Author: Editor

  • විදුලි රථ වාහන භාවිතයේ ප්‍රතිලාභ නොදකින ‘ආර්ථික ඝාතකයෝ’

    විදුලි රථ වාහන භාවිතයේ ප්‍රතිලාභ නොදකින ‘ආර්ථික ඝාතකයෝ’

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය IEA වාර්ථා කරන ආකාරයට වර්ෂ 2070 දී වැඩිවන ගෝලීය ජනගහනය මත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇත. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඉහලයාම හේතුවෙන් මෝටර් රථ හිමිකාරීත්ව අනුපාත 60% කින් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි.

    එසේ වුවහොත් පොසිල ඉන්ධන දහනය කරන යතුරු පැදියේ සිට ගුවන්යානය දක්වාත් මෝටර් බෝට්ටුවේ සිට නෞකා දක්වාත් වූ රථ වාහන වෙතින් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් CO2, කාබන් මොනොක්සයිඩ් CO, ඕසෝන් O3, සල්ෆර් ඩයොක්සයිඩ් SO2, නයිට්‍රස් ඔක්සයිඩ් N2O, ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් CFC සහ මීතේන් CH4 වායූන්ගේ  පරිමාව තවදුරටත් ඉහළ යනු ඇත. ඒ අනුව ගෝලීය හරිතාගාර උණුසුම කෙරෙහි එමගින් සිදුවන බලපෑම ඉතා විශාලය. විශේෂයෙන්ම දේශගුණික හා කාලගුණික විපර්යාස කෙරෙහි සෘජුවම පොසිල ඉන්ධන දහනය බලපාන බව බොහෝ කාලයකට පෙර සිටම පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබීම එයට හේතුවයි.

    ලෝකයේ වායු දූෂණය නිසා සිදුවන වැඩිම මරණ අනුපාතිකය වාර්ථා වන්නේ ආසියාතික රටවල් ආශ්‍රිතවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO පවසන්නේ, වාතය අපිරිසිදු නොකරන ප්‍රවාහන සේවා, බලශක්ති කාර්යක්ෂම නිවාස සහ කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සහාය වන ප්‍රතිපත්ති සහ ඒ උදෙසා කරනු ලබන ආයෝජන ඔස්සේ වායු  දූෂණය අඩු කරගතහැකි බවයි. මෙම තත්වය අවමකර ගැනීම උදෙසා ලෝකයේ සමහර රටවල් දැනටමත් අනුගමනය කරන පරිදි පොසිල ඉන්ධන භාවිත කරන මෝටර් රථ ක්‍රමයෙන් ඉවත් කරමින් විද්‍යුත් රථ වාහන Electric Vehicles භාවිතය දිරිමත් කිරීම රථ වාහන විමෝචනය ඔස්සේ සිදුවන වායු දූෂණය සැලකිය යුතු ආකාරයෙන් පහත හෙලීමට හේතුකාරක වනු ඇත.

    විද්‍යුත් රථ වාහනයක ඉන්ධන වෙනුවට විදුලි ආරෝපණ සහිත බැටරියක් මෙන්ම අභ්‍යන්තර දහන එන්ජිමක් වෙනුවට විදුලි මෝටරයක් භාවිත කරයි. හයිඩ්‍රජන් මත ක්‍රියාත්මක වන ඉන්ධන සෛල විද්‍යුත් වාහනයක් Fuel Cell Electric Vehicle විමෝචනය කරන්නේ ජල වාෂ්ප පමණකි. එහෙයින් කිසිදු විද්‍යුත් රථ වාහනයක් දූෂිත වායු විමෝචනයක් සිදුනොකරයි. වායු දූෂණය අවම කිරීම සහ ඝෝෂාකාරී පරිසර තත්ත්වය බැහැර කිරීම උදෙසා මෙවැනි රථවාහන මහත් උපකාරයක් බව දැනටමත් තහවුරුකර දී තිබේ.

    ඒ අනුව දැනටමත් විද්යුත් රථ වාහන භාවිතය ඔස්සේ ප්‍රතිලාභ ලබන රටවල් පිළිබඳ බොහෝ උදාහරණ අපට සොයාගත හැකිය. රථ වාහන නිෂ්පාදනයේ දී අනෙකුත් රටවලට වඩා බොහෝ පිටුපසින් සිටි චීනය, විද්යුත් රථවාහන දුටුවේ විශාල විභවයක් සහිත දියුණු කළ හැකි නව ආයෝජනයක් ලෙස යි. චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව NDRC එහි කාර්යභාරය මැනවින් අවබෝධකර ගත්තේය. ඒ අනුව මෙයට දශක දෙකකට පෙර චීන රජය විද්‍යුත් රථ වාහන සහ බැටරි නිෂ්පාදනය සඳහා එරට මෝටර් රථ නිෂ්පාදකයින්ට විශාල වශයෙන් ආයෝජන අවස්ථා විවර කරන ලදී. ඒ ගෝලීය වෙලඳපොල වෙත චීනය ප්‍රවේශ කිරීමේ අපේක්ෂා වෙනි. එම ප්‍රතිපත්තිය යථාර්තයක් බවට පත්කරමින් වර්ථමානය වනවිට චීනය විද්යුත් රථවාහන සම්බන්ධයෙන් ලොව විශාලතම නිෂ්පාදකයා බවට පත්ව තිබේ.

    වසර 2023 දී ගෝලීය විද්‍යුත් මෝටර් රථ අලෙවිය මිලියන 14 කට ආසන්න වූ අතර එයින් 95% ක්ම චීනය, යුරෝපය සහ එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත විය. එම සංඛ්‍යාව  2022 වසරේ විදුලි මෝටර් රථ අලෙවිය ට වඩා මිලියන 3.5 කින් වැඩිවීමකි. ගෝලීය වශයෙන් සලකා බැලීමේදී 2023 වසරේ අවසාන කාර්තුව වනවිට චීනයේ BYD  සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ Tesla සමාගම අභිබවා ලොව විශාලතම විද්යුත් රථවාහන නිෂ්පාදකයා බවට පත්විය.

    ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ IEA වාර්ථා අනුව ගෝලීය වශයෙන් සැලකීමේදී 2023 වසරේ දී නව විද්‍යුත් මෝටර් රථ ලියාපදිංචි කිරීම් වලින් 60% චීනය තුල දැකගතහැකි විය. එය යුරෝපයේ 25% කට ආසන්න වු අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ 10% කි. ඉතිරිය ලොව අනෙකුත් ප්‍රදේශ පුරා පැතිර ගියේය. සංඛ්‍යාත්මකව චීනය තුල එම රථවාහන ගණන මිලියන 8.1 ආසන්න බව වාර්ථා වේ. නිෂ්පාදන පිරිවැය පහත වැටීම, තාක්‍ෂණය වැඩිදියුණු කිරීම, ආකර්ශණීය නවමු හැඩතල සහ බැටරි ධාරිතාවය හේතුවෙන් විද්‍යුත් වාහන නිෂ්පාදනය හා අලෙවිය ඔස්සේ චිනය වේගයෙන් ඉදිරියට පැමිණ තිබේ.

    මේ ආකාරයෙන් විද්යුත් රථ වාහන භවිතයට යොමුවීම කෙරෙහි ඒවායෙහි භාවිත බැටරි ප්‍රබල සාධකයක් වී තිබේ. වැඩි පැය ගණනක් භාවිත කල හැකි, කෙටි ආරෝපණ කාලයන් සහ ආයු කාලය තුළ වැඩි ආරෝපණ චක්‍ර සහිත නව ලිතියම්-අයන සෛල බැටරි මාදිලි මෙහිදී වඩාත් කැපී පෙනේ. ලෝකයේ වෙනත් කිසිම රටකට නොදෙවෙනි මට්ටමින් හා සංඛ්‍යාවකින්  බැටරි නිපදවිමට චීන සමාගම් සමත්විම එරට නිෂ්පාදිත  විද්යුත් රථ වාහන කෙරෙහි විශ්වාසය ගොඩනැගීමට ප්‍රබල සාධකයකි. වසර 2030 වන විට මෙම බැටරි සඳහා වන ගෝලීය ඉල්ලුම දස ගුණයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එවැනි විභවයක් යටතේ 2024 වසරේ ජුනි මස වනවිට වෙළඳපල දායකත්වය සියයට 38 කට ආසන්නව අත්පත්කර ගනිමින් චීනයේ CATL සමාගම ප්‍රමුඛතම විද්යුත් රථවාහන බැටරි නිෂ්පාදකයා බවට පත්විය. එමෙන්ම චීනයේ BYD සමාගම සියයට 15.8 ක වෙළඳපල දායකත්වයකින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර දකුණු කොරියානු LG ආයතනය සියයට 13.6 ක වෙළඳපල හිමිකාරිත්වයක් යටතේ තෙවන ස්ථානයට පත්ව ඇත. කලක් විද්යුත් රථවාහන බැටරි ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූ ජපානයේ පැනසොනික් ආයතනය 8% වෙළඳපල දායකත්වය සමඟ සිව්වන ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ලෝකයේ ප්‍රමූඛතම විද්යුත් රථවාහන බැටරි නිෂ්පාදකයින් තිදෙනා වන චීනයේ CATL හා BYD සහ කොරියාවේ LG සමාගම් සමස්ථ වෙළද පොලේ තුනෙන් දෙකක් හෙවත් 66% නිෂ්පාදන සඳහා සාමූහිකව දායකවි තිබේ.

    මෙම තත්වය යටතේ මෑත මාස කිහිපය තුලදී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඔවුන්ගේම විද්‍යුත් රථ වාහන සැපයුම් දාමයන් ගොඩනඟා ගැනීමට උත්සාහ ගෙන තිබේ. නව තීරුබදු සහ ආනයන ආරක්ෂණ ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් චීන නිෂ්පාදන වලට එරෙහිව ඔවුන් කටයුතු කරන්නට වූයේ මෙවැනි පසුබිමක් යටතේයි. කෙසේ වුවද ඇමෙරිකාවේ හා යුරෝපා සංගමයේ වෙළඳ බාධක තිබියදීත්, චීනය ලොව විශාලතම විද්යුත් රථවාහන නිෂ්පාදකයා ලෙස ඉදිරියට පැමිණෙමින් සිටී. ඒ සමග තරඟ කිරීමට ජපානයේ සහ දකුණු කොරියාවේ විද්යුත් වාහන නිෂ්පාදකයින් ඒකාබද්ධ ව්‍යාපාර ගොඩනගන ආකාරයක් දැන් සිටම පිළිබිඹු කෙරේ. දකුණු කොරියාවේ LG Energy Solution හා ජපානයේ Honda සමාගම් ඒකාබද්ධව 2025 වසරේ සිට විද්යුත් රථවාහන සඳහා බැටරි නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ගතවීම එයට එක් උදාහරණයකි. ජපානයේ Toyota, Honda සහ Nissan සමාගම් ඒකාබද්ධවී පුළුල් පරිමාණයෙන් භාවිතයට ගතහැකි පිරිවැය අඩු කිරීමට සමත් විද්යුත් මෝටර් රථ මෘදුකාංග සංවර්ධනය කිරීමට සැලසුම් කිරීම එහි තවත් පැතිකඩකි. දකුණු කොරියානු රජය විදුලි වාහන කර්මාන්තයට සහනාධාර සහ බදු ප්‍රතිලාභ ලබා දෙමින් විද්‍යුත් වාහන භාවිතය දිරිමත් කිරීමට සහාය වෙමින් සිටී. ඒ අතර අග්නිදිග ආසියාවේ වියට්නාමය, ඉන්දුනිසියාව හා මැලේසියානු ආයෝජකයින් රථවාහන බැටරි සහ අමතර කොටස් නිෂ්පාදනය සඳහා යොමුවී තිබේ. එමෙන්ම ඉන්දියානු රජය එයට සමගාමීයව මගී වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම කෙරෙහි ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානය යොමුකරන නව උපාය මාර්ගික සැලසුම් හඳුන්වා දී තිබේ. මෙම තත්වයන් යටතේ ඉදිරි දශකය තුළ මිල ගණන් පහලයාම හේතුවෙන් ආසියාවේ බොහොමයක් රටවල විද්‍යුත් රථ වාහන පරිහරණය වේගයෙන් ව්‍යාප්ත වනු ඇත.

    එහි විභවය කෙතෙක් ද යන්න පසුගිය වසර තුන පුරාවටම ආසියානු කලාපයේ විදුලි වාහන කර්මාන්තයට අදාල වර්ධනය සනාථ කරයි. කෙසේ වුවද චීනයෙන් බැහැරව ජපානය, ඉංදියාව හා දකුණු කොරියාව සමඟින් නැගෙනහිර ආසියාතික සමහර රටවල් විද්‍යුත් රථවාහන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සාමාජිකයින් අතරට එක්කාසු වෙමින් සිටින ආකාරයක් දැන් දැකගත හැකි වේ. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේනම්, තායිලන්තයේ ජාතික විදුලි වාහන ප්‍රතිපත්ති කමිටුවේ NEVPC මාර්ග සිතියම අනුව වසර 2026 අවසානය වනවිට දී විද්යුත් රථවාහන 400,000 ත් 750,000 ත් අතර ප්‍රමාණයක් වෙළඳ පොලට එකතු කිරීමට බලාපොරොත්තු වේ. බටහිර රටවලට වඩා මෙම කලාපයේ තාක්ෂණික දැනුමෙන් වර්ධනය වන තරුණ ප්‍රජාව, විදුලි හා ඉක්ට්‍රෝනික් තාක්ෂණයේ නවමු සොයි ගැනීම් සහ නිෂ්පාදන වියදම පහල යාම මෙම පරිවර්ථනය කෙරෙහි හේතුකාරකව තිබේ.

    කෙසේ වෙතත්, බොහෝ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් තුල විද්‍යුත් රථ වාහන සඳහා ප්‍රබල අවශ්‍යතාවයක් පවතින බව සමාජ ආර්ථික පර්යේෂණ ආයතන විසින් හඳුනාගෙන තිබේ. ලෝක බැංකුව විසින් දියුණු වෙමින් පවතින රටවල් 20 ක් පිළිබඳ මෑතකදී කරන ලද විශ්ලේෂණයකට අනුව එකී රටවල විද්‍යුත් රථ වාහන සඳහා ශක්තිමත් ආර්ථික අවස්ථාව ඇති බව පැහැදිලි කරයි. එමෙන්ම මෙම වාර්තාව එකී රජයන්ට විද්‍යුත් රථ වාහන භාවිත කිරීම වේගවත් කළ හැක්කේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳ ප්‍රතිපත්ති සකසා ගැනීමට මාර්ගෝපදේශ ඉදිරිපත් කරයි.

    වාර්ෂිකව ඩොලර් බිලියන 6 ක් වැනි විශාල මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය කරන මෙරට පිරිපහදු ඉන්ධන ප්‍රමාණයෙන් 25% ක්ම පුද්ගල ගමනාගමන කටයුතු සඳහා වැය කිරීම බරපතල ගැටළුවකි. විශේෂයෙන්ම ඉන්ධන ආනයන පිරිවැය සහ වාහන නඩත්තු වියදම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී විද්යුත් රථවාහන භාවිතය මෙරටට වඩා සාර්ථක විසඳුමකි. වායු විමෝචනයක් නොමැතිවීම, පාරිසරික සහ පොදු සෞඛ්‍යාරක්ෂාව එහිදී කැපී පෙනෙන දිගුකාලීන ප්‍රතිලාභයකි. ජාත්‍යයන්තර බලශක්ති නියෝජිතායතනය IEA නැගී එන සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි මාර්ගස්ථ ප්‍රවාහනය විද්‍යුත්කරණය කිරීම සඳහා මගී බස් රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වඩා සාර්ථක පියවරක් බව පවසන්නේ එබැවිනි. බ්ලූම්බර්ග් Bloomberg වාර්ථා අනුව වසර 2050 වන විට ගෝලීය ප්‍රවාහනයේ 86% ක් ම ඊ-බස් රථ නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර පර්යේෂණ සමාගමක් වන Interact Analysis පුරෝකථනය කරන්නේ වසර 2025 වන විට ඉන්දියාව ගෝලීය වශයෙන් විදුලි බස්රථ සඳහා වන සමස්ත වාර්ෂික ඉල්ලුමෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වන බවයි. පසුගිය වසරේ ඉන්දීය ආණ්ඩුව විසින් සැපයුම සහ ඉල්ලුම මත පදනම් වූ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කරන දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයේ දෙවන අදියර හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ එරට මගී ප්‍රවාහනයේදී පුළුස්සාදමන අධික ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහනය විද්‍යුත්කරණය කිරීමයි. ඒ අනුව දියුණු වෙමින් පවතින අප රටට මෙම තීරණාත්මක සංක්‍රාන්ති සමයට මුහුණ දීමේ මාවත පැහැදිලි කරයි.

