Category: සුපිරි Sports

  • විප්ලවීය වෙනසක් සමගින් යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම ටි.එම්. ඩිල්ෂාන්ට

    අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධානය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරාගවලිය ජුනී 19 වනිදා සිට ජූලී 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

    මේ තරගාවලියේ  ශ්‍රී ලංකාව , ඉන්දියාව , ඩුබායි , ඇෆ්ගනිස්ථානය , නේපාලය සමගින් බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රීමියර් ලීග් ක්‍රමයට ක්‍රිඩා කරනවා. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නෙ සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් විසින්.

    විශ්ව ගයාශාන් , නිශාන් සමරක්කොඩි , මලින්ත , රශ්මිණ , සුදේශ් ඉදුනිල් , සදුන් සමරක්කොඩි , රොශාන් විජේසිංහ ශ්‍රී ලංකාව නියෝජණය කරන සෙසු ලාංකේය ක්‍රීඩකයන්.

    ශ්‍රී ලංකන් ලයන්ස් සහ ඉන්ඩියන් ස්ටාර්ස් අතර තරගය දැන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම සිය පන්දූ ඕවර විස්සට ලකුණු 154ක් ලබා ගැනීමට සමත් උනා.

    [rns_reactions]

  • වැටෙන ක්‍රිකට් ගොඩනගන්න 2019 ලොකු වැඩකට අතගසන්න මහේල සුදානමින්..

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

    ඔහුගේ හදිසි නික්ම යාමත් සමග  ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

    මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද අප වෙත වාර්තා වුණා.

    කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

    මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද අප වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

     

    [rns_reactions]

  • ශුරයන් වෙමින් පකිස්ථානය ඉදිරියට යද්දි ලංකාව දැඩි අසරණ තත්වයක..

    අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අවසන් වන විට එහි 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා පහළට වැටුණ පළමු අවස්ථාව මෙය වන අතර මෙහි ඇති බරපතළකම වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන් සුදුසුකම් ලබාගැනීමට නම් මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 8 දෙනා අතර ස්ථානයක් රැකගත යුතු වීමයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පිලත් කොදෙව් පිලත්  අතර පරතරය තරමක් වැඩි බැවින් සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රී ලංකා පිලට 8 වැනි ස්ථානයේ රැඳී සිටිය හැකි නමුත් තමන්ගේ අවධානය යොමුවී ඇත්තේ ඉදිරියේ එන තරගාවලි දෙකම ජයගැනීම පිළිබඳව බවයි.

    “සිම්බාබ්වේ පිලට එරෙහිව තරගවෙලිය 5-0 ක් ලෙසින් දිනලා ඊට පස්සේ ඉන්දියාවත් එක්ක තියෙන තරගාවලිය ජයගත්තොත් අපට හිතේ බයක් නැතිව ඉන්න පුළුවන්..” යයි අසංක ගුරුසිංහ මහතා ලංකාදීපට පැවසීය.

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ප්‍රසාද ලකුණු 16 ක පරතරයක් තිබුණද ඉන්දියාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් අතර ලබන සිකුරාදා (23 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී තරග දෙක තුනක් ජයගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩිකරගැනීමේ හොඳ අවස්ථාවක් කොදෙව් පිලට තිබේ.

    ශුරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භයේදී ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායම මූලික වටයේදී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවත්, අවසන් පූර්ව වටයේදී ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ සිටි එංගලන්ත කණ්ඩායමත් පරාජය කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම එහි 8 වැනි ස්ථානය දක්වා ඇද වැටුණේය.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ප්‍රසාද ලකුණු 93 බැගින් ලබා දෙපිලම හත්වැනි තත්ත්වයේ සිටිය අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට වඩා පාකිස්තානයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දශම ස්ථාන කිහිපයකින් ඉහළින් සිටීම නිසා ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය හිමිවිය. එහෙත් අවසන් මහ තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වීමත් සමඟ පාකිස්තානය තවත් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

    අවසන් මහ තරගයේදී ලැබූ පරාජයත් සමග එතෙක් ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටුණ අතර තෙවැනි ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව නිරායාසයෙන්ම දෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබීය.

