Author: Editor

  • චීනය කොන් කිරීමට ජනපති ජෝ බයිඩන්ගෙන් රටවල් 110ක සන්ධානයක්

    චීනය කොන් කිරීමට ජනපති ජෝ බයිඩන්ගෙන් රටවල් 110ක සන්ධානයක්

    එක්සත් ජනපදය සහ චීනය අතර ආතතිය වැඩි කිරීමට ඉඩ ඇති අතර ආරාධිතයින්ගේ ලැයිස්තුවට තායිවානය ඇතුළත් වේ

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 9-10 දිනවල අතථ්‍ය ආකෘතියකින් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවක් සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉල්ලීමට අනුව සම්බන්ධ වනු ඇත.

    එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉන්දියාව ඇතුළු රටවල් 110 කට අතථ්‍ය සමුළුවට ආරාධනා කර ඇත. අඟහරුවාදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව සමුළුවට ආරාධිතයින්ගේ ලැයිස්තුවෙන් සැලකිය යුතු බැහැර කිරීම් අතර චීනය, තුර්කිය සහ රුසියාව ඇතුළත් වේ.

    මෙම ලැයිස්තුවට එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය සහ ඉරාකයේ ප්‍රධාන බටහිර මිත්‍ර රටවල් ඇතුළත් වේ. එක්සත් ජනපදය සහ චීනය අතර ආතතිය වැඩි කිරීමට ඉඩ ඇති වැදගත් සිදුවීම නම් ආරාධිතයින්ගේ ලැයිස්තුව අතර තායිවානය ඇතුළත් වීමයි. මේ අතර, නේටෝ සාමාජිකයෙකු වන තුර්කිය ද ලැයිස්තුවෙන් අතුරුදහන් වී ඇත.

    දකුණු ආසියානු කලාපයේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ආරාධිත ජාතීන්ගේ ලැයිස්තුවෙන් බැහැර කර ඇත.

    මීට පෙර, අගෝස්තු 11 වන දින ධවල මන්දිරයේ ප්‍රකාශයක් නිවේදනය කර තිබුණේ ජනාධිපති ජෝ බයිඩන් දෙසැම්බර් 9-10 දිනවල රජයේ, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ නායකයින් සඳහා අතථ්‍ය සමුළුවක් පවත්වනු ඇති බවයි.

    “සමුළුව ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර දේශීය හා විදේශීය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පුද්ගල සහ සාමූහික කැපවීම්, ප්‍රතිසංස්කරණ සහ මුලපිරීම් යන දෙකම ප්‍රකාශයට පත් කිරීමට නායකයින්ට වේදිකාවක් සපයනු ඇත,”

    අවසාන ලැයිස්තුවෙන් නේටෝ සාමාජික තුර්කිය වැනි සමහර පැහැදිලි එක්සත් ජනපද හවුල්කරුවන් බැහැර කරයි, කෙටි ලැයිස්තුගත ආරාධිතයන් තුළ බයිඩෙන්- හැරිස් පරිපාලනය මුහුණ දෙන අභියෝගය ඉස්මතු කරයි.

    තායිවානය ඇතුළත් කිරීම,ආසියාවේ වඩාත්ම ජවසම්පන්න සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගෙන් එකක් වුවද, සමුළුව සම්බන්ධයෙන් පරිපාලනය ගෙන ඇති වඩාත්ම මතභේදාත්මක තීරණය විය හැකිය.

    චීනය විසින් ස්වාධීන ආයතනයක් ලෙස සලකන රටවල්, ව්‍යාපාර සහ ජාත්‍යන්තර සංවිධාන වටලා ඇත. වඩාත් මෑතක දී, තායිවානය බෝල්ටික් රටෙහි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයක් විවෘත කිරීමෙන් පසුව, බීජිං ලිතුවේනියානු රජය සමඟ සබඳතා පහත හෙළීය.

    චීනය තායිවානය ආසන්නයේ හමුදා ගුවන් ගමන් වැඩි කර ඇති අතර සමහර විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ ජනාධිපති ෂී ජින්පින් ඉදිරි වසරවලදී ආක්‍රමණයකට සූදානම් විය හැකි බවයි.

    ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජෝ බයිඩන් ගේ සමුළුව සඳහා සැලසුම් කිරීම ද අභියෝගයක් බව ඔප්පු වී ඇත්තේ පරිපාලනය වෙනත් රටවලට ආරාධනා කළ යුතු සහ බැහැර කළ යුතු ප්‍රශ්නවලට මුහුණ දුන් බැවිනි.

    අවසාන ආගන්තුක ලැයිස්තුව මෙම අභියෝගය පිළිබිඹු කරයි: ප්‍රජාතන්ත්‍රවාදය නැවත පැමිණ ඇති සියලුම රටවල් අමුත්තන්ට බ්‍රසීලය, පිලිපීනය සහ පෝලන්තය ඇතුළත් විය,.

    අවසාන වශයෙන්, ඇන්ගෝලාව, පකිස්ථානය සහ සර්බියාව ද අවසාන ලැයිස්තුවට ඇතුළත් වන බැවින්, සමහර ආරාධිත රටවල් ලැයිස්තුවේ ඇති බව පෙනී යන්නේ ඔවුන් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ කාණ්ඩයට ගැලපෙන නිසා නොව, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ස්ථාපිත කිරීමට දිරිගැන්වීමක් ලෙස ය.

    තවත් වේදනාකාරී ස්ථානයක් වූයේ මැද පෙරදිග, ඊශ්‍රායලයෙන් බැහැරව ආරාධිතයන් සොයා ගැනීමට එක්සත් ජනපදය අරගල කළේය. අවසානයේ ඉරාකය ද ඇතුළත් විය.

    21 වැනි සියවසේ වැදගත් භූ දේශපාලනික අභියෝගයක් ලෙස ජෝ බයිඩන් බොහෝ විට විස්තර කරන්නේ ඒකාධිපති පාලන තන්ත‍්‍රයන්ට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයයි.

    අපේ‍්‍රල් මාසයේදී කොංග‍්‍රසය අමතා කළ කතාවක දී ඔහු කියා සිටියේ තම පාලන ක‍්‍රමය තම ජනතාවට වඩා හොඳ බව පෙන්වීමට බලා සිටින ෂී ජින්පිං සහ අනෙකුත් නායකයින්ට එරෙහිව එක්සත් ජනපදය පසුබැසිය යුතු බවයි.

    “ලෝකයේ විශාලතම සහ වඩාත්ම ස්ථාවර රට වීම ගැන ඔහු අතිශයින් බැරෑරුම් ය,” බිඩෙන් එම අවස්ථාවේ දී චීන ජනාධිපතිවරයා ගැන සඳහන් කළේය.

    indianewsnetwork

  • ‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

    ‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

    ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි.

    රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය මාස කීපය තුළ දී වර්ධනය වී තිබුණි.

    මෙම තහනම සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි ඒකක සඳහා බලපැවැත්වෙනු ඇති නමුත්, ඒවාට පාදක වූ තාක්‍ෂණය සහ එහි භාවිතයන් ප්‍රවර්ධනයට අවසර ලැබෙන ඇතැම් ව්‍යතිරේකයන් ද මෙහි ඇතුළත් වේ.

    මෙම පනතේ අනාගතය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවිවල ක්‍රිප්ටොකරන්සි මිල පහත වැටුණි.

    “ක්‍රිප්ටොකරන්සි පනත”

    ඉන්දීය රජය ප්‍රකාශ කරන පරිදි මෙම තහනම යෝජිත ‘ක්‍රිප්ටොකරන්සි සහ නිල ඩිජිටල් මුදල් නියාමන’ පනතෙහි කොටසක් වන අතර, එය ඉන්දීය පාර්ලිමේන්තුවේ සීත සෘතු සැසියේ දී හඳුන්වා දෙනු ඇත.

    මේ නව නීති සම්පාදනය මඟින්, “ඉන්දියානු මහ බැංකුව (RBI) නිකුත් කිරිමට බලාපොරොත්තුවන නිල ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කිරීම පහසු කරවන රාමුවක් නිර්මාණය කිරීමට” අරමුණු කරයි.

    සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීමේ මේ නව සැලැස්ම, පසුගිය ජනවාරියේ දී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට අතිශයින්ම සමානබව පෙනෙන්නට තිබේ.

    මෑත මාසවල දී රජය ක්‍රිප්ටොකරන්සි පිළිබඳ සිය ස්ථාවරය ලිහිල් කරනු ඇතැ යි බොහෝදෙනා සිතූ අතර, ඇතැම්විට ඒවා ගෙවීමේ මාධ්‍යයක් නොව වත්කම් ලෙස නියාමනය කිරීමට උත්සාහ කරනබව විශ්වාස කළෝ ය.

    පනත පිළිබඳ ඇති විස්තරය වෙනස් නොවුණත්, නවතම කෙටුම්පත තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති නිසා එයට සිදුකර ඇති වෙනස්කම් තවමත් තහවුරුකර ගැනීමට නොහැකි වී තිබේ.

    වෙළඳපොළට ඇතිවන බලපෑම

    පනත පිළිබඳව නිවේදනය කෙරුණු වහාම ඩිජිටල් මුදල් ඒකකයන් කීපයකම වටිනාකම පහත වැටී ඇතැ යි වාර්තා වේ.

    ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවියක් වන WazirXහි දී බිට්කොයින් වටිනාකම 13%කින් පහළ ගිය අතර, ශිබා ඉනූ සහ ඩෝජ්කොයින්වල වටිනාකම 15%කින් පහත වැටී තිබේ.

    කෙසේ වෙතත් ‘The Crypto Trader’ නම් කෘතියේ රචක ග්ලෙන් ගුඩ්මන් BBC සමග ප්‍රකාශ කළේ, මෙයින් ගෝලීය වශයෙන් ඇතිවිය හැකි බලපෑම “සාපේක්ෂව අවමබව” යි.

