Category: සුපිරි Sports

  • අසේල/මාලිංග මව්බිම වෙනුවෙන් සටනට එද්දී මහේල ඉන්දියාවට යයි..

    ඉන්දීය IPL ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රිඩා කරන පළමු තරගය අද (06දා) රසියින් සුපර් ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි විස්සයි20 තරගය අද ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැත්වීමට නියමිත හෙයින් ලසිත් මාලිංග හා අසේල ගුණරත්න ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

    ඒ අනුව ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදි මෙවර මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට හා අසේල ගුණරත්නට අද තරගය අහිමි වෙනු ඇත. ඉන්දීය ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංග අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙයි.

    අසේල ගුණරත්න මෙවර වෙන්දේසියේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදි ගත්තේය. මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ඔහුගේ පළමු තරගයද මෙය වෙයි.

    [rns_reactions]

  • අවුරුදු සමයේ සීතල නුවර එළියේ අලුත්ම වැඩක් – AFC Motorbike Show 2017

    අවුරුදු සමයේ සීතල නුවර එළියේ අලුත්ම වැඩක් AFC Motorbike Show 2017. බයික් පදින බයික් වලින් හැඩ දාන වැඩ දාන අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් මෙවර අවුරුදු සමයේ සීතල නුවර එළියේ තවත් අලුත් අත්දැකීමක් මෙන්න.

    ලොව ප්‍රමුඛ පෙලේ ස්ටන්ට් ධාවකයකු වන ප්‍රංශ ජාතික Romain jeandrotගේ සුපිරි ස්ටන්ට් සංදර්ශනද ඇතුලුව DJ සංගීතය සමඟින් බයික් ස්ටන්ට් තරඟ, ස්ටන්ට් සංදර්ශන, පොලිස් සුනඛ සංදර්ශන, පොලිස් බයික් සංදර්ශන සහ විවිධ තරඟ රැසක අත්දැකීම් විඳගන්නට අවස්ථාවක්….

    [rns_reactions]

  • IPL ප්‍රේක්ෂකයින් මවිත කල වෝනර්ගේ අමතක නොවන උඩපන්දු රැකිම මෙන්න..

    ඉන්දිම ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිලට එරෙහිව පැවැති තරගය අතරතුර ඩේවිඩ් වෝනර් විසින් රැකගත් ටයිමාල් මිලස්ගේ සුවිශේෂි උඩපන්දුව කාගෙත් කතාබහට ලක්ව ඇත. කෙසේ වෙතත් මෙම තරගය ජයගැනිමටද වෝනර්ගේ සන්රයිසස් හයිඩ්‍රාබාද් පිල සමත්විමද කැපිපෙණෙන සිදුවිමකි.

    [rns_reactions]

  • දෙවන තරගයට Abolish Saitm ආවොත් අත්අඩංගුවට ගන්නවා – ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

    මවුබිමට අපහාස නොකරන ලෙස  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සයිටම් විරෝධී සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මනස්ගාත  කි‍්‍රඩාංගණය තුළට රැගෙන නොඑන ලෙසයි.

    ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉකුත්දා පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී ප්‍රේක්ෂකාගාරය තුළ සරසවි සිසුන් පිරිසක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වුවා.ඒ, විවිධ වැකි සඳහන් පුවරුද කී‍්‍රඩාංගණය තුළ ප‍්‍රදර්ශනය කරමින්. ජාත්‍යන්තර තරගයක ඔවුන් කළ එම කි‍්‍රයාව තරයේ හෙළා දකින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා අප වෙත සඳහන් කළේ.

    මෙම කි‍්‍රයාව නිසා ශී‍්‍ර ලංකා නාමයට කැළලක් එක් වූ බවද ඔහු සඳහන් කළා. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අද (06) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදීද සයිටම් විරෝධි සිසුන් විරෝධතාවක නිරතවීමේ සූදානමක් පවතින අතර තරාතිරම නොබලා මෙවැනි මානසික රෝගීන් අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කල බව  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර ඊයේ (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංගද මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “මම මේ සිද්ධිය දැක්කේ නැහැ. එහෙත් ආරංචි වුණා. ලොකු කණගාටුවක් ඇති වෙනවා මේ සිද්ධිය ගැන.  මෙවැනි දේවලට උසි ගන්වන පුද්ගලයින්ට මුලින් දඬුවම් කරන්න ඕනේ.” යනුවෙනි. 