    රට තරග ලකුණු ප්‍රසාද ලකුණු
    දකුණු අප්‍රිකාව 50 5957 119
    ඕස්ට්‍රේලියාව 47 5505 117
    ඉන්දියාව 36 4170 116
    එංගලන්තය 50 5645 113
    නවසීලන්තය 46 5123 111
    පාකිස්තානය 41 3885 95
    බංග්ලාදේශය 31 2905 94
    ශ්‍රී ලංකාව 49 4553 93
    බ. ඉ. කොදෙව් 32 2462 77
    ඇෆ්ගනිස්තානය 30 1618 54
    සිම්බාබ්වේ 36 1640 46
    අයර්ලන්තය 25 1028 41
    [rns_reactions]
  • ශුරයන්ගේ කුසලානයේ අවසන් තරගයේ වීරයා බීපු පෙතිවල විස්තර සියල්ල හෙලිකරයි..

    අවසන් තරගයේ වීරයා වෙමින් ඉන්දියාව පරාජයට ඇද දැමීමේ පිති ප්‍රහාරයක්‌ දියත් කළ 27 හැවිරිදි ෆාකාර් සාමාන් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයකට පැමිණියේ තරගය දවසේ පාන්දර බව සඳහන් කරයි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.

    අසනීපයෙන් පසුවූ ෆාකාර්ව සිය පුහුණුකරුවා සහ භෞතචිකිත්සකවරයා හොඳින් බලාගත් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

    මට පුහුණුකරුවා කිව්වා තරගයට පෙර දිනයේ ඔයා අද පුහුණුවෙන්න ඕන නැහැ හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. එහෙම කියලා මම පන්දු 10 කට විතර තමයි ගැහැව්වෙ. පස්‌සෙ මම ක්‍රීඩා විවේකාගාරයට ගියා. එතනදි මම භෞතචිකිත්සකට කිව්වා මට හොඳක්‌ දැනෙන්නෙ නැහැ කියලා. මට තරගයත් ක්‍රීඩා කරන්න බැරි වේවි කිව්වා. ඊට පස්‌සෙ හෝටලයට ගියාම මට අපේ භෞත චිකිත්සකයා හොඳට සැලකුවා. ඔහු මට ප්‍රෝටීන්  සහ ග්ලුකෝස්‌ පෙති ලබා දුන්නා.” යෑයි ෆාකාර් පවසා සිටියි.

    ලකුණු අතර සිටින නවක ක්‍රීඩක ෆාකාර්ගේ තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසුවුවද ඔහු තරගය දිනයේ උදෑසන ඇඳෙන් නැගිටින විට සම්පූර්ණ සුවය ලබා තිබුණි. අනතුරුව ඔහු තරගය නිමා කළේ සිය මංගල ශතකයද සටහන් කරමිනි.

    “කොහොම හරි මම නිදාගෙන උදේ 7.00 ට ඇහැරුණා. එවලේ මම පණිවිඩයක්‌ යෑව්වා භෞතචිකිත්සකට මම හොඳින් ඔයාට ස්‌තුතියි කියලා.” මේ වන විටත් එක්‌ දින තරග හතරකදී ශතකයක්‌ සහ අර්ධ ශතක තුනක්‌ සමග මුලූ ලකුණු 223 ක්‌ ලබා සිටින ෆාකාර්ගේ ඉනිමක සාමාන්‍ය 63.00 ක්‌ ලෙස සටහන් වේ.

    “ඇත්තටම ආරම්භයේදී මගේ උඩපන්දුවක්‌ අතහැරියා. ඒක මගේ වාසනාවට තමයි එහෙම වුණේ. ඉන්දියානු පන්දු යවන්නන් මුලින් හොඳට පන්දු යවමින් හිටියේ. ඒ වෙලාවෙ කඩුලු නොදී සිටීමට තමයි මා උත්සහ කළේ. යෑයි ෆාකාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    විරාට්‌ කෝලිගේ උඩපන්දුව අතහැරීමෙන් ලොකු කනගාටුවකට කණ්‌ඩායම පත් වූ බවද ෆාකාර් සඳහන් කර සිටියේය. “මොකද කෝලි කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවා. ඔහුගේ උඩපන්දුවක්‌ අතහැරියාම ඊළඟට එයාට දෙසීයක්‌ වුණත් ගහන්න පුළුවන්. නමුත් ඊළඟ පන්දුවෙන්ම කෝලි දැවී ගියාම ලොකු සහනයක්‌ අපි හැමෝටම දැනුනා. කොහොම වුණත් අමීර් කියන්නෙ හොඳම පන්දු යවන්නෙක්‌. ඒ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ.