    “චීනය ක්‍රිප්ටොකරන්සි තහනම් කරන්න තීරණය කරපු වෙලාවෙත් – ඒක ඒ දවස්වල හරිම ලොකු සිද්ධියක් – ඒකට ක්‍රිප්ටො වෙළඳපොල සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරුව ගියා,” ඔහු පැවසුවේ ය.

    A real-world coin designed with the Bitcoin logo lies scattered on a table amid some miniature Chinese flags
    සැප්තැම්බර් මාසයේ දී චීන මහ බැංකුව නිවේදනය කළේ ක්‍රිප්ටොකරන්සිවලින් සිදු කරන සියලු ගනුදෙනු නීතිවිරෝධී වන බවයි

    India Today මාධ්‍ය ආයතනය ඉදිරිපත් කළ වීඩියෝ වාර්තාවකට අනුව, ක්‍රිප්ටොකරන්සි පරිශීලකයන් යම් යම් අවශ්‍යතා සැපිරූ හුවමාරුවලින් ඩිජිටල් විනිමය මිල දී ගන්නා තෙක්, යෝජිත බිල්පත යටතේ ක්‍රිප්ටොකරන්සි වෙළඳාම දිගටම පවත්වාගෙන යෑමට ඉඩකඩ තිබේ.

    එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා, ක්‍රිප්ටොකරන්සි නිර්මාණය කිරීමට අවසර ලබන්නේ කවුද යන්න මත සිමා පැනවීම කෙරෙහි මෙම පනත මඟින් අවධානය යොමු කරනු ඇතිබව යි.

    ‘මහ බැංකුවට බරපතල ගැටලු’

    CoinDesk නම් වෙබ් අඩවිය පවසන පරිදි, RBI, එනම් ඉන්දීය මහ බැංකුවට ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ඇත්තේ ගතානුගතික මතයන්යැ යි සැලකේ.

    2020 වසරේ මාර්තුවේ දී, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මහ බැංකුව විසින් වසර දෙකක් පුරා ඩිජිටල් මුදල් වෙළඳාමට පැනවී තිබූ තහනමක් අවලංගු කළේ ය.

    පසුගිය සතියේ මහ බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් පැවසුවේ, “සාර්ව ආර්ථික හා මූල්‍යමය ස්ථාවරත්වය අතින් සලකා බැලූකල බරපතල ගැටලු” බැංකුවට මතුවූබව යි. බ්ලොක්චේන් තාක්ෂණයට ක්‍රිප්ටොකරන්සිවලින් තොරව ද දියුණු විය හැකියැ යි ඔහු පැවසුවේ ය.

    කෙසේ නමුත්, කතුවර ගුඩ්මන් චීනය මෑතක දී ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීම වෙත ද, එල් සැල්වදෝරය ක්‍රිප්ටොකරන්සි අරමුදල් ලෙස යොදාගෙන ගිනි කන්දක් පාමුල බිට්කොයින් නගරයක් පිහිටුවීමට සැලසුම් කිරීම වෙත ද අවධානය යොමුකළේ ය.

    “රජයයන් [ක්‍රිප්ටොකරන්සි] සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එකිනෙකට බෙහෙවින්ම වෙනස් ප්‍රවේශයන්,” ඔහු පැවසීය. “ඔවුන් ඒක තර්ජනයක්, වාසිදායක අවස්ථාවක්, හෝ ඒ දෙකට අතරමැද යමක් ලෙස දකින්න පුළුවන්.”

    කතුවර ගුඩ්මන් පවසන්නේ, චීන රජයට අවශ්‍යව ඇත්තේ තමා නිපදවන ඩිජිටල් මුදල් ඒකකය හැරුණු විට අනෙකුත් සියලුම ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමටබව යි.

    “ඒ අයට ඕනේ ක්‍රිප්ටොකරන්සි පාලනය කරන්න. මට පේන්නේ ඉන්දියානු රජයට ඇතිවෙලා තියෙන්නේ ඒ අදහසම යි.”

    “මේ අය හිතන්නේ, ‘හොඳයි, චීනේ එහෙම කරනවා නම් අපිටත් එහෙම කරන්න පුළුවන්’ කියලා.”

    bbc sandasaya

  • අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව Covid-19 ප්‍රභේදයක්

    අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව Covid-19 ප්‍රභේදයක්

    මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි “අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම” ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය “ඉතාම වෙනස්යැ”යි ද ඔහු සඳහන් කළේ ය.

    අපි නැවතත් හුරුපුරුදු අත්දැකීමක් ලබන තැනකට පැමිණ සිටිමු. මන්ද, නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ සිත් කලබල කරන පුවතක් නැවත මතුව ඇති හෙයිනි.

    මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය යි. එය පෙන්වන විකෘතීන්ගේ ලැයිස්තුව කොතරම් දිගු ද යත්, එක් විද්‍යාඥයෙකු එය විස්තර කරනු ලැබුවේ එය ඉතාමත් “බිහිසුණු” ලෙස ය. තවත් අයෙකු අපට පැවසුවේ එය මෙතෙක් ඔවුන් දැක ඇති නරකම ප්‍රභේදයබව යි.

    මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි දවසක් ගෙවී නැති අතර, තහවුරු කරන ලද රෝගීන් බොහෝකොටම දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකට සංකේන්ද්‍රණය වී සිටියි. නමුත් එය තව දුරටත් ව්‍යාප්ත වී ඇතැ යි පෙන්වන ඉඟි ද දක්නට ඇත.

    නව ප්‍රභේදය කෙතරම් වේගවත්ව පැතිරෙන්නේ ද, එන්නත මඟින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිභවා යෑමට එයට ඇති හැකියාව කෙසේ ද, ඒ සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ කුමක් ද ආදී ගැටලු මේ වන විට ඔබට මතුව තිබෙනවා විය හැකි ය.

    ඒ සම්බන්ධයෙන් බොහෝ අනුමානයන් ඇතත්, පැහැදිලි පිළිතුරු ඇත්තේ අල්පයකි.

    අලුත් ප්‍රභේදය ගැන අපි දන්නේ මොනවා ද?

    නව ප්‍රභේදය B.1.1.529 යනුවෙන් හැඳින්වෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝවිට අද දිනය තුළ එයට ග්‍රීක කේත නාමයක් (‘ඇල්ෆා’ සහ ‘ඩෙල්ටා’ වැනි) ලබා දෙනු ඇත.

    එසේම, මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි “අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම” ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය “ඉතාම වෙනස්යැ”යි ද ඔහු සඳහන් කළේ ය.

    “මෙම ප්‍රභේදය අපිව පුදුමයට පත්කළා. ඒක විශාල පරිණාමික පිම්මක් පැනලා තියෙනවා වගේම, අප අපේක්ෂා කරපු තවත් බොහෝ විකෘතිත් ඒකෙ තියෙනවා,” ඔහු පැවසීය.

    මාධ්‍ය හමුවක දී මහාචාර්ය ඩි ඔලිවේරා ප්‍රකාශ කළේ සමස්තයක් වශයෙන් විකෘතීන් 50ක් පමණත්, ස්පයික ප්‍රෝටීන මත විකෘතීන් 30කට වැඩි ප්‍රමාණයකුත් ඇතිබව යි. බොහෝ එන්නත්වල ඉලක්කය වන්නේ ස්පයික ප්‍රෝටීන වන අතර, එය වෛරසය අපගේ ශරීරයේ සෛල තුළට “ඇතුළුවීමට” භාවිතා කරන යතුර ලෙස හැඳින්විය හැකි ය.

    ප්‍රතිග්‍රාහක බන්ධන සෑදෙන අයුරු පිළිබඳව තවත් ළංවී බැලූවිට (අපගේ ශරීරයේ සෛල සමග ප්‍රථමයෙන්ම සම්බන්ධ වන වෛරසයේ කොටස එය යි), ලොව පුරා පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති දෙකට සාපේක්ෂව මෙහි විකෘති 10ක් ඇතිබව පෙනේ.

    බොහෝ දුරට මේ තත්ත්වයේ විකෘතිතා ඇතිවන්නට ඇත්තේ වෛරසය පැරදවීමට අපොහොසත් වූ එක් රෝගියෙකුගෙනි.

    විකෘතිතා බහුලව තිබූ පළියට ඒවා නරකයැ යි කිව නොහැකි ය. මේ විකෘතීන් මඟින් ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැ යි දැන සිටීම වැදගත් වේ.

    නමුත් සිත් කරදරයට පත්කරන කාරණය වන්නේ, චීනයේ වූහාන්වලින් මතුවූ මුල් වෛරසයට වඩා මේ නව ප්‍රභේදය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වීම යි. මෙහි අරුත වන්නේ මුල් ප්‍රභේදය යොදාගනිමින් නිපදවූ එන්නත් මේ නව ප්‍රභේදයට එරෙහිව එතරම් සාර්ථක නොවීමේ ඉඩකඩක් ඇතිබව යි.

    මින් ඇතැම් විකෘතිතා මින් පෙර මතුවූ අනිත් ප්‍රභේදයන්හි දක්නට ලැබුණු බැවින්, ඒවායේ කාර්යයභාරය කුමක් ද යන්න පිළිබඳ දළ අදහසක් ලැබේ.

    උදාහරණ ලෙස, N501Y නම් විකෘතිය මඟින් කොරෝනාවෛරසයේ පැතිරීම පහසු කරයි. ප්‍රතිදේහවලට වෛරසය හඳුනාගැනීම අපහසු කරවන විකෘතීන් ද එහි ඇති අතර, එමඟින් එන්නතේ ඵලදායීතාව පහත හෙළීමට හැකි ය. නමුත් සම්පූර්ණයෙන්ම අලුත් විකෘතීන් ද එහි වේ.

    දකුණු අප්‍රිකාවේ ක්වාසූලු-නතාල් සරසවියේ මහාචාර්ය රිචර්ඩ් ලෙසල්ස් මෙසේ පැවසීය: “මේවා [විකෘතිතා] නිසා මේ වෛරස් එකට වඩාත් වේගවත්ව පැතිරීමේ හැකියාවක්, මිනිසෙකුගෙන් මිනිසෙකුට පැතිරීමේ වැඩි හැකියාවක් වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් කොටස්වලින් ගැලවීමේ හැකියාවක් ද තියෙන්න පුළුවන් කියන කණස්සල්ල අපට ඇතිවෙනවා.”

