Author: Editor

  • බොලිවුඩ් නිළියගේ මළසිරුර හමු වෙයි.

    තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ.

    සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර  12  හමු වූ බව පොලිසිය පැවසීය.

    ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක කරන බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරියකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

    ක්‍රිතිකා චෞද්‍රිගේ නිවස දෙසින් දුර්ගන්ධයක් එන බවට අසල්වාසීන්ගෙන් ආ පැමිණිලි අනුව මළ සිරුර සොයා ගෙන ඇත.

    අන්දීරෛ බටහිර බංගලා හතරකින් සමන්විත භෛරවනාත් නිවාස පෙළෙහි පදිංචිකාරියක වී සිට ඇත.

    නිවසේ දොර කඩා එහි පොලිසිය ඇතුළු වුවද ගෙවුණු දින තුනක් හෝ හතරක කාලයක් තුළදී නිවස අඟුළු ලා තිබුණේ පිටතින් බවද හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

    දිරාපත් වෙමින් තිබූ ක්‍රිතිකාගේ මළසිරුර පසුව රංගන ශිල්පිනියගේම බව හඳුනාගෙන ඇත.

    අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බව ය.

    ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ ඇගේ රසික ප්‍රතිචාර වැඩියෙන් ලබා ගත් නිර්මාණය වේ.

    [rns_reactions]
  • කොළඹ එකතුවන කුණු කඳු වලින් නිවාස 35000කට විදුලිය ලබාදෙන්න පුළුවන්.

    ලංකාවේ දිනකට එකතු‍වෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත්  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි.

    ජනතාව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියට චර්‍යාත්මකව වෙනස් වී සහය නොදැක්වුවොත් ඉදිරි විසි වසර තුළදී මීතොටමුල්ලේ වැනි ඛේදවාචක සිදුවිය හැකි බව ද ඒ මහතා කියයි.

    රත්මලාන කරදියාන සහ ගම්පහ දඹුවත්ත කසළ අංගනයන්හී එකතුවන කසළ ප්‍රතිචක්‍රිකරණය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්ක් සමාගම් දෙකක් සමග ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මෙම බව කීය.

    “ මේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අප ඩෙන්මාර්ක්වල ෆෙයාවේ වේස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමත් , ඕස්ට්‍රෙලියාවේ ට්‍රයිලොජි ඊටීසී පුද්ගලික සමාගම සහ ඔපස් ක්ලීන් එන්වයමන්ට් එලායන්ස් සමාගම සමග බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමක් අත්සන් කෙරුණා.“

    මේ සඳහා යොදා ගැනෙන්නේ ඩෙන් මාර්ක් සහ නෙදර්ලන්තෙන් හඳුන්වාදුන් තාක්ෂණය.මෙගා වොට් දහයක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමටත් බයෝ ගෑස් නිෂ්පාදනය සහ දියර පොහොර නිෂ්පාදනය තුළින් කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා මේ තුළින් නිවාස 35000කට විදුලිය ලබා දෙන්න පුළුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • දුම්රිය මාර්ගයක සෙල්ෆි ගන්න ගිය අලුත බැඳපු යුවලක් මරුට

    සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ උනු යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වනවා.

    මෙම යුලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුමිරියකට අවාසනාවන්ත අාකාරයට හසුව තිබෙනවා.

    අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර තරුණිය බරපත තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    තරුණ යුවල අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය.

    සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑම තුල මිය ගිය වැඩිම පිරිසක් වාර්තා වන ස්ථානයක් ලෙස දුම්රිය මාර්ගද වාර්තා වේ..

     

     

    [rns_reactions]

  • ප්‍රින්ස්ගේ රෝහල් බිල ලක්ෂ 25යි. ගෙවන්නේ මෙහෙමයි…

    ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා.

    තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ බව  ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

    කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ අතර  එය මසක්‌ ඇතුළත ගෙවන  පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගනු ලැබුවා.

    [rns_reactions]

  • පොලිස් කාන්තාව පොලිසිය ඇතුලේම ගෙල වැලලාගෙන

    ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා.

    පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්.

    ඇගේ මුල්ම රස්සාව තමයි මේ.

    තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මැරෙන්න කළින් ලියුමක් ලියල ඇය කියල තියෙනවා.

    මේ මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය ලියල තියෙනවා.