    27 හැවිරිදි ෆාකාර් සාමාන් පළමු පෙළ තරග 35 කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමඟ ලකුණු 3652 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 42.01 ක්‌ ලෙස සටහන් වේ. ඔහු පළමු පෙළ එක්‌දින තරග 35 කදී ශතක හතක්‌ සහ අර්ධ ශතක 18 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 51.48 ක්‌ වැනි ඉහළ අගයක්‌ ගැනීම හේතුවෙන් පකිස්‌තාන් ජාතික පිළ නියෝජනය කිරීමට වරම් ලැබීය.

    [rns_reactions]

  • ස්කොට්ලන්තයේ සිට සිම්බාබ්වේ පිලෙන් ලංකාවට පණිවිඩයක්..

    ශ්‍රී ලංකාවට මීළඟට හමුවන ප්‍රතිවාදියා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරඟ 5ක ට සහ ටෙස්ට් තරඟයකට සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තයෙදී එක්දින තරඟදෙකකට මුහුණ දුන් අතර තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

    පලමු තරඟය ස්කොට්ලන්තය පහසුවෙන් ජයගත්තද දෙවන තරඟය සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්තය පරාජයට පත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායම ද ස්කොට්ලන්තය සමඟ නිල නොවන එක්දින තරඟ දෙකකට චැම්පියන්ස් කුසලානය ට පෙර තරඟ වැදුන අතර එහිදීද අත්වුයේ සිම්බාබ්වේ කණ්ඩායමට අත්වූ ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයකි.ස්කොට්ලන්තය පලමු තරඟය පහසුවෙන් ජයගත් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්  හමුවේ ස්කොට්ලන්තය දෙවන තරඟය පරාජයට පත්විය.

    මෙම තරඟ ප්‍රතිපලය සසඳා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ස්කොට්ලන්තයෙදී සමාන බව නිගමනයට පැමිණිය හැක.තරඟාවලිය තුල දක්ෂතා දැක්වූ මැල්කම් වොලර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා පිළබඳව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන අතර පන්දු යවන්නන් ලෙස ස්කොට්ලන්තයෙදී සාර්ථක වූ ග්‍රැහැම් ක්‍රීමර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා ශ්‍රී ලංකාවේ දීද දඟ පන්දු යවන්නන්ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් විය හැක.

     

    [rns_reactions]

  • අවසන් තරග පරාජයෙන් පසුව පකිස්තාන ප්‍රේක්ෂකයන් කෝලිට ඉවසීම පුහුණු කල වීඩියෝව මෙන්න..

    ඊයේ දිනයේ පැවති ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරගාවලිය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් දුකට පත් වී කලබල කරන්නටත් පකිස්තානු ප්‍රේක්ෂකයන් සතුටට පත් වී එය සැමරීමටත් එක වුනා.පකිස්තානු ප්‍රේක්ෂකයෙකු ඉන්දීය ක්‍රීඩකයෙකුට කල විහිළුවක් දුර දිග යාමක් පිලිබදව  අප වෙත වාර්තා වුවා.

    මෙහිදී තරගය අවසානයේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුවා.ඉන්පසුව ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාගාරය වෙත යන විටදී පකිස්තානු ප්‍රේක්ෂකයින් ඉන්දීය ක්‍රීඩකයන්ට විහිලු කරමින් සිටියේය.සියලුම ඉන්දීය ක්‍රීඩකයන් එම විහිලු ගණන් නොගෙනම ක්‍රීඩාගාරය වෙත ගියද එම විහිලුව ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමිට ඉවසීමට හැකියාවක් තිබුනේ නැත.

