Category: සුපිරි Lifestyle & Fashion

  • බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්

    බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්

    විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand.  එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්.

    මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි.

    ඉතිං… මේ ආකාරයේ සුපිරි හා නවීන අපූරු විලාසිතා ලෝකයක් අපි පසුගිය කාලය පුරාම බොලිවුඩයේ දැක්කා. උදාහරණයක් ලෙස කලකට පෙර සමස්ත ඉන්දියාවේම අපකීර්තියට ලක් වූ ෂර්මිලා තාගෝර්ගේ කුඩා බිකිනි විලාසිතාව Sharmila Tagore’s tiny bikini in An Evening in Paris(පහත දැක්වෙන ඡායාරූපය) හෝ දීපිකා පදුකෝන්ගේ සදවන් රන්වන් පෙනුම  monotone golden look as Mastani ලෙස වේවා අපිට නානාප්‍රකාරයේ විලාසිතා දැක ගැනීමට ලැබෙනවා. මේ විලාසිතා අතරින් ඇතැම් විලාසිතා මොහොතකින් මුළු ඉන්දියාවම, ඇතැම් විට ලෝකයම උන්මාදයක් මෙන් වැළද ගන්නා අතර ඇතැම් ඒවා පිළිකුලෙන් බැහැර කෙරුණා.

    මේ මතකයන් ද සිහිපත් කරමින් අපි තීරණය කළා අපේ මතකයේ නොමියෙන මදක් පැරණි බොලිවුඩ් චිත්‍රපටවල අමතක නොවන විලාසිතා 20ක් ඔබ වෙත යළි ගෙන ඒමට. මේ ඒවා

    පැරීසියේ සන්ධ්‍යාවකදී – ෂර්මිලා තාගෝර්ගේ නිල් බිකිනි විලාසිතාව – Sharmila Tagore’s blue bikini in An Evening in Paris

    බැලූ බැල්මට පෙනේ

    බොම්බේ – ඩිම්පල් කපාඩියාගේ pokla dot co-ord විලාසිතාව – Bobby

    බැලූ බැල්මට පෙනේ

    හාරේ ක්‍රිෂ්ණා හරේ රාම් – සීනත් අමන්ගේ හිපි පෙනුම  Zeenat Aman’s hippie look from Hare Krishna Hare Ram

    බැලූ බැල්මට පෙනේ

    බ්‍රහ්මචාරී – මුම්ටාස්ගේ තැඹිලි පැහැති ඩ්‍රැපේ සාරි විලාසිතාව Mumtaz’s orange drape from Brahmachari

    බැලූ බැල්මට පෙනේ

    මිස්ටර් ඉන්දියා – ශ්‍රීදේවිගේ නිල් සාරිය –  Sridevi’s iconic blue saree from Mr. India

    බැලූ බැල්මට පෙනේ

    මොහ්රා – රවීනා ටැන්ඩන්ගේ මෝරි බ්ලවුස් සහ සාරිය Raveena Tandon’s frill blouse and saree from Mohra

    බැලූ බැල්මට පෙනේ

    රංගීලා – ෂර්මිලා මතොන්ඩ්කාර්  Urmila Matondkar’s matching co-ords from Rangeela

    බැලූ බැල්මට පෙනේ

    හම් අප්කේ හේන් කෞන් – මධුරි ඩික්සිත් – Madhuri Dixit’s minimal green lehenga from Hum Apke Hain Kaun

    බැලූ බැල්මට පෙනේ

    කුච් කුච් හෝටා හායි – කාජල්- Kajol’s Bandhani dupatta and white suit from Kuch Kuch Hota Hai

    බැලූ බැල්මට පෙනේ

    කබී කුෂි කබි ගම් – කරීනා කපූර් ඛාන් – Kareena Kapoor Khan’s pastel sharara from Kabhie Khushi Kabhi Gham

    බැලූ බැල්මට පෙනේ

    මේන් හෝ නා – සුෂ්මිතා සෙන් Sushmita Sen’s chiffon sarees from Main Ho Na

    බැලූ බැල්මට පෙනේ

     Bunty Aur babli – රාණි මුකර්ජි – Rani Mukerji’s long shirt and patiala cco-ords

    බැලූ බැල්මට පෙනේ

    ජබ් වී මෙට් – කරීනා කපූර් ඛාන් -Kareena Kapoor Khan’s white shirt, black corset and red skirt look from Jab We Met

    බැලූ බැල්මට පෙනේ

    අයිෂා– සෝෂම් කපූර්  Sonam Kapoor’s version of Cher’s Cluless look in Aisha

    බැලූ බැල්මට පෙනේ

    දොස්තනා – ප්‍රියංකා චොප්රාගේ රන්වන සාරිය Priyanka Chopra’s golden saree from Dostana

    බැලූ බැල්මට පෙනේ

     2 States– ආලියා භාර්ගේ වර්ණවත් සාරි, අවම ස්වර්ණාභරණ. Alia bharr’s colourful sarees, minimal jewellery and gajra look

    බැලූ බැල්මට පෙනේ

    යෙ ජවානි හායි දීවානි – දීපිකා පදුකෝන් Deepika Padukone’s electric blue saree from Yeh Jawaani Hai Deewani

    බැලූ බැල්මට පෙනේ

     Piku – දීපිකා පදුකෝන්ගේ සරල ඇඳුම – Deepika Padukone’s simpel suit, bindi and scarf look from Piku

    බැලූ බැල්මට පෙනේ

    Ae Dil Hai Mushkil– අනුෂ්කා ෂර්මාගේ කුර්ති සහ ජීන්ස් Anushka Sharma’s kurti and jeans with statement earrings from Ae Dil Hai Mushkil

    බැලූ බැල්මට පෙනේ

    බජිරාඕ මස්තානි – දීපිකා පදුකෝන්ගේ ඒකාකාරී රන්වන් පෙනුම Deepika Padukone’s monotone golden look from Bajirao Mastani

    බැලූ බැල්මට පෙනේ

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • සුපිරි බොලිවුඩ් නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ සුපිරි විසිතුරු ආභරණ නිරූපණ 10ක්

    සුපිරි බොලිවුඩ් නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ සුපිරි විසිතුරු ආභරණ නිරූපණ 10ක්

    අතේ, කනේ, කරේ පමණක් නොවෙයි නාසයෙත්, හැකි නම් නාභියේත් ආභරණ පළදින්න කාන්තාවන් කැමතියි. ඒත් ඔවුන් නිරන්තරයෙන් සිතන දෙයක් තමයි ‘මම විතරක් මොකටද?‘ ඒ කියන්නේ ඔවුන් කැමතියි තවත් කවුරු හරි අනුකරණය කරන්න.

    ඒත් ඒක නිකංම බැහැ. කීර්තිමත් චරිත, ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය තමයි ලෝකය පුරාම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසිතුරු ආභරණවලින් සැරසී කැපී පෙනීමට කැමති ඔබට පහසුවෙන් අනුවරණය කළ හැකි කීර්තිමත් චරිතයක් ගැන තමයි මේ හැදින්වීම සහ හෙළි කිරීම.

    අනුෂ්කා ෂර්මා ජනප්‍රිය බොලිවුඩ් සුරූපිනියක්. ඉන්දිය ක්‍රිකට් නායක චිරාත් කෝලිගේ ආදරණීය බිරිය වන්නේ ඇය. ඒ වගේම ඇය බොලිවුඩ් නිරූපණය ක්ෂේත්‍රය වර්ණවත් කරන විලාසිතා තරුවක්. ඒ නිසාම ඇයව අනුගමනය කිරීමට ඉන්දියාව පමණක් නොව ලෝකයේ බොහෝ කාන්තාවන් කැමතියි.

    බොලිවුඩ් මාධ්‍ය කියන ආකාරයට අනුෂ්කාගේ පෞද්ගලික ශෛලිය ඉතා සරල හා සංකීර්ණ නොවන එකක්. නමුත් ඇය තමා යන එන සෑම උත්සවයකදීම, හමුවකදීම තමන්ගේ පෙනුම හා පෞරුෂත්වය මනාව විදහා පෑමට සමත් වෙනවා. හැමෝගේම අවධානය හා ආකර්ෂණය දිනා ගන්නවා. 

    අනුෂ්කා අවුල්සහගත පෙනුමකට ආදරය කරන අතරම, ඇගේ පෙනුම සම්පූර්ණ කරන ආභරණ ගැන වඩාත් වැඩි උනන්දුවක් දක්වනවා. එය සංකීර්ණ රටා ඇති මාල හෝ බර කරාබු වේවා ඇය ඒ සියල්ල තම ඇදුම සහ අවස්ථාව සමග මනාව ගළපා ගන්නවා. ඒ හරහා තව තවත් සුරූපී හා කැපී පෙනෙන අයෙක් බවට පත් වෙනවා.

    ඉතිං, පහත තිබෙන්නේ අනුෂ්කා විවිධාකාර ආභරණවලින් සැරසී සිටින අලුත්ම අලුත් ඡායාරූප 10ක්. බලන්න ඔබට ඇය අනුකරණය කරන්න හැකිද කියා…

    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා

    Filmfare ඇසුරින් සටහන් කළේ – තුෂාධවි

  • පොතේ තියෙන ගෙවත්ත නොව ‘හිතේ තියෙන ගෙවත්ත’ නිර්මාණය කර ගනිමු

    පොතේ තියෙන ගෙවත්ත නොව ‘හිතේ තියෙන ගෙවත්ත’ නිර්මාණය කර ගනිමු

    මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි අප සුභවාදීව බලාපොරොත්තු තබාගෙන සිටිමු.

    නැවුම් කාබනික එළවලු අතේ දුරින්

    ලඟින්ම තිබෙන නිසා දෛනික වැඩ ඇරඹුනත් මග හැරෙන්නේ නෑ

    දරුවන්ව වගාවට යොමුකරන මෙවලමක්

    සමාජ ජනවහරේ ගැවසෙන යෙදුම් අවභාවිතා වන්නට ලොකු පරිණාමයක් අවශ්‍ය වන්නේ නැත. උච්චාරණයේ සිදුවෙන වෙනසක් පවා ඒ සඳහා ප්‍රමාණවත්වේ. ‘වවාගෙන කනවා‘ යනුවෙන් පවසන විට මෙම අවභාවිතය නිසා වැඩිපුර තේරුම් යන්නේ ගොවිතැනක් කරගෙන තම දිවි රැකගන්නා අදහස වෙනුවට අනෙකා සූරාකෑමේ නැඹුරුවක්ය. කොරෝනා ආක්‍රමණය හමුවේ එවන් වංචාකාරී වවාගෙන කන්නන්ට පමණක් නොව සමස්ත ජනතාවටම අද සිදුවී ඇත්තේ නියම අරුතට යළිත් ගරුකරමින්, ‘ඇත්තටම වවාගෙන කන්න‘ටය.

    ලාභයට පහසුවට ලෝකයේ කුමන හෝ තැනකින් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට තිබේ නම් දින දෙක තුනක් ඇතුලත තමාගේ මුළුතැන්ගෙය වෙත එය කැඳවා ගැනීමේ කාර්යක්‍ෂම සන්නිවේදනයක් හා ප්‍රවාහන යාන්ත්‍රණයකින් සන්නද්ධව ආඩම්බරයෙන් සිටි මිනිසා, වසංගත කුනාටුව පැමිණ මාස දෙකක් ගතවෙත්දී, රට රටවල් සමග නොව, අල්ලපු ගම සමග පවා තිබුණු සබඳතා බිඳීගොස් තැන තැන හුදකලා වී සිටී.

    පාසැල් වැසීගොස් අකර්මන්‍යව නිවෙස්තුලට ගාල් වී ඇති බොහෝ ලපැටියන්ගේ ඩියුටිය වී ඇත්තේ ගේට්ටුව අසල බලා සිටිමින් එළවලු ලොරියක් මහමග යන වෙලාවක් සොයා වැඩිහිටියන් දැනුවත් කිරීමය. වෙනදාට අගිස්ස මිරිකමින් බණ්ඩක්කා කරල් තෝරන ගෘහණිය, එළවලු ලොරියෙන් සිලි සිලි මල්ලට හලා භාරදෙන ඕනෑම දෙයකට බොහොම ගෞරවයෙන් මුදල් ගෙවන්නීය. ගමේ එලවළුද, තෙල් බෙහෙත් ගසා තිබේද වැනි විමසුම් කිසිවක් ලොරි මුදලාලිගෙන් ඇසෙන්නේද නැත.

