Category: සුපිරි Sports

  • හොඳම ක්‍රීඩකයා රංගන- වැඩිම සම්මාන තවත් ක්‍රීඩකයෙකුට – සම්මාන ගත් ක්‍රිකට් තරු මෙන්න

    වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිිමි සම්මානයෙන් පිදුම් ලැබීමට රංගන හේරත් ඊයේ (31) රාත‍්‍රියේ සමත් වුණා.

    ඒ, ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදීයි. 2016 වසරේ  දක්ෂතා පදනම් කර ගනිමින් මෙම සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණා.

    එහිදී වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ද හිමි වූයේ රංගන හේරත්ටයි.

    මෙම සම්මාන රාත‍්‍රියේ වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ක‍්‍රීඩකයා බවට පත්වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න සමත් වුණා. ඔහුට හමිවූ සම්මාන සංඛ්‍යාව 04ක්.  ඒ අතරට පන්දුවාර විස්සයි විස්ස හොඳම පිතිකරු, විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා, එක්දින හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා සහ මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩකයාට හිමි සම්මාන අයත්. 

    වසරේ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන දිනා ගත්තා.

    හොඳම ටෙස්ට් පිතිකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ධනංජය ද සිල්වායි. හොඳම එක්දින පිතිකරු කුසල් මෙන්ඩිස්. සුරංග ලක්මාල් හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

    පන්දුවාර විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංගයි.

    වසරේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා. 

    [rns_reactions]

  • පළමුවරට ලසිත් මාලිංග දග පන්දු යවයි – තරගය තුල කඩුලු 03ක් ගනියි

    ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම  (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි.

    එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි.

    අවසන් මහා තරගයේ දී සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක සහ ලසිත් මාලිංග දැක්වූ සුපිරි දස්කම් හොඳින් කැපී පෙනුණි.

    මෙහිදි ලසිත් මාලිංග දග පන්දු යැවීම විශේෂයත්වයක් විය

    [rns_reactions]

  • ” පාකිස්තානයේ සැබැ මිතුරා ශ්‍රී ලංකාවයි ” – තර්ජන හමුවේ ලාහෝර් ගිය අපේ ක්‍රීඩකයන්ට ඉහළ පිළිගැනීමක්

    වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්තාව ලෙස මේ අවස්ථාව සටහන් වෙනවා.

    එලෙස පාකිස්තානයේ සංචාරය කරනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලබා දීමට පාකිස්තාන බලධාරීන් ක්‍රීයා කර තිබුනා. එහිදි ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක්කරමින් විදී දෙපස විශාල පුවරු සවිකර තිබුනා,

    එම ඡායාරූප පහතින්






    [rns_reactions]

  • ලබන පරාජයට විසඳුම් දෙන වගකීම පාලකයන්ගේ – ක්‍රිකට් පරිපාලනයේ රහස් සියල්ල මුරලි හෙළිකරයි .!

    ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලොවම භීතියට පත් කරවමින් ක්‍රීඩාවේ රජ කෙරු යුගයක්ද තිබුනි. එකල ශ්‍රී ලංකා පන්දු බළඇණිය සවිමත් කළ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව එදා මෙදා බිහිවූ හොදම පන්දු යවන්නා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මහා සේවයක් සිදු කළ මුරලි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් වත්මන් ක්‍රීඩාවේ පරිහානිය පිළිබදව අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින්

    ප්‍රශ්නය – මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක දිගටම පරදිනවා. ශ්‍රී ලංකාවේ බිහිවු සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස මේක ඔබ දකින්නේ කොහොමද?

    පිළිතුර – මේකට ඉතිං මට කියන්න දෙයක්‌ නැහැ. දැන් ක්‍රිකට්‌ බෝඩ් එකක්‌ තියෙනවානේ. ඒ අය ඡන්දෙන් ඇවිල්ලා ඉන්නවා. මට ගෙදර ඉඳන් අරම කරන්න මෙහෙම කරන්න කියන්න බැහැ. දැන් ඉන්න ක්‍රිකට්‌ ආයතනයෙන් තමයි මේකට විසඳුම සොයාගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ දකින විදිහට මෙතන මොකක්‌ හරි වරදක්‌ තියෙන්න පුළුවන්. ඒ දේ කියන්න.

    පිළිතුර – ක්‍රිකට්‌ ආයතනයේ ඉන්න කට්‌ටියගේ ජොබ් එක හරියට කරන්න ඕන. එහෙම කරන්නෙ නැතිනම් ඊට උඩින් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයා ඒ ගැන හොයන්න ඕන. මෙහෙම වෙන්නෙ ඇයි කියල රිපෝට්‌ එකක්‌ බෝඩ් එකෙන් ඉල්ල ගන්න ඕන. ඇමැතිතුමා ඒක කරන්නෙ නැතිනම් රටේ ඉහළම තැන්වලින් මේ ගැන හොයන්න ඕන. එහෙම තමයි ප්‍රශ්නයක්‌ තියෙනවනම් විසඳ ගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා කරන කාලයේ මෙහෙම එක දිගට පරාජය වුණේ නැහැ. මොකක්‌ද ඒකට හේතුව ?

