Author: Editor(T)

  • මහන්සිවිම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

    මහන්සිවිම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය කරා යෑමට නම් ඒ අතරින් කවුරු හෝ දීර්ඝ ඉනිමක් කරා යා යුතු බව අවධාරණය කර සිටියේය.

    තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් අත්කරගත් මෙම තරගයේදී නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරගත් අතර වනිඳු හසරංග නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් පිතිකරණයෙන් කැපී පෙනුණහ. 

    “සෙනසුරාදා පැවැති තරගයේදී අපේ පිතිකරුවන් ඉතා හොඳින් තණතීරුවට අනුගත වුණා. අපේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනා අපිව තරගයේ ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා. අපේ පිතිකරුවන්ට 52, 50, 47, 20, 5 සහ 18 ලකුණු ලබා ගත්තා. ඒ වගේම ඒ හරහා අපිට කඩුලු අතර හොඳ සම්බන්ධතා කීපයක්ම ගොඩ නඟා ගන්න හැකියාව ලැබුණා. නමුත් අපිට ඒ අතරින් ඊට එහාට යන පිතිකරුවකු අවශ්‍යයි. අපේ පිතිකරුවන්ගෙන් ඕන වෙන්නේ කවුරු හරි දීර්ඝ ඉනිමක් කරා යන්න”යි සඳහන් කර සිටියේය.

    එස්. එස්. සී. පිටියේ ලද ජයග්‍රහණය අවසන් එක්දින තරග 24 න් අප ලද 14 වැනි එක්දින තරග ජයග්‍රහණය වේ. එම තරගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, “ඒ මොකද කියනවා නම් තිසර පෙරේරාට සහ වනිඳු හසරංගට නිදහසේ පන්දුවට පහර දීලා තරගය නිමා කරන්න පුලුවන් වුණේ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට ආපු නිසයි. මම හිතන විදියට ඔවුන් පන්දුවට පහර දෙන්න එනකොට ලකුණු 90 ක් වගේ ලබාගත යුතුව තිබුණා. එය තරමක් දීර්ඝ ලකුණු සංඛ්‍යාවක්. අංක 7 හෝ 8 පිතිකරුවන් පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 90 ක් වගේ ලබාගන්න තියෙනවා කියන්නේ තරමක් අසීරු දෙයක්. නමුත් ඔවුන් පන්දුවට පහර අවස්ථාවේදී ලකුණු 40 ක් හෝ 45 ක් ලබා ගන්න තියෙනවා කියන්නේ එය ලබාගන්න පුලුවන් ඉලක්කයක්. ඔන්න ඔය අංශය තමයි අපි වැඩි දියුණු කර ගන්න ඕනෙ”යැයි පැවැසීය.

    මේ අතර හෙට තරගය පිළිබඳව ද අදහස් දක්වා සිටි මිකී ආතර්, “ඇත්තටම පළමු ජයග්‍රහණයෙන් පස්සේ කණ්ඩායමේ හැඟීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ වන විට එයා හොඳින් සංකලනය වෙලා ඉන්නවා. ඔවුන් ඔවුන්ට හිමි වගකීම් ඉතා හොඳින් සිදුකරමින් ඉන්නවා. කණ්ඩායම දිහා බැලුවහම ඔවුන් ඔක්කොම එක පොකුරට දක්ෂතා අතර ඉන්නවා. එය ඉතාම සිත්ගන්නා සුලු සතුටට කරුණකි. තරගයක ජයග්‍රහණය සඳහා කණ්ඩායම් හැඟීම ඉතාම වැදගත්. ඒ දේ තරගාවලියේ පළමු ජයග්‍රහණය සඳහා ඉතාමත් වැදගත් වුණා. ළඟීන් ළඟීන් ගිය තරගයක් වුණත් එය ඉතාම හොඳ තරගයක් වුණා”යි ආතර් පවසයි. 

    ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පෙර අද උදෑසන කාල සීමාවේදී සිය පුහුණුවීම් වල නිරත වූ අතර අව් රශ්මිය දැඩි බලපෑමක් සිදුකරනු දැක ගත හැකි විය. මේ පිළිබඳවද මාධ්‍ය හමුවේදී මිකී ආතර්ගෙන් ප්‍රශ්න කර සිටියේය. “උෂ්ණත්වය ගත්තහම ඇත්තටම ටිකක් ඉහළයි. නමුත් අපගේ වෛද්‍ය අංශය ක්‍රීඩකයින් විජලනයෙන් ගොඩ ගැනීම සඳහා ඉතා විශාල කාර්යය භාරයක් සිදු කරනවා. මේ වගේ තත්ත්වයකදී ක්‍රීඩකයින්ගේ විජලය පාලනය කිරීමේ සැලස්ම ඉතා වැදගත් වෙනවා. එය පුහුණුවීම් සිදු කළ පසුගිය දින 2 දීත් සිදු කළා”යි පවසයි. 

    පළමු තරගය ජය ගැනීම සඳහා පිත්තත් පන්දුවෙත් දක්ෂතා ඉවහල් වූවා සේම පන්දු රැකීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. මේ තත්ත්වය මත කොදෙව් කණ්ඩායමේ ලකුණු 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් නතර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූවා සේම දුවද්දී දවා ගැනීම් 2 ක්ද ලබා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ඉහළ වඩවන්නක් බවට පත්ව තිබේ.

    පන්දු රැකීමේ අංශයේ හදිසි පිබිදීමට හේතු කවරේද යන්න මිකී ආතර්ගෙන් කරන ලද විමසීමේදී, “හේතුව තමයි ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කිරීම. පන්දු රැකීමේ කාර්යය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා විශාල වැඩ ප්‍රමාණයක් සිදු කරනවා. විශේෂයෙන් ෂේන් මැක්ඩමොට්, ග්‍රාන්ට් ෆ්ලවර්, ඩේවිඩ් සේකර් අතිශයින්ම මේ කරුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඒ හරහා අපි හැම කෙනෙක් ගැනම දියුණුවක් පේන්න තියෙනවා. පිතිකරණයේ මෙන්ම පන්දු රැකීමේදී අපිට දියුණු කරගන්න තැන් කීපයක්ම තියෙනවා. ඒවා සමහර විට පාලනය කරන්න බැරි දේවල්. විශේෂයෙන් බැලුවොත් ප්‍රතිවාදී පිලේ පන්දු යැවීම අපිට පාලනය කළ නොහැකි දෙයක්. නමුත් පන්දු රැකීම නම් එය අපිට පාලනය කරන්න පුලුවන් දෙයක්. මම හිතන්නේ අපි එදා දවසේ කරපු දේ ඉතාම විශිෂ්ඨයි. මම වඩාත්ම කැමැති දේත් එයයි. ඒ ආකල්පය අපි පිතිකරණය සහ පන්දු යැවීම දක්වා ගෙන ගියා. ඒ හැරෙන්න මේකෙ කිසිම විජ්ජාවක් නෑ”යි ආතර් පැවැසීය.

    Text by sl cricke

  • ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙද්දී කොදෙව්වෝ ඉතිහාසය වෙනස් කිරීමට මාන බලති

    ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙද්දී කොදෙව්වෝ ඉතිහාසය වෙනස් කිරීමට මාන බලති

    එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය යක් නොමැති කොදෙව් කණ්ඩායම එම පරාජිත ගමන නවතා ගැනීමේ අරමුණ ඇතිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට හෙට (26 දා) අවතීර්ණ වනු ඇත. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී  ලංකා වේලාවන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

    කණ්ඩායම් දෙකටම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් සඳහා අද දිනයේදී සහභාගිවී සිටියහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන කාලයේත් බටහිර ඉන්දීය කොදෙව් පිල පස්වරුවේදී හෙවත් ආලෝක ධාරා මධ්‍යයේ පුහුණුවීම් වල නිරත වූහ. අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අනිවාර්යය පුහුණු සැසියක් නොවූ බැවින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩාංගණයට පැමිණ සිටීමෙන් වැළකී සිටියහ. එහෙත් ඊට පෙර දින රාත්‍රියේ ආලෝක ධාරා මධ්‍යයේ පැවැති පුහුණු සැසිය සඳහා සියල්ලෝම සහභාගිවෙමින් තුන් ඉරියව්වෙන්ම සිය පුහුණුවීම් වල නිරත වූහ.

    සත්කාරකත්වයේ සියළු වාසීන් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවද හෙට තරගය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ද තරගයකට සහභාගිවනු ලබන්නේ වසර 4 ආසන්න කාලයකින් පසුව වේ. මෙහි අවසන් වරට ශ්‍රී ලංකා පිලක් එක්දින තරගයකට සහභාගිව ඇත්තේ 2017 වසරේ ජුලි මස සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගයට වන අතර එම තරගයෙන්ද ශ්‍රී ලංකාව කඩුලු 3 ක පරාජයක් අත්වින්දේය.

    බටහිර ඉන්දීය කොදෙව් 

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් හම්බන්තොටදී එක්දින තරගයකට සහභාගිවනු ලබන පළමු තරගය වන්නේ හෙට පැවැත්වෙන තරගය වේ. පූර්විකාවේ සඳහන් කළාක් මෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනා ගන්නා ලද ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලි ජය ගැනීමට සමත්වීම හැරුණු කොට 2014 වසරේ සිට මේ දක්වා සහභාගිව ඇති එකම එක්දින තරගාවලියක් හෝ ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසමත්ව සිටියි. 

    දීර්ඝ කාලයක් එක්දින තරගාවලි ජයග්‍රහණයක පහස විඳ නැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගයද පරාජයට පත්වී තරගාවලිය 0-1 ක් ලෙස පසුපසින් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වීම ඔවුන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල නොකරනවාම නොවේ. කෙසේ වෙතත් ඔවුන් සතුව සතුටට පත්විය හැකි කාරණා අතර ඉදිරි පෙළ පිතිකරුවන් සියලු දෙනා පාහේ ලකුණු අතරට පැමිණ සිටීම සඳහන් කළ හැක. 

    පළමු තරගය පරාජයට පත් වුවත් කොදෙව් පන්දු යැවීමේ අංශය ගෙන බැලීමේදී ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝෂප් සත්කාරක කණ්ඩායමේ පිතිකරුවන්ව කිසියම් පාලනයකට නතර කර ගැනීමට සමත් වුවද අනෙක් වේග පන්දු යවන්නා වන ෂෙල්ඩන් කෝට්‍රල්ට රිද්මය ගොඩ නගා ගැනීමට තවමත් අපොහොසත් වී සිටියි. ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 69 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්විය.

    එමෙන්ම පළමු තරගයේදී කොදෙව් කණ්ඩායම අතින් අතිරේක ලකුණු 26 ක් ශ්‍රී ලංකා පිල වෙත ලබා දීම එම ජයග්‍රහණයේදී ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් විය. එම අතිරේක ලකුණු 26 අතරින් 14 ක්ම වයිඩ් පන්දු බවට පත්වීම නිසා මෙම තරගයේදී ඔවුහු මේ පිළිබඳව අවධානය යොමු කරමින් තරග වදිනු ඇත.

    ශ්‍රී ලංකාව

    පළමු තරගය ජය ගැනීමට සමත්වීමත් සමඟ කණ්ඩායම තුළ වඩා වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගනිමින් හෙට තරගයට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් දක්නට ඇති සතුටුදායකම කරුණ වන්නේ පන්දු රැකීමේ අංශයෙන් ලබා ඇති ශීඝ්‍ර දියුණුවයි. පසුගිය වසර කීපයේදී මෙන් නොව එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් එකම උඩ පන්දුවකි හෝ ගිලිහී නොගිය අතර දුවද්දී දවා ගැනීම් දෙකක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි. පන්දු රැකීමට අමතරව සමස්ථයක් ගෙන බැලීමේදී කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා වල කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබෙන බව පෙර තරගයේදී පැහැදිළිවම දැක ගත හැකි විය. මෙහිදී කණ්ඩායමක් ලෙස සෙමෙන් සෙමෙන් දියුණුවක් ලබන බව මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී අනුමාන කළ හැක. 

    නිකොලොස් පූරාන්ට අමතරව පළමු තරගයේදී පිත්තෙන් කැපී පෙනුණු ෂායි හෝප් ප්‍රතිවාදී කඳවුරෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල විය හැකි දෙවැනි පිතිකරුවා වේ. හේ පළමු තරගයේදී සිය එක්දින තරග දිවියේ 9 වැනි ශතකය රැස් කර ගන්නා ලද්දේ ඉන් 7 ක්ම ආසියානු තණතීරුවලදී වාර්තා කරගනිමිනි.

    හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, “කණ්ඩායම් හැඟීම නම් ඉතා ඉහළයි. ක්‍රීඩකයින් සියල්ලම මේ වන කොට යෙහාඳ සංකලනයකින් සිටිනවා. ඔවුන් ඔවුන්ට හිමි භූමිකාවල් වල ඉතා හොඳින් කටයුතු කරනවා. වැදගත්ම දේ ඔවුන් එක පොකරට දක්ෂතා අතර ඉන්නවා දැකීම. ඒක තමයි තරගයක් ජය ගැනීමට වැදගත් වන්නේ”යි පවසයි.

    අවසන් XI

    දෙවැනි තරගය අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් මෙන්ම හෙට තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසන අන්දමට හෙට තරගය සඳහා පළමු තරගය ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාම තරග කරනු ඇත. 

    ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න, 2.අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්. 

