Author: Editor

  • ‘රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් විශේෂඥ නිර්දේශ ලැබී නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

    ‘රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් විශේෂඥ නිර්දේශ ලැබී නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

    කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    අද (15) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ වත්මන් තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේෙ රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බවයි.

    රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවයි.

    “වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. ඔවුන් අපිට නිල වශයෙන් දෙන උපදෙස් හා නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ.

    රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි කිසිසේත් පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”

    මේ අතර කොවිඩ් වසංගතය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

  • වී අලෙවි මණ්ඩලය ගැන ගොවීන්ට ඇති ගැටලුවලට එහි උප සභාපති දෙන පිළිතුරු

    වී අලෙවි මණ්ඩලය ගැන ගොවීන්ට ඇති ගැටලුවලට එහි උප සභාපති දෙන පිළිතුරු

    වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු ද වන ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ වී අලෙවි මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ අප කළ සංවාදය මගින් ඔබගේ බොහෝ ගැටලුවලට නිසි පිළිතුරු ලැබෙනු ඇත.

    වර්තමානය වන විට වී අලෙවි මණ්ඩලය රටේ ජනතාවට අත්‍යවශ්‍යම තත්ත්වයක පවතින්නේ ඇයි ඔබ සිතන්නේද? එසේ නො නොමැති නම් බැලූ බැල්මට මෙම ආයතනය හුදෙක් වැඩකට නැති රාජ්‍ය ආයතනයක් ලෙස කෙනෙකු අර්ථකථනය  කළොත්  ඔබ එසේ නොමැතියැයි  සාධාරණය කරන්නේ කෙසේද? මොකද ඔබ මේ ක්ෂේත්‍රය පිළිබද වෘත්තිමය පර්යේෂකයෙක් වගේම, ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක්, නිරන්තර මේ ක්ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහයන්වල යෙදෙන පුද්ගලයෙක්

    ඔව් ඔබ ඉතා හොඳ ප්‍රශ්නයක්ය විමසුවේ, මේ රටේ වී අලෙවි මණ්ඩලය වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ මා පෞද්ගලිකව  සෑහීමකට පත් වෙනවා. මොකද මම ආයතනයේ උප සභාපති ලෙස නොව වෘත්තිමය  පර්යේෂකයෙක් හැටියට ඔබටම වින්ශ්චය කරන්න එම කාරණය මම විග්‍රහ කරන්නම්. එනම් වී අලෙවි මණ්ඩලයෙ කියන ආයතනය මේ රටට කොතරම් වැදගත් ද කියල දැනෙන්නෙ ගොවි ජනතාව වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඒවා ගොවි ජනතාවට කොයිතරම් සමීප විදිහට ක්‍රියාත්මක වනවා ද නැද්ද යන ප්‍රායෝගික තත්ත්වය තුළ කියලා කිව්වොත් නිවැරදියි. මොකද මේ ආයතනයේ කිසියම් සාර්ථක  අසාර්ථක තත්ත්වයක් තිබුණ නම් ඒකට වගකියන්න ගොවි ජනතාව පෞද්ගලික  සහල් ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් පාරිභෝගික ජනතාව හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් නොවේ පැවැති රජයන්, පැවති රජයන් තුළ පැවැති අකාර්යක්ෂම කළමනාකරණය එසේ නොමැතිනම් ගොවි ජනතාවට වඩාත් සංවේදී වූ ප්‍රශ්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු නොකරපු පාලනයක් පැවතීම කියලා මම ඉතා වගකීමෙන්  ප්‍රකාශ කරන්න කැමතියි.

    ඇයි එහෙම කියන්නේ කියන කාර්ණාව පිළිබඳ මම කෙටි  විග්‍රහයක්ද කරන්නම් කරුණු කාරණා සහිතව, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානතම  අරමුණ විය යුත්තේ රජය මගින් නිකුත් කරනු ලබන වී සඳහා වන සහතික මිල රට තුළ ස්ථාවර පවත්වා ගනිමින් එම  මිලට පහලින් ගොවි ජනතාවගේ වී අස්වැන්න මිලදී ගනු ලබන සෑම අවස්ථාවක්ම රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරවන ආයතනයක් හැටියට ඉදිරිපත් වෙලා එම අස්වනු මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම කිව්වොත් නිවැරදියි, එසේම එම ලබා ලබා ගනු ලබන වී අස්වනු සුරක්ෂිතව ගබඩාකොට තබාගෙන ආරක්ෂිත වී තොගයක් ලෙස  කළමනාකරණය කර ගනිමින් රට තුළ වී ගොවියා ආරක්ෂා කරනව  මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර කර ගැනීම සදහා ද සහල් මිල ඉහළ යන අවස්ථාවලදී එම වී තොග සහල් බවට පත්කර පාරිභෝගික ජනතාවන්ට සාධාරණ මිලකට ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම කියන කාරණය තමයි වී අලෙවි මණ්ඩලය තුළින් මේ රටේ පාරිභෝගික ජනතාවත් ගොවි ජනතාවත් ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය ජය බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණාවන්,

    නමුත් මෙම කාර්ණා කොහොමද ඉටුවුණේ කියලා පසුගිය කාලසීමාව තුළ අපි හොයලා බැලුවොත් මම හිතන්නේ මේ කාරණා පිළිබද  කිසිසේත්ම සුබදායී නොවන තත්ත්වයක් තමයි පැවතුනේ, එනම් පැවැති රජයන් මේ වී අලෙවි මණ්ඩලය ඉතාමත් අකාර්යක්ෂම ආයතනයක් බවට පෙන්වමින් කිසිදු අවස්ථාවක මේ ආයතනය ගොවිජනතාවට පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ පලදායී ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය රාජ්‍යමය පරිසරය රාජ්‍ය මැදිහත්වීම ලබා නොදී තිබුන කිවහොත් ඒක නිවැරදි යි,

    කාරණා කිහිපයක් මම ඒ සඳහා පෙන්වන්නම්,  විශේෂයෙන් පැවති රජය වසර පහක් තුළ වී සඳහා  පැවැති සහතික මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමීමට කටයුතු කරේ නෑ, එතකොට මේ වී සඳහා වන සහතික මිල ඉහල දැමීමට රජය හැටියට ක්‍රියාත්මක වීමක් සිදු නොවීම මෙන්ම ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය ද 35% ත් 40% ත් අතර ඉහළ ගොස් තිබිච්ච අවස්ථාවක ගොවි ජනතාවට පැවතියේ එකම විසදුම පුද්ගලික අංශය පමණයි.

    එවිට පෞද්ගලික මෝල් හිමියන්ගේ තනි  ඒකාධිකාරයට මුළුමනින්ම ගොවි ජනතාව නතුවෙලා තිබුණෙ, ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම මිලකට තම වී අස්වනු  ටික ලබා දෙන්න සිද්දවුණා, රාජ්‍ය අංශයේ කිසිම මැදිහත්වීමක් වුණේ නැහැ, මේ රජය එනකොට වී අලෙවි මණඩලය පිළිබද කිසිම විශ්වාසයක් ගොවිජනතාව තුළ තිබුනෙ නැහැ. විශේෂයෙන් පැවති මිල සහ කාරණා ගණනාවක් එක්ක. නමුත් මේ රජය වී කිලෝවක් සඳහා පැවති රුපියල් 38 ක සහතික මිල රුපියල් 50ක මිලක් ලෙස ඉහළ අගයකට ගෙනාව, එය ඉතාමත් හොඳ සුබදායී කාරණයක්, ගොවි ජනතාවගේ පැත්තෙන් ඒක විය යුතු ම අවස්ථාවක තමයි ඒ දේ කලේ, ඒ වගේම තමයි රුපියල් 50ක මිලක් තීරණය කලා පමණක් නොවේ එම මිලට අවශ්‍ය ඕනෑම වී තොගයක් ලබාගැනීමට වි අලෙවි  මණ්ඩලය තුළ පරිසරය නිර්මාණය කරන්නත් හැකි වුණා.

    එතනදි රාජ්‍ය  මැදිහත්වීම් තුළ වී සඳහා සහතික මිල ඉහළ දැමීම කරන්න  පුළුවන් වීම  වගේම පසුගිය කාලසීමාව තුළ අපි දැක්කා වී මිලදී ගැනීම සඳහා රජය වී මිලදී ගැනීම සදහා  වී අලෙවි  මණ්ඩලයට මුදල් ලබාදීම සිදුකෙරේ පෞද්ගලික සියලු මෝල්වලට ඒ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය ඔඩපන ණය ලබාදීලා කන්නයෙන් 50% ක් පමණ අස්වනු නෙලා අවසන්වුනු  අවස්ථාවක. එනම්  වී මිල ඉතාමත් අඩු මට්ටමක පැමිණියාට පස්සේ තමයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ලබාදෙන්නේ, නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න අපිට පුළුවන් වුණා කන්නය ආරම්භ වීමට ප්‍රථමව සියලු මුදල් ලබා දෙන්න රජය කටයුතු කලා, ඉතිහාසයේ වී මිලදී ගැනීමට රජයක වෙන්කළ විශාලම මුලද වන රුපියන් දශ ලක්ෂ 16,000 ක මුදල ලබා දුන්නේ පසුගිය මහ කන්නය තුළ.  ඒක ඉතාමත් හොඳ කාරණයක් ඒ වගේම තමයි අනිත් ප්‍රධාන කාරණය වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්, හොඳ මට්ටමේ ගබඩා පහසුකම් 50ක් වත් තිබුණේ නෑ නමුත් වර්තමාන රජය පැමිණියාට පසු අපිට ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබා ගනිමින් අබලන් තත්ත්වයේ තිබුණා වූ සියලු ගබඩා  ඉතාමත් හොඳ තත්ත්වයකට ගේන්න ඉතාමත් කෙටි කාලයක් තුළ හැකි වුණා, ඒ තුළ අපිට අපේ ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුන හමාරකට ආසන්න ප්‍රමාණයකට ඉහළ මට්ටමකට ගේන්න අපිට අවශ්‍ය කටයුතු කර ගන්න පුළුවන් වුණා මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද අපි පෞද්ගලික අංශයත් සමග තරගකාරී පරිසරය තුළ ඉඳගෙන රජයේ සහතික මිල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවානම් අපිට ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබිය යුතුයි.