    තමන්ගේ දුව, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව කියල තියෙනවා.

    මේ වෙද්දී මේ මරණය ගැන පරීක්ෂණ වෙන පොලිසියක් භාරයට ගන්න කියලත් පවුලේ අය ඉල්ලීමක් කරලා.

    [rns_reactions]
  • ජෝන් බැනපු හිරු මාධ්‍යවේදියාගේ මාධ්‍ය හෙළුව ….

    මාධ්‍යවේදී  බෙනට් ෆර්ඩිනැන්ඩස්ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ ගැටලු රැසක් අප හමුවේ තිබේ. ඒ ඔහු විවිධ පාර්ශ්වයන්ගෙන් අල්ලස් ලබා ගනිමින් උතුම් මාධ්‍ය වෘත්තීය බරපතළ අවභාවිතාවක යෙදීමය. 

    සාමාන්‍යයෙන් ඕනෑම  වෘත්තිකයෙකු තමන්ගේ වෘත්තියට අදාළ පුද්ගලයකුගේ කුමන වරදක්, අඩුපාඩුවක් තිබුණත් අන්‍ය පාර්ශ්වයන්ගෙන් ඔහු වෙත එල්ල වන තර්ජන ගර්ජන බාධාවලට එරෙහිව නැගී සිටීම ‘පොදු වෘත්තීය‘ සිරිතකි. 

    එහෙත් මේ අවස්ථාවේදී වෘත්තීය ගරුත්වය සුරකින ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් වන අපට ජෝන් අමරතුංග ඇමතිවරයා කළ  සදාචාර විරෝධී ම්ලේච්ඡ ක්‍රියාව මුල් කොට බෙනට් ෆර්ඩිනැන්ඩස් නම් වන මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටීමට කිසිසේත්ම නුපුළුවන.  ඊට හේතුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන අයථා ලාභ ප්‍රයෝජන මුල් කොට තම මාධ්‍ය සගයන් හට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සහ ඔවුන් යටපත් කරමින් වනයේ නීතිය අනුව මාධ්‍යකරණයෙහි නියැලීම ඔහුගේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වී ඇති බැවිනි. මෙම වීඩියෝවෙන් ඉදිරිපත් වනුයේ ඔහුගේ එම වනචාරී හැසිරීම් රටාවෙන් අංශු මාත්‍රයක් පමණි

    [rns_reactions]

  • ඥානසාර හිමි සඟවා සිටින්නේ පාඨලී චම්පික රණවක!

    උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

    අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    පුවත්පත්  මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් ඒ කවුරුදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොකළ බැවින් තමා මෙම හෙළි කිරීම සිදු කරන බව එම මහතා කියා සිටියේය.

    ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර කිට්ටු සබඳතාවයක් පවතින අතරම එම හිමි නම මුලින් ජාතික හෙළ උරුමයේ සිටි බව එම මහතා අවධාරණය කළේය.

    ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කළ බවද ඔහු  පවසයි.

    එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන  හැදිගල්ලේ විමලසාර හිමි ද මුල් කාලයේ බොදු බල සේනාව සමඟ සම්බන්ධ වී සිටි බව ද තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි.

    ඒ හේතුවෙන් බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය අතර සමීප සබඳතාවයක් පවතින බව එම මහතා කියා සිටියේය.

    [rns_reactions]
  • ගංවතුරෙන් විපතට පත් සංවර්ධන ලොතරැයි අලෙවිකරුවන්ට ඇමති රවී බඩ කට පිරෙන්න සලකයි

    පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි.

    ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි ව්‍යසනයට හසුවූ සංවර්ධන ලොතරැයි කුටි වලට පවා එවකට රජය අර්ධ සහනයක් පමණක් ලබාදී තිබුන අතීතයක් වෙනස් කරමින් ලොතරැයි වෙලෙන්දාගෙන් ලබාගන්නා 50% මුදල ලබා නොගෙන එම මුදල් ඔවුන්ගේ පවුල්වල සුභසුද්ධිය උදෙසා යොදවන ලෙස දැන්වූ අමාත්‍යවරයා, මෙම වෙළද කුටි සහ සන්නිවේදන කුටි සදහා මුදල් ලබාගැනීම එකහෙලාම ප්‍රථික්ෂේප කලේය. එම තීරණයත් සමග ලොතරැයි අලෙවිකරුවන් ඉමහත් බලාපොරොත්තු සහිතව සිය අනාගතය පිළිබදව අමාත්‍යවරයා සමග සුහදව කථාකරනු දක්නට ලැබුණි.