    මෙසේ බියකරු ලෙස පෙනුණත්, බලාපොරොත්තු වූ අන්දමේ කිසිදු හානියක් සිදු නොකළ වෛරසවලට උදාහරණයන් ද බොහෝ ය. මේ වසර මුල දී බීටා ප්‍රභේදය බොහෝදෙනා තුළ බියක් ඇතිකර තිබුණේ එය ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවීමේ සමතෙකු වූ නිසාවෙනි. නමුත් අවසානයේ ලෝකය ආක්‍රමණය කළේ වේගවත්ව පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය යි.

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රවී ගුප්තා පැවසුවේ, “බීටා කළේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවෙන එක විතර යි, එච්චර යි. ඩෙල්ටාවලට තිබුණා ඉහළ පැතිරීමේ හැකියාවකුත්, ප්‍රතිශක්තියට එරෙහි ප්‍රමාණවත් හැකියාවකුත්. මේ අලුත් ප්‍රභේදයට මේ ගුණයන් දෙකම ඉහළ මට්ටමෙන් තිබීමට ලොකු ඉඩක් තියෙනවා,” යනුවෙනි.

    රසායනාගාර තුළ සිදුකෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙනු ඇති නමුත්, වඩා ඉක්මන් පිළිතුරු ලැබෙනු ඇත්තේ වෛරසය සැබෑ ලෝකයේ දී නිරීක්ෂණය කිරීමෙනි.

    පැහැදිලි නිගමනවලට එළඹීමට තවමත් වේලාසන වැඩි නමුත් කණස්සල්ලට හේතු වන ලකුණු දැනටමත් දක්නට තිබේ.

    මේ වන විට දකුණු අප්‍රිකාවේ ගෞටෙන් දිස්ත්‍රික්කයෙන් තහවුරු වූ රෝගීන් 77ක් වාර්තා වන අතර, බොට්ස්වානාවෙන් රෝගීන් සිව්දෙනෙකු ද, හොංකොංවලින් එක් රෝගියෙකු ද (දකුණු අප්‍රිකාවට කළ සංචාරයක් සමග සෘජුව සම්බන්ධ ය) වාර්තා වී ඇත.

    කෙසේ නමුත්, මේ ප්‍රභේදය වඩාත් පුළුල්ව පැතිරී ඇතිබවට සාධක තිබේ.

    මෙම ප්‍රභේදය සම්මත පරීක්ෂණවල දී අපූරු ප්‍රතිඵල (‘S-gene dropout’ ලෙස හැඳින්වේ) ලබා දෙන බව පෙනෙන්නට ඇති අතර, සම්පූර්ණ ජාන විශ්ලේෂණයකින් තොරව ප්‍රභේදය නිරීක්ෂණය කිරීමට මෙය භාවිතා කළ හැකි ය.

    එයින් ඇඟවෙන්නේ දැනටමත් ගෞටෙන්හි රෝගීන් 90%කට වැළඳී තිබෙන්නේ මෙම ප්‍රභේදය විය හැකි අතර, එය දකුණු අප්‍රිකාවේ “බොහෝ පළාත්වල දැනටමත් පැවතිය හැකි”බව යි.

    කෙසේ නමුත්, මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන්නේ ද, ඊට වඩා දරුණු ද, එන්නත මඟින් ලබාදෙන ප්‍රතිශක්තියෙන් ගැලවීමේ හැකියාවක් තිබෙන්නේ ද ආදී තොරතුරු එමඟින් පැවසිය නොහැකි ය.

    එසේම, ජනගහණයෙන් 24%ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත්කර ඇති දකුණු අප්‍රිකාවට වඩා ඉතා ඉහළ එන්නත් අනුපාතයක් ඇති රටවල මෙම ප්‍රභේදය කෙතරම් හොඳින් ව්‍යාප්ත වේදැ යි මෙයින් කිව නොහැකි ය. කෙසේ නමුත් එරට විශාල පිරිසකට කොවිඩ් වැළඳී තිබේ.

    එබැවින්, දැනට අපට ඉතිරිව ඇත්තේ අපගේ දැනුමේ විශාල සිදුරු ඇතත් අප තුළ සැලකිය යුතු කණස්සල්ලක් ඇති කරවන කොවිඩ් ප්‍රභේදයක් සමග කටයුතු කිරීම ය. එය සමීපව නිරීක්ෂණය කළ යුතු ප්‍රභේදයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කවදා කුමක් කළ යුතු ද යන්න වැනි ප්‍රශ්න ඇසීමට අපට සිදුවේ. වසංගතයෙන් අප උගෙන ඇති පාඩම නම්, සියලු පිළිතුරු අප වෙත ලැබෙන තෙක් බලාසිටීමට අපට නොහැකිබව යි.

    bbc sandesaya

  • ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

    ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

    ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ යි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මේ සමගම “ගෑස් භීතිකාවක්” සමාජ මාධ්‍යයන් තුළ හිස ඔසවනු දක්නට ලැබුණි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිරෙන කතාව අසත්‍යයක්බව යි.

    එනමුත්, ගෑස් පිපිරීම්වලට හේතුව නම් කිසිදු දැනුම්දීමකින් තොරව ගෘහස්ත සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීමබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

    කෙසේ වෙතත්, නොවැම්බර් 25 දා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා ප්‍රකාශකර තිබුණේ “ගෑස් පිපිරීම් සිදුවී ඇත්තේ එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් යන්න රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වනබව සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක්බව” යි.

    පසුගිය දා කොළඹ අවන්හලක ගින්න ඇතිවූයේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව අවන්හල තුළ කාන්දු වී, එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවැති විදුලි උපකරණයක් මඟින් පුළිඟුවක් නිකුත්වීමෙන් එම වායුව ජ්වලනය වූ නිසායැ යි රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වනබව ද මෙම ප්‍රකාශයේ සඳහන් විය.

    ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා

    ගෑස්වල සංයුතිය වෙනස් කරලා – පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් සිලින්ඩරයක ප්‍රධානකොටම අඩංගු වන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායූන් වර්ග දෙක යි. මේ සඳහා නිශ්චිත සංයුතියක් තිබේ.

    නමුත් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ගෑස් සංයුතිය වෙනස්කර ඇතිබවත්, මේ පිපිරීම්වලට හේතුවී ඇත්තේ එයබවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගිය දා ප්‍රකාශකර තිබුණි.

    “සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් දෙයක් තමයි, ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් (කාර්මික) ගෑස් එකක්, බියුටේන් කියන්නේ ඩොමේස්ටික් (ගෘහස්ථ) ගෑස් එකක්. දැන්, අපේ රටේ 80%ක් බියුටේන්, 20%ක් ප්‍රොපේන් තිබුණේ. දැන් මේ ගොඩාක් හීතල රටවල ප්‍රොපේන් වැඩි මිශ්‍රණයක් තියෙන්න පුළුවන්… සාමාන්‍යයෙන් රස්නේ රටක බියුටේන් වැඩි මිශ්‍රණයක් තමයි පාවිච්චි කරන්නේ. දැන් ලංකාවේ, කිසිම හේතුවක් දක්වන්නේ නැතුව, මේගොල්ලෝ මේක 50%-50% කළා,” හිටපු විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

    මෙමඟින් “ගෑස් එක බාලවනබව” පවසන ඔහු, ප්‍රොපේන් සංයුතිය ඉහළ දැමීම නිසා ගෑස් කාන්දුවක් සිදුවිය හැකියැ යි ද ප්‍රකාශ කළේ ය.

    ඔහු ප්‍රකාශ කරන්නේ මෙම වෙනස සිදුකර ඇත්තේ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරවබව යි.

    මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසූ නමුත්, “ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මාධ්‍යයට පැවසිය හැකියැ”යි කියූ එහි සභාපති වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

    ගෑස්වල සංයුතිය සම්බන්ධ ගැටලුව මුල දී කරළියට පැමිණියේ 2021 වර්ෂයේ ජුලි මාසයේ දී ය. එකල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වූ තුෂාන් ගුණවර්ධන මාධ්‍යයට පැවසූයේ, තම ආයතනය වෙළඳපොළේ ඇති ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලින් ගත් සාම්පල පරීක්ෂා කළ විට, ඒවායේ බියුටේන් සහ ප්‍රොපේන් අඩංගු වූයේ 50:50 අනුපාතයෙන්බව යි.

    ඔහු මේ පිළිබඳව වෙළඳ අමාත්‍යාංශය ද දැනුවත්කොට තිබුණි.

    “ගෑස් සිලින්ඩර පුපුරනවා කියන්නේ බොරුවක්”

    මේ අතරේ ලිට්‍රෝ ගෑස් සමාගම නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා, එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිර යන කටකතාව අසත්‍යයක්බව ප්‍රකාශ කළේ ය.

    “අපි මේ එල්පී ගෑස් ගබඩා කරලා තියෙන්නේ, ඒ පීඩනයට වඩා හය ගුණයක් වගේ පීඩනයක් දරා ගැනීමේ හැකියාවක් මේ සිලින්ඩරේට තියෙනවා. පීඩන වෙනසක් සිදුවුණොත් එහෙම, මේ සිලින්ඩරයේ ‘සේෆ්ටි රිලීෆ්’ වෑල් එකක් තියෙනවා (ආරක්‍ෂිත විවරයක්). ඒ සේෆ්ටි රිලීෆ් වෑල් එකෙන් වැඩිවෙන හෝ ඒ වෙනස් වෙච්ච පීඩනය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා,” එම සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂ, ඉංජිනේරු ජයන්ත බස්නායක පැවසුවේ ය.