    කොදෙව් කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

    මුහුණුට මුහුණ

    තරග     59

    ශ්‍රී ලංකාව ජය ලබා ඇති තරග     28

    බටහිර ඉන්දීය කොදෙව් ජය ලබා ඇති තරග     28

    නොවිසඳුණු    03

    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

    2011 වසරේදී ප්‍රථමයෙන් භාවිතයට ගෙන ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙතෙක් එක්දින තරග 20 ක් පවත්වා තිබේ. ඒ සියළු අවස්ථාවන් වලදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් ලබා ඇති ලකුණු අතර සාමාන්‍ය 288 ක් වශයෙන් සටහන් වන අතර ලකුණු හඹා යමින් අවස්ථා 10 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට කණ්ඩායම් සමත්ව තිබේ. අවස්ථා 7 කදී පරාජයට පත්ව තිබෙන බැවින් මෙහි හඹා යෑමේදී කිසියම් ජයග්‍රහණය සඳහා කිසියම් දායකත්වයක් දක්වනු ඇතැයි අනුමාන කළ හැක. 

    Text by sl cricket

  • ඔස්ට්‍රේලියාව හමුවේ කඩුළු 05ක පරාජයක්

    ඔස්ට්‍රේලියාව හමුවේ කඩුළු 05ක පරාජයක්

    නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

    පර්තිහි වකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාන්තා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියානු පිලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගයේ ප්‍රතිඵලය අවසන් පන්දුවාරය දක්වා ඇදී යෑම විශේෂත්වයක් විය. ඒ අනුව ඉලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක පිතිකාරිණියෝ පන්දු 3 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් ප්‍රතිවාදීන් හමුවේ පූජා කරමිනි.

    හඹා යෑමේදී ඉදිරි පෙළ පිතිකාරිණියන් දෙදෙනාම ලකුණු 10 ක් ඇතුළත දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සාර්ථක ආරම්භයක් එක් කර ගැනීමට සමත් වුවත් සිවුවැනි කඩුල්ලට එක් වූ නායිකා මැග් ලැලින් සහ රචිල් හෙයින්ස් පන්දු 85 කදී ලකුණු 95 ක් රැස් කරමින් වාසිය ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්හ. එහිදී ලැලින් පන්දු 44 කදී ලකුණු 41 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගනිද්දී හෙයින්ස්ගේ ලකුණු 60 සඳහා පන්දු 47 ක් වැය කළාය. පන්දු යැවීමේදී කැපී පෙනුණු උදේශිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාලූහ. මෙම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උඩ පන්දු 3 ක් අතහැර දැමීම තරගයේ පරාජය කෙරෙහි සෘජුවම බලපෑමක් ඇති කළේය.

    නායිකා චමරි අතපත්තු පන්දඅ 38 කදී රැස් කරන ලද ලකුණු 50 හේතුවෙන් ලකුණු 122 ක් දක්වා ශ්‍රී ලංකාවට ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. මෙය මෙවර තරගාවලියේ ිඅතපත්තු විසින් වාර්තා කරන ලද දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය වීම කැපී පෙනුණි. ඇය සිය ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කරගත්තාය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අතපත්තුට අනගි සහයාක් ලබා දුන් අනුෂ්කා සංජීවනී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 53 ක් එක් කරමින් ශක්තිමත් පදනමක් එක් කළද එම සම්බන්ධතාව බිඳී යෑම නිසා මීට වඩා ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට තිබූ වාසිය අහිමිව ගියේය. පන්දු 31 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස් කිරීමට අනුෂ්කා සමත්වූවාය.

    මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන 29 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 යි – (චමරි අතපත්තු 50, උමේෂා තිමේෂනී 20, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 18, නිකොලා කෙරී 18/2, මොල්ලි ස්ටෙනෝ 23/2)

    ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.3 කදී කඩුලු 5 කට ලකුණු 123 යි – (රචිල් හෙයින්ස් 60, මැග් ලැලින් නොදැවී 41, ශෂිකලා සිරිවර්ධන 20/2, උදේශිකා ප්‍රබෝධනී 17/2)

  • පිරිමින්ටත් උපත් පාලන එන්නතක්

    පිරිමින්ටත් උපත් පාලන එන්නතක්

    අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි

    උපත් පාලනය’ ගැන කතාකරන විට එය සැලකෙන්නේ ‘කාන්තාවන්ට’ පමණක් හිමි දෙයක් ලෙසයි. ඒ නිසා පිරිමි උපත් පාලනය දිහා ඇහැක් ඇරලා බලන්නවත් උනන්දු වන්නේ නැහැ. එහි අවසාන ප‍්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. ‘අනවශ්‍ය ගැබ් ගැනීම්’ ඒ අතර ප‍්‍රධානයි.

    ඒත් වෛද්‍යවරුන් කියන සහ අපි බොහෝ දෙනෙක් (ඇතැම් විට) දන්න ආකාරයට නම් දීර්ඝ කාලයක් තිස්සේ පිරිමින් ද උපත් පාලනයට යොමු වුණා. එහෙත් පිරිමින්ට තිබුණේ උපත් පාලන විසඳුම් /ක‍්‍රමවේද 02ක් පමණයි. ඒ බොහෝ දෙනෙක් දන්න ‘වඳ සැත්කම්’ ‘වාසෙත්කම්’ vasectomy (ශිෂේණයට ශුක්‍රාණු ගෙන යන නළ දෙක කපා දැමීම) හෝ ලිංගික ඇසුරකදී ‘කොන්ඩම්’ එකක් පැළඳිම පමණයි. එයින් ඔබ්බට ගොස් කාන්තාවන්ට මෙම විවිධාකාර පෙති වර්ග (මිතුරි වැනි) එන්නත් වර්ග පිරිමින්ට තිබුණේ නැහැ.

    මෙවැනි තත්ත්වයක් තුළ පිරිමින් අතරින් ද ‘උපත් පාලනය සඳහා අලුත් ක‍්‍රමවේවලට’ සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා. ඒත් පෙති හෝ එන්නත් ගැන සැලසුම් තිබුණේ තවමත් බොහෝ ඈත.

    පිරිමින් සම්බන්ධ උපත් පාලනය මේ ආකාරයෙන් අභියෝගාත්මක වෙද්දී අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි. The world’s first male birth control injection.

    සුජෝයි ගුහා
    සුජෝයි ගුහා 

    දිල්ලියේ වෙසෙන 78 හැවිරිදි ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන සුජෝයි ගුහා Sujoy Guha විසින් සොයා ගන්නා ලද මෙම ක‍්‍රමවේදය මගින් වෘෂණ කෝෂයේ සිට ශිෂ්ණය දක්වා ශුක්‍රාණු රැගෙන යන නල අවහිර කරන ඖෂධයක් එන්නත් කරනවා. එම ඖෂධය හෝමෝන නොවන non-hormonal, අතර දිගුකාලීනව උපත් පාලනය සඳහා භාවිත කළ හැකි බවයි පර්යේෂකයෝ කියන්නේ. මේ සඳහා ඔවුන් වසර 13ක් පර්යේෂණ සිදුකර තිබෙනවා.

    වසර ගණනාවක පුරා පර්යේෂණාගාර සතුන් යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීම්වලින් පසුව සාර්ථක ප‍්‍රතිඵල පෙන් වූ මෙම නව ඖෂධය මගින් ශුක්‍රාණු ආපසු හැරවිය හැකි බවයි පර්යේෂකයෝ කියන්නේ. මේ සඳහා පර්යේෂකයින් විසින් ‘රිසුග්’ Risug යන නම ලබාදී ඇති අතර එම ඖෂධය ‘ශුක්‍රාණු අක්‍රිය කරන’ ජෙල් වර්ගයක් බව ද ඔවුන් පවසනවා.

    ශුක්‍රාණු
    එන්නත ශුක්‍රාණු අක්‍රීය කරයි

    අදාළ ඔෂෟධය එන්නත් කරගත් පුරුෂයාට යළි දරුවකු බිහිකර ගැනීමට අවශ්‍ය වුවහොත් ප‍්‍රතිකාරයෙහි දෙවන පියවර වෙත යා යුතුව තිබෙනවා. එහිදී යළි ජෙල් එන්නත් කිරීමක් සිදුවන අතර එම ප‍්‍රතිකාර මගින් ශුක‍්‍රානු නාල යළි යථා තත්ත්වයට පත් වෙන බවයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

    මෙම එන්නත ආරම්භයේදීම එහි ප‍්‍රධාන දුර්වලතාවක් ගැන ද සඳහන් වෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා හැකියාවක් මෙම එන්නතට නොවීමයි.

    ‘මෙය පිරිමින් සඳහා ලෝක මට්ටමේ උපත් පාලන ක්‍රමයක් වනු ඇති. එය ආරක්ෂිත හා ඵලදායී වන අතර එය දිගු කලක් පවතින බව ද සහතිකයි. නුදුරු අනාගතයේ දී එය නිෂ්පාදනය සඳහා නිෂ්කාශනය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා’ යැයි දිල්ලියේ පිහිටි ඉන්දියානු කවුන්සිලයේ ප්‍රජනක ජීව විද්‍යාඥ R.S ෂර්මා RS Sharma, a reproductive biologist at the Delhi-based Indian Council of Medical Research and the drug’s lead researcher. පවසනවා.

    නමුත් මෙය සැබවින්ම ‘ශුක‍්‍රාණු’ ආපසු හැරවිය හැකි උපත් පාලන ක්‍රමයක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

    සමහර විද්‍යාඥයින් පවසන්නේ ‘රිසුග්’ යනු සැබවින්ම ශල්‍ය සනාල විස්ථාපන සඳහා ආදේශකයක් බවයි. එය ඉන්දියානු පර්යේෂකයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකරන දෙයක් බවයි ඔවුන් කියන්නේ.

    ‘ඖෂධයේ උපත් පාලන අංශය තවමත් පුළුල් කළ හැකි ප්‍රතිවර්තතා අධ්‍යයනයන් සමඟ තක්සේරු කළ යුතුව තිබෙනවා. වර්තමානයේ එය විෂබීජහරණය කිරීමේ ප්‍රවේශයක් සේ දැකිය හැකියි. ඖෂධය උපත් පාලන ක්‍රමයක් බවට පත්වීමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිවර්තතාව තහවුරු කළ යුතුයි’ යනුවෙන් වොෂිංටන් ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ප‍්‍රජනක ජීව විද්‍යාඥ මයිකල් ස්කිනර් Michael Skinner, a reproductive biologist at Washington State University කියනවා.

    ආචාර්ය ගුහා ඊට සිය එකඟත්වය පළ කරනවා.

    ‘අපි මිනිස් අත්හදා බැලීම්වලින් සාර්ථකත්වය කරා ළං වෙමින් සිටින බව මට විශ්වාසයි. මේ මොහොතේදී ඖෂධය වසංගත විද්‍යාව වැඩිදියුණු කිරීමක් ලෙස ස්ථානගත කරනු ඇති අතර එය ශල්‍යකර්මවලට ලක්වන පිරිමින්ට අඩු කම්පනයක් ඇති කරනු ඇති බවයි අපේ විශ්වාසය වන්නේ’

    මේ වසර මුලදී වෛද්‍ය ෂර්මා විසින් ඖෂධයේ සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා. ඒ අනුව වයස අවුරුදු 41 ට අඩු හා අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු සිටින විවාහක පිරිමින් 139 දෙනෙකුට එක් එන්නතක් ලබා දී මාස හයක් තිස්සේ නිරීක්ෂණය කර තිබෙනවා.

    පර්යේෂණයට ලක් වූ පිරිමින් හය දෙනෙකුගේ භාර්යාවන් අනාරක්ෂිත ලිංගික unprotected sex ඇසුරකින් පසු ගැබ් ගෙන ඇති අතර ඒ සඳහා හේතු පර්යේෂකයින් විසින් හඳුනා ගෙන තිබෙනවා. ඒ සිරින්ජයෙන් ඖෂධ කාන්දු වීම නිසා හෝ ශුක්‍රාණු රැගෙන යන නල වලට සිදුරු සිදු වූ නිසා හෝ ඖෂධය අදාළ පුද්ගලයින් වෙත සාර්ථක ප‍්‍රතිඵල ලබාදී නැහැ.

    එහෙත් වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ස්ටෙෆනි පේජ් Stephanie Page, professor of medicine at the University of Washington School of Medicine වැනි සමහර පර්යේෂකයන්ට මෙම සුළු අසාර්ථක අනුපාතය පවා වැදගත් බව අමතක නොකළ යුතුයි.

    ‘එය අතුරු ආබාධ සහ අසමත් වීමේ අනුපාතය අනුව ස්කැපල් වැසෙක්ටෝමයට improvement on vasectomy වඩා වෙනස් නොවිය හැකියි. නමුත් අපට තවත් බොහෝ දත්ත අවශ්‍ය වෙනවා’ මහාචාර්ය පේජ් පවසනවා.

    සමස්තයක් ලෙස ගත් කල මහාචාර්ය පේජ් විශ්වාස කරන්නේ තීරණාත්මක තුන්වන අත්හදා බැලීමේ අධ්‍යයනය ‘ධනාත්මක’ බවයි. නමුත් ස්වේච්ඡා සේවකයන්ගේ සංඛ්‍යාව (139) සීමිත වූ අතර පසු විපරම් කාලය (මාස හයක්) ‘බොහෝ ප්‍රමිතීන්ට අනුව දිගු නොවේ’ යැයි විශ්වාස කරනවා.

    ලොව පුරා බහුලව භාවිතා වන උපත් පාලන ක්‍රම

    කාන්තා වන්ධ්‍යාකරණය – මුලාශ්‍රය: එක්සත් ජාතීන්, 2015

    ඉන්දියානු පර්යේෂකයන් පවසන්නේ 1990 දශකයේ මුල් භාගයේ සිට ස්වේච්ඡා සේවකයන් 500 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රිසුග් විසින් මිනිස් අත්හදා බැලීම් වට තුනක් කර ඇති බවයි. ගර්භණීභාවය වැළැක්වීම සඳහා එහි කාර්යක්ෂමතාව විදහා දැක්වීම සඳහා දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරන ඖෂධය පිළිබඳ අධ්‍යයන දුසිම් දෙකක් උපුටා දක්වා තිබෙන බව ද ඔවුන් කියනවා.

