‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015 දෙනකු වන අතර ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක. මේ දක්වා චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් බවයි එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ.
Author: Editor(T)
-

නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’
හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසයට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින් වූ වෛරසය නිල වශයෙන් ‘කොවිඩ් 19’ COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා.
-

කිවී දේශයේදී ඉන්දීය ක‍්‍රිකට් අධිරාජ්‍ය බිඳ වැටෙයි
ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි.
ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද විශේෂත්වයක්. අවසන් වරට ඉන්දියාව 1989 දී බටහිර ඉන්දිය සංචාරයේදී මෙලෙස එක්දින තරගාවලියකදී පූර්ණ පරාජයකට ලක්ව වුණා. ඒ 5-0ක් වශයෙනුයි.
නවසීලන්තය සමග මවුන්ට් මුන්ගුනායි හිදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් සංචාරක ඉන්දීය පිලට කඩුළු 5ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා. ඒ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්තයට හැකි වුණා.
ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුළු 5ක් දැවී තිබියදී වීම විශේෂත්වයක්.
නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හෙන්රි නිකෝල්ස් – මාටින් ගප්ටිල් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 106ක් රැස් කළා. පන්දු 46කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 66ක් ලබාසිටි ගප්ටිල් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තරගයේ වීරයා වූ නිකෝල්ස් හතරේ පහර 9ක් සමගින් පන්දු 103කින් ලකුණු 80ක් රැස් කළා.
ලකුණු 220කට කඩුළු 5ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කළ ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 28ක් පමණයි. නායක ටොම් ලේතම් සමගින් පන්දු 46කින් නොදැවී ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගීමටද කොලින් සමත් වුණා.
මේ අතර ලෝකේෂ් රාහුල් සිය එක්දින තරග දිවියේ 5 වැනි ශතකය ලෙස ලකුණු 112ක් රැස්කළා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණේ ඔහුයි. රාහුල් ශ්‍රේයාස් අයියර් (62) සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 100ක් සහ මනීෂ් පාණ්ඩ්‍යා (42) සමග 5 වැනි කඩුල්ලට ලකුණු 107ක් එක් කිරීමට සමත් වුණා.
-

සජිතගේ් ‘ඩුපිල්කේට් UNPයට රනිල්ගේ UNPයෙන් බාල්දියක්
නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද (11) මෙම ඉල්ලීම කළ බවයි ඔහු සදහන් කළේ.
සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය විසින් ‘ සමගි ජාතික බලවේගය’ නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාප නීති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂම වෙත යවා ඇති ලිපියේ සඳහන් කළ බවයි එජාප ප‍්‍රකාශකයා සදහන් කළේ.
ඔහු වැඩි දුරටත් මෙසේ ද සදහන් කළා. ‘එජාපය විසින් ඉදිරිපත් කර ඇති විරෝධයට හේතු වශයෙන් දක්වා ඇත්තේ සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය
‘United National Power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන බවයි. එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබෙනවා.එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන ඹභඡු යන්නට සමාන වන බැවින් ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලූ බව ද’ එජාප ප‍්‍රකාශකයා සදහන් කළා.
-

අපේ ජාතික පෙරමුණේ සභාපතිත් රනිල්ලු
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා.
ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත් කර ගෙන තිබෙන බව සදහන් වෙනවා.
එම ආරංචි මාර්ග සදහන් කරන්නේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවට යැවීමට සූදානම් කර ඇති ලිපියකටද රනිල් වික්රමසිංහ මහතා සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇති බවයි.
අදාළ ලිපියෙහි අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්රමසිංහ මහතා ද, උප සභාපති ලෙස ආචාර්ය සේනක ද සිල්වා මහතා සහ ලේකම් ලෙස රාජිත සේනාරත්න මහතා ද පත්කර ගත්බවද සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව උපලේකම් ධූරයට ඩයනා ගමගේ, පාලක ලේකම් ධූරයට ආර්ඒ.ගටීගඒ ගුණසේකර, ප්‍රචාරක ලේකම් එච්.පී. චන්ද්‍රිකා, මුදල් ලේකම් ධූරයට තුසිත කළුපහන, අධ්‍යාපන ලේකම් ධූරයට ඒගවීගජී ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න, සංවිධායක ලේකම් ධූරයට අනෝජ් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පත්කර ගත්බව එම ලිපියෙහි සඳහන් වෙනවා.
-