    සිලින්ඩරය කිසිදු අවස්ථාවක පීඩන වෙනසක් නිසා පුපුරා නොයනබව ද ඔහු සහතික කරයි.

    එනමුත්, ගෑස්වල සංයුතිය වෙනස් කරමින් ලිට්‍රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමුකළබව කියැවෙන ලිපියක් බිබිසිය වෙත ලැබී තිබේ. එම ලිපියට අනුව ලිට්රෝ ගෑස් සමාගම ලීටර් 18 ටේ සිලින්ඩරයක බියුටේන් ප්‍රතිශතය සියයට 50-60ත් අතර සහ ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 40-50ත් අතර පවතින බවයි.

    නොවැම්බර් 25 දා නිවේදනයක් නිකුත්කළ ලාෆ්ස් ගෑස් සමාගම තරයේ අවධාරණය කරන්නේ තම සමාගමෙන් භාවිතා කරනු ලබන ගෑස්වල “දළ සංයුතිය ප්‍රොපේන්/බියුටේන්: 30% / 70% යන පරාසයේ අනුපාතයන් තුළ” වනබව යි.

    “ලාෆ්ස් ගෑස් සමාගම විසින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නිකුත්කර ඇති සම්මතයන් උල්ලංඝනය කරමින් එල්.පී. ගෑස්වල ප්‍රමිතිය වෙනස්කර ඇතිබවට කෙරෙන මාධ්‍ය ප්‍රකාශනවල කිසිදු සත්‍යතාවයක් නොමැත,” යනුවෙන් ද අදාල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

    ලාෆ්ස් ගෑස් සමාගම

    ඔබේ ගෑස් සිලින්ඩරෙත් ලීක් වුණොත්?

    ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත.

    ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් බීබීසී සිංහල වෙත පහදා දුන්නේ ය.

    මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි. “හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය.

    එසේම, ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ‘ඔරිජිනල්’ විය යුතුබවත්, ආදේශක බටයක් භාවිතය අනුචිතබවත් ඔහු පවසයි.

    ගෑස්වලින් ඇතිවිය හැකි ගිනි වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. මින් එක් අවස්ථාවක දී සිලින්ඩරය ගෑස් කාන්දුවත් සමග ගිනි ගැනීමට ලක්විය හැකි අතර, දෙවැන්න වන්නේ ගෑස් කාන්දුවක් සිදුවුව ද ගින්නක් ඇති නොවන අවස්ථා ය. මෙයින් දෙවැනි වර්ගය වඩාත් භයානක ය.

    Firefighter in Colombo

    නිවසේ දී නිවැරදිව ගෑස් පාවිච්චි කරන්නේ මෙහෙම යි

    • ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය. අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගැටලුවක් නොවේ
    • ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය
    • ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)
    • ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය
    • ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි. හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය
    • ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය

    ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් මෙහෙම කරමු

    ඔබ පෙර කී සියලු උපදෙස් පිළිපැදි අවස්ථාවක ද ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුදැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි පැහැදිලි කළේ ය.

    “මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගත්තොතින්, ගෑස් සිලින්ඩරේ පෙරලගන්න එපා! පෙරලුනොතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ලොකු පිපිරීමක් එක්ක ලොකු ගින්නක් එනවා, එක්ස්කියුස් නෑ කාටවත්. ගින්නත් සමග ලොකු එක්ස්ප්ලෝෂන් එකක් එන එක නවත්තන්න බැහැ. පුළුවන් තරම් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න බලන්න, කවුරුවත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ, පිපිරීම් කිසිදෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදියටම අයින්කර ගන්න.”

    “ගෑස් සිලින්ඩරෙත් එක්කම කුස්සිය ගිනි අරන් නම් නිවන්න හදන්න එපා, පුපුරලා යන්න ඉඩ තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකට, පොලිසියට කතා කරලා, ලොකු වතුර පාරක් එල්ල කරලා තමයි නිවන්න පුළුවන්. ඒක අනතුරුදායක යි,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ නොකරන්නැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි උපදෙස් දෙයි.

    “හොඳම දේ තමයි [සිලින්ඩරේ] එළියට ගන්න, එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා. නිවාගන්න බැරි නම්, ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා.”

    මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.

    “හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන්.”

    ගෑස් ආඝ්‍රාණය වීම ද මාරාන්තික විය හැකි ය.

    ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?

    ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

    “ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා ‘ෆයර් ට්‍රයෑන්ගල්’ (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ… එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්,” ගිනි නිවීමේ නිලධාරී මධුසිරි කියයි.

    ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

    • ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ
    • ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය
    • නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය
    • කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය
    • ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය
    • දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය

    ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.

    text by – අමන්දා අබේසූරිය බීබීසී සිංහල

  • ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වෙයි

    ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වෙයි

    බොහෝ මන්ත්‍රීවරු බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී මැග්ඩලීනා ඇන්ඩර්සන් (දකුණේ) ට තම ආසන වලින් නැගිට ආචාර කළහ

    ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබේ. මැග්ඩලීනා ඇන්ඩර්සන් එරට නායිකාව ලෙස බදාදා ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඇගේ සභාග රජයේ හවුල්කාර පක්ෂය රජයෙන් ඉවත් වීම නිසා ඇය තම ප්‍රථම අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉල්ලා අස්විය.

    ඇය ඉදිරිපත් කළ අයවැය වෙනුවට, සංක්‍රමණ විරෝධී අන්ත දක්ෂිනාංශික පක්ෂවලින් සමන්විත විපක්ෂය විසින් සකස් කරන ලද අයවැයක් සඳහා පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය.

    “මට ඉල්ලා අස්වීමට අවශ්‍ය බව මම කථානායකවරයාට පැවසුවා,” ඇන්ඩර්සන් වාර්තාකරුවන්ට පැවසුවාය.

    ඇයගේ සභාගයේ හවුල්කරුවා වන හරිත පක්ෂය පැවසුවේ “පළමු වරට කෙටුම්පත් කරන ලද අන්ත දක්ෂිනාංශික ” අයවැයක් පිළිගත නොහැකි බවයි.

    තනි පක්‍ෂයක ආණ්‌ඩුවක් පිහිටුවිය හැකි රජයක නායිකාවක්‌ ලෙස නැවත අගමැති වීමට උත්සාහ කිරීමට බලාපොරොත්තු වන බව ඇන්ඩර්සන් පැවසීය.

    “සභාග රජයක එක් පක්ෂයක් හෝ ඉවත් වූ විට සභාග රජයක් ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාපිත භාවිතයක් තිවෙනවා” යනුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බදාදා ප්‍රකාශ කළේය. “නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන රජයකට නායකත්වය දීමට මට අවශ්‍ය නැත.”

    මීළඟ පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බව කථානායකවරයා පැවසීය.

    බදාදා පෙරවරුවේ ඇන්ඩර්සන් අගමැති ලෙස තේරී පත් විය. ස්වීඩනයේ නීතියට අනුව අගමැතිවරයා වීමට අවශ්‍ය ඇයට විරුද්ධව බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ නොකිරීම පමණි.

    ස්වීඩනයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමෙන් වසර සියයකට පසුව, 54 හැවිරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා අගමැති ලෙස පතිවූ විට ස්වීඩනය රික්ස්ඩැග් ලෙස හදුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් තම ආසන වලින් නැගිට ඇයට ආවාර කරන ලදී.

    ස්වීඩන් ජනතාවගේ යම් කොටසකට ඉහල විශ්‍රාම වැටුප් ගෙවීමේ එකඟතාවය මත අවසන් මොහොතේ වාමාංශික පක්ෂ සමග ඇතිකරගත් එකඟතාවය නිසා සුලුතර ආන්ඩුවක ප්‍රධානියා ලෙස පතිවීමට ඇයට හැකි විය.

    රික්ස්ඩැග් හි සාමාජිකයින් 349 දෙනාගෙන් 174 දෙනෙකු ඇයට විරුද්ධව ඡන්දය දුන්හ. එහෙත් ඇන්ඩර්සන්ට මන්ත්‍රීවරුන් 117 දෙනෙක් සහාය දුන් අතර තවත් 57 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසා ඇයට එක් වැඩි ඡන්දයකින් ජයග්‍රහණය හිමි විය.

    1996 දී එවකට අගමැති ගෝරාන් පර්සන්ගේ දේශපාලන උපදේශකවරියක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඇය, උප්සලා විශ්ව විද්‍යාල නගරයේ හිටපු කනිෂ්ඨ පිහිනුම් ශූරියෙකි.

    ඇය මුදල් ඇමතිවරයා ලෙස පසුගිය වසර හතක කාලයක් ක්‍රියාකර ඇත.

    මැග්ඩලීනා ඇන්ඩර්සන්ට මන්ත්‍රීවරුන් සහාය දැක්වා අගමැති ලෙස පත්කිරගැනීමට පෙර, ස්වීඩනය කිසිදාක කාන්තාවක් අගමැති ධුරයට පත් නොවූ එකම නෝර්ඩික් රාජ්‍යය විය.

    2px presentational grey line
    Analysis box by Maddy Savage, Stockholm

    මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩන ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය වීම ඇයට එම රාත්‍රිය සැමරීමට හේතුවක් වූ වත්, ඉර බැස යන්නටත් පෙර ඇයට තම ඉල්ලා අස්වීම දැනුම් දෙන සිදුවීම දෛවයේ සරදමකි.

    ස්වීඩන දේශපාලනයේ ඇති සංකීර්ණතාවලින් අදහස් වන්නේ අපි මේ දුටුවේ ඇයගේ අවසානය යැයි උපකල්පනය කළ නොහැකි බවයි. අගමැති තේරීමට තවත් ඡන්දයක් පැවැත්වුවහොත්, ඇන්ඩර්සන් නැවත ජයග්‍රහණය කරනු ඇත. ඒ, සභාග හවුල්කාරිත්වයෙන් ඉවත් වුවද හරිත පක්ෂය නැවතත් ඇයට සහය පළ කිරීමට පොරොන්දු වී ඇති බැවිනි.නමුත්, පාර්ලිමේන්තුව දැනටමත් ඡන්දය දී සම්මතකර ඇති දක්ෂිනාංශික අයවැය මත පිහිටා ක්‍රියාකිරීමට සිදුවී ඇති බැවින් අස්ථාවර සුළුතර ආන්ඩුවකට නායකත්වය දීමේදී ඇය අවදානමට ලක්විය හැකි තත්ත්වයකට පත්වනු ඇත.