    මෙම එන්නත ‘දැරිය හැකි සහ ගැබ්ගැනීම් වළක්වා ගත හැකි කල් පවතින ක්‍රමයක් බව’ ඔවුන් පවසනවා. ඔවුන් පවසන්නේ ස්වේච්ඡා සේවකයන්ට ලිබිඩෝ හෝ ප්‍රධාන අතුරු ආබාධ නැති වී ඇති බවයි. ඉන්දියාවේ ඖෂධ නියාමක ආයතනය අදාළ ඖෂධය මහජනයාට නිෂ්පාදනය කිරීම හා විකිණීම සඳහා ඉක්මනින් නිකුත් කිරීමට කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට රජය විසින්ම එය සිදු කරනු ඇති බවයි විශ්වාස කරන්නේ.

    දැන් පිරිමි උපත් පාලන ක්‍රමයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ, සැලසුම් රහිත ගැබ්ගැනීම්වල බර කාන්තාවන් විසින් දරනු ලැබුවේ

    ‘දැන් පිරිමි උපත් පාලන ක්‍රමයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ, සැලසුම් රහිත ගැබ්ගැනීම්වල බර කාන්තාවන් විසින් දරනු ලැබුවේ’ ඔවුන් පවසනවා.

    ගර්භණීභාවය ජීවිතයට තර්ජනයක් වන බැවින් කාන්තාවන් සඳහා ආරක්ෂිත හා ඵලදායී ප්‍රතිංධිසරාේධක අත්‍යවශ්‍යතාවයන් පිරිමි උපත් පාලනය කිරීමේ අවශ්‍යතාවයට පෙර ඇති බව පර්යේෂකයෝ පවසනවා. විද්‍යාත්මක හා සමාජීය ප්‍රයත්නයන් කාන්තා ක්‍රම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

    එක්සත් ජනපදයේ පළමු උපත් පාලන පෙති ලබාගෙන වසර 60කට ආසන්න කාලයක් ගතවී ඇතත් අද කාන්තාවන් අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා උපත් පාලන ක්‍රම දුසිමකට වඩා විශ්වාස කරනවා. පෙති සහ පැච්, එන්නත් සහ තැන්පත් කිරීම්, මුදු සහ එන්නත් සහ ස්පොන්ජ් ඒ අතර ප‍්‍රමුඛයි.

    මේ තත්ත්වය තුළ ‘රිසුග්’ සම්බන්ධයෙන් සැලකිය යුතු ජාත්‍යන්තර උනන්දුවක් නිර්මාණය වීම පුදුමයක් නොවෙන බවයි පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

    වෛද්‍ය ගුහා විසින් මෙම ඖෂධය එක්සත් ජනපදයේ දියත් කිරීම සඳහා බර්ක්ලි පදනම් කරගත් ලාභ නොලබන ‘පාර්ස්මස් පදනමට’ Berkeley-based non-profit, Parsemus Foundation, බලපත්‍ර ලබා දී ඇති අතර ඊට සම්බන්ධ උපත් පාලන ක්‍රමයක් වන වාසල්ගල් තවමත් පූර්ව සායනික මාර්ගවලයි පවතින්නේ.

    යුරෝපීය රටවල් හයක ඖෂධයේ සායනික අත්හදා බැලීම් සිදු වෙමින් පවතිනවා. බිල් සහ මෙලිනා ගේට්ස් පදනමේ Bill and Melina Gates Foundation ප්‍රදානයක් සමඟ මිසූරිහි ශාන්ත ලුවී විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කායික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති වෛද්‍ය ගුහා, කාන්තාවන් සඳහා ඖෂධයේ ප්‍රභේදයක් පිළිබඳව කටයුතු කරමින් සිටිනවා.

    Vasectomy illustration
    සමහර පිරිමින්ට සැත්කම සාර්ථකව ආපසු හරවා ඇතත්, සනාල විද්‍යාවක් ස්ථිර ලෙස නිර්මාණය කර ඇත

    ඉතින් පිරිමින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරයිද ?

    ඉන්දියාව වැනි පීතෘමූලික සමාජවල පිරිමින් අතර උපත් පාලන ක්‍රම භාවිතය අඩු මට්ටමකයි පවතින්නේ. නිල දත්තවලට අනුව විවාහක යුවළයන්ගෙන් සියයට 90කට වඩා කොන්ඩම් භාවිතා කරන්නේ නෑ. ඔවුන් අතර ජනප‍්‍රියම උපත් පාලන ක‍්‍රමය වන්නේ කාන්තාවන්ගේ ‘බීජානුහරණ සමය’ භාවිතයට ගැනීමයි.

    පර්යේෂකයන් විශ්වාස කරන්නේ ලොව පුරා ආකල්ප වෙනස් විය හැකි බවයි.

    ‘කාලය හා ආකල්ප ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතිනවා. ප්‍රතිංධිසරාේධක සඳහා පිරිමින් සම්බන්ධ නොවීමට එක් හේතුවක් නම් ඔවුන්ට විකල්ප කිහිපයක් තිබීමයි. ක්ෂේත්‍රයේ පරමාර්ථය වන්නේ පිරිමින් සඳහා උපත් පාලන ක්‍රම පිළිබඳ මෙනුවක් සකස් කිරීමයි. එය ලබා ගත හැකි වූ විට පමණක් පිරිමින් සැබවින්ම ප‍්‍රතිසංරෝධකයේ බර ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ බෙදා ගැනීම කරනු ඇතැයි අපි විශ්වාස කරනවා’ ආචාර්ය පේජ් පවසනවා.

    ඔහු පවසන්නේ නව නිෂ්පාදනයේ අවශ්‍යතාව සහ උපයෝගීතාවය ‘කාලය විසින් තීරණය කරනු ඇති බවයි’

    Text by bbc health – Thushadhavi

  • විවාහ දිනයට පෙර ඔබේ ‘පෙම්වතාගෙන් ඇසිය යුතුම’ ප්‍රශ්න 7ක්

    විවාහ දිනයට පෙර ඔබේ ‘පෙම්වතාගෙන් ඇසිය යුතුම’ ප්‍රශ්න 7ක්

    වාහයන් සිදු කරනු ලබන්නේ ස්වර්ගයේ ය. Marriages are made in heaven. නමුත් විවාහය පවත්වා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම මේ පෘථිවියේ සිටම සිදු වේ.

    එනිසා සාර්ථක විවාහ ජීවිතයක් අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට තම විවාහය ‘සාර්ථක’ හා කල්පවත්නා එකක් බවට පත්කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් සහ ධෛර්යයක් අවශ්‍ය වේ.

    එම නිසා, විවාහයට පෙර එක් දිනක් නොව මොහොතක් තිබියදී පවා ඔබ දෙදෙනා එකිනෙකා වටහා ගත යුතු අතර දෙදෙනා අතර ‘නිරවුල් අවබෝධයක්’ (සියලු දේ නැතත් වැඩි දෙයක්) ඇතිකර ගත යුතුය.

    එහෙත් මෙය ඔබ හිතන තරම් පහසු හෝ අපහසුද නැත. ඒ සදහා ‘සාර්ථක මග පෙන්වීමක්’ අවශ්‍ය වේ. එසේ නම් ලොව පිළිගත් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අසුරින් සම්පාදිත, අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇති පහත සදහන් ප‍්‍රශ්න 07 විවාහයට මොහොතකට පෙර හෝ ඔබගේ සහකරුගෙන් විමසා ‘අවංක’ පිළිතුරු ලබා ගන්න.

    විවාහ

    1. අපි අපේ මූල්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද? How are we managing our finances?

    මෙය ව්‍යාකූල මාතෘකාවක් වන අතර මෙය කලින්ම මග හැර යාම වඩාත් සුදුසුය. ඔබේ සහකරුට කිසියම් ණයක් තිබේද, ඔහු නිෂ්කාශනය කළ යුතු ණය යනාදිය ඔබ දැන සිටිය යුතුය. ඔහු ඒ සඳහා ගෙවීමට සැලසුම් කරන්නේ කෙසේද?

    ඔහුට ඔබේ උදව් අවශ්‍යද? ඔබේ සහකරුගේ වියදම් පුරුදු මොනවාද? බිල් ගෙවන්නේ කවුද? වියදම් බලාගන්නේ කවුද? ඔබ ඒ සඳහා බෙදීම් කරන්නේ කෙසේද? ඔබ ඒකාබද්ධ ගිණුම් සොයනවාද? නැතහොත් ඔබ එක් එක් කෙනාට තනි ගිණුමක් හෝ දෙකම තිබේද? 

    මෙය ඔබ දෙදෙනාම මූල්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇත.

    මේ ගැන ඔබ මනාව වැටහීමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම ‘ගුණදායක’ වනු ඇත්තේ විවාහා මංගල්‍යයේ පසු දින සිටම ‘ණය’ ගෙවීමට (විවාහයට ගත් ණයපවා) බොහෝ සැමියන්ට සිදුවන බව අප අත්දැකීමෙන් දැන සිටින නිසාය.

    එමෙන්ම මේ ගැන ඇතිකර ගන්නා නිවැරදි අවබෝධය ඔබේ කනකර ආභරණවල සිට ‘දෑවැද්ද’ දක්වා සුරක්ෂිත කිරීමටත් විවාහයෙන් පසු ගරුත්වය ආරක්ෂා කර ගැනීමටත් හේතු වේ. ඒ සියල්ලට වඩා ‘අගහිගකම් දොරට තට්ටු කරන විට ආදරය පසුපස දොරින් පැන දුවන නිසාය.

    විවාහ

    2. ඔබේ ජීවිතයේ ඉලක්ක මොනවාද? What are your goals in life?

    ඔහුට රටේ ප‍්‍රධාන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වීමට හෝ වසරකට වරක් ලෝකය වටා සංචාරය කිරීමට ඇති කැමැත්ත වැනි සැලසුම් තිබිය හැකිය.

    ඔබේ සහකරුගේ අරමුණු කෙටි හෝ දිගු කාලීන වේවා ඒවා ඔබේ ඉලක්කවලට ද බාධා ඇති විය හැකිය. කදිම තත්වයක් වනුයේ ඔබ දෙදෙනාම ජීවිතයේ එකම අරමුණු ඇති නමුත් පරමාදර්ශී අවස්ථාවන්ට වඩා අඩු නම්,

    ඔබේ සහකරු සමඟ ඒ ගැන කලින්ම කතාකර ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න. ඔබට වසර කිහිපයකට පසු වෙනත් රටකට යාමට අවශ්‍යද ? ඔබ වසරකට වරක් දිගු නිවාඩුවක් ගත කිරීමට කැමතිද ? මෙහි අදහස නම් ඔබ එකිනෙකාට සැලසුම් කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීමට හෝ එකිනෙකාට සරිලන පරිදි ඉලක්ක කිහිපයක් වෙනස් කිරීමට අවස්ථාව උදාකර ගැනීමය.

    නිතර නිතර සැලසුම් වෙනස් කරන හා වියදම් කාරී හෝ වෙහෙසකාරී සැලසුම් ගෙන එන ‘සැමියා’ ඔබට මානසික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ‘පීඩනයක්’ විය හැකිය. එය ඔබේ මෙන්ම ඔබගේ පවුලේ ද ‘ස්ථාවරභාවයට’ බාධාවක් විය හැකිය. එනිසා කරුණාකර ඔහුගේ අනාගත සැලසුම් ගැන නිරවුල් අවබෝධයක් ලබා ගන්න. එය පසුව පසුතැවීමට ඇති අවස්ථා ගණන පැහැදිලිව අඩු කරන බව සහතිකය.

    විවාහ

    3. ඔබට දරුවන් ලැබීමට අවශ්‍යද?  Do you want to have children?

    මෙම දෙමව්පියන්ගේ සහජ බුද්ධිය මිනිසුන්ට ඇති බව අපි නොසිතමු. බොහෝ විට, හවුල්කරුවන් දරුවන් ලැබීමට අකමැති හෝ ජීව විද්‍යාත්මක දරුවන් ලැබීමට වඩා දරුවන් දරුකමට හදා ගැනීමට කැමැත්තක් දක්වයි. සමහරු දරුවන් ලැබීමට වඩා සුරතල් සතුන් ඇති කිරීමට කැමැත්තක් දක්වති.

    විවාහ

    4. ගැටුම් හෝ ආතතිය සමඟ ඔබ කටයුතු කරන්නේ කෙසේද?  How do you cope with conflicts or stress?

    ගැටුම් යහපත් ආකාරයකින් විසඳා නොගත් විට විවාහා ජීවිතයේ ගැටලු පිට ගැටලු ඇති කරයි. ‘හොස්ස ළගින් මැස්සා යාමට නොහැකි’ මිනිසුන් ගැන අපි දනිමු. එසේම නිතරම ගැටුමක් සොය සොයා ජීවත් වන මිනිසුන් ගැන අපි දනිමු. ඔවුන් සමග විවාහ ජීවිතය නොව එදිනෙදා ගනුදෙනුවක් පවා කිරීම නීරස අත්දැකීමකි.

    ඉතිං එවැනි පුද්ගලයෙක් ඔබේ සැමියා වුවහොත් ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු දෙයක් නැත. එනිසා මේ ප‍්‍රශ්නය වහාම විසදා ගන්න. එසේම මෙහි වඩාත් හානිකර දේ වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ඔබගේ ආත්මගරුත්වය පමණක් නොව ඇතැයි විට ජීවිතය පවා අවදානමට ලක්වීමය. ඒ ගැන ආරම්භයේදීම සැලකිලිමත් වන්න.