    පසුව එලෙස විහිලු කරමින් සිටි පකිස්තානු ප්‍රේක්ෂකයා අසලට තරහින් පැමිණි මොහොමඩ් ශාමිව අල්ලාගත් ඉන්දීය හිටපු නායක දෝනි ඔහුව ක්‍රීඩාගාරයට රැගෙන ගියා.මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින්…

    [rns_reactions]
  • මාලිංගගේ කුඩා කාලය ගැන ඔබ නොදත් කතාව කරලියට…

    මං පොඩි කාලේදි පුටුවක් විකට් එක විදිහට අරගෙන ක්‍රිකට් ගැහුවා.O/L වලට D 8 ම ගත්තා…ඔහු හිතුවක්කාර යෙක්.
    ඒ වගේම ජේත්තුකාරයෙක්.
    කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.
    මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය.
    ඔහු ලසිත් මාලිංග.
    යෝකරයක් වගේම කෙළින් බඩුවක්.

    රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?
    රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්. කොහේ ඉපදුණත් ඒ හැඟීම ඇති. හැබැයි රත්ගම ඉපදීම ගැන ආඩම්බර වෙන්නේ කෙළින් කතා කරන්න, ඇත්ත කතා කරන්න පුංචි කාලේදීම සමාජය තේරුම් ගන්න මට මගේ ගම පාසලක් වුණා. රත්ගම කිව්වාම හැකිළෙන්නේ රත්ගමට උපන් චණ්ඩිකමක් තියෙන නිසා. අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා. කවුරු සතුටු වුණත් නැතත් කාට රිදුණත් නැතත් මම කියන දේ කෙළින් කියනවා. ඇත්ත කියන දේ හරි ලස්සනට කියන්න අමාරුයි. බොරු කියන දේ හොඳට කැටයම් දාලා කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කියන කොට ගොඩාක් අය බයයි. ඒ අයට රිදෙනවා කරන්න දෙයක් නෑ. ගමේ ගති. ඒ ගැන මම ආඩම්බරයි.

    ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?
    බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා. මේ ජාතික කණ්ඩායමට එන්න නෙමෙයි. සැහැල්ලුවට සැහැල්ලු පන්දු ගැහැව්වේ. ඒත් මගේ පන්දු යැවීමේ රටාව මේකම තමයි. ඉතින් පුංචි කාලේම පුංචි වීරයෙක් බෝල ගහනකොට.

    එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.
    අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ. ලෙදර් නොගැහැව්වාට පුටුවක් විකට් එක කරගෙන ටෙනිස් ගැහැව්වා විවේක කාලයේදී. ඉතින් විකට් ගන්න මැෂිමක් මං ඒ කාලෙත්. ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න. මම ඉන්නේත් ජාතික පාසලක නිසා ගණිතය විෂයන් දෙකම තියෙන නිසා ජාතික පාසලකින් තව ජාතික පාසලකට යන්න තියෙන අපහසුව නිසා මම අකමැත්තෙන් ගණිතය අංශය අතඇරලා ඇග්‍රිකල්චර් තෝරා ගත්තා. මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන් ඉතින් ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.

    ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව?
    ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.

    ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
    ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.

    ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
    හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.

    ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
    ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ හැම තරගයකින්මත් මම හොඳට කඩුලු ගත්තා. මට කළ හැකි උපරිමය මම රට වෙනුවෙන් කළා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.

    හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
    එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.

    මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
    ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.

    මාලිංගට වැරදුණේ කොතැනද?
    සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.

    ඔබ විතරයි, ” ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ” ?
    . ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.

    ඔබ මෝස්තරකාරයෙක්.
    ඔව්! හැබැයි බාහිරින් විතරයි. මමත් පාසල් යනකම් තෙල් ගාලා කොණ්ඬේ පැත්තට පීරුවා. පාසලින් අයින් වුණාම තරුණයෙක් විදියට මට හිතුණා කාටවත් කරදයක් නොවන විදියට මෝස්තර කරන්න. මම කළා. එහෙම කොණ්ඩය පාට කරලා කරාබු දාලා බටහිර ඉන්දීය සංචාරයට ගියාම ඔවුන් මාව ඒ අයගේ කෙනෙක් වගේ බාර ගත්තා. හැබැයි මම හොඳට විකට් ගත්තා. ඒත් මෙහේ ගොඩාක් අය මගේ කොණ්ඬේ එල්ලුණා. මම කියන්නේ මම දක්‍ෂද නැද්ද බලන්න, මගේ කොණ්ඩය ගැන හොයන්න එපා. කොණ්ඬේ වවාගෙන පාට කරලා කරාබු දාලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කෙහේවත් නෑ. ඒ වගේම එහෙම කළා කියලා විකට් ගන්න පුළුවන් කමකුත් නෑ. මුලින් කිව්වා මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. ඒකෙන් රටේ සංස්කෘතිය විනාශ වෙනවා කියනවා නම් මම දන්නේ නෑ මේ රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් මම බාහිරින් මෝස්තර කළාට ඇඟ ඇතුළෙන් බොරුවට එළියට පෙන්නන මෝස්තරකාරයෙක් නෙමෙයි. මගේ මෝස්තරය කියන්නේත් මටම තමයි.

    මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
    මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද? ක්‍රීඩාව තුළ විනය රැක ගැනීමයි මහත්මා ගතිය. මම ඒක රැකලා තියෙනවා. රකිනවා. එහෙම නැතිව මහත්මයෙක් වගේ බොරු රඟපෑම් කරන්නේ නෑ. මේ හැම දේම දේවල් නොදැන ලියන මාධ්‍ය මහත්වරු හින්දා ඇති වේච්ච දේවල්.

    ඔබ මාධ්‍ය එක්ක තරහද?
    තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.

    මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
    ඔව් සල්ලිකාරයෙක්.

    ක්‍රිකට් නැති වුණාට පස්සේ?
    ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.

    ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
    අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.

    ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
    කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.

    ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
    පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?

    ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.

    මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි
    . අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.

    [rns_reactions]

  • රෝහිත් ශර්මාවා කොදෙවු සංචාරයට එපා – විරාට් කෝලිගෙන් ප්‍රකාශයක්..

    ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයේ අවසන් තරඟය අවසන් වීමත් සමඟ කොදෙව් දේශය බලා පිටත් වීමට නියමිතය.එම සංචාරය සඳහා නම් කල ඉන්දීය කණ්ඩායමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නම් කර නැත.

    ශර්මා දැඩි කාර්යබහුල තරඟවාරයකට ක්‍රීඩා කල නිසා ඔහු විවේක ගන්වා ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන අතර රෝහිත් ඉවත් කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි තම ප්‍රසාදය පල කර ඇත.

    “රෝහිත් අයින් කරපු එක හොඳ තීරණයක්,ඔහුගේ උකුල ප්‍රදේශයේ කරපු ශල්‍යකර්මය ඉවර වුනාට පස්සේ එයා ගොඩක් මහන්සි වුනා.ඔහු IPL තරඟාවලියේ ආරම්භයේ ඉදන් අවසන් තරඟය වෙනකන්ම සෙල්ලම් කළා.ඊට පස්සේ චැම්පියන්ස් කුසලානේ.ක්‍රීඩකයෙකුට ලේසි වෙන්නේ නෑ ඒ විදියට එක දිගට සෙල්ලම් කරන එක.ඒ නිසා රෝහිත්ට හොඳම වෙලාවේ අවශ්‍ය විවේකය ලැබිල තියනවා.”

    ශර්මා කණ්ඩායමෙන් ඉවත් කිරීම ඔහුගේ දක්ෂතා අඩු වීමකින් සිදුවූ දෙයක් නොවන බවද ඉන්දීය නායකයා වැඩි දුරටත් පවසා ඇත.

    “රෝහිත් කියන්නේ ඕනෑම වෙලාවක නැවත කණ්ඩායමට එන්න පුළුවන් දක්ෂතාවක් තියන ක්‍රීඩකයෙක්, ඔහුගේ කණ්ඩායමෙන් ඉවත් කිරීම කිසිම විදියකින් දක්ෂතා ගැන ප්‍රශ්නයක් නෙවෙයි.මේ අව්රුද්ද අවසානයට අපිට ශ්‍රී ලංකා සංචාරය වගේම දකුණු අප්‍රිකාව එක්කත් තරඟාවලියක් තියනවා.ඒ තරඟාවලි දෙකට ශර්මා අවශ්‍යම ක්‍රීඩකයෙක් ඒ නිසා මේ වෙලාවේ ශර්මට විවේකයක් දීල තියන එක හැම දෙකටම හොඳයි.”

    [rns_reactions]

  • තිරය පිටුපස සටනක්. සිම්බාබ්වේ තරඟාවලියට සංචිතය කොහොම වෙයිද…?