    මෙම සියලු දේශපාලන අවුල් සහගත බව අවධාරණය කරන්නේ ස්වීඩන දේශපාලනය මේ වන විට කෙතරම් බෙදී ඇත්ද යන්නයි. ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේ දී ඡන්දදායකයින් සැලකිය යුතු ලෙස දක්ෂිණාංශික හෝ වාමාංශික යන පක්ෂවලට මාරුවීමකින් අද පවතින මෙම අවහිරය බිඳ දමයිදැයි අපට බලා සිටීමට සිදුවී ඇත.

    bbc

  • ඉන්දියාව සහ ඇමෙරිකාව සිය ආර්ථිකයන් ඒකාබද්ධ කිරීම ගැන අවධානය යොමු කරයි

    ඉන්දියාව සහ ඇමෙරිකාව සිය ආර්ථිකයන් ඒකාබද්ධ කිරීම ගැන අවධානය යොමු කරයි

    ඉන්දියාව සහ එක්සත් ජනපදය විවිධ බහුපාර්ශ්වික වෙළඳ ආයතනවල සහයෝගීතාවය සහ නිර්මාණාත්මක නියැලීම පිළිබඳව අවධාරණය කළහ

    “වෙළඳ සබඳතාවයේ අනාගතය සඳහා අභිලාෂකාමී, හවුල් දැක්මක් වර්ධනය කිරීමේ” ඉලක්කය ඉදිරියට ගෙන යාමේ අරමුණින් ඉන්දියාව සහ එක්සත් ජනපදය අඟහරුවාදා නවදිල්ලියේ දී ඉන්දීයා-එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්ති සංසදයේ 12 වන අමාත්‍ය මට්ටමේ රැස්වීමක් පවත්වන ලදී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් ඔවුන්ගේ 2021 සැප්තැම්බර් 24 රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    ඉන්දියාව නියෝජනය කළේ ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් වන අතර එක්සත් ජනපදය නියෝජනය කළේ එහි වෙළඳ නියෝජිත කැතරින් තායි විසිනි.

    වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, දෙපාර්ශවය විසින් ඉන්දියාව-එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්ති සංසදයේ ආර්ථික ක්ෂේත්‍ර හරහා ඒකාබද්ධ කිරීමට සහ උපායමාර්ගික හවුල්කරුවන් අතර වෙළඳ සබඳතා සුරක්ෂිත කිරීමට ස්ථිර තීරණයක් ගත් බවට සහතික විය.

    මෙම හමුවේදී නායකයින් දෙපළ ආර්ථිකයන් දෙක ක්ෂේත්‍ර හරහා ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කළ බව අමාත්‍යාංශය පවසයි.

    අපගේ වෙළඳ සබඳතාවයට බලපාන දැනට පවතින සහ මතුවෙමින් පවතින ගැටළු පිළිබඳ පූර්ණ පරාසයක සහයෝගී සාකච්ඡාවක නිරත වීමේ වැදගත්කම අමාත්‍යවරු විසින් හඳුනා ගන්නා ලදී.

    මේ සම්බන්ධයෙන්, වෙළඳ ප්‍රතිපත්ති සංසදය වෙළඳ කටයුතුවලදී සහයෝගීතාවය සහ සහයෝගීතාව සඳහා ප්‍රධාන වේදිකාව විය හැකිය,

    කෘෂිකාර්මික, කෘෂිකර්ම නොවන භාණ්ඩ, සේවා, ආයෝජන සහ බුද්ධිමය දේපළ පිළිබඳ වෙළඳ ප්‍රතිපත්ති සංසදය ක්‍රියාකාරී කණ්ඩායම් දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය සැලකිල්ල පිළිබඳ ගැටළු අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ලෙස විසඳීම සඳහා නිතර හමුවීම් සක්‍රීය කළ යුතු බවට ද දෙපාර්ශවය තීරණය කළහ.

    අමාත්‍යාංශයට අනුව, 2021 වසරේ (ජනවාරි – සැප්තැම්බර් 2021) ද්විපාර්ශ්වික වෙළඳ භාණ්ඩ වෙළඳාමේ ශක්තිමත් ප්‍රකෘතිමත් වීම පිළිබඳව දෙපාර්ශ්වයම තෘප්තිමත් වන අතර, එය පෙර වසරේ එම කාලය තුළම සියයට 50 ක පමණ වර්ධනයක් පෙන්නුම් කළේය. වත්මන් වසරේ ද්විපාර්ශ්වික වෙළඳ භාණ්ඩ වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා යාමට සූදානමින් සිටී.

    මේ සම්බන්ධයෙන් ද‌ෙපාර්ශවයම හිතකර ව්‍යාපාරික පරිසරයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඉන්දියාව විසින් රක්ෂණ ක්ෂේත්‍රයේ සෘජු විදේශ ආයෝජන ලිහිල් කිරීම, ආදායම් බදු පිළිබඳ අතීත විධිවිධාන ඉවත් කිරීම සහ “තනි කවුළු ක්‍රමය” දියත් කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ බව ඔවුහු අවධාරණය කළහ.

    වෙළඳපල ආර්ථිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර විනිවිද පෙනෙන, රීති මත පදනම් වූ ගෝලීය වෙළඳ පද්ධතියක් පිළිබඳ හවුල් දැක්මක් සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක වෙළෙඳ සංවිධානය සහ G20 ඇතුළු විවිධ බහුපාර්ශ්වික වෙළඳ ආයතනවල සහයෝගීතාවය සහ නිර්මාණාත්මක නියැලීම කෙරෙහි ද දෙපාර්ශවය අවධාරණය කළහ.

    ඔරොත්තු දෙන සහ ආරක්ෂිත සැපයුම් දාමයන් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳවද ඔවුන් අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය වෙළඳාම සහ තාක්ෂණයේ තීරණාත්මක අංශවල ආරක්ෂිත සැපයුම් දාමයන් සංවර්ධනය කිරීමේදී සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ කටයුතු කළ හැකි බව තීරණය ක‌ෙරිණ.

    මෙම හමුවේදී ඉන්දියාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර ගෝලීය සැපයුම් දාමයන් වැඩි දියුණු කිරීම සඳහා ආරක්ෂිත ඖෂධ නිෂ්පාදන පදනමක් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් සමඟ හවුල් වීමට කැමැත්ත පළ කළේය.

    තීරණාත්මක අංශවල (සයිබර් අවකාශය, අර්ධ සන්නායක, AI, 5G, 6G සහ අනාගත පරම්පරාවේ විදුලි සංදේශ තාක්‍ෂණය ඇතුළුව) ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහ ඔරොත්තු දෙන සහ ආරක්‍ෂිත ගෝලීය සැපයුම් දාමයන්ට සහාය වීම සඳහා දෙරටේම පෞද්ගලික අංශයේ සහභාගිත්වය සහ සහයෝගීතාව පිළිබඳව ඔවුහු අවධාරණය කළහ.

    අඛණ්ඩ නියැලීම තුළින් කැපී පෙනෙන වෙළඳපල ප්‍රවේශ ගැටළු විසඳීමෙන් දෙරටේම ගොවීන්ට සහ ව්‍යාපාරවලට දැනෙන ප්‍රතිලාභ පිළිබඳව ද ඔවුහු අවධාරණය කළහ.

    අඹ සහ දෙළුම්, ඉන්දියාවෙන් සහ එක්සත් ජනපදයෙන් සත්ව ආහාර සඳහා චෙරි සහ ඇල්ෆල්ෆා පිදුරු සඳහා වෙළඳපල ප්‍රවේශ පහසුකම් පිළිබඳ සාකච්ඡ‌ා ක‌ෙරිණ.

    ඉන්දියාවෙන් මිදි සහ එක්සත් ජනපදයෙන් ඌරු මස් සහ ඌරු මස් නිෂ්පාදන සඳහා වෙළඳපල ප්‍රවේශය විසඳීමට කටයුතු කිරීමට ද ඔවුන් එකඟ විය.

    එක්සත් ජනපදයේ ද්‍රාව්‍ය සහිත ඩිස්ටිලර්ස් වියළි ධාන්‍ය ඇතුළු නිෂ්පාදන සඳහා වැඩි දියුණු කළ වෙළඳපල ප්‍රවේශය සහ ඉන්දියාවෙන් මී හරක් මස් සහ වල් ඇල්ලූ ඉස්සන් සඳහා වෙළඳපල ප්‍රවේශය ඇතුළු නිෂ්පාදන සඳහා වැඩි දියුණු කළ වෙළඳපල ප්‍රවේශය ගවේෂණය කිරීමට දෙපාර්ශවය එකඟ විය.

    නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා IP ආරක්ෂාව සහ බලාත්මක කිරීමේ වැදගත්කම මෙන්ම IP-තීව්‍ර කර්මාන්තවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජනය පිළිබඳවද ඔවුහු අවධාරණය කළහ.

    මෙම හමුවේදී, ජීඑස්පී (සාමාන්‍ය මනාප ක්‍රමය) ප්‍රතිලාභ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම ඉන්දියාව විසින් අවධාරණය කරන ලද අතර එය දෙපාර්ශවයේම කර්මාන්තවලට තම සැපයුම් දාමය කාර්යක්ෂමව ඒකාබද්ධ කිරීමට උපකාරී වනු ඇත.

    ඉන්දියාව සහ එක්සත් ජනපදය, රැස්වීම අතරතුර, ඩිජිටල් සේවා ඇතුළු සේවාවන්හි වැදගත්කම සහ ද්විපාර්ශ්වික සේවා වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමේ සැලකිය යුතු විභවයන් ඉස්මතු කළහ.

    ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්‍ෂණික හවුල්කාරිත්වය ඉහළ නැංවීමට එය ඉමහත් දායකත්වයක් සපයන බැවින්, වෘත්තීය සහ පුහුණු ශ්‍රමිකයන්, සිසුන්, ආයෝජකයින් සහ ව්‍යාපාරික සංචාරකයින් දෙරට අතර සංචලනයේ වැදගත්කම ඔවුන් අවධාරණය කළහ.

    දෙපාර්ශ්වයේම කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා සමාජ ආරක්ෂණ සමස්ථකරණ ගිවිසුමක් සාකච්ඡා කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය එකඟ වූ අතර එවැනි ගිවිසුමක් අනුගමනය කිරීම සඳහා තවදුරටත් කටයුතු කිරීම සාදරයෙන් පිළිගන්නා බව අමාත්‍යාංශය පවසයි.

    අන්‍යෝන්‍ය විශ්වාසය ජනනය කිරීම සඳහා වෙළඳ ප්‍රතිපත්ති සංසදය අඛණ්ඩව ස්ථිර ප්‍රතිඵල ලබා දිය යුතු බව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

    2022 මැද භාගය වන විට පැවැත්වීමට නියමිත අන්තර් සැසි වෙළඳ ප්‍රතිපත්ති සංසදය රැස්වීමක් සඳහා අවසන් කළ හැකි නිශ්චිත වෙළඳ ප්‍රතිඵල සමූහයක් හඳුනා ගැනීම ඇතුළුව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලසුම් 2022 මාර්තු වන විට සංවර්ධනය කරන ලෙස අමාත්‍යවරු වෙළඳ ප්‍රතිපත්ති සංසදය ක්‍රියාකාරී කණ්ඩායම්වලට උපදෙස් දුන්හ යනුව‌ෙන් ඉන්දියා නිවුස් නෙට්වර්ක් පැවසීය.

  • පොහොර සහනාධාරයට තිත – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට

    පොහොර සහනාධාරයට තිත – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට

    හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර ආනයනය කිසිසේත්ම සිදු නොකරන බවත්, රජයේ ප්‍රතිපත්තිය වන්නේ හරිත කෘෂිකර්මාන්තය බවත් එය කිසිවිටෙක වෙනස් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    එනමුත් රජයේ පොහොර සහනාධාරය, රජයේ බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළඳපොළ, වැනි සියලු දේ රජය විසින් ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට බවත් රසායනික පොහොර විවෘත
    වෙළඳපොළ තුළ අවශ්‍ය පරිදි ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බවත්, සියලු පාර්ශ්ව සාමුහිකව හරිත කෘෂිකර්මාන්තය පිලිබඳ පැසසුම් එක්කළ ද ගොවින් විසින් රසායනික පොහොර නොමැතිකම නිසා උද්ඝෝෂණ ආදිය
    සිදු කරමින් ඉල්ලීම් කළ හෙයින් එහෙත් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොකර රජය විසින් මෙම ගැසට් පත්‍රය ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය

    ඒ අනුව කිසිවිටෙක රජය රසායනික පොහොර ආනයනය නොකරන අතර, ඒ සඳහා කිසිඳු සහනාධාර ලබා දීමක් සිදු කරන්නේ ද නැති බව හෙතෙම කියා සිටින ලදුව, මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කොට හරිත කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බවට ඇතැමුන් නඟන මතය මිත්‍යාවක් බවත්, මෙම හරිත කෘෂිකර්මාන්තය උදෙසා දියුණු තාක්ෂණය උපයෝගී කොට ගත හැකි බවත්, ආනයනය කරන නැනෝ නයිට්‍රජන් එලෙස මෙරට නිපැයූ තාක්ෂණයක් බවත් ඒ මහතා කියා සිටියේය.

    රසායනික පොහොර 70%ක් ජලයට සහ වාතයට මුසු වේ. එහෙත් නැනෝ නයිට්‍රජන් යනු පරිසර හිතකාමී දෙයක් බවත්, රජයේ ප්‍රතිපත්තියෙන් බැහැර නොවී දේශීය කාබනික නිෂ්පාදකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ

    අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ

    • මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි
    • එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් දැඩි තීන්දු

    අවුරුදු  20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.  මෙලෙස අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම මෙරට ආරම්භ කළද ලොව ඇතැම් රටවල් එය ලබාදීම ආරම්භ කරන ලද්දේ අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබා දෙන ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර එය මේ වන විට එය 380,213 දෙනෙකුට ලබා දීමට පියවර ගෙන ති‍බේ.

    මේ වන විට සමස්ත ජනගහනයෙන් 73% ට එන්නත ලබා දී ඇතැයිද ඉදිරි දින කිහිපය තුළ 75% ක ඉලක්කයක් සඳහා යන  වැඩපිළිවෙල ඒ අනුව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය රටේ සමස්ත ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

    ළමුන් සඳහා වන එන්නත්කරණය ලක්ෂ 11 ට ආසන්න ප්‍රමාණයකට මේ වන විට ලබා දී ඇතැයිද ඉලක්ක ගත ප්‍රමාණයෙන් තවත් ලක්ෂ 02 ට ආසන්න ප්‍රමාණයකට ලබාදීමට වැඩපිළිවෙල සකස් කර ඇතැයිද ඒ මහතා කීය.

    මේ අතර මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

    කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා ජනාධිපතිතුමන් හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන් තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය. විශේෂයෙන් මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා තිබීම , දුරස්ථභාවය ආදී කරුණූ අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් හා ඒ සඳහා එක්වන පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ

    යුතු බවත් එසේ නොවුවහොත් යළි මේ සම්බන්ධයෙන් යම් යම් දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත් ඒ මහතා කීය.

    කොවිඩ් ව්‍යසනය තුළ රට සාමාන්‍යකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත් එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කෙටිකාලීන වැඩපිළිවෙලවල් වලට නොයන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

  • අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි

    අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි

    අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම Lanka QR උපයෝගී කරගනිමින් ඩිජිටල්කරණය කිරීම උදෙසා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    නුතන තාක්ෂනය භාවිතා කිරීම මඟින් ජංගම ගෙවීම් යෙදුමක් ලෙස ක්‍රියාත්මක වන මෙමඟින් අධිවේගී මාර්ග වල නොරැඳී ඇතිවන තදබදය අවම කරගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණින් Lanka QR ගෙවීම් ක්‍රමය ප්‍රචලිත කිරීමට සියලු බලපත්‍රලාභී මුල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එකී එක පියවරක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ග වල අතින් ගාස්තු ගෙවීම් හා එකතුකිමේ දොරටු සඳහා ද Lanka QR හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

    මෙමඟින් සිය ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක Lanka QR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් මඟින් ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්ත්පර 8-10 ත් අතර කාලයක් තුළ අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට අදාළ ගෙවීම සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

  • රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්

    රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්

    උපාධිධාරින් 53,000ක් සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් අතර මෙම උපාධිධාරින් එළඹෙන 2022 ජනවාරි 01 සිට ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    2021 වසරේ දී වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට රාජ්‍ය යාන්ත්‍රණය යථා තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකි වීම රජය ලද ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විභාග පවත්වමින්, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය යන අංශවලට නවක නිලධාරින් බඳවා ගැනීමට හැකි වූ බවත් කාර්ය මණ්ඩලය පුළුල් කිරීමෙන් රාජ්‍ය අංශය බල ගැන්වීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය.

    තවද ග්‍රාමීය සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිලධාරින්ගේ කැපවීම මත කොවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීමේදී දියුණු රටවලට සමාන අන්දමින් එම කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.

    රාජ්‍ය සේවයේ දැනට පවතින ගුරු ගැටළුව, වැටුප් විෂමතා ඉවත් කිරීම මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ. රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ග කර තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා කීය‍

  • සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

    සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

    රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

    අය-වැය 2022, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ගරු කථානායකතුමනි, රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි. පුද්ගලයින් ගුණගරුක, විනයගරුක කිරීමේ කාර්යභාරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරි තිබෙන බව ඔබතුමාට මතක් කරනවා.  මෙම කාර්යය භාරය අප විසින් මනාව ඉටු කළ යුතුව තිබෙනවා.

    ගරු කථානායකතුමනි, දෙදහස් පන්සිය වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අප, අනාගත ශාසනයේ උන්නතිය උදෙසා ද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ.  ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්ෂා කර ගත් පරිදිම ආරක්ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් ලෙසයි මා සළකන්නේ. එහිදී බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම හා ආරක්ෂා කිරීම, සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීම උදෙසා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

    ගරු කථානායකතුමනි, අනෙකුත් සියලු ආගම් සම්බන්ධව කටයුතු කිරීමත් අප අමාත්‍යාංශය විෂය පථයට අයත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලුම ආගම්වලට ආරක්ෂාව දීම අපගේ වගකීම වෙනවා.  ඒ අනුව අප විසින් සියලුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තිබෙනවා.  ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරනවා. ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙනුයි අපි මේ සියල්ල කරන්නේ.

    ගරු කථානායකතුමනි, සංස්කෘතිය, සාහිත්‍යය හා කලාව උසස් මට්ටමකට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණයන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමට අවධානය යොමු කරලා තිබෙනවා.  ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ගේ සුභ සාධනය ඇති කිරීමේ වැඩසටහන් 2022 වර්ෂය තුළ ද අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඉතිහාසය, පුරා විද්‍යාව හා ජාතික උරුමයන් යනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර දීමේ අපගේ වගකීම ඉටුකරමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ.