මනූෂ නානාක්කාර ‘ජොන්ස්ටන්ට’ මුල මතක් කරලා දෙයි
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න අය නම් මේ වාහන තවම පදිනවා ඇති. එහෙම නැතිව විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ වාහන පදින්නේ නෑ. මේ වාහන සියල්ලම පදින්නේ දැන් ඉන්න ඇමැතිවරු තමයි.
2005 -2015 ඉදලා මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සංචිතයට විතරක් රුපියල් කෝටි තුන්සීයක වාහන අරගෙන තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාට මේක අමතක වෙලා තියෙනවා.
මේ සියල්ලම නැවත පත්වන ඇමතිවරු තමයි භාවිත කරන්නේ. මේක හොඳ නැත්නම් අපි කියනවා මේ වාහන අවශ්‍ය නැතිනම් ඒවා විකුණලා මුදල් වහාම මහා භාණ්ඩාගාරයට යොමු කරන්න. මේ අය මේ වාහන භාවිත කරන ගමන් තමයි මේ කාරණය කියන්නේ. මේවා කුහක වැඩ විතරක් නෙමෙයි ජනතාව මුලා කිරීමක්.
-

‘විමල් කෝටි 100ක් සූදානම් කරගන්න’ – රිෂාඩ් බදුර්දීන්
තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතාට අභියෝග කළේය.
අද (11) කොළඹ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අභියෝගය කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් මහතා, ‘ඔප්පු කොපි සිය ගණනක් ක්‍ෂෘ යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. ක්‍ෂෘ පරීක්ෂණයක් තිබෙනවා නම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද ? එහෙම නැත්නම් ක්‍ෂෘ එක්ක හොර සබඳතාවක් තිබෙනවාද ? මම එතුමාට අභියෝග කරනවා ක්‍ෂෘ දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ.
ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා.
මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ.මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්\ දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ.
එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා’
-

වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.
පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා සිටියි.
නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
එමෙන් ම, පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතුය.
-