    රජය සහතික මිලට වී අස්වනු ගන්න සූදානම් නම්   විවෘත වෙළඳපොළ තුළ අපේ සහතික මිල හෝ ඊට ඉහල මිලකට වී මිලක් තීරණ වෙනවා කියන අපි හොදාකාරවම දන්න කාරණයක්, ඒක අපිට ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. පසුගිය මහ කන්නය තුළ, විශේෂයෙන්  සඳහන් කරන්න ඕන මේ ක්ෂේත්‍රය පිළිබඳ වසර විස්සකට අධික කාලයක් වෘත්තිමය පර්යේෂකයෙක් හැටි හිටපු  මම විසින් කරනු  ලැබූ  පර්යේෂ සැලකිය යුතු ප්‍රමාණයක් සිදුකළේ මෙම වී සහල් ක්ෂේත්‍රයට අදාඵව.  එම  විද්‍යත්මක පර්යේෂණවලින් සොයාගනු ලැබූ කරුණු ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවක් අද ලැබිලා තිබෙනවා. එම නිසා පසුගිය කාලසීමාව තුළ වී අලෙවි  මණ්ඩලය පැවති තත්ත්වයත් වර්තමාන තත්ත්වයක් පිළිබඳ ඉතාමත් ඉහල මට්ටමේ සතුටුවිය හැකි  තැනක තමයි අපි අද ඉන්නේ, ඒක නිසා  විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් මේ ලබා දීලා තිබෙනවා වසර තුනක කාල සීමාව තුළ වී අලෙවි  මණ්ඩලය කියන්නේ මේ රටේ රාජ්‍ය ආයතන තුළින් ඉතාමත් ඉහළ මට්ටමක කාර්ය සාධනයක් පෙන්නපු මේ රටේ ගොවි ජනතාවට පාරිභෝගික ජනතාවට රජයටත් මේ  වසර තුන තුළ ආපසු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා කියන එක මං ඉතාමත් වගකීමෙන් කියනවා.

    මේ වී අලෙවි මණ්ඩලය තුළ වී මිලදී ගැනීම සඳහා පැවති ඉතාමත් අසාර්ථක ක්‍රමවේදයන් කිහිපයක් මං ඔබට උදාහරණයක් හැටියට පෙන්වන්නම්, මේවා මේ ආකාරයම තවදුරටත් ක්‍රියාත්මක කලානම් මේවා දිහා බලන් ඉඳල පෞද්ගලික මෝල් හිමියෝ අපි කොපමණ ඉහළ සහතික මිලක් නිකුත් කලත්  ඊට වඩා අඩුවෙන් ගන්න පෙළඹෙනවා, මොකද ගොවි ජනතාව වී අලෙවි කිරීමේ දී  ඉතාමත් සංවේදී කරුණු කාරණා ගණනාවක් තිබෙනව. ගොවි ජනතාවට මේ ආයතන පැමිණීමේද දී වී අලෙවි කිරීමේ දී පැවති පරිසරය පිළිබඳ මම කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්, පළවෙනි කාරණය තමයි වී ගොවියා වී අලෙවි කිරීමට නම්  අවස්ථා ගණනාවක් ගබඩාවක් වෙත පැමිණිය යුතුය, එක් අවස්ථාවක පැමිණ ගබඩා විවෘත කර තිබේ ද බලන්න අවශ්‍යයි, ඒ වගේම තවත් අවස්ථාවක පැමිණ වී මිලදී ගැනීම සඳහා පොලිසැක් උර  රැගෙන යා යුතුයි, ඊළඟ අවස්ථාවේදී  වී ටික රැගෙන ආ යුතුයි, තවත් අවස්ථාවක මුදල් ගැනීමට පැමිණිය යුතුයි, ඉතාමත් කාර්ය බහුල ගොවි ජනතාවක් ඉන්න පරිසරයක් තුළ මෙවැනි අවස්ථා ගණනාවක් පැමැණිමට සිදුවීම, ගොවියාට  මේදේ කරන්න බැහැ,

    නමුත්   අපි ඒ තත්වයන් සියල්ල වෙනස් කළා,  ගොවි ජනතාවට ලබා දුන්න ප්‍රධානම උපදෙස තමයි  වී අලෙවි මණ්ඩලයට පැමිණ බෑග් රුගෙනයාමට අවශ්‍ය නැහැ, ඔබට ලබාගතහැකි ඕනෑම වර්ගයක උරයක අපිට වී ලබා දෙන්න පුළුවන්, ඒ උර  සඳහා මුදල් ලබා දෙන්න කටයුතු කළා,  ඒ වගේම තමයි වී අලෙවි කිරීමේදී මුදල් ලබාදීමට දින ගණනාවක් ගතවීම, වී අලෙවි මණ්ඩලය පිළිබද මුදල් ලබාදීමේදී  විශ්වාසය බිඳවැටී තිබුණේ, නමුත් අපි ඔහුට අවශ්‍ය නම් එම අවස්ථාවේදීම අත්පිට මුදල් ලබාදීමටත් ඒ වගේම තමන් කැමති ඕනෑම බැංකුවක තමන්ගේ ගිණුමට මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතුත්  සිදු කළා. මේක ගොවි ජනතාවට ඉතාමත් හොඳ තත්ත්වයක් වුණා.

    ඒ වගේම තමයි වී ගබඩාවට  ලබා දීමේදී සෑම බෑග් එකකම කිලෝ 50 ග්‍රෑම් 250 බැගින් සියලුම වී උර සකසා ගෙන ආ යුතුයි. එසේ නොමැතිනම් උදේ නමයට වී අලෙවි මණ්ඩලයට පැමිණෙන ගොවියා හවස දෙක වෙනකම් වී බෑග් කරන්න ඔහු මහන්සි විය යුතුයි. උර වෙන වෙනම කිරා බැලිය යුතුයි, මේ සියලූ තත්ත්වයන් ගොවියාට ගැලපෙන ලෙස අපි වෙනස් කරා  වී ප්‍රමාණයන්  සියල්ල එකවර කිරා ලබාගෙන අවශ්‍ය මුදල් එම අවස්ථාවේදීම ලබා දී  ඉතාමත් කෙටි කාලයක් තුළ ගොවියා නිදහස් කර යැවීමටත් අවශ්‍ය කටයුතු කළා,  මේම කාරණා ගොවි ජනතාවට අත්‍යවශ්‍යම කාරණා, ගොවියා රස්තියාදු නොවිය යුතුයි, ඒක වෙනස් කළා, පෞද්ගලික අංශයේ එහෙම කරනවා නම් අපිටත් එතනට යන්න පුළුවන් වෙන්න ඕන.

    ඊළඟ කාරණය තමයි ගොවියෙකුට තමන්ගේ අලෙවි කර ගැනීමට වී කිලෝ තුන්දාහක් හාරදහක් තිබුණත් වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට පහසුකම් තිබුනේ කිලෝ 2000 ක් පමණයි, අපි පෞද්ගලික අංශයත් සමග පැවති තරගකාරී පරිසරයට මුහුණදෙන්න නම් තමන් කැමති ඕනෑම වී ප්‍රමාණයක් ඕනෑම වර්ගයකින්   වී අලෙවි මණ්ඩලයට අලෙවි කරන්න අවස්ථාව ලබා දිය යුතුයි, එතකොට ගොවියා තවත්  ස්ථානකට ඉතිරි වී තොග  රැගෙන  යා යුතු නෑ, එකම ස්ථානයක දී  ගෙන තමන්ගේ සියලු  වී තොග මණ්ඩලයට අලෙවි කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කළා, මෙය ගොවි ජනතාවට ඉතාමත් හොඳ කාරණයක් වුණා

    ඒ වගේම අනිත් ප්‍රධාන කාර කාරණය තමයි රජය  වී සඳහා සහතික මිලක් තීරණය කිරීමේදී ඒ සහතික මිලට පෞද්ගලික වෙළෙඳුන්  ගොවිබිමට  ගිහිල්ලා වී ගන්නවා නම් ඔහු අපේ ගබඩාවට රැගෙනආවත් ලබා දෙන්නේ ඒකම මිලනම් ඔහු පුද්ගලික වෙළෙන්දාට ම කමතේදීම වි ටික අලෙවි කරනවා,  එනම් ඔහු අපිට වී ලබා දෙන්නනම්  ප්‍රවාහනයට වියදමක් දරන්න වෙනවා. ඒක නිසා අපි තීරණය කලා සෑම වී ගොවියකුටම  තමන්ගේ නිවසේ සිට ගබඩා දක්වා වී ටික ප්‍රවාහනයකර ලබාදෙනවාට කිලෝවක් සඳහා රුපියල් 1.50 ක අමතර මුදලක් ලබා දෙන්න, මේකට ගොවියා ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා, ඔහු තමන්ගේම ට්‍රැක්ටරයෙන්  තමන්ගේ වී ටික තමන්ම  ගෙනල්ලා දෙනවා, අපි ගොවියාට සහතික මිලද අමතරව  අතිරේක මුදලක් ලැබීමට අවශ්‍ය පරිසරය සැකසුවා, මේ කියන  කාරණා පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස ඉදිරියට යාමටනම්  කළයුතුම  කාරණයන්  වුණා, එහි ප්‍රතිපලය වුනේ ගොවියාට පුද්ගලික අංශයත් රුපියල්  51.50 ක් ගෙවන්න ඉදිරිපත්වීම.