     

    එසේම ඔවුන් හට පැනනැගී ඇති ගැටලු පිළිබදවද අමාත්‍යවරයා අලෙවිකරුවන් සමග පුද්ගලිකවම අදහස් හුවමාරුකරගත් අතර, සියලු ලොතරැයි අලෙවිකරුවන් අමතා ඔහු ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේදී වැඩි පහසුකම් සහිත අනර්ඝ සහ අලංකාර වෙළද කුටියක් ලබාදෙන බවත් ඒ සදහා මේවන විට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්ය.

    [rns_reactions]

  • අයිස්ක්‍රීම් දන්සල නවතා පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ කල සුපිරි වැඩක්….

    අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත

    හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල, කොඳුඇට පෙළ අක්‍රමවත්ව නැවීයෑමේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව සිටින අසරණ පාසල් සිසුවියකගේ සැත්කම සිදුකිරීම සඳහා ලබාදීම පොසොන් පෝදා සිදු කෙරිණි.

    හබරාදුව, ලියනගොඩ ‘දහම්පාය’හි පදිංචි ජේ. ඒ. කවිෂා (17) නමැති පාසල් සිසුවිය මෙසේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව ඇති අතර ඉන්දියාවේදී සිදු කළ යුතු ඇයගේ රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය සැත්කම වෙනුවෙන් ලක්ෂ 25ක මුදලක් අත්‍යවශ්‍යව තිබී ඇති අතර එම මුදලින් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් මේ වන විට සොයාගෙන ඇත. අදාළ සැත්කම සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සල වෙනුවෙන් එකතුවී තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික (1,55,000) මුදල මෙලෙස එම සිසුවිය අතට ලබා දෙන ලදී.

    ළබැඳි මිතුරෝ නම් මෙම සංවිධානය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීද අසරණ පවුල් සඳහා නිවාස තනාදීම ආදී සත්කාර සිදුකොට තිබිණි.
    මේ දැරියට අදාළ මුදල් පරිත්‍යාගය කිරීම වෙනුවෙන් හබරාදුවේදී සංවිධානය කළ උත්සවයට හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    [rns_reactions]
  • නාමල් රාජපක්ෂ නීතිවිද්‍යලයේ අවසන් වසර විභාය ලිව්වේ මෙහෙමයි..(video)

    ශ්‍රී ලංකා නීතිවිද්‍යලයෙන් අවසන් වසර විභායේදී නාමල් රාජපක්ෂ මහතාට වායුසමීකරණය කරන ලද කාමරයක සිටි අන්තර්ජාල පහසුකම් සහිතව විභාගයට පෙනීසිටීමට ඉඩ හැරීමේ සිදුවීම අද සෝදිසි විශේෂාංගයෙන්…

    [rns_reactions]

  • ලංකාවට කැපිල්ල දාපු සචින් කිච වේ…

    මේ වෙනකොට සචින් තෙන්ඩුල්කාර් ගැන ඉන්දියාවේ වෙබ් අඩවි ටිකක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන.

    ඒකට හේතුව සචින් ICC වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ජාවකදී පකිස්තානය අවසන් පුර්ව වටයට එන බව කළ ප්‍රකාශයයි.

    ICC ශුරයන්ගේ කුසලානය ආරම්භ වීමට පෙර අවසන් පුර්ව වටයට එන්න පුළුවන් කණ්ඩායම් හතරක් සචින් නම් කළා. ඒ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ පකිස්තානය.

    ඉතින් මේ ගැන ඉන්දියාවේ ගොසිප් වෙබ් අඩවි සචින්ව විවේචනය කළා. දන්නවනේ ඉන්දියා පකිස්තාන් වෛරය ගැන. ඒ රටෙත් ගොසිප් කට්ටිය බලන්නේ මොකක් හරි අවුස්සලා හිට් එක ගන්න. එකෙන් වුණේ සචින් අවුල් ගිය එකයි.