    දරුවන් වෙතින් නැගෙන අරක මේක කන්න බෑ වැනි කන්දොස්කිරියාවන්ද කෑම මේසය පැත්තෙන් මතුවෙන්නේත් නැත. උවමනාවටත් වඩා තම ආහාර අවශ්‍යතාවයන් බාහිර ලෝකයට උගස් නොකොට, හැකිතාක් ආහාර ප්‍රමාණයක් අතේ දුරින් වවාගෙන කන්නටත්, සිතට එන හැම සිතිවිල්ලක්ම හඹා නොගොස් චාම් දිවිපෙවතකට ජනතාව නැඹුරු වෙන්නටත්, මෙතරම් කෙටි කාලයක් තුල හුරුවූයේ කෙසේදැයි නම්, සිතා ගැන්මටත් බැරි තරමේ අරුමයකි.

    මහ බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ රැකියාවලින් එළියට ඇද දමනා සංඛ්‍යා මිලියන ගණනින්ය. එවැනි තත්වයක් මෙරට පෞද්ගලික අංශයේද උදා නොවන්නේ යයි මේ මොහොතේ සහතිකයක් දීමටද කිසිවෙකු ඉදිරිපත් නොවේ. ඒ තරමටම අනාගතය අවිනිශ්චිතය.

    පසුම්බියේ බර අඩුවීමේ වෙනස සියල්ලටම කලින් දැනෙන්නේ කුස තුලට නිසා පෙර නොවූ විරූ උනන්දුවකින් හැකි පමණින් යමක් වගාකරගන්නට ජනතාව උනන්දු වෙමින් සිටී. අර්බුද අවස්ථාවක් තරණය කිරීම උදෙසා ගෙවතු දශලක්‍ෂයක් වවන්න යයි රාජ්‍ය අංශයෙන් උපදෙස් දීම ආරම්භ කෙරුවේද මෙවන් උද්‍යෝගයක් බලාපොරොත්තුවෙන් නොවිය හැකිය. පැල හා බීජ වලට ඇති ජනතා ඉල්ලුම කෙසේදයත්, මේ වනවිට විසිලක්ෂයක් ගෙවතු හදන්නට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිපදවන්නට ඔවුහු සැලසුම් සාදමින් සිටිති.

    ඊජිප්තුවේ ඇති පැරණි සුසානයන්හි මීට වසර 3600 කටත් එපිටදී මිනිසුන් විසින් ඇඳ තිබූ සිතුවම් අතර ඇකේසියා හා තාල වර්ගයේ ශාක වලින් වටකොට තැනූ නෙලුම් මල් පිපුණු පොකුණු දකින්නට තිබේ. ගහකොළ වගාකරමින් උයන් තැනීම නොහොත් උද්‍යානකරණය මානවයාට පුරුදුවී ඇත්තේ ඉතා ඈත කාලයේදී බව තේරුම් ගැනීමට මෙය හොඳ උදාහරණයකි.

    සතුන් දඩයම් කරමින් හා වනගත පලවැල එකතුකරමින් ගල් යුගයක්ද, හීලෑ කරගත් සත්ව රැළ තැනින් තැනට දක්කාගෙන යමින් එඬේර යුගයක්ද ගතකර අවසානයේදී, කෘෂිකාර්මික දිවි පෙවෙතකට පිවිසුණු ඔහුගේ, ජානගත පුරුද්දක් ලෙසට ගොවිතැන තිබෙනා බව වර්තමානයේදී සිදුවූ මෙම ක්ෂණික ‘ගොවිතැන් අවතීර්ණය’ හරහා ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.

    මීට ඉහතදීද මෙරට ජනතාවට ආහාර සීමාවූ යුගයන් නොපැමිණියාද නොවේ. ඒවා සමනය කිරීම උදෙසා විවිධ කාලයන්හි, නොයෙකුත් ආකර්ශනීය නාම පුවරු යටතේ වැඩසටහන්ද ක්‍රියාත්මක වුනි. පිරිසක් ඒවාට අනුගතව වගා කළහ. තවත් පිරිසක් ඒවා විවේචනය කරමින්, වඩා පහසුදායී විකල්ප ක්‍රියා පිළිවෙත් ජනතාවට පෙන්වමින් සිටියහ. බොහෝවිට එතැන ක්‍රියාත්මක වුයේ සත්‍ය තත්වය ඉදිරිපත්කිරීමට වඩා තම දේශපාලන අභිලාෂයන් ජනතාව ලවා ඉටුකරවා ගැනීමයි.

    දෙපැත්තකට අදිනා කඹයක මැද්දට ගෙවත්ත සිරවූ නිසා, එහි සශ්‍රීක බව වැඩි කලක් පැවතුනේ නැත. මෙය මෙරටට පමණක්ම සිදුවූ අභාග්‍යයක්ද නොවේ. ගෝලීයකරණයේ දම්වැලේ පුරුකක් වීමට ගිය බොහොමයක් තුන්වෙනි ලෝකයේ රටවල් තමාට ආවේනික ගති සිරිත් කෙලසාගත්තේ මේ අයුරිනි.

    එහෙත් කෝවිඩ් -19 නමැති ක්ෂුද්‍ර ප්‍රාණියා විසින් සියල්ල උඩු යටිකුරු කර ඇත්තාසේය. මේ වතාවේ නම් ගෙවත්ත අතහැරීමට එතරම් පහසු වන්නේ නැත. රටේ කටයුතු යථා තත්වයට පත්වී මිනිසුන් හා ගැහැනුන් වැඩට යන්නටත්, දරුවන් පාසැල් යන්නටත් පටන් ගත් විට ගෙවත්තට සාත්තු කරන්නට වෙලාවක් ඉතිරිවේවිදැයි ඇතැමුන් අසුභවාදීව සැක පහල කෙරුවත්, හිතේ හැටියට ගන්නට කළමනා වෙළඳසැලේ නැත්නම්, වැඩ ඇරී ගෙදර එන දෙන්නා දෙමහල්ලන්ට මහන්සි නොබලා ගෙවත්තේ සුවදුක් විමසන්නටත් කෙටි වෙලාවක් හෝ වෙන්කරන්නට සිදුවෙනු ඇත.

    මේ වැඩේ පහසු වන්නටත්, නොපිරිහෙලා ඉටුකරගන්නටත්, හොඳම ක්‍රමයක් වන්නේ ‘ගෙවත්ත‘ යන ව්‍යුහය හැකි පමණ තම වාසස්ථානය අසලින් තබා ගැනීමයි. බොහොමයක් නාගරික හා අර්ධ නාගරිකයින්ට නම් දුර යන්න කීවත් යාමට ලොකු දුරක් ඔවුනට නැත. මහල් නිවාසවාසීන් හෝ තට්ටු ගෙවල්වල ජීවත්වෙන බොහෝ දෙනෙකුගේ ගෙවත්ත වන්නේ සඳලුතලයයි. නැතහොත් හිසට සෙවන දෙන කොන්ක්‍රීට් පියැස්සයි.

    සකසුරුවම් ගෙවත්තක් සකසා ගන්නට දෙන උපදෙස් මාලාවේ මුල්ම ඉලක්කය ලෙස අප විසින් ඔවුන්ව තෝරාගත්තේ, අපට ගෙවත්තක් නැතැයි යන සිත් වේදනාව වැඩිපුරම දැනෙන්නේ එම පිරිසට බව කතාබහෙන්ම තේරුම් යන බැවිනි. එහෙත් ඇත්ත තත්වය නම් එය නොවේ.

    මිදුලක් ඇති අයට පොළොවට සමාන්තරව බැලූ බැල්මටම පෙනෙන ගෙවත්තක් තිබෙනා බව සැබෑය. එහෙත් මේ පිරිස සතු ගෙවත්ත ඇත්තේ සිරස් අවකාශයේය. එය තිරස් ගෙවත්තට වඩා තමාගේ අතේ දුරින්ය. එනම් නඩත්තුවද පහසුය. වැඩ නිමවා ගෙදර පැමිණි පසුද ගෙවත්ත ගැන විපරම් කිරීම නිවසේ ගතකරනා විවේක කාලයේම කොටසක් බැවින් තවත් වාසිදායකය.

    ඉස්සර වගේ නෙවෙයි, ඉදිරි අවුරුද්ද හෝ එකහමාර අපේ රටේ කෘෂිකර්මාන්තයේ දිශානතිය කෙසේ වේවිදැයි මේ වනවිට අනාවැකි පලකරන්න බැරි තත්වයකුයි පවතින්නේ.

    සිරස් ගෙවත්තක ගුණ සුවඳ විමසන්නට සුදුසුම පුද්ගලයෙක් සොයායාමේදී මට හමුවූයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකි. හෙතෙම කලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයෙක් ලෙසද සේවය කල අතර, අනතුරුව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට බැඳී, එහි උපකුලපතිවරයා ලෙසද, උද්‍යාන විද්‍යාව පිළිබඳව සම්මානනීය මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලැබූවෙකි. මේ වනවිට මාලබේ හොරයිසන් කැම්පස් හිද උපකුලපතිවරයා ලෙස සේවය කරන ඔහු මහාචාර්ය සුමිත්‍ර ජයසේකරයි.

    “ඉස්සර වගේ නෙවෙයි, ඉදිරි අවුරුද්ද හෝ එකහමාර අපේ රටේ කෘෂිකර්මාන්තයේ දිශානතිය කෙසේ වේවිදැයි මේ වනවිට අනාවැකි පලකරන්න බැරි තත්වයකුයි පවතින්නේ. පොහොර, කෘෂිරසායන ද්‍රව්‍ය විතරක් නෙවෙයි එළවලු ඇට පවා ලොකු ප්‍රමාණයක් අපි පිටරටින් ගේනවා. ඒවාත් ඉදිරියේදී ලැබේදැයි සැක සහිතයි. ගෝලීය ආර්ථික අවපාතනය හමුවේ මේ තත්වයට මුහුණ දෙන්න වෙයි. එහෙම උනොත් පිටරට ආහාර නෙවෙයි, දේශීය ආහාර නිෂ්පාදනයටත් යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි වහාම සැලසුම් කරන්න ඕනෑ දේශීය බෝග ප්‍රභේදයන්ගෙන් වැඩි වැඩියෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය හදන්නත්, කාබණික පොහොර හරහා අස්වැන්න වැඩි කරගන්නත්, ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් අපගේ වගාවන් ආරක්ෂා කර ගන්නත්.”

    හෙතෙම එම අවදානම සඳහන් කෙරුවේ තම ජීවනෝපාය සඳහා ගොවිතැන කරන අය වෙනුවෙනි. එවැනි බාධාවක් පැමිණියහොත් රටේ ආහාර නිෂ්පාදනයත් පසුබසින නිසා  ගෙවත්ත ශක්තිමත්වීම වීමේ වැදගත්කම ඔහු පෙවා දෙයි.

    “ගෙවත්ත කියන්නේ පවුලේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන පෝෂණීය ඒකකයක් ලෙසයි මම දකින්නේ. එය අපේ ප්‍රධාන ආහාරය හදන තැන නම් නෙවෙයි. නොදන්නා තැනකින් ගෙනත් ආරක්‍ෂිතව නිපදවූ ආහාරයක්ද කියලා සැක සහිතව අනුභව නොකර, ගෙවත්තේ දෑ කන්න පුළුවන්. තමන් දන්නවා හදපු හැටි. බොහෝවිට බෝගය කාබණිකයි, වසවිස කතා මොකුත් නෑ. ඒ වගේම නැවුම්. තමන්ට එදාට අවශ්‍ය තරම තමයි ගසෙන් කඩා ගන්නේ. ඒ කියන්නේ පසු අස්වැනු හානිය කියන නාස්තියත් නෑ. අඛණ්ඩව නිෂ්පාදනයකුත් තියෙනවනේ. මෙතෙක් දවස් මිදුලෙන් අතුගාල ගිනිතබා විනාශ කල කොලරොඩු ආදියටත් කොම්පෝස්ට් සෑදීම හරහා වටිනාකමක් එකතුවෙනවා. මුළුතැන්ගෙයින් පිටවෙන ජලයට පවා ගෙවත්ත හරහා ප්‍රයෝජනයට ගත හැකියි.”