    විවාහයේ පළමු රාත‍්‍රියේදීම එය ‘අපායක්’ කරගත් මානාලියන් ගණන සිය ගණනක් නොව කෝටි සංඛ්‍යාත ගණනක් බව අමතක නොකරන්න.

    විවාහ

    5. ඔබේ සමාජ බැඳීම් මොනවාද? What are your social commitments?

    මෙය ද අවසන් මොහොතේ හෝ වටහා ගත යුතුම කරුණකි. මන්ද ‘විවාහය යනු සම්මුතියක් සේම සමාජ සම්බන්ධතා ජාලයක් වෙත ප‍්‍රවේශ වීමක් වන බැවිණි.

    ඔබේ සහකරු සමූහයක් අසලවත් සිටීමට කැමති නැති අතර ඔබ වඩාත් සමාජශීලී අයෙකි. (මෙය අනෙක් අතට ද සිදුවිය හැකිය* ගැටුම ආරම්භ වන්නේ දැන්ය. ඔහු හුදකලා වන හෝ වඩාත් සමාජශීලී වන මොහොතක (ඔබ කැමැති නැති නම්) ඔබට දැඩි මානසික මෙන්ම සමාජයීය ගැටලුමකට මුහුණදීමට සිදුවන බව නිසැකය.

    ඔබ එකිනෙකාගේ සුවපහසුව කලාපය හෝ සම්මුතියක් ඇති කර ගැනීමට කැමති විය යුතු අතර ඒ ගැන මනා වැටහීකින් කටයුතු කළ යුතුය. මෙය ඔබේ සියලුම සම්බන්ධතාවලට සේම ආත්මගරුත්වය ඇතුළු තවත් බොහෝ දේ වෙත ඍජුව බලපාන බව වටහා ගන්න.

    විවාහ

    6. ඔබ ධාර්මිකද? Are you religious?

    ඔබේ සහකරු හෝ සහකාරිය එක් ඇදහිල්ලක් හා අනෙකා ඔබ අනුගමනය කරන්නේ නම්, ඔබ අනුගමනය කරන්නේ කාගේ ඇදහිල්ලද? නැත්නම් ඔබ එක් එක් කෙනා ඔබේම දෑ අනුගමනය කරනවාද? එසේ නම්, ඔබේ දරුවන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් විශ්වාසයන් දෙකම අනුගමනය කරනවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපක්‍රමශීලී නමුත් ඒවාට අවධානය යොමු කළ යුතුය.

    විවාහ

    7. ඩීල් බ්‍රේකර් යනු කුමක්ද? What is the deal-breaker?

    ඩීල් බ්‍රේකර්’ යනු ඔබේ සහකරුගේ අපේක්ෂාවන් සහ ඔබෙන් බලාපොරොත්තු වන දේ සහ ඔවුන් සම්පූර්ණයෙන්ම අවුලක් නැති දේවල් දැන ගැනීමේ එක් ක්‍රමයකි,

    විවාහයෙන් පසු සැමියාගේ ‘වාසගම’ ලබා ගැනීම බොහෝ විට සිදුවන්නකි. එහෙත් ඇතැමුන් ඊට එකග වන්නේ නැත. මෙය ද ගැටලුමකට මෙන්ම තවත් අනවශ්‍ය කරදර රැසක් ඇති කරන ‘නීරස’ තත්ත්වයකි. එනිසා වහාම එය විසදා ගන්න.

    අනෙක් අතට ඔබේ සහකර ‘සියල්ල අතට වඩම්මවන තෙක් බලා සිටින’ කෙනෙක් නම් එය ඉතා ඉක්මනින් ඔබේ විවාහා ජීවිතය නීරස කරන බව සහතිකය. අනෙක් අතට ඔහු ‘ඔබෙන් සියල්ල’ අපේක්ෂා කරන්නේ නම් එය ද ‘අනවශ්‍ය අවුලකට’ හේතුවකි.

    කැප කිරීම් කළ නොහැකි, සහයෝගශීලී නොවන විවාහා ජීවිතයක් සමාන වන්නේ ‘වහල් කදවුරකට’ පමණකි. එනිසා ඔබේ ‘ජීවන සහකරු’ සැබවින්ට ‘සහකරුවෙක් ද’ කියා හොදින් වටහා ගන්න. බිරිදක් වීම මිස ‘වහළියක්’ වීම කිසිදු කාන්තාවකගේ පැතුම නොවන බව වටහා ගන්න.

    සටහන Femina Magazine ඇසුරිණි – Thushadhavi

  • පිළිකා අවදානම: කාන්තාවන්ට විශේෂ පණිවුඩයක්

    පිළිකා අවදානම: කාන්තාවන්ට විශේෂ පණිවුඩයක්

    පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය.

    නමුත් ශාරීරික ව්‍යායාම තීව්‍ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය තුළින් සනාථවී තිබේ.

    කාන්තාවන් මිලියන දොළහකගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් සිදු කරන ලද අධ්‍යයනයන් සියයකට අධික ප්‍රමාණයක් මෙම නව පර්යේෂණය සඳහා යොදා ගෙන ඇත.

    කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිළිකාවක් ඇතිවීම සඳහා ශරීරයේ හෝර්මෝන මට්ටම, ජීවන ශෛලිය සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු වැනි විවිධාකාර හේතුන් බලපාන බවය.

    තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, මාස්ශුද්ධිය නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති.

    තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, මාස්ශුද්ධිය නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති.

    එමෙන්ම උසින් වැඩි කාන්තාවන්ට සහ වයස අවුරුදු 12ට කලින් ආර්තවය (මාස්ශුද්ධිය) ආරම්භ වූ කාන්තාවට ද මෙම අවදානම වැඩි බවට වෛද්‍යවරු විශ්වාස කරති.

    එවැනි සාධක 18ක් ඇතුළත් නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවය.

    තමන්ගේ ආහාර රටාව, ශරීරයේ බර සහ ව්‍යායාම වැනි පාලනය කළහැකි සාධක කෙරෙහි සැලකිලිමත්වීම මගින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

    පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීම සඳහා බයිසිකල් පැදීම, දිවීම වැනි තීව්‍ර ව්‍යායාම වැදගත් වෙයි.

    එමෙන්ම වෛද්‍යවරු පවසන්නේ මව්කිරි ලබාදීම මගින්ද අවදානම අඩුවන බවය.

    තම ආහාරයට වැඩිපුර පලාවර්ග එක්කර ගන්නා ලෙසද වෛද්‍යවරු උපදෙස් දෙති.

    Text copied by BBC Health

  • සුවඳ විලවුන් ගැන ඔබ දැන නොසිටි ‘සුපිරි සියල්ල මෙන්න…

    සුවඳ විලවුන් ගැන ඔබ දැන නොසිටි ‘සුපිරි සියල්ල මෙන්න…

    සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි.

    කොකෝ චැනල් Coco Chanel  වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume has no future ” යන්නයි. එය අතිශයෝක්තියක් විය හැකි නමුත්, කාන්තාවක් සුවඳ දැනෙන ආකාරය, ඇයට හැඟෙන ආකාරය, පෙනුම හා අවබෝධය යන සියල්ල අතර වෙනසක් ඇති කරන බව ඇත්ත ය. 

    ලතින් භාෂාවෙන් ‘පර් ෆියුමස්’ ‘per fumus’, වෙතින් ලබාගත් ‘සුවඳ විලවුන්’ ‘Perfume’, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘දුම හරහා’ ‘through smoke’. යන්නයි. පුද්ගලික සුවඳෙහි පූර්ණ බලපෑම දැනෙන්නේ වචනාර්ථයෙන් දුම් හරහා ය. සුවඳකින් ඔබට හැඟීමක් හා ආකර්ෂණීය පෙනුමක් ලබා දිය හැකිවා පමණක් නොව, එය විශ්වාසය වැඩි කරයි, ආතතිය අඩු කරයි, සහ නිවැරදි සුවඳ විලවුන් භාවිතා කරන්නේ නම්, ඔබේ සතුට ප්‍රමාණයද වැඩි කළ හැකිය! මෙම අලංකාරය ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

    සුවඳ විලවුන් ඉතිහාසය

    ස්ත්‍රී

    සුවඳ විලවුන් සෑදීමේ කලාව සියවස් ගණනාවකට පෙර සිට පැවැත එන්නකි. පුරාණ රෝම, පර්සියානුවන්, අරාබිවරුන්, පෙරදිග හා ඉන්දියානුවන් දක්වා එහි ඉතිහාසය දිගුවේ.  

    මෙසපොතේමියාවේ සුවඳ විලවුන් නිෂ්පාදකයෙකු වන තප්පූටි Tapputi ක්‍රි.පූ 1200 දක්වා දිවෙන ප්‍රථම සුවඳ විලවුන් නිෂ්පාදකයා ලෙස ප්‍රකටය. රසානඥවරියක වන ඇය සුවඳ විලවුන් නිස්සාරණය කිරීමේ පළමු නව ක්‍රමවේදයන් සකස් කළ අතර ‘කියුනිෆෝම් ටැබ්ලට්වල’cuneiform tablets මෙම භූගත ශිල්පීය ක්‍රම ලේඛනගත කළාය. 

    ඉන්දියාව ද සුවඳ විලවුන් නිෂ්පාදනයට අමුත්තක් නොවේ. පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වන චරක සමිතා සහ සුෂ්රූතා සමිතා වැනි දෑ ‘ඉත්තාර්’ හෝ සුවඳ විලවුන් ආසවනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විස්තරාත්මකව විස්තර කරයි. 

    කෙසේ වෙතත්, පැරණිතම සුවඳ විලවුන් සයිප්‍රසයට අයත් වන අතර, පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන ලද අතර වර්ග මීටර් 4,000 ක දැවැන්ත සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක් අනාවරණය විය. එය සහස්‍ර හතරකට පෙර ලෝකඩ යුගයේදී පැවතුනි! 

    6 වන සියවසේ සිට ඉස්ලාමීය රටවල් නවීන සුවඳ විලවුන් සෑදීමේ ක්‍රියාවලියට දායක වී ඇති අතර, වෙළඳුන් වූ බැවින් ඔවුන්ට භාවිතා කිරීමට ගෝලීය අමුද්‍රව්‍ය ලබා ගත හැකි විය. කස්තුරි, රෝස මල්, ජැස්මින්, ඇම්බර්, කුළුබඩු, ඖෂධ පැළෑටි, පැඟිරි ගෙඩි සහ දැවමය සුවඳ වැනි සුවඳ විලවුන් වර්ග කිරීම සඳහා ස්තූති කිරීමට ඔබට අරාබිවරුන් සහ පර්සියානුවන් සිටී. 

    සුවඳ විලවුන් පිළිබඳ සංකල්පය යුරෝපයට පැමිණියේ දහහතරවන සියවසේ අරාබියේ වෙළෙන්දන්ගෙන් වන අතර, හංගේරියානු ජාතිකයන් ප්‍රථම වරට සුවඳ තෙල් භාවිතා කළේ ඇල්කොහොල් ද්‍රාවණයක වන අතර නවීන සුවඳ විලවුන් සෑදීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ අද අප දන්නා පරිදි ය. 

    ප්‍රංශය වැඩි කල් නොගොස්, දහඅටවන සියවසේ සිට XV වන ලුවී රජකම් කළ කාලය දක්වා – මේ දක්වා ලොව පුරා සුවඳ විලවුන් කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ. 

    සුවඳ විලවුන් සාදා ගන්නේ කෙසේද?

    ස්ත්‍රී

    පළමුවෙන්ම, වාෂ්ප ආසවනය, ද්‍රාවක නිස්සාරණය, මැසේරේෂන් maceration සහ ප්‍රකාශනය expression වැනි ක්‍රියාවලීන් හරහා පලතුරු හා මල් වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් තෙල් ලබා ගනී. 

    තෙල් එකතු කළ පසු ඒවා සුවඳ විලවුන් හෝ සමාගමක් විසින් සකස් කරන ලද විශේෂ සූත්‍රයකට special formula අනුව මිශ්‍ර කරනු ලැබේ. සුවඳ සූදානම් වූ පසු, එය අපේක්ෂිත අනුපාතයට ඇල්කොහොල් හා ජලය සමඟ මිශ්‍ර කරනු ලැබේ. සුවඳ විලවුන් වයින් වැනි ය – වඩා මිල අධික ප්‍රභේද මාස ගණනක් වයස්ගත වේ, නැතහොත් සමහර විට අවසාන මිශ්‍රණය සිදුවී වසර ගණනාවකට පසුව ඒවා බෝතල් කර අවසානයේ විකුණනු ලැබේ.

    සුවඳ විලවුන් වර්ගයක විවිධ වර්ග මොනවාද?

    ස්ත්‍රී

    සුවඳ විලවුන් නිපදවනු ලබන්නේ පරෙස්සමින් සාදන ලද අත්‍යවශ්‍ය සුවඳ තෙල් ද්‍රාවකවල මිශ්‍ර කළ විටය – සාමාන්‍යයෙන් මත්පැන් සහ ජලය. සුවඳක ජීවන චක්‍රය තුන් වරක් වේ. ඉහළින් ආරම්භ වී හදවතට ගමන් කර අවසානයේ මූලික සටහන් සමඟ සමථයකට පත් වේ. 

