කොළඹ කොටස් වෙළෙදපොළ වාර්තාගත ලෙස බිද වැටෙයි

වසර අටකට පසු සිදු වූ ඉහළම පසුබෑම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ…
නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකරන බව රජය කියයි

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරයි. අද (10) දින නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත පරිදිවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය දකුණු කොරියාව, ඉරානය සහ…
මහජනතාවටත් පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ වරම

පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 15 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද පිළිවන. අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු…
වීරකුමාර වල්ගේ පාගාගෙන – ඇමති ප්‍රසන්න

මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා…
රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද…
ඇතැම් කතුන් ලිංගික ඇසුරේදී ‘බියක් දක්වන’ විද්‍යාත්මක හේතු මෙන්න

ඔබ බ්‍රිතාන්‍ය එමී සම්මානලාභී රූපවාහිනී වැඩසටහනක් වන ෆ්ලීබාග් Fleabag  හි රසිකයෙක් නම් ඒහි රඟපෑ ප්‍රධාන නිළිය වන ෆෝබි වොලර්-බ්‍රිජ් Phoebe Waller-Bridge විසින් තම ලිංගිකත්වය භුක්ති විඳින ආකාරයට ඔබ නිසැකවම ආදරය කරනු ඇත. එවැනි සංදර්ශන මගින් කාන්තාවන්ගේ අවශ්‍යතා සහ ආශාවන් අතර…
රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කළා. නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති…
නිරෝධායනයේදී ‘කන්න දෙන්න’ රු.7500ක් ගන්න ගිහින්

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට ලක් කිරීමේදී දින 14ක කාලය තුළ එක් පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා. රජය මීට පෙර සඳහන් කළේ අදාළ…
සජිත් ‘දේශපාලන කැපිල්ල’ මාතලේ රෝහිණි විජේරත්නගෙන් අරඹයි

සජිත් පේ‍්‍රමදාස නිවාස ඇමැතිකම් දරන සමයේ බෙදා දුන් සිමෙන්ති ගෙවල්වලින් රුපියල් 500 බැගින් එකතු කර නොදුන් නිසා තමාට එරෙහිව මාතලේ දිස්ත‍්‍රික්කය තුළ දේශපාලන කැපිල්ලක් ක‍්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ තව දින කිහිපයකින් දැඩි තීන්දුවක් ගැනීමට තමාට සිදුවන්නේ යැයි මාතලේ…
විලාසිතා ලෝකය ජයගත් ‘අමුතු මිනිස්සු’ 01 – Khoudia Diop

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල. බොහෝ දෙනෙක් හිතන්නේ විලාසිතා නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්න ‘ලස්සන…
රනිල් – සජිත් සමගි කිරීමට කරූ ගත් අවසන් උත්සාහයත් වතුරේ

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා සහ 09 වැනි දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්…
ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන ගුවන් මගීන් හෙට මඩකළපුවට

නව කොරෝනා වෛරස රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. ඔහු…
සජිත් ප්‍රේමදාස දුරකථනෙන් එන රහස මෙන්න…

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක…
සවුදි රාජකීය කුමන්ත්‍රණය ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න…

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු තමාට අභියෝගයක් විය හැකි යැයි විශ්වාස කරන රාජකීයයන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව නව මර්දනයක් දියත් කර ඇත. ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම…
ගුරු – විදුහල්පතිවරු දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

වැටුප් විෂමතා ඉවත් කිරීමල විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ…
ITSSL අනාවරණයට ප්‍රතිචාර දක්වමින්, සම්පත් බැංකුවේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිත බව දන්වයි

සම්පත් බැංකුව විසින් අප පෙබරවාරි 27 දින සිදුකරනු ලැබු මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුව විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලිඛිතව ඔවුන්ගේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් දැනුම් දී ඇත. එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට පිළිගත්…