    ගරු කථානායකතුමනි, විනයගරුක පුද්ගලයෙකු බිහි කිරීමට බාධාවක් ලෙස මත් ද්‍රව්‍ය භාවිතය හා විවිධ දුරාචාරවලට යොමු වීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයින් හඳුනා ගනිමින් ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. එය 2022 වර්ෂයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මුළු ලොවටම බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්ක කරා යාමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. එහෙත් 2022 වසරේ දී අප අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම, ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍යාංශයේ ද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්ෂිත  ඉලක්කවලට ළඟා වීමට උපායමාර්ග ක්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා.  ඒ නිසා අපේ අමාත්‍යාංශය මේ කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවෙලා කටයුතු කරන  බව ඔබ තුමාට මතක් කරනවා.යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය

  • කෝන්වෝල් ශ්‍රී ලංකාවේ සිහින බිද දමයි

    කෝන්වෝල් ශ්‍රී ලංකාවේ සිහින බිද දමයි

    අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.

    සුරංග ලක්මාල් යැවූ 80 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී කෝන් වෝල්ගේ ඉනිම ලකුණු 39 කදී හමාර වුවත් තරගයද නවතා දැමීමට සිදුවූයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසාය. එම අවස්ථාවේ සංචාරකයින්ගේ ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 224 ක් ලෙසින් සටහන්ව තිබුණත් සත්කාරකයෝ ලකුණු 162 පරතරයකින් පෙරමුණ ගෙන සිටිති. වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ නවතා දමන විට තෙවැනි දිනට තවත් පන්දුවාර 52 ක් යවා අවසන් කළ යුතු වේ.

    කෝන්වෝල් පිටියට පැමිණීමට පෙර හත්වැනි කඩුල්ලට එක් වූ ජේසන් හෝල්ඩර් සහ කයිල් මේයර්ස් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවධානමෙන් සිය කණ්ඩායම මුදවා ගැනීමේ මූලික මෙහෙයුම සිදුකළහ.

    දිමුත් කරුණාරත්නගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා එම සම්බන්ධතාවය බිඳ වැටිණ. දිනයේ බිඳ වැටුණු පළමු කඩුල්ල වූයේ ලකුණු 45 ක් ලබා සිටි කයිල් මේයර්ය. එම කඩුල්ල කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් සිය නුහුරු අතට පනිමින් ශ්‍රී ලංකා නායකයා රැක ගත් උඩ පන්දුව අග්‍රගන්‍යයේ විය. දිනෙන් දින දියුණුවෙන් දියුණුව කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ වූ උනන්දුව, ඒ හරහා ලබා සිටින වර්ධනය කෙතරම්ද යන්න එම උඩ පන්දු රැකීමෙන් මොනවට පිළිබිඹු විය.

    තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලෙන් කැපී පෙනුණු පළමුවැනි අවස්ථාව ලෙස එම උඩ පන්දු රැකීම සටහන්විය. ඊට පසු කැපී පෙනුණේ ජේසන් හෝල්ඩර් දවා ගැනීම වෙනුවෙන් දුෂ්මන්ත චමීර ගුවනට පැණ රැක ගත් උඩ පන්දුව විය. දඟ පන්දු යවන්නන්ගේ අමතර ඉපිලීමකින් යුතු පන්දු හමුවේ මෙම කඩුලු 2 දැවී යෑමද කැපී පෙනිණ.

    දැවී ගිය කඩුලු 2 ම අනපේක්ෂිත ඉපිලීමකින් යුතු පන්දු හමුවේ දැවී ගියා විනා වැටී තිබුණු තැනින් නැගී සිටීම එකම අරමුණ බවට පත්වී තිබුණු කොදෙව් පසු පෙළ පිතිකරුවන් එකම දුර්වල පහරක් එල්ල නොකිරීමට වග බලා ගත්හ.

    කඩුලු අතර දිව යෑමට මැළිතාවයක් දැක්වන කෝන්වෝල්ගේ ඉනිම ප්‍රහාරාත්මක එකකි. ලකුණු 39 සඳහා  පන්දු 58 ක් වැය කළ කෝන්වෝල් හතරේ පහර 5 ක් සහ හයේ පහරකින් සිය ඉනිම පුරවා ගත්තේය. දඟ පන්දු යවන්නන් හමුවේ ප්‍රහාරාත්මක පිතිහරඹයක් පවත්වාගෙන ඒම නිසා කෝන්වෝල්ව නවතා ලීම අරමුණු කොට පරණ පන්දුවෙන් පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා නායකයා වේග පන්දු යවන්නන් කැඳෙව්වේය. එහිදී සාර්ථක වුණු සුරංග ලක්මාල් කෝන්වෝල් දවා ගත්තේය.

    දෙවැනි දිනට සාපේක්ෂව තරමක වේගයෙන් පන්දුවට පහර දුන් හෝල්ඩර් සහ මේයර්ස් දුර්වල පන්දු හමුවේ පහර එල්ල කිරීමට නොපැකිළිණ. තියුණු ලෙසින් දඟ කැවෙන තණතීරුවේදී වඩාත් උපායශීලී වූ ජේසන්-මේයර් යුගල පහර එල්ල කිරීමේදී දඟ කැවීමට පෙර හෝ පන්දුවේ දඟ කැවීම අවසන් අවස්ථාව වන තෙක් සිට පහර එල්ල කළහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හිස රදයක් බවට පත්ව සිටින ජොෂුවා දා සිල්වා පන්දු 70 කට මුහුණ දෙමින් ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

    text by sl cricket
  • ඩ්‍රෝන යානා ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඉන්දියාවට එක්සත් ජාතීන්ට කියයි

    ඉන්දියාවේ ස්ථාවරය වන්නේ ආයුධ සැපයීමේ උවදුර ආමන්ත්‍රණය කිරීමේ මූලික වගකීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‌ෙහි සාමාජික රටවලට පැවරී ඇති බවයි.

    අනෙකුත් සාමාජික රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත දේශසීමා හරහා නීතිවිරෝධී ආයුධ සැපයීම සඳහා ඩ්‍රෝන යානා වැනි උසස් තාක්ෂණයන් භාවිතා කරන රාජ්‍යයන් අවිවාදයෙන් හෙළා දකින ලෙස ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

    “ත්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගත් කුඩා අවිවල පරිමාව වැඩිවීම සහ ඒවායේ ගුණාත්මක භාවය අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ ඒවාට රාජ්‍ය අනුග්‍රහය හෝ සහාය නොමැතිව පැවතිය නොහැකි බවයි. සමහර රාජ්‍යයන් අනෙකුත් සාමාජික රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත දේශසීමා හරහා නීතිවිරෝධී ආයුධ සැපයීම සඳහා ඩ්‍රෝන යානා වැනි උසස් තාක්ෂණයන් භාවිතා කරන බව ද ප්‍රකට ය. මෙම පුවනතාව නිසැකව හෙළා දැකිය යුතුය,” සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‌ෙහි ‘සාමය සහ ආරක්ෂාව සඳහා ආයුධ හැරවීමේ සහ ප්‍රවාහනයේ බලපෑම’ පිළිබඳ විවෘත විවාදයේදී ඉන්දීය විද‌ේශ ලේකම් (CPV සහ OIA) සංජය භට්ටාචාර්ය පැවසීය.

    “ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත කුඩා අවි සහ සැහැල්ලු අවි අඛණ්ඩව ගලා යාමේ බලපෑම: මෙම ආයුධ ත්‍රස්තවාදීන් අතේ වඩාත් නපුරු හා මාරාන්තික බවට පත්වේ, ඔවුන් හිතාමතාම සහ විචක්ෂණශීලීව කාන්තාවන් සහ ළමයින් ඇතුළු අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීමට ඒවා භාවිතා කරයි,” ඔහු තවදුරටත් පැවසීය. .

    “අන්තර්ජාතික සාමය සහ ආරක්ෂාව සඳහා කුඩා අවි නීති විරෝධී ලෙස මාරු කිරීම සහ නීතිවිරෝධී ලෙස හරවා යැවීමෙන් එල්ල වී ඇති තර්ජනය සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම කනස්සල්ලට කරුණකි. එය සංවර්ධනය, ආරක්ෂාව, මානුෂීය සහ සමාජ-ආර්ථික අංශ කෙරෙහි හරස් කැපීමේ සෘණාත්මක බලපෑමක් ඇති කරයි, ”භට්ටාචාර්ය තවදුරටත් පැවසීය.

    “කවුන්සිලයේ සාමාජිකයින් මෙම සංකීර්ණ සහ බහුමාන ගැටලුව අඛණ්ඩව මාස තුනක් තිස්සේ විධිමත්ව සහ අවිධිමත් ලෙස සාකච්ඡා කර තිබීම, ගැටලුවේ විවේචනාත්මක ස්වභාවය සහ එය විසඳීමට හදිසි අවශ්‍යතාවය පිළිබිඹු කරයි,” ඔහු ප්‍රකාශ කළේය.

    කුඩා අවි නීතිවිරෝධී ලෙස හුවමාරු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදහස් ප්‍රකාශ කළ බව සඳහන් කරමින් භට්ටාචාර්‍යා පැවසුවේ මෙම ගැටලුව විසඳීමේ මූලික වගකීම සාමාජික රටවල් වෙත පැවරෙන බව ඉන්දියාව සලකන බවයි.

    මේ සම්බන්ධයෙන්, ඵලදායී ජාතික ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහ බලාත්මක කිරීම, අපනයන පාලනයන්, තොරතුරු හුවමාරු කර ගැනීම සහ ධාරිතා ගොඩනැගීම ඇතුළුව, එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී වැඩසටහන සහ ජාත්‍යන්තර ලුහුබැඳීමේ උපකරණය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා ජාතික හා ගෝලීය මට්ටමින් දරන උත්සාහයන් දෙගුණ කිරීමට ඉන්දියාව සහාය දක්වයි. ඔහු වැඩිදුරටත් පැවසීය.

    කුඩා අවි නීතිවිරෝධී ලෙස හුවමාරු කිරීමේ ප්‍රධාන අංශ තුනක් ඉස්මතු කරමින්, ඉන්දියාවේ ලේකම් (CPV සහ OIA) ඉල්ලා සිටියේ, ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත කුඩා අවි සහ සැහැල්ලු අවි අඛණ්ඩව ගලා යාමේ බලපෑම ප්‍රමුඛමව සාකච්ඡා කළයුතු බවයි.