    ඊළඟ ප්‍රධාන කාර්ණය තමයි අපි දන්නවා අස්වනු නෙලන  අවස්ථාවේම වී සඳහා ඉතා අඩු මිලක් තීරණය වීම, මෙම තෙතමනය සහිත වී වලට රජයක් හැටියට ඉතිහාසය ප්‍රථම වතාවට සාධාරණ  මිලක් තීරණය කරල  ලබාදුන්න, ගොවියට මෙම මිල මා විශ්වාස  කරන විදියට, වී ප්‍රමිතියට  ගෙනල්ල අලෙවි  කරනවට වඩා ලාබයි, තෙතමනය  සහිත වී අලෙවි කිරීම.

    මෙම තෙතමනය සහිත වී මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සුළු හා මධ්‍ය පරිමාණ මෝල්  හා ඒ වගේම නියෝජිතයින් හරහා ඇතිකළා. එම තෙත වී මිලදී ගෙන ඒවා වියළා මණ්ඩලය වෙත  ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කළා. එය  ඉතාම සාර්ථක වුණා. එහි ප්‍රතිඵලය තමයි වීඅලෙවි මණ්ඩලය  මගින් තීරණය කරනු ලබන්නාවූ වී සඳහා පැවැති අවම මිලට වඩා වැඩි මිලක් නිරන්තරයෙන් වෙළඳපොළ තුළ ගොවියාට ලබා ගැනීමට හැකිවීම, ඒක  ඉතාම සාර්ථක කාරණයක් වුණා.

    ඒ වගේම තමයි වී අලෙවි මණ්ඩලය හැටියට ගබඩාවට  වී රැගෙන එනකම් බලා නොසිට වී මිලදී  ගැනීමට ගමට යාමට තීරණය කිරීම. විශේෂයෙන් සෑම ගොවිජන සේවා බල ප්‍රදේශයකම  විශේෂයෙන් ඉහළ වෙළෙඳපොළ අතිරික්තයක් තියෙන සෑම දිස්ත්‍රික්කයක ම වී අලෙවි මණ්ඩලය විසින් නියෝජිතයන් පත් කරනු ලැබුවා සහතික මිලට ගමට ගොස් වී මිලදී ගෙන වී අලෙවි මණ්ඩලයට රැගෙන ඒමට, මෙම  ක්‍රමවේදය ඉතාමත් සාර්ථක වුණා.

    මේ සියලු කාරණාත් එක්ක අවසාන ප්‍රතිඵලය තමයි වී අලෙවි මණ්ඩලයට වී  නොලැබීම. මොකද අපි පෞද්ගලික අංශය සමග ඔවුන් සිදු කරන්නා වූ ක්‍රියාදාමයන් ඔවුන් ගොවි ජනතාවට ලබාදෙන සියල්ල වී අලෙවි මණ්ඩලය රාජ්‍ය යාන්ත්‍රය මෙහෙයවමින්  රාජ්‍ය ආයතනයක් හැටියට මේ සියල්ල මේ මහ පොළොව තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා, මේ අද පවතින වී සදහා වන තරගකාරී වෙළෙඳපොළ පරිසරයෙන් නිර්මාණය කලේ අපි,  ඒක නිසා අද ගොවි ජනතාවට ඉතාමත් ඉහළ මිලක් ලැබෙනවා. ඉහත සියළු කාරණා නොවන්න, වී අලෙවි මණ්ඩලය රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක නොකරන්න අද වී ගොවියාගේ වී ටික ඉතා අඩු මිලකට පුද්ගලික මෝල් හිමියන් ගන්නවා,

    ආර්ථික විද්‍යානුකූල න්‍යායට අනුව ඉහළ සැපයුමක් ලැබෙන අවස්ථාවේ දී මිල පහළ යාමක් තමයි සිදුවිය යුත්තේ, නමුත්අද ඉහළ අස්වැන්නක් ලැබීම සමග මිලත් අස්වනු සමයතුළ ඉහළ යනවා, මේ පරිසරය ඇතිවුනේ ඉහත කාලීන වශයෙන් ගැලපෙන විසදුම් අප ලබාදුන් නිසයි.   වී ගොවියාට තම අස්වනු තරගකාරී ලෙස විකුණන්න පුළුවන් පරිසරයක් ඇති කරානම් ඒ වෙළෙඳපොළ පරිසරය ඇති කළේ වී අලෙවි මණ්ඩලය   කියලා මම ඉතාමත් වගකීමෙන් කියනවා.

    විශේෂයෙන් කිසිදු දේශපාලන මැදිහත්ව වීමකින් තොරව වෘත්තීමය පර්යේෂකයෙක් හැටියට මටත් මේ ක්ෂේත්‍රය  පිළිබඳ ප්‍රවීණයන් ලෙස  මගේ සභාපතිතුමාටත් අපිට මේ ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබාදෙමින් මේ රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් අපට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ නිදහස් පරිසරය ලබා දීල තිබුන, ඒක නිසා තමයි මම කිව්වේ අපිට ලබාදීලා තිබෙන්නා වූ වසර තුන තුළ  ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබුණ තත්ත්වයට වී අලෙවි මණ්ඩලය රැගෙන එනවා කියන එක මම ඉතාමත් වගකීමෙන් කියනවා.

    මේ සියලු ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීම තුළ අවසාන වශයෙන් වී අලෙවි මණ්ඩලයට  වී නොලැබෙන්න  පුළුවන්. හැබැයි වී අලෙවි මණ්ඩලයට වී නොලැබුණා කියන්නේ වී අලෙවි මණ්ඩලයේ  අකාර්යක්ෂමතාව අසාර්ථක තත්වයක් නොවෙයි. අපි සාර්ථක වීම තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන්හි අවසන් ප්‍රතිඵලය තමයි ගොවි ජනතාවට ඉතාමත් ඉහළ මිලකට  තම අස්වනු අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, අපි  නිර්මාණය කළ පරිසරය නිසා තමයි   රජය නිකුත්කළ රුපියල් 50 සහතික මිලට ඉක්මවා රුපියල් 55  වී  පෞද්ගලික මෝල්  හිමියෙක් ලබා ගන්නවා නම් අපේ අරමුණ මම විශ්වාස කරන්නේ  ඉටුවෙලා තියෙන්නෙ අපි රුපියල් 60ට ගන්න  අවශ්‍ය නැහැ.  එවැනි තරඟකාරී පරිසරයක් අතිකරල   රජයක් හඹාගොස් මිලදී ගැනීම නොකළ යුතුයි, මන් ද  ඒ තුළ ආර්ථිකයේ  වී  සහ සහල්  මිල දෙකම ඉහළ යන නිසායි.

    අපි ගොවි ජනතාවට ප්‍රමාණවත් මිලක් ලබා දීලා අපි අවශ්‍ය ඕනෑම වී තොගයක් මිලදී ගැනීම්ට සූදානම් ව සිටීම පමණයි අවශ්‍ය වෙන්නේ,අද අස්වනු ලැබෙන ප්‍රදේශවල දින 07 ම ගබඩා විවෘත්තව පවතිනව.  අපි අද වෙනකොට  කරලා තියෙන්නේ මේ ගැලපෙන විදිහට ඒ වෙනස්කම් කරපු එක, ඒක  නිසා වී අලෙවි මණ්ඩලය මතුපිටින් පෙනෙන වී මිලදී ගැනීමේදී  මිලදී ගනුලබන තොගයෙන්  කවදාවත්ම මේ ආයතනයේ කාර්යක්ෂමතාවය  මනින්න බෑ කෙනෙකුට.

    මේ රටේ ඉතිහාසය වසර ගණනාවකට පසු ඉහළම වී අසන්නට ලැබුණු එනම් වී මෙ.ටො.  ලක්ෂ තිස් දෙකකට ආසන්න ප්‍රමාණයක් ලැබුන 2020/21මහ කන්නය තුළ  කිසිම අලෙවි ගැටලුවක් ඇති වුණේ නැහැ ඉතිහාසයේ ඉහළම  යල කන්නයක් වුන  මෙම යල  කන්නය තුළ ද  වී මෙ.ටො. ලක්ෂ විස්සක අස්වැන්නක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කරලා තියෙනවා.

    මා ඉතා වගකීමෙන් කියනවා මෙම කන්නය තුළ ද කිසිම අලෙවි  ගැටලුවක් ගොවියකුට ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ අවශ්‍ය වුනොත් ගොවීන්ගේ  ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ සූදානම පමණක් ප්‍රමාණවත් විවෘත වෙළඳපළ තුළ දී මිල ස්ථාවරව ඉහළ අගයක  පවත්වා ගැනීමට, අපේ අරමුණ එක තමයි. ඒක නිසා වී අලෙවි මණ්ඩලයේ මේ අවස්ථාවේ  අසාර්ථක තත්ත්වයක පැවතුණා කියනවනම් ඉහත කාරණා සියල්ල අධ්‍යයනය  කරලා ඒක  තීරණය කරන්න පුළුවන්.