    අපි එහෙම කියන්නේ ICC වෙබ් අඩවිය විසින් ශුරයන්ගේ කුසලානය පටන් ගත් පසු සචින් සමඟ කළ සාකච්ජාවකදී අවසන් පුර්වවටයට පකිස්තානය හෝ ලංකාව තේරීපත් විය හැකි ලෙස පිළිතුරක් ලබා දීමයි.

    ඒ කියන්නේ මුලින් පකිස්තානය කිව්වට එල්ල වෙච්ච චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත නැගිටීම නිසා සචින් උත්තරේ වෙනස් කළා කියන එකයි.

    කොහොමහරි ඉතින් සචින් අපිට තමා කැපිල්ල දාලා තියෙන්නේ

    [rns_reactions]

  • බස් ගාස්තු ඉහලට

    වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයට අනුව ලබන මස ජුලි 1 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්‌ අබේසිංහ මහතා “දිවයින”ට ඊයේ (11 වැනිදා) පැවැසීය.

    ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට 6 ත්, සියයට 6.5 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යැමට නියමිත වුවද මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නැතැයි හෙතෙම කීය.

    බස්‌ ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස්‌ සංගම් ඇතුළු අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    [rns_reactions]

  • සෙල්ෆියත් සමග අයියා මලෝ අවසන් ගමන් යයි…..

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය අසල සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්විය.

    දුම්රියේ හැපුණු බාල සොහොයුරාගේ සිරුර තැලී පොඩිවී ගොස්‌ ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

    අනතුරින් මියගොස්‌ ඇත්තේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (25) නමැති අයියා සහ තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර (12) නමැති මල්ලී බව පොලිසිය සඳහන් කළේය. මියගිය ශෂී මධුෂාන් ඊයේ (11 දා) සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපළට ගිය ඔහුගේ මව, පියා බාල සොහොයුරා ඇතුළු ඥතීහු පසුව ඔහු සමග කොටුව ගාලු මුවදොරට විනෝදවීමට පැමිණ ඇත.

    එහිදී වෙරළේ සුන්දරත්වය විඳ පසුව ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස්‌ තිබේ.

    එහිදී මියගිය ශෂී සහ ඔහුගේ බාල සොහොයුරා දුම්රිය මාර්ගය අසල හිඳ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇතැයි සිදුකළ පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

    සිද්ධිය සම්බන්ධව කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

    [rns_reactions]

  • සරම උස්සන් ආවාද? නට නටා රඟ පාමින් අවාද? ඡායාව වත් දුටුවාද?

    දින කිහිපයක් මුළුල්ලේ මුළු රටක්ම හැඬුවා ඔබ අපට අමතක නැත. ඒ ජිවිතගණනාවක් හා දේපොළ රැසක්  රටට අහිමි කල මහා ගංවතුර වියසනයයි.

    විනාස වූ ජනජීවිතය නැවත යතා තත්වයට පත් කර ගැනීම සඳහා ජාති ආගම් කුල මල භේද පැත්තක දමා සියලු රට වැසියන් එකා සේ කටයුතු කල ආකාරය පිළිබඳව අපට අමුතුවෙන් ඔබට කිවයුතුව නැත.

    නමුත්  කළුතර පිහිටි බස් නැවතුම්පොළවල් ගොඩනැගිලි සියල්ල වෙත කිසිම දේශපාලඥයන්ට ලගා වීමටවත් නොහැකි ලෙස  සරම උස්සන් පැමිණ බලහත්කාරයෙන් චන්ඩිපාට් දමා සියල්ල තමන් සතු කරගන්නා  පුද්ගලයෙකු ඔබට මතකද? ඒ මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන විදුර වික්‍රමනායක දේශපාලකයායි. කළුතර ජනතාව  මෙවන් විපතකට පත්ව ඇතත් විදුර වික්‍රමනායක නම්  දකින්නට වත් නොමැත. ජනතා මුදලින් සැදු ගොඩනැගිලි විවෘත කරන්න සරම උස්සන් පැමිණියත්  ගංවතුරින ජනතාව බැට කන වෙලාවේ විදුර වික්‍රමනායක දේශපාලකයා පැත්ත පලාතක නැත. 