    ලොව සුපිරිම ක්‍රිකට්‌ කණ්‌ඩායම් අට අතරින් පකිස්තානය චැම්පියන්ස්‌ලා වෙද්දී  අනෙක්‌ කණ්‌ඩායම් හය දැන් ගුණදොස්‌ ගායනා කරමින් සිටියි. එංගලන්තයට ගිය චැම්පියන්ස්‌ලා අතර හය වැනි තැනට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකාව දැන් අට වැනි තැන දක්‌වා පල්ලම් බැස තරගාවලිය අහවර කළේය. ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර තවත් පියවරක්‌ මැතිව්ස්‌ගේ පිල පහළට ඇද වැටුණොත් 2019 ලෝක කුසලාන සහභාගීත්වයට වෙනම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වන්නට සිදුවේ. එසේ තිබියදී ක්‍රීඩකයන් ගැන තවදුරටත් සුදු හුණු ගෑම කාලෝචිතද යන මාතෘකාවත් දැන් කරළියට පැමිණ තිබේ.

    ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද ජය නම් අපූරුය. නමුත් අවශ්‍ය වන්නේ තරගාවලියක අවසන් ප්‍රතිඵලයයි. ඉන්දියාව පරාජය කර දැමුවත් අනෙක්‌ රටවල්වලට සටනක්‌ දුන්නත් ශ්‍රී ලංකාව දැන් ශ්‍රේණිගත කිරීම්වල තවත් පියවර දෙකක්‌ පහළට තල්ලුවී යැමෙන් ජයග්‍රහණ ගොන්නක්‌ සොයා ඉදිරියට මෙහෙයුමක්‌ දියත් කළ යුතුමය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ බංග්ලාදේශය (95) සහ පකිස්‌තානය (93) වේ. අට වැනි තැන සිටින ශ්‍රී ලංකාවට පිටුපසින් බටහිර ඉන්දීය කොදෙව් (77) සහ ඇෆ්ගනිස්‌ථානය (54) පසුවේ.

    අසංක ගුරුසිංහ ක්‍රිකට්‌ කළමනාකරු ලෙස ඇතැම් අවස්‌ථාවලදී දැඩි තීරණ ගන්නට ගොස්‌ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ. නමුත් කණ්‌ඩායම් නායකයා සහ පුහුණුකරුවා එක්‌ව තමන්ට අවශ්‍ය කණ්‌ඩායම පිටිය මැදට ගෙන ගිය අවස්‌ථා ඇති බව එහි තවදුරටත් සඳහන් වේ. කෙසේ වෙතත් චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියෙන් පසුව තිරය පිටුපස තැටිය රත්වී ඇති බවට නම් ඉඟි පළවෙමින් තිබේ.

    ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් නායකයා ලෙස කටයුතු කරනවාද යනුවෙන් විමසන ලදුව ඔහු ලබාදුන්නේ දෙබිඩි පිළිතුරකි. ‘ඒ ගැන මම තවම හිතලත් නැහැ කතා කරලත්’ නැහැ’ යනුවෙන් මැතිව්ස්‌ පවසද්දී ඒ පිළිතුරේ බොහෝදේ ගැබ්වී තිබෙන්න බව නම් පැහැදිලිය. තරගයක්‌ පරාජය වන්නේ වැරදි මතිනි. වැරදි ඇතත් අවසන් ප්‍රතිඵලය ජයග්‍රාහී සාධකයක්‌ නම් ප්‍රශ්න ඉස්‌මතු නොවෙති. නමුත් මැතිව්ස්‌ මේ වන විට දෙලොවක්‌ අතර අතරමංවී සිටීද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත් 2019 ලෝක කුසලානට යන්නට හොඳම නායකයා නම් මැතිව්ස්‌ය.