    මේ වී අලෙවි  මණ්ඩලය ක්‍රියාකාරී ආයතනයක් ද එහෙම නැත්නම් අක්‍රීය තත්වය පවතින ආයතන ද කියන එක මේ ඉහත කරුණු මත ඔබතුමන්ලාට ම විනිශ්චය කරන්න මම ඉඩ දෙනවා. දැනට වසරකට අධික කාලයක සිට පවතින කොවිඩ් අර්බුදය, ඉහළ නිළධාරීන්ගේ සේවය අත්හිටවල තියෙන අවස්ථාවක  ප්‍රධාන තනතුරු රැසක් නැතිව වැනි  අභියෝග රැසක් මැද තමයි මේ තත්වය ඇතිකරගන්න පුළුවන් වුණේ.

    ඒ වගේම තමයි ඉතිහාසයේ පසුගිය කාලසීමාව තුළ මේ මිලදීගත්  වී වලට මොකද වෙලා තිබෙන්නේ, මෝල්  හිමියන්ට මේ වී ලබාදෙමින් කිසිදු සහල් ඇටයක් නොගත්තු අවස්ථාත් තිබුණා වී  පරණ තත්ත්වයට පත් කරලා සත්වආහාර ලෙස  ලබාදුන් ජාවාරම්කාර තත්ත්වයන්තමයි තිබුණේ. මේ සියල්ලට අපි තිත තියලා තිබෙන්නේ, මම ඉතා වගකීමෙන් කියනවා අපි ගත්තු වී සියල්ල ඉතාමත් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව  බැංකු ඇපකරයන් ලබාගෙන සහල්කර අලෙවි කරල තියෙන්නේ.  එම සහල් සතොස, සමූපාකාර සහ සුපිරි වෙළෙඳසැල්  හරහා මේ රටේ උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි පරිදි වී සහල් කර ලබා දෙනදෙන්න අපිට හැකියාව ලැබුණා, විශේෂයෙන් සඳහන් කරන්න ඕන වී සහල් කිරීමේදී අපි දන්නවා පසුගිය කාලයේ   අසාදු ලේඛන වෙච්ච මෝල් හිමියන් හිටියා.

    අපෙන් වී ලබාගෙන සහල් නොදුන්න මෝල් හිමියන් හිටියා, ඒ වගේම අපිට කිසියම් ආකාරයක සෑහීමට පත්විය නොහැකි වංචා කළ අය.  විශේෂයෙන් සෑම මෝල් හිමියකු ඔවුන් බැංකු ඇපකරයක් අපිට ලබා දීලා තමයි මේ වී කොටන්න  ලබාගන්න ඕන. එසේ නොමැති කිසිවෙකුට ලබා දුන් නෑ මොකද රුපියල් 50ට ගත්තු වී කිලෝවකට රුපියල් 65ක බැංකු ඇපකරයක් අරගෙන තමයි අපි මේ සහල් කිරීමට ලබා දුන්නේ අපිට සහල් නොලැබුණත් ගැටලුවක් නෑ රුපියල් 65ක බැංකු ඇපකරය මුදල් කරගන්න පුළුවන්. නමුත්  කිසිදු පුද්ගලයෙක්ගෙන් එවැනි බැංකු ඇපකරය ලබා ගැනීමට අවශ්‍යතාවයක් වුණේ නැහැ. සියලු දෙනා ඉතාම විධිමත්ව නියමිත වේලාවට සහල් ලබාදීමට කටයුතු කළා.

    ඒ වගේම බැංකු ඇපකර තියන්න බැරි පුද්ගලයන්ට කලින් ඔවුන්ගෙන් නිසි පරිදි සහල් ලබාගෙන ඒ සඳහා අවශ්‍ය වී ලබාදෙන්න කටයුතු කලා, ඒකත් ඉතාමත් සාර්ථක වුණා ඒක නිසා මම ඉතා වගකීමෙන් කියනවා ගොවි ජනතාව ආරක්ෂා කරගන්න ඉතාමත් කාර්යක්ෂම වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරපු ජාතික මට්ටමේ ආයතනයක් බවට වී අලෙවි මණ්ඩලය  පත් කරන්න අපිට හැකිවෙලා තිබෙනවා.

    ඒ වගේම ගොවි ජනතාව ආරක්ෂා කලා වගේම පාරිභෝගිකයා ආරක්ෂා කරමින්  රජය මගින් වී මිලදී ගැනීම සඳහා වාණිජ බැංකු දෙකක් හරහා ලබාදෙන ඔඩපන ණය මුදල නිසිපරිදි බැංකුවට ලබාදීමට අපිට හැකිව වෙලා තිබෙනවා, ඉතිහාසය තුළ වී අලෙවි මණ්ඩලය බිලියන ගණනාවක නොගෙවූ ණය මුදල් තිබෙන ආයතනයක්. හැබැයි අපි මේ තනතුරුවල කටයුතු කරන්න ගත්තට පස්සේ අපි ලබා ගනු ලබන වී සහ  සහල් වලටත් වගකියන්න අපි බැඳිලා සිටිනවා.

    ඒක නිසා මේ ක්‍රියාදාමයන්  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ තමයි සිදු වෙන්නේ, ඒක නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමන් විසින් අපට ලබා දීල තිබෙන මේ වසර තුනක කෙටි කාලසීමාව තුළවී අලෙවි මණ්ඩලය තිබුන තැනත් පවතින තැනත් දෙක බලලා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇති කරගන්න පුලුවන් වෙයි කියලා. අද වෙනකොටත් ඒ තත්ත්වය ඇති කරලා තිබෙනවා.

    • විශේෂයෙන් සඳහන් කරන්න පසුගිය කාලසීමාව තුළ මේ ආයතනය තිබුණ තත්ත්වය ගැන පැහැදිලි කළ හැකිද ?

    අපි කෙටියෙන් සඳහන් කළොත් මෙතන වී මිලදී ගෙනත් නෑ, සහල් අලෙවි කරලත් නෑ. හැබැයි අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරපු ආයතනයක්.  නමුත් වර්තමානය වෙනකොට  මමත් මගේ  සභාපතිතුමාත් වී අලෙවි මණ්ඩලයේ  කිසිදු නිල වාහනයක්,  නිල නිවාසයක්, වැටුපක් කිසිදු ආකාරයක එවැනි අතිරේක දීමනාවන් ලබාගන්නෙ නැහැ.  එහෙම  තමයි මේ කාර්යය කරන්න කියන එකත් පැහැදිලි කරන්න ඕන. සභාපතිතුමන් ඔහුගේ පුද්ගලික ධනය විශාල ලෙස මේ ආයතනයට වියදම් කරනවා්‍ විශේෂනේ සේවක සුභසාධනය ගබඩා අළුත්වැඩියා කිරීම්,  ඒ වගේම ඔහුගේම තාක්ෂණයෙන් ඔහුගේ මුදලින්  කුඩා වී වියලීමේ ඒකකයක් ගබඩා තුළ ඇතිකරමින් යනවා.

    ඒ වගේම මමත්  වෘත්තිමය පර්යේෂකයෙක් හැටියට  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කාෂි ව්‍යාපාර අංශයේ හිටපු අංශ ප්‍රධානී, එම ආයතනයේ  හිටපු වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්  වගේම  වසර විස්සකට ආසන්න කාලයක් වෘත්තිමය පර්යේෂකයෙක් හැටියට පර්යේෂණ ගණනාවක් මේ ක්ෂේත්‍රයට අදාළව සිදු කරලා තමයි අද මේ තැන් නිවැරදිව කරන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ.

    මගේ සභාපතිතුමා ජටල් මාන්නප්පෙරුම,  මේ වෘත්තීය මේ ක්ෂේත්‍රය පිළිබඳ ඇමරිකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක සේවය කළ ඉතාමත් දක්ෂ ජේෂ්ඨ  මහාචාර්යවරයෙක්.  මේ වී අලෙවි  මණ්ඩලය ආරම්භයේ සිට හිටපු දක්ෂ  නිලධාරියෙක්, ඒක නිසා අපිට මේ තැන රටට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බැරි වුණොත් මං විශ්වාස කරනව ඉදිරියේදී වෙනත් කෙනෙකුට මේක නිවැරදි කරගන්න නොහැකි වෙයි කියලා.

    ඒක නිසා අපිට ලබාදීල  තිබෙන කාලසීමාව තුළ මෙම ආයතනය ඉතාමත් ඉහල මට්ටමේ කීර්තිමත් ආයතනයක් වගේම  මේ ආයතනය රටට නැතිව බැරි  වී වගා  කරන ගොවි ජනතාවටත් පාරිභෝගික ජනතාවටත්  අත්‍යවශ්‍යම ආයතනයක් බවට පත් කරලා තමයි අපි මේ ආයතනය නැවතත් බාර දෙන්න කියන එක ඉතාමත්  සතුටින් කියන්න කැමතියි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෙන්වපු කරුණු අද ගොවිබිමට ගිහිල්ලා තියෙන්නේ, අපගේ නව දැක්මත් සමග අද පෞද්ගලික මෝල් හිමියන්ට වී ජාවාකරුවන්ට වී අලෙවි මණ්ඩලය අභියෝගයක් වෙලා තියෙන්නෙ කිවිවොත් නිවැරදියි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආයතනය වී වලට පමණක් සීමා නොවුනු බඩඉරිගු, උදු, රටකජු, මුං ඇට, කවිපි …. වැනි ධාන්‍ය මිලද ගැනීමේ ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රනය මේ හරහා ත්‍රියාත්මක කරන්න. ඒකට අවශ්‍ය  සියළු ගබඩා ශක්තීන්, තාක්ෂණය අප සතුව තියෙනවා.