    ගෙවත්තේ වටිනාකම මහාචාර්යවරයාගේ අදහස් හමුවේ මෙසේ තහවුරු වෙත්දී අප සොයා බැලිය යුත්තේ ඇස් පනාපිට ගෙවත්තක් සෑදීමට බිම්කඩක් නොමැති නගරවාසීන්ගේ ගෙවතු සිහිනය සැබෑවන්නේ කෙසේද යන්නයි.

    මහපොළොවේ ඉඩ නැත්නම් අනිවාර්යයෙන්ම බෝග සිටුවිය යුත්තේ බඳුන් තුලය. වගාවක් පිහිටුවීමට සුදුසු බඳුන් හෝ බඳුන් ලෙස භාවිතා කල හැකි බොහොමයක් දෑ නාගරික නිවෙස් තුල අහුමුලුවල ඕනෑතරම් තිබේ. ප්ලාස්ටික් ලොකු බීම බෝතලයක දිග අතට පැල්මක් කර, ඊට විරුද්ධ පැත්තේ පතුලෙහි සිදුරු කීපයක් සාදා ගත්කල එය අපූරු වගා බඳුනකි. ඉවත දමා ඇති වැහිපිහිලි, පරණ ටයර්, ප්ලාස්ටික් කෑන්, භාවිතයෙන් ඉවත්කළ සපත්තු, යනාදිය සියල්ල වගා බඳුන්ය.

    මේවා ඇසුරෙන් කලාත්මක බඳුන් නිර්මාණය කිරීමටත්, ඒවා සඳලුතලයේ හෝ ආලෝකය වැටෙන පිටතින් ඇති තරප්පු පෙළ දිගේ හෝ ක්‍රමවත්ව ඇසිරීම නිවසේ දරුවන්ගේ සහභාගිත්වයෙන් කරගත හැකිය. එය ඔවුනට විනෝදාස්වාදයක් ගෙනදෙනවා පමණක් නොව, නිර්මාණ ශක්තිය ඔපනංවන්නක්ද වනු ඇත. එක අවස්ථාවක මෙවන් වගා බඳුනක් සාදා තිබුනේ පරණ ඩෙනිම් කලිසමකිනි! තරප්පුවේ එක් පඩියක අයිනේ වාඩිවී සිටිනා ඉරියව්වට කලිසම නවා තිබූ අතර, ඉන ප්‍රදේශයෙහි සිට දණහිස දක්වා පිරෙන සේ පස් පුරවා තිබිණ. පිටතට විවෘතවූ ඉන පෙදෙසින් ඉහලට වැවී තිබුනේ සාරවත් තක්කාලි පඳුරු දෙකකි.

    මේ සැලසුමට ‘ගෙවත්ත’ කියන්න සමහරු අකමැති වෙන්නත් පුළුවන්. අපි කියමු පවුලේ ආහාර නිෂ්පාදන ඒකකය කියල. මේක හදාගන්න ලොකු කෘෂිකාර්මික දැනුමක් අවශ්‍ය වන්නේත් නෑ. වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලිත්වය. මොකද ගොවිතැන කියන එක අපි හැමෝගෙම ඇඟේ තියෙනවා.

    “මේ සැලසුමට ‘ගෙවත්ත’ කියන්න සමහරු අකමැති වෙන්නත් පුළුවන්. අපි කියමු පවුලේ ආහාර නිෂ්පාදන ඒකකය කියල. මේක හදාගන්න ලොකු කෘෂිකාර්මික දැනුමක් අවශ්‍ය වන්නේත් නෑ. වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලිත්වය. මොකද ගොවිතැන කියන එක අපි හැමෝගෙම ඇඟේ තියෙනවා. ලොකු දැනීම අවශ්‍ය වෙන්නේ ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් වගා පිහිටුවීමේදී. මෙතන ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ පවුලේ එළවලු ආහාර සුරක්ෂිතතාවය රැකගැනීමයි. අතිරික්තයක් තිබෙනවානම් අසල්වාසීන් සමග වුවත් හුවමාරු කරගන්න පුළුවන්.”

    මහාචාර්ය ජයසේකර තවදුරටත් සඳහන් කරයි. ඔහු කියනා නිර්මාණශීලිත්වය අවශ්‍යවන්නේ බඳුන් නිර්මාණයට මෙන්ම ස්ථාන තෝරා ගැනීමටය. ඉඩ පහසුකම් සීමා වී ඇති තට්ටු නිවාසයක කිසිදු වැඩකට ගත නොහැකි මුල්ලක්, අනවශ්‍ය ප්‍රමාණයට වඩා පළල්ව ඉදිකළ තරප්පු පෙළක එක පැත්තක්, හොඳින් ඉර එලිය වැටෙන පිටත බිත්තියක් වැනි ඕනෑම ස්ථානයක් පවුලේ ආහාර නිෂ්පාදන ඒකකයේ කොටසක් වීමට හොඳ හැකියාවක් තිබේ.

    බිත්තියක් දිගේ ඉහලට ලී දඬු වැනි දෙයක් යොදාගෙන සාදාගත් රාක්කයක් වැනි ආධාරකයක බඳුන් පැල තබා, සම්පුර්ණ බිත්තියම වුවත් ආහාර නිෂ්පාදන ඒකකයක් බවට පත්කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් පැල වර්ග දැඩි හිරුරැස් ප්‍රිය නොකරන සෙවන ලැදි ශාක වේ. ඒවා හිරුඑලිය හොඳින් නොවැටෙන ස්ථාන වලට යෝග්‍යයය.

    “මේ නිෂ්පාදන ඒකකයේ ‘වැඩකාරයෝ’ වෙන්නේ ගෘහ මූලිකයා නෙවෙයි. ගෙදර දරුවන්ට ලොකු වැඩක් කරන්න පුළුවන්. ගෘහනියටත් අර්ධ කාලීනව වගාවේ යෙදෙන්න පුළුවන්. එහෙම උනහම රට විවෘත වෙලා කාර්යාල ඇරඹුනා උනත්, වගාවට අනුගතවීමේ සිරිත සමාජයෙන් ගිලිහී යයි කියල හිතන්න අමාරුයි. දරුවාගේ සිට මහල්ලා දක්වා මෙයින් ආශ්වාදයක් ලබනවා.

    මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි අප සුභවාදීව බලාපොරොත්තු තබාගෙන සිටිමු.

    සටහන – සනත් එම් බණ්ඩාර

    Assistant Director of Agriculture National Agriculture Information and Communi

  • ඉන්දියාව කැළඹූ Four More Shots Please -2 විකාශනය ඇරඹෙයි !

    ඉන්දියාව කැළඹූ Four More Shots Please -2 විකාශනය ඇරඹෙයි !

    2019 ජනවාරි 25  විකාශනය වීම ආරම්භ කළ Four More Shots Please (කරුණාකර තවත් වෙඩි හතරක්!) පළමු කොටස මගින් ඉන්දියානු රූපවාහිනී රසිකයින් තුළ ඇති කළ කම්පනය නිමක් නැහැ. ඒ වගේම ඉන්දීය විචාරකයින් වගේම රසිකයින් ද ගිනි ගත්තා. ඒත් වැඩේ සාර්ථකයි. ඒ නිසා Four More Shots Please – second season පැමිණ තිබෙනවා.

    Four More Shots Please ඊයේ (17) රටවල් 200 ක් පුරා ඇමේසන් ප්‍රයිම් Amazon Prime හි විකාශය ආරම්භ වුණා.

    කීර්ති කුල්හාරි, බානි ජේ, සයනි ගුප්තා සහ මාන්වි ගග්රූ Starring Kirti Kulhari, Baani J, Sayani Gupta and Maanvi Gagroo ප්‍රධාන චරිත නිරූපණය කළ Four More Shots Please මෙම ප්‍රදර්ශනය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රිතිෂ් නන්ඩි විසිනුයි.

    මෙම කතා මාලාවේ සුරූපි තරුණියන් සිවු දෙනා විසින් අති දක්ෂ රංගනයක් ඉදිරිපත් කරන අතර කාන්තාවන් ගැන අලුතින් සිතීමටත් ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබද පැහැදිලි දැක්මක් ඇතිකර ගැනිමටත් අවස්ථාව උදා කරන බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

    කරුණාකර තවත් වෙඩි හතරක්

    නූපූර් අස්තනා Nupur Asthana විසින් අධ්‍යක්ෂණය කරන ලද Four More Shots Please රචනා කරන ලද්දේ දේවිකා භගත් Devika Bhagat  විසින් වන අතර කතාව ඉෂිතා මොයිත්‍රා Dialogues by Ishita Moitra විසින් සම්පාදනය කර තිබෙනවා. 

    අගුලු දැමීමේදී නිවසේ වාඩි වී සිටින අප සැමට මීට වඩා හොඳ සංග්‍රහය කුමක්ද?

    Four More Shots Please හි ප්‍රතික් බබ්බාර්, ලීසා රේ, මිලින්ඩ් සෝමන්, නීල් භූප්ලාම්, සිමෝන් සිං සහ අමරිතා පූරි ද චරිත නිරූපණය කරනවා. 

    කරුණාකර තවත් වෙඩි හතරක්

    ඉතින් මෙන්න මේ සුන්දර කාන්තාවන්ගේ තවත් වරක් අපෙන් ඉල්ලා සිටින්නේ ජීවිතය, ආදරය, මිත්‍රත්වය සමග ජීවත් වන ලෙසයි. ජීවිතය විදින ලෙසයි.

    ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ජන්වී කපූර්ගේ නවීන සරාගී සාරි විලාසිතා 08ක්

    ජන්වී කපූර්ගේ නවීන සරාගී සාරි විලාසිතා 08ක්

    ජන්වී කපූර් Janhvi Kapoor බොලිවුඩය ආක්‍රමණය කර ගතව ඇත්තේ යාන්තම් දෙවසරක් පමණයි. සාරාගි නිළියක් වන ඇය ඒ කෙටි කාලය තුළ ඇය බොලිවුඩ් සුරිපි තරු අතර තවත් සුපිරි තරුවක් වන බව මනාව ප්‍රකට කර හමාර බවයි විචාරකයෝ කියන්නේ. මේ නිසාම ජන්වී අද බොලිවුඩයේ පමණක් නොව මුළු ඉන්දියාවේම තරුණ නෙත් සිත් පැහැර ගන්නා ජනප්‍රිය විලාසිතා තරුවක් බවට පත්ව තිබෙනවා.

    ජන්වී බොහෝ විට සරාගී සාරි පැළඳ සිටිනු දක්නට ලැබෙනවා. මනාව හැඩැති බ්ලවුස් සමග ඒවා ගළපා ගනිමින් ජන්වී තම සරාගිකත්වය ඉන් මනාව ඔප්නංවා ගන්නවා. මේ නිසාම ඉන්දිය තරුණියන් හා කාන්තාවන් අතර ජන්වී සාරි උමතුවක් නිර්මාණය වී තිබෙනවා.

    ඇත්තම කිව්වොත් ජන්වගේ මේ සරාගී සාරි විලාසිතා ලංකාවේ ඔබටත් මනාව ගැළපෙන බව අපිට හිතෙනවා. බලන්න මේ විලාසිතා ඔබට කොතරම් සුන්දරද කියා…

    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්
    ජන්වි කපූර්

    Filmfare ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • අතමිට සරු කරන – සෞඛ්‍යය සුරකින අපේ ගෙවතු වගාව

    අතමිට සරු කරන – සෞඛ්‍යය සුරකින අපේ ගෙවතු වගාව

    ‘වත්ත’ අපිට හුරුපුරුදු වචනයක් වුණත් ‘ගෙවතු වගාව’ නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ.

    ඒත් වර්තමානය වන විට ‘ගෙවතු වගාව’ වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. ගමේගොඬේ විතරක් නොවෙයි අද නාගරික නිවාස සංකීර්ණවල පවා ගෙවතු වගාව ජයටම සිදුවෙනවා.

    ගෙවතු වගාව ජනප‍්‍රිය වෙන්න හේතු කිිහිපයක් බලපෑවා. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ පිරිසිදු, වසවිසවලින් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන පසුගිය කාලය තුළ විශාල උනන්දුවක් හා අකල්පමය වෙනසක් ඇතිවීමයි.

    මේ තත්ත්වය තුළ එදා පැවැති සාම්ප‍්‍රදායික ගෙවත්ත වෙනුවට වඩාත් ඵලදායී භූමි භාවිතයක් සහිතව ගෙවතු වගාව සිදුවෙනවා.