    ග්‍රැහැම් ෆොaඩ් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස දැන් ගිරයට හසුවී සිටියි. නමුත් ඔහුගේ කර මතට වැටී ඇති පීඩනය නම් දෙගුණ තෙගුණ වී තිබේ. ෆොaඩ් කරන්නේ ඔහුට අවශ්‍ය දේ නායකයා සමග සාකච්ඡා කරමිනි. නමුත් ෆොaඩ් තවදුරටත් තබා ගන්නවාද නැද්ද යන්නත් මාතෘකාවට බඳුන්වී තිබේ. තරග පරදින විට සියල්ලන්ගේම රෙදි ගැලවෙන බව නම් සැබෑය. එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දුසිමකට වඩා සිටියේ කාර්ය මණ්‌ඩලයයි. එහෙත් ක්‍රීඩකයෝ නම් පියවරෙන් පියවර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද දමමින් සිටියි. ෆොaඩ්ගේ රාජකාරිය අවසන් කර දැමුවහොත් ගන්නා මීළඟ පුහුණුකරුවා කවුරුන්ද? යන්න මේ වන විටත් සාකච්ඡා මට්‌ටමේ පවතින මාතෘකාවකි.

    එංගලන්තයේ ශීතල සහ තණතීරුවල ස්‌වභාවය වෙනස්‌ බව සැබෑය. නමුත් අදාළ තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණියේ ආසියානුවන් තිදෙනෙකි. ඒ අතර බංග්ලාදේශයද සිටියේය. අවසන් තරග වරම දිනා ගත්තේද ආසියානු කණ්‌ඩායම් දෙකකි. එබැවින් තණතීරු හෝ දේශගුණය නිදහසට කරුණු නොවන බව සක්‌ සුදක්‌ සේ පැහැදිලිය. එසේනම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතේදී ඇදගෙන නා ගත්තා නොවේද?

    තිසර පෙර්රා, සීක්‌කුගේ ප්‍රසන්න සහ ධනුෂ්ක ගුණතිලක අතට පැමිණි උඩපන්දු බිම නොදමන්නට ශ්‍රී ලංකාවට බොහෝ දුරට අද චැම්පියන්ස්‌ලා සොයන අවසන් සටනේ එක්‌ ප්‍රතිවාදියකු වන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් රතුපළස මතින් ඔවුන් ලක්‌ දිවයිනට පැමිණෙනු ඇත. එසේ වූවානම් සියලු ප්‍රශ්න වැලලී යනු ඇත. නමුත් පසුගිය වසර කිහිපයේදීම සිදුවූ පන්දු රැකීමේ දුර්වලතාව යළිත් මතුවෙමින් ශ්‍රී ලංකාව සුපුරුදු පරාජයන් ගොඩටම තල්ලූ වී හමාරය. “උඩපන්දු හැමෝම අතහරිනවා. ඒක සාමාන්‍ය දෙයක්‌’ යනුවෙන් කණ්‌ඩායමේ සගයන් ප්‍රසිද්ධියේ පවසන්නේ උඩපන්දු අතහැර දැමූවන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමටය. නමුත් මිලියන ගණන් ගෙවා සියලු දෙයින් අංග සම්පූර්ණ යටිතල පහසුකම් ලබාදී බිහි කරන වෘත්තිය ක්‍රීඩකයෝ එක පෙළට එකම වැරදි කිරීමෙන් බිම දමන්නේ රටේ ක්‍රිකට්‌ අභිමානයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ බංග්ලාදේශය සමග තරගාවලිය අවසන් වීමෙන් පසුව පවසා සිටියේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක්‌ වුණත් පන්දු රැකීම දුර්වලනම් කණ්‌ඩායමට නොගන්නා බවයි. නමුත් තිසර පෙරේරා හොඳ පන්දු රකින්නෙක්‌ද? ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කළ හපන්කම් තවදුරටත් කණ්‌ඩායමේ තබා ගැනීමට ප්‍රමාණවත්ද? කාඩිෆ් ක්‍රීඩාංගණයේ පකිස්‌තානය සමග පැවැති තරගයේදී තිසර පෙරේරාගේ උදරය ඉදිරියට නෙරා ඇති බව එහි සිටි ප්‍රේක්‍ෂකයෝ පවසා සිටියේ, “අර තිසරයගෙ බඩේ හැටි බලන්නකෝ. ඔහොම තියාගෙන ක්‍රිකට්‌ ගහන්න පුළුවන්ද. කවුද අප්පා මේ අයව සිලෙක්‌ට්‌ කරන්නෙ.” යනුවෙනි.