‘සැලා කන්න ආ’ නව අධ්‍යක්ෂ ජනරාල් ගැන හෙළිදරව්වක්
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගලගේ අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක් හරහා මෙකී චෝදනාව ඉදිරිපත් කරන අතර මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ද අවධානයට යොමුකර තිබෙනවා.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා.
ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාව වන්නේ 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදායි.ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික,තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය සේවා ව පවත්වාගෙන යාම කරගෙන යනු ලබයි.
විවිධ රජයන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට සේවක වැටුප් ගෙවා ගැනීමට පවා බැරි තත්වයකට වැටී ඇත්තේ අප රට පාලනය කල පාලකයින්ගේ වරදින්ම බව නොකියා බැරිය. මක්නිසාද යත් වර්තමානයේදී ද පාලකයින් විසින් නිසි සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත්කරන ලද නිළධාරීන් විසින් ජනතාවගේ දේපලක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කාබාසිනියා කරමින් සිටින නිසාය.
වර්තමාන රජය බලයට පත් වූ විගස ජනාධිපතිවරයා පැවැසූවේ රාජ්‍ය ආයතන නිසි ලෙස කළමනාකරණය කල හැකි පුද්ගලයින් රාජ්‍ය සංස්ථා සදහා පත් කරන බවයි. එහෙත් අද වන විට වර්තමාන රජය විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සදහා සුදුසුකම් නොමැතිව (පරිපාලනය සදහා) පත් කරන ලද අධ්‍යක්ෂක ජනරාල්වරයා වන අජිත් නාරගල නැමැත්තා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ධනය තම සුඛවිහරණය සදහා භාවිතා කරමින් සිටී.
ඒ සදහා වන කදිම උදාහරණ අප සතු අතර එයින් කිහිපයක් හුදීජනයාගේ පහන් සංවේගය සදහා සටහන් කරමු.
01.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නාන කාමරය සදහා උණු වතුර හීටරයක් සවි කර ගැනීම.
02. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව වාහන තිබියදී ඒවා තමන්ට නොගැලපෙන බව පවසමින් වෙනත් අමාත්‍යාංශයකින් ලබා ගත් ජීප් රථය සදහා රුපියල් 89,000.00 කට ආසන්න මුදලකට ගුවන් විදුලි යන්ත්‍රයක් මිලදී ගෙන සවි කිරීම. එම මිලදී ගැනීම නීති විරෝධී බව නිළධාරීන් පැවැසූවද තමන් රාජපක්ෂවරුන්ගෙන් පැමිණ ඇති බව එම නිළිධාරීන්ට පැවැසූ බව එහි සේවකයින් පවසයි.
03. ආයතනයේ සුලු මුදල් වලින් තමන්ගේ ආහාරපාන ලබා ගැනීම. දවල් ආහාර බනානා ලීෆ් අවන්හලෙන් ද දෙලුම් ජූස් හා අඔ ජූස් ජාවත්ත පිහිටි සී.අයි.සී අවන්හලෙන් ලබා ගන්නා අතර බම්බලපිටියේ එළයිට් අවන්හලෙන්ද ආහාර ලබා ගනී
04.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාමරයේ වායු සමනයකරන යන්ත්‍රයක් තිබියදී නව වායු සමන යන්ත්‍රයක් සවිකිරීමට නියෝග කිරීම.
05.කාර්යාල වේලාවේදී කාර්යාලය තුළ රැදී නොසිට කාර්යාල වේලාවෙන් පසුව කාන්තාවන් තමන්ගේ රාජකාරී සදහා රදවා ගැනීම.
06. තමන්ගේ කාරමරය නිරතුරුවම පළතුරු සුවදින් තබා ගන්නා ලෙස සේවකයින්ට උපදෙස් ලබා දී ආයතනයේ සුලු මුදල් වලින් පළතුරු මිලදී ගැනීම.
07. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාල නොමැති විදේශ සංචාරයක් සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් රුපියල් 60,000.00 කට ආසන්න මුදලක් ලබා ගැනීම.
වෙනත් ආයතන වල එනම් ජාතික තරුණ සේවා සභාවේ ඔහු සේවය කරද්දී ඔහු වෙත එල්ල වූ චෝදනා රැසක් අප සතුව ඇති අතර ඒ අතර කාන්තා හිංසනද වේ. එම කාන්තා හිංසනය සම්බන්ධයෙන් ජාතික තරුණසේවා සභාවේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ටද ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත යාමට සිදුව තිබේ.
මෙරට ජීවත් වූ සමහර අමාත්‍යවරු තම ගෙදර තිබෙන බඩු භාණ්ඩ පවා තම ආයතනයට රැගෙන විත් ඇති බව අප අසා ඇත. එසේ තිබියදී මෙරට ආර්ථික විද්‍යාව පිළිබද ඔස්තාර්වරයෙකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයාද වන හා ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලද පුද්ගලයා තම නාන කාමරය සදහා උණුවතුර හීටරයක් සවිකිරීම හා වෙනත් ක්‍රියා සිදුකිරීම බන්ධුල ගුණවර්ධන අප ගුරුතුමා ආර්ථික විද්‍යාවේදී අපට කියා දුන් ආවස්ථික පිරිවැය න්‍යාය එනම් හිග සම්පත් විකල්ප අරමුණු අතර බෙදා හැරීමේදී එක් අවස්ථාවක් තෝරා ගත් විට එම අවස්ථාව වෙනුවෙන් කැපකරන ඊලග හොදම අවස්ථාව අනුව නිවරැදිද? යන්න අප ගුරතුමාගෙන් විමසමු. තවද අප එතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දී නැවත වරක් ජනතාවට මාසයක් කෑමට රුපියල් 2500 ක් ඇති බව ප්‍රකාශ නොකරන ලෙසයි. අප සංවිධානය ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.
ජනාධිපතිතුමනි,
වහාම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පිළිබදව වහා සොයා බලන්න.
-