    ඒත් ගෙවතු වගාවේ වැදගත්කම ගැන දන්නේ අපි කීයෙන් කී දෙනාද ? කරන්නන් වාලේ කරලා පස්සේ අධෛර්යයට පත් වෙලා අනෙක් අයවත් දුර්මුඛ කරනවාට වඩා ගෙවතු වගාවත් නිසි අවබෝධයක් ඇතිව කළොත් පුද්ගලිකව තමන්ටත්, පොදුවේ සමාජයටත් ඇතිවන වටිනාමක වචන වලින් විස්තර කරන්න බැහැ.

    ගෙවතු වගාවේ වැදගත්ම හා ප‍්‍රයෝජන මොනවාද ?

    1. ගෙවතු වගාවෙන් ලැබෙන වැදගත්ම ප‍්‍රයෝජනය තමයි එදිනෙදා පවුලේ ආහාර වේල සඳහා වස විසෙන් තොර පෝෂ්‍යදායී නවුම් එළවළු හ පලතුරු ලබා ගැනීමට හැකිවීම. 2. ගෙවත්තේ හා මුළුතැන් ගෙයින් බැහැර වන කසළ කළමනාකරණය තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හා ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොරක් වන ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම.

    3. එදිනෙදා ගෙවත්තේ වැඩ කටයුතු කිරීම තුළින්  ලැබෙන ව්‍යායාමයෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය රැුක ගැනීමට හැකිවීම.

    4. එළවළු හා  පලතුරු මිලදී ගැනීමට යන වියදම අවම කර ගැනීමට හැකිවීම තුළින් හා අතිරිත්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම තුළින් මුදල් ඉතිරි කරගත හැක්වීම.

    5. විනෝදාංශයක් ලෙසින් ගෙවතු වගාවේ යෙදීම තුළින් තම කාලය ඵලදායී ලෙස යොදා ගැනීමට අවස්ථාව ලැබීම.

    6. ගෙවත්ත ප‍්‍රියමනාප ස්ථානයක් වීම හා තම දරුවන් ද ගෙවතු වගාවට යොමු කර ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ට තමා ජීවත් වන පරිසරය පිළිබඳ වඩාත් හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවීම හා අනාගතයේදී කෘෂිකර්මයට ලැදි ජනතාවක් බිහිවීම.

    7. සමස්තයක් ලෙස සෑම අතින්ම නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටෙහි බිහිවීම.

    ඉහත සඳහන් කළ ආකාරයට ගෙවතු වගාව තුළින් ඔබට ලැබෙන ප‍්‍රයෝජන රැුසක් තිබෙනවා. ඒත් මෙහිදී අප අවධාරණය කරගත යුත්තේ ගෙවතු වගාව තුළින් ඉහත සඳහන් ධනාත්මක දේ ලැබෙන්නේ එය වසවිස වලින් තොරව සිදුවන්නේ නම් පමණක් බවයි. එසේ නැතිව රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක යොදා ගනිමින් කරන ගෙවතු වගාව තුළින් කිසිදු ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමක් සිදුවන්නේ නැහැ.

    වසවිස වලින් තොර වගාවක් කරන්නේ කෙසේද ?

    වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ගෙවත්තක් සඳහා කාබනික පොහොර යොදා ගත යුතුයි. ඒ වගේම එය වඩාත් ඵලදායී හා ලාභදායී වන්නේ ගෙවත්තේ සහ මුළුතැන්ගෙයින් බැහැර වන කසළ වලින් කාබනික පොහොර සකසා ගැනීම කළහොත් පමණයි.

    නිවසේදීම කාබනික පොහොර නිපදවා ගැනීම තුළින් ඔබට වාසි කිහිපයක් ලැබෙනවා.

    1. ගෙවත්ත තුළ එකතු වන කොළරොඩු භාවිතා කිරීම තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හැකිවීම.

    2. මුළුතැන්ගෙයින් බැහැර කරන කසළ නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අවස්ථාව උදාවීම.

    3. ගෙවතු වගාව සඳහා කාබනික පොහොර මිලදී ගැනීමට වැයවන මුදල් ඉතිරි වීම.

    4. කසළ බැහැර කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලට දැරීමට සිදුවන විශාල වියදම හා කාලය මෙවැනි ක‍්‍රම මගින් අඩුවීම. (මෙය ඔබ රටට කරන අමිල සේවයක්)

    5. වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට හැකිවීම.

    ගෙවතු වගාවේදී සරල ලෙස කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නේ කෙසේද ?

    මෙය ඉතා වැදගත් කාරණයක් වශයෙන් සැලකිය හැකියි. අපි බොහෝ විට පුදුරුව සිටින්නේ වත්තේ ගස්වලින් වැටෙන කොළ රොඩු ගසක් මුලට එකතු කරන්න හෝ වත්තේ කොනක ගොඩ ගසන්න. මේක ඒ තරම් ඵලදායී ක‍්‍රමයක් නොවෙයි. මෙය ඇතැම් විට ගස්වැල් වලට හානි කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විද්‍යාත්මක ක‍්‍රමයට කාබනික පොහොර නිපදවා ගැනීමටයි අතිෂයින් වැදගත් වන්නේ.

    වගාවේදී කාබනික පොහොර වැදගත් වන්නේ ඇයි ?

    ගෙවතු වගාවේදී පමණක් නොවෙයි  ඕනෑම වගා ක‍්‍රමයකදී කාබනික පොහොර විසින් ඉතා වැදගත් කාර්යයන් රැසක් ඉටු කරනවා.

    1. ශාකවලට අවශ්‍ය මූලික පෝෂක වර්ග ලබාදීම.

    2. හිතකර පාශූ වාතාවරණයක් සකසා දීම.

    3. ශක්තිමත් ශාකයක් වර්ධනය වීම.

    4. පසේ ජලය රඳවා ගැනීමට උපකාරී වීම.

    අමුද්‍රව්‍ය

    කාබනික පොහොර සකස් කර ගැනීම සඳහා පහත සඳහන් අනුපාතවලට කාබනික ද්‍රව්‍ය මිශ‍්‍රණයක් සකසා ගත යුතුයි.

    1. වියළි කොළ සියයට 30 ක්.

    2. අමුකොළ සියයට 30 ක්.

    3. ගොම/ කුකුළු පොහොර/ එළු පොහොර සියයට 30 ක්.

    4. මුහුන් සියයට 10 ක්.

    5. ජලය.

    සාදා ගන්නා ආකාරය

    1. පළමුව වියළි කොළ සහ අමු කොළ වර්ග එකට මිශ‍්‍ර කර මිශ‍්‍රණය ජලයෙන් තෙමන්න. ( සියයට 60 ක් පමණ)

    2. ගොම, කුකුල් පොහොර, එළු පොහොර මිශ‍්‍රව ගෙන එම මුහුන් ගොඩ මතට දමා හොඳින් කලවම් කරන්න.

    3. සෝදා නොයන ස්ථානයක ඉහත මිශ‍්‍රණය අඩි 3 ක් පළල හා දිග අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන ගොඩ ගසන්න. මෙම ගොඩ තැලීම හෝ පෑගීම නොකළ යුතුය. ඒ මතට (මුහුන්) පොහොර හෝ පරණ කොම්පෝස්ට් සමාකාරව විසුරුවා හරින්න.

    4. කොම්පෝස්ට් ගොඬේ දාරය අංශය 45 ක ඇළයට සිටින සේ ගොඩ ගසන්න.

    5. මෙම ගොඩ මතුපිට පස්වලින් අඟල් පමණ වසා ඉන්පසු පිදුරු හෝ පොල්අතු වලින් මතුපිට ආවරණය කරන්න.

    6. දින 15-20 ත් අතර එකවරක් පමණක් එම ගොඩ කොටා මිශ‍්‍රකර නැවත ගොඩගසන්න.

    ඔබ මේ ආකාරයෙන් නිවැරදි ක‍්‍රමයට ක‍්‍රියා කළහොත් දින 25-30 අතර කාලයක් තුළ වඩාත් හොඳ කොම්පෝස්ට් පොහොර සකස් කර ගත හැකියි.

    පි වැවුවට වැඩක් නැහැලූ ? ඒ ඇයි ?

    පසුගිය දශක කිහිපය පුරා වල්නාශක හා කෘමිනාශකවලට අපි හුරු වෙලා හිටිය නිසා නානාප‍්‍රකාර පළිබෝධකයින් අද අපේ භූමියේ සුලභ වෙලා තිබෙනවා. ඒ නිසා ගෙවතු වගාකරුවන් අතර පවතින ප‍්‍රධාන මැසිවිල්ලක් තමයි ‘අනේ අපි කොච්චර හොඳ වැවුවත්, සාත්තු කළත් මලක්වත් ආවේ නැහැනේ. එක එක ජාතියේ පණුවෝ ඇවිත් ඒවා විනාශ කළානේ ’ වාගේ ගැටලූ.

    ගෙවතු වගාවට හානිකරන පළිබෝධකයින් ( කෘමි හා වල් * පාලනය සඳහා ඔබ කිසිසේත් විස රසායන ද්‍රව්‍ය භාවිත නොකළ යුතුයි. එවැනි දේකට ඔබ යොමු වුනොත් ඔබ ගන්නා උත්සාහයන් ගඟට ඉණි කැපුවා වාගේ වෙනවා. ඒ නිසා ඔබ ගෙවතු වගාව සඳහා ‘කාබනික පළිබෝධ නාශක’ ම භාවිත කිරීමට උනන්දු විය යුතුයි.

    ගෙවතු වගාව සඳහා භාවිත කළ හැකි කාබනික පළිබෝධ නාශක මොනවාද ?

    මේ සඳහා ඔබට ඉතා පහසුවෙන් සපයාගත හැකි ශාකසාර කාබනික පළිබෝධ නාශක රැසක් තිබෙනවා.

    1. කොහොඹ ඇට.
    2. කොහොඹ කොළ සිරය.
    3. ගව මුත‍්‍ර.
    4. සේර.
    5. අනෝදා ඇට.
    6. කොච්චි සාරය.
    7. දුම්කොළ නැටි.
    8. වල් සූරියකාන්ත.
    9. පැපොල කිරි සාරය.අරලිය මල්.
    10. සුදු ළුණු.
    11. තක්කාලි දඬු.
    12. කුරුඳු කොළ.
    13. රතු ළුණු බල්බ සාරය.

    මෙම ශාකසාර කාබනික පළිබෝධ නාශක පහත සඳහන් ආකාරයෙන් සකස් කරගත හැකියි.

    කොහොඹ ඇට

    කොහොඹ ඇට ග‍්‍රෑම් 50 ක් හොඳින් අඹරා ජලය ලීටරයකට මිශ‍්‍රකර අඳුරු ස්ථානයක පැය 12 ක් තබා මිශ‍්‍රණය පෙරාගෙන සබන් හෝ සේදුම් කුඩු හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර බෝගයට යොදන්න.

    මෙමගින් ගෙඩි හා කඳ විඳින පණුවන්, කොළ කන දළඹුවන් / පණුවන් හා කීඩෑවන් පාලනය කළ හැකියි.

    කොහොඹ කොළ සිරය

    කොහොඹ කොළ කිලෝ ග‍්‍රෑම් 1-2 හොඳින් අඹරා ජලය ලීටර 4 ක් මිශ‍්‍රකර මැටි භාජනයක දින 3 ක් තබා පෙරා සබන් හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර බෝගයට යොදන්න.

    මෙමගින් කූඩිත්තන්, කීඩෑවන්, පැළමැක්කන්, ගුල්ලන්, සුදු මැස්සන්, ගොළුබෙල්ලන්, කොරපොතු කෘමීන්, හා කොළ කන පණුවන් පාලනය කළ හැකියි.

    ගව මුත‍්‍ර

    සති දෙකක කාලයක් හිරු එළියට නිරාවරණය වන සේ තබා 6 ගුණයක් තනුක කර යොදන්න. මෙමගින් කෘමි හා දිලීර රෝග පාලනය කළ හැකියි.

    සේර

    කොළ හා මුල් ග‍්‍රෑම් 250 ක් කොටා ජලය ලීටරයක දියකර වගාවට ඉසින්න. මෙමගින් බැක්ටීරියා රෝගය පාලනය කළ හැකියි.

