෞඛ්‍ය වැය ශිර්ෂය ඇතුලු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර රැසක් සාකචිඡා කිරීමට නියමිතය. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් පත් කර ඇත. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම විධායක සභාවට තේරී පත්වීම සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයකි.

    මෙි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සාකචිඡාවක් ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්විනි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව නංවාලීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

    [rns_reactions]

  • වැදගත් තීරණ රැසක් ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]

  • වකුගඩුවක් ගලවා දෙනතුරු සෞදියේ හිරකරගෙන සිටින ‍ඉන්ද්‍ර‍ාකාන්ති!

    වකුගඩුවක් දෙනතුරු නැවත මෙරටට ඒමට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි.

    මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබඳව ඉතා කෙටියෙන් සදහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි.

    පියා අහිමි දියණියන් තිදෙනා දැඩි ආර්ථික දුෂ්කරතා මැද සිය මිත්තනිය වූ ස්වර්ණා ජයසිංහ මහත්මිය සමග හැඬූ කඳුලින් ජිවත්වනවා .මෙහිදී සෞදි අරාබියේ සිරකර සිටින ඉන්ද්‍රකාන්ති අන්තර් ජාලය හරහා සම්බන්ධකරගත්ස අවස්ථාවේ යෝගය ලැබිණ. ඇය තමන්ට සිදුවී ඇති විපත ගැන මෙසේ කීවාය .

    “මම මෙහෙ ඇවිල්ල දැන් අවුරුදු දෙකකට වැඩි. මේ ගෙදර බාබලා (ස්වාමියා) මට කියනවා මගේ වකුගඩුව දෙන්නලු ඒ අයගේ කෙනකුට බද්ධ කරන්න. මට ලංකාවට යන්න දෙන්නේ නෑ වකුගඩුව දෙනතුරු”

    “වකුගඩුව ගලවලා මාව මෙහේ මිනිහෙකුට බන්දලා දෙනවලු. මම ඒකට අකමැති නිසා මට ගහනවා, කන්න දෙන්නේ නෑ. දැන් මාස කීපයක ඉදලා පඩිය දෙන්නේ නෑ. කන්න නැතිව ඉන්නකොට මම අවස්ථා කීපයක් රෝහල් ගත කළා. මෙයාල කියන්නේ වකුගඩුව ගලවාගන්න කැමති වෙන්නලු .ඉතින් මට මගේ දරුවෝ නැතිව ඉන්න බැහැ “

    කුඩා දියණියන් දෙදෙනොගේ පාසල් ගමනද මේ වනවිට නැවතී තිබෙනවා. සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් දරුවන් පැවසුවා.
    මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව නොකියන ලෙස දැනුම් දුන් බවය. කෙසේ වෙතත් මෙතෙක් එම පැමිණිල්ල විභාග නොකළ බවද ඇය පැවසුවා.

    පසුව අප මේ පිළිබදව විදේශසේවා නියුක්ති කාර්යංශය මාධ්‍ය ප්‍රකාශක උපාලි දේශප්‍රියගෙන් විමසීමේදී ඒ මහතා කිවේ එම පැමිණිල්ල තමන්ට නොලැබුණු බවයි. තමන් මේ ගැන කඩිනමින් සොයා බලා දන්වන බවද ඔහු පැවසුවා.

     

    [rns_reactions]

  • දියණියන් රජ මැදුරේ.. බිහිකල අම්මා මහ වනයේ.. (VIDEO)

    ගලේවෙල ගොඩපල ප්‍රදේශයේ  මහා වනයක් මැද කුඩා පැලක තනිවම ජිවත්වන මවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. පොල් අතුවලින් වටකරගත් කුඩා පැල්පතක තනිවම සිටින මේ මව  යසෝමැණිකේ නම් වනවා.

    දියණියන් තුන් දෙනකුගේ මවක් වන ඇය මේවනවිට 64 හැවිරිදි වියේ පසුවනවා.

    දරුවන් කුඩා කාලයේ සිටම සැමියාගෙන් වෙන් වූ මේ මව වට්ටි, පෙට්ටි වියා ඒවා විකුණා දියණියන්ට උගන්වා පසුව විවාහ කර දුන් බවයි වාර්තා වන්නේ.

    ඇගේ එක්  බැණා කෙනෙකු ඉංජිනේරුවෙක් බව සඳහන් කර සිටියා.

    තමාට නොසැලකීම නිසා මෙසේ වනාන්තරයට වී කැලේ කොලයක් කොස් ගෙඩියක් කඩාගෙන ආහාරයට ගෙන ජීවත් වන බව මෙම මෑණියන් ප්‍රකාශ කර තිබෙනවා.

    මේ මව කාලයක් තිස්සේ නිවෙස්වල මෙහෙකාර සේවයේ නිරත වෙමින් සිටියදී රජයෙන්  මාසික ආධාරයක්  ලබාදීමත් සමග මෙහෙකාර සේවය නවතා දරුවන් ළඟට  ගොස් කාලයක් සිට නැවත මෙසේ පදිංචියට පැමිණ සිටින බවයි.