    ඉදහිට හෝ මෙරට මහා මාර්ගයන්හි දැකගත හැකි අතලොස්සක් තරම් වු විදුලි මෝටර් රථ හා යතුරු පැදි සහ පා පැදි පිළිබඳව සලකා බැලීමේදී මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් රථ වාහන වල සංක්‍රාන්තිය තීරණාත්මක ප්‍රශ්න තුනක් වෙත අපව යොමු කරයි. දියුණු වෙමින් පවතින ලංකාව විද්‍යුත් රථ ප්‍රවාහන ක්‍රම අනුගමනය කළ යුත්තේ ඇයි? මෙරට විද්‍යුත් වාහන වෙත සංක්‍රමණය වන්නේ කවදාද? ආණ්ඩු විසින් මෙම සංක්‍රාන්තිය ඇති කරන්නේ කෙසේද? කෙසේ වුවද ලංකාවෙන් බැහැරව දියුණු වෙමින් පවතින රටවල් ආශ්‍රිතව විදුලි මෝටර් රථ භාවිතයට යොමුවන ආකාරය අපට ඒ උදෙසා හොඳ මාර්ගෝපදේශයක් සපයයි. විශේෂයෙන්ම විදුලි මෝටර් රථයක් හිමිකර ගැනීමේ අභිලාශය සලකා බැලීමේදී ඉන්දියාව, මැලේසියාව සහ වියට්නාමය ආදී රටවල ජනතාව ඒ කෙරෙහි දක්වන ප්‍රවණතාවය අපට හොඳ නිදසුනකි. ඒ ඔස්සේ බොර තෙල් හෝ පිරිපහදු ඉන්ධන ආනයනය උදෙසා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීමට එකී රාජ්‍යයන් උනන්දුවීම එහි ගාමක බලය වි තිබේ.

    මේ අතර Economist Intelligence Unit පුරෝකථනය කරන්නේ ඉදිරි වසර පහ තුළ ලොව පුරා අලෙවිවන විද්‍යුත් රථවාහන වලින් 63% ක් ආසියාවේ මහා මාර්ගයන්හි දැකගත හැකි බවයි. මෙම කලාපයේ විද්‍යුත් වාහනයක් මිල දී ගැනීමේ  පෙළඹවීමේ ප්‍රධාන සාධක ලෙස දැකගත හැකිවන්නේ බහුතරයක් රටවල ගොඩනැගෙන ආර්ථික තිරසාරභාව යයි. දෙවැන්න ආරෝපණ හා නඩත්තු කිරීමේ යටිතල පහසුකම් සංවර්ධන කිරීමයි. තෙවැනි සාධකය වනු ඇත්තේ විදුලි මෝටර් රථ මිලදී ගැනීම සඳහා බදු සහන සහ සහනාධාර සම්පාදන කිරීම බව පෙන්වා දිය හැකි වේ.

    ආසියාතික රටක් වුවද, මෙරට තුල විද්‍යුත් වාහන කෙරෙහි යොමුවීම පිළිබඳ අපේක්ෂාවන් සඳහා පුළුල් සමාලෝචනයක් තවමත් දැකගත නොහැකිය. මෙරට සම්බන්ධයෙන් එවැනි අධ්‍යයනයන් ඔස්සේ අනාගතයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා feaවඩාත් යෝග්‍ය වන්නේ කුමන මාදිලියේ විද්‍යුත් රථවාහන ද යන්න අවබෝධකර ගැනීමට පහසුවනු ඇත. විදුලි බලයෙන් වුවද මහාමාර්ග පද්ධතිය අවහිර කරන හා ජාතික ධනය විනාශ මුඛයට ඇදගෙන යන යතුරු පැදි හා ත්‍රිරෝද රථ වෙනුවට පුරවැසියන්හට දැරිය හැකි මිලකට විද්යුත් කාර් ආනයනය සඳහා යොමුවිම ආකර්ශනීය විකල්පයක් විය හැකිය. එසේ වුවද ආරෝපණ හැකියාවන් සීමාසහිත වීම වැනි තාක්‍ෂණික යටිතල පහසුකම් මෙරට විද්‍යුත් රථ වාහන භාවිතා කිරීම තරමක් ගැටළු සහගත වනු ඇත.

    එහෙයින් ජාතික විදුලිබල සැපයුමෙන් බැහැරව ස්වාධීන සූර්ය බල විදුලි පද්ධති ඔස්සේ මාර්ගස්ථ බැටරි ආරෝපණ ඒකක ස්ථාපනයටටට හැකියාවක් ඇති ව්‍යවසායකයින් කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුයි. විද්‍යුත් වාහන උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස නියාමන ප්‍රතිපත්ති සකසා ගැනීමට අප යුහුසුළු විය යුතු වන්නේ එවැනි වටපිටාවක් තුලයි. කෙසේ වුවද නැගෙන බාධක මැඬගෙන ජාතියක් වශයෙන් අපි අනාගතයට ගමන් කළ යුතු නොවන්නේද?

    සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

     

  • ගොයම් කැපෙන විට වී අලෙවි මණ්ඩලයේ මකර කටට භාණ්ඩාගාරය විසි කිරීම

    ගොයම් කැපෙන විට වී අලෙවි මණ්ඩලයේ මකර කටට භාණ්ඩාගාරය විසි කිරීම

    වී අලෙවි මණ්ඩලයට පණ දෙන්නට කියා වී අස්වැන්න මිල දී ගැනීමට භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමට රජය කටයුතු කරන්නේ නම්, එය 2025 වසරේ සිදු කරන දැවැන්තම භාණ්ඩාගාර මුදල් විනාශය බවට පත් නොවිය යුතුය. මේ තීරණයට සාමූහිකව ද, වෙන් වෙන් වශයෙන් ද සම්බන්ධ වන සියළු තරාතිරම් හි පුද්ගලයින් රාජ්‍යයට සිදු විය හැකි අනිවාර්ය වූ මූල්‍ය පාඩුවට වගකීම් දැරිය යුතු වනු ඇත.

    ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය.  2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත.  2017 දී කෝටි 589 ක් ද, 2012 දී කෝටි 196  ක් පාඩු ලබා ඇත.  වී අලෙවි මණ්ඩලය සිය ස්ථාපිත වගකීම වන ‘වී මිලදී ගැනීම  සිදු කළ’ සෑම මොහොතකම ‘පාඩු ලබා ඇති අතර, මෙහෙයුම් වැඩි කළ සෑම විටම පාඩුව උපරිමයට ගොස් ඇත.

    වී අලෙවි මණ්ඩලය අද වන විට අවම වශයෙන් රු. බිලියනයක් හෝ එයට වැඩි ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ණය වී ඇත. වී මිලදී ගැනීමට මණ්ඩලයට ලබාදුන් මුදල්/ණය සඳහා (වත්මන් 11% ක පොලීය ද සමඟ) මහාභාණ්ඩාගාරය දරා ඇති අස්තමේන්තුගත වියදම (accumulated sum) රු. බිලියන 20 කි.  ලංකා හා මහජන (රාජ්‍ය බැංකු) දෙකට ද, යම් ණය මුදලක් ඇති අතර ඒවායේ පොලිය ද භාණ්ඩාගාරයෙන් ගෙවා ඇත.

    මෑතක දී පනවනු ලැබූ නව මුල්‍ය නීති අනුව, භාණ්ඩාගාරයට තවදුරටත් මණ්ඩලය අසීමාන්තිකව ණය ලබාදිය නොහැකිය. විධිමත් විගණනයක් සිදු කළ නොහැකි, අඛණ්ඩව පාඩු ලබන, ආයතනයකට කිසිදු බැංකුවක් වාණිජ්‍ය ණය ලබා දෙන්නේ නැත. රාජ්‍ය බැංකු නිලධාරීන්ට ද, රජයේ සැරැකුමක් නැතිව එවැනි ණය අවදානමක් ගත නොහැකිය.

    වී අලෙවි මණ්ඩලය මගින් නැවත වි මිලදී ගෙන, නියමිත තත්ව පාලනයක් නොමැති තැනක ගබඩා කර හාල් මිල ඉහළ යන විට, වෙළඳපොළ මිලට අඩුවෙන් මෝල් හිමියන්ට වී අලෙවි කිරීම නැවත නැවතත් ‘අත්හදා බලා, අසමත් වී ඇති’ ව්‍යාපෘතියකි.

    වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 210 ක් ඇති නමුත් එයින් බහුතරය වල් වැදී දිරාපත් වී ඇති මීයන් හා වෙනත් සතුන්ගේ රජදහන් ය. රාජ්‍ය හා සමූපකාර ආයතන සතු මුළු ගබඩා සංඛ්‍යාව 380 කි. වී අලෙවි මණ්ඩලය පිළිබඳ විගණන වාර්තාවන්ට අනුව 2008 සිට 2018 දක්වා (2011 හැර) මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව විගණන වාර්තා දක්වයි.   2010 සිට 2016 දක්වා මණ්ඩලය ගැන විගණන මතය ‘ව්‍යාචනයයි’.  ගබඩා දත්ත, පොතේ ඉලක්කම් හා ගැලපෙන්නේ නැත. සැබෑ තොගය, විනාශ වී ඇති ප්‍රමාණය ගණන් බැලීමේ ක්‍රමයක් නැත. (වී කිලෝ 50 බැගින් පැවතිය යුතු මල්ලක සැබවින්ම පවතින්නේ කිලෝ 45 කට අඩු ප්‍රමාණයකි.) සරළවම වත්මන් වී අලෙවි බණ්ඩලයේ පරිපාලන යාන්ත්‍රණය තුල කිසිදු විද්‍යාත්මක කලමනාකරණ ක්‍රමවේදයක් නැත. එවැනි ස්ථානයකට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම ‘ගඟට ඉනි කැපීමකි’. 

    ශ්‍රී ලංකා රාජ්‍යය ‘වී අලෙවි මණ්ඩලයට පණ දී වී ගොවියා හා පාරිභෝගිකයා බේරා ගැනීම’ නම් අසාර්ථක ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන බව තැන තැන කියයි.

    වී අලෙවි මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි?  

    1.       වී ගොවියාට සිය නිෂ්පාදන මිලට වඩා වැඩි වී මිලක් ලබාදීමට රජයට සෑම වසරකට පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දැඩි පීඩනයක් එල්ල වේ.  වී මිලදී ගැනීම සඳහා රජයට එල්ලවන පීඩනය නිසා භාණ්ඩාගාරයේ මුදල් වැය කර මණ්ඩලය වී මිලදී ගනී. එම වී තෙත සහිතය. (යන්ත්‍රයෙන් කපා, බෑග් එකට පටවයි) බොහෝ විට මණ්ඩලයට වී වේළීම සඳහා ප්‍රමිතියක් සහිත වේළන උපකරණ  (ඩ්‍රයර්) නැත.  තිබෙන පැරණි ඩ්‍රයර් කිහිපය මගින් විශාල වී තොගයක් වේළිය නොහැකිය.  මණ්ඩලය සහිත උෂ්නත්වය හා තෙනමනය පාලිත තත්වය යටතේ පවත්වා ගැනීමට වී බොයිලේරු (සුදු යඩක/අලුමීනියම්) ගුදම් නැත. වී ගබඩා වන්නේ ගෝනි, බෑග් වලය. මේවා මීයන් පිපියන්, කෘමින්ට පහසුවෙන් නිරාවරණය වේ. 

    2.       තත්වයෙන් උසස් සහල් නිෂ්පාදනය සඳහා අවම වශයෙන් මාස 4 ක් උෂ්ණත්වය හා තෙතමනය (පාලිත තත්වය යටතේ) වී පරණ විය යුතුය. හාල් මිල ඉහළ යන්නේ සැප්තෑම්බර් සිට ජනවාරි දක්වා කාලයේ ය.

    3.       ප්‍රමිතියක් නැති වී ගබඩාවක මාස 3 ක් ගත වන විට වී පුස් කා, විනාශවීම ඇරඹෙන්නේය.  එවිට වී අලෙවි මණ්ඩලය කළේ සිය වී තොග, සත්ව ආහාර/මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අඩු මිලට විකුණා දැමීම ය.

    4.       වී අලෙවි මණ්ඩලයේ අද පවතින සයිලෝ බහුතරයක් ඇමරිකාව විසින් ලෝක ආහාර සංවිධානයේ ආධාර මත ඉදිකළ, එක ඇමරිකාවේ තිරිඟු ගබඩා කිරීමට යොදාගන්නා තාක්ෂණය සහිත ඉදිකිරීම් ය.  මේවා වී පිරවූ විට පහතට තට්ටුවට යෙදෙන පීඩණය හේතුවෙන් වී වල ප්‍රමිතිය පවතින්නේ නැත. මේ නිසාම හදපු සයිලෝ බහුතරයක් ක්‍රියාත්මක වූවේ නැත. අනෙක් පැත්තෙන් ‘සයිලෝ රැසක අත්‍යවශ්‍ය අමතර උපාංග (මෝටර්) ආදිය ගලවාගෙන ගොස් ඇත. 

    5.       මෙම චිෂම චක්‍රය වසර 25 ක් නැවත නැවත සිදුව ඇති බව වී අලෙවි මණ්ඩලයේ කටයුතු පිළිබඳ යම් අවබෝධයක් ඇති සහ වී මෝලක මිලදී ගැනීමේ සිට සහල් නිෂ්පාදනය කර අලෙවිය දක්වා පියවර සියල්ල දන්නා අයට රහසක් නොවේ.

    පුද්ගලික අංශය සතුව වී ප්‍රමිතියක් සහිතව ගබඩා කිරීමට ස්ථාන ඇත. එවැනි ගබඩාවක් ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ අවශ්‍ය වන්නේය. එහි සියළු කටයුතු ස්වයංක්‍රීය ලෙස පාලනය වන අතර වී මෝල, සහල් ගබඩා කිරීම හා පැකට් කිරීම හා ලොරිවලට පැටවීම ඇතුළු සියළු ක්‍රියාකාරකම් පූර්ණ යන්‍ත්‍රාණුසාරයෙන් සිදු කෙරේ.

    වී සහල් බවට පත් කිරීම යනු වී මිලදී ගෙන ගොඩ ගසා ගැනීම නොවේ. එය ප්‍රමිතියක් සහිතව ගල් වැලි ඉවත් කර, වේළා සුද්ධ කර, අති නවීන ඇඹරුම් යන්ත්‍ර මගින් සහල් බවට පත් කර එම සහල් දුවන බෙල්ට් එකක් (කන්වයර් බෙල්ට්) මගින් සහල් ලොරියට පැටවීම දක්වා වන ක්‍රියාවලියකි.  මෙයට විශේෂඥ ශ්‍රම බලකායක් අවශ්‍ය වන අතර එවැනි එක් වෘත්තීකයෙකු ගේ මාසික වැටුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන සොච්චම් වැටුපට වඩා වැඩිය. මණ්ඩලයට එවැනි වෘත්තීයභාවයක් නොමැත.

    දේශපාලනඥයින්ගේ බලපෑම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට බොහෝ විට සිදුවන්නේ, වෙළඳපෛාලේ පවතින මිලට වඩා වැඩි මිලකට වි මිල දි ගැනීමටය. සහල් මිල ඉහළ යද්දී, වෙළඳපොල මිලට වඩා අඩුවෙන් වී අලෙවි කිරීමටය. එමගින් සිදුවන්නේ ශුද්ධ පාඩුවකි. 