    අනෝදා ඇට

    අනෝදා ඇට පතක් කොටා ජලය ලීටරයක දියකර පෙරා යෙදීම මගින් යුෂ උරා බෙන මකුණන්, පැළ/ පත‍්‍ර කීඩෑවන් පාලනය කළ හැකියි.

    අනෝදා කොළ

    අනෝදා කොළ ග‍්‍රෑම් 250 ක් ජලය ලීටර දෙකක් සමග ලිප තබා රත්කර ජලය ලීටරය දක්වා හිඳවා ගන්න. මෙම ද්‍රවණය වගාවට යෙදීම මගින් කූඩිත්තන් සහ සුදු මැක්කන් පාලනය කළ හැකියි.

    කොච්චි සාරය

    කොච්චි ග‍්‍රෑම් 100 ක් අඹරා ජලය ලීටරයකට කලවම් කර පැය 24 ක් තබා පෙරා අදාළ ද්‍රාවනය මෙන් 5 ගුණයක් ජලය කලවම් කර වගාවට යෙදීම මගින්, කුහුඹුවන්, කූඩිත්තන්, පණුවන් හා ගුල්ලන් පාලනය කළ හැකියි.

    දුම්කොළ නැටි

    දුම්කොළ නැටි අහුරක් ගෙන ජලය ලීටරයකට දමා උතුරුවා නිමෙන්නට හැර පෙරා ඉසීම මගින් ඔබේ වගාවේ පණුවන් ( කීටයන්) මර්ධනය කළ හැකියි.

    වල්සූරියකාන්ත

    වල්සූරියකාන්ත කොළ කිලෝග‍්‍රෑම් 1-2 ක් කොටා ජලය ලීටරයක දියකර ඉසින්න. මෙමගින් දියමන්ති සලඹයා, රතුකපු පණුවා ඇතුළු පණුවන් මර්ධනය කළ හැකියි.

    පැපොල් කිරි සාරය

    ලොකු පැපොල් ගෙඩියක කිරි ජලය ලීටරයක දියකර වගාවට ඉසීම මගින් මයිටාවන්, කූඩිත්තන්, මිරිස් වගාවේ කොළ කොඩවීම පාලනය කළ හැකියි.

    අරලිය මල්

    අරලිය මල් කිලෝවක් ජලය ලීටර් 3 කට මිශ‍්‍රකර දින 04 ක් තබා මිශ‍්‍රණයට සීනි හැදි 3 ක් යොදා පෙරා සබන් හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර වගාවට ඉසින්න. මේ මගින් ඔබේ ගෙවතු වගාවට හානිකර කෘමීන් පාලනය කළ හැකියි.

    සුදු ළුණු

    සුදුළුණු ග‍්‍රෑම් 100 ක් අඹරා භූමිතෙල් තේ හැදි 03 කට කළවම් කර ජලය ලීටරයකට සබන් ග‍්‍රෑම් 10 ක් මිශ‍්‍රකර පැය 24 ක් තබා පෙරා ගන්න. ඉන් පසු එය 4 ගුණයක් තනුක කර වගාවට ඉසින්න. මේ මිශ‍්‍රණය මගින් සියලූම වගාවල කූඩිත්තන්, කොළකන දළඹුවන් වැනි කෘමීන් පාලනය කළ හැකියි.

    තක්කාලි දඬු

    තක්කාලි කඳන්, පත‍්‍ර හෝ ශාකයේ කොටස් සිහින්ව කපා පොඩිකර එකට එකක් ජලය එකතු කර මද ගින්නේන් තම්බා පෙරා වගාවට ඉසින්න. මෙම ද්‍රවණයේ ඇති කෘමි විකර්ෂක ගුණය නිසා කෘමීන් පළවා හැරිය හැකියි.

    කුරුඳු කොළ

    කුරුඳු කොළ ග‍්‍රෑම් 250 කට ජලය ලීටරයක් එක් කර හොඳින් අඹරා පෙරා එම සාරය වගාව ඉසීම මගින් පේර වගාවේ රෝග පාලනය කළ හැකියි.

    රතුළුණු බල්බ සාරය

    මැටි භාජනයකට වතුර ලීටරයක් දමා හොඳින් උණු කරන්න. ඊට රතුළුණු කිලෝවක් දමා පැය 24 ක් තබා රෙදි කඩකින් පෙරා ගන්න. ඉන් පසු එයට ජලය ලීටර 10 ක් මිශ‍්‍රකර වගාවට ඉසින්න. මෙමගින් කුහුඹුවන්, කොරපොතු කෘමීන්, මයිටාවන් සහ පැළ මැක්කන් පාලනය කළ හැකියි.

    මිරිස් කොළ කොඩවීමට නිවැරදි පිළියමක්

    අපේ සෑම ගෙවත්තකම වාගේ මිරිස් පැළ කිහිපයක් දැකිය හැකියි. ඒ වගේම තමයි ගෙවතු වගාවේදී මිරිස් ගැන විශේෂ උනන්දුවක් ද තිබෙනවා. ඒත් ගෙවතු වගාවේදී වැඩියෙන්ම හානියට පත් වෙන්නේ ඔබ මහත් ආසාවෙන් වගා කරන මිරිස් පැළ ටික.

    මිරිස් වගාවට විශාලම හානියක් සිදුවන්නේ ‘කොළ කොඩවීම’ මගිනුයි. මේ තත්ත්වය පාලනයට පහත සඳහන් ක‍්‍රමවේදය ඔබට ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකියි.

    ගෙන්දගම්, අළුහුණු, දැවඅළු, පෙරුම්කායම් සම සමව ගෙන හොඳින් කලවම් කරන්න. ඊට පසු දැල් රෙදි කැබැල්ලක් ගෙන ඉහත සියල්ල ඒ තුළට දමා පොට්ටනියක් සාදා ලී කෝටුවක ගැටගසා හානිය ඇති ගස්වලට ගොස් වෙනත් කෝටුවක් උපයෝගී කර ගනිිමින් පොට්ටනිය සහිත ලීයට තට්ටු කරන්න. මෙය සතියකට වරක් කිරීම මගින් ඔබේ වටිනා මිරිස් වගාවේ කොළ කොඩවීමේ රෝගය පාලනය කරගත හැකියි.

    කාබනික පළිබෝධ නාශක සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද ?

    1. නිරෝගී ශාක කොටස් පමණක් තෝරා ගන්න.
    2. එම අමුද්‍රව්‍ය නිර්දේශිත ප‍්‍රමාණයට පමණක් යොදන්න.
    3. පිරිසිදු ජලය භාවිත කරන්න.
    4. සැකසීම සඳහා වෙන්කර ගත් උපකරණ ඒ සඳහාම භාවිත කරන්න.
    5. කාබනික පළිබෝධ නාශක භාවිතයේදී සැලිකිලිිමත් විය යුතු කරුණු මොනවාද ?
    6. බෝගයට යෙදීමට පෙර මේරූ අස්වැන්න නෙලා ගන්න.
    7. සවස් කාලයේදී යෙදීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකියි.
    8. වර්ෂාවට හසුවොන සේ යොදන්න. අවශෝෂණයට පැය 3-4 ක් පමණ ගතවේ.
    9. සාදාගත් මිශ‍්‍රණය එක්වරක් පමණක් භාවිත කරන්න.
    10. කුඩා ළමුන් හා සුරතල් සතුන්ගෙන් ආරක්ෂාකාරීව තබන්න.

    ඉහත සඳහන් විධිමත් ක‍්‍රමවේද මගින් ඔබ විසින් ම සකසා ගන්නා කාබනික පළිබෝධ නාශක මගින් වාසි කිහිපයක් ඔබට ලබාගත හැකියි.

    1. ශාක නිස්සාරකවල කල් පවතින විෂ රසායනික අඩංගු නොවන නිසා දීර්ඝ පසු අස්වනු කාලයක් අවශ්‍ය නොවීම.
    2. පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙන විවිධමාදිලි ඇතිවීම වැළකීම.
    3. පරිසර හිතකාමී වීම.
    4. වගා වියදම අඩුවීම.
    5. යොදන පුද්ගලයාට හානි නොවීම.
    6. ජෛව විවිධත්වයට හානි නොවීම.

    ඉහත සඳහන් පරිදි ඔබේම ගෙවත්ත ඔබම විසින් කළමනාකරණය කරගත හොත් ඔබ වඩාත් නිරෝගී පුරවැසියෙකු වනවා පමණක් නොව අනාගත පරපුර උදෙසා ලෝකය සුරක්ෂිත කළ වගකිව යුතු පුරවැසියෙකු වන බව ද සහතිකයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන ඇසුරිණි – සැකසුම – තුෂාර වල්ගම

  • Covid-19: කැද පානය – දුම් ඇල්ලීම ගැන ආයුර්වේද කොමසාරිස්ගේ මතය

    Covid-19: කැද පානය – දුම් ඇල්ලීම ගැන ආයුර්වේද කොමසාරිස්ගේ මතය

    කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත.

    ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි.

    කොරෝනාවෛරසය පාලනයට ආයුර්වේද ඖෂධ භාවිතය මේ දක්වා අවසර ලැබී නොමැති බැවින්, වඩාත් යෝග්‍ය වන්නේ වෛරසය ශරීර ගතව ඇතැයි සැක සහිත පුද්ගලයන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරන රජයේ රෝහලකට ඇතුළත් වීම බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    ඔබට මෙම සම්පූර්ණ හඩපටය https://www.bbc.com/sinhala/sri-lanka-52248523 ඔස්සේ නැරඹිය හැකියි.

  • ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ.

    ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරමින්.

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් මෙන් කිසිවෙකුට නම්‍යශීලී විය නොහැක – ඔහුගේ පුතා හැර‘ මෙහෙම ලියන්නේ සී.එන්.එන්.වාර්තාකාරිනී ඇලා එලසාර්,  Alaa Elassar.

    දැන් කතාවට එමු, බෙන පසුගිය  බදාදා ඉන්ස්ටග්‍රෑම් සටහනක් සහ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළා. මොහොතකින් මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වුණා.

    බෙනා තම පියාගේ සුප්‍රසිද්ධ ශරීර ගොඩනැගීමේ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කළ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ සටහනක් තමයි ඉන්ස්ටග්‍රෑම් සටහනේ තිබුණේ.

    “යම් ඉරියව්වක් පුහුණු වීමට සුදුසුම කාලය!” 22 හැවිරිදි බේනා ලියා තිබුණා.

    පසුගිය අපේ‍්‍රල් මාසයේදී “ටර්මිනේටර්” ෂ්වාස්නෙගර් සිය පුතා සමඟ බෙනාගේ විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී ඡායාරූපයක් පළ කළේය.

    “සුභ පැතුම් ජෝසප්! පෙපර්ඩීන් හි වසර හතරක් වෙහෙස මහන්සි වී වැඩ කළ අද ඔබේ ජයග්‍රාහී දිනයයි! ඔබ සැමරුම සියල්ලම උපයාගෙන ඇති අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි. මම ඔබට ආදරෙයි!” ෂ්වාස්නෙගර්  ට්වීට් කළේය.

    ක්‍රියාදාම චිත්‍රපට තරුව 2003 සිට 2011 දක්වා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

  • ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කොරෝන මර්දන යෝජනා – 2

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කොරෝන මර්දන යෝජනා – 2

    ‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී  ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රට තුල ඇති වී ඇති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වලටද අනුගතව, ‘මුළු ආණ්ඩුව’ සහ ‘මුළු  ප්‍රජාවම’ යන ප්‍රවේශයන් භාවිතයෙන් දැනට ගෙන යනු ලබන විද්‍යාව සහ නීතිය පදනම් කරගත් ක්‍රියාමාර්ග  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අනුමත කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතියේ සියලු තානාන්තර හරහා රාජකාරි ඉටු කරන, එනම් මුලික මට්ටමේ මහජනතාව සමඟ ගැවසෙමින් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සිට ඉහලම මට්ටමේ තාක්ෂණික දැනුම සහිත ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පරිපාලකයින් ඇතුළු මුළු මහත් සියල්ලන්ම විවිධ විෂයාංශ හරහා විවිධ මට්ටමින් සපයනු ලබන සක්‍රිය සහ අද්විතීය සේවාවන් දැනට රට තුල ඇති වී ඇති මෙම වසංගත තත්ත්වය මේ අන්දමින් පාලනය කිරීම සඳහා ඉමහත් ලෙස ඉවහල් වී ඇති බව අප සංගමය පෙන්වා දීමට අදහස් කරන්නෙමු. එමෙන්ම අතරින් පතර ස්වල්ප වශයෙන් වාර්තා වූ වගකීම් විරහිත හැසිරීම් කිහිපයක් හැරුණු කොට, කොවිඩ්-19  වසංගතය මැඩපැවැත්වීමට දියත් කරන ලද සමාජ දුරස්ථකරණය ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා මහජනතාවගෙන් ලැබුණු සහයෝගය ද  ප්‍රශස්ත මට්ටමක පැවතුනි. මෙම තත්ත්වය තව දුරටත් යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා දැනට ගෙනයනු ලබන  මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මෙම ගම්‍යතාවයෙන්ම පවත්වා ගැනීම අවශ්‍ය වේ.  