    පිළිතුර – මම කියන්නෙ නැහැ කවදාවත් අපි මේ රටේ ක්‍රිකට්‌ උඩට ගෙනාවා කියලා. ඒ කාලයේ හොඳ ක්‍රීඩකයන් හිටියා. 1970-80 දශකයේ ආපු ක්‍රමවේදය නිසා හොඳ ක්‍රීඩකයන් බිහි වුණා. ඒ නිසා අපිට 1994 ඉඳන් 2014 විතර වෙනකම් හොඳ තැනක අපේ ක්‍රිකට්‌ තිබ්බා. ඒ කාලයෙත් තරග පැරදුන අවස්‌ථා තිබ්බා. නමුත් මේ වගේ පරදිනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ නිසා සැලසුමක්‌ තමයි හදන්න ඕන. අපි කවදාවත් කියන්නෙ නැහැ ලංකාවෙ ක්‍රිකට්‌ එක අපි උඩට ගෙනාවා කියලා. කාටවත් එහෙම කියන්නත් බැහැ. එහෙම කවුරු හරි කියනවනම් ඒක පට්‌ටපල් බොරුවක්‌. ඒ කාලයේ ක්‍රිකට්‌ දියුණු වුණේ එදා තිබුණ ක්‍රමවේදය නිසා.

    ප්‍රශ්නය – ඔබ හැමදාම කියනවා පළමු පෙළ තරග සැලැස්‌ම හරි නැහැ කියලා. ඒකත් එක හේතුවක්‌ද?

    පිළිතුර – පළමු පෙළ ක්‍රිකට්‌ එක හරියට හදන්නෙ නැතිව මේකට විසඳුම් හොයන්න බැහැ. දැන් මහේලලා සහ සංගක්‌කාරලා කමිටුවකට දීලා තියෙනවනේ ප්ලෑන් එකක්‌ හදන්න. ඉතිං ඊට පස්‌සෙ බලමු.

    ප්‍රශ්නය – ඔබට ක්‍රිකට්‌ හදන්න යෝජනාවක්‌ නැද්ද?

    පිළිතුර – මම නෙමෙයි යෝජනා දෙන්න ඕන දැන් ඉන්න කට්‌ටිය. මේ වගේ පසුබෑමකට හේතුව හොයන්න ඕන. අපි යෝජනා දුන්නත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙත් දැන් ඉන්න කමිටුවනෙ. ඒ කට්‌ටිය හරි නැතිනම් වෙන කට්‌ටියක්‌ දාන්න බලය ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. ඒ නිසා අපි යෝජනා දීලා බොරුවට වැඩක්‌ නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැති වුණාම අපේ නමත් සවුත්තු වෙනවා.

    ප්‍රශ්නය – ඔබ දැන් පාසල් ක්‍රිකට්‌ හදන වැඩකට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා ?

    පිළිතුර – ඔව් අධ්‍යාපන ඇමැතිතුමා ආරාධනා කළා. අපි කට්‌ටිය පාසල් ක්‍රිකට්‌වල තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒවා වෙනස්‌ විය යුතු ආකාරය කිව්වා. ඉතිං මම දන්නෙ නැහැ ඒවා ක්‍රියාත්මක වෙයිද කියලා.

    ප්‍රශ්නය – ඔබ දැන් පුහුණුකරුවෙක්‌ නේද?

    පිළිතුර – මට සම්පූර්ණයෙන්ම ක්‍රිකට්‌වලට කාලය වැය කරන්න වෙලාවක්‌ නැහැ. ඒ නිසා අයි.පී.එල්. සහ කල්කටාවල පුහුණුකරුවෙක්‌ ලෙස වැඩ කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර බලාගෙන ඉන්නවා.

    ප්‍රශ්නය – ඔබේ පදනමෙන් ක්‍රිකට්‌වලටත් ලොකු සේවයක්‌ වෙනව නේද?

    පිළිතුර – අපේ පදනමක්‌ තියෙනවා. ඒක ක්‍රිකට්‌වලටම නෙමෙයි. ඒකේ කාණ්‌ඩ 120 ක්‌ විතර තියෙනවා. ධීවරයාගේ ඉඳලා තව බොහෝ දේවල් තියෙනවා. ක්‍රිකට්‌ කියන්නෙ එකක්‌ විතරයි. ඒකෙන් කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. රස්‌සා හොයල දෙන එක. එතනදි හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුණ ගැසුනහම උපරිම උදව් කරනවා.

    [rns_reactions]

  • මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් විනාශ වෙනව…. හිටපු ක්‍රිකට් ලේකම් තිලංගගේ පතුරු අරියි .!

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග පවසනවා. පුවත්පතක් සමග සංවාදයකට එක් වෙමින් නිශාන්ත රණතුංග මේ බව කියා තිබුනා

    එහිදි හිටපු ලේකම්වරයා දැක්වූ අදහස් පහතින්,

    “ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.

    එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා. 

    මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්. 

    අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.  

    ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි. 

    මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්‍රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත්  සදහන් කර තිබුනා,

    [rns_reactions]

  • පරදිනවා කියලා මෙහෙමත් පරදින්න පුළුවන්ද? ක්‍රිකට් අර්බුධයේ අලුත්ම තත්වය

    ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාව මීට වසර 30කට පෙර තිබූ තත්ත්වයක් දක්වා පසුපසට ඇද වැටී ඇති බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. ශ්‍රී ලංකා එක්දින පිල මෙම වසර තුළ 5×0 ක තරගාවලි පරාජ තුනක් ලැබීමෙන් වැටී ඇති අගාධය පිළිබඳව සිතාගත හැකිය. පාකිස්තානයට එරෙහිව පසුගිය සඳුදා අවසන් වූ එක්දින තරගාවලිය 5×0 කින් පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා එක්දින පිල ගොඩගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කථාබහට ලක්ව තිබේ.

    ශ‍්‍රී ලංකා පිල මෙම වසරේ පෙබරවාරි මස දකුණු අප‍්‍රිකාව හමුවේ තරග 5ක් ද, සැප්තැම්බර් මස ඉන්දියාව හමුවේ තරග 5ක් ද, පරාජයට පත්විය. ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ජූලි මස ශ්‍රී ලංකාවේදී සිම්බාබ්වේ හමුවේ තරග 3×2 ක් ලෙස පරාජයට පත්විය.

    ශ්‍රී ලංකාව මෙම වසර තුළ එක්දින තරග 26 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 21 ක් පරාජයට පත්ව ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ තරග හතරක් පමණි. එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරාජය කළ තරගය පමණක් මෙහිදී කැපී පෙනේ.

    පාකිස්තානය හමුවේ පසුගිය සඳුදා ශ්‍රී ලංකා පිල ලැබූ පරාජය පිල පිට පිටම ලැබූ 12 වැනි පරාජය වීම මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. තරග 12 ක් අඛණ්ඩව පරාජයට පත්වීම බරපතළ තත්ත්වයකි.

    ශ්‍රී ලංකා එක්දින පිල මේ වනවිට බංග්ලාදේශය සහ සිම්බාබ්වේ 90 සහ 2000 දශකවල සිටි තත්ත්වයට ඇද වැටී ඇති බව පෙනේ. බංග්ලාදේශය 1999 වසරේ සිට 2002 වසර දක්වා අඛණ්ඩව තරග 23 ක් පරාජයට පත්ව වැඩිම අඛණ්ඩ පරාජ වාර්තාවට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව 1987 සිට 1988 කාලය තුළ අඛණ්ඩව එක්දින තරග 14 ක් පරාජයට පත්වීම ප‍්‍රබල ටෙස්ට් රටක් වැඩිම අඛණ්ඩ පරාජ ලැබූවන් අතර ඉහළින්ම සිටියි. ඉන් වසර 30කට පසුව ශ්‍රී ලංකාව නැවතත් එවැනිම අඩියකට වැටී සිටීම කණගාටුවට කරුණකි.

    මෙහිදී ශ්‍රී ලංකාව තරග පරාජය වනවා මෙන්ම පිතිකරු සහ පන්දු යැවීමේ යන අංශ දෙකෙන්ම දැඩි අසාර්ථකත්වයට පත්වීම වඩාත් බරපතළ තත්ත්වයකි. ශ්‍රී ලංකා පිලට ඕවර 50 පන්දුවට පහර දෙමින් ලකුණු 200 ක් රුස්කිරීමද මේ වනවිට විශාල අභියෝගයක් බවට පත්ව තිබේ.

    ශ්‍රී ලංකාවට හුරුපුරුදු ක‍්‍රීඩාංගණයක් වන සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 103 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහ ලකුණු 20 කදී බිඳ වැටුණි. ශ්‍රී ලංකා පිලේ මෙම කඩා වැටීම වර්තමාන ක‍්‍රිකට් පාලකයන් සහ තේරීම් කමිටු අඩු වැඩි ඇතිව වගකිව යුතුය.

    ශ්‍රී ලංකා පිලේ පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ කොට්ට මාරු කරන්නාක් මෙන් ක‍්‍රීඩකයන් මාරු කිරීම මෙන්ම පිතිකරුවන්ට ස්ථාවර වීමට අවස්ථාව නොදීම එක්දින පිලේ කඩා වැටීමට වඩාත් බලපෑම් කර තිබේ. වර්තමාන තේරීම් කමිටුව යටතේද එම ක‍්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදීද මෙම ඔලමොට්ටල ක‍්‍රියාව ප‍්‍රදර්ශනය විය.

    නිරෝෂන් දික්වැල්ල පළමු තරග හතරේදීම ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළද අවසන් තරගයේදී අංක පහ දක්වා තල්ලු කර තිබිණි. යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම බිල්ලට දෙමින් ඔහු ආරම්භක පිතිකරු ලෙස යෙදවූ අතර ඔහුගේ ඉනිම පන්දු 3 කට සීමා විය. මෙහිදී අප අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මෙම තරගාවලිය පරාජයට පත්වීමට පෙර ලංකා ටෙස්ට් පිල 2×0 කින් පාකිස්තානය පරාජය කළ බවය. එම ජයග්‍රහණයෙන් ප්‍රයෝජනයක් ගැනීමට ලංකා ක්‍රිකට් පාලකයන්ට ඥානය පහළ වූයේ නැත.