නව දේශපාලන ප‍්‍රවණතා ගැන චම්පිකගේ ‘අලුත් තියරිය’
රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.
මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය ඉදිරියට ගෙනයාම මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ පමණක් නොව, දේශපාලන කතුරට අසුවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෑම දේශපාලන පක්ෂවල මෙන්ම සෑම ජන කණ්ඩායමකම වගකීමකි. මෙම නව සන්ධානය ජනතාවාදී පාලනයකි. ජනතාවාදී ගමන්මඟකි.
චම්පික රණවක මහතා මේ අදහස් පළකර සිටියේ පසුගිය 09 වැනිදා ‘අලුත් පැතුමක් – අලුත් ගමනක්’ නමින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ පැවති මහරගම විශේෂ ජනහමුවට සහභාගී වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
දේශපාලකයගෙයි, දේශපාලන පක්ෂවලයි ප්‍රධාන අරමුණ තමයි බලය ලබාගැනීම. පක්ෂයේ නම, ඉතිහාසය, ලකුණ, නායකයන්, ලස්සන හා ගරු ගාම්භීර වුව ද බලය නැත්නම් ඉන් ඵලක් නැත. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන් වටහා ගත යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකොට හෝ පුළුල් බලවේගයක් මගින් මේ රටේ සෑම දෙනාම ඒකරාශී කරගනිමින් ඉදිරියට යෑම සිදුකළ යුතුයි.
වත්මන් ආණ්ඩු පාලනයට දැන් මාස 03 කට ආසන්නයි. ජනමාධ්‍ය දෙක තුනක් භාවිත කරමින් සිදුකළ දැවැන්ත කූට නාටකයක ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් බලයට පත්වුණේ. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, සහරාන්ල පිටිපස්සෙ ගෝඩ් ෆාදර්ල කොටසක් ඉන්නවා, මෙහෙයුම්කරුවො ටිකක් ඉන්නවා, ඒ මහමොළකරුවො අනාගතයේදීත් පහරදීම්වලට ලෑස්තියි කියල විශාල බියවැද්දීමක් ගෙන ගියා. දැන් මාස තුනක් වෙලා තියෙනවා. පිටිපස්සෙ හිටියයි කියන එකම මෙහෙයුම්කරුවෙක්, මහ මොළකාරයෙක්, කුමන්ත්‍රණකරුවෙක් අත්අඩංගුවට අරගෙන නෑ. ඒ නිසා දැන් අපිට හිතෙනව මේකත් ජනාධිතිවරණය ජයග්‍රහණය කිරීමට සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් ද කියල.
මහ බැංකුවේ ඇතිවෙච්ච වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව එළිදැක්වුවම නොයෙක් තර්ක විතර්ක කරනවා. මේක කරපු ආයතන වංචනිකයිලු, ඒවයේ චරිත සහතික හොද නැහැලු. මේවා ගැන මේ චරිත සහතික දෙන්නෙ අන්ත දූෂිතයො ටිකක්. ඔවුන් පවසන්නෙ, පාඩුවක් මිසක් වංචාවක් වෙලා නෑ කියල. වංචාවෙයි පාඩුවෙයි වෙනස මොකක්ද? කිසිවෙක් චේතාන්විතව රජයේ අරමුදල්වලට පාඩුවක් වෙලා තමන්ට ලාභයක් වෙන්න කටයුතු කරනවනම් ඒක තමයි වංචාව කියන්නෙ. ගණුදෙනුවලින් 20% ක් වංචනික ආකාරයට සිදුව ඇති බව වෝහාරික වාර්තාවේ සඳහන් වෙලා තියෙනව. මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල වූ සේවක අර්ථසාධක අරමුදල යොදවා, තමන්ට හිතවත් ගණුදෙනුකාරයො කිහිප දෙනෙක් සමඟ මේ වංචාව චේතාන්විතව සිදුකරල තිබෙන බව අද ඔප්පු වී ඇත.
අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන්නම් අත්අඩංගුවට ගන්න කියල අපි ආණ්ඩුවට අභියෝග කරනව. එහෙම කරන්නෙ නෑ, මොකද අර්ජුන් මහේන්ද්‍රන් දන්නව රාජපක්ෂවරුන්ගේ ඩුබායි ගණුදෙනු ගැන. ශ්‍රී ලංකන් ගණුදෙනුවට එහි හිටපු ප්‍රධාන විධායකයව අත්අඩංගුවට ගත්ත වගේ, මිග් ගණුදෙනුවට සම්බන්ධ උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න කියල අපි වත්මන් ආණ්ඩුවට අභියෝග කරනව. ශ්‍රී ලංකන් එකේ එයාර්බස් ගණුදෙනුව හෙව්ව වගේ බෙලිස්සා සමාගම හරහා මිග් ගණුදෙනුව කළ එකත් වහාම විමර්ශනය කළ යුතුයි.
ශ්‍රී ලංකන් වංචාව මම ඒ කාලෙම පෙන්නල දුන්න. අද වෙනකොට පාඩුව බිලියන 250 යි. මේ රටේ සෑම කෙනෙක්වම සෑම පුද්ගලයෙක්ම අද රුපියල් 15,000 ක ණය කාරයෙක් බවට පත්කරල තියෙනවා. කව්ද ඒ තීන්දුව ගත්තෙ. 2008 මහින්ද රාජපක්ෂගෙ මස්සිනා මේකෙ සභාපති වෙනකොට ලාභ ලබපු ශ්‍රී ලංකන් ආයතනය බිලියන 250 ක පාඩු ලබන ආයතනයක් වුණේ ඇයි? එවකට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ එතුමාගේ පුතුන් දෙදෙනා සමඟ එකතුවෙලා ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ගුවන් යානා 14 ක් (ත්‍රීවීල්වත් ගන්නෙ නෑ ඒ විදියට) මිලදී ගන්න කටයුතු කළා.
කොහොමද ගත්තෙ, ගුවන්යානය එයාර් බස් එකට ඕඩර් කරනව, ඒක ගන්න වෙනත් සමාගමකට පවරනවා. එම සමාගම ගුවන්යානා ගන්නව, අපිට අයිති ඒ ගුවන් යානා අපි එම සමාගමෙන් කල්බදු ක්‍රමයට ගන්නවා. අපිත් ඊට පස්සෙ ඒව තව අයට කල්බදු ක්‍රමයට දෙනවා. මේ ගැන ජනාධිපති කොමිසමක් තිබුණ. මේ ගැන FCID පරීක්ෂණයක් තිබුණ. මේ ගැන පැහැදිළි ආකාරයට CID පරීක්ෂණයක් තිබුණ. කපිල චන්ද්‍රසේන ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියල අවුරුදු 03 ක් වෙනවා. ඒක වුණේ නැ, මොකද අර වංසක්කාර මංකොල්ලකාර රැළ ශ්‍රී ලංකන් ගුවන් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර අල්ලාගෙන හිටිය.
මේ සම්බන්ධයෙන් කබීර් හෂීම් මහත්තය කැබිනට් පත්‍රිකාවක් දැම්ම. එතුමට ලොකු බලපෑමක් ආව ඒක ආපහු ගන්න කියල. මොකද එහි සැබෑ තත්ත්වය පැහැදිළිව සටහන්වෙලා තිබුණ. අද මේකට අවශ්‍ය වෙනව තාක්ෂණික විගණනයක්. මේ ගුවන්යානාවල බඳ විතරයි එයාර්බස් එකේ හැදුවෙ. එන්ජින් ගත්තෙ රෝල්ස් රොයිස් එකෙන්. සීට් හයිකලේ වෙන තැනකින්. කුස්සිය හැදුවෙ තව තැනක. මේ සියලු සැපයුම් සපයන්න කවුද ගියේ? කොහෙන්ද ගත්තෙ? කීයද වටිනාකම කියන එක හොයන්න ඕන. අන්න ඒ තාක්ෂණික විගණනය කළ දවසට තේරෙයි කොච්චර ධනයක් කපිල චන්ද්‍රසේනගෙන් ඔබ්බට හොරකම් කරල තියෙනවද කියල මේ රටේ මේ ඇත්තො ටික එකතුවෙලා.
අවුරුදු 03 කට අපට ණය ගෙවන්න විදියක් නෑ, ඒ නිසා ඉන්දියාවේ ණය ගෙවීමේ කටයුතු (ඉන්දියාවෙන් ගත්ත ණය) අවුරුදු තුනකට අත්හිටවල, මුල් පියවර තබන ලෙසත්, එවිට අනෙක් රටවල් ද එලෙස සහනයක් සලසනු ඇති බව මුදල් ආමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව හින්දු පුවත්පතේ මීරා මැතිණිය විසින් වාර්තා කරල තියෙනව,