    උදාහරණයක් ලෙස වී මිල රු. 100 දක්වා පහත වැටෙන විට මණ්ඩලය 110 ට වී මිල දී ගනී.  වෙළදපොලේ වී මිල රු. 150 වන විට මණ්ඩලය රු. 140 ට තම තොගය අලෙවි කරයි.  පුද්ගලික අංශය අඩු මෙහෙයුම් වියදම දරාගෙන රු. 50 ක් වැඩි මිලට විකුණන විට,  මණ්ඩලය වැඩි මෙහෙයුම් වියදමක් දරා රු. 30 ක් උපයා ගනී.  ඒ වන විට වී සත්ව ආහාර බවට පත්වීමට ඇති ඉඩ වැඩිය. බඩු අඩුවෙලාය. නැතිනම් සත්තු කොටසක් ආහාරයට ගෙන ය. මේ පාඩුව රජය, රටේ මිනිසුන්ගේ බදු මුදල්වලින් පියවා ගැනීම සිදුවේ. 

    ආණ්ඩුවට රු. 25,000 ක පොහොර දීමනාව 131,000කට තවමත් ගෙවා ගැනීමට හැකියාව ලැබී නැත.  ගංවතුර තත්වය හේතුවෙන් සිදු වූ විනාශය ගැන නිශ්චිත අදහසක් නැතත්, වගා බිම්වලින් 25%ක් හෝ අයහපත් කාලගුණයට අසුවී ඇත.  මෙවරට රටට ලැබෙන්නේ පොහොර අඩුවෙන් යෙදූ, ගංවතුරේ බලපෑමට හසුවූ වී අස්වැන්නකි.

    මෙයට වසර 10 කට පෙර වී කිලෝ 1.6 කින්  සහල් කිලෝවක් නිෂ්පාදනය විය.  ඒ 14% ක කාටුව, බොල් වී, ගල් වැනි අපද්‍රව්‍ය පවතින්නේ නම් හා නියමිත ලෙස වියළන ලද වී වලිනි. අද බූතයා, සුනාමි ආදී යන්ත්‍රවලින් කෙලින්ම වී බෑගයට පැකට් වන වී කිලෝ දෙකකින් ලැබෙන්නේ එක් සහල් කිලෝවකි. (අපද්‍රව්‍ය 14%ට වැඩිය) පුද්ගලික අංශය කුඹුරටම ගොස් මේ වී මිලදී ගනී. මණ්ඩලයට වී අලෙවි කරන්නට ගොවීන් ඒවා වේළා, ගබඩාව වෙත තම වියදමෙන් ප්‍රවාහනය කළ යුතුය. වී කිරා අවසන්වන තුරු වාහනයේ මුර කළ යුතුය.  

    1999 ජූනි මස කෘෂිකර්ම ඇමැති දි.මු. ජයරත්න ගේ යෝජනාවකින් වී අලෙවි මණ්ඩලය වසා දැමීමට තීරණය කර, ගබඩා විකුණා දැමීම හෝ බදුදීම ඇරබිණි.  2001 අප්‍රියෙල් 05 වී අලෙවි මණ්ඩලය ඈවර කිරීමේ පනත කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත්, සේවක විරෝධය නිසා එය වැලකුණි. ගබඩාවල තිබූ අත්‍යවශ්‍ය අමතර උපාංග රැසක් ගලවා ඉවත් කරනු ලැබීය.මණ්ඩලය වෙනුවට 2006 දී ‘කෘෂි නිෂ්පාදන අලෙවි අධිකාරිය’ පිහිටවනු ලැබීය. මේ සමයේ ද, අති විශාල මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ද, රජයේ බැංකුවලින් ද ලබා දෙනු ලැබීය.  ඒ වා මේ දක්වා පියවා නැත. ලංකාවේ නැත්තේ, ස්ථිර හා තිරසාර ප්‍රතිපත්තියකි. තිබුණු ගබඩා ටික විකුණා දමා, අලුතෙන් ගබඩා හදනු ලැබීය. දැන් ඉතිරිව ඇත්තේ ඒ ගබඩාය! කාලයෙන් කාලයට වැඩි මිලට මිලදී ගත් වී, අර්ධ වශයෙන් විනාශ වූ පසුව, අඩු මිලට සත්ව ආහාර ලෙස විකිණීම ව්‍යවහාරයක් බවට පත් විය. 2015 දී මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කරනු ලැබූවේ එවකට තිබු ගබඩාවලට වඩා වී ගබඩාවට එම ස්ථානය සුදුසු වූ නිසාය!

    අනෙක් අතට ගෙවුණු වසර 15 පුරාම මණ්ඩලයේ ඉහළ සිට පහලට අන්ත දුෂිත ගණුදෙනු පිරුණු ‘මී ගුහාවකි’.

    වව්නියා, කිලිනොච්චි ගබඩා ඇති නමුත් වී නැත. අනුරාධපුර, පුත්තලම මායිමේ වී ඔයාමඩුවට ප්‍රවාහනය කළ යුතුය.  පොළොන්නරුව මහවැලි කලාපයේ ද ගබඩා ඇත. මින්නේරියේ හොඳ තත්වයේ වී මෝලක් ඇති නමුත්, පරිසර හානිය නිසා ක්‍රියාත්මකවීම වලක්වන අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි. එය තවමත් පවතින්නේ යැයි අනුමාන කරමි. හම්බන්තොට පන්නගමුව මෝල 2017 න් පසුව ක්‍රියාත්මක වී නැත. එහි කොටස් කැඩී ඇත. ඇඹරුම් කිරීමට ප්‍රමාණවත් වී ද ප්‍රදේශයේ නැත.

    තව සති දෙකකින් නැගෙනහිර ගොයම් කැපීම, ‘මහසෙන්’ සුදු ගොයම් අස්වනු නෙලීමෙන් ආරම්භ වේ.   අද පවතින සහල් හිඟය ඒ සමඟ පහව යන්නේය. පුද්ගලික අංශය අලුත් වී ලබා ගැනීමට, සිය ගබඩා හිස් කිරීම අරඹා ඇත. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වී/සහල් මිල අඛණ්ඩව පහත වැටේ. මැයි – අගෝස්තු දක්වා කුඩා වැඩිවීමක් සහිතව ස්ථාවර වේ. නැවත මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැක්කේ සැප්තෑම්බර් මස ය. නමුත්, මෙවර අස්වැන්න ගැන පූර්වකථනයක් ලබාදීම අතිශයින්ම දුෂ්කරය.

    වී/සහල් අර්බුදයට විසඳුම අති දැවැන්ත බදු මුදල් ආයෝජනයක් සහිතව වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපනය කිරීම නොවන්නේ එය මේ වන විට ප්‍රාග්ධනය, තාක්ෂණය, මානව හා භෞතික සම්පත් නොමැති අකර්මන්‍ය ආයතනයක් නිසාය. පුද්ගලික අංශයට අතිශයින්ම පහසු හා සරළ ව්‍යපාරයක් වන සහල් කර්මාන්තය රාජ්‍ය අංශයට අතිශයින් සංකීර්ණ හා දුෂණයට ඉඩ සලසන ව්‍යවහාරයකි. 

    රාජ්‍යය ව්‍යාපාර කර පාඩු ලබනවාට වඩා, ගොවිතැනට පහසුකම් සැලසීම හා සාධාරණ තරඟයකට මාවත විවර කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

    රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු ආණ්ඩුකාරවර සහ ආහාර ප්‍රතිපත්ති කමිටු සාමාජික

  • කාන්තාවන් බහුලව අත්විඳින හෘදයාබාධය සහ එහි රෝග ලක්ෂණ

    කාන්තාවන් බහුලව අත්විඳින හෘදයාබාධය සහ එහි රෝග ලක්ෂණ

    පිරිමින්ට හෘදයාබාධ / heart attackඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර කාන්තාවන් තුළ ද හෘදයාබාධ ඇතිවීමේ වැඩි වීමක් දක්නට ලැබේ. මෙය කාන්තාවන්ගේ හෘද සෞඛ්‍යයට බලපාන ආතතිය වැඩිවීම සහ ජීවන රටාව වෙනස් වීම නිසා විය හැකිය. කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන හෘදයාබාධයක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ

    හෘදයාබාධ ලෝකයේ මරණවලට ප්‍රධානතම හේතුවකි. සෑම වසරකම මිලියන 17.9කට ආසන්න ජනතාවක් හෘද රෝගවලින් මිය යන බව ඇස්තමේන්තු කර ඇති අතර ඉන් 85% ක්ම හෘදයාබාධ හා ආඝාතය හේතුවෙන් සිදු වේ. පිරිමින්ට හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර කාන්තාවන් තුළ ද හෘදයාබාධ ඇතිවීමේ වැඩි වීමක් දක්නට ලැබේ. මෙම වැඩිවීමට හේතු කිහිපයක් තිබේ.

    මෙය කාන්තාවන්ගේ හෘද සෞඛ්‍යයට බලපාන ආතතිය වැඩිවීම සහ ජීවන රටාව වෙනස් කිරීම නිසා සිදු විය හැකිය. එසේම, ආර්තවහරණයෙන් පසු එස්ටජන් මට්ටම පහත වැටීම කාන්තාවන්ගේ හෘදයාබාධ අවදානම වැඩි කිරීමට දායක වේ. හෘදයාබාධයේ ඇතැම් රෝග ලක්ෂණ පිරිමින් සහ කාන්තාවන් තුළ සමාන වන අතර, කාන්තාවන් තුළ පමණක් දැකිය හැකි ඇතැම් රෝග ලක්ෂණ ඇත.

    කාන්තාවන් තුළ දැකගත හැකි හෘදයාබාධ රෝග ලක්ෂණ

    කාන්තාවන් විසින් බහුලව දක්නට ලැබෙන හෘදයාබාධයේ රෝග ලක්ෂණ කිහිපයක් මෙසේය.

    • බෙල්ල, හකු, උරහිස්, ඉහළ පිටුපස හෝ ඉහළ උදරයේ වේදනාව.
    • හුස්ම හිරවීම.
    • එක් අතක හෝ දෙකෙහි වේදනාව.
    • ඔක්කාරය හෝ වමනය.
    • දාඩිය දැමීම.
    • හිසේ කැක්කුම හෝ කරකැවිල්ල.
    • අසාමාන්‍ය තෙහෙට්ටුව.
    • අජීර්ණ ලෙස ද හැඳින්වෙන අජීර්ණය.

    මෙම රෝග ලක්ෂණ සුළු වශයෙන් පෙනෙන්නට තිබුණත්, ඒවා පොදු පපුවේ වේදනාවට වඩා කැපී පෙනේ. පිරිමින් හා සසඳන විට, කාන්තාවන් විවේකීව සිටින විට හෝ නිදා සිටින විට පවා හෘදයාබාධයේ රෝග ලක්ෂණ අත්විඳිති. හෘදයාබාධයේ රෝග ලක්ෂණ අවුලුවාලීම සඳහා චිත්තවේගීය ආතතිය ද වැදගත් සාධකයක් විය හැකි බව Mayo Clinic පවසයි.

    ධමනි තුළ දැඩි අවහිරයක් නොමැති වුව ද කාන්තාවන්ට හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමක් ඇත. මෙය nonobstructive coronary artery disease ලෙස හඳුන්වයි.

    හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපදෙස්

    • කාන්තාවන්ගේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන උපදෙස් කිහිපයක් මෙන්න.
    • දුම් පානය හෝ දුම්කොළ භාවිතා නොකරන්න
    • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න
    • ව්‍යායාම කර නිරෝගී බරක් තබා ගන්න
    • ආතතිය කළමනාකරණය කරන්න
    • මත්පැන් සීමා කරන්න
    • රුධිර පීඩනය, රුධිර සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න
    • හොඳ නින්දක් ලබා ගන්න.
  • ළමුන් තුළ ඇදුම රෝග නිර්ණය කිරීම සඳහා නවතම පර්යේෂණයක්

    ළමුන් තුළ ඇදුම රෝග නිර්ණය කිරීම සඳහා නවතම පර්යේෂණයක්

    පර්යේෂකයන් විසින් ළමුන් සඳහා නාසික ස්පුබ් පරීක්ෂණයක් / nasal swab test වර්ධනය කර ඇති අතර එමඟින් ඇතැම් ඇදුම උප වර්ගය හෝ එන්ඩෝටයිප් / endotype හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම අධ්‍යයනය JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය කියා සිටියේ මෙම ආක්‍රමණශීලී නොවන ප්‍රවේශය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර නියම කිරීමට උපකාර කළ හැකි බවයි.

    JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වන්නේ පර්යේෂකයන් විසින් ළමුන් සඳහා නාසික ස්පුබ් පරීක්ෂණයක් / nasal swab test නිපදවා ඇති අතර එමඟින් ඇතැම් ඇදුම උප වර්ගය හෝ එන්ඩෝටයිප් හඳුනා ගැනීමට උපකාරී වන බවයි. පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම ආක්‍රමණශීලී නොවන ප්‍රවේශය ළමා ඇදුම රෝගයේ විවිධ උප වර්ග සඳහා ප්‍රතිකාර නියම කිරීමට වෛද්‍යවරුන්ට උපකාර කළ හැකි බවයි.

    අධ්‍යයනය සඳහා, පර්යේෂකයන් විසින් හිස්පැනික් නොවන සුදු ජාතිකයින්ට වඩා ඇදුම රෝගයෙන් මිය යාමට වැඩි ඉඩක් ඇති පුවර්ටෝ රිකෝ සහ අප්‍රිකානු ඇමරිකානු තරුණයින් කෙරෙහි අවධානය යොමු කරන ලද ස්වාධීන එක්සත් ජනපදය පදනම් කරගත් අධ්‍යයන තුනක දත්ත ඇතුළත් කර ඇත.

    ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන වෛද්‍ය Juan Celedon මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මෙසේ පැවසුවේ ය. “ඇදුම ළමා කාලයේ බහුලවම පවතින නිදන්ගත රෝගය වන අතර එය ඇතැම් පුද්ගලයින්ට අසමාන ලෙස බලපානවා. එබැවින් මෙම තරුණ රෝගීන්ට වඩා හොඳින් ප්‍රතිකාර කිරීම සඳහා අපි නව ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ඇදුම යනු විවිධ ප්‍රතිශක්තිකරණ සෛල මගින් මෙහෙයවනු ලබන සහ ප්‍රතිකාරවලට වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන විවිධ එන්ඩෝටයිප් සහිත ඉතා විචල්‍ය රෝගයක් වන බැවින්, වඩා හොඳ ප්‍රතිකාර සඳහා වන පළමු පියවර වන්නේ එන්ඩෝටයිප් නිවැරදිව හඳුනා ගැනීමයි.”

    පර්යේෂකයන් විවිධ අධ්‍යයන තුනක් හරහා තරුණයින් 459 දෙනෙකුගෙන් නාසික සාම්පල එකතු කර T2 සහ T17 අත්සන් ජාන අටක ප්‍රකාශනය විශ්ලේෂණය කළහ. ස්පුබ් විශ්ලේෂණයෙන් රෝගියාගේ එන්ඩෝටයිප් අනාවරණය විය. සහභාගී වූවන්ගෙන් 23% සිට 29% දක්වා T2 ඉහළ, 35% සිට 47% දක්වා T17-ඉහළ සහ 30% සිට 38% දක්වා අඩු-අඩු එන්ඩෝටයිප් ඇති බව අධ්‍යයනයෙන් හෙළි විය.