    එම ටෙස්ට් ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ දිමුත් කරුණාරත්න සහ ඩිල්රුවන් පෙරේරා වැනි ක‍්‍රීඩකයන් එක්දින කණ්ඩායමට කැඳවූයේ නම් ළහිරු තිරිමාන්න වැනි ක‍්‍රීඩකයකු ඉලිප්පීමට වඩා රටට ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණි.

    ශ්‍රී ලංකාව ලබන දෙසැම්බර් මස ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතය. එම තරගාවලියේදී හෝ නිවැරදි තීරණ නොගතහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව 1987 වසරෙන්ද එහාට ගමන් කිරීම වැළැක්විය නොහැක. ක‍්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලන ඇඟිලි ගැසීම් ක‍්‍රියාත්මක වනතෙක් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීමට නොහැකි වනු ඇත. මහේල සහ සංගක්කාර ඇතුළු කමිටුව හැකි ඉක්මනින් නිවැරදි තීරණ ක‍්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා එක්දින පිල ඇෆ්ගනිස්තානයටද පරාජය වන දිනයට වැඩි කාලයක් නැත. 

    [rns_reactions]

  • අවසන් මොහොතේ උඩපන්දු අතහැරීම නිසා සිංහයන් පරදා පාකිස්ථානයට කඩුළු දෙකක ජයක්

    ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා.

    කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

    ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දනුෂ්ක ගුණතිලක ලකුණු 51ක් රැස්කළ අතරම අවසන පන්දු ඕවරය තුලදී ඔහු අතට පැමිණි උඩපන්දුව රැකගත්තේනම් තරගයේ තීරණය වෙනස් වන්නට ඉඩ තිබු බව විස්තර විචාරකයන්ගේ අදහස වී ඇත.

    [rns_reactions]

  • මෙන්න මගේ බඩ.. ඇමතිට, ක්‍රිකට් ලොක්කන්ට තරු පෙන්නන මාලිගේ ඡායාරූපයක් එළියට…!

    මේ දවස් වල  ලංකාවේ ක්‍රිකට් පිස්සෝ ඉන්නේ හරි සන්තෝසෙන්..ඒ කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ටික දක්වන සුපිරි දස්කම් නිසා.පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගන්න සමත්වෙන්නේ නිකං නෙමෙයි වාර්තා පිට වාර්තා තියලා.

    හැබැයි ලංකාවේ ක්‍රිකට් වලට මේ වැටුණු හිරිපොද වැස්ස මහ වැස්සක් කරගන්න එකයි ලොකුම අභියෝගය.ඒ නිසාම පාකිස්ථානය එක්ක පැවැත්වෙන එක්දින තරඟාවලිය ගැනත් බොහෝ දෙනා අවධානය යොමු වෙලා තියනවා..හැබැයි ඇන්ජලෝ මැතිව්ස් අසේල ගුණරත්න ලසිත් මාලිංග වගේ ප්‍රබලයෝ නැති ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අභියෝගය ජයගන්න පුලුවන් වෙයිද?

    මැතිව්ස් වගේම අසේල ගුණරත්නත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවුනේ ආබාධ තත්වයන් නිසා.හැබැයි මාලිව අයින් කරලා තිබුණේ පහුගිය දස්කම් සැලකිල්ලට අරන් කියලා තමයි වාර්තා වුණේ..මාලි දැන් දස්කම් අතර නෑ,බඩ වැඩී කියලා පහුගිය දවස් වල ගොඩක් අය කතා වුණා. ක්‍රීඩා ඇමතිවරයා විතරක් නෙමෙයි ක්‍රිකට් සභාපතිවරයාත් මේ කතාවට සමබන්ධ වුණා.

    කොහොම කොහොම හරි මේ හැමෝගෙම චෝදනා වලට පිළිතුරක් විදියට මාලිංගගේ අලුත්ම ඡායාරූපයක් අපට හමුවුණා.පහුගිය දවස් වලට ටිකක් ලොකුවට පෙනුන මාලිගේ බඩ හොඳටම අඩුවෙලා කියලයි අපට නම් පෙනුනේ.

    [rns_reactions]

  • තිලංගගේ මග යමින් තරඟ පාවාදීම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට එංගලන්තයෙන් කෝටි 33ක නිවසක්?

    පසුගිය වසරේ එංගලන්තය සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියක් පාවා දීම හරහා උපයා ගන්නා ලද මුදලින් හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් රුපියල් කෝටි 33 පමණ වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් වෙබ් අඩවියක් විසින් ලිපියක් පළ කර තිබේ.

    මෙම චෝදනාව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශණය කොට එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස අප කාරුණිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිමු.