    Top notes – ඉහළ සටහන

    ස්ත්‍රී

    ඔබ සුවඳ විලවුන් වර්ගයක් මත ඉසින විට, ඔබ මුලින් සුවද හමන්නේ ‘top notes ‘ ලෙසිනි. මෙය සැහැල්ලු, වාතයේ සුවඳ වන අතර එය වාතය හරහා විහිදෙන අතර ඔබට පහර දෙන අතර ඔබේ සුවඳ සාන්ද්‍රණය මත පදනම්ව මිනිත්තු 15 සිට 120 දක්වා ඕනෑම තැනක පැවතිය හැකිය. බලා සිටිය යුතු සාමාන්‍ය ඉහළ සටහන් අතර පැඟිරි හා පලතුරු සුවඳ මෙන්ම ලැවෙන්ඩර් වැනි සැහැල්ලු මල් ද ඇතුළත් ය.

    හෘද සටහන Heart notes

    ස්ත්‍රී

    ඉහළ සටහනේ බලපෑම ඉවත් වූ පසු, ඔබට එහි ප්‍රධාන සාරය වන සුවඳ විලවුන්වල හදවත සුවඳ කළ හැකිය. ඔබ සුවඳ විලවුන් ඉසීමෙන් පසු පැය භාගයක් පමණ මෙම සටහන් පිටවීමට පටන් ගන්නා අතර පැය හතරක් පමණ පවතිනු ඇත. වඩාත් සුලභ හෘද සටහන් බර මල් heavy florals (රෝස වැනි) වේ, මේවා ඔබේ සම රසායන විද්‍යාව සමඟ ඇසුරු කරන විට සුවඳ වඩාත් සුවිශේෂී සුවඳ ලබා දෙයි.

    මූලික සටහන Base Notes

    ස්ත්‍රී

    ඔබ සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කළ පසු ඔබ උදෑසන අවදි වන විට, එය කල් පවතින, හුරුපුරුදු සුවඳක් ඇත. මේවා මූලික සටහන් වේ – හෘද සටහන් මැකී යන්නට පටන් ගත් පසු එය පෙරමුණට පැමිණීමට පටන් ගන්නා අතර සුවඳ විලවුන් ඉසීමෙන් පැය 12 ක් පමණ ගත වේ. සාමාන්‍ය පාද සටහන් වල කස්තුරි වැනි දැවැන්ත සුවඳ, දැව සුවඳ සහ වැනිලා සහ වෙටිවර් vetiver වැනි ඖෂධ පැළෑටි ඇතුළත් වේ. 

    ලබා ගත හැකි විවිධ සුවඳ විලවුන් වර්ග මොනවාද?

    ස්ත්‍රී

    සුවඳ වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇත

    මල් Floral : නමට අනුව, මෙම විවිධ සුවඳ මල් එකක් හෝ වැඩි ගණනක් ආවරණය වන අතර වඩාත් සුලභ හා සම්භාව්‍ය සුවඳ විලවුන් වර්ග වේ. සුවඳ විලවුන් සඳහා බහුලව භාවිතා වන මල් අතර රෝස මල්, ජැස්මින්, ලිලී මල්, නෙළුම්, වයලට් සහ මැරිජෝල්ඩ් ඇතුළත් වේ. බොහෝ සම්මානලාභී සුවඳ විලවුන් වල අවම වශයෙන් එක් මල් සටහනක්වත් අඩංගු වන අතර මේවා සැබවින්ම ස්ප්‍රිට්ස් මත ඇති වඩාත්ම ආදර සුවඳ විලවුන් වේ! 

    නැවුම් Fresh :  නැවුම් සුවඳ විලවුන්වල පලතුරු, විශේෂයෙන් පැඟිරි පලතුරු මෙන්ම හරිත සුවඳ ද ඇතුළත් වේ. ලෙමන් / වර්බෙනා,දොඩම් , මිදි, පීච් සහ බෙරි යනු විචිත්‍රවත් හා විනෝදජනක සුවඳ විලවුන් සඳහා බහුලව යොදා ගන්නා පලතුරු කිහිපයකි. හරිත සුවඳ විලවුන් වලට කොළ, පාසි සහ ඖෂධපැළෑටි සුවඳ ඇතුළත් වන අතර ඒවා යුනිසෙක්ස් (නැවුම් ලෙස කපන ලද තණකොළ ගැන සිතන්න!).

    Oriental : සුවඳ දුම් වලින් සාදන ලද සුවඳ, ඇම්බර්, සඳුන්, පැචූලි සහ වෙටිවර් යනු සුවඳ විලවුන් සඳහා සඳහා බහුලව යොදා ගන්නා Oriental අමුද්‍රව්‍යවල උදාහරණ වේ. 

    Woody : දැවමය සටහන් බරම හා ශක්තිමත්ම වන අතර දිවා කාලයට වඩා සවස් වරුවේ නිර්භීත, සරාගී ප්‍රකාශයක් කිරීමට සුදුසු ය. විවිධ ඕක්දැව වර්ග, කස්තුරි, දුම්කොළ සහ සම් leather දක්වා දැවමය සුවඳ වඩාත් මිල අධික හා ඉල්ලුමට ලක් වේ.

    ඔබ සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගන්නේ කෙසේද?

    ස්ත්‍රී

    ස්ටුඩියෝ වෙස්ට් සුවඳ විලවුන් මිලදී ගැනීමේ ප්‍රධානී උමාෂාන් නයිඩූ Umashan Naidoo, Buying head – StudioWest  පවසන්නේ “සුවඳ පුද්ගලිකයි. සමහර අය ඇසුරුම්කරණයට ඇලුම් කරති, සමහරු ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම්වලට උනන්දු වෙති ! සරාගී, නිර්භීත, ධෛර්ය සම්පන්න සහ වික්‍රමාන්විත බවට පොරොන්දුවක් ලෙස එහි පැන යාම පොරොන්දු වී ඇත්තේ ඉන්ද්‍රජාලික ද්‍රවයක් ස්ප්‍රිට්ස් හෝ ස්පර්ට් එකක් මගින් එම උත්කර්ෂවත් හා තරු ලෝකයට ඔබව තල්ලු කරනු ඇත. 

    සුවඳ විලවුන් වර්ගයක් විස්තර කිරීම සඳහා සටහන් හතරක් ඇත – මල්, දැව, පෙරදිග හා නැවුම්.

    ”ඔබට සුවඳ විලවුන් වර්ගයක් ගැනීමට අවශ්‍ය නම්, සෑම විටම එය අත්හදා බලන්න, මන්ද එකම සුවඳ වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුට වෙනස් සුවඳක් ලබා දිය හැකි බැවිනි. මෙයට හේතුව ඔබේ සමේ රසායන විද්‍යාව, පරිසරය සහ ඔබේ ආහාර වේල පවා! එය අත්හදා බලන්න, එය පැයක් පමණ ඔබ අසල රැදීමට ඊට ඉඩ දෙන්න. ඉන්පසු ඔබට එය මිලදී ගැනීමට අවශ්‍ය දැයි තීරණය කරන්න. සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගැනීම ඉතා බරපතල කරුණකි. එබැවින් ඔබේ නාසයට විවේකයක් දෙන්න, වරකට තුනකට හෝ හතරකට වඩා උත්සාහ කිරීමෙන් වළකින්න – නැතහොත් ඔබට සුවඳ හඳුනා ගැනීමට සහ වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. ඔබ ගඳ සුවඳ දැන ගන්නේ කෙසේදැයි කල්තියාම සොයා ගන්න. ඔබට ආලෝකය සහ මල් සුවඳ දැනීමට අවශ්‍යද? 

    ඔබ සුවඳ විලවුන් ආලේප කරන්නේ කෙසේද?

    ස්ත්‍රී

    සුවඳ විලවුන් භාවිතා කිරීම ඔබ අසා ඇති, බොහෝ විශේෂඥයින් සුවඳ විලවුන් භාවිතා කරන ‘ස්පන්දන ලකුණු pulse points ගැන කතා කරයි. ඉතින් මේවා හරියටම කුමක්ද? 

    ‘ස්පන්දන ලක්ෂ්‍ය’ යනු ඔබේ රුධිර නාල සමට සමීප වන ප්‍රදේශ වේ. මෙම ස්ථානවල සම මතුපිටට යටින් රුධිර සංසරණය සිදුවන බැවින්, පිටවන තාපය සුවඳ වඩාත් ඵලදායී ලෙස මුදා හැරීමට උපකාරී වේ. 

    අවධානය යොමු කළ යුතු ස්පන්දන ලක්ෂ්‍ය වන්නේ මැණික් කටුවෙහි අභ්‍යන්තර කොටස, ඔබේ බෙල්ලේ පාමුල, කන් පිටුපස, වැලමිට ඇතුළත සහ දණහිස පිටුපස ය. 

    ඔබේ මැණික් කටුවෙහි සුවඳ විලවුන් ආලේප කරන අතරම ඒවා එකට අතුල්ලන්න උත්සාහ කරන්න. ඉහළ, හදවත සහ පාද සටහන් වල සුවඳ විලවුන් සංයුතියට ඔබ බාධා කරනු ඇත. එසේම, අවශ්‍ය වන තෙක් නැවත ඉසින්න එපා – ඔබ ඉහළ, හෘද හා පාද සටහන් තැබීමට බාධා කරනු ඇත, කිසිවෙකුට තේරුම් ගත නොහැකි අධික සුවඳ! 

    අවසාන වශයෙන්, සුවඳ විලවුන් ඔබේ ශරීරයට මිස ඔබේ ඇඳුම් සඳහා නොවේ. ඔබේ ඇඳුම් නිසැකවම ඔබේ ශරීරයේ සුවඳ දැනෙන අතර, එය ඉසීමෙන් මේ සඳහා සෘජුවම දායක නොවන්න! එය මෙතෙක් පැවති නරකම සුවඳ පමණක් නොව, තෙල් වර්ග ඔබේ ඇඳුම් ස්ථිරවම පැල්ලම් කළ හැකිය.

    සාන්ද්‍රණය මත පදනම්ව විවිධ සුවඳ විලවුන් වර්ග මොනවාද?

    ස්ත්‍රී

    සුවඳ විලවුන් වර්ගීකරණය කළ හැක්කේ ඒවායේ අමුද්‍රව්‍යවල සාන්ද්‍රණය පදනම් කරගෙන වන අතර එමඟින් ඒවා කෙතරම් ශක්තිමත්ද සහ කොපමණ කාලයක් පවතින්නේද යන්න බලපායි. 

    මත්පැන් වලට වඩා සුවඳ විලවුන්වල අනුපාතය වැඩි වන තරමට සාන්ද්‍රණය වැඩි වේ. එබැවින් පූර්ණ ‘පර්ෆම්’ Parfum’ සඳහා වැඩි ආයු කාලයක් ලැබෙනු ඇති අතර ඕනෑම තැනක සාන්ද්‍රණය සියයට 15 ත් 40 ත් අතර වේ. බොහෝ පර්ෆම් වල සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. මේවා වඩාත්ම මිල අධික වුවද ඒවා වඩාත් ඵලදායී වන අතර ඇල්කොහොල් අන්තර්ගතය අඩු බැවින් අසාත්මිකතා වලට ගොදුරු වන අයටද වඩා හොඳය. 

    ඊළඟට පේළිය ඊඕ ඩි පර්ෆම් (ඊඩීපී) Eau de Parfum (EDP),  වන අතර එය සාමාන්‍යයෙන් පැය පහක් පමණ පවතින අතර සාන්ද්‍රණය සියයට 15 සිට 20 දක්වා අඩංගු වේ. මෙය වෙළඳපොලේ බහුලව භාවිතා වන්නේ එය පිරිවැය සහ කාර්යක්ෂමතාව යන දෙකෙහිම මධ්‍යස්ථ නිසාය. 

    තෙවන ඉහළම සාන්ද්‍රණය ඊ ඩි ටොයිලට් (ඊඩීටී) Eau de Toilet (EDT)  තුළ දක්නට ලැබේ – එය සියයට 5 සිට 15 දක්වා. එය දිනකට හෝ වැඩ සුවඳකට වඩාත් සුදුසු වන්නේ එය ලාභදායී වන අතර අධික ලෙස බල නොපාන බැවිනි. 

    අවසාන වශයෙන්, ඉතා අඩු සාන්ද්‍රණයක් (සියයට 2 සිට 4 දක්වා) සහ මෘදු සුවඳ සහිත ඊ ඩි කොලෝන් (ඊඩීසී) Eau de Cologne (EDC) විශාල බෝතල් වලින් පැමිණෙන අතර සෑම පැයකටම ඉසිය යුතු වේ. එය ද ඉතා ස්ථර නොවන බැවින් ඉහළ, හෘද සහ පාද සටහන් වල සංකීර්ණත්වය ඔබට සොයාගත නොහැක. 

    ඊටත් වඩා මෘදු හා සැහැල්ලු සුවඳක් සොයන්නේ නම්, ඇල් ෆ්‍රේච් Eau Fraiche යනු ඇල්කොහොල් හා ජලයෙහි සියයට 1 සිට 3 දක්වා තෙල් වර්ග පමණක් ලබා ගත හැකි වඩාත්ම තනුක කළ අනුවාදයයි! 

    සුවඳ විලවුන් වර්ගයක ආයු කාලය නිෂ්පාදිත දින සිට අවුරුදු 3 සිට 5 දක්වා ඕනෑම තැනක පවතී, නමුත් පුද්ගලයෙකු මිලි ලීටර් 50 බෝතලයකින් ඉසින සාමාන්‍ය වාර ගණන 700 ට වඩා වැඩිය, එබැවින් ඔබ එය දිනකට දෙවරක් භාවිතා කරන්නේ නම් එය ඔබට පැවතිය යුතුය අවුරුද්දකට ටිකක් අඩුයි.

    සුවඳ විලවුන් භාවිතා කරන විට මා මතක තබා ගත යුත්තේ කුමක්ද?