    රූපය1:  ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව

    2020 අප්‍රේල් 8 වන දින වනවිට ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 185ක් ලෙසත් මරණ 7 ක් ලෙසත් වාර්තා වුනි (රූපය 1). මේ වනවිට අප රට, පවුල් (family clusters) හෝ ග්‍රාමීය (village clusters) පොකුරු රෝගීන්  වාර්තා වන වසංගතයේ තෙවන අදියරේ සිටී. මීළඟ වසංගත අවධියට එළඹී පසු රට තුල කොවිඩ්-19 වසංගතය පාලනය සහ රෝගීන් ඇතිවීම වලක්වාගැනීම ඉතා අපහසු කාර්යයක් වන බැවින්, ශ්‍රී ලංකාව සිව්වන අවධිය හෙවත් සමාජගත සම්ප්‍රේෂණය (community transmission) වෙත එළඹීම වැලැක්වීම සඳහා ගතහැකි ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් සියලු ප්‍රයත්නයන් දරා ඇත.

    සමහරක් ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාවේ රෝගීන් වාර්තා වීම රූපය 2 හි දක්වා ඇත.

    රූපය2:  තෝරාගත් ආසියාතික රටවල එකතු කල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව

    වසංගත වක්‍රය පැතලි කිරීම සදහා ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනේ. එහෙත් රටක වසංගතය මැඩලීමේ සාර්ථකත්වය වඩාත් නිවැරදිව නිර්ණය කළ හැකි වන්නේ රටේ ස්වභාවය සහ විශේෂිත වූ තත්ත්වයන් සහ ජනගහණයේ මිලියනයකට සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණ ගණන වැනි නිර්ණායක සමග සැසදීමෙනි. මේ සදහා කොවිඩ් 19 වසංගත තත්වය පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමත් කාලීනව ප්‍රගතිය සමාලෝචනය කිරීමත් අත්‍යවශ්‍යවේ.

    ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය  උන්නතිය පිළිබදව ප්‍රමුඛතම වෳත්තික සංවිධානය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කොවිඩ් 19 වසංගතය පාලනය සදහා පහත සදහන් යෝජනා / ක්‍රමඋපායයන් නිර්දේශ කෙරේ.

     1. ජාතික මට්ටමින්  සහ පළාත් මට්ටමින්  වසංගත ප්‍රතිචාරය  සමායෝජනය කිරීම

    ජාතික මට්ටම සහ බිම් මට්ටම අතර එලදායී සම්බන්ධීකරණය වසංගතය පාලනය කිරීම සදහා මුලික අවශ්‍යතාවයකි. විවිධ විශේෂඥ කණ්ඩායම් සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල මේ සදහා දායකත්වය සපයන බැවින් මෙම ක්‍රියාදාමයේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය හැක. දැනට යෝජනා කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ජාතික සහ පළාත් මට්ටමේ ගැටළු සහගත තත්වයන් අප නිරීක්ෂණය කර ඇත. ඇතැම් විට ඉහළ  මට්ටමේ පාර්ශ්වකරුවන් මෙම ක්‍රියාදාමයට නිසි පරිදි අනුගත වීමක් නොපෙන්වන අතර බිම් මට්ටමේදී ද අදාළ මාර්ගෝපදේශයන් නිලධාරීන් විසින් අනුගමනය නොකරන විවිධ අවස්ථා වාර්තා වී ඇත.

    එබැවින් ජාතික මට්ටමේ සහ බිම් මට්ටමේ කණ්ඩායම් අතරත්, රෝග ප්‍රතිකාර සහ නිවාරණ කාර්ය මණ්ඩල අතරත්, මේ එක් එක් කාණ්ඩයේ අනු කාණ්ඩ අතරත් වඩාත් එලදායි සම්බන්ධීකරණයක් ඇති කිරීම සදහා නැවත පසු විපරමක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.

    2. පරික්ෂා කරනුපරීක්ෂා කරනුපරීක්ෂා කරනු (සැමවිටම පරීක්ෂා කරනු) – යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමෝපාය අනුගමනය කරන්න.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි යම් රටක් විසින්; රෝගය ඇතැයි සැක සහිත පුද්ගලයන් සොයා ගැනීම, පරීක්ෂණ මගින් රෝගය ඇත්දැයි තහවුරු කර ගැනීම, නිසි ලෙස ප්‍රතිකාර කිරීම, අන් අයට රෝගය බෝ නොවන පරිදි වෙන්කර තැබීම, ඔවුන් ඇසුරු කළ අය සොයා නිරෝධායනය කිරීම, රෝගය පාලනය සඳහා නිවැරදි ප්‍රතිචාර දැක්වීමට ප්‍රජාව යොමුකරවීම යන ක්‍රියාවලියන් නිසි පරිදි සිදු කරන්නේ නම්, එම ආසාදිත පුද්ගල රෝගීන් පොකුරු ඇති වීමත්, එම රෝගීන් පොකුරු හරහා ප්‍රජාව තුළ රෝගය සම්ප්‍රේෂණය වීමත් වළකාගත හැකිය.

    කොවිඩ් – 19 වෛරස පරීක්ෂණ කිරීමේ එක් මූලික අරමුණක් වනුයේ රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් රෝගය අන් අයට බෝ කළ හැකි ආසාදිත රෝග වාහකයන් හඳුනාගෙන, ඔවුන් වෙන් කොට තැබීම මගින් නොදැනුවත්වම ඔවුන් හරහා අන් අයට රෝගය බෝ වීම වැළැක්වීමයි. සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවලින් ලබා ගත හැකි සාක්ෂි හා අත්දැකීම් වලට අනුව ඉතා දැඩි එසේත් නැතිනම් “ආක්‍රමණශීලී” ලෙස රෝගය සඳහා පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් වසංගත වක්‍රය පැතලි කරගත හැකි බව එනම් රෝගය පැතිර යෑමේ වේගය අඩාල කර ගත හැකි බව පෙනීයයි. ශ්‍රී ලංකාව ට අදාලව තත්ත්වය සලකා බැලීමේදී ඉහත කී පරිදි රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් මෙන්ම රෝග ලක්ෂණ රහිත වාහකයක් හඳුනා ගතහොත්, ඇඳිරිනීතිය පැනවීම, ගමනාගමනය සීමා කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවීමේ අවශ්‍යතාවය අවම කර ගත හැක.

    වසංගතය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මුල් අවධියේදී  කොවිඩ් 19 පරීක්ෂණයට යොමු විය යුත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳව වඩාත් සීමාකාරී එසේත් නැත්නම් දැඩි නිර්නායකයන් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලැබිණි.  නමුත් වසංගත තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන අවස්ථාවක මෙම මන්දගාමී පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය සහ පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව සීමාසහිත වීම නිසා, වසංගතය පාලනය කිරීමට සිදු කෙරෙන ක්‍රියාවලියට බාධා පැමිණවිය හැකිය. අපට පෙනී යන පරිදි මෙසේ රීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය වඩා තීව්‍ර ලෙස කිරීමට බාධාවන් වී ඇත්තේ විවිධ යටිතල පහසුකම්,  සැපයුම් හා සේවාවන් ගේ ඇති ගැටලුය. FDA ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරීක්ෂණ කට්ටල සපයා ගත හැකිනම්, මෙම රෝගය සඳහා සඳහා සිදුකරන RT PCR පරීක්ෂණය සිදුකළ හැකි GeneXepert නැමැති යන්ත්‍රය සහිත පර්යේෂණාගාර බොහෝ ගණනක් දිවයින පුරා පැවතිය ද දැනට එම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ මධ්‍යස්ථාන හතක පමණි (වෛද්‍ය පර්යේෂණායතනය, මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, ජාතික බෝවන රෝග ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය).

    මේ සම්බන්ධයෙන් අප ගේ යෝජනා වනුයේ:

    1.  තාක්ෂණික විශේෂඥ මණ්ඩලයක් මගින් රෝගය ඇති බවට සැක සහිත පුද්ගලයන් හා ඇසුරු කළ අය වඩාත් වැඩි ගණනක් පරීක්ෂණයට ලක්කල හැකි පරිදි පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් වඩා පුළුල් කළ යුතුය. එලෙසම පරීක්ෂණයට ලක්කළ යුතු පුද්ගලයින්ගේ පැහැදිලි ප්‍රමුඛතා ක්‍රමවේදයක් සහිතව සංශෝධනය කළ යුතුය.
    2.  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අනෙකුත් රෝහල් වල සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා RT PCR පරීක්ෂණය පිළිබඳ අත්දැකීම් ඇති, GeneXepert යන්ත්‍ර සහිත රසායනාගාර  වල සේවයේ නියුතු විද්‍යාඥයන් ගේ සේවය ලබාගැනීම.
    3.  ඉහත කී GeneXepert යන්ත්‍ර යොදාගෙන වෛද්‍ය පර්යේෂණායතනය තුළ වඩා විශාල රසායනාගාරයක් පිහිටුවා එහි සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා ඉහත කී විද්‍යාඥයන් යෙදවීම.
    4.  එකවර පරීක්ෂාකල හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ දැමිය හැකි ක්‍රමවේදයක් වන නියැදි එකට දමා පරික්ෂා කිරීමේ ක්‍රමවේදය (Pooled sampling) PCR පරීක්ෂණය සඳහා යොදා ගැනීම.
    5.  ප්‍රතිදේහජනක (Antigen) හා ප්‍රතිදේහ (Antibody) ක්ෂණික පරීක්ෂාවන් යොදා ගැනීමේ විද්‍යාත්මක භාවය හා ශක්‍යතාවය පිළිබඳ සොයා බැලීම

    යෝජිත සංශෝධන මඟින් පරීක්ෂණ නිර්නායකයන් ලිහිල් කිරීමත් සමග ඉහළ යා හැකි පරීක්ෂණ සංඛ්‍යාව හා සමගාමීව පරීක්ෂාවට ලක්වන කණ්ඩායම් වල ප්‍රමුඛතාවය තීරණය කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය. තවද පරීක්ෂණය මගින් හඳුනා ගැනෙන රෝගීන්ගෙන් රෝහල් පිරී යෑම වැළැක්වීම සඳහා වෙනත් විකල්පයන් සලකා බැලිය යුතුය. මෙසේ හඳුනා ගැනෙන රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් හා සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සඳහා ස්වයං නිරෝධායනය හෝ වෙනම නිරෝධායන මධ්‍යස්ථානයන් ඇති කිරීම සලකා බැලිය හැක.

    3. වසංගතයේ විකාශනය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථන

    මෙම වසංගතය සඳහා දක්වන ප්‍රතිචාරයේදී මූලික අවශ්‍යතාවයක් වනුයේ වසංගතයේ ඉදිරි හැසිරීම පිලිබද හැකිතාක් දුරට නිවැරදි පුරෝකතනයක් එසේත් නැතිනම් අනාවැකි ලබාදිය හැකි, ශ්‍රී ලංකාවට ආවේණික වූ තත්ත්වයන් හා දත්ත මත පදනම් වූ මොඩලයකි. එමගින් ජනතාව තුළ පවතින දැවෙන ප්‍රශ්නයක් වන “මෙම වසංගතය කවදා කෙලෙසක අවසන් වේද?” යන පැනයට පිළිතුරක් ලබාදිය හැක. වසංගතයට මුහුණදීමේ කාර්යයේ ප්‍රධාන කොටස් කරුවකු හැටියට ශ්‍රීලංකාවට ආවේණික වූ දත්ත මත පදනම් වූ මොඩලයක් ආධාරයෙන් වසංගතයේ ඉදිරි හැසිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමේ වගකීම ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වෙත පැවරේ. මේ සම්බන්ධයෙන් අපගේ නිර්දේශය වනුයේ, විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥතාවයක් සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකට මෙම කාර්යය භාර කොට ශ්‍රී ලංකාවේ නිවැරදි දත්ත යොදා ගනිමින් එවැනි මොඩලයක නිරවද්‍යතාවය තහවුරු කලයුතු බවයි. ඉන්පසු එම මොඩලය අදාළ වෘත්තීයවේදී කණ්ඩායම් මගින් තවදුරටත් දියුණු කොට වසංගත ප්‍රතිචාර ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී යොදා ගත යුතු බව අප සංගමය තව දුරටත් යෝජනා කරයි.