    මෙම ලිපිය වැරදි නම් එය පළ කරන ලද වෙබ් අඩෙවියට එරෙහීව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප හිටපු ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලා සිටිමු.

    එම ලිපිය පහතින් දැක්වේ.

    ” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුගේ සහ ඔහුට හිතවත් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීම් පිළිබදව පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක් වුනි. මේ පිළිබදව ක්‍රිඩා විචාරකයන් , හිටපු ක්‍රීඩකයන් මෙන්ම තරග පාවා දීම් වලට සම්බන්ධ නොවූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් හෝ නිතීමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා ගත්තේ නැහැ. ක්‍රිකට් තරග වලට මෙන්ම තුරග තරග සදහාද ඔට්ටු දැමිය හැකි බුකි ව්‍යාපාර හිමි ක්‍රිකට් සභාපතිවරයා , තමන් හා තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් වන ඉන්දීය බුකිකරුවන් හා එක්ව තරග පාවාදීමේ යෙදුනු ක්‍රීඩකයන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වූවා. කෙසේ වෙතත් මෙම චෝදනා වල උච්ඡස්ථානය ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ (ICC) දූෂණ මර්ධන ඒකකයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිදුව ඇති තරග පාවා දීම් හා ක්‍රිකට් පරිපාලනයේ අනෙකුත් දූෂණ පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දූෂීත ක්‍රිඩකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා විය හැක.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිනෙන ඔස්ට්‍රේලියා සංචාරයේ එක්දින තරගාවලියේදී මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වුනා. ඒ කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් ඇතුලු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුටයි. මෙහිදි පසුව අල්ලස් හා දූෂණ වංචා විමර්ෂන ඒකකයෙන් සිදු කෙරුනු අභ්‍යන්තර පරීක්ෂණයකින් අදාල ක්‍රිඩකයන් තිදෙනා තරග පාවා දීමේ චෝදනාවට වැරදි කරුවන් වුවත් ක්‍රිඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පිළිබදව ප්‍රසිද්ධ නොකර මෙම ක්‍රිඩකයන් තිදෙන කිසිදු දඩුවමකින් තොරව නිදහස් කරනු ලබනවා.

    මෙහිදි අල්ලස් හා දූෂණ වංචා විමර්ෂණ ඒකකයේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඕස්ට්‍රේලීයාව සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් එංගලන්තයේ , ලන්ඩන් නගරයේ අති සුඛෝපභෝගී නිවසක් මිළට ගෙන ඇති බවයි.
    හරියටම 2016 සැප්තැම්බර් මස 28දා ස්ටර්ලින් පවුම් 1,65,000ක මුදලකට ආන්ජලො මැතිවුස් මෙම නිවස මිළදි ගෙන තිබෙනවා.
    ඒ අසංක විජේවර්දන නම් බ්‍රෝකර්වරයෙක් හරහා. අසංක විජේවර්දන යනු ධණුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයන් දෙදෙනාගේ කළමණාකරු වන අතර , අසංක විජේවර්දන ආන්ජලෝ මැතිවුස්ගේ හා ඔහුගේ සොහොයුරාගේ සමීපතම මිතුරෙකි , ව්‍යාපාර සහකරුවෙකි. එංගලන්තයෙ ජීවත් වූ සාමාන්‍ය රියදුරෙක් වූ අසංක විජේවර්දන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් කොට , ධණුෂ්ක ගුණතිලක ට හා කුසල් මෙන්ඩිස්ට අසංක විජේවර්දන සමග ගිවිසුම් ගත වන ලෙසට බලපෑම් කලේද ආන්ජලො මැතිවුස් විසින් ය.

    කෙසේ වෙතත් එංගලන්තයේ ජීවත් වන අසංක විජේවර්දන හරහා 70 , Abbotsbury Road , London W14 8EP දරන ලිපිනයේ යුතු ඉඩම හා සුපිරි නිවස ආන්ජලො මැතිවුස් විසින් 2016 සැප්තැම්බර් මස 28 වන දින මිලට ගෙන තිබෙන්නෙ ස්ටර්ලින් පවුම් එක් මිලියන හය ලක්ෂ පනස් දහසකටය. එය ශ්‍රී ලංකාවේ මුදලින් තිස් තුන් කෝටී එකොලොස් ලක්ෂයකට අධික මුදලකි. එක්වරම ලන්ඩන් නුවරින් මෙම සුපිරි නිවස මිළදි ගැනීමට මුදල් සපයා ගත්තේ කෙලෙසදැයි පිළිතුරු දීමට ආන්ජලො මැතිවුස්ට නොහැකි විය. මෙම ගණුදෙනුව පිළිබදව ආන්ජලො මැතිවුස් ආදායම් බදු දෙපාර්තමේන්තුවද දැනුවත් කර තිබුනේ හා නියමිත බදු ගෙවා තිබුනේද නැත. ඉතින් මෙම ගනුදෙනුව සරලවම වැටෙනුයෙ කලු සල්ලි සුදු කිරීම නොහොත් “මනි ලොන්ඩ්‍රිං” ඝණයටය.