    [rns_reactions]

  • බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා පිලට දඩ…

    අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

    ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්.

    ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින් සියයට 20 ක දඩ මුදලක් නියම කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.

    දෙරට අතර අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතයි.

    [rns_reactions]

  • තරගය අතරතුර පැමිණි මංගල යෝජනාවට රසල්ගේ පිළිතුර මෙන්න.

    පළමු විස්සයි විස්ස තරඟයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඊයේ තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු කිහිපයක් ප්‍ර‍ර්ශණය කිරීමය..මේ පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී.

    මේ අතර ඊයේ තරඟයේදී වූ තවත් සිදුවීමක් පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහක් ඇතිවිය.ඒ ඊයේ තරඟය නැරඹීමට පැමිණි තරුණියක් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින් පුවරුවක් ප්‍ර‍දර්ශණය කිරීම හේතුවෙනි.

    එහිදී සෙසු විචාරකයින් මෙන්ම රසල් ආනල්ඩ්ට සිනාමුසු මුහුණින් මීට ප්‍ර‍තිචාර දැක්වූ අතර තරඟයෙන් අනතුරුව සිය ටිව්ටර් ගිණුමට සිය පවුලේ ජායාරූපයක් එක්කරිමන් රසල් කියා තිබුණේ තවත් තරඟයකින් පසුව සිය පවුල සමග එක්ව කාලය ගත කිරීමට ලැබීම සතුටක් බවය.

    කෙසේ නමුත් රසල්ගේ මෙම ජායාරූපයට අදහස් ද දක්විමින් ඇතැමුන් විහිලුවට මෙන් විමසා සිටියේ තරුණියගේ යෝජනවා නිසා මෙම ජයාරූපය පළ කළේද යනුවෙනි.

    ‘රසල් පාස්වර්ඩ් සේරම වයිෆ් ළඟද‘ යැයි තවත් ට්විටර් පරිශීලකයෙකු රසල්ගෙන් විමසා තිබුණේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

    [rns_reactions]

  • කුසල්ගේ පිත්ත ක්‍රියාත්මක වු ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න……

    ඊයේ දින පැවතී ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි විස්ස තරගයේ විශේෂ අවස්ථා………

    https://www.youtube.com/watch?time_continue=556&v=5vMDYmnK0R0

    [rns_reactions]

  • මෝඩකමට සීමාවක් නෑ – තරගයෙන් පසුව බුකිය උණුසුම් කල සිදුවීම මෙන්න..

    ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහිදී සයිටම් විරෝධී උද්ඝෝෂනයක් පවත්වන්නට කටයුතු කර තිබීම ඊට හේතුව වී තිබිණ.

    ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහද මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කිය තිබුණේ ‘මෝඩකමට සීමාවක් නැත‘ යනුවෙනි.මේ අතර අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප නැරඹූ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙවැනි ක්‍රියාවන් ක්‍රීඩාවෙන් ඈත්විය යුතු බවය.

    [rns_reactions]

  • ඉතිහාසය උඩු යටිකුරු කරමින් බංගලියන් පරදා සිංහයන් ජයගනී…..

    සත්කාරක  ශ්‍රී ලංකා පිල සහ  සහ බංග්ලාදේශ පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය.
    පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු  77 යි.

    [rns_reactions]

  • බංගලියන්ට එරෙහිව පේ‍්‍රමදාස පිටියේදී සිංහයන් අද ඉතිහාසගත සටනකට…….

    පාකිස්තානයට එරෙහිව අවසන්වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග ජයක් වාර්තා කළේ 2012 වසරේදී වන අතර ඉන්පසුව පළමු ජය සොයමින් අද සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිංහයන් කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (04) තරගබිමට.

    රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7ට වන අතර බංග්ලාදේශය ආර්. පේ‍්‍රමදාස පිටියේදී පන්දුවාර විස්ස තරගයකට එක්වන පළමු අවස්ථාවද මෙය වනවා.

    මේ දක්වා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පන්දුවාර විස්ස තරග 11කට එක්වූ ශී‍්‍ර ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

    මේ අතර, ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 4ක් ජයගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

    ඉකුත් වසරේ පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේදී බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කළා.

    ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට අන්තර් ජාතික පන්දුවාර විස්ස ශේ‍්‍රණිගත කිරීම් සටහනේ පසුවන්නේ 08වන ස්ථානයේ වන අතර බංග්ලාදේශයට එම සටහනේ දසවන ස්ථානය හිමිව තිබෙනවා.

    මේ අතර, අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අද තරගය ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවක්ද සිදු කෙරෙන බවත් උන්වහන්සේට ශෝකය පළකරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද තරග බිමට පිවිසෙන්නේ කහ පටියක්ද අත පැළඳගෙනයි.

    [rns_reactions]

  • ලොවම කතාවෙන WrestleMania එකේ වෙච්ච දේ මෙන්න…..

    ඊයේ දින පැවති රෙස්ල්මෙනියා තරගාවලියේ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට ඇප කල්පනා කලේ ලංකාව තුල මෙම ක්‍රීඩාව ඉමහත් ජනප්‍රිය නිසාවෙනි….

    https://www.youtube.com/watch?v=PCGI-HugUfI

    [rns_reactions]

  • මුම්බායි කණ්ඩායම හැරදමා මාලිංග යලිත් ජාතික කණ්ඩායමට….. චන්දිමාල් ඉවතට…

    සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව 04 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ප්‍රවීණ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග කැඳවා තිබේ. මේ අතර කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ද විස්සයි20 සංචිතයෙන් ඉවත්කර තිබේ.

    කෙසේවෙතත් ලසිත් මාලිංග මෙම සංචිතයට කැඳවා ඇත්තේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අපේක්ෂිත මට්ටමට පවතින්නේනම් පමණි.

    කුසල් ජනිත්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොමැති වේ නම් ඔහු වෙනුවට සඳුන් වීරක්කොඩි සංචිතයට එකතුවනු ඇත.

    විස්සයි20 සංචිතය

    උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය

    [rns_reactions]

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති මෛත්‍රීගෙන් භෝජන සංග්‍රහයක්..

    දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

    පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපති සිරිසේන මහතා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
    මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ෂාරියාර් ඛාන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය නස්මුල් හසන් සහ එහි විධායක නිලධාරී නිසාම් උද්දින් චෞද්රි යන මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද සහභාගී වී සිටියහ.

    [rns_reactions]

  • චන්දිමාල්ට ඊයේ මොකද උනේ? රටම සොයන වීඩියෝව මෙන්න….

    ඊයේ  පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ තුන්වන එක්දින තරගය අපි ජයගත්තත් තරගය අතරතුර  සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් තමයි අපි මේ ඔයාලට නරඹන්න ගෙනාවේ. ඒ තමයි දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම.  දුවද්දී දැවියමකට පත්වීමක් ලෙස තුන්වන විනිසුරු ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ විමතිය දනවන කරුණක් වුවා.

    ඉතින් එම අවස්ථාවේ සිදුවූ දෙය පහත විඩියෝවෙන් නරඹන්නකෝ.

    https://www.facebook.com/264545500559513/videos/431379623876099/

    [rns_reactions]

  • ජය උදෙසා සංගක්කාර යලිත් ක්‍රිකට් පිලට……

    වර්ථමානයේ මතුව ඇති  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්‌කාර මීළග තරගාවලියේ සිට කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව අද ප්‍රධාන පුවත් පතක් වාර්තා කර තිබිණ.

    2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට්‌ පිටියට සමුදුන් කුමාර් සංගක්‌කාර යළිත් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නියමිත බවත් එහිදි වැඩිදුරටත් අණාවරණය කර තිබුණි.

    කෙසේ වෙතත් මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.