    වෛද්‍ය සෙලෙඩන් පැවසුවේ, “අපට T2-අධික රෝගය සඳහා වඩා හොඳ ප්‍රතිකාර තිබෙනවා. මන්ද වඩා හොඳ සලකුණු මෙම එන්ඩොටයිප් පිළිබඳ පර්යේෂණ තල්ලු කර ඇති නිසයි. නමුත් දැන් අපට වෙනත් එන්ඩෝටයිප් හඳුනා ගැනීම සඳහා සරල නාසික ස්පුබ් පරීක්ෂණයක් ඇති බැවින්, T17-ඉහළ සහ පහත් රෝග සඳහා ජීව විද්‍යාව වර්ධනය කිරීම සඳහා ඉඳිකටුවක් චලනය කිරීමට අපට පටන් ගත හැකියි”

    පර්යේෂකයන් පවසන්නේ ඇදුම එන්ඩෝටයිප් සඳහා වන මෙම වේගවත් පරීක්ෂණය ඇදුම පර්යේෂණයේ අනෙකුත් අංශ ඉදිරියට ගෙන යාමට ද උපකාරී වන බවයි.

  • TikTok අනතුරේ !

    TikTok අනතුරේ !

    Elon Musk සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ

    Tesla සහ SpaceX වැනි ප්‍රමුඛ සමාගම් සඳහා ප්‍රසිද්ධ ඉලෝන් මස්ක් TikTok අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව Bloomberg අනාවරණය කර ඇත.

    2022 දී ට්විටර් ඩොලර් බිලියන 44කට මිල දී ගැනීමෙන් පසුව, මස්ක් ට්විටර් “X” ලෙස නැවත නම් කර ඇත. දැන්, ඔහු ජනප්‍රිය කෙටි වීඩියෝ යෙදුමක් වන TikTok මිලදී ගැනීමට උනන්දු වන බව වාර්තා වෙයි. TikTok හිමි චීන සමාගම එහි එක්සත් ජනපද මෙහෙයුම් විකිණීම ගැන සලකා බලමින් සිටින බව Bloomberg වාර්තාව වැඩි දුරටත් පවසයි.

    මෙම සිදුවීම වාර්තා වන්නේ සුවිශේෂ පසුබිමකය. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් පසු ඇමෙරිකානු රජය විසින් TikTok සහ එහි මව් සමාගම වන ByteDance එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ලේබල් කර ඇත. මෙම යෙදුම චීන රජයට සම්බන්ධ කිරීම සහ එය ඇමරිකානු ආරක්ෂාවට බලපාන ආකාරය ගැන එක්සත් ජනපද බලධාරීන් කනස්සල්ලට පත්ව සිටිති.

    දැනට, TikTok හි එක්සත් ජනපදයේ මිලියන 170 ක් පමණ ක්‍රියාකාරී පරිශීලකයින් සිටින අතර, ඒ හා සමාන ගැටලු ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක යෙදුම තහනම් කිරීමට හෝ සීමා කිරීමට හේතු වී තිබේ.

    නව රෙගුලාසි වල කොටසක් ලෙස ජනවාරි 19 සිට එක්සත් ජනපදයේ TikTok තහනමකට මුහුණ දීමට ඉඩ තිබේ. Elon Musk TikTok හි එක්සත් ජනපද මෙහෙයුම් මිලදී ගන්නේ නම්, මෙම යෙදුම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වළක්වා ගත හැකිය.

     

    TikTok විශේෂයෙන් ලොව පුරා සිටින තරුණ තරුණියන් අතර, විශේෂයෙන් ඔවුන්ගේ විසි ගණන්වල අය අතර ජනප්‍රියය. කෙසේ වෙතත්, ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් හඳුන්වා දුන් නව නීති යටතේ, ඇමරිකානු පරිශීලකයින්ට ජනවාරි 20 සිට TikTok භාවිතා කිරීමට නොහැකි වනු ඇත.

    TikTok හි ප්‍රකාශකයෙකු විකිණීම පිළිබඳ වාර්තා හැඳින්වූයේ “නිර්මාණය කරන ලද” පුවතක් ලෙසය.

  • අධික ලෙස සුවඳ විලවුන් භාවිතා කිරීම හිතකරද ? – එහි හානිකර බලපෑම් දැන ගන්න

    අධික ලෙස සුවඳ විලවුන් භාවිතා කිරීම හිතකරද ? – එහි හානිකර බලපෑම් දැන ගන්න

    අධික ලෙස සුවඳ විලවුන් භාවිතා කිරීම සෞඛ්‍ය ගැටලු රාශියකට හේතු විය හැකිය. සුවඳ විලවුන් අධික ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන ගැටලු ගැන අපි දැනුවත් වෙමු.

    සුවඳ විලවුන් ආලේප කිරීමට අකමැති කවුද? හැමෝම කැමතියි තමන්ගේ ඇඟේ හොඳ සුවඳක් තිබෙනවාට. එපමණක් නොවෙයි සුවඳ විලවුන් විලාසිතා ප්‍රණතාවල කොටසක් බවට පත්ව තිබෙනවා. එය ඔබේ පෞරුෂය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

    ඔබේ අයවැයට අනුව ඔබට හොඳ සුවඳ විලවුන් වර්ගයක් ලබා දිය හැකි බොහෝ සුවඳ විලවුන් වෙළඳනාම වෙළඳපොළේ තිබෙනවා. සමහර අය සුවඳ විලවුන් ආලේප කරන්න ගොඩක් කැමතියි. ඒ නිසාම දවසට කීප වතාවක්ම සුවඳ විලවුන් ආලේප කරනවා. නමුත් ඔබ දන්නවාද අධික ලෙස සුවඳ විලවුන් භාවිතය අපගේ ශරීරයටද අහිතකර බව? ඔව්, ඔබ සුවඳ විලවුන් ඕනෑවට වඩා භාවිතා කරන්නේ නම්, එය සමේ සහ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු රාශියකට හේතු විය හැකියි.

    සුවඳ විලවුන් අධික ලෙස භාවිතා කිරීමේ හානිකර බලපෑම්

    1. ශ්වසන ගැටලු සහ සංවේදීතාව

    එතනෝල්, ඇසිටෝන් සහ ෆෝමල්ඩිහයිඩ් වැනි බොහෝ සංයෝග සුවඳ විලවුන් වල දක්නට ලැබෙනවා. මෙම සංයෝග සමඟ සම්බන්ධ වීමෙන් ශ්වසන පද්ධතිය කුපිත විය හැකිය. මේ හේතුවෙන් ඔබට ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇතිවීමේ අවදානමක් ඇති විය හැකියි. මේ නිසා බොහෝ දෙනෙකුට කැස්ස, හුස්ම හිරවීම, ඇදුම වැනි රෝග ඇතිවීමේ අවදානමක් ඇත.

    1. ඇදුම සහ COPD උත්සන්න වීම

    සුවඳ විලවුන් වල කෘතිම සුවඳ සමහර පුද්ගලයින්ගේ ශ්වසන පද්ධතිය කුපිත කළ හැකියි. ඇදුම හෝ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD) ඇති පුද්ගලයින්ට සුවඳ විලවුන් අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් දැවිල්ල හෝ බ්‍රොන්පයිල් අධි ප්‍රතිචාර දැක්වීම වැනි ගැටලු ද ඇති විය හැකියි. මේ නිසා, රෝගියාගේ ගැටලු වැඩි විය හැකියි.

    1. පෙනහළු සෞඛ්‍යයට බලපෑම්

    සුවඳ විලවුන්වල අඩංගු රසායනික ද්‍රව්‍ය පෙණහලුවලට අහිතකර ලෙස බලපායි. සුවඳ විලවුන් සඳහා ද phthalates නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන අතර එමඟින් ශ්වසන ආබාධ ඇති විය හැකියි. තැලේට් ආශ්වාස කිරීම ඔක්සිකාරක ආතතියට හේතු විය හැකි අතර එය ශ්වසන පද්ධතියේ ගැටලු වලට තුඩු දිය හැකියි.

    1. රසායනික සංවේදීතාව

    සුවඳ විලවුන් ද රසායනික සංවේදීතාව හෝ අසාත්මිකතාවයට එක් හේතුවක් වේ. දිගු වේලාවක් සුවඳ විලවුන් භාවිතා කිරීමෙන් නිදන්ගත සයිනස් දැවිල්ල ඇති විය හැකියි. මේ නිසා පෙනහළු වල ක්‍රියාකාරිත්වය මන්දගාමී විය හැකි අතර බොහෝ ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    1. ස්නායු හා මනෝවිද්යාත්මක ගැටලු

    සුවඳ විලවුන් වල සුවඳ ශක්තිමත් වන අතර දිගු කාලයක් පවතී. මේ නිසා සමහර අයට හිසරදය, කරකැවිල්ල, වමනය වැනි ගැටලු ඇති විය හැකියි. එය ද මෙයට හේතුව විය හැකියි. හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය සඳහා සුවඳ විලවුන් භාවිතය හානිකර විය හැකියි.

  • SMEs Guide SL: නව දිශානතියකට යොමුකළ යුතු වීදි ආහාර අලෙවි ව්‍යාපාර

    SMEs Guide SL: නව දිශානතියකට යොමුකළ යුතු වීදි ආහාර අලෙවි ව්‍යාපාර

    ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකු නිවසින් පිටත, යන එන මගතොට දී උණු උණුවේ ම ආහාර ගැනීමේ ආශාව මෙවැනි කුඩා කඩ බිහිවීමට හේතුකාරකයක් බව පැවසිය හැකි වේ. එමෙන්ම, සමාජයේ කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙකු ආහාර වේලක් පහසුවෙන් ලබා ගැනීම සඳහා ද මෙවැනි ස්ථාන වෙත යොමුවීමේ විශාල නැඹුරුවක් පෙන්නුම් කෙරේ. එසේම, අඩු වියදමකින් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට විවිධ ආර්ථික ස්ථරවල පාරිභෝගිකයින් ප්‍රියකිරීම ද වීදි ආහාර පාන වෙළඳුන් ඉස්මතුවීම කෙරෙහි බලපාන තවත් හේතු කාරකයක් ලෙස හඳුනාගත හැකි වේ. හුදෙක් විනෝදය හා සංචාරය උදෙසා ගමන් බිමන් යන එන පිරිස් වීදි ආහාර සොයා පැමිණීම බොහෝ මාර්ගස්ථව වීදි ආහාර වෙළෙන්දන්ගේ / Street Food Vendors සංක්‍රාන්තිය ඉහළ යාමට උත්තේජනයක්වී පවතී යි.

    මෙම කරුණු පුළුල් ලෙස නිරීක්ෂණයේ දී පෙනීයන්නේ ක්ෂුද්‍ර ව්‍යවසාය අංශයේ ඉතා වැදගත් මෙහෙවරක් වීදි ආහාර වෙළඳ ප්‍රජාව විසින් ඉටුකරන බවයි. සාමාන්‍යයෙන් වීදි ආහාර ව්‍යාපාර තනි පුද්ගලයෙකුට හෝ පවුල් කුටුම්භයක හිමිකාරිත්වයට නතු වේ. මෙම වෙළෙඳ ප්‍රජාව තමන්ගේ නිෂ්පාදන උදෙසා නැවුම් අමුද්‍රව්‍ය එක්රැස්කර ගැනීමේදී කුඩා පරිමාණ ගොවිපළ හා කේවල සැපයුම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධතා ගොඩනගා ගනී යි. ආහාර පාන පෙර සකස් කිරීම පවුලේ සාමාජිකයින් සමඟ එකතුවී ඉටුකරගනු ලැබේ. අවසාන වශයෙන් පාරිභෝගිකයා විසින් ඇණවුම් කළ විට ඔවුන් ඉදිරිපිටදී ම ඉවුම් පිහුම් කටයුතු ඉටුකර, ආහාර පාන පිළිගැන්වීම ද සිදුකරයි. මෙහිදී සිදුකරන සෑම ගනුදෙනුවකම මුදල් සංසරණය වන්නේ දේශීය ආර්ථිකය තුළ පමණි. මේ අනුව ඔවුන්ගේ ශ්‍රමදායකත්වය, සේවාදායකත්වය හා වෙළඳාමෙන් ලැබෙන ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට නො පෙනෙන ලෙස කාන්දුවන බව තහවුරු වේ. එසේ වුව ද අප රටේ ආර්ථිකය උදෙසා වීදි ආහාර වෙළඳ ප්‍රජාවගේ දායකත්වය නිසි ලෙස තක්සේරු කර අගයන්නේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

    සාමාන්‍යයෙන් බහුතරයක් වීදි ආහාර පාන පරිශ්‍රයන් පරිමාණයෙන් කුඩා වේ. ස්වකීය  හැකියාවන් මත අවම මූලික පහසුකම් යටතේ අවම ප්‍රාග්ධනයක් ආයෝජනය කරමින් මෙම ව්‍යවසායයන් ගොඩනැ‍ඟේ. ආර්ථික හා සමාජීය වෙනස්කම් හෝ අධ්‍යාපන සුදුසුකම් මත විධිමත් අංශයේ රැකියා ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් සමහර අයෙකු වීදි ආහාර කර්මාන්තයේ නිරතවීමට පෙළඹේ. ඒ අනුව රැකියා උත්පාදනය සඳහා සැලකිය යුතු විභවයක් ඒ තුළ පෙන්නුම් කරන බව පැහැදිලි වේ. එමෙන් ම වීදි ආහාර නිෂ්පාදන බොහෝ විට සාම්ප්‍රදායික දේශීය සංස්කෘතීන් / Traditional Local Cultures පිළිබිඹු කරන අතර ප්‍රාදේශීය විවිධත්වයකින් ද යුක්ත වේ. සාමාන්‍යයෙන් මෙවැනි වෙළඳුන්ගේ ව්‍යාපාරික කුටි තාවකාලික ඉදිකිරීම් වේ. නැතහොත් ඒ උදෙසා ට්‍රයිසිකල් කරත්ත, දැවමය කුටි, පැරණි හෝ අලුත්වැඩියා කළ රථවාහන උපයෝගීකර ගැනේ. ඒවායෙහි පවතින්නේ සීමිත ඉඩකඩකි. ඒ හේතුවෙන් ආසන පහසුකම් සැපයීම සමීපතම පරිසරය අවට දැකගත හැකි වේ. කුමන තත්ත්වයක් යටතේ වුව ද ඔවුන්ගේ අලෙවිකරණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ස්ථානයේ හැඩතල, සරල බව, පිරිසිදුකම හා නිර්ව්‍යාජ සංග්‍රහශීලී ස්වරූපය මත බව නම් පැහැදිලි වේ.

    අවම අයෝජනයක් හා ස්වයං තෘප්තිය

    බොහෝ විට අවම ආයෝජනයකින් ව්‍යාපාරය ඇරඹිමට හැකිවීම, වීදි ආහාර වෙළෙඳුන්හට වාසිදායක වටපිටාවක් නිර්මාණය කරයි. එමෙන්ම වැඩ කරන කාල වේලාවන් ස්වකීය කැමැත්ත අනුව තෝරා බේරා ගැනීමේ නිදහස ඔවුන් සතු වේ. මෙකී ව්‍යාපාර කටයුතු කෙරෙහි සීමාවන් පැවතිය ද ස්වයං රැකියාවක නිරතවීමේ තෘප්තිය එමඟින් ඔවුන් අත්පත් කරගන්නා ප්‍රමූඛතම ප්‍රතිලාභය යි. එමෙන්ම සාපේක්ෂ වශයෙන් වීදි ආහාර වෙළෙන්දෙකුගේ  මාසික ඉපැයීම්, විධිමත් අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ අවම වැටුප ඉක්මවා යන බව අතිශෝක්තියක් නොවේ. එහෙයින් බහුතරයක් දෙනා අර්ධකාලීනව හෝ මේ උදෙසා යොමුවීමට පෙළඹේ. එසේ වුව ද අහිතකර කාලගුණ තත්ත්වයන් යටතේ දෛනිකව ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට දිගු පැය ගණනක් වැඩ කිරීමට හෝ පාරිභෝගිකයින් වෙනුවෙන් රැඳී සිටීමට මෙම වෙළෙඳ ප්‍රජාවට සිදුවනු ඇත. එහෙයින්  ඕනෑම අවස්ථාවක උදාවන අවදානම තනිකර ම ස්වශක්තියෙන් විඳ දරාගැනීමට ඔවුන්හට සිදුවේ.