    මෙම ගණුදෙනුව පිළිබදව අප නිත්‍යානූකූල ලියාපදිංචි කිරීමේ ලිපි ගොණු අමුණා ඇති නමුත් තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙකුට මෙම ගනුදෙනුවෙ ලියාපදිංචි ලියවිල්ලේ අංකය AD111851 බව කියා සිටිමු. එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාවෙන් ඕනෑම අයෙකුට මේ පිළිබදව පරීක්ෂා කර ගත හැකිය.
    මෙම සුපිරි නිවස සහිත ඉඩම මිළදි ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පදිංචි ආන්ජලො ඩේවිස් මැතිවුස් බව එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමෙ දත්ත පද්ධතිය සහිත වෙබ් අඩවිය තහවුරු කරනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව , අනෙකුත් වෙළද දැන්වීම් , තරග ගාස්තු හා සියලූම ක්‍රීඩා තරගාවලි වල කොන්ත්‍රාත්තු සහ ව්‍යාපාර වල ලාභාංශ ආන්ජලෝ ගේ ආදායම් නම් ඒ සියල්ල එකතු කළ පසුවද ආන්ජලෝගේ වාර්ෂික ආදායම කෝටි 33 නොඉක්මවන බව මින් පෙර සිදු කළ පරීක්ෂණ වලින් හෙළිව තිබුනි. ඇන්ජලෝගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 125,000 කි.

    ආන්ජලො මැතිවුස් කුමන රටකින් කුමන දේපළ මිළදි ගත්තද අපට කම් නැත. කෙසේ නමුත් කෝටී ගණනින් සුපිරි නිවාස හා දේපළ මිළදි ගත් විට ඒවා සදහා මුදල් සපයා ගත් අයුරු පැහැදිලි කිරීමට ඔහුට හැකි විය යුතුය. ක්‍රීඩාවෙන් කෝටී ගණන් ආදායම් උපයා , එම මුදල්ද ප්‍රමාණවත් නොවි තරග පාවා දීම කිසිම ලෙසකට අනුමත කළ හැකි නොවේ. ආන්ජලො මැතිවුස් ඕස්ට්‍රේලියා සංචාරය අවසන් වූ වහාම එංගලන්තයෙන් සුපිරි නිවසක් මිළදි ගත් මුදල් අයුරු ක්‍රිකට් ක්ෂෙත්‍රයම දනි. ඔහු සමග මෙම ක්‍රියාවල නිරත වූ ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ද එක් වරම නුවරඑලියෙ සුපිරි හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමද රසිකයන් නොදන්නවා වුවද ක්ෂෙත්‍රයම දනි.

    දැන් බලධාරීන් මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තෙක් අප බලා සිටිමි. ආන්ජලො මැතිවුස් ගේ සුපිරි නිවස ලියාපදිංචි කල ලියවිල්ලේ නිල උපුටන පහතින්.

    උපුටා ගැනීම – Cricketlk.com

    [rns_reactions]

     

  • නයිට් ක්ලබ් ගිහින් නටපු පිස්සුව නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්!

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මාස හයක තරග තහනම් පැනවීමට හේතු වූ කරුණු අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදහස් දක්වමින් පැවසුවේ රාතී‍්‍ර සමාජ ශාලාවක රැය පහන් කිරීම නිසා ඔහු පසුදා පැවැති පුහුණු සැසියට සහභාගි නොවූ බවයි.

    මේ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලකට මෙම තරග තහනම පැනවීමටකටයුතු කළ බවයි ඔහු කියා සිටියේ. එ් අනුව ඉකුත් සැප්තැම්බර් මස 30 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඔහුගේ කොන්ත‍්‍රාත් මුදලින් සියයට විස්සක මුදලක්ද දඩ වශයෙන් අය කර ගැනීමටද ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් ශී‍්‍ර ලංකා සංචිතයෙන්ද ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

    [rns_reactions]

     

  • “චන්දිමාල් ඔබ වීරයෙක්” බිද වැටුනු ඉනිම ගොඩ ගත්තු සුපිරි ඉනිමක් , පතුරු ඇරපු බුකියම ගුණ ගයයි. .!

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවි ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහිදි ලකුණු 68කට කඩුලු තුනක් බිද වැටි සිටියදී පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 155ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. තරගයේ පළමු දිනයේ පළමු තරග වාරයේදීම පිටියට පැමිණි චන්දිමාල් , දෙවන දිනයේ අවසන් තරග වාරය දක්වාම නොදැවි පන්දුවට පහර දීම විශේෂයි.

    දිනේෂ් චන්දිමාල්ගේ මෙම ඉනිමට සමාජජාලා මාධ්‍ය වල ක්‍රිකට් රසිකයන්ගෙන් දැඩි ප්‍රශංසා ලැබි තිබුනු අතර එලෙස පලවූ ඡායාරූප කිහිපයක් පහතින් .!

     






    [rns_reactions]

  • ක්‍රිකට් නංවන්න හදවතින්ම ලංකාවට කල සේවයට සංගා මහේල ග්‍රැහැම් ෆෝඩ්ට තුති පුදයි..