    එමෙන්ම තැන තැන බේගල් අතහරිමින් ජනතාවගේ දුක තමන් සතුකර ගන්නේ යැයි පවසන කළුතර තවත් එක්  නළුවකු අපට අමතක කල නොහැක. ඔහුද මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන පියල් නිශාන්තයි. ජනතාවගේ දුක හදුනා ගත්තද ගංවතුරෙන් අවතැන් ජනතාව නම් ඔහුගේ ඡායාවක් දුටුවේ නැත. නමුත් ඔහු ජනතාව ගොනාට ඇන්දවීමට නම්  අමතක කලේ නැත. ඒ  මහින්ද සමග එක්ව අවතැන් ජනතාව වෙනුවෙන්  ජපානයේ සිට පිං අනුමෝදනා වැඩසටහනක් පවත්වා ඇත. කළුතර ජනතාව මෙවැනි විහිලු සහගත දේශපාලකයින්ට තවත් රැවටෙනවාද?

     

    ජනතාව වෙනුවෙන් කැපවන  රාජපක්ෂගේ  දේශපාලන අනාථයන්  ගංවතුරෙන් අවතැන් වූ ජනතාව  දැක්කේම  නැති තරම්ය. 

    [rns_reactions]

     

  • කබීර් හෂීම් පැමිණෙන තුරු ලක්‍ෂ්මන් යාපා මාතරට වී බලා සිටි…

    රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක්‌ වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට්‌ ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත.

    මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට්‌ ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක්‌ මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ ලැබෙන තෙක්‌ මාතරට වී සිටින බව ලක්‍ෂ්මන් යාපා මහතා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

     පසුගිය මස 22 වැනිදා සිදුකරන ලද කැබිනට්‌ සංශෝධනයෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ සිය කාර්යාල කාමරය වෙන් කර ගැනීම පිළිබඳ සොයා බැලීමට යාපා මහතා නිලධාරීන් යවා ඇත්තේ කබීර් හෂීම් මහතාට කිසිදු දැනුම් දීමක්‌ හෝ නොකර බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටලුවට ප්‍රධාන හේතුව එය යෑයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    කැබින්ට්‌ සංශෝධනයෙන් පසු ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ගැසට්‌ කිරීමට ද මෙතෙක්‌ හැකි වී නැත.

    [rns_reactions]

  • අපේම සහෝදර ජනතාවගේ ජනජීවිතය නගා සිටුවන ක්‍රියාන්විතය හෙට… මොකද වෙන්නේ… මෙන්න විස්තරේ…

    නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා ගම් නියම් ගම් පසු කරමින් එදින සවස මාතර දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

    ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර ජනතාවගේ ජීවිතය යළි ප්‍රාණවත් කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිදුකරන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ඔබටද හැකි පමණින් දායක විය හැක. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපකරණ පහත සඳහන් දුම් රිය ස්ථානවලට ඔබට ජුනි මස 10 වනදා හෝ ඊට පෙර ගෙනැවිත් භාර දිය හැක.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, ඩෙටෝල්, හාපික් විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත්

    දුම්රිය ස්ථාන:

    කන්කසන්තුරේ, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුර , තඹුත්තේගම, මහව, ගනේවත්ත, කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගණේමුල්ල, ගම්පහ, හුණුපිටිය කැලණිය, දෙමටගොඩ,මරදාන, රාගම, කොටුව, ගල්කිස්ස , මොරටුව , පානදුර

     

    මෙකී සත්කාර්යයට අමතරව සහෝදරත්වයේ දුම්රියෙන් පැමිණෙන සහෘදයින්ගේ අත්වැලින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ජූනි මස 11 වන දින උදෑසන 7 සිට දවස පුරා සිදු සිදුකිරීමට ‘පුරවැසි අත්වැල’ සංවිධානය සැලසුම් කොට ඇත. එසේම එම විදුහලේදී පාසැල් සිසුන් ඇතුළු ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්, උපදේශන සේවයක් සහ ළමුන් වෙනුවෙන් වූ විශේෂ අධ්‍යාපන වැඩසටහනක් ඇතුළු දැවැන්ත වැඩසටහන් මාලාවක් සිදුකිරීමට නියමිතය.

    පුරවැසි අත්වැල යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, එයාටෙල් පුද්ගලික සමාගම, පීපල්ස් ලීසින් පුද්ගලික සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එච් ත්‍රී පදනම ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික සමාගම් රැසක් තම අනුග්‍රහය සහ දායකත්වය සපයයි.

    විනාශයට පත් පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසැලේ කොටසක්

    [rns_reactions]