    “මම දරුවන් හැදුවේ බොහොම අමාරුවෙන් වට්ටි පෙට්ටි පැදුරු වියලා විකුනලා .එයාලට මට උදව් කරන්න බැහැනේ මොකද එයාල දැන් අයිති වෙන අයට. මම කොළ වර්ග තබ්බාගෙන කනවා.මාසකට සැරයක් ටවුමට ගිහින් හාල් ලුණු අරගෙන එනවා.කැලේ ගස්වල තියන ගෙඩි තම්බාගෙන කනවා” යනුවෙන් මෙම මව සඳහන් කර තිබෙනවා.

    යසෝ මැණිකාඅම්මා කැළයේ ජීවත් වන හැටි දැක්වෙන වීඩියෝව,

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1935059550097785/

    [rns_reactions]

  • ජනපති හෙට ඔස්ට්‍රේලියාවට….

    රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය.

    ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, මැතිඇමතිවරුන් ඇතුළු ඉහළ පෙලේ නායකයින් මුණගැසී සාකච්ඡා කිරිමට  නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡා ලබන 25 වනදා කැම්බරා හිදී පැවැත්වෙනු ඇත.

    මීට අමතරව ජනාධිපතිවරයා එරට ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලි බිෂොක් මහත්මිය ද එදින මුණගැසීමට නියමිතය.

    මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ලබන 26 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිතව තිබේ.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරිය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්වේ.

    [rns_reactions]
  • ඉල්ලීම් වෙනුවෙන් වෛද්‍යවරු අදත් වැඩ වර්ජනයේ

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22)  උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ප්‍රධාන ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.

    කෙසේ වෙතත් අද පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක වන අතර මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා කියා සිටියේය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් අද දිනයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් ද වැලකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා සඳහන් කළේය.

    [rns_reactions]
  • රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..!

    මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි.
    සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති.
    ඩබ්ලිව්.ඩි.ජේ  සෙනෙවිරත්න මහතා දිව්රුම් දුන්නේ කම්කරු වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන ඇමති ලෙසයි
    හිටපු මුදල් ඇමති රවී කරුණානයක මහතා දිවෘම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේයි.
    මහින්ද සමරසිංහ මහතාදිව්රුම් දෙනු ලැබුවේ වරාය සහ නාවික කටයුතු ඇමති ධූරයෙයි.
    හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දිවෘම් දෙනු ලැබුවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍ය ධූරයේයි.
    හිටපු වරාය ඇමති අර්ජුන රණතුංග මහතාදිව්රුම් දෙනු ලැබුවේ ඛනිජ තෙල් සංවර්ධන ඇමති ලෙසයි.
    හිටපු ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි දිව්රුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති ලෙසයි.
    පසුගිය කාලයේ ඉල්ලා අස්වූ තිලක් ජනක මාරපන මහතාටත් අමාත්‍ය ධූරයක් හිමිවූ අතර ඔහුට හිමිවූයේ, සංවර්ධන කාර්යය භාර අමාත්‍ය ධූරයයි.
    මහින්ද අමරවීර මැතිතුමාට ධීවර අමාත්‍ය ධූරය සමග නව අමාත්‍ය ධූරය වූයේ, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ධූරයයි.

    [rns_reactions]

  • අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි..

    දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

    අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී  පැවැති අතර ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
    ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.
    අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.
    පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.
    කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.
    දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.
    සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.

    [rns_reactions]

  • මාලිංග නොමැතිව ශ්‍රී ලංකා පිල, පළමු තරඟයේදි දැවැන්ත පරාජයක…….

    චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි.

    ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල මට්ටමකට ගෙනා අතීත ක්‍රීඩකයන් පුදුම කරමින් ස්කොට්ලන්තය හමුවේ දරුණු පරාජයක්‌ ලැබුවේ කිසිඳු තරඟයක්ද නොදෙමිනි.

    ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් චාමර කපුගෙදර පන්දු 50 තුල ලකුණු 71 ලබා ගත් අතර චන්දිමාල් සහ කුසල් ජනිත් අර්ධ ශතක ලබාගත්තද ඔවුන්ගේ ලකුණු ගණනට වඩා පන්දු ප්‍රමාණය වැඩි වීම නිසා ස්කොට්ලන්තය වැනි කණ්ඩායමක් හමුවේ එම දක්ෂතා ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය පැන නැගුනි.

    පන්දුවාර 49.5 තුල ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 287 ලබාගැනීමේදී ස්කොට්ලන්තය වැය කලේ කඩුලු තුනක් පමණක් වන අතර,ආරම්භක කඩුල්ලේ සම්බන්දතාවය ලකුණු 201 වීමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තරම මැනගත හැක.

    ස්කොට්ලන්තය වැනි කණ්ඩායමකත් කඩුලු තුනක් පමණක් දවා ගත හැකි ශ්‍රී ලංකා පන්දු කරන බලකායක් දකුණු අප්‍රිකාව ,ඉන්දියාව වැනි රටවල් කෙසේ පාලනය කරයිද යන්න සිතාගැනීමට පවා නොහැක.

    [rns_reactions]