    “කාන්තාවන් සහ ළමුන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම සඳහා හිතාමතාම සහ විචක්ෂණශීලීව භාවිතා කරන ත්‍රස්තවාදීන් අතට මෙම ආයුධ වඩාත් නපුරු හා මාරාන්තික වේ,” ඔහු දැනුම් දුන්නේය.

    “ත්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගත් කුඩා අවිවල පරිමාව වැඩිවීම සහ ඒවායේ ගුණාත්මක භාවය අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ ඒවාට රාජ්‍ය අනුග්‍රහය හෝ සහාය නොමැතිව පැවතිය නොහැකි බව” භට්ටාචාර්ය පැවසීය.

    “ත‍්‍රස්ත-අපරාධ සම්බන්ධය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙවැනි ජාල වැළැක්වීමට සහ කඩාකප්පල් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ජාත්‍යන්තර ප්‍රජාව මීට වඩා වැඩි යමක් කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    “දෙවනුව, කවුන්සිලය විසින් නියම කරන ලද ආයුධ සම්බාධක ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය: රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත නීතිවිරෝධී ආයුධ සහ ආයුධ ගලායාම ගැටුම් ඇති කරන සහ පවත්වාගෙන යන බව තහවුරු වූ කරුණකි,” ඔහු තර්ක කළේය.

    “තුන්වනුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ආරක්ෂාව මත නීතිවිරෝධී ගලා යාමේ බලපෑම: සන්නද්ධ ගැටුම් තත්වයන් තුළ සටන් කරන පාර්ශ්වයන් වෙත ස්ථාවර හා නීති විරෝධී ලෙස කුඩා අවි සැපයීම මෙම ප්‍රදේශවල යොදවා ඇති එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ආරක්ෂාව බරපතල ලෙස අඩාල කරයි,” ඉන්දියාවේ ලේකම් (CPV & OIA) පවත්වාගෙන යනු ලැබේ.

    සාමසාධක වරම සලකා බැලීමේදී මේ පිළිබඳව නිසි අවධානයක් යොමු කරමින් සාමසාධක භටයින්ගේ ආරක්ෂාවට සහ ආරක්ෂාවට මෙවැනි නීතිවිරෝධී ස්ථාන මාරුවීම්වලින් ඇති විය හැකි අනතුර පිළිබඳව අවධානය යොමු කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වැදගත් බව ඔහු පැවසීය.

    කුඩා අවි නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ ගැටලුව විසඳීම සඳහා බහුපාර්ශ්වික රාමුවට ඉන්දියාව සක්‍රීයව දායක වී ඇති බව භට්ටාචාර්යා සඳහන් කළේය.

    “ජාතික මට්ටමින්, නීතිවිරෝධී කුඩා අවි උවදුරට එරෙහිව සටන් කිරීම සහ මුලිනුපුටා දැමීම සඳහා ඉන්දියාව සතුව ශක්තිමත් ව්‍යවස්ථාදායක සහ පරිපාලන යාන්ත්‍රණයක් ඇත, ඒවා පිළිබඳ විස්තර එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයට නිතිපතා ඉදිරිපත් කරන අපගේ ජාතික වාර්තා වලින් සොයාගත හැකිය,

    “ඉන්දියාව සිය ජාතික වාර්තා නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ සාම්ප්‍රදායික අවි ලේඛනයට ඉදිරිපත් කරයි. කුඩා අවි ඇතුළු සියලුම යුධෝපකරණ සහ ඒ ආශ්‍රිත භාණ්ඩ සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අපනයන පාලනයක් ද පවත්වාගෙන යයි

    “කුඩා අවි සහ සැහැල්ලූ අවි පිළිබඳ නීතිවිරෝධී වෙළඳාම වැළැක්වීමට, සටන් කිරීමට සහ මුලිනුපුටා දැමීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ධාරිතා ගොඩනැගීම ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහාය සමාන්තරව ලුහුබැඳිය යුතු බව ඉන්දියාව විශ්වාස කරයි.” භට්ටාචාර්ය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‌ෙහි වෙත පැවසීය.කුඩා අවිවල නීතිවිරෝධී වෙළඳාම වැළැක්වීම, සටන් කිරීම සහ මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ජාත්‍යන්තර බැඳීම් ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව ඔහු යළිත් තහවුරු කළේය.

  • චීනයට අභියෝගයක් වෙමින් ‘ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රය‘ බවට ඉන්දියාව පත්වෙයි

    චීනයට අභියෝගයක් වෙමින් ‘ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රය‘ බවට ඉන්දියාව පත්වෙයි

    බීජිං සිය තොරතුරු තාක්ෂණ අංශයට නියාමන ප්‍රහාරයක් එල්ල කිරීම චීනයේ ආයාචනයෙන් යම් පැහැපත් බවක් ගෙන ඇති බව වාර්තාව සඳහන් කරයි.

    පසුගිය ඉරිදා නිකුත් වූ Nikkei Asia හි වාර්තාවකට අනුව, ඉන්දියාව ප්‍රථම වරට ලොව පුරා ව්‍යාපාර ප්‍රාග්ධන මුදල් ලබා ගනිමින් සිටින අතර, එය රටේ ව්‍යවසායකයින් සඳහා විශිෂ්ට අවස්ථාවක් පෙන්නුම් කරයි.

    එහි විශ්ලේෂණයේ දී, Nikkei ආසියාවේ ගෝලීය ව්‍යාපාර ප්‍රාග්ධනය සඳහා වඩාත් යෝග්‍ය ආයෝජන ගමනාන්තය ලෙස චීනයේ දීප්තිය අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ නැගීම පෙන්නුම් කරයි.

    ආරම්භක දත්ත සටහනක් වන Tracxn ට අනුව, අරමුදල් 211 ක් මේ වසරේ ඉන්දියාවේ සිය පළමු ආයෝජන සිදු කර ඇති අතර එය පෙර වසරේ 64 සිට ඉහළ ගොස් ඇති බව වාර්තාව පවසයි.

    ඇන්ඩ්‍රෙසන් හොරොවිට්ස්(Andreessen Horowitz), TCV, විටෘවියන් හවුල්කරුවන්(Vitruvian Partners) සහ GSV Ventures ඉන්දියාවේ ආරම්භක ව්‍යාපාර ලෙස දශකයක් තිස්සේ රැඳී සිටීමෙන් පසු වර්ධනයක් රහිත ව්‍යාපාර අතර වේ.

    වාර්තාවට අනුව, 2014 දී ඉන්දියාව හැර ගිය සිලිකන් වැලි ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන ක්ලෙයිනර් පර්කින්ස් නැවත පැමිණ ඇත.

    Tracxn වාර්තා කළේ මෙම වසරේ මේ දක්වා වෙන්චර් කැපිටල් අරමුදල් 597කින් ගනුදෙනු 2,284ක් හඳුනාගෙන ඇති බවයි.

    බීජිං සිය තොරතුරු තාක්ෂණ අංශයට නියාමන ප්‍රහාරයක් එල්ල කිරීම ආසියාවේ ගෝලීය ව්‍යාපාර ප්‍රාග්ධනය සඳහා පළමු තේරීමේ ආයෝජන ගමනාන්තය ලෙස චීනයේ ආයාචනයෙන් යම් ප්‍රබෝධයක් ගෙන ඇත, Nikkei චීනයේ තත්වය පිළිබඳව ප්‍රකාශ කළේය.

    කොවිඩ්-19 වසංගතයෙන් ඉක්බිතිව, ඉන්දියාවේ පොදු වෙළඳපොලවල් උදුරා ගැනීම සහ ඔන්ලයින් සේවාවන් සීඝ්‍රයෙන් භාවිතා කිරීම, ඉන්දියානු ආරම්භක ව්‍යාපාර වටා ඇති උද්වේගය වැඩි කිරීමට හේතු වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    සමස්තයක් වශයෙන්, Tracxn මෙම වසරේ මේ දක්වා විවිධ Venture Capital අරමුදල් 597කින් ගනුදෙනු 2,284ක් හඳුනාගෙන ඇති බව එය දැනුම් දුන්නේය.

    ජනවාරි කැපිටල් ප්‍රථම වරට ඉන්දියාවේ ආයෝජනය කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී වන අතර, අධ්‍යාපන ආරම්භක Kyt විසින් ඩොලර් මිලියන 2.5 ක අරමුදල් රැස් කිරීමට සහභාගී වූ බව වාර්තාව පවසයි.

    CB Insights ට අනුව, මිලියන 850ක අන්තර්ජාල භාවිතා කරන්නන් සිටින ඉන්දියාවට ව්‍යාපාර ප්‍රාග්ධනය ලබා ගැනීම,ඩොලර් බිලියන 19.5 ක සර්වකාලීන ඉහළම අගයට ළඟා විය. සංසන්දනාත්මකව, චීනයේ ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජන ජූලි-සැප්තැම්බර් කාලය තුළ ඩොලර් බිලියන 25.5 ක් වූ අතර, එය අඛණ්ඩව කාර්තු දෙකක හැකිලීමෙන් පසුව නැවත වර්ධනය විය.

  • කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට

    කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට

    • සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට පියවර
    • මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක්, නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
    • සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද පියවර

    කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමකදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

    නාය ගිය මෙම ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සදහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා ලබා දුන්නේය. තවද මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය.

    මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද   අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුවිය.

    මෙම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

  • පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

    2014 /12/22 වැනි දින සිට හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ.

    මෙම තීරණය ගෙන ඇත්තේ නොවැම්බර් 22 දා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ග්ලයිපොසෙට් (Glyphosate) ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙනි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙන්නේ තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි. මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

    ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නොවැම්බර් 22 දා නිකුත් නිකුත් කෙරිණ. ඒ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත්ගේ අත්සනින් යුතුවයි.