    ඇතැම් අවස්ථාවන්හි මෙම වෙළඳ ප්‍රජාවට මාර්ග සංවර්ධන, පළාත් පාලන හා ආරක්ෂක අංශ වෙතින් යොමුකරන නියෝගවලට මෙන්ම මැරවරයන්ගේ බලපෑම් වලට නතුවීමට සිදුවන අවස්ථා ද ඇත. ඒ අනුව උපයන මුදලෙන් යම් ප්‍රතිශතයක් ස්වකීය ආරක්ෂාව හා ස්ථානය රැකගැනීම වෙනුවෙන් වැයකිරිමට සිදුවීම රහසිගත අල්ලස් දීමක් නොවේ. නිල නොලත් එවැනි අපරාධකරුවන් සමඟ කටයුතු කිරීමටද වීදි වෙළඳ ප්‍රජාවට සිදුවීම අතිශය කණගාටුදායක කරුණකි. විශේෂයෙන්ම මෙම තත්ත්වයන් හමුවේ භයංකර අත්දැකීම් වලට මුහුණ පාන්නේ එම ව්‍යාපාරික කටයුතුවල නිරතවන කාන්තාවන් හා අලුත විවාහයට ඇතුළත් වූ පවුල් බවද නොරහසකි. එකී කරුණු පසෙක තැබුව ද පොදු මහජන සේවාවන් භුක්තිවිඳීමේදී හා ලබා ගැනීමට හිමිකම් පෑමේදී ඔවුන්ගේ වෘත්තිය බොහෝවිට පහත් තත්ත්වයෙහිලා සැලකීම මෙරට සමාජයේ දැකගත හැකි දුර්ගුණයක සැබෑ ස්වරූප ඉස්මතු කරයි.

    කෙසේ වුව ද මෙරට වීදි ආහාර ව්‍යාපාරයන්හි / Street Food Enterprise වැදගත්කම බොහෝ විට නොසලකා හැර ඇත්තේ එය අවිධිමත් අංශයේ කොටසක් ලෙස ඇතැමුන් සලකන බැවිනි. එදා මෙදා තුර මෙරට තුළ ක්‍රියාත්මක වූ අවිධිමත් අංශ විධිමත් කිරීමේ යෝජනා ක්‍රම සාර්ථක වූවා නම් මෙවැනි කුඩා ව්‍යවසායයන් මෙයට වඩා සිත්ගන්නා සුලු ප්‍රමිතිගත තත්වයකට පත්විය යුතු නොවේද?. මෙයින් පසක් වන්නේ කුමක්ද ? ආර්ථික සංවර්ධනයේ විෂමතාව තව දුරටත් එමගින් සංකේතවත් කරන බව නොවේ ද?. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය මත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා හා කර්මාන්ත මගින් ජනනය වන රැකියා සීමාසහිත වීම හේතුවෙන් අවිධිමත් අංශයේ වැදගත්කම අකමැත්තෙන් වුවද පිළිගැනීමට අපිට සිදු වේ. මක්නිසාද යත්, බොහෝ රටවල විධිමත් අංශයට වඩා අවිධිමත් අංශය වේගයෙන් වර්ධනය වන ආකාරය දැකගත හැකි බැවිනි.

    මිල ගණන් අඩුවීමේ ප්‍රතිලාභ සැමටම

    ව්‍යාපාරික සංකල්පමත හෝටල සහ ආපනශාලා සසඳන විට, ඉවුම් පිහුම් උපකරණ සහ පිරිවැය පිළිබඳ සලකා බැලීමේ දී වීදි ආහාර සපයන කුඩා කඩ ආශ්‍රිත, නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය මිල ගණන් සාපේක්ෂව අඩු වේ. නිවසේ පිසින ආහාර සඳහා විකල්පයක් එමගින් අපට ඉදිරිපත් කෙරේ. එමෙන්ම පිහිටි පරිසරය, ආහාර පාන වර්ගයන්හි විවිධත්වය, අලෙවිකරණ ශිල්පීය ක්‍රම සහ හිමිකාරිත්වය අනුව, වීදි ආහාර ව්‍යවසායයන් අපගේ ආශාවන් කුළු ගැන්විමට සමත් වෙයි. වෙළඳ කරත්ත, වෙළඳ කුටි හා රථ වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීම පාරිභෝගිකයින් වශයෙන් අපට මහත් අස්වැසිල්ලක් උදාකරයි.

    මෙවැනි වාතාවරණයක් යටතේ වීදි ආහාර මිලදී ගැනීම මධ්‍යම පාංතික කුටුම්භවලට පමණක් සීමා වී නැත. සාපේක්ෂව ඉහළ මිල ගණන් යටතේ ඇති ආහාර පරිභෝජනයට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී කුටුම්භ සාමාජිකයින්හට වීදි ආහාර මගින් සිය දෛනික ආහාර අවශ්‍යතා පිරිමසා ගැනීමට ලැබීම ද භාග්‍යයකි. විශේෂයෙන්ම අවම දෛනික වේතනයක් ලබන බොහෝ දෙනෙකු මෙම වීදි ආහාර මත යැපීමද පැහැදිලිවම දැකගත හැකි වේ. එමෙන්ම සමහර ප්‍රදේශයන්හි පාසල් සිසුන් දවසේ පළමු ආහාර වේල ලබා ගන්නේද, ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් උදැසන හා රාත්‍රී ආහාර වේල ලබා ගන්නේද වීදි ආහාර වෙළෙන්දන් වෙතින් බව අසන්නට දකින්නට ලැබේ.

    කෙසේ වුව ද සමහර අපවිත්‍ර වීදි ආහාර පරිභෝජනය හේතුවෙන් පාරිභෝගිකයින් නොයෙකුත් රෝග වලට ගොදුරු වූ අවස්ථා විටින් විට වාර්තා වේ. එහෙත් මෙම කරුණු වීදි ආහාර සඳහා පමණක් වූ ගැටලුවක් නොවන බව සැලකිල්ලට ගත යුතුය. එසේ වුවත් වීදි ආහාර පාන අනුභව කරන පාරිභෝගිකයින්ගේ ස්වස්ථාව හා සනීපාරක්ෂාව පිළිබඳව එල්ලවන චෝදනා නොසලකා හැරිය නොහැකි ය. මක්නිසාද යත්, වීදි ආහාර සකස්කර අලෙවි කරන ස්ථානයන්හි ස්වස්ථාව එම ආහාර නිෂ්පාදනයන්හි ආරක්ෂාවට සැලකිය යුතු ලෙස බලපාන හෙයිනි.

    විශේෂයෙන්ම ආහාර පාන නිෂ්පාදනය කිරිමට භාවිත කරන ජල සැපයුම හෝ ඒ වෙත ප්‍රවේශ වීමේදී ජලයේ ගුණාත්මකභාවය ඉතා වැදගත් වේ. ආරක්ෂිත ජල සැපයුමක් සඳහා ප්‍රවේශය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි සෘජුව ම බලපාන බව විදි ආහාර වෙළඳ ප්‍රජාව වටහාගත යුතු වේ. එමෙන්ම එම ආහාර පාන සකසන බඳුන්වල පිරිසිදුබව හා පිසීමට භාවිත කරන තෙල්වල ගුණාත්මක බව කෙරෙහි ද, විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එමෙන් ම වීදි ආහාර සැකසීමේදී කෘත්‍රිම ආහාර ආකලන / Food Additives භාවිත නො කරන්නේනම් මෙකී තත්වයන්ගෙන් බොහෝ දුරට බැහැරවීමට හැකිවනු ඇත. ඒ වෙනුවට හැකිතාක් ගම්මිරිස්, කුරුඳු, රම්පේ, කරපිංචා, කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, මාදුරු, කහ, සුදුළුනු, රතු ළූනු, වැනි ස්වාභාවික රසකාරක ද්‍රව්‍ය සංයෝග පමණක් ආහාර රස ගැන්වීමට භාවිත කිරීම වඩා යෝග්‍ය බව පෙන්වා දියහැකි වේ. ඉන් බැහැරව දුර්වල සනීපාරක්ෂාව පිළිබඳව උද්ගතවන මෙවැනි ගැටළු හා අවදානම් තත්වයන් වළකාගත හැක්කේ තමන් දන්නා හඳුනන නිෂ්පාදකයින්ගෙන් හා සැපයුම්කරුවන්ගෙන් අදාල අමුද්‍රව්‍ය දෘෂ්‍ය ලෙස තොරා ගැනීමෙන් පමණි.

    වීදි ආහාරවල ආහාර දූෂණය නොවැළැක්විය හැකි බවට වැරදි උපකල්පනයක් ඇත. පෝෂණය සහ සනීපාරක්ෂාව පිළිබඳ පුහුණුව තුළින් වැඩි දියුණුකළ භාවිතයන් සමඟ ගනුදෙනුකරුවන්හට වීදි ආහාර පිළිගැන්වීමට ඔවුන් පෙළඹවීම  බලධරයින්ගේ යුතුකම හා වගකීම බව සිතා කටයුතු කළ යුතුවේ. එමෙන්ම  වීදි ආහාර පාන වෙළෙන්දන් සඳහා කිසියම් නියාමනයක් ස්ථාපිත කිරීමට පෙර, පළාත් පාලන ආයතන වීදි ආහාර ව්‍යවසායකත්යන්හි වැදගත්කම හඳුනා ගත යුතුවේ. ඒ අනුව පෝෂ්‍යදායී, සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය කිරීමට දිරිමත් කිරීම සහ පහසුකම් ඇතිකිරීම ඔස්සේ ආරක්ෂිත ආහාර පාන සකසා අලෙවි කිරීම සඳහා නීති රීති බලාත්මක කිරීම සාධාරණ උත්සාහයක් වනු ඇත. එහෙත් එය එම ව්‍යාපාර අඩපණකරන ක්‍රියා පිළිවෙතක් නොවිය යුතුයි.

    එමෙන්ම මෙරට වීදි ආහාර වෙළඳ ප්‍රජාව කිසිදු ආකාරයකින් සක්‍රීය ලෙසින් සම්බන්ධීකරණය කිරීමක් හෝ විද්‍යාමාන නොවේ. එකී ව්‍යවසායයන් දිගු කාලීනව නියාමනයකට නොගැනෙන නිසා එයට එරෙහිවන එල්ලකරන විරෝධතා පාඨ රැසකි. නාගරික මෙන්ම ප්‍රාදේශීය මංමාවත් අලංකරණයට බාධාවක්, රථවාහන ධාවනයට බාධාවක්, ප්‍රභූ ආරක්ෂාවට තර්ජනයක්, ප්‍රජා සෞඛ්‍යය රෙගුලාසි උල්ලංඝණය කරන ව්‍යාපාර ලෙස සැලකීම හා ඇතැම් ස්ථාන මත්ද්‍රව්‍ය බෙදාහරින තිප්පොලවල් බව පැවසීම, එයට නිදසුන් වෙති. ඇතැම් අවස්ථාවන්හි මෙම කරුණු සත්‍ය විය හැකි ය.

    එසේ වුවත් රජයේ බලධාරීන් හා පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ එක්ව ප්‍රජා සංවිධානවලට එවැනි අහිතකර ස්වරූපයන් බැහැර කරලීමට ප්‍රාදේශීය මෙන්ම ජාතික වශයෙන් ගතහැකි මෙහෙවර ඉතා පුළුල්වේ. ඒ උදෙසා පාරිභෝගිකයින් වෙත මෙන්ම වීදි ආහාර පාන සපයන ව්‍යවසායකයින්හට උපදේශන සේවා සැපයීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට පුළුල් අවකාශයක් පවතී යි. මාර්ගස්ථව තෝරාගත් උපදේශාත්මක පුවරු ස්ථාපිත කළ හැකි වේ. වීදි ආහාර කඩ ආශ්‍රිත ස්වස්ථාව හා සනීපාරක්ෂාව පිළිබඳව එම ව්‍යාපාරයන්හි නිරතවන්නන් ළඟටම ගොස් සුහඳශීලීව කරුණු ඉදිරිපත් කිරීම ඔස්සේ බොහෝ ගැටළු වැළැක්වීමට පහසුවෙන් පියවර ගැනීමට හැකියාව පවතී. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ලෙස වීදි ආහාර සැකසීම පිළිබඳව එකී ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා සක්‍රියව මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශයන්හි වැදගත් මෙහෙවරක් බව අවධාරණය කරමු. එයට සමගාමීයව මේ උදෙසා පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරියේද, පූජා නගර සංවර්ධන ව්‍යාපෘති හා පුරා විද්‍යා  දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෞම්‍ය දායකත්ව ලබා දීම ද වැදගත්වනු ඇත.

    මෙම කරුණු සැලකිල්ලට ගෙන දේශීය  ආහාර වර්ග ප්‍රචලිත කරමින්, සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මගපෙන්වීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයට කුළුපග දායකත්වයක් ඔවුන් වෙත ලබා දීමට ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි. ඒ ඔස්සේ වීදි ආහාර වෙළඳ කුටි නිසි ප්‍රමිතියට ඔසවා තැබීමට ක්‍රියාකල හැකි වේ. ඉන් ඔබ්බට ගොස් මෙහිදී මෙවැනි ස්ථාන නිරීක්ෂණය කර අවශ්‍ය  වැඩිදියුණු කිරීම් හෝ වෙනස්කම් සිදුකිරීමට උපදෙස් දීමත්, ඊට සමගාමීව ඒවා ශ්‍රේණිගත කිරීමකට ලක්කරමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ ඔවුන් ඇගයීමටත් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි.

    මෙවැනි කුඩා ව්‍යවසායයන් උදෙසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ‍‍වෙතින් අතහිත ලබාදීමට කටයුතු කරන්නේනම් එය වීදි වෙළඳාම ඇරඹීමට හා ආරම්භකර පවත්වා ගෙන යන ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා මහත් රුකුලක් වනු ඇත. ඒ අනුව අවම පොළී අනුපාතයක් යටතේ ණය මුදල් සම්පාදනය කිරීම, ණය වාරික අත්පත්කර ගැනීමේදී සහන කාල සීමාවක් ලබාදීම හා සතිපතා ආපසු ගෙවීමේ නව ක්‍රමවේදයක් උදාකරදීම ඔස්සේ ඔවුන්ගේ ව්‍යායාමය සාර්ථක කිරීමට බැංකු පද්ධතියට දායකවිය හැකිය. ඒ උදෙසා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම ප්‍රජාව වෙත තාවකාලික ස්ථානීය බලපත්‍රයක් නිකුත් කිරීම හා මාර්ග අසබඬ වීදි ආහාර අලෙවිසැල් තැනිය යුතු ස්ථාන නිශ්චය කිරීම වැනි සාධනීය ප්‍රගතිශීලී ව්‍යායාමයක නිරතවීමට හැකියාව තිබේ.

    එමෙන්ම මේ උදෙසා යම් ප්‍රතිපත්ති සහ රෙගුලාසි ස්ථාපිත කිරීමේ දී පාරිභෝගික අවශ්‍යතා හා වීදි ආහාර වෙළඳ ප්‍රජාවගේ අභිමතාර්ථ සැලකිල්ලට බඳුන් කිරීම ඉතා වැදගත් වනු ඇත. එලෙසින් ගොඩනගන ප්‍රතිපත්ති, ස්වයං රැකියාවන්හි නිරතවන හා නිරතවිමට  අදහස් කරන පුද්ගලයින් දිරිමත් කිරීමට හැකිවිය යුතු වේ. අනෙක් අතට අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට සහ පෝෂණීය ගුණයෙන් ඉහළ දේශීය ආහාර පාන ජනතාව අතර ප්‍රචලිත කිරීමට  එකී ප්‍රතිපත්ති ඔස්සේ සිදුවිය යුතු යි. ඒවා බලාත්මක විය යුත්තේ නව ව්‍යවසායකත්ව බිහිකිරීමට මංපෙත් විවර විවරවන ආකාරයෙනි. ඒ ඔස්සේ වීදි ආහාර පාන සපයන ප්‍රජාවගේ ජීවන තත්වය වැඩිදියුණු කරගැනීමට නව මංපෙත් විවරකර දිය හැකි වේ.