    වී අලෙවියට පමණක් සීමානොවී ධාන්‍ය මිලදී ගැනීමේ සහ අලෙවි කිරීමේ ආයතනයක් හැටියටත් වී අලෙවි මණ්ඩලය ඇතිකරන්නත් සූදානමක් අපසතුව තියෙනවා. එවිට එක් භෝගයකට සීමා වී තිබුණ මෙම ආයතනයට අනෙකුත් භෝගයන්ගේ අලෙවි ගැටලුවලටත් විසදුම් ලබා දෙන්න පුළුවන් ආයතනයක් වේවි..

  • ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ලංකාවෙන් ! අද මරණ 160ක් තහවුරු කරයි

    ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ලංකාවෙන් ! අද මරණ 160ක් තහවුරු කරයි

    ඊයේ (13) වැනි දින සිදුවූ කොවිඩ් -19 ආසාදිත මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මෙය ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බව එම නිවේදනයේ දැක්වෙනවා..

    මෙම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයක නමුත් ශ්‍රී ලංකාවේ එම අගය මෙලෙස සියයට 5ක් වැනි ඉහළ අගයක බවයි විශේෂඥයින් පවසන්නේ.

    අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 160ත් සමග ලංකාවේ තත්ත්වය ගැන අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකු පැවසුවේ ‘‘මෙමගින් තහවුරු වන්නේ ලංකාවේ වසංගතය කොතරම් බිහිසුණු තත්ත්වයට පත්ව තිබේද යන්නයි. ලංකාව මිලියන 20ක් වැනි සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින රටක් නිසා දෛනිකව සිදුවන මරණ 160ක් විශාල අගයක් ලෙස පෙනී නොයා හැකියි. ඒත් මේ සංඛ්‍යාව ඉන්දියාව සමග සසදා බලන විට මරණ 9600ක් වැනි අති විශාල අගයක්. මෙවැනි දෛනික මරණ අනුපාතකයක් මේ දක්වා ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැහැ. මෙවැනි බිහිසුණු තත්ත්වයක් පෙනි පෙනී රට වසා දැමීම වැනි දැඩි පියවරක රජය නොයන්නේ කුමක් නිසාද යන්න අපට බරපතළ ගැටලුවක්. ජනපතිවරයා සහ යුධ හමුදාපතිවරයා මේ යන්නේ බ්‍රසීල ජනපතිවරයා ගිය පාරේ නම් ලංකාව විශාල ඛේදවාචකයකට මුහුණ දෙන බව ඉතාම පැහැදිලියි‘

  • කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රැකබලා ගැනීමේ වැඩපිළිවෙළ මුළු රටටම පුළුල් වෙයි

    කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රැකබලා ගැනීමේ වැඩපිළිවෙළ මුළු රටටම පුළුල් වෙයි

    දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කරමින්, වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැක බලා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කරන ලදි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි එම වැඩසටහන මුළු දිවයිනම ආවරණ වන පරිදි වෛද්‍යවරු 1000 කගේ පමණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම වැඩසටහන අද (14) රත්නපුර දිස්ත්‍රික්කය තුල ආරම්භ කරන ලද අතර, ක්‍රමාණුකූලව මුළු දිවයිනම ආවරණය පරිදි ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    මෙම වැඩසටහන පිළිබදව මෙරට සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කටයුතු අවසන් කොට ඇති අතර, පූර්ව සීමාවාසික පත්වීම් අපෙක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් 426 කට ද පුහුණූව ලබාදී ඇත. තවත් එවැනිම  වෛද්‍යවරු පිරිසක් පුහුණු කිරීමට ද කටයුතු යොදා ඇත.

    සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු,  අඩු අවධානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීම මෙන්ම අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමට මෙහිදී පියවර ගනු ලැබේ. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔවුනට ලබාදී ඇති මාර්ගෝපදේශ හා නිර්ණායකයන්ට අනුකූලව වෛරසය ආසාදිතව නිවෙස් තුල ප්‍රතිකාර සදහා ලියාපදිංචි කර යොමු කරන රෝගීන්ට පමණක් පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය (Call Center – 1390) සමග සම්බන්ධ විය හැක. දින 14 ක වෛද්‍ය අධීක්ෂණයෙන් පසු ද දින 07 ක්  යන තෙක්  රෝගීයාට මෙම සේවාව ලබාගත හැකිවීම ද විශේෂත්වයකි.

    ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය.

    පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ. එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය හා සම්බන්ධ වේ. දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ. රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ. එම අධීක්ෂණ කටයුතු වල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබයි, ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත.

  • ‘දැන් සම්පූර්ණ වගකීම ජනතාව අතේ‘: PHI සංගමය

    ‘දැන් සම්පූර්ණ වගකීම ජනතාව අතේ‘: PHI සංගමය

    ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි‘‘

    මේ කාරුණික ආයාචනය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතායි.

    වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය මනාව දන්නා එම සංගමය අද (14) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ලබන සඳුදා සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කිරීමට එක්වන ලෙසයි.

    උපුල් රෝහණ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

    ‘‘දින කිහිපයක් දෛනිකව රෝගීන් 3,000 ඉක්මවලා වාර්තා වෙනවා. මරණ 150 ඉක්මවලා වාර්තා වෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය ඉතාම ඉහළ යයි. ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි. ලබන සඳුදා දිනයේ සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරමු. බලධරීන්ට කියන්නේ සීත කාමරවලින් එළියට ඇවිත් මියයන මිනිස්සු සහ රෝගීවන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉදිරියට තීරණ ගන්නවා නම් රට ලස්සන වෙයි කියලා.”

  • හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්

    හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්

    හල්මැස්සන් කිලෝවක් සදහා රුපියල් 100ක බද්දක් සහ කරවල කිලෝවක් සදහා රුපියල් 100ක් සහ කුරක්කන් පිටි කිලෝවක් සදහා රුපියල් 150ක් වශයෙන් වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, අබ ඇට, මේස ලුණු ආදිය සදහා විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.

    විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 11 වැනි දා නව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

  • හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි

    හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි

    ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද ආකාරයට කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බවත් සිදුකරනු ලද්දේ 2020 සැප්තැම්බර් මස 30 වැනි දින පනවන ලද බදුවල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියළුම භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක බද්දක් පැනවීම සිදු කළ බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/08/Finance_1.pdf” ]

  • කොවිඩ් සහ ඔක්සිජන්: හුස්ම ගැනීමේ අපහසුතා ගැන ඔබේ ගැටලුවලට පිළිතුරු

    කොවිඩ් සහ ඔක්සිජන්: හුස්ම ගැනීමේ අපහසුතා ගැන ඔබේ ගැටලුවලට පිළිතුරු

    කොවිඩ් වසංගතය හමුවේ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන්නේ නම් රෝහල් ප්‍රතිකාර ලබා ගත යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    එබැවින් රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර කල් තියා හඳුනා ගැනීම අතිශය වැදගත් බව රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පෙන්වා දෙයි.

    හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණයක් ද? එකවරම හුස්ම ගැනීමට බැරි වේද? සුව වූ පසුත් සංකූලතා පැවතිය හැකිද? වැනි කොවිඩ් සම්බන්ධයෙන් ඔබට පැවතිය හැකි සරල ප්‍රශ්න කිහිපයකට විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක BBC සිංහල සේවය වෙත ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

    හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ්-19 මූලික රෝග ලක්ෂණයක් ද?

    සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ අපහසුතා හට ගන්නේ වෛරසය ආසාදනය වී දින 2-3 අතර කාලයකට පසුවයි.

    පෙනහළුවල වෙනස් කම් ඇති වූ පසු පහත දැක්වෙන රෝග ලක්ෂණ දැකිය හැකියි.

    1. තෙහෙට්ටු ගතිය ක්‍රමයෙන් වැඩි වීම.
    2. වෙනදාට නැති මහන්සියක් දැනෙන්න පටන් ගැනීම.
    3. හුස්ම ගැනීමේ වේගය ක්‍රමයෙන් වැඩිවීම.

    වැසිකිලි ගිහින් එන්න වෙලා යන්න පුළුවන්. ඒ ආවම හාන්සි වෙලා ටිකක් ඉන්නකම් පොඩි කැරකිලි ගතියක් දැනෙන්න පුළුවන්.

    කොවිඩ් වෛරසය නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ යන්න පුළුවන්. හුස්ම ගැනීම අපහසු වෙන්න මේ තත්ත්වයත් බලපෑ හැකියි.

    ඒ නිසා දවස් දෙක තුනක් හොඳට හිටපු කෙනෙකුට එක පාරටම හුස්ම ගැනීමේ අපහසුවක් එන්න පුළුවන්.

    ඒ වගේ වෙලාවකට ක්ලාන්ත ගතියක් එක්ක පපුව ගැහෙන්න පටන් අරගෙන හුස්ම ගැනීමේ අපහසුවක් ඇති විය හැකියි.

    ඊට අමතරව පපුවේ කැක්කුමත් එක්ක හෘද රෝගයක් වුණත් එන්න පුළුවන්.

    නිවසේදී ශ්වසන අපහසුතා ඇති වුණොත්, ඔක්සිජන් ලබා ගන්න ක්‍රමයක් තිබේද?

    අවාසනාවකට නැහැ. වහා රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

    කොවිඩ් නිසා පෙනහළුවලට සිදුවන බලපෑම?

    කොවිඩ් ආසාදනය වී සති තුනක පමණක කාලයක් පෙනහළුවල වෙනස්කම් පැවතිය හැකියි.