    දැනට පවතින වාතාවරණය අනුව මෙම වසංගතය සම්බන්ධ දත්ත, ඒවා අර්ථවත්ව භාවිතා කිරීමට හැකිවන පරිදි පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් නොමැත. වසංගතය අවසාන වූ පසු දත්ත නිකුත් කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගැනීමට නොහැකි වනු ඇත. වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණදෙන යථා තත්ත්වය නිවැරැදිව තේරුම් ගැනීම සඳහා පරිපූර්ණ වසංගතවේදී පරීක්ෂණයක් ආරම්භ කිරීම වැදගත් වේ.

    ජාතික තලයේ එක් රැස් කරන දත්ත, ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයේ බෝවීමේ ප්‍රවණතාව, රෝගය ඉස්මතු විය හැකි විවිධ ආකාර, රෝගයේ සායනික චර්යාව, රෝගය සඳහා කරන පරීක්ෂණවල ප්‍රතිඵල, වැනි මෙතෙක් හරිහැටි හඳුනා නොගැනුණු, රෝගයේ විවිධ පැතිකඩයන් නිර්ණය කර ගැනීමට යොදා ගැනීම තුලින් එම දත්ත වසංගත ප්‍රතිචාර ක්‍රියාවන් සඳහා යොදාගත යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තරයේ විශ්වාස කරයි.

    එලෙස ගණනය කරනු ලබන වසංගතයේ විවිධ අවධීන් සඳහා අදාළ R0 සහ  Rt වැනි නිර්නායකයන් ඇතුළු අනෙකුත් අර්ථ නිරුපනයන් මගින්, කොවිඩ් 19 ට අදාළ  රෝගී භාවය නිර්වචනය සංශෝධනය කිරීම,  පරීක්ෂණ සඳහා නිර්නායකයන් තීරණය කිරීම සහ ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කාර්යයන් සඳහා මග පෙන්විය හැක. දත්ත විශ්ලේෂණය, පුරෝකථනයන් ලබාදීම හා රෝග නිවාරණ ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා රෝගය සම්බන්ධ නිවැරදි හා සම්පූර්ණ පුද්ගල මට්ටමේ දත්ත,  තාක්ෂණික විශේෂඥයන් වෙත ලබාදිය යුතු බව අවධාරණය කරමු. පරිපුර්ණ සම්පත් දායකයින්ගෙන් සමන්විත විද්වත් සංගමයක් ලෙස දත්ත විශ්ලේෂණය, අවශ්‍ය පරිදි සාක්ෂි ගොඩනැගීම වැනි කාරණා සඳහා අපගේ විශේෂඥතාවය නිල වශයෙන් ලබාදීම මගින්,  දේශීය වශයෙන් පැනනැගී ඇති තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට හා ගැටළුකාරී අවස්ථා නිරාකරණය කරගැනීම ආධාර කිරීම හා සාක්ෂි මත පදනම් වූ උපදෙස් ලබාදීම මගින් විශේෂ කාර්යසාධක බලකාය වෙත අපගේ සහාය ලබාදීමට අපට හැකියාව ඇති බව ප්‍රකාශ කරමු.

    4. අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් ප්‍රවේශය 

    මෙමගින් අදහස් කෙරෙන්නේ වසංගතය සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි විවිධ තත්ත්වයන්ට අනුරූපව එයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය තීරණය කිරීමයි. අප සංගමයේ නිරීක්ෂණය වන්නේ ගැටළු එනතුරු සිට ක්ෂණිකව කළමණාකරණ කිරීමේ ක්‍රමවේදයක් මගින් පමණක් දිගුකාලීන වශයෙන් මෙම අර්බුදයට සාර්ථක විසඳුමක් ලබාගත නොහැකි බවයි. ඒ වෙනුවට අප ඉහත සඳහන් කළ ආකාරයේ අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් මොඩලයක් ආධාරයෙන් ලබාගත හැකි පුරෝකථන මත පදනම් වෙමින් ඇතිවිය හැකි, වසංගතයේ විවිධ අවස්ථාවන්ට අනුරූප වන පියවරයන් අනුගමනය කළ යුතුය. අනාගතයේ ඇති වීමට වඩාත් සම්භාවිතාවයක් ඇති තත්ත්වයන් විද්‍යානුකූලව නිර්ණය කොට කල්තබා ඒ සඳහා මුහුණ දෙන ක්‍රමවේදයන් ඇති කළ යුතුය.

    අවස්ථාව 1   -ප්‍රජාව තුළ රෝගය සම්ප්‍රේෂණය වෙමින් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ යෑම හා රෝග වැළැක්වීමේ  ක්‍රමවේදයන් ගේ පාලනයේ සීමා ඉක්ම යෑම (ඇතිවිය හැකි නරකම තත්ත්වය මෙයයි)

    අවස්ථාව 2   -දැන් පවත්නා පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියට බරක් නොවෙමින් අතරින් පතර රෝගීන් වාර්තා වීම.

    අවස්ථාව 3   -සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වල අය රෝගී වීම හා සැපයුම් පහත වැටීම නිසා සෞඛ්‍යය පද්ධතියේ හැකියාව එසේත් නැතිනම් ධාරිතාව පහත වැටීම

    අවස්ථාව 4   -වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වීම

    5.  මුඛ ආවරණ පැළඳීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශකත්වය

    මෙම වෛරසය ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන / හෝ රෝග ලක්ෂණ ඇතිවීමට පෙර  පුද්ගලයින් සමඟ ලඟින් ඇසුරු කිරීම මගින්ද පැතිරිය හැකිබව දැන් සොයාගෙන ඇත. මුඛ ආවරණ පැළඳීම හරහා සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි බව සමහර රටවල් පෙන්වා දී ඇතිමුත්, රෝගය බෝවීම වැළැක්වීමේ ක්‍රමවේදයක් වශයෙන් මුහුණු ආවරණ පැළඳීම සමස්ත ප්‍රජාවටම නිර්දේශ කිරීම පිළිබඳව විවාද පවතී. සමස්ත ජනතාවට ම මුඛ ආවරණ සැපයීමේ ඇති ගැටලු හා මුඛ ආවරණ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවකයන් සඳහා ඒවා හිගවීමට ඇති හැකියාවද මෙම විවාදයන්ට පාදක වී තිබේ. මුඛ ආවරණ පැළඳීම තමුන්ගේ අභිමතය පරිදි සිදුකල යුතු අතර  එය අමතර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස පමණක් අවධාරණය කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අදහසයි.

    තවද ශ්‍රී ලංකාව තුළ ඇති තත්ත්වයන්ට ගැළපෙන පරිදි මුඛ ආවරණ පැළඳීම පිළිබඳව නිර්දේශ සැපයීම, අදාල විශේෂඥ සංගම් හා ආයතන මගින් දැනට ඇති දත්තයන් හා මාර්ගෝපදේශයන්  සාමූහිකව සමාලෝචනය කිරීමෙන් අනතුරුව සිදු කළ යුතුය.

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක නොසිට වඩා නිශ්චිතව පණිවිඩ මහජනයා වෙත ලබාදීම සඳහා,  විශේෂයෙන්ම ශල්‍ය නොවන සාමාන්‍ය මුඛ ආවරණ (ගෙදරදී සාදාගත් රෙදි  මුඛ ආවරණ ඇතුළු)  භාවිතය පිළිබඳව ඇති සාක්ෂි සලකා බලා එවැනි මුඛ ආවරණ සෞඛ්‍යාරක්ෂිත ලෙස භාවිතා කළ හැකි අන්දම මෙම සමාලෝචනයේදී හඳුනාගත යුතුය.

    6. ස්වයං නිරෝධායනය සහ මධ්‍යස්ථානයන්හි  නිරෝධායනය

    ඇතැම් අවස්ථාවල, ස්වයං නිරෝධායනය සිදුකිරීමේදී, ඒසඳහා ඇති උපදෙස් පිලිබඳ ප්‍රජාව අනුගත නොවීම විශාල අභියෝගයක් වන අතර එමගින් ඍණාත්මක ප්‍රථිපල ලබා දෙයි. එවැනි අවස්ථාවලදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන පරීක්ෂකවරයා විසින් වගකීමෙන් කටයුතු නොකරනු ඇතැයි නිගමනය කරනු ලබන්නන්  නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කිරීම සලකා බැලිය යුතුය.

    තවද, වෛරසයට නිරාවරණය වූ පුද්ගලයා ජිවත්වන නිවස ස්වයං නිරෝධායනයට ප්‍රමාණවත් නොවන ඉතා කුඩා වපසරියකින් යුතු නිවසක් නම් අදාල පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සියලුම දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්කළ යුතුය. මේ අවස්ථාවේදී තනි පුද්ගලයෙකු හෝ සුළු පිරිසකගේ පුද්ගලික නිදහස ගැන නොව  සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ සුබසිධිය  ගැන සිතා කටයුතු  කළ යුතුබව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශ්වාසයයි. පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රජා සෞඛ්‍ය  විශේෂඥයන් අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් විය යුතුය. 

    7.කොවිඩ් 19 රෝගීන් සඳහා සත්කාරය

    කොවිඩ් 19 රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේදී ඉහළම මට්ටමේ තීරණ ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂිත කණ්ඩායම් (උදා. මාතෘ සහ නව ජන්ම සහ  වයෝවෘද්ධ පුද්ගල) සඳහා සත්කාරය පිලිබඳව ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදිය යුතු අතර ඒසඳහා අවශ්‍ය උපකරණ සහ  අනෙකුත් ද්‍රව්‍යයන් නොඅඩුව ලබාදිය යුතුය.

    එසේම, රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයන්  සහ වාර්තා වී ඇති මරණ පිළිබඳව රෝගීන් ගේ සවිස්තර වාර්තා ගොඩනැගීම මගින් හා නිරන්තර සමාලෝචනය කිරීමෙන්  බෙහෝ දෑ ඉගෙනීමට සහ අවබෝධ කරගැනීමට හැකිවන අතර,  එම උගත් පාඩම් ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් කිරීමට, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිපත්ති සැකසීම සඳහාත් උපකාරීවේ.

    8. කොවිඩ් 19 නොවන අනෙකුත්රෝගීන් සඳහා සත්කාරය

    කොවිඩ්19 වසංගත තත්ත්වය හේතු කොටගෙන ඇතිවන සෘජු මරණ මෙන්ම,  ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන් හේතු කොටගෙන ඇතිවන වක්‍ර මරණ වැළැක්වීම යන දෙකම එක සමාන වැදගත් කමක් දරයි.  මෙරට වසරකට දළ වශයෙන් නේවාසික රෝගීහු  මිලියන 7 ක් (දිනකට 19200) සහ බාහිර රෝගීහු  මිලියන 56 ක් (දිනකට 153,400) රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගනිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පරිදි පරිදි කොවිඩ්19 අර්බුදය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සියලු රජයන් සහ රෝහලවල අඛණ්ඩව ලබා  දිය යුතු වේ. වසංගත තත්වය හේතු කොටගෙන, තෘතීයික සත්කාරක ආයතන ඇතුළු බොහෝ රෝහල් වල වෛද්‍ය සේවාවන් කොවිඩ්19 රෝගීන්ට සේවා සැපයීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම නිසා අනෙකුත් රෝගීන්හට තමන්ට අවශ්‍ය  සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ප්‍රවේශ වීමට සහ සේවාවන් ලබාගැනීමේ  හැකියාව අහිමි වී තිබේ. සෞඛ්‍ය සේවාවන් සඳහා යොමුවීමට ජනතාවගේ ඇති බිය නිසා එක් අතකින් සාමාන්‍ය රෝගී තත්වයන් හදිසි රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකි අතර අනිත් අතට සේවාවන් සඳහා යොමුවුවත් , සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සෘණාත්මක ප්‍රතිචාර එනම් රෝහලට ඇතුලත් කිරීම ප්‍රතික්ෂේප කිරීම / සේවා සැපයීම ප්‍රමාදකිරීම වැනි කාරණා හේතු කොට ගෙන, පහසුවෙන් වලක්වා ගත හැකි රෝගාබාධ මගින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහල යා හැකිය.