    (සටහන: මෙම ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස  සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  සහ වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)

  • WhatsApp ‘photo poll feature’ නිකුත් කරයි: ඔබ දැනගත යුතු සියල්ල මෙන්න !

    WhatsApp ‘photo poll feature’ නිකුත් කරයි: ඔබ දැනගත යුතු සියල්ල මෙන්න !

    ගෝලීය වශයෙන් බිලියන 3.5කට අධික පරිශීලකයින් සිටින වඩාත් ජනප්‍රිය ක්ෂණික පණිවිඩකරණ වේදිකාව වන WhatsApp, නිතිපතා යාවත්කාලීන කිරීම් සමඟින් එහි පරිශීලක අත්දැකීම වැඩි දියුණු කරයි. 2022 දී, WhatsApp photo poll feature හඳුන්වා දුන් අතර, පරිශීලකයින්ට කතාබස් තුළ ඡන්ද විමසීම් නිර්මාණය කිරීමට ඉඩ සලසයි. දැන්, WhatsApp මෙම විශේෂාංගය වැඩිදියුණු කර ඇති අතර, එය වඩාත් බහුකාර්ය සහ පරිශීලක-හිතකාමී කරයි.

    පෙරදී, පරිශීලකයින්ට photo poll නිර්මාණය කළ හැක්කේ පෙළ විකල්ප භාවිතා කර පමණි. කෙසේ වෙතත්, නවතම යාවත්කාලීනය photo poll සඳහා ඡායාරූප ඇතුළත් කිරීමේ හැකියාව හඳුන්වා දෙයි. මෙම වැඩිදියුණු කිරීම මඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රශ්න හෝ විකල්ප දෘශ්‍යමය වශයෙන් ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි. පෙළ පමණක් ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී අදහස් ප්‍රකාශ කිරීම හෝ අදහස් එකතු කිරීම පහසු කරයි.

    උදාහරණයක් ලෙස, ඔබ සිදුවීමක් සැලසුම් කරන්නේ නම්, ඔබට දැන් photo poll feature සමඟ විභව ස්ථානවල ඡායාරූප ඇමිණිය හැකිය. සහභාගිවන්නන්ට ඉක්මනින් දැනුවත් තීරණ ගැනීමට උදවු කරයි.

    නව විශේෂාංගය මුලින්ම වාර්තා කළේ WhatsApp යාවත්කාලීන කිරීම් සහ නව විශේෂාංග නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන WABetaInfo විසිනි. වාර්තාවට අනුව, මෙම විශේෂාංගය දැනට Android අනුවාදය 2.25.1.17 ධාවනය වන බීටා පරිශීලකයින්ට ලබා ගත හැකිය.

    photo poll ඡායාරූප ඇමිණීමේ විකල්පය යෙදුමේ උපයෝගීතාව සහ නියැලීම වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ පුළුල් උත්සාහයේ කොටසකි. බීටා පරීක්‍ෂණය මඟින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන ඒමට පෙර විශේෂාංගය බාධාවකින් තොරව ක්‍රියා කරන බව සහතික කරයි.

    photo poll feature  දැනට සංවර්ධන අදියරේ පවතී. පරීක්ෂා කිරීම සඳහා බීටා භාවිතා කරන්නන් තෝරා ගැනීමට WhatsApp එය එළිදක්වා ඇත. පරීක්ෂණ අදියර සම්පූර්ණ වූ පසු සහ කිසියම් දෝෂයක් හෝ ගැටළු නිරාකරණය වූ පසු, සමාගම විසින් මෙම විශේෂාංගය සියලුම පරිශීලකයින්ට ලබා දීමට බලාපොරොත්තු වේ.

    තවමත් නිල නිකුත් කිරීමේ දිනයක් නොමැති අතර, එළිදැක්වීම ඉක්මනින් අපේක්ෂා කෙරේ. නව්‍ය විශේෂාංග හඳුන්වා දීමට WhatsApp හි නිරන්තර උත්සාහයන් පරිශීලකයින් අතර එහි අදාළත්වය සහ ජනප්‍රියත්වය සහතික කරයි.

    poll feature මෙම නව එකතු කිරීම පැහැදිලිව සන්නිවේදනය කිරීමට පෙළ ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. වැඩ, සමාජ සැලසුම් හෝ අනියම් සංවාද සඳහා වේවා, photo polls මගින් සාකච්ඡා වඩාත් අන්තර්ක්‍රියාකාරී සහ දෘෂ්‍යමය වශයෙන් සම්බන්ධ කළ හැකිය.

  • ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අනාගතය ගැන ‘සුභ අනාවැකියක්’

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අනාගතය ගැන ‘සුභ අනාවැකියක්’

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2025 දී සුපරීක්ෂාකාරී වර්ධනයක් අපේක්ෂා කරයි: Forbes සහ Walker Tea Brokers

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභියෝග සහ අවිනිශ්චිතතා රැසකට මුහුණ දී තිබියදීත්, 2025 දී මධ්‍යස්ථ වර්ධනයක් ඇති වසරක් සඳහා සූදානම් වන බව Forbes සහ Walker Tea Brokers විසින් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත.

    වසර කිහිපයක නිෂ්පාදනය පහත වැටීමෙන් පසු ශ්‍රී ලංකාව Orthodox Large Leaf තේ කොළ වල ඉහළ සැපයුමක් අත්විඳීමට ඉඩ ඇති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

    2025 පළමු කාර්තුව (1Q25) යම් ස්ථාවරත්වයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව එහි බටහිර තත්ත්ව සමයට / Western quality season ප්‍රවේශ වන බැවින්, සාමාන්‍යයෙන් වඩා හොඳ මිලක් හිමිවන ඉහළ තේ අස්වැන්නක් වාර්තා කළ හැකිය.

    “1Q කාලය තුළ සහ සමහර විට 2Q හි පළමු භාගයේදී පවා තේ මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපට පුරෝකථනය කළ හැකිය” වාර්තාව යෝජනා කරයි.

    කෙසේ වෙතත්, වසරේ දෙවන භාගය බොහෝ දුරට ගෝලීය සැපයුම් ගතිකත්වය දිග හැරෙන ආකාරය මත රඳා පවතිනු ඇති බව Forbes සහ Walker Tea Brokers පවසයි.

    තේ මිල තීරණය කිරීමේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතිකය ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. වාහන ඇතුළු ආනයන සීමාවන් කිහිපයක් ලිහිල් කිරීමට රජය සූදානම් වන බැවින් රුපියල තේ මිල කෙරෙහි එහි බලපෑම කැපී පෙනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    අස්ථාවරත්වය තිබියදීත්, 2025 දී තේ නිෂ්පාදනය සඳහා වන පුරෝකථනය ප්‍රවේශමෙන් ශුභවාදීව පවතී. දේශගුණික විපර්යාස, යෙදවුම් පිරිවැය වැඩිවීම, වැටුප්, යාන්ත්‍රිකකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ පොහොර භාවිතය වැනි අභියෝග සමඟ තේ කිලෝග්‍රෑම් මිලියන 280ක් රට නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

    “ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයට බලපාන දේශගුණික විපර්යාස, යෙදවුම් පිරිවැය, යාන්ත්‍රිකකරණය සහ වැටුප්, රජයේ ප්‍රතිපත්ති සහ පොහොර භාවිතය වැනි සාධක 2025 වසර සඳහා වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 280ක් ප්‍රවේශමෙන් ශුභවාදී ලෙස ප්‍රක්ෂේපණය කිරීමට අපට හැකි වනු ඇත,” විශ්ලේෂණය පෙන්වා දුන්නේය.

    ඉන්දියාව සහ චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් වර්ධනය සඳහා සැලකිය යුතු අවස්ථා ඉදිරිපත් කිරීමට නියමිතය.

    කෙසේ වෙතත්, තේ තැරැව්කරුගේ පර්යේෂණ අංශය අනතුරු ඇඟවූයේ ආර්ථික අස්ථාවරත්වය සහ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් ඉල්ලුමේ සහ සැපයුමේ ශේෂයට බාධා කළ හැකි බවයි. 2024 කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් Forbes සහ Walker Tea Brokers පැවසුවේ ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීමේ දිරිගන්වනසුළු ලකුණු පෙන්නුම් කර ඇති අතර එය ‘වෙනස නැවත ලබා ගැනීමේ වසර / The Year of Reclaiming Change’ ලෙස හැඳින්විය හැකි දේ සනිටුහන් කරන බවයි.

    විශේෂයෙන්ම බස්නාහිර සහ ඌව ප්‍රදේශවලින් ගුණාත්මක තේ සඳහා ඇති දැඩි ඉල්ලුම වෙළෙඳ පොළට සහාය වූ අතර රුපියලේ අගය ඉහළ යැම යම් සහනයක් ලබා දුන්නේය.

    පසුගිය වසරේ අග භාගයේ දී ගොඩනැගීමට පටන් ගත් තේ අගයේ ගම්‍යතාව, සියලු උන්නතාංශයන් හරහා පැහැදිලි වූ බව වාර්තාවේ සඳහන් වේ. උසස් ප්‍රමිතියෙන් යුත් තේ නිෂ්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා ස්ථාවර ඉල්ලුමක් ද දක්නට ලැබුණි.

  • යළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

    යළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

    උනන්දුවක් දක්වන පාර්ශ්වයන් 2025 පෙබරවාරි 28 දිනට පෙර තම ව්‍යාපාරික යෝජනා සහ ආධාරක ලියකියවිලි විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරි වෙත (තමා ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) ඉදිරිපත් කළ යුතුය

    • දිරි ගැන්වීම් ලබාදීමේදී නිෂ්පාදනය සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව
    • මෙම යෝජනා ක්‍රමය නිෂ්පාදනය, අපනයනය සහ රැකියා උත්පාදනය සම්බන්ධ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කර ඇත
    • එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රුපියල් 250,000, 500,000 සහ රුපියල් 1,000,000 බැගින් මුල්‍ය ආධාර වෙන් කෙරේ.

    ශ්‍රී ලංකාව වෙත ආපසු පැමිණෙන විගමණික සේවකයන්ට සිය ඉතුරුම් රට තුළ නැවත ආයෝජනය කිරීම බලගැන්වීමේ නව සැලසුමක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

    විදේශගතව සේවය කර ශ්‍රී ලංකාව වෙත නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයන්ට තම ඉතුරුම් රට තුළ ආයෝජනය කිරීම දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 744.75ක ‘ව්‍යවසායකත්ව සංවර්ධන යෝජනා ක්‍රමයක්’ දියත් කරන  බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පසුගිය 06 වැනිදා නිවේදනය කළේය. මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ව්‍යාප්ත වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    මෙම මූල්‍ය ආධාර වැඩසටහනේ අරමුණ වන්නේ නව ව්‍යාපාර ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාර පුළුල් කිරීම මඟින් ඔවුන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන, යළි මව්බිම වෙත පැමිණෙන විගමණික සේවකයින්ට අමතර සහයෝගයක් ලබා දීමයි.

    ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දැනටමත් ව්‍යාපාර ව්‍යාපාරවල නියැලී සිටින පුද්ගලයින් ද මෙම යෝජනා ක්‍රමය හරහා ප්‍රතිලාභ ලබාගත හැකිය.

    “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ව්‍යවසායකයින් බිහිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, විගමණික ශ්‍රමිකයින්ට තමා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යොදවා ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමත් මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    SLBFE ට අනුව, දිරි ගැන්වීම් ලබාදීමේදී නිෂ්පාදනය සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතා ලබා දෙන අතර ව්‍යාපාර යෝජනා හරහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

    සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන් අවම වශයෙන් වසර දෙකක විදේශ රැකියාවක් සම්පූර්ණ කර තිබිය යුතු අතර නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින එකක් කරගෙන යාමට සැලසුම් තිබිය යුතුය.

    ශක්‍යතා ඇගයීම් කමිටුවේ ව්‍යාපාර යෝජනා සමාලෝචනය මත පදනම්ව මූල්‍ය ප්‍රදානයන් ලබා දෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

    රුපියල් 200,000 ත් 500,000 ත් අතර ආයෝජන සඳහා SLBFE විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් 250,000 බැගින් ප්‍රදාන තුනක් වෙන් කර ඇත.

    මීට අමතරව රුපියල් 500,000 ත් 1,000,000 ත් අතර ව්‍යාපාර ආයෝජන සඳහා එක් අංශයක් සඳහා රුපියල් 500,000 බැගින් ප්‍රදානයක් වෙන් කර ඇත.

    තව ද, රුපියල් 1,000,000 ඉක්මවන ව්‍යාපාරික ආයෝජන සඳහා පවතින රුපියල් 1,000,000 වටිනා එක් ප්‍රදානයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

    උනන්දුවක් දක්වන පාර්ශ්වයන් 2025 පෙබරවාරි 28 දිනට පෙර තම ව්‍යාපාරික යෝජනා සහ ආධාරක ලියකියවිලි විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරි වෙත (තමා ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) ඉදිරිපත් කළ යුතුය.

    මේ වන විට මිලියන දෙකකට අධික ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ සංක්‍රමණ ඉලක්ක සපුරාගත් පසු ඔවුන් සැලකිය යුතු ප්‍රමාණයකින් නැවත මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෙසේ වෙතත්, 2022 ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වූයේ ආපසු පැමිණි සංක්‍රමණික සේවකයින්ගෙන් විශාල කොටසක් (විශේෂයෙන් ස්වයං රැකියා හෝ ව්‍යාපාරවල නිරතව සිට විදේශගත වූවන්) ඔවුන්ගේ විදේශීය අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා හෝ යාන්ත්‍රණයන් පිළිබඳව නොදැන සිටි බවයි.

  • SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට ‘වෙළදපොළ ජයගත’ නො හැක්කේ ඇයි ?

    SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට ‘වෙළදපොළ ජයගත’ නො හැක්කේ ඇයි ?

    ජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩපෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශනීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරා තිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට දැකගත හැකිය.

    මේ හේතුව මත ඔවුන් අරඹයා කෘෂි බෝග ඇසුරෙන් නිපදවන ආහාර සැපයීමට සැපයුම්කරුවන්ද බිහිවෙමින් සිටිති. මොවූහු බොහෝවිට සුළු පරිමාණ (Small-Scale) නිෂ්පාදකයෝ වෙති. කෘෂි බෝග ඇසුරුකරගත් බහුවිධි ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් (Agri-Base Food Product Entrepreneurs) හට වෙළදපොළට අවතීර්ණවීමේදී නිරතුරුවම විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදූවේ. සාමාන්‍යයෙන් බහුතරයක් වූ මෙම පිරිස ස්වකීය ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී සාපේක්‍ෂ වශයෙන් මූල්‍යමය ගැටලු මත අසරණභාවයට පත්වීම දැකිය හැකිය. එහෙයින් නිෂ්පාදන කාර්යයන් සඳහා ආයෝජනය කරනුයේ සුළු මුදලකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ පහළ මට්ටමේ නිෂ්පාදකත්වයක් (Low productivity) සමඟ වූ අඩු නිෂ්පාදන (Low production) යයි.