    ස්ත්‍රී

    සුවඳ විලවුන් සම මත හොඳින් විසුරුවා හැරිය යුතු අතර එමඟින් සුවඳ වඩාත් ශක්තිමත් වන අතර දිගු කල් පවතිනු ඇත. සුවඳ විලවුන් රහිත දියරයකින් ඔබේ සම තෙතමනය කර ගැනීම මෙය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන අතර ඔබ සුවඳ විලවුන් ඉසින ලද ප්‍රදේශ වියළී යාමෙන් ආරක්ෂා කරයි. 

    එසේම, ඔබේ කොණ්ඩය මත සුවඳ විලවුන් භාවිතා නොකරන්න. ඇල්කොහොල් අන්තර්ගතය වියළි ස්වභාවයට හේතු වේ. සාමාන්‍ය බුද්ධිය ඉල්ලා සිටින්නේ ඔබේ සුවඳ විලවුන් බෝතලය තදින් නැවැත්විය යුතු බවයි, එසේ නොමැතිනම් අන්තර්ගතය වාෂ්ප වීමට පටන් ගත හැකි අතර වාතය සහ පරිසරය සමඟ ඇති සම්බන්ධතාවය නිසා සුවඳ ද වෙනස් විය හැකිය. 

    සුවඳ විලවුන් ගල්වා ගැනීමෙන් පසු කෙලින්ම අව්වෙන් පිටතට යාමෙන් වළකින්න. මෙයට හේතුව ගබඩා මිලට ගත් සුවඳ විලවුන් වල විවිධ රහස් අමුද්‍රව්‍ය 14 ක් අඩංගු විය හැකි අතර ඒවා ලැයිස්තුගත කර නොමැති අතර සමහර ඒවා හානිකර පාරජම්බුල කිරණ ආකර්ෂණය කරන රසායනික ද්‍රව්‍ය වේ. 

    අවසාන වශයෙන්, සමහරුන්ට හොඳ දේ අනෙක් අයට හොඳ නොවිය හැකිය! සුඛෝපභෝගී වෙළඳ නාමවල පවා හෝමෝන කඩාකප්පල් කිරීම හා අසාත්මිකතා ප්‍රතික්‍රියා සමඟ සම්බන්ධ රසායනික ද්‍රව්‍ය ඇති බැවින්, තත්පරයට සුවඳ විලවුන් යනු නව තත්පර දුමාරයක් වන අතර වෙනත් කෙනෙකුගේ ආශ්වාස කිරීම ඔබට හොඳ නොවනු ඇත. 

    ස්ත්‍රී

    Text by Femina.in – Thushadhavi

  • ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගැනීමට දුරකථන අංක

    ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගැනීමට දුරකථන අංක

    කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි. 

    රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ.

    ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට වැඩි පිරිසක් ඉතාලියේ වාසය කරනු ලැබේ.  ඉන් 60%ක්ම වෙසෙන්නේ ලොම්බාඩ් කලාපයේ ය.  දූත මණ්ඩල මේ වන විට රෝම සහ මිලාන් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි. ශ්‍රී ලංකා විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ සියලු දෙනා මේ සම්බන්ධව එක් වී සිටියි.  

    ඉතාලියේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසත් අදාළ නීති රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුව සියලු පියවර ගන්නා ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.  තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකතන ඇමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකය. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබේ.

    එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය. සිසිර සෙනෙවිරත්න විදේශ කටයුතු සම්බන්ධීකාරක – (0039) 3499351745 ප්‍රියා නාගරාජා – තුන්වන ලේකම් (0039) 3403581603 නිමාලි ජයමහ – කළමනාකාර සහකාර (0039) 3483027997 මිලාන් හි කොන්සල් කාර්යාලය – සදමාලි දිසානායක (0039) 3888016268

  • පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක්

    පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක්

    පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • ගුවන් නියමු ඉල්ලුමට ප‍්‍රසන්නගෙන් සැපයුම නියමෙට

    ගුවන් නියමු ඉල්ලුමට ප‍්‍රසන්නගෙන් සැපයුම නියමෙට

    මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට යයි. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02ක පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02 පිහිටුවීම සදහා අවශ්‍ය විශාල ගුවන් යානා නැවතුම් අංගන පහසුකම් රත්මලාන ගුවන් තොටුපළ සතුය. එමෙන්ම මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා අවශ්‍ය ඉඩම් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ සතු ව තිබේ. ආරම්භ කිරීමට අපේක්ෂිත නව පුහුණු ආයතන 02 සදහා ඩුබායි, තායිලන්තය, මියන්මාරය වැනි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ද පවතී.

    මෙම වැඩ සටහන් මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්, සුදුසුකම් හා කුසලතා සහිතව බිහිවන ආධුනික ගුවන් නියමුවන් ගුණාත්මකභාවය හේතුවෙන් රටේ ප්‍රමිතිය ඉහළ යනු ඇති බවත් එමගින්  ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රතිරූපය ද වැඩි දියුණු වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. 2036 වන විට ගුවන් සේවා කර්මාන්තයට මිලියන 2.1 ක අතිරේක ගුවන් නියමුවන්, නඩත්තු කාර්ය මණ්ඩල, ගුවන් යානා කුටි කාර්ය මණ්ඩල, ගුවන් ගමන් පාලකවරුන් හා වෙනත් කම්කරුවන් අවශ්‍ය වේ. මෙම පිරිස සදහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ආසියා පැසිෆික් කලාපයෙනි. එය ආසන්න වශයෙන්  තනතුරු 817,000 ක් පමණ වනු ඇතැයි ගුවන් සේවා ක්ෂේත්‍ර යේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

    මීට අදාළව එක්සත් ජාතික එමීර් රාජ්‍ය යේ ඇල්ෆා ඒවියේෂන් ඇකඩමිය මෙරට ආයෝජනය සදහා කැමැත්ත පළ කර ඇති බවත් ඒ සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම එකගතාවය පළ කර ඇති බවත් ඇමතිවරයා කියා සිටී. ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකීය ගුවන් සේවා කර්මාන්තය හා වෙළදපොල තුළ දැනුම හුවමාරු කිරීමේ ප්‍ර වේශයක් හදුන්වා දීම සදහා මෙම නව ව්‍යාපාරය ඉවහල් වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

  • පාන් මිල අඩු කෙරේ

    පාන් මිල අඩු කෙරේ

    හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

  • ගැබ්ගෙළ පිළිකාව ‘ HPv එන්නත’ ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

    ගැබ්ගෙළ පිළිකාව ‘ HPv එන්නත’ ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

    නව යොවුන් දැරියන්ට ලබාදිය යුතුමයි
    බහුවිධ අඹුසැමි සම්බන්ධතා පවත්වන කාන්තාවට ඉතා වැදගත්

    ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල මැදිවියේ කාන්තාවන්, ඒ කියන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් අතර බහුල වශයෙන් දක්වන ලැබෙන පිළිකා වර්ගයක් ලෙස ‘ගැබ්ගෙළ පිළිකා’ සැලකෙනවා. වෛද්‍යවරුන් කියන ආකාරයට ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා අතර ‘දෙවැනි තැන’ හිමිවන්නේ ගැබ්ගෙළ පිළිකාවටයි. එම නිසා මේ ගැන අපේ කාන්තාවන් නිසි පරිදි දැනුවත් විය යුතු බවයි ‘වතුපිටිවල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය පවසන්නේ.

    ‘මෙහි ඇති විශේෂත්වය තමයි ගැබ්ගෙළ පිළිකාවට ගොදුරු වන සමහර රෝගීන්ගේ මෙම පිළිකාව ඉක්මනින් වර්ධනය වෙනවා. ඒත් සමහර රෝගීන් මෙම පිළිකාවට ගොදුරු වුණත් එය පූර්ව පිළිකාවක් ලෙස හඳුනා ගැනීමට වසර 15-20 අතර දීර්ඝ කාලයක් ගත වෙනවා’ විශේ්ෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සාකච්ඡුාවට ප‍්‍රවේශයක් ගැනීම සඳහා හොඳ ආරම්භයක් ලබා දෙමින් කිව්වා.

    ‘මෙය බරපතළ තත්ත්වයක් නේද ?’

    ‘ඔව්, ඉතාම බරපතළ තත්ත්වයක්. ඒත් එයට සාර්ථකම විසඳුම තිබෙන්නෙත් අපේ අතේම තමයි. අපි මේ පිළිකාව මුලින්ම හඳුනා ගැනීමට සමත් වුණොත් ප‍්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකියි. ලංකාවේ තත්ත්වය ගතහොත් වසරකට ගැබ්ගෙළ පිළිකා රෝගීන් 800-1000 අතර පිරිසක් රෝහල් ගත වෙනවා. ඒත් කනගාටුවට කරුණ වන්නේ එසේ රෝහල් ගත වන්නේ පිළිකාව බරපතළ තත්ත්වයට වර්ධනය වූ අයයි. ඔවුන්ගේ ජීවිතය ගලවා ගැනීමට ඇත්තටම අසීරුයි. ඒ නිසා තමයි ගැබ්ගෙළ පිළිකාව ගැන විධිමත්, විද්‍යාත්මක දැනුවත් වීමයි අවශ්‍ය වන්නේ’

    මේ පිළිකාව හැදෙන්නේ කොහොමද ?

    ගැබ්ගෙළ පිළිකාවට මූලික වශයෙන් හේතු වෙන්නේ HPv (Human Papilloma Virus) නම් වෛරසයයි. මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට ගැබ්ගෙළ පිළිකාවලට ගොදුරු වූ රෝගීන්ගෙන් සියයට 80ක් මෙම වෛරසය නිසා රෝගයට ගොදුරු වූ අයයි. ඉතිරි සියයට 20 සඳහා වෙනත් හේතු බලපෑ හැකියි.

    මෙහිදී අප දැනුවත් විය යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. එනම් ගැබ්ගෙළ පිළිකා ඇතිවන්නේ ‘ලිංගික සබඳතා’ නිසයි.

    ගැබ්ගෙළ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද ? අපි එය හඳුනා ගන්නේ කොහොමද ?
    ්‍යඡුඩ වෛරසයට ගොදුරු වූ සමහර රෝගීන්ගේ බාහිර රෝග ලක්ෂණ මගින් එය හඳුනා ගත හැකියි. ඒත් ප‍්‍රශ්නය වන්නේ ඇතැමුන්ට එවැනි බාහිර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ සඳහා සැලකිය යුතු කාලයක් (වසර 15-20) ගත වෙනවා. වෛරසය කාලයක් තිබෙන විට ශ්ලේෂ්මල පටලවල ගැබ්ගෙළ ආශ‍්‍රිතව වෙනස්කම් ඇති වෙනවා. ඒ අනුව මෙම පිළිකාව හඳුනා ගන්නා අවස්ථා තිබෙනවා. එනම් වසර 10ක් පමණ ගත වූ විටයි. මේ වන විට රෝගියාගේ පෙන්වන්නේ පිළිකා තත්ත්වයකි. එවිට සුව කිරීම අපහසුයි’

    ගැබ්ගෙළ පිළිකාව වළක්වන එන්නත

    මෙහිදී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සඳහන් කරන්නේ ගැබ්ගෙළ පිළිකාව වළක්වා ගැනීම සඳහා ‘එන්නතක්’ හඳුන්වා දී ඇති බවයි.

    ‘මෙම එන්නත මගින් බලාපොරොත්තු වන්නේ HPv වෛරසයෙන් වැළකීමයි. එනිසා ලංකාව මෙම එන්නත 2017 වසරේ සිට ‘ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට’ ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව වැඩිවියට පත් වූ දැරිය පළමු ලිංගික සබඳතාව පටන් ගැනීමට පෙර මෙවැනි වෛරස ශරීර ගතවීමෙන් වළක්වා ගැනීම මෙම එන්නත මගින් අපේක්ෂා කරනවා’

    මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ රජය විසින් මෙම එන්නත ලබාදීම ආරම්භ කළේ 2017 වර්ෂයේ සිටයි. ඒත් මෙරට පෞද්ගලික අංශය විසින් ඊටත් පෙර සිට මෙම එන්නත ලබාදීම සිදු කළා. වෙනත් රටවල් සම්බන්ධ තත්ත්වය ගතහොත් ලංකාවට වසර කිහිපයකට පමණ පෙර සිට රටවල් රැුසක් මෙම එන්නත ලබාදීම සිදු කළා. ඒ අනුව ඔවුන් වයස අවුරුදු 9-10 වයස්වල සිටින ‘යොවුන් දැරියන්ට’ මෙම එන්නත ලබා දුන්නා.

    මෙම එන්නත ලබා දෙන්නේ කාටද ?

    ලංකාවේ නම් මෙම එන්නත ලබා දෙන්නේ අවුරුදු 09-13 වයස් කාණ්ඩයේ පසුවන ‘නව යොවුන් දැරියන්ටයි’ රජය විසින් නොමිලේ ලබාදෙන මෙම එන්නත වාර දෙකකින් තමයි ලබාදීම කරන්නේ. ඒ අනුව පළමු එන්නත ලබාදී මාස 06කට පසුව දෙවැනි එන්නත ලබා දෙනවා’
    මෙහිදීී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සඳහන් කරන්නේ ්ෘඔ :්ාමකඑ ාඔ* එන්න සමග, එනම් වැඩිහිටි වියේ ලබා දෙන ‘ද්විත්ව එන්නත’ සමග මෙම එන්නතත් ලබාදිය හැකි බවයි.

    ‘එසේම වයස අවුරුදු 12-14 වන තෙක් නව යොවුන් දැරියන්ට ද ්‍යඡුඩ එන්නත ලබාදිය හැකියි’ ඇය පවසනවා.