    නව පුහුණුකරුවෙකු සොයා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    ඒ,ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම නිසයි.

    මේ අතර ග්‍රැහැම් ෆෝඩ් තම සේවා කාලය කලින් නිම කිරීම   සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සිය ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රශ්න කර තිබෙනවා.

    ඔවුන්ගේ ට්විටර් පණිවිඩ පහතින් දැක්වෙනවා.


    [rns_reactions]

  • චාමරී අතපත්තුගේ අර්ධ ශතකය ‘අපතේ යවමින්’ නවසීලන්තය තරගය ජයගනී…

    අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

    මෙම තරග පැවතියේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී.

    එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත  පන්දු වාර 50 අවසානයේ ලකුණු 188ක් ලබා ගත්තා.

    චාමරී  අතපත්තු ලකුණු 53ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 37.4කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

    එහිදී  සුසී බෙට්ස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා

    [rns_reactions]

  • ගතින් දුරස් උනත් සිතින් සැමදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගයි – ග්‍රැහැම් ෆෝඞ් ඉල්ලා අස්වෙමින් කියයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පුහුණුකරුවාගේ ඉල්ලා අස්වීම අද (24 වැනිදා) තහවුරු කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගියද ෆෝඞ් මහතාගේ අපේක්‍ෂාව වන්නේ පුහුණුකරුවාගේ පීඩනයෙන් මිදී, ගාලු කොටු පවුර මත සිටින කුරුල්ලෙකුගේ ඇසට අසුවන දෘෂ්ටියෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් දෙස නිදහසේ බලා සිටීමයි.

    “පුහුණු කටයුතු සම්බන්ධයෙන් මාවත් දෙකක යාමට අප තීරණය කළත් ශ්‍රී ලංකාව මටත් මහත්සේ උපකාරී වූ තැනක්…ගාල්ලේ කොටු පවුර මත වාඩිවී, ශ්‍රී  ලංකාවටම ආවේණික වූ ක්‍රිකට් තරග රටාව දෙස, කුරුල්ලෙකුගේ ඇසින්  බලා සිටින්නට මා බලාපොරොත්තු වෙනවා. ඒත් මේ වතාවේ නම් නියපොතු හපමින් නොවේ”යයි ග්‍රැහැම් ෆෝඞ් මහතා දකුණු අප්‍රිකාවේ සිට එවන ලද නිවේදනයක සටහන් වේ.

    ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සියරට පැමිණීමෙන් පසුව ග්‍රැහැම් ෆෝඞ් මහතා නිවාඩු අනුමත කරගනිමින් සියරට බලා ගියේය. මේ වන විට 57 වැනි වියේ සිටින දකුණු අප්‍රිකානු ජාතිකයකු වන ග්‍රැහැම් ෆෝඞ් මහතා වසරකට මඳක් වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේය.

    ජාතික කණ්ඩායමේ සිටින විදේශීය පුහුණුකරුවකු කිසියම් සංචාරයකින් පසුව නිවාඩු ලබාගෙන සියරට යාම සාමාන්‍ය දෙයක් වන නමුත් ෆෝඞ් මහතා මෙවර දකුණු අප්‍රිකාව බලා ගියේ තමන්ගේ සියලු බඩුබාහිරාදියත් අසුරාගෙනය. එසේ පිටත්ව යාමට පෙර ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සමග දීර්ඝ  සාකච්ඡාවක නියැළි බවටද වාර්තා විය.

    දැනගන්නට ඇති පරිදි මෙම සාකච්ඡාවේදී ෆෝඞ් මහතා විසින් ඉස්මතු කරන ලද ප්‍රශ්නයක් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නිලධාරීන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ව්‍යූහය සහ ඔවුන්ගේ කාර්යභාරයයි. මේ වසර මුලදී පැවැති බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් භාර කළමණාකරුවා ලෙසින් පත්කරන ලද අසංක ගුරුසිංහ මහතා පසුව තේරීම් කමිටු නිලධාරියකු වශයෙන්ද පත්කරන ලදි. මෙම තත්ත්වය කණ්ඩායම තුළ තමන්ගේ කාර්යභාරයට බලපෑමක් බව ග්‍රැහැම් ෆෝඞ් මහතා ඉස්මතු කරන ලද මූලික කාරණාවකි.

    අනෙක් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය එන්න එන්නම දියාරු වෙමින් යන බවකි. විශේෂයෙන්ම කණ්ඩායමෙන් ඉවතට විසිවූ නම්දැරූ ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායමට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ෆෝඞ් මහතාගෙන් ලැබී ඇති දායකත්වය අල්ප බවද කතාබහට ලක්වී තිබේ. ශ්‍රී ලංකා පිලේ හිටපු මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක්වී තිබේ.