    කෘෂි බෝග ඇසුරුකරගත් විවිධ ආහාර නිෂ්පාදනයේ නිරත වන සුළු පරිමාණ ව්‍යවසායකයින් බහුතරයක් ස්ථාපනයවී ඇත්තේ නාගරික ප්‍රදේශ වලින් බැහැර වූව ද ඔවුන්ගේ අභිලාශය නාගරික වෙළදපොළ වෙත ප්‍රවිශ්ඨවීම තුළින් සිය නිෂ්පාදන අලෙවිකර  . ඇතැම් සුළු පිරිසක් ප්‍රසිද්ධ සිද්ධස්ථාන හෝ කාලීනව සංචාරකයින් සැරිසරන ප්‍රදේශ සිය අලෙවි කලාප ලෙස තෝරා ගෙන ඇති ආකාරය ද හඳුනාගත හැකිය. එයට ප්‍රබල හේතු කාරකය වී ඇත්තේ සිය කර්මාන්තය උදෙසා පහසුවෙන් කෘෂි බෝග අස්වනු මිලදී ගැනීමට ඇති හැකියාවයි. එයම පාදක කරගෙන ගූණාත්මය පසෙකලා ප්‍රමාණාත්මකව අපිරිසිදු අස්වනු ඔවුන් වෙත සැපයීම සඳහා ගොවීන් පෙළඹෙන අතර ඒ උදෙසා අඩු ලන්සු වටිනාකමක් තීරණය කිරීමට ගැණුම් ව්‍යවසායකයින් යොමුවන හෙයින් කණගාටුදායක චක්‍රිය ක්‍රියාදාමක් ඔවුන් වටා ගොඩනැගීම නොවැළැක්විය හැකි වේ.

    එසේම කෘෂි යෙදවුම් ණය පදනම මත සපයා බෝග නිෂ්පාදන ප්‍රතිරැස්කිරීමේ දී ඒ සඳහා පහළ අගයන් තීරණය කර මිලදී ගැනීම මත කෘෂි බෝග නිෂ්පාදකයින්, සීමාකාරී සාධක තුළ රඳවා තබා ගැනීම නිසා බාහිර ගැණුම්කරුවන් හට එකී නිෂ්පාදන මිල දී ගැනීමට ඇති ඉඩකඩ අහුරා තිබීමද මේ සඳහා බලපා ඇත. මෙයට හේතු කාරකව ඇත්තේ තවමත් ඈත ගම්දනව් වල කෘෂි බෝග නිෂ්පාදකයින් වෙත වෙළඳපොළ විභවය හෝ පාරිභෝගික ඉල්ලීම් විචල්‍යවන ආකාරය පිළිබද වැටහීමක් හෝ ඒ පිළිබඳව අදාළ තොරතුරු සබෑ ලෙස සන්නිවේදනය වීම දූර්වල මට්ටමක පැවතීම යි. ඒ උදෙසා බලපා ඇති අනෙක් ප්‍රබල හේතු සාධකයක් වී ඇත්තේ නිෂ්පාදනයන් හඳූනාගත් එක් පුද්ගලයෙකුට පමණක් තොග වශයෙන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කිරීම වේ. මෙකී හේතුකාරක මත සුළු පරිමාණ ආහාර සැකසුම්කරුවන් තම නිෂ්පාදන සඳහා අවශ්‍ය යෙදවුමි ම්ලදී සපයා ගැනීමට විශාල වියපැහැදමක් දැරිය යුතු වේ.

    අනෙක් අතට කෘෂි බෝග නිෂ්පාදකයින් මේ උදෙසා පෙළඹී ඇත්තේ මක්නිසා ද යන්න විමසා බැලීම අපගේ යුතුකම විය යුතුය. ඈත ගම්දනව් වල පහළ මට්ටමේ යටිතල පහසුකම් මත වූ දූර්වල ප්‍රවාහන පද්ධති (Poor Transport Infrastructure) යටතේ නිෂ්පාදනය කරනු ලබන කෘෂි අස්වනු සඳහා ආර්ථික වටිනාකමක් නො ලැබෙනු ඇත. බහුතරයක් වූ නිෂ්පාදන ප්‍රදේශ සෘජුව ම ප්‍රසිද්ධ වෙළඳපොළ හෝ අලෙවි මධ්‍යස්ථාන සමග සෘජු ලෙස සම්බන්ධ නොවන හෙයින් මෙම තත්ත්වය තවත් තීව්‍රර වී ඇත.

    දේශගුණ විපර්යාස (Climate change) සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදකත්වය අවම හෝ ශූන්‍ය කිරීම කෙරෙහි මෙන්ම හා ස්වකීය ආත්ම අභිලාශයන් පහත හෙළීමට ද හේතුකාරක වනු ඇත. විශේෂයෙන්ම වර්ෂාපතනය මත ක්‍ෂේත්‍ර කටයුතු වල නිරතවීම හා වැව් හා ජලාශයන්හි  ජල පරිමාවන් නොසලකා වගා වපසරිය නිගමනය කිරීම මෙම තත්වයන් තව තවත් තීව්‍රර කිරීමට සමත්වී ඇත.

    කෘෂි බෝග මත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සැකසීමේ කර්මාන්තයන්හි නිරත බහුතරයක් වූ සුළු පරිමාණ ව්‍යවසායකයින් සෘජුව ම සුළු පරිමාණ සැපයුම්කරුවන් කෙරෙහි වූ බලාපොරොත්තු ඉවතලන්නේ ඔවුන්ගේ සැපයුම් ක්‍රමවේදය වරින්වර අසාර්ථකවන හෙයිනි. එහෙයින් මේ සඳහා වඩා සාර්ථක පිළියම වන්නේ සුළු පරිමාණ බෝග නිෂ්පාදක ගොවීන්ගේ අස්වනු එක්රැස්කර අඛණ්ඩව හඳූනාගත් ව්‍යවසායකයින් වෙත සැපයීම සඳහා හොඳ සංවිධානාත්මක සැපයුම් ක්‍රමවේදයක්   (විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලින් බැහැරවූ) ගොවීන් විසින්ම පිහිටුවා ගැනීම යි. එසේම ඒ සඳහා දිගු කාලීන අනෝන්‍ය අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීම දෙපාර්ශ්වය අතර හොඳ ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීමට හේතුකාරක වනු ඇත.

    කෘෂි තාක්ක්‍ෂණික තොරතුරු (Information of Agro-technology), අලෙවිකිරීමේ විනිවිදභාවය (Transparency of Sales) හා ගණනය කිරීමට ඇති හැකියාව (Accountability) මෙම ක්‍රමවේදයේ ප්‍රධාන සාධක වනු ඇත. ගැනුම්කරුවන්. අලෙවිකරුවන්. සැකසුම්කරුවන් හා නිපැයුම්කරුවන් අතර පුළුල් වේදිකාවක් ජාතික මට්ටමිින් ගොඩනැඟීම සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමෙහිලා විශාල පිටුබලයක් වනු ඇත. අනෙක් අතට ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය තරම් කෘෂි නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය නොකිරීම ද එම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට බාධා පැමිණවීමට එක් හේතු සාධකයකි. සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයින් විසිරී සිටීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් ද පහළ පරිමාවක පැවතීම මෙම තත්ත්වය වඩාත් බැරූරුම් කිරීමට හේතු සාධක වී ඇත. ප්‍රාදේශීය විශේෂතා පදනම් කර ගෙන ඉතා හොඳින් සංවිධානාත්මකව වාණිජ මට්ටමින් ගොවිතැන් කිරීමට ගොවීන් යොමු වන්නේ නම් දෙපාර්ශ්චයේම ආර්ථිකය පුළුළ් පරාසයකට විහිදී ශක්තිමත් වීමට එයම හේතු කාරක වනු ඇත. ඒ තුළින් ඉහත දූෂ්කරතා යම්තරමකට හෝ ජයගත හැකි වේ.

    එසේ නොවුනහොත් වෙළදපොළ අවශ්‍යතාවයන් හා පාරිභෝගික ඉල්ලුම පිළිබදව අනවබෝධය හේතුවෙන් බොහෝ කෘෂි නිෂ්පාදන අලෙවිකර ගත නො හැකි වන අතරම අතිරික්ත නිෂ්පාදනයන් අකමැත්තෙන් හා අවේගශීලීව විනාශ කර දැමීම කෙරෙහි යොමු වීමට ගොවීනට සිදූවනු ඇත. මෙම ප්‍රවණතාවයන් අවම කර ගැනීම සඳහා දේශපාලන ගැත්තන් නොවී ගොවීන් සංවිධානශීලී නිර්මාපකයින් බවට පත්විය යුතු වේ. සුළු පරිමාණ සැකසුම්කරුවන් තම ආසන්නත ම කෘෂි බෝග නිෂ්පාදකයින්ගේම නිපැයුම් මිල දී ගැනීම කෙරෙහි උත්සුකවිය යුතු අතර ඒ සඳහා ඔවුන් තුළ විශ්වාශයක් ද ජනිත කළ යුතුවේ. ඒ උදෙසා වෙළදපොළ තුළ දැනට පවතින හා අනාගත ප්‍රවණතා පිළිබඳව අනෝන්‍ය අවබොධයක් ගොඩනඟා ගැනීමට හා තොරතුරු හුවමාරු කර ගැනීම කෙරෙහි ඔවුන් යොමුවිය යුතුම ය.

    රාජ්‍ය අංශයේ විවිධ ආයතන රැසක් කෘෂිකර්මාන්තය, කෘෂි නිෂ්පාදන සැකසීම හා නව ව්‍යවසායකත්ව හඳුන්වාදීම සදහා ස්ථාපිත කර තිබුණ ද නාගරික ප්‍රදේශවලින් බැහැර වූ පුද්ගලයින් හට එවැනි ආයතන වෙතම පැමිණ අදාළ පුහුණුවීම් සදහා ඇති හැකියාව සීමා සහිත වේ. එහෙයින් මේ සඳහා දැනටමත් වෙළදපොළ වෙත අවතීර්ණවී ඇති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් හා පුළුල් පදනමක පිහිටා නව ව්‍යවසායකයින් හට මාර්ගෝපදේශකත්වය ලබාදීම සදහා ඉඩ ප්‍රස්ථා විවර කරදීමට කාලය එළඹ ඇත. සැබෑ ජාතික හැඟීමකින් කටයුතු කිරීමට බොහෝ නිලධාරීන් නොපෙළඹීමට යල්පීනූ විවිධ රෙගුලාසි හා අණ පනත් බලපා ඇතැයි අනුමාන කළ හැකිය.

    බොහෝ අවස්ථාවන්හි දී කෘෂි බෝග මත පදනම්වූ සුළු පරිමාණ සැකසුම් කර්මාන්ත ස්ථාපනය සඳහා අදාළ දැනුම තිබුණ ද ඒ උදෙසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරට තුළින් සපයා ගැනීමට නො හැකි අවස්ථා විරල නොවේ. එවන් අවස්ථාවන්හි දී ආසන්නතම විදේශ වෙළඳ පොළ වෙත ප්‍රවිශ්ඨව මිල දී ගත හැකි වුව ද ආනයන බදු වර්ග හා ප්‍රවාහන වියපැහැදම ඉහළ මට්ටමක පැවතීම නව ව්‍යවසායකයින් අධෛර්යමත් කිරීමට බලපා ඇත. එමෙන්ම සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම් ඒකක ස්ථාපනයකර ගැනීමට අදාළ වූ පහසුකම් සම්පාදනය සඳහා අරමුදල් සපයා ගැනීමට අසීරුවීම ඒ සඳහා උනන්දූවක් ඇති පුද්ගලයින්ගේ අභිලාශයන් හීන කිරීමට ඉවහල්ව න ප්‍රබල සාධකයකි. එහෙයින් කෘෂි බෝග ආශ්‍රීත ආහාර නිෂ්පාදන සැකසීමේ කර්මාන්ත ස්ථාපනය කර ගැනීම උදෙසා ම අරමුදල් සම්පාදනය කරනු ලබන මූල්‍ය ආයතන (වාණිජ බැංකු නොවන) රජය විසින් පිහිටුවීමට කටයුතු කිරීම මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයකට හේතුකාරක වනු ඇත.

    යම් යම් වකවානු වලදී රජයයන් විසින් සහනාධාර ක්‍රියාත්මක කරනුයේ තෝරාගත් බෝග සඳහා වුව ද එය සෑම බෝගයකට ම අදාළ වන පරිදි එහි වගා වපසරිය පිළිබඳව සලකා බලා ඒ සඳහා සමානුපාතික සහනාධාර ක්‍රමයක් (ඉතා උසස් රෝපණ ද්‍රව්‍ය සපයාදීම, පොහොර සම්පාදනය හෝ නිෂ්පාදන මිලදී ගැනීම) ක්‍රියාත්මක කිරීම කාලෝචිත වේ. එසේ ම කාලීනව කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳව සත්‍යවාදී වූ ද නිරවද්‍යවූ ද ඇස්තමේන්තු සකසා එළිදරව් කිරීම විශ්වාසවන්ත නිෂ්පාදනයක් කෙරෙහි වූ හොඳ විභවයක් ගොඩනැඟීමට හේතු සාධක වන අතර එය කෘෂි ආර්ථිකය සැලසුම්කරණය ඉහළ ම ක්‍ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට වඩාත් යෝග්‍ය කාලීන වූ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම්කිරීමට මෙන්ම නිෂ්පාදන කටයුතුවල නිරතවන ගොවීන්ට ඒ අනුව නිෂ්පාදන ඉලක්ක තෝරා ගැනීම සදහා ද ඉතා වැදගත් හේතු සාධකයක් වනු ඇත.

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

     ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස ද සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන්ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  හා වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාර මත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.

  • සෞඛ්‍ය සම්පන්න සුවඳ දුම් කූරු භාවිතය සඳහා උපදෙස් 5ක්

    සෞඛ්‍ය සම්පන්න සුවඳ දුම් කූරු භාවිතය සඳහා උපදෙස් 5ක්

    සුවඳ දුම් කූරු සියවස් ගණනාවක් පුරා චාරිත්‍ර වාරිත්‍ර, උත්සව සහ විවේකී පිළිවෙත්වල අනිවාර්ය අංගයක් වී ඇති අතර, ඒවායේ සුවඳ පවිත්‍ර සහ සන්සුන් වාතාවරණයක් නිර්මාණය කිරීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, සුවඳ දුම් වල සන්සුන් සුවඳ භුක්ති විඳින අතරම, ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වේ. හඳුන්කූරු වඩාත් සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂිතව භාවිතා කිරීම සඳහා උපදෙස් පහක් මෙන්න:

    1. ස්වභාවික අමුද්රව්ය තෝරන්න:

    1. ස්වභාවික අමුද්‍රව්‍ය තෝරන්න:

    කෘතිම සුවඳ විලවුන් හෝ රසායනික  අඩංගු ඒවාට වඩා ඖෂධ පැළෑටි, දුම්මල සහ සගන්ධ ෙතල් වැනි ස්වභාවික අමුද්‍රව්‍යවලින් සාදන ලද සුවඳ දුම් කූරු තෝරා ගන්න. ස්වභාවික සුවඳ දුම් කූරු පිරිසිදු හා වඩා අව්‍යාජ සුවඳක් නිකුත් කරනවා පමණක් නොව, හානිකර විෂ ද්‍රව්‍ය සහ අසාත්මිකතාවන්ට නිරාවරණය වීම අවම කරයි.

    2. නිසි වාතාශ්‍රය සහතික කරන්න:

    2. නිසි වාතාශ්‍රය සහතික කරන්න:

    හඳුන්කූරු පුළුස්සන විට, දුම් හා වාතයේ අංශු ගොඩනැගීම වැළැක්වීම සඳහා අවකාශයේ ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහතික කරන්න. නැවුම් වාතය සංසරණය වීමට ඉඩ සලසන ජනේල හෝ දොරවල් විවෘත කරන්න. එය ශ්වසන ආබාධ හෝ අපහසුතාවයක් ඇතිවීමේ අවදානම අඩු කරයි. මීට අමතරව, දුම විසුරුවා හැරීමට සහ වාතයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා විදුලි පංකාවක් හෝ වායු පවිතකාරකයක් භාවිතා කිරීම සලකා බලන්න.

    3. නිරාවරණ කාලය සීමා කරන්න:

    3. නිරාවරණ කාලය සීමා කරන්න:

    සුවඳ දුම් වල සුවඳ ප්‍රියජනක විය හැකි අතර, දිගු කලක් දුමාරයට නිරාවරණය වීම සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය, විශේෂයෙන් ශ්වසන සංවේදීතාව හෝ අසාත්මිකතා ඇති පුද්ගලයින් සඳහා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. විභව අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, සුවඳ දුම් දැල්වීමේ කාලසීමාව සීමා කිරීම සහ සාන්ද්‍ර දුමාරයට දිගු කලක් නිරාවරණය වීමෙන් වළකින්න. සුවඳ ද්‍රව්‍ය භාවිතයේ කෙටි කාල පරාසයන් සඳහා ඉලක්ක කරන්න, ඒ අතර නැවුම් වාතය සංසරණය වීමට ඉඩ සලසයි.