මේක ඉතාම භයානක ප්‍රකාශයක්. ලංකාව මූල්‍යමය වශයෙන් බංකොලොත්. අපිට ණය ගෙවාගන්න බෑ. කියන එක තමයි රටේ මුදල් ඇමති නවදිල්ලියට ගිහින් කියල තියෙන්නෙ. ඒකෙන් මොකද වෙන්නෙ? හෙට ඉඳන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.
මෙම මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි. මං මේක දහස්වාරයක් කියල තියෙනවා. එතුමා බලයට එනකොට 5% යි මේ රටේ වානිජ ණය තිබුණෙ. එතුමා තමයි අධික මිළ ගණන්වලට ණය අරගෙන මේ රට ණය ගෙවන්න බැරි තැනකට පරිවර්තනය කළේ. එම ණය අරගෙන ආයෝජනය කළේ ආදායම් නොලැබෙන ව්‍යාපෘතිවල. ඒ නිසා මේ සියල්ලේ ණය ගෙවන්න වෙලා තියෙන්නෙ අද රටටයි.
අද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරල කියනව, පහුගිය ආණ්ඩුව බිල් පොලු තියල, අපිට ඒව ගෙවන්න සල්ලි දෙන්න කියල. මහින්ද මහත්තය 2014 දිත් ඔය සෙල්ලම කළා. කොන්ත්‍රාත්කාරයින්ට බිලියන 250 ක් දුන්නා සංවර්ධන වැඩ සඳහා. දීල කොන්ත්‍රාත්කාරයින්ට කීව 15% කොමිස් එක අරගෙන එන්න කියල.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු හැටියෙම කිව්ව මම බදු සහනයක් දෙනව දෙසැම්බර් 01 වෙනිද ඉඳන් කියල. බදු සහනයක් දුන්න. මොකක්ද වුණේ? කිසිම මිනිහෙක් බදු ගෙව්වෙ නෑ. අපේ ආණ්ඩුවේ තිබුණු ක්‍රියාදාමය නිසා අපගේ ආණ්ඩුවේ ආදායම බිලියන 2400 ක්. මාසෙකට බිලියන 200 ගානේ එන්න ඕන. දෙසැම්බර් මාසෙ තඹ සතයක්වත් එකතු වුණේ නෑ මේ ප්‍රතිපත්තිය නිසා. අන්න ඒ නිසා තමයි මූල්‍ය හිඟය ඇති වුණේ. දැන් මේ මාසෙ මොකද වෙලා තියෙන්නෙ? තාම මේක පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ. ලොකු කොම්පැණි කාරයො ඔක්කොම මොකද කරන්න, ලියුම් යවනව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව වැට් බදු තියෙනවද නැද්ද කියල. වැට් බදු නීත්‍යානුකූලව නෑ. කවුරුවත් බදු ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. මේ මෝඩ ආර්ථික තීන්දුවේ ප්‍රතිඵලය නිසා තමයි අද විශ්‍රාම වැටුපට, අතිකාල දීමනාවට, වෘත්තීයවේදීන්ට ලබාදුන් 15,000 දීමනාවට, වැඩකරන ජනතාවගේ දීමනා සියල්ලට අත තියල තියෙන්නෙ.
අද මේ රට ඉදිරියට ගෙනියන්න හොඳ මූල්‍ය කළමණාකරනයක් අවශ්‍යයි. එහෙම ක්‍රියාකරන්න හොඳ ආර්ථික දැක්මක් තියෙන පිරිසක් අද මේ රටට අවශ්‍යයි. මේ රටේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරන්න පුලුවන් වෘත්තීය මට්ටමේ මූල්‍ය පාලනයක් ගේන්න පුළුවන් ශක්තිමත් පාලනයක් ඊළඟ මහා මැතිවරණයෙන් අප ගොඩනගාගත යුතුයි. අන්න ඒ සඳහා වුණ පුලුල් සන්ධානයට ඔබගේ ශක්තියත් ජවයත් ලබාදෙන්න. ඒ සඳහා අප සියලු දෙනාම එකට එකතුවෙලා අපෙන් වුණ වැරදි අකටයුතුකම්, අපේ පාලනය තුළ ඉටුනොවුණ යුතුකම් ජනතාවට අපි නැවත ඇති නොවෙන්නට පුළුල් ජනතා බලයක් ගොඩනගමු. පුළුල් සන්ධානයක් ගොඩනගාගමු. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ ශක්තිය ජවය බලය ලබාදෙන්න අපි හැමදෙනාම කැපවෙමු.
-