    මෙම එන්නත ලබා දෙන්නේ කොහොමද ?

    ‘මුලින්ම සඳහන් කළ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ එන්නත නොමිලේ ලබා දීම කරනවා. ඒ අනුව ලංකාවේ සියලූම පාසල් ආවරණය වන පරිදි එකම දිනයකයි මේ එන්නත් ලබාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ. එහිදී අපි දෙමාපියන් දැනුවත්කර මේ එන්නත ලබාදීමට කැමැති ද ? අකමැතිද කියලා විමසා බලනවා. ඒ අනුව තමයි එන්නත ලබා දෙන්නේ.
    ඇතැම් විට මේ දිනයේදී දැරියන්ට එන්නත ලබාදීමට නොහැකි විය හැකියි. එසේ වුවහොත් ඔවුන්ට තමන්ගේ ප‍්‍රදේශයේ තිබෙන එම්. ඕ.එච් කාර්යාලයට ගොස් මේ එන්නත නොමිලේ ලබාගත හැකියි.

    මෙහිදී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය කියා සිටියේ අදාළ වයසේ සිටින ඕනෑම නව යොවුන් දැරියකට මෙම එන්නත ලබාදිය හැකි බවයි.

    ‘අදාළ වයස සම්පූර්ණ කළ ඕනෑම දැරියකට මේ එන්නත ලබාදිය හැකියි. ඒ වගේම තවත් වැදගත් කරුණක් අපි දෙමාපියන්ට මතක් කර දිය යුතුයි. අපි මේ එන්නත ඔබේ දියණියට ලබා දෙන්නේ එම එන්නත ලබාදීම මගින් ඇගේ ජීවිතයට සුරක්ෂිතභාවයක් ලැබෙන නිසයි.

    අනාගතයේදී ඔබේ දරුවා නොසිතූ දෙයකට මුහුණ දුන්නොත් එයින් වන හානිය වළක්වා ගැනීමට මෙම එන්නත මගින් හැකියාව ලැබෙනවා’

    බොහෝ එන්නත් මගින් ආසාත්මිකතා ඇතිවන බවට මතයක් තිබෙනවා. ඒ ගැන වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය මෙසේ සඳහන් කළා.

    ‘නැහැ, බොහෝ විට මෙවැනි එන්නත් අසාත්මික වන්නේ ම නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකින් එවැනි ආසාත්මිකතාවක් ඇති වුණත් ඊට පෙර සූදානමක් ඇතිවයි. ඒ නිසා කිසිම දැරියකට මේ එන්නත ලබාදීමට බියවිය යුතු නැහැ. එය සුරක්ෂිත එන්නතක්’’

    එහෙත් අතුරු ආබාධ ගැන මොකද කියන්නේ ?

    ඔව්, යම් යම් සුළු අතුරු අබාධ ඇතිවිය හැකියි. මෙය ප‍්‍රතිශක්ති එන්නත්වල දැකිය හැකි පොදු තත්ත්වයක්. ඒ අනුව එන්නත ලබා දුන් ස්ථානය රතු පැහැයක් ගැනීම, සුළු වේදනාවක් දැනීම, සුළු උණ ගතියක් ඇතිවීම, කැරකිල්ල, ක්ලාන්තය ඇතිවීම සිදුවිය හැකියි. ඒත් මෙම එන්නත ලබා ගැනීම මගින් ඇතිවන ප‍්‍රතිලාභ දෙස බැලූ විට මේවා නොසැලකිය යුතු තරම් සුළු දේවල්.

    මේ එන්නත වැඩිහිටි වියේදී ලබා දෙන්න නොහැකිද ?

    පුළුවන්. නව යොවුන් දැරියන්ට අමතරව මේ එන්නත අවශ්‍ය වසය අවුරුදු 26 දක්වා වන කාන්තාවන්ට පෞද්ගලික අංශයෙන් එය ලබාගත හැකියි. එහෙත් එය ආවට ගියාට ලබාගත නොහැකියි. ඒ සඳහා ඇය ‘පැප්’ පරීක්ෂණයකට ලක්විය යුතුයි. මෙම පරීක්ෂාවට ලක්විය යුතු වන්නේ ගැබ්ගෙළ පිළිකාව ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්වන්න දීර්ඝ කාලයක් ගන්නා නිසයි. රෝග ලක්ෂණ නොපෙන්වා ගැබ්ගෙළ පිළිකාවට ගොදුරු වී සිටී නම් මේ එන්නත ලබා ගැනීම මගින් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පැප් පරීක්ෂණය සාමාන්‍යයෙන් වසර තුනකට වරක්වත් කරගත යුතුයි.

    මෙමගින් කාන්තාවන්ට ඇතිවන වාසිය කුමක්ද ?

    ඇත්තටම ලොකු වාසියක් ලැබෙනවා. බහුවිධ අඹුසැමි සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට මේ එන්නත ලබාගැනීම මගින් වැඩි ආරක්ෂිතභාවයක් ලබාගත හැකියි.

    එසේ නම් ගැබ්ගත් කාන්තාවන්ටත් මේ එන්නත ලබාගත හැකියි නේද ?

    නැහැ. ගැබිනි කතුන්ට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඒත් යම් කිසි ආකාරයකින් තමා ගැබ්ගත් බව නොදැන මේ එන්නත ලබා ගත්තත් එයින් හානියක් වූ තවම කිසිම රටකින් වාර්තා වී නැහැ.

    මේ එන්නත මගින් ජීවිත කාලයටම ප‍්‍රතිශක්තිය ලැබෙනවාද ?

    ඔව්, පැහැදිලිව ලැබෙනවා. ඒත් වෙනත් හේතු නිසා ද සියයට 20කට පමණ ගැබ්ගෙල පිළිකා වැළදෙන නිසා වැඩිහිටි වියේදී ‘පැප්ස්මියර්’ පරීක්ෂාවකට ලක්වීම වඩාත් සුදුසුයි.

    සටහන – තුෂාධවි

  • පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z

    පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z

    වාහ වූ යුවලක, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික ‍යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ. එමගින්,

    • පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ.
    • කාන්තාව හා ඇගේ සහකරු‍ට ක්‍රියාශීලිව හා ‍නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය  සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම ඇතිවන හෘ‍දයේ අක්‍රමිකතා, රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම ආදිය) කල්තියා හදුනා ගැනීමේ අවස්ථාව සැලසේ.

    පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද?

    ආහාර වේල

    සාමාන්‍ය ආහාර වේලක් ගන්නා නිරෝගි කාන්තාවක් පළතුරු, කොළ ආහාර හා කිරි වැඩි වශයෙන් ගැනීමෙන් ශරීරයේ ඛනිජ ලවන යකඩ හා කැල්සියම් ප්‍රමාණය ඉහල නංවා ගැනීමට හැකිවේ.

    ශරීර‍යේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු කාන්තාවන්ට දරුවකු පිළිසිද ගැනීම අපහසු වන අතරම, ඔවුන් ගර්භනී සමයේ විවිධ සංකූලතාවයන්ට ද මුහුණ දෙයි. මෙවැනි කාන්තාවන් පෝෂණවේදියකු හමු වී උපදෙස් ලබාගැනීම සුදුසුය. විවිධ දේශීය පාන වර්ග හා තේ වර්ග ගර්භනී සමය තුළ භාවිත කිරීම අවදානම් සහිත බැවින් ඒවා භාවිතය අවම කල යුතුය. එවැනි දේ ගර්භනී සමය තුළ භාවිත කිරීමේ ආරක්ෂාකාරී බව පර්යේෂණ මගින් සනාථ කර නොමැත.

    ෆෝලික් අම්ලය

    ගර්භනී මවකට දිනකට අවශ්‍ය ෆෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රො ග්රෑම් 400කි.
    ආහාර මගින් පමණක් මෙම අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැක. මේ නිසා අතිරේකව සිරුරට ෆෝලික් අම්ලය ලබාගැනීම වැදගත්ය. මෙය අවම වශයෙන් පිළිසිද ගැනීමට මසකට පෙරවත් ආරම්භ කළ යුතුය. සෑම ඖෂධහලකින් ම බෙහෙත් තුන්ඩුවක් නොමැතිව, ඉතා අඩු මිලට ලබාගත හැකි ෆෝලික් අම්ල පෙති එක බැගින් දිනපතා ගැනීමෙන් මේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක.

    ව්‍යායාම

    පිළිසිද ගැනීම‍ට පෙර ෆෝලික් අම්ලය භාවිතය ආරම්භ කිරීම ඉතා වැදගත්ය. ෆෝලික් අම්ලය, දරුවාගේ ස්නායු පද්ධතියේ නිසි වර්ධනයට හා විකසනයට අත්‍යවශ්‍ය වේ. දරුවාගේ ස්නායු පද්ධතියේ විකසනය, ගර්භනී සමයේ ඉතා මුල් අවදියේදී සිදුවන අතර ඔබ ගර්භනීබව දැනගැනීමට ද පෙර මෙය සිදුවේ. එයින් පසු ෆෝලික් අම්ලය භාවිතය ඇරඹීමෙන් බලාපොරොත්තු වන යහපත් ප්‍රතිඵල අත් කර ගත නොහැකි වනු ඇත.

    නිතර ක්‍රමානුකූලව ව්‍යායාමයෙහි නිරත වන කාන්තාවන්ට, එය තව දුරටත් කරගෙන යාමට උපදෙස් දිය යුතුය. එලෙස සිදු නොකරන කාන්තාවන්ට  ක්‍රමවත්ව ව්‍යයාම කිරීමට අනුබල හා උපදෙස් ලබාදිය යුතුය. කෙසේවෙතත් ගර්භනී සමයේ මුල් මාස තුනේ දී අධික වෙහෙස වී ව්‍යායාම කිරීම අනුමත නොකෙරේ.

    දුම්පානය

    ගර්භනී සමයේ දුම්පානය කිරීම හා දුම් පානය කරන්නෙකු අසල සිටීම (අක්‍රිය දුම් පානය) ගබ්සාවීම් හා මල දරු උපත් ඇතුළු සංකූලතා රැසකට මග පාදයි.

    මත්පැන් භාවිතය

    ගර්භනී සමයේ අධික ලෙස මත්පැන් භාවිතය දරුවාගේ වර්ධනය අඩාලවීම, මන්දබුද්ධිකතාවය, දරුවාගේ මුහුනේ ඇතිවන විවිධ විකෘති හා හැසිරීමේ වෙනස්කම් ඇතුළු රෝග ලක්ෂණ රැසකින් යුතු  foetal alcohol syndrome නම් තත්ත්වය ඇති කරයි.

    ඔෂධ භාවිතය

    ඖෂධ හලකින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ලබාගත හැකි ඖෂධ හා ආයුර්වේද ඖෂධ ඇතුලු සියලු ඖෂධ වර්ග භාවිතය අවම කිරීම හොද පුරුද්දකි. වෛද්‍ය උපදෙස් මත පමනක් ගර්භනී සමයේදී ‍ඖෂධ ලබා ගන්න.

    කලක් තිස්සේ පවතින රෝග

    දියවැඩියාව – ගර්භනී සම‍යේ දී රුධිරගත සීනී මට්ටම ඉතා හොදින් පාලනය වී පවතින බවට රෝගීන් වගබලා ගත යුතුය. රුධිරයේ සීනී මට්ටම පාලනය කිරීමට පෙති වර්ග භාවිත කරන රෝගීන් ඒ සදහා ඉන්සියුලින් එන්නත් භාවිතය ඇරඹිය යුතුය.

    අධි රුධිර පීඩනය – අධි රුධිර පීඩනය පාලනය කිරීමට ‍යොදා ගන්නා ඇතැම් ඖෂධ ගර්භනී මවකට නුසුදුසු විය හැක. එම නිසා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගෙන වඩා ආරක්ෂාකාරී ඖෂධවලට මාරුවීම අවශ්‍යය

    අපස්මාරය – අපස්මාරය සදහා භාවිත වන බොහෝමයක් ඖෂධ ගර්භනී සමයේ දී භාවිතයෙන් භ්‍රෑණයට විවිධ සංකුලතා ඇති කරන නමුත් අත්‍යවශ්‍යය. ඵයට හේතුව ඵම කාලය තුල රෝගය උත්සන්න වුවහොත් ඵමගින් භ්‍රෑණයට විය හැකි හානිය වඩා බරපතල වීමයි. එක් ඖෂධයක් පමණක් යොදා ගැනීමෙන් මෙම අවදානම අවම කරගත හැකිය. මේ නිසා විශේෂඥ වෛද්‍යයවරයෙකු හමු වී අපස්මාර රෝගය හොදින් පාලනය කිරීමට සමත්, දරුවාට අවම බලපෑමක් ඇති කරන ඖෂධයකට මාරුවීම වැදගත්ය.

    විවිධ ආසාධන

    රුබෙල්ලා – ගර්භනී සමයේ පළමු සති 8-10ත් අතර කාලයේ ඇතිවන රුබෙල්ලා ආසාදනයන් නිසා 90% අවස්ථාවලදී දරුවාට හානි පැමිනේ. මන්දබුද්ධිකභාවය, ඇසේ සුද ඇතිවීම, බිහිරිවීම, හෘදය වස්තුවේ සිදුරු හා වෙනත් ආබාධ, ගර්භනී සමයේ දී දරුවාගේ වර්ධනය අඩාලවීම ආදිය මින් ඇතිවන සමහර සංකූලතා වේ. මේ තත්ත්වය වැලැක්වීම සදහා පාසල් යන අවධියේ දී සියලුම ගැහැණු ළමයින්ට රුබෙල්ලා එන්නත ලබාදීම සිදුකෙරේ. ඔබ ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින, එහෙත් තවමත් රුබෙල්ලා එන්නත ලබාගෙන නොමැති කාන්තාවක් නම්, ගැබ් ගැනීමට මාස 3කටවත් පෙර මෙම එන්නත ලබාගන්න.