    4. ආරක්ෂිත පිළිස්සීමේ ක්‍රම පුහුණු වන්න:

    4. ආරක්ෂිත පිළිස්සීමේ ක්‍රම පුහුණු වන්න:

    අනතුරු වළක්වා ගැනීමට සහ ඔබේ හඳුන්කූරුවල ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ආරක්ෂිත පිළිස්සීම් පිළිවෙත් අනුගමනය කරන්න. සුවඳ ද්‍රව්‍ය දැල්වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ශක්තිමත් රඳවනයක හඳුන්කූරු තබන්න, එය පෙරලීම හෝ වැටීම වැළැක්වීම සඳහා ආරක්ෂිතව සහ කෙළින් ස්ථානගත කර ඇති බවට සහතික වන්න. ගිනි උවදුරු වල අවදානම අවම කිරීම සඳහා දැවෙන සුවඳ ද්‍රව්‍යවලින් තිර රෙදි හෝ කඩදාසි වැනි දැවෙන සුළු ද්‍රව්‍ය ඈත් කර තබන්න.

    5. විකල්ප සලකා බලන්න:

    5. විකල්ප සලකා බලන්න:

    සාම්ප්‍රදායික සුවඳ දුම් කූරු භාවිතයෙන් තොරව ඇරෝමැටික සුවඳ භුක්ති විඳීමේ සහ විවේකය ප්‍රවර්ධනය කිරීමේ විකල්ප ක්‍රම ගවේෂණය කරන්න. සගන්ධ ෙතල් විසරණ, සුවඳ ඉටිපන්දම්, හෝ ස්වභාවික කාමර ඉසින වැනි විකල්ප, ප්‍රියජනක සුවඳකින් ඔබේ පරිසරය වැඩිදියුණු කිරීමට ආරක්ෂිත සහ වඩාත් අභිරුචිකරණය කළ හැකි ක්‍රමයක් ඉදිරිපත් කරයි. මෙම විකල්පයන් තනි පුද්ගල මනාපයන් සහ සංවේදීතාවන් සපුරාලීම සඳහා සුවඳ විසුරුමේ තීව්‍රතාවය සහ කාලසීමාව පාලනය කිරීමට ඉඩ සලසයි.

    මූලාශ්රය: https://timesofindia

  • HPV එන්නත ගැබ්ගෙල පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වන ආකාරය දැන ගන්න

    HPV එන්නත ගැබ්ගෙල පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වන ආකාරය දැන ගන්න

    ලෝකය පුරා ජනතාව ජනවාරි මාසයේ දී ගැබ්ගෙල පිළිකාව ගැන දැනුවත් වෙයි.  අපි දැන්, HPV එන්නත ගැබ්ගෙල පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වන ආකාරය අපි දැන ගනිමු.

    ජනවාරි යනු ගැබ්ගෙල පිළිකා ගැන ජනතාව දැනුවත් කිරීමේ මාසයයි. ඉතා සුලභ නමුත් වැළැක්විය හැකි මෙම පිළිකාව වළක්වා ගන්නේ කෙසේදැයි අද අපි තේරුම් ගනිමු.

    ගැබ්ගෙල පිළිකාව (cervical cancer) ලෝකයේ කාන්තාවන්ගේ වඩාත් සුලභ පිළිකාව වේ.

    ගැබ්ගෙල පිළිකා වල සාමාන්‍ය රෝග ලක්ෂණ නම්:

    • අසාමාන්‍ය යෝනි මාර්ගයෙන් ලේ ගැලීම,
    • ඔසප් වීම අතර ලේ ගැලීම,
    • සංසර්ගයෙන් පසු වේදනාව/ලේ ගැලීම
    • දිගින් දිගටම දුගඳ හමන රතු දුඹුරු රුධිරය යෝනි මාර්ගයෙන් පිටවීම

    ගැබ්ගෙල පිළිකාව මානව පැපිලෝමා වයිරසය (Human Papilloma Virus – HPV) නම් වෛරසයක් මගින් ඇති කරයි. මෙම පිළිකාව වළක්වා ගත හැකි අතර ඒ සඳහා දැනට අප සතුව ඇති උපාය මාර්ග දෙක වන්නේ:

    • එන්නත් කිරීම
    • ගැබ්ගෙල පරීක්ෂාව

    අපි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිදි ෂර්මා චෞහාන් සමඟ කතා කළ විට ඇය පැවසුවේ එන්නත HPV හි වික්‍රියා වලට එරෙහිව යොමු කරන බවයි.

    එන්නත නිර්දේශ කරන වයස වයස අවුරුදු 9-14 වේ. මෙම වයස් කාණ්ඩයේ දී මාස 6කින් සහ 12කින් මාත්‍රා 2 ක් නිර්දේශ කරනු ලැබේ. මෙම වයස් සීමාව මඟ හැරී ඇත්නම්, එය වයස අවුරුදු 15-26 අතර ද ලබා දිය හැකිය.

    මෙම වයස් කාණ්ඩයේ මාත්‍රා 3ක් අවශ්‍ය වේ. පිරිමි සහ ගැහැණු ළමයින් යන දෙදෙනාම එන්නත් කළ යුතුය. මන්ද එන්නත මගින් ලිංගික ප්‍රදේශයේ සහ දිවේ පිටුපස / ඔෙරොෆරින්ක්ස් සහ පිරිමි/තරුණ පිරිමින් තුළ ඇති අනෙකුත් පූර්ව පිළිකා තුවාල වලින් ආරක්ෂා වේ.

    දැනට HPV එන්නත් වර්ග 3ක් පිරිනමනු ලැබේ:

    1. Gardasil 9: HPV හි වඩාත් භයානක වර්ග 9 ට එරෙහිව
    2. Gardasil 4: HPV වඩාත් භයානක වර්ග 4 ට එරෙහිව
    3. Cervavac: HPV හි සෙරොටයිප් 4 ක් ආවරණය කරයි

    එන්නත් සඳහා දන්නා ප්‍රධාන අතුරු ආබාධ නොමැත. යීස්ට් වලට ආසාත්මිකතාවයක් ඉවත් කිරීම අවශ්‍ය වේ (රෝගී තොරතුරු පත්‍රිකාවේ සඳහන් කර ඇති පරිදි).

    ඔබ වයස අවුරුදු 26 ට වැඩි නම් එන්නත ලබා ගැනීමෙන් ඔබට තවමත් ප්‍රතිලාභ ලැබේ දැයි දැන ගැනීමට කරුණාකර ඔබේ නාරිවේද වෛද්‍යවරයා සමඟ හමුවීමක් උපලේඛනගත කරන්න.

    Gardasil 9 ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු වයස අවුරුදු 45 දක්වා කාන්තාවන් සඳහා ලබා ගත හැකිය.

  • AI ඔබේ රැකියාව සොරකම් කරයිද?

    AI ඔබේ රැකියාව සොරකම් කරයිද?

    ChatGPT හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් කළ හෙළිදරව්ව

    කෘත්‍රිම බුද්ධියේ (Artificial intelligence AI) හි දියුණු වීමේ හැකියාවන් නුදුරු අනාගතයේ දී මිලියන ගණනකගේ රැකියා අනතුරේ හෙළනු ඇති බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී Sam Altman ප්‍රකාශ කරයි

    ChatGPT හඳුන්වාදීමෙන් පසුව, කෘතිම බුද්ධියේ භූ දර්ශනය කැපී පෙනෙන පරිවර්තනයකට ලක්ව ඇත. ප්‍රධාන තාක්‍ෂණ සමාගම් ඔවුන්ගේම ජනක AI විසඳුම් දියත් කරමින් මෙම වේදිකාවට පැන ඇත.

    උත්පාදක AI හි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මානව අවබෝධය සමීපව සමාන වන ආකාරයෙන් අවබෝධ කර ගැනීමට සහ සංවාදයේ යෙදීමට ඇති හැකියාවයි. කෙසේ වෙතත්, මෙම තාක්‍ෂණික දියුණුව විවිධ අංශ හරහා රැකියා අහිමි වීමට ද හේතු වී ඇති අතර බොහෝ සමාගම් ඔවුන්ගේ ශ්‍රම බලකාය අඩු කර ඇත. මෑත බ්ලොග් සටහනක, ChatGPT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන්, ගෝලීය ආර්ථිකයට දුරදිග යන ඇඟවුම් ඇති කළ හැකි උත්පාදක AI පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.

    AI සමඟ කර්මාන්තයේ අනාගතය

    සෑම් ඇල්ට්මන් ඔහුගේ බ්ලොග් අඩවියේ ප්‍රකාශ කළේ 2025 වන විට AI නියෝජිතයින් සමාගම් ශ්‍රම බලකායට ඒකාබද්ධ වීමට පටන් ගන්නා බවයි. AI සංවර්ධනයේ ඉහළ වේගය සහ තාක්‍ෂණික ප්‍රගතිය සැලකිල්ලට ගෙන, විවිධ කර්මාන්තවල අනාගතය සඳහා AI වැදගත් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

    ChatGPT නිකුතුවෙන් වසර දෙකකට පසුව, Altman විසින් AI හැකියාවන්හි වේගවත් ව්‍යාප්තිය ඉස්මතු කරන ලද අතර, AI වැඩි වැඩියෙන් එදිනෙදා ජීවිතයට සම්බන්ධ වන බවට යෝජනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම මාරුව ගෝලීය ශ්‍රම බලකායට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සූදානමින් සිටී.

    සෑම් ඇල්ට්මන්ට අනුව, අනාගත රැකියා වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කරන කෘතිම සාමාන්‍ය බුද්ධිය (AGI) සාක්ෂාත් කර ගැනීම සඳහා OpenAI ගමන් කරයි. උසස් AI නියෝජිතයින් කාර්යාලවල විවිධ භූමිකාවන් භාර ගැනීමට අපේක්ෂා කරන අතර, බොහෝ සේවකයින්ගේ රැකියා අහිමි වීමට එය හේතු විය හැකිය. මෙය සැලකිය යුතු විවාදයක් අවුලුවා ඇති අතර, පුළුල්ව පැතිරුණු රැකියා අහිමිවීම් පිළිබඳ භීතිය ප්‍රමුඛ සාකච්ඡාවේ මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ.

    රැකියා අවදානම් ද?

    කෙසේ වෙතත්, Altman අවධාරණය කළේ ChatGPT වැනි මෙවලම් සම්පූර්ණයෙන්ම ආදේශකයකට වඩා ශ්‍රම බලකාය තුළ අනුපූරක කාර්යභාරයක් ඉටු කරන බවයි. මෙම AI මෙවලම් මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, රැකියා ප්‍රතිස්ථාපනය කරනවාට වඩා ඵලදායිතාව ඉහළ නංවන බවත් ඔහු පාඨකයන්ට සහතික කළේය. මෙම ප්‍රකාශයෙන් පසුව, මිලියන සංඛ්‍යාත ජනයාට සහනයක් දැනෙන්නට ඇත. මන්ද තාක්‍ෂණය ඔවුන්ගේ රැකියා අත්පත් කර ගැනීමේ අපේක්ෂාව තරමක් අඩු බියකරු බවක් පෙනෙන්නට තිබුණි.

     

  • ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගනියි

    පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගනියි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම සංචාරක පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත පිල පෙරමුණ ගත්තේය.

    වෙලිංටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 4 ම ලකුණු 23 ක් ඇතුළත දවාලීමට නවසීලන්ත වේග පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විටය. කෙසේ වෙතත් තම අන්තය ආරක්ෂා කර ගත් අවිශ්ක ප්‍රනාන්දු පමණක් ලකුණු 50 සීමාව ඉක්මවාලීමට සමත් වද්දී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 44 වැනි පන්දුවාරයේදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. ශ්‍රී ලංකාව ලබා දුන්  පහසු ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කරන ලද්දේ පන්දුවාර 23.4 ක් පමණක් වැය කරමිනි.

    නවසීලන්තය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු මැට් හෙන්රි තම  පන්දුවාර 10 ඇතුළතදී එක් නිලකුණු  පන්දුවාරයක්ද සමගින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ලමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කර ග්තේය. ඔහුට අමතරව ජොකොබ් ඩෆී සහ නේතන් ස්මිත් කඩුලු 2 බැගින් දවාලූහ.

    කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ නවසීලන්තය පළමුව පන්දු යැවීම තෝරා ගත්ත්තේය. ශ්‍රී ලංකාව අද තරගයේදී කෝඩුකාර ක්‍රීඩක එෂාන් මාලිංගට එක්දින වරම් හිමිකර දෙමින් තරගයට අවතීර්ණ විය. මාලිංගට අමතරව වේග පන්දු යවන ළහිරු කුමාරද අද අවසන් 11 දෙනා අතරට පවිස සිටියේය. ඒ අනුව ළහිරු එක්දින තරගයකට සහභාගිවන ලද්දේ ඉකුත් මාර්තු මාසයෙන් පසුව වීම කැපී පෙනුනි.

    කඩා වැටුණු ඉනිමට අවිශ්ක සමග යම් කිසි ජීවයක් එක් කිරීමට ජනිත් ලියනගේ සමත්වූවේය. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සටන්කාමී ලකුණු සම්බන්ධතාවක් පවත්වන ලද්දේ පන්දු 94 ක් පමණක් වැය කරමිනි.

    ඒ අතර මැද්දට පිවිසි නායක මිචෙල් සැන්ට්නර් ජනිත් ලියනගේව ලකුණු 36 කට දවාලමින් එම සම්බන්ධතාවය බිඳ දැම්මේය. නේතන් ස්මිත්ගේ කඩුල්ල බවට පත්වෙමින් අවිශ්ක  ප්‍රනාන්දු පිටියෙන් (56) ඉවත් වන විට ඔහු සිය 9 වැනි අර්ධ ශතකය රැස් කරගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනාම පන්දු 8 ක් ඇතුළත දැවී යෑම නිසා ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 110 ක් ලෙසින් සනිටුහන් විය.

    අනතුරුව  පිටියට එක් වූ චමිදු වික්‍රමසිංහ සහ වනිඳු හසරංග දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් එක් කළහ. ඔවුන් දෙදෙනාම මැට් හෙන්රිගේ ගොදුරු ලෙසින් දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 178 කදී සීමාවිය.

    ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි නසීලන්ත ආරම්භක පිතිකරුවන් වූ රචින් රවීන්ද්‍ර සහ විල් යංග් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක් එක් ළේ පන්දු 75 ක් වැය කරමිනි. නවසීලන්ත ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා වූ රචින් රවීන්ද්‍රන් (45) චමිදු වික්‍රමසිංහ විසින් දවා ගනු ලැබීය. නවසීලන්තය නම ඉදිරියේන කඩුලු 9 ක ජයක් සනිටුහන් වද්දී විල් යංග් ගේ නම ඉදිරියෙන්  පන්දු 86 කදී ලකුණු 90 ක්ද මාක් චැප්මන්ගේ නම ඉදිියෙන් ලකුණු 29 ක්ද සටහන්ව තිබිණ.

    ශ්‍රී ලංකාව පන්දුවාර 43.4 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (අවිශ්ක ප්‍රනාන්දු 56, ජනිත් ලියනගේ 36, චමිදු වික්‍රමසිංහ 22, වනිඳු හසරංග 35, මැට් හෙන්රි 19/4, ජෙකොබ් ඩෆී 39/2, නේතන් ස්මිත් 43/2, මිචෙල් සැන්ට්නර් 27/1)

    නවසීලන්තය පන්දුවාර 26.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 180 යි – (විල් යංග් 90*, රචින් රවීන්ද්‍රන් 45, මාක් චැප්මන් 29*, චමිඳු වික්‍රමසිංහ 28/1)

    source: sri lanka cricket.lk