    ඒ වෙනස්කම්වලට නිසි ප්‍රතිකාර නොකළොත් පෙනහළුවල කැළැල් (Scars) ඇති විය හැකියි.

    වෙන අවයව වගේ නෙමෙයි පෙනහැල්ලේ කැළැල් ආවොත් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න බැරි විදිහට හානි වෙන්න පුළුවන්.

    ඒ නිසා සුව වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවුණොත් සමහර වෙලාවට දීර්ඝ කාලීනව අපේ පෙනහැල්ලේ පරිමාවේ අඩුවීම් සිදු වෙන්න පුළුවන්.

    සමහර විට පෙනහැල්ලේ කැළැල් නැතිව වුණත් පෝස්ට් කොවිඩ් සින්ඩ්‍රෝම් (කොවිඩ්වලින් පසු ඇති වෙන තත්ත්වයන්) තුළ තමන්ට කලින් තිබුණු ඇදුම ගතිය, හති ගතිය වැඩි වෙන්න පුළුවන්.

    හේතුවක් නැතුව පවා ඇඟට මහන්සි ගතිය, තෙහෙට්ටු ගතිය මාස දෙක තුනක් ඇතැම් රටවල අවුරුද්දක් පවා පවතින්න පුළුවන්.

    Dr Neranjan Dissanayake
    ඡායාරූප ශීර්ෂ වැකිය,රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක

    කොවිඩ් රෝගීන්ට ඇතිවන ශ්වසන අපහසුතාව සහ මානසික පීඩනය අතර සම්බන්ධයක් තිබේද?

    අනිවාර්යෙන්ම ඔව්.

    මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් බය හිතෙනම දේ තමයි හුස්ම ගන්න බැරි වෙන එක.

    දවස තිස්සෙම හුස්ම ගැනීමේ අපහසුවත් එක්ක ඇති වෙන මානසික ආතතිය නිසා සෑහෙන බලපෑමක් සිදු වෙනවා.

    හුස්ම ගැනීමේ තත්ත්වය තරමක් හොඳ අතට පත් වුණත් ජීවිතය ගැන ඇතිවෙන අවිනිශ්චිතතාවය, තමන් වටේ ඉන්න රෝගීන් හුස්ම ගන්න දඟලන හැටි දැකීම නිසා විශාල මානසික ආතතියක් දැනෙන්න පුළුවන්.

    ICU එකක ප්‍රතිකාර ලැබූ රෝගියෙක් සුවය ලබා ගෙදර ගියත්, ඒ මානසික කැළැල් සහ බලපෑම් ඇතැම් විට තියෙන්න පුළුවන්.

    ඒ නිසා සාංකාව (Anxiety) සහ විශාදය (Depression) තත්ත්වයන් ඇති විය හැකියි.

    දියවැඩියාව රෝගීන්ට බලපෑමක්?

    රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණි ආසාදිතයන් අතර බරපතල තත්ත්වයේ පසු වූවන්ගෙන් 80% ක් පමණ දියවැඩියා රෝගීන් බව පෙනෙන්න තිබෙනවා.

    පාලනය නොවූ දියවැඩියාව කොවිඩ් රෝගය දරුණු වීමට බලපාන එක හේතුවෙක් බව දැනට පෙනෙන්න තිබෙනවා.

    සුවය ලැබූ පසු පෙනහළු ‘හොඳින්’ ද? රැකියාවට යා හැකිද?

    සුව වුණාට පස්සේ එක්ස් රේ (X-ray) එක හොඳටම හොඳයි ද බලනවා.

    ඊට පස්සේ පෙනහළුවල පරිමාවන් සාමාන්‍ය මට්ටමේ තිබෙනවා ද බලන්න, පෙනහළු පරීක්ෂණයක් කරනවා.

    ඇවිද්දවලා බලනවා ඔක්සිජන් මට්ටමේ අඩුවක් තිබෙනවද කියලා.

    වෛරසය නිසා පෙනහළු විතරක් නෙමෙයි හෘදය වස්තුවත් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා හෘදය දුර්වල වෙලාද කියලා බලනවා.

    මස්පිඩු දුර්වල වෙලාද කියලා බලනවා. ඇදුම වගේ කලින් පැවති රෝගී තත්ත්වයන් පරීක්ෂා කර බලනවා.

    මේ සියල්ල පරීක්ෂා කරලා හොඳයි නම් සරල මට්ටමින් වැඩ පටන් ගන්න කියලා උපදෙස් ලබා දෙනවා.

    හැබැයි තාමත් පෙනහළුවල කැළැල් තිබෙන බවට සාධක තිබෙනවා නම්, ඇවිදින කොට ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා නම් ඒ දේවල් යථා තත්ත්වයට පත් වෙන තෙක් ලෙඩ නිවාඩු අනුමත කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා.

    රටේ ඔක්සිජන් සැපයුම

    මේ අතර කොවිඩ් ආසාදිතයින් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ධාරිතාව රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ උපරිමයෙන් භාවිතයට ගනිමින් සිටින බැවින් ඔක්සිජන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

    Text by – bbc sandesaya

  • වහාම දැඩි සංචාරණ සීමා නොපණවන්නේ නම් ‘ජනවාරි වන විට මරණ 30,000’ – ලෝක සෞඛ්‍ය සංවිධානය

    මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි.

    ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, “ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් 2021 අගෝස්තු 10 දින කැඳවන ලද 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදීය.

    ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ SERA සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලය සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත උපයෝගී කරගනිමින් එම විශේෂඥ මඩුල්ල විසින් වාර්තා වූ රෝගීන් සහ මරණ පිළිබඳව අනාවැකි පළ කොට තිබේ.

    2021 අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි එම වාර්තාව සැකසීමේ දී පුරෝකථනය කර ඇත.

    ‘මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ’ – හෙදියකගෙන් ඉල්ලීමක්

    ඒ අනුව ඔවුන් පවසන්නේ, වර්තමානයේ පවතින සංචරණ සීමා යටතේ, රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට 6000 ක් දක්වා ඉහළ යන අතර ඔක්තෝබර් මස මුල දක්වා මරණ සංඛ්‍යාව දිනකට 220 ක් දක්වා ඉහළ යනු ඇති බවය. (මෙම වාර්තාව සකස්කර තිබෙන්නේ අගෝස්තු 13 දින සීමිත සංචරණ සීමා පැණවීමට පෙරාතුවය)

    දැනට පවතින තත්වය යටතේ ඔක්තෝබර් මස මුල වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීම 275 ක් පමණ දක්වා ඉහළ යනු ඇති අතර 2022 ජනවාරි වන විට සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ක් පමණ වේ.

    ඔවුන් පවසන්නේ මෙම ආකෘතියේ උපකල්පනය කර ඇති එන්නත් ආවරණය ඔවුන් තවමත් ලබාගෙන නැති හෙයින්, ප්‍රක්ෂේපනය අවතක්සේරු මට්ටමක ඇති බවයි.

    එහෙත් 2021 මැයි-ජූනි මාස වලට සමාන දැඩි මට්ටමින් සති 4 ක් සඳහා දැඩි සීමා කිරීම් තුළින් 2021 ඔක්තෝම්බර් මාසය වන විට දිනකට 1000 ක් පමණ වන අඩු ආසාදිතයින් සංඛ්‍යාවක්, දිනකට 25 ට අඩු මරණ සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රමාණය දිනකට 25 කට අඩු මට්ටමකට දැක ගත හැකිවනු ඇති බව විශේෂඥ මතය වී තිබේ.

    එසේ කළහොත් 2022 ජනවාරි වන විට පුරෝකතනය කර ඇති මරණ 18,000 ද වළක්වා ගත හැකි බව විශේෂඥයින්ගේ අදහසය.

    එම කමිටුවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, දැඩි සංචරණ සීමා පණවනු ලැබුව ද, 2022 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,000 ක් දක්වා ඉහළ යනු ඇතැයි කමිටුව පුරෝකතනය කරන බවය.

    අගෝස්තු 12 වන දින වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් 5620 දෙනෙකු මරුමුවට පත් වී තිබුණි.

    වර්තමාන තත්ත්වය

    • විශේෂඥයින් අවධාරණය කරන්නේ වර්තමාන COVID-19 හි වැඩිවීම මත ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් සනීපාරක්‍ෂාව සැපයීම සඳහා සෞඛ්‍ය පද්ධතිවල ධාරිතාවය ආසන්න වශයෙන් ඉක්මවයමින් පවතින තත්වයක් තුළ පෙර නොවූ විරූ අනුපාතයකින් යුත් සෞඛ්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව ඉක්මනින් මුහුණ දිය හැකි බවයි.

    • දෛනිකව වාර්තා වන සිද්ධීන් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කරමින් සිටී. 2021 අගෝස්තු 09 දින මරණ 111 ක් වාර්තා වීම තුළ පෙන්නුම් කරන්නේ කෙටි කාලයකදී සිදු වූ මරණ දෙගුණයක් වෙමින් පවතී.

    • සියළුම මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් භාවිත වීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර දැන් එය පූර්ණ ධාරිතාවයෙන් යුක්තයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට අගෝස්තු 9 වනදා රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවනතාවය දිගටම පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ ඔවුන් රැකබලා ගැනීමේ බාධාවක් ඇති වීම නොවැළැක්විය හැකිය.

    • රටේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරයි.