    ග්‍රැහැම් ෆෝඞ් මහතා පුහුණුකරු ලෙසින් සිටියදී ඒ වන විට ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමවූ ඕස්ටේ්‍රලියානු ටෙස්ට් පිල 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිලට (ප්‍රසාද ලකුණු 0) එරෙහිව ටෙස්ට් තරග දෙක ජයගැනීමට ශ්‍රී ලංකා පිල (ප්‍රසාද ලකුණු 96) කණ්ඩායමට හැකි වූ නමුත් එතැන් සිට පැවැති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අත්වූයේ පරාජයයි. පසුගිය වසර අගදී මෙන්ම මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින්ද එක්දින තරගාවලිය 5-0 ක් ලෙසින්ද පරාජය වූ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය හෝ එක්දින තරගාවලිය ජයගැනීමටත් නොහැකි විය.

    ෆෝඞ් මහතාගේ නික්මයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අද (24 වැනිදා) නිකුත් කරන ලද නිවේදනයක සටහන් වූයේ ෆෝඞ් මහතාගේ තීරණය දෙපාර්ශ්වයේම එකඟතාව මත ගන්නා ලද එකක් බවයි. කණ්ඩායමෙන් ඉවත්ව යන පුහුණුකරුවාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වා තිබිණ.

    “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන ලද දායකත්වය වෙනුවෙන් ෆෝඞ් මහතාට අප ස්තුතිවන්ත විය යුතු වෙනවා..ඔහු අප සමග එක්වූයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපව තහනම් කිරීමට ඔන්න මෙන්න කියා තිබුණ තත්ත්වයකදී. ඒ වන විට තිබුණ තත්ත්වයත් හරිම අස්ථිර සහ අවදානම්”

    “ඒත් ෆෝඞ් මහතාට අප කෙරෙහි විශ්වාසනීයත්වයක් තිබුණා විතරක් නෙමේ ඔහු අපට පූර්ණ සහයෝගය දුන්නා..ඔහුගේ මෙම තීරණය දෙපාර්ශ්වය විසින්ම හොඳට සිතා බලා ගත් එකක්ග කොහොම වුණත් ඔහුගේ නික්මයාම ගැන අපට ඇත්තේ කණගාටුවක්” යයි තිලංග සුමතිපාල මහතා පැවසූ බව මාධ්‍ය නිවේදනයේ සටහන් වී තිබිණ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර දෙවැනි වතාවටත් බාරගත්තේ 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා රැඳී සිටීමේ පොරොන්දුව මත වුවත් මාස 15 ක කාලයකට පසුව කණ්ඩායම හැරයාමට ෆෝඞ් මහතා තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මෙබඳුය.

    “මේ දක්‍ෂ තරුණයන් කිහිප දෙනාත් එක්ක මාස 15 ක කාලයක් ඉන්න ලැබුණ එක මා ලද භාග්‍යයක්. ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් තුළත්, විශේෂයෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන් තුළත්, තියෙන භක්ත්‍යාදරය අති විශාලයි…ශ්‍රී ලංකාව ගැන හැමදාමත් මගේ හදවතේ රැඳී තියේවි”

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මා සුබපතන අතරම තරුණ ක්‍රීඩකයන්ට යමක් කියන්නට කැමතියි….හැම තිස්සේම තමන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න. තමන්ගේ කණ්ඩායම ගැන විශ්වාස කරන්න. හදවතින්ම ක්‍රීඩා කරන්න” යයිද ෆෝඞ් මහතා විසින් දකුණු අප්‍රිකාවේ සිට එවන ලද නිවේදනයේ සටහන් වේ.

    [rns_reactions]

  • කළකිරුණු ෆෝඩ් යලි නොඑන්නම යන්න යයි – හේතුව මෙන්න!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වෙයි. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති අතර නිවාඩු ලබාගෙන ඔහු දකුණු අප්‍රිකාවට ගොස් ඇතත් ලබන සතියේදී ඔහු නැවතත් රාජකාරී වෙත වාර්තා කිරිමට නියමිතය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ප්‍රධාන පුහුණුකරු අතර මත ගැටුම් ඇතිවීම හේතුවෙන් ඔහු සිය තනතුර පිළිබඳව කල කිරිමට පත්ව තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් පත්වූ අසංකු ගුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි බලතල පවරා ඔහුට කණ්ඩායම තුළ වැඩි බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු බවට පත්කිරිමද ෆෝඩ් කනස්සල්ලෙන් සිටින බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ෆෝඩ් හා ගුරුසිංහ අතර කිසිඳු පෞද්ගලික ගැටීමක් නොමැත. 2011 වසරේ පටන් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පුහුණුකරුද ඇතුළුව පුහුණුකරුවන් 11ක් පමණ කණ්ඩායමට යොදාගෙන තිබේ.

    ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග 2019 වසරේ එංගලන්තයේ පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලානය තෙක් ගිවිසුම් ගතව සිටී. මිට ඉහතදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ෆෝඩ් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් කළමනාකරණය කිරිම පිළිබඳව සුවිශේෂී සේවයක් කළ හැකි පුද්ගලයෙකු ලෙස පිළිගැනෙයි.

    මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංක තරග සංචාරය එළැඹෙන 30 දා ගාල්ලේදි පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භවීමට නියමිතය.

    [rns_reactions]