    පැපොල රෝගය – ගර්භනී සමයේ පළමු සති 20 තුලදී පැපොල රෝගය වැළදීම Congenital varicella syndrome නම් තත්ත්වය දරුවා තුළ ඇති කරයි. දරුවාගේ අත පය ප්‍රමාණය‍ට වඩා කුඩා වීම, හිසෙහි වර්ධනය අඩාල වී කුඩා හිසක් ඇති වීම, ඇසේ සුද ඇති වීම, වර්ධනය අඩාල වීම, සමේ කැළැල් ඇති වීම මෙහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ සමහරකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැපොල රෝගයේ ප්‍රතිදේහ ශරීරයේ නොමැති පුද්ගලයන් ( රෝගය වැලදී නැති පුද්ගලයන්) හට එන්න්ත ලබාදීම නිර්දේශ කර ඇත. නමුත් මෙම එන්නත ගර්භනී මාතාවන් විසින් ලබා නොගත යුතු අතර, එන්නත ලබා ගැනීමෙන් මාස 3ක් යනතෙක් ගැබ් ගැනීමෙන් වැලකිය යුතුය.

    මවගේ වයස සහ අවදානම් තත්ත්ව

    මව්වරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කිසිදු සංකූලතාවයකින් හෝ බාධාවකින් තොරව දරුවන් බිහි කරන බව සදහන් කිරීම වැදගත්ය. කෙසේ වුවද මවගේ වයස වැඩිවත්ම ඔවුන්ට විකෘති සහිත දරුවන් ඉපදීමේ ඉඩකඩ වැඩි වේ. එලෙසම මවගේ වයසත් සමග ගබ්සා වීම, නිවුන් දරු උපත්, ගර්භාෂයේ ගෙඩි, අධි රුධිර පීඩනය හා ගර්භනීකල ඇතිවන දියවැඩියා තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වේ.

    Text by happl life

  • UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

    සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා,

    “මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

    මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.

    අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා.  ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”

    මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි  විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමන් වූ හව්හරණක් නොමැතිව අනාතවී සිටින  බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයින්ට ජයග්‍රාහී එකමුතුවකට ආරාධනා කරන බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

  • 38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

    38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

    එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ සහ මැද භාගයේ ලෝක සූරයන්ය. එම අවධියේ ලොව මවිත කළ, පිතිකරුවන් සසල කරවන ජෝ ගානර්, මැල්කම් මාෂල්, ඇන්ඩි රොබට්ස් හා කොලින් ‍ ක්‍රොෆ්ට් වැනි බියකරු වේග පන්දු යවන්නන්ගෙන් ද ක්ලයිඩ් ලොයිඩ් , විවියන් රිචඩ්ස් , රොහාන් කන්හායි හා ගොර්ඩන් ග්‍රිනිජ් වැනි විශිෂ්ට පිතිකරුවන්ගෙන් ද කොදෙව් කණ්ඩායම සමන්විත විණි.   

    ලංකාව (එකළ හැදින්වූ නාමය) වතාවන් කිහිපයකදී මේ වේගපන්දු යවන්නන් හමුවේ ලකුණු සියයකට අඩුවෙන් දැවීගිය අවස්ථා කිහිපයකි. කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වයක් ක්‍රමයෙන් වෙනස්විණි. හැත්තෑව දශකයේ අග භාගයේත්, අසුව දශකයේ මුල භාගයේත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ වේගපන්දු යවන්නෙකු වූයේ වත්මන් තේරීම් කමිටු සභාපති සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල්ය.

    ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද්දේ 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වාය.  ඒ අනුව ඉකුත් පෙබරවාරි 21 වැනිදාට ටෙස්ට් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවී වසර 38 ක් සපිරෙන්නේය. එදා සිට අද දක්වා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී මෙසේ අදහස් පළ කළේය.

    “බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට දශක හතරකට පෙර ලොව මවිතයට පත්කළ කණ්ඩායමක්. ඔවුනගේ වේගපන්දු යවන්නන් හැඩි දැඩි ලොව වේගවත්ම පන්දු යවන්නන් පිරිසක්. ශාරීරික වශයෙන් ඔවුනගේ පිතිකරුවන්ගේ වෙනසක් නෑ.

    වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේත් එදා පැවැති ක්‍රිකට් ක්‍රීඩාවේත් වෙනස්කම් ඇති වූයේ ජගත් ක්‍රිකට් සමුළුව ගෙනා යම් යම් නීතිරීති අනුව යැයි මා විශ්වාස කරනවා. කොදෙව් දූපත් කණ්ඩායමේ පමණක් නොව වෙනත් රටවලත් මෙවැනි වේගවත්ම පන්දුයවන්නන් හිටියා. ඕස්ට්‍රේලියවේ ජෙෆ් තොම්සන්, ඩෙනිස් ලිලී, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි ඇතුළු තර්ජනාත්මක වේගපන්දු යවන්නන් රැසක්ම වරින් වර බිහිවූවා”.

    “පිතිකරුවනට මේ පන්දු යවන්නන්ට මුහුණදීම වඩාත් භයානක වූයේ එදා ශරීර ආවරණ කිරීමට තිබුණේ ඉතා අඩු ආරක්ෂාකාරී පිළිවෙතක් මතයි. එදා තිබුණේ අත්ආවරණ, පා ආවරණ සහ රහස් ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදා ගන්නා ආරක්ෂක උපකරණ (BALL GUARD) පමණයි. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. පිතිකරුවන් පන්දුවට පහරදීමට එන්නේ මුළු ශරීරයම වසාගෙනයි. හිස්වැස්ම, අත්වැස්ම, අත් ආවරණ,පා ආවරණ, කලවා පෙදෙස් ආවරණ ඇතුළු ගොඩක්.”

    “එදා ඕවරයකට බවුන්සර් පන්දු යැවීමේ සීමාවක් නෑ. අද එය දෙකකට සීමා‍‍වෙනවා. එදා තණතිලි සැකසීමේ දීත් ඕනතරම් ඉපිලෙන (බවුන්ස්) තණතීරුව සෑදීමට හැකියි. ක්‍රීඩාවන්ට නීතිරීති පැනවීමේදී වාසි අවාසි දෙකටම මුහුණදීමට සිදුවනවා” යැයිද අසන්තද මෙල් පවසයි.

    ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු පැවැති මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කරන ලද අසන්ත ද මෙල් ටෙස්ට් තරග 17 කදී කඩුලු 59 ක් සහ එක්දින තරග 57 කදී කඩුලු 59 ක් දවා ගෙන තිබේ. 

    TEXT BY SL CRICKET

  • මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

    මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

    තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි.

    බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී.පිටියේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් ලබාගත් වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් තියුණු ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට සමත්විය. එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද වනිඳු තරගාවසානයේදී මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි තුන් ඉරියව් දකුණත් පිතිකරුවා, මේ ආකාරයෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් දේශීය තරග පිටියේ විස්සයි-20 අවසන් මහ තරගයේදී ක්‍රීඩා කරන ලද ඉනිමද ඉවහල් වූ බව පවසා සිටියේය.

    “ඇත්තටම අද මැච් එක මෙහෙම ඉවර කරන්න පුලුවන් වුණේ එදා ටී-20 ක්ලබ් ටූනමන්ට් ෆයිනල් එකේ ගහපු ඉනිම මගේ ඔලුවේ වැඩ කරපු නිසා. ඒක ක්ලාබ් ක්‍රිකට් තරගාවලියක් වුණත් ඒ තරගය මගේ ඔලුවේ පොඩ්ඩක් වැඩ කළා. මොකද මම ඒ තරගයෙදිත් බැට් කළේ නොම්මර 7, 8 වගේ තැන්වල නිසා ඒ වගේ ගහන්න පුලුවන් කියලා හිතුඅණා. ඒ අනුව ඇවිල්ලා තමයි මම මගේ වගකීම පටන් ගත්තේ” යැයි පවසන වනිඳු හසරංග, “ටීම් එකක් මැච් එකක් ෆිනිෂ් කරන්න පුලුවන් නම් මං දන්න විදියට ඒ ක්‍රීඩකයට ගොඩක් කල් ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න පුලුවන්. ඉතිං මටත් ඕන ටීම් එකට ඒ වගේ දෙයක් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් වෙන්න”යි පැවැසීය. 

    මීට මාසයකට පෙර පැවැති අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් අවසන් මහ තරගය යටතේ සී.සී.සී. පිල නියෝජනය කළ වනිඳු මෙආකාරයේම පැවැති තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්විය. එම තරගයේදී නොතිබූ ජයග්‍රහණයක් කරා සී. සී. සී. පිල රැගෙන යන ලද්දේ පන්දු 34 කදී නොදැවී ලකුණු 60 ක් වාර්තා කරගනිමිනි. 

    අවසන් පිතිකරු දෙදෙනා අතරින් ලක්ෂාන් සඳකැන් පිටියට පැමිණෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා පන්දු 27 කදී ලකුණු 28 ක් ලබා ගැනීමේ අභියෝගය පැවැතියත් ඒ සියල්ල මැඩ ගනිමින් තරග ජයග්‍රහණය කරා රැගෙන යෑමට වනිඳු සමත්විය. 

    හසරංග පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක් අවශ්‍යව තිබූ නමුත් තමන් වැඩිපුර උත්සාහ ගන්නා ලද්දේ තරගයේ වැඩි වගකීමක් තමන් වෙත පැවරෙන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට බවයි. “මම පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 75 ක් ලබාගත යුතුව තිබුණා. තිසර අයියා ඒ වෙලාවේ පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහුට ඕනෑම වෙලාවක් ලොකු පහරවල් එල්ල කරන්න පුලුවන්. ඒ වගේම ගිය ගමන්ම මටත් ලේසියෙන් හයකුයි හතරකුයි ආවා. ඒක නිසා මං පුලුවන් තරම් බැලුවේ තිසර අයියා ඉන්නකොට එයාට අවස්ථාව දෙන්නත්.ඒ වෙලාවේ ඕනතරම් අපිට පන්දු ඉතිරි වෙලා තිබුණා. ඒ කිසා මම පුලුවන් තරම් බැලුවේ එයාලට සහයෝගයදිලා වැඩි අවධානම එනකම් කඩුල්ලේ රැඳී ඉන්න”යි සඳහන් කර සිටියේය.

    “ඒ වෙලාවේ වහින්න වගේත් ආවා. අපි දෙන්නා සැලසුම් කළේ ඩක්වර්ත් ලිවුස් එකත් එක්ක අවශ්‍ය ලකුණු ගාණට වඩා ලකුණු 10 ක් ඉස්සරහින් යන්න. එහෙම වුණොත් අපිට ලේසියි තරගය පවත්වාගෙන යන්න. ඒ විදියට ගහපු නිසා තමයි ඇත්තටම මේ තරගය මෙච්චර ලේසියෙන් ඉවර කරන්න පුලුවන් වුණේ” යැයි වනිඳු පවසයි.

    තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට පැමිණි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද වනිඳුගේ දක්ෂතා ගැන මහ ඉහළින් වර්ණනා කළ සිටි අතර ඒ වර්ණනාවට සාධාරණයක්ඉටු කිරීමට වනිඳු සමත්වීමද විශේෂත්වයක් විය.

    “මං දන්නවා සඳකැන්ට බැට් එකෙන් බෝලෙට ගහගන්න පුලුවන් කියලා. මොකද ඒ දේ එයා කළින් කරලා තියෙනවා මම දැකලා තියෙන නිසා. මං එයාට කිව්වේ මට ඔයාගෙන් ලකුණු ඕන නෑ, විකට් එක නොදී ඇගෙන් හරි ගහලා ඒ පැත්ත ගහලා දුන්නොත් මං මේ ගේම් එක ඉවර කරන්න පුලුවන් කියලා. එය අන්තිම ලකුණ වෙනකල්ම ඒ දේ කළා” යැයි 9 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පිළිබඳව වනිඳු පවසා සිටියේය.

    වනිඳුගේදක්ෂතා ඒ අයුරින් තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සැබැවින්ම ඉහළ තලයකට පැමිණි තිබෙනු මෙම තරගයේදී දැක ගත හැකි වූ අතර එහිදී ප්‍රතිවාදී පිලේ ලකුණු 20 කට ආසන්න සංඛ්‍යාවක් නතර කර දැමීමට සමත්වීම ජයග්‍රහණයට හේතු වුණු අතුරු සාධක අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ෂේන් මැක්ඩමොට්ගේ කාර්යය භාරය පිළිබඳව විමසීමේදී අදහස් දක්වා සිටි තරගයේ වීරයා, “හොඳයි කියන්නේ ආපු කෝචස්ලා ඔක්කොම හොඳයි. එයාලා ගොඩක් වෙලාවට අපිව පොළොඹවනවා. මේ දේ වුණොත් මෙහෙමයි කියලා කියලා දෙනවා. නැතුව දේවල් නිකන් කියලා දෙනවා නොවෙයි. මේ දේ වුණොත් අපි ඉන්නේ කොතැනද ඒ තැනට යන්නේ කොහොමද කියන එක ගැන එයාලා ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට කතා කරනවා. ඒක නිසා තමයි අපි ඇත්තටම පසුගිය ටිකේ ඉඳලා කණ්ඩායමක් විදියට ඉදිරියට එන්න හැකි වෙලා තියෙන්නේ”යි පවසා සිටියේය.

    text by sl cricket