    • 2021 ජූලි 31 දින වන විට, සිදුකරන ලද අනුක්‍රමික සාම්පල වලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් වන අතර එය කෙටි බීජෞෂණ කාලය තුළදී බෙහෙවින් සම්ප්‍රේෂණය වේ. එය දැන් බස්නාහිර පළාතේ ප්‍රමුඛතම ප්‍රභේදය වන අතර ඉක්මනින් අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වනු ඇත. රටවල් කිහිපයක පෙන්වා ඇති පරිදි ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වේ.

    • බහුලව භාවිත වන එන්නත් මගින් දැඩි රෝගාබාධ හා මරණයෙන් ප්‍රමාණවත් ආරක්‍ෂාව ලබා දීම සඳහා දෙවන එන්නත් මාත්‍රාවෙන් සති 2-3 කට පසුව ගත වේ. අගෝස්තු 09 දා වන විට, සම්පූර්ණයෙන් එන්නත ලබා ඇත්තේ ජනගහනයෙන් 15% කටත් අඩු පිරිසකි. අලුතින් එන්නත් කළ, එන්නත් තනි මාත්‍රාවක් ලබා ගත් හෝ එන්නත් නොකළ කණ්ඩායම් දැඩි අසනීප වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින අතර විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන් සහ මරණ තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

    • සියලුම ඇඟවීම් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත්ව පොරබදින බවයි. සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් ආසාදනය වීම මත සෞඛ්‍ය සේවකයින් කප්පාදු කිරීමට සහ සේවා ස්ථාන වසා දැමීමේ පීඩනයට පත් වෙමින් සිටිති.

    • මෙම තත්වය මධ්‍යයේ, රට පුරා සීමාවන් තිබියදීත් ජනගහනය අතර ඉහළ සංචරණයක් සහ සමාජ මිශ්‍රණයක් පවතී. (ඔක්ස්ෆර්ඩ් ‘දැඩි දර්ශකය’ පෙන්වන පරිදි මැයි මාසයේදී 85% ක සංචාරණ සිමාවන් පැවතියත්, එනම් සංචරණයන්හි ඉතා ඵලදායී සීමා කිරීමේ මට්ටමේ සිට, ජූලි මාසයේදී එය 49% ක් දක්වාත් මේ සතිය වන විට 29% ක් වාත් එනම් අනතුරුදායක ලෙස අඩු සංචරණ සීමා කිරීම දක්වාත් අඩුවී ඇත).

    රෝහලක ගොඩ ගැසුණු මළ සිරුරු

    නිර්දේශ

    එම විශේෂඥ කමිටුව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි:

    • ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක විය යුතුයි.

    • අපගේ හදිසි ප්‍රමුඛතාවය ජීවිතය රැක ගැනීමයි. 2021 මැයි මාසයේදී සිදු වූ ආකාරයට සති 4 ක දැඩි තදබල මට්ටම සංචාරණ සීමා ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ඇතිවීම වළක්වා ගත නොහැකිය.

    • එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ දෙවන එන්නත් මාත්‍රාවෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට මෙන්ම සෞඛ්‍ය පද්ධතියට අධික බර පැටවීමෙන් ඇතිවී ඇති තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා මෙය අවශ්‍ය කාලය ලබා දෙනු ඇත.

    • ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් තීරණාත්මක වන්නේ ආසාදන සංඛ්‍යාවට සහ රෝහල් ගත කිරීම්වලට එමගින් සාධනීය බලපෑමක් ඇති කිරීම පිණිස සති කිහිපයක් ගත වන බැවිනි. ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම මරණ වැඩි වීමට හේතු වන අතර පාලනය නැවත ලබා ගැනීම සඳහා දිගු කාලසීමාවක් සමඟ අද ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වේ.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58184368/p09rtg67/siවීඩියෝ ශීර්ෂ වැකිය,

    ශ්‍රී ලංකාවේ කොවිඩ්: ඔක්සිජන් මට්ටම අඩුවෙන බව නිවසේදීම හඳුනා ගන්නේ කෙසේද ?

    වඩාත් සවිස්තරාත්මක නිර්දේශ නම්, ශ්‍රී ලංකාව කළ යුත්තේ:

    • අත්‍යාවශ්‍ය සේවා හැර අන් සියලුම කරණා සඳහා අන්තර් දිස්ත්‍රික් සංචාර ඇතුළුව සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

    – මෙම පියවරයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් සඳහා ඇඳිරි නීතිය මුළු දිවයිනටම හෝ විශාල ප්‍රදේශයකට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය.

    • සියලුම පොදු ක්‍රියාකාරකම් සති 3 ක් සඳහා සීමා කිරීම හෝ අවලංගු කිරීම.

    • අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ සහ රෝහල්වල කාර්ය මණ්ඩල වල රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම වැඩි කිරීම.

    • මහජනයා සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

    • භූමියේ පවතින තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා සිද්ධීන් හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම.

    • නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (Test Positivity Rate (TPR), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි නියෝජිත (ප්‍රොක්සි) දර්ශක ද භාවිතා කළ හැකිය.

    • වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගී වූවන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා බැවින් ඔවුන්ට එම එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවය දෙන්න. ඔවුන් පවසන්නේ දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ඔවුනට ලබා දෙන බැවින් එසේ නිර්දේශ කරන බවයි.

    එම වාර්තාව තවදුරටත් පවසන්නේ ඉහතින් දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන්හිදී ජාතික විශේෂඥයින් විසින් මෙම රැස්වීමේදී සාක්‍ෂාත් කර ගත් එකඟතාවයන් නියෝජනය කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනිවාර්යයෙන්ම පිළිබිඹු නොවන බවය. අවශ්‍ය නම් නිසි ක්‍රියාමාර්ග පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම ලබා ගත හැකි බවත් එහි දැක්වේ.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58184368/p09r8q1s/siවීඩියෝ ශීර්ෂ වැකිය,

    කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු – බුදු දහමෙන් උපදෙසක්

    2021 අගෝස්තු 10 දා පැවති රැස්වීමට සහභාගි වූ විශේෂඥයින්:

    1. ආචාර්ය පාලිත අබේකෝන් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ COVID-19 සඳහා සහ SEAR සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වූ විශේෂ නියෝජිත

    2. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, ආචාර්ය නිහාල් අබේසිංහ – ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති

    3. වෛද්‍ය වින්‍යා ආරියරත්න – මහජන සෞඛ්‍ය විශේෂඥ, සභාපති – සර්වෝදය (සීඑස්ඕ)

    4. මහාචාර්ය අසිතා ද සිල්වා – කැලණිය විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සභාපති, ශ්‍රී ලංකා, සායනික ඖෂධවේදී හා චිකිත්සක සංගමය

    5. ආචාර්ය රජීව ද සිල්වා – ප්‍රතිශක්තිවේදී උපදේශක සහ ප්‍රතිශක්ති විද්‍යා අංශයේ ප්‍රධානී-එම්ආර්අයි

    6. ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු – ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ පිළිබඳ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ සායනික ප්‍රධානී; ළමා රෝග විශේෂඥ උපදේශක; සභාපති, වෛද්‍ය විශේෂඥ සංගමය

    7. වෛද්‍ය පද්මා ගුණරත්න – ස්නායු විශේෂඥ උපදේශක සහ සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

    8. මහාචාර්ය සරෝජ් ජයසිංහ – උපදේශක වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වෛද්‍ය විද්‍යාවේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය

    9. මහාචාර්ය ඉන්දික කරුණාතිලක – මහාචාර්ය වෛද්‍ය අධ්‍යාපනය, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පීඨය වෛද්‍ය විද්‍යාව සහ හිටපු සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

    10. මහාචාර්ය නීලිකා මලවිගේ – මහාචාර්යවරිය සහ ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    11. මහාචාර්ය කාමිනි මෙන්ඩිස් – මහාචාර්ය එමරිටස්, කොළඹ විශ්ව විද්‍යාලය; මහජන සෞඛ්‍ය විශේෂඥ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු මැලේරියා විශේෂඥ

    12. මහාචාර්ය මලික් පීරිස් සභාපති/මහාචාර්ය – මහජන සෞඛ්‍ය පාසල, හොංකොං විශ්ව විද්‍යාලය,හොංකොං හි වෛද්‍ය පීඨය

    13. මහාචාර්ය මනුජ් වීරසිංහ – ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය

    14. ආචාර්ය ආනන්ද විජේවික්‍රමගේ – ජාතික බෝවන රෝග ආයතනයේ උපදේශක වෛද්‍ය සහ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නියෝජනය කරමින් සහභාගි වූවන්:

    1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ඇලකා සිං (සභාපති)

    2. ආචාර්ය පබා පලිහවඩන – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියාවේ වෛද්‍ය නිලධාරී

    3. ආචාර්ය ඔලිවියා නීවෙරාස් – මහජන සෞඛ්‍ය පරිපාලක, ලෝක සෞඛ්‍ය සංවිධානය

    4. ආචාර්ය සපුමල් ධනපාල – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    5. ආචාර්ය පද්මල් ද සිල්වා – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    6. මහාචාර්ය නාලිකා ගුණවර්ධන – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    7. ආචාර්ය වර්ජිනී මල්ලවාආරච්චි – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    8. ටී සුවීන්ද්‍රන් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    9. ආචාර්ය ප්‍රෙෂිලා සමරවීර – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    10. සහනි චන්ද්‍රරත්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

    11. ආචාර්ය මිසායා කාදර් – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    12. සධානි රාජපක්ෂ – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    13. ආචාර්ය ප්‍රියංග සේනානායක – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    14. ආචාර්ය රොෂාන් සම්පත් – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    15. ආචාර්ය චතුර විජේසුන්දර – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    16. ආචාර්ය අංජලී ද සිල්වා – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    සම්පූර්ණ උපුටා ගැනීම බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • රට නොවසා ‘කොවිඩ් මර්දනයට‘ ආණ්ඩුව ගත් සුපිරි තීන්දු

    රට නොවසා ‘කොවිඩ් මර්දනයට‘ ආණ්ඩුව ගත් සුපිරි තීන්දු

    කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණ සීමා අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

  • ලේ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

    ලේ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

    කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මේ ඉල්ලීම කරන බව වෛද්‍යවරයා පැවසීය.