    පසුගිය වසරේද අප්‍රේල් 1වනදාට යෙදී ඇති මෝඩයින්ගේ දිනයේ මෙවැනිම පුවත් කිහිපයක් පළවී තිබිණ.

  • පන්දු රැකීම අංක එකට ගෙන ඒමට ගුරුසිංහගෙන් අමුතු සැලසුමක්…

    ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධය සියයට සියයක්‌ සුව වීමෙන් පසුව බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේ සිට කණ්‌ඩායමට එක්‌වීමට සැලසුම් කර තිබෙන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලිය වන විට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම අංක එකේ තත්ත්වයට ගෙන එන බවද පවසයි.

    ”ඇන්ජලෝ මැතිව්ස්‌ දැන් සුව වෙමින් ඉන්නෙ. මම හිතන විදිහට ඔහුට පළමු විස්‌සයි විස්‌ස තරගය ක්‍රීඩා කරන්න ලැබෙන්නෙත් නැහැ. නමුත් ඔහු දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේ ඉඳල කණ්‌ඩායමට එක්‌ වේවි.” යනුවෙන් පැවසීය.

    තමාට අවශ්‍ය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ ක්‍රීඩකයන් 15-20 ක්‌ අතර ප්‍රමාණයක්‌ එක දිගට කණ්‌ඩායමේ රඳවා ගනිමින් ඔවුන්ව පදම් කිරීම බවත් එසේ නොකිරීම විශාල කනගාටුවක්‌ බවත් ගුරුසිංහ පෙන්වා දෙයි. ”පහුගිය කාලයේ ක්‍රීඩකයන් ඕනෑ තරම් කණ්‌ඩායමට ආවා ගියා. නමුත් එහෙම වුණහම එක ක්‍රීඩකයකුට ස්‌ථානයකට හුරු වෙන්නවත් කාලයක්‌ නැහැ. අපේ කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයන් ඕනෑ තරම් ඉන්නවා. මම දැන් පුහුණුකරු සහ තේරීම් කමිටුවත් එක්‌ක කතා කරල තියෙනවා. කොහොම වුණත් මගේ බලාපොරොත්තුව අනුව එක කණ්‌ඩායමක්‌ ඉදිරියට ටික කාලයක්‌ යා යුතුයි.”

    ලසිත් මාලිංග එක්‌දින තරගාවලිය ක්‍රීඩා නොකළේ ඔහු පසුගිය සමයේ පන්දුවාර පනහේ තරග ක්‍රීඩා නොකිරීම නිසා එම තරග සඳහා පදම්වීමට පෙර තරග ක්‍රීඩා කිරීම නුසුදුසු බැවින් බවද ගුරුසිංහ පවසයි.

    ”මාලිංග පන්දුවාර පනහේ තරග ක්‍රීඩා නොකළේ ඔහු දීර්ඝ කාලයක්‌ ඒ තරග ක්‍රීඩා කළේ නැති නිසා. නමුත් විස්‌සයි විස්‌ස තරග දෙකට එයා ක්‍රීඩා කරනවා. ඊට පස්‌සෙ අයි.පී.එල්. යනවා. එතනින් ගන්න අත්දැකීම් එක්‌ක අපි බලාපොරොත්තු වෙනවා චැම්පියන්ස්‌ කුසලානට මාලිංගව අරගෙන යන්න.”

    චැම්පියන්ස්‌ කුසලානට යන විට ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම අංක එකට ගෙන එම සඳහා සියලු විධි විධාන යොදන බවත් නමුත් ඊට පෙර තියෙන බංග්ලාදේශය සමග තරගයේදීද පන්දු රැකීමේ දුර්වලතා සිදු කළ නොහැකි බවත් ගුරුසිංහ පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ආබාධයක්‌ හේතුවෙන් එක්‌දින තරගාවලිය අහිමි වූ කුසල් ජනිත් විස්‌සයි විස්‌ස තරගාවලියට ක්‍රීඩා කරන බවත් ඉදිරියේදී ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌සට එකම කණ්‌ඩායම් පුහුණු කිරීමෙන් අඩුපාඩු මඟහැර ගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ගුරුසිංහ පවසයි.