    කෙසේ හෝ ශ්‍රී ලංකාවට දැන් ගොඩ යැම පටන් ගැනීමට නම් පොඩි ඉල්ලුමක්‌ පෑදී තිබේ. ඒ සිම්බාබ්වේට පහරදී මනස හදා ගැනීමටය. අනතුරුව පැමිණෙන්නේ ඉන්දියානු කණ්‌ඩායමයි. ඉන්දියාව තලා දැමුවොත් ශ්‍රී ලංකාවට යළි උඩ යන්නට අවස්‌ථාව තිබේ. කෙසේ වෙතත් උඩ යා යුත්තේ යළි බිම නොවැටෙන්නටය. ඒ සඳහා මෙසේ කරන්නේ යෑයි අපි ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට යෝජනා කරමු. පරාජයන් තුළින් මතු වූ නීරස අවුල් වියවුල් අමතකර දැමිය යුතුය. පන්දු රකින්න බැරිනම් ඔවුන්ව එළියට දැමිය යුතුය. ශරීර සෞඛ්‍ය නොමැති ක්‍රීඩකයන්වත් අතුගා දැමීම සාධාරණය. තරග දිනවන ඔලූවක්‌ සහිත ක්‍රීඩකයන් ගොන්නක්‌ තරගාවලි සඳහා නම් කළ යුතුය. පරණ නම්වලට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ සුද්ධ කිරීමටද ඉඩ නොදිය යුතුය.

    [rns_reactions]

  • පරාජයත් සමග කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස වලට පොලිස් ආරක්ෂාව…

    සියලුම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස අසලට පොලිස් ආරක්ෂාව ලබා දීමට ඉන්දීය පොලිසිය තීරණය කර තිබෙනවා. මෙයට හේතුව පොලිසිය මෙතෙක් අනාවරණය කල පරිදි  ඉන්දීය NDTV රුපවාහිනිය විසින් ප්‍රකාශ කලේ අද පැවැති  ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දීය ජනතාව කුපිත වී මෙම නිවාස වලට අලාභානි කල හැකි බැවින් මෙලස පොලිස් ආරක්ෂාව යොදවන්නට ඇති බවයි.

    මිට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට මෙවැනි පහරදීම් වාර්තා වූ නිසා මෙම ක්‍රියා කලාපය පොලිසිය විසින් ගන්නට ඇති බවට සැකයක් මතුවී ඇති අතර  ඇතැම් විට හමුදා ආරක්ෂාවද මෙම නිවාස වලට යෙදවීමට ඉන්දියානු බලධාරීන් තීරණය කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍යය අනාවරණය කර තිබෙනවා.

    [rns_reactions]

  • පරාජයත් සමග කෝලි ගයන ගීතය ලංකාවෙන් කරලියට….

    ඉන්දියාව අද ලැබූ පරාජයත් සමගින් නායක විරාට් කෝලි ගයනවා යැයි කියන ගීතයක් මේ වනවිට කරලියට පැමිණ ඇත..

    මෙන්න එම ගීතය.

    කෝලීගේ ගීතය

    කඩන්නෙපා …..අපෙ ගේ ගිනි තියන්නෙපා
    අපි මේ විදිහට පරාද වෙන්නේ
    සෙනසුරු අපලය හින්දයි

    ටොස් එක දිනලත් ගහන්න දුන්නේ
    දෝණිත් අනුමත කළ හින්දයි
    මම මේ පින් අනු මෝදන් කෙරුවේ
    ඒකගෙ දෙමව්පියන්ටයි …..//

    අනුශ්කා නන්ගිට දැන් මම ගත්තේ
    එයාගේ අදහස දැන ගන්නයි
    ඒ වෙලාවෙ මට ඒකි ඇමතුවෙත්
    කෝලි කුට්ටුවා කියලයි…..//

    මෙම ගීතයේ තනුවට බනින්නෙපා පොඩි දොනිට ගීයද ගැයිය හැක

    [rns_reactions]

  • පකිස්තානයෙන් ඉන්දියාවට අමතක නොවන පුහුණුවක් – ලකුණු 180කින් ශුරයන්ගේ කුසලානය පකිස්තානයට..

    එංගලන්තයේ පැවති ශුරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 180 විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පෙරළිකාර පකිස්තාන කණ්ඩායම අද සමත්විය.

    ලකුණු පුවරුව පහලින් දක්වා ඇත.

     

    [rns_reactions]