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ කොවිඩ් 19 වසංගත හමුවේ රුධිර පාරවිලයන මාධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට අද (13) එක්වෙමිණි.

    රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ. පරීක්ෂයේ ප්‍රතිපලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නතක් (පළමු හෝ දෙවන මාත්‍රාව) ලබාගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා නොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවසුවේය.

    කොවිඩ් වසංගතය තත්ත්වය හමුවේ වුවද ජාතික රුධිර පාරවිලයන සේවාව අඩාල නොවී පවත්වා ගැනීමට හැකිවූ බවත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ කැපවීම සහ රුධිරයදීමට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම ඊට ඉවහල්. කොව්ඩ් තත්ත්වය හමුවේ බාධා මැද වුවද ආරක්ෂිත රුධිර සංචිත පවත්වාගෙන යාමට හැකියාව ඇති බව පෙන්වාදුන් වෛද්‍යවරයා පිළිකා, වකුගඩු තැලසීමියා, ලියුකේමියා වැනි රෝගීන්ට අවශ්‍ය රුධිරය සැපයීම මෙන්ම දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ අනුපාතය අඩු රටක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය නිසා බවද කීවේය.

    ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාතික රුධිර අවශ්‍යතාවය ඒකක 450,000කි. (ඒකක 1ක් යනු මි.ලී. 450කි). ශ්‍රී ලංකාව පුරා රෝහල්වල පිහිටි මධ්‍යස්ථාන 107කි. රුධිර පාරවිලයනය සිදුකරනු ලැබේ. ජාතික රුධිර අවශ්‍යතාවයෙන් සියයට 85ක් දායක කඳවුරු සංවිධානයෙන් ලැබෙන අතර, සියයට 15 ක් මධ්‍යස්ථාන වෙත පැමිණ ලේ පරිත්‍යාග කරන පුද්ගලයින් ලැබේ. රුධිරය දීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට 0115332153/54 යන දුරකථන අංක අමතා වේලාවක් වෙන් කරවා ගත හැකි බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

  • කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

    කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

    වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

    ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී  60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

    බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    ජනතා ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කළහ.

  • ‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘

    ‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘

    මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පුද්ගලයින්ට ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂාව ලබා දී ඇති අතර අතිරේක කොවිඩ් -19 එන්නත මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

    ඊශ්‍රායලය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් මේ වන විටත් සක්‍රීය වැඩසටහන් ආරම්භ කර තිබේ. සිය ජනගහනයෙන් 57% ක් සඳහා ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත භාවිතා කර ඇති ඊශ්‍රායලය, අවදානමට ලක් වූවන් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ පළමු රට බවට පත්විය.

    දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් ඇති සමහර පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොරෝනා වයිරස් එන්නත් වල තුන්වන මාත්‍රාවලට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනාධිකාරිය විසින් ඊයේ (බ්‍රහස්පතින්දා) අනුමැතිය ලබා දුන් අතර මූලික එන්නත්කරණ මාලාවකට ප්‍රමාණවත් ප්‍රතිචාර නොදක්වන අය ආරක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට වැඩි ඉඩක් ලබා දුන්නේය.

    මේ අතර, ධනවත් හා දුප්පත් ජාතීන් අතර පරතරය පියවීම සඳහා කොවිඩ් -19 එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම ප්‍රමාද කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා රටවලින් ඉල්ලා සිටී.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ප්‍රධානී වෛද්‍ය කැතරින් ඕ බ්‍රයන් පැවසුවේ තුන්වන එන්නත්කරණ අවශ්‍යතාවය පිළිබඳ සාක්ෂි තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

    “එය වෙනස් වෙමින් පවතී. මෙය අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ සම්පූර්ණ සාක්ෂි සමූහයක් අප සතුව නොමැත‘ ඔහු පැවසීය.

  • ‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

    ‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

    රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

    රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත්  සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සංවිධාන රැසක් තත්ත්වය පාලනය කර ගැනීම සහ රෝහල් පද්ධතියට සහනයක් ලබා ගැනීම සදහා කඩිනමින් රට වසා දමන ලෙස දැඩි ඉල්ලීමක් කර තිබුණි.

  • ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO

    ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO

    ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා.

    එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ තරම් සෞඛ්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි.

    වත්මන් රෝහල් පද්ධතියේ ධාරිතාවය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කළ විශේෂඥයින් කියා සිටියේ වඩාත් හදිසි ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතාවගේ දිවි රැක ගැනීමට බවයි.

    2022 මැයි මාසයේදී සිදු වූ ආකාරයට ඉදිරි සති හතරක කාලය තුළ තත්ත්වය පාලනයකින් තොරව පැවතියහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එන්නත්කරණය වේගවත් කිරීමට සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට කාලය අවශ්‍ය බවත් එමෙන්ම අධික බර පැටවීමෙන් සෞඛ්‍ය පද්ධතිය යථා තත්ත්වයට පත් වීම සඳහා ද කාලය අවශ්‍ය බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියලු මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි.

    ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට ඊයේ රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ රැකබලා ගැනීමේ බාධා ඇතිවීමේ නොවැළැක්විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් පීඩනයට පත් වෙමින් සිටින බවත් වාර්තාවේ සදහන් වේ.

    ‘බරපතළ තත්ත්වය නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත ඇති බවයි‘

    සති 4 ක් සඳහා දැඩි මට්ටමක ක්‍රියාමාර්ග වෙත ගමන් කිරීම මගින් (2021 මැයි-ජූනි මාස වලට සමානව) රට තුළ දිනකට ආසාදිතයින් 1,000ක් පමණ සහ දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් වෙත ප්‍රවේශ විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වනු ඇති බවත් (2021 ඔක්තෝබර් වන විට) 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකි වනු ඇති බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමේ අනාගත පුරෝකථන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් සවිස්තරාත්මක නිර්දේශ අතර,

    1. අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචලන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
    2. මෙම පියවරයන් සාර්‍ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් තුළ පළාත් මට්ටමින් හෝ ජාතික වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.
    3. සියලුම පොදු උත්සව හා ජන ඒකරාශීවීම් සති 3 කට සීමා කරන්න /අවලංගු කරන්න.
    4. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
    5. මහජනතාව සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.
    6. වසංගතයේ තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා ආසාදිතයින් සහ මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම. (නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (ටීපීආර්), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි ප්‍රොක්සි දර්ශක ද භාවිතා කළ හැකිය)
    7. දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ලබා දෙන බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගීන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රා සෙන්කා යන එන්නත් ලබා ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.
  • ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න නම් වහාම රට වසා දමන්න – WHO විශේෂඥ නිර්දේශ

    ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා.

    එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ තරම් සෞඛ්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි.

    වත්මන් රෝහල් පද්ධතියේ ධාරිතාවය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කළ විශේෂඥයින් කියා සිටියේ වඩාත් හදිසි ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතාවගේ දිවි රැක ගැනීමට බවයි.

    2022 මැයි මාසයේදී සිදු වූ ආකාරයට ඉදිරි සති හතරක කාලය තුළ තත්ත්වය පාලනයකින් තොරව පැවතියහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එන්නත්කරණය වේගවත් කිරීමට සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට කාලය අවශ්‍ය බවත් එමෙන්ම අධික බර පැටවීමෙන් සෞඛ්‍ය පද්ධතිය යථා තත්ත්වයට පත් වීම සඳහා ද කාලය අවශ්‍ය බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියලු මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි.

    ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට ඊයේ රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ රැකබලා ගැනීමේ බාධා ඇතිවීමේ නොවැළැක්විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් පීඩනයට පත් වෙමින් සිටින බවත් වාර්තාවේ සදහන් වේ.

    ‘බරපතළ තත්ත්වය නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත ඇති බවයි‘

    සති 4 ක් සඳහා දැඩි මට්ටමක ක්‍රියාමාර්ග වෙත ගමන් කිරීම මගින් (2021 මැයි-ජූනි මාස වලට සමානව) රට තුළ දිනකට ආසාදිතයින් 1,000ක් පමණ සහ දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් වෙත ප්‍රවේශ විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වනු ඇති බවත් (2021 ඔක්තෝබර් වන විට) 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකි වනු ඇති බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමේ අනාගත පුරෝකථන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් සවිස්තරාත්මක නිර්දේශ අතර,

    1. අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචලන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
    2. මෙම පියවරයන් සාර්‍ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් තුළ පළාත් මට්ටමින් හෝ ජාතික වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.
    3. සියලුම පොදු උත්සව හා ජන ඒකරාශීවීම් සති 3 කට සීමා කරන්න /අවලංගු කරන්න.
    4. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
    5. මහජනතාව සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.
    6. වසංගතයේ තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා ආසාදිතයින් සහ මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම. (නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (ටීපීආර්), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි ප්‍රොක්සි දර්ශක ද භාවිතා කළ හැකිය)
    7. දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ලබා දෙන බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගීන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රා සෙන්කා යන එන්නත් ලබා ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.