ක‍්‍රීඩාවටත් පොලිසියක්
2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.

-

බටහිර ඉන්දීය කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (10 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණීම කැපී පෙනෙයි.
දින 24 ක කාලයක් මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගයට පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. ඒ අනුව එස්. එස්. සී. පිටියේදී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේදී අප්‍රේල් මස බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගය වේ.
කල් තියාම මෙරටට පැමිණෙන කොදෙව් කණ්ඩායම පළමු එක්දින තරගයට පෙර පී. සරා ඕවල් පිටියේ සහ කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පුහුණු තරග 2 කට තරග වැදීමට නියමිතය. මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැන්න මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.
දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 2 මාර්තු 04 සහ 06 වැනි දෙදින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.





Text copied by sl cricket
-

සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි.
නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර කළ බවත් ඉදිරි තනතුරු නොබෝ දිනකින් සම්පූර්ණ කරන බවත් ඔහු සදහන් කළේය.
-

වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ‘කොරෝනා ගැන සහතිකයක්’
ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බවත් මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
නව කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවට පළ වී ඇති ‘අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිත’ ඔහු සදහන් කළා. දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ තත්ත්වය ගැන අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ මේ වන විට දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 33 දෙනෙකු රැඳී සිටින අතර ඔවුන් සති දෙකක කාලයක් එහි රැඳී සිටිය යුතු බවයි. ඔවුන්ගේ සති දෙකක ලබන සෙනසුරාදා (15* සම්පූර්ණ වන බව කී සමරවීර මහතා ආරක්ෂක හමුදාවලට අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දෛනිකව නිරීක්ෂණය කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තර අවධානයෙන් පසුවන බව ද සඳහන් කළේය. ‘අපි නිතර ඒ ගැන අවධානයෙන් ඉන්නේ. මේ වන තෙක් දියතලාවේ සිටින කිසි ම පුද්ගලයෙකුට රෝග ලක්ෂණ තියෙන බව වාර්තා වෙලා නැහැ. සති දෙකක් ගත වෙන තුරු අපි ඔවුන්ව නිරීක්ෂණය කරනවා’ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් ඔවුන් සේවය කරන සහ නවාතැන් ගෙන සිටින ස්ථානවලදී ම නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්වන බවත් ඒ සඳහා ප්‍රාදේශීය වෛද්‍ය පරීක්ෂකවරුන් යොදවා ඇති අතර රෝගීන් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇතැයි ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
-

අත – පොහොට්ටු ගිවිසුම්වල ‘ඇත්ත’ ප‍්‍රසන්න හෙළි කරයි
ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා මැතිවරණය අනිවාර්යෙන් ම තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් කියා සිටී.
ඉදිරි මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (11) ගම්පහ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේද කීවේය.
” ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් ඇති කර ගත් අවබෝධිතා ගිවිසුම් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එළියට දාලා තියෙනවා. ඒ ගිවිසුම් දෙකේ ම සන්ධානයක් ගැන කථා කළාට ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණක් ගැන සදහන් නෑ. අපි ඒකයි මුල ඉදලාම කියන්නේ මොන මොන නම් වලින් මොන මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ පොහොට්ටුව කියලා. අපි ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරලා තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවනවා.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පක්ෂයේ බලය ගන්න බැරි විපක්ෂ නායක කොහොමද රටේ බලය ගන්නේ‘ යැයි ප්‍රශ්න කළේය. එදා ඩයිනමෝව හොදයි, මෝටරය හොදයි කිය කිය ගිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අද නැවත විහිලුකාරයෙක් බවට පත් වෙලා. එදා ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න එපා කියපු සජිත් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම කරන්නම් කියලා පිංසේණ්ඩු වෙනවා. රනිල් කියනවා අලියාගෙන් ඉල්ලනන් ඕනේ කියලා. සජිත් කියනවා හදවතින් ඉල්ලන්න ඕනේ කියලා. මොකෙන් ඉල්ලුවත් මේ අය කරන බොරු දැන් ජනතාව හොදින් දන්නවා. ඒ නිසා නැවත සජිත් ප්‍රේමදාසලාට මේ රටේ ඉඩක් නෑ”. ඇමතිවරයා වැඩි දුරටක් සදහන් කළේය.
-

රැකියා නැති උපාධිධාරීන් ‘ගෝඨගේ රැකියාවලින් හලන’ කොන්දේසියක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමාවක් 2019-12-31 දිනට සම්පූර්ණ කර ඇති සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිය.
ඒ අනුව 2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුල (උපාධිය ලබාගත් දින සිට) රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැක.