    අත්‍යාවශ්‍ය සේවාවන් හදිසි ප්‍රතිකාර සේවාවන් ලෙස  වැරදි ලෙස අර්ථකථනයක් ලබා දීම නිසා සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් බිඳවැටීමට ලක්වී ඇත. වර්තමානයේ දී වසංගත  තත්වයට  මුහුණ දීමට මුළුමහත් සෞඛ්‍ය පද්ධතියම යොමුවී ඇත්තේ ප්‍රථමික සෞඛ්‍ය සේවා, සායනසේවා, ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවා (ළමා / ප්‍රතිශක්තිකරණ /මවු සායන  / පවුල් සැලසුම්), ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් දෛනික වෛද්‍ය කටයුතු අතපසු කරලීමෙනි. මෙලෙස මුළු මහත් සෞඛ්‍ය පද්ධතියම අකර්මන්‍ය කිරීම අනවශ්‍ය බව අපගේ හැඟීමයි. මෙම උපාය මාර්ගයේ ප්‍රතිවිපාක දිගුකාලීන ව්‍යසනයකින් අවසන් වනු ඇත. කොවිඩ්19 රෝගීන් වාර්තාවීමේ සීග්‍ර වැඩිවීමක් හෝ සෞඛ්‍ය සේවකයන් ආසාදනයට ලක්වීම් වාර්තා වීම නිසා උපායමාර්ගික වෙනස් කිරීමට අවශ්‍ය වන තෙක්,  කොවිඩ්19 රෝගීන් සාපේක්ෂව අඩු රටක් ලෙස අප සාමාන්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වේ.

    සියළු තෘතියික සහ දිස්ත්‍රික් ප්‍රධාන රෝහල් නියමිත පුර්වාරක්ෂාවන් සහිතව උපරීම ධාරිතාවයෙන් සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය පසුබිම සෞඛ්‍ය පරිපාලනය මගින් සැලසිය යුතු වේ.  උණ රෝග ලක්ෂණ ඇති රෝගීන් හඳුනාගත් රෝහල් වලට පමණක් ඇතුළු කර ගැනීම සහ තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සහ ප්‍රතිකාර සේවා සැපයීම් සිදු කල යුතුය. 

    නිෂ්පාදන රටවලට ඇති දැඩි ඉල්ලුම මෙන්ම සීමිත සැපයුම් හේතුවෙන් ආනයන ක්‍රියාවලිය අභියෝගයකට ලක්වී ඇති අවස්ථාවක් වන මෙහිදී ඖෂධ සහ අනෙකුත් අවශ්‍ය සැපයුම් දිගටම ලබා ගැනීම පුර්ණ  බලැති කණ්ඩායමක් මගින් සිදු විය යුතුය. 

    9. අගුළු දැමීමෙන් පිටවීමේ මග

    වෙනස්කරන ලද අගුලු දැමීමේ ක්‍රමවේදය උපයෝගී කරගනු ලැබුවේ වසංගත වක්‍රය පැතලි කිරීමට සහ වසංගත ප්‍රතිචාරය සඳහා සෞඛ්‍ය පද්ධතියට කාලය ලබා ගැනීමටත් ය.  මෙම උපාය මාර්ගය පමණක් ප්‍රමාණවත් නොවන  හෙයින් ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීම, රෝගීන් සමග සම්බන්ධිත පුද්ගලයින් සෙවීම, හුදකලා කිරීම/නිරෝධායනයට ලක් කිරීමද ඊට සමාන්තරව සිදු කල යුතුවේ. මෙම ක්‍රමවේදයන් තුලින් බලාපොරොත්තු වන්නේ, වෛරසය ගුණනය වීම අඩාල කිරීමෙන්, වෛරසය සම්ප්‍රේෂණය වීම දළ වශයෙන් එක් ආසාධිත පුද්ගලයෙකුගෙන්, තවත් එක් පුද්ගලයෙකුට වඩා අඩු ගණනක පමණක් තබා ගැනීමටය.  ශ්‍රී ලංකාව මෙම තත්ත්වය ලඟා කර ඇතිදැයි සමාලෝචනය කිරීම වැදගත්ය. ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ සඳහා සහභාගිවීමට හා අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීමටද කැමති බව දන්වා සිටිමු.  

    ඇඳිරිනීතිය නියමිත කාලයට පෙර ඉවත් කල හොත් නැවතත් වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති අතර, එය දිගටම පවත්වා ගෙන යාමෙන් රටේ ආර්ථිකය සහ මහජනයාගේ චිත්ත ධෛර්යය කඩා වැටීමේ අවධානමක්ද පවතී. මෙමගින් සමහර රටවල මෙන් මනුෂ්‍ය ඛේදවාචකයක් ඇති නොවිය යුතුය. ඒ සඳහා වසංගතයේ සියලු පැතිකඩ සහ ප්‍රජාවේ මූලික අවශ්‍යතා  සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී එක්ව තීරණ ගැනීම ඉතා වැදගත්ය. රෝගීන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කල පුද්ගලයින් වැඩියෙන්ම වාසය කරන දිස්ත්‍රික්ක විශ්ලේෂණය කර, අනෙකුත් දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ලිහිල් කිරීම සහ දිස්ත්‍රික්ක අතර සංචරණ තහනම තවදුරටත් පැවැත්වීමත් වඩා ඉලක්ක කරගත් ප්‍රතිචාර ක්‍රමෝපායන් වේ.  

    වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසල්, සිල්ලර වෙළඳසල්, බැංකු සහ ඖෂධ වෙළඳසැල් සෑම දිනකම විවෘතව තැබීමට සහ ඒවා වෙත පැමිණෙන ජනතාව නිසි ලෙස කායික දුරස්තතාවය පැවැත්වීමට බල ගැන්වීමත් වැදගත්ය. ප්‍රාදේශීය කර්මාන්ත වේලාසන විවෘත කිරීම වැදගත්ය. ඒ සඳහා ගමනාගමන පහසුකම් සැලසීම සිදුවිය යුතු නමුත්, එහිදී කායික දුරස්ථතාවය පවත්වා ගනිමින් 50% ආසන ධාරිතාවයකින් පමණක් ගමනා ගමන පහසුකම් සැලසීම කළයුතුය.

    10.රෝගීන් හංවඩු ගැසීම / කොන් කිරීම (Disease Stigma)

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මාධ්‍ය වෙත කොවිඩ්19 වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශයක් සම්පාදනය කිරීමෙන් පසුවද, ජනයා අතර රෝගීන් හංවඩු ගැසීම පිලිබඳ භියක් පවතී. මෙය ආසාධිතයින් සහ ඔවුන්ගේ සමීපයින් හඳුනා ගැනීම සඳහා දැඩි අභියෝගයක් වී ඇත.  මෙය වැළැක්වීමට සෞඛ්‍ය කාර්යමණ්ඩලය විසින් මහජනයා විවිධ ආකාරයෙන් දැනුවත් කිරීම කළයුතු වේ. විවිධ වූ සෞඛ්‍ය නිලධාරීන් මගින් රෝගීන්ගේ සහ ඔවුන්ගේ සමීපයින්ගේ පුද්ගලික තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වහාම නැවතිය යුතුය. අධික අවදානම් දිස්ත්‍රික්ක වල සේවයේ නියුතු සියලු සේවකයින් හා සෞඛ්‍ය සේවකයින් හංවඩු ගැසීම / කොන් කිරීම පත්වීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු ය.

    ජනයා තදබදවීම සහ රොක්වීම වැනි ඍනාත්මක හැසිරීම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සඳහා පාලනයක් අවශ්‍ය වේ. ඒ වෙනුවට ධනාත්මක ක්‍රියාවන් වන සමාජ දුරස්ථභාවය පවත්වන අයුරු දිස්වෙන රූප රාමු නිරුපනය කිරීමත් ප්‍රවර්ධනය කිරීමත් සිදු විය යුතුය. කොවිඩ්19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ ආදාහනය සිදුකිරීම මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම නැවැත්විය යුතුය.  එමෙන්ම ප්‍රදේශ තුල ස්වයං නිරෝධායනය සිදුකරන පුද්ගලයින් කොන් කිරීම සිදු

    නොකළයුතු බව මහජනතාව දැනුවත් කිරීමද ඉතා වැදගත්ය.

    11. මහජනතාව දැනුවත් කිරීම

    මහජනතාවට කිසිදු ක්‍රියාකාරී සම්බන්ධයක් නොමැති විෂය ක්ෂේත්‍රයන් පිලිබඳව අපැහැදිලි පණිවුඩ සැපයීම මගින් ඔවුන් ව්‍යාකූල වීම වැළැක්වීමට, මාධ්‍යයට පැමිණ කරුණු දක්වන විවිධ පුද්ගලයින් වෙත පැහැදිලි රෙගුලාසි නිකුත් කිරීම අවශ්‍ය බව අප සංගමයේ නිර්දේශයයි.  පෞද්ගලික මත මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ප්‍රකාශ වීම වැළැක්වීමට මෙය හොඳ ක්‍රමවේදයක් වනු ඇත. ජාතික කාර්ය සාධක බලකායෙහි අනුමැතියෙන් තොරව නිල නොලත් පුද්ගලයින් අනවශ්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පලකිරීම පිළිබඳව දැඩි නීති පැනවිය යුතුය. මේ වගකීම නිලවශයෙන් හඳුනාගත් එක් පුද්ගලයෙකුට පමණක් පැවරීම සුදුසුය.

    12. අනෙකුත් රටවල සාර්ථක හෝ අසාර්ථක වූ ක්‍රමවේදයන් තුලින් ඉගෙන ගැනීම

    දකුණු කොරියාවේ ප්‍රධාන ක්‍රියාමාර්ගය වුයේ වෙනසකින් තොරව මහා පරිමාණ ලෙස රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කිරීම සහ ආසාධිතයින් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් දැඩි ලෙස සෙවීමත්, ඔවුන් නිරෝධායනය කිරීමත්ය. චීනය දැඩි නීති සහ විද්යානුකූල දත්ත මත ගොඩ නැගුනු ක්‍රමවේදයන් අනුගමනය කළේය. මෙවැනි පරමාදර්ශී ක්‍රමවේද  නිවැරදි ලෙස විශ්ලේෂණය සිදු කර, අප රටෙහි තත්ත්වයට අදාලව ප්‍රායෝගිකව යොදා ගැනීම

    වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශය වේ.  

    අප රට තුල ප්‍රජා සෞඛ්‍ය සේවාවන් වෙත නිසි ආයෝජනය සිදු කර තිබීමේ ධනාත්මක ප්‍රතිඵල දැන් අප නෙලමින් සිටී. අඩු සහ මාධ්‍ය ආදායමැති රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම ගෝලීය වසංගත තත්ත්වය පාලනයට කාලීනව සිදු කරනු ලබන ඵලදායී ප්‍රතිචාර මුළු ලොවටම ආදාර්ශයක් වනු ඇත.

    ශ්‍රී ලංකාව තුල මෙම වසංගතය පාලන ප්‍රතිචාරයේ දී කැපවුණු ඉහළම දේශපාලනමය නායකත්වයටත්, රාජ්‍ය ධූරාවලියේ සියළු නිලධාරීන්ටත්, සෞඛ්‍ය සේවකයින්ටත් විශේෂයෙන්ම සියලු දේ දරාගෙන සිටින මහජනතාවටත් ස්තුතිය පල කිරීමට මෙය අවස්ථාව කර ගනිමු.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

  • වැඩිහිටි පිරිමියෙක් නම් කොරෝනා අවධානම වැඩියි – ඒත් ඒ ඇයි ?

    වැඩිහිටි පිරිමියෙක් නම් කොරෝනා අවධානම වැඩියි – ඒත් ඒ ඇයි ?

    ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය.

    55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඔහුට ඔක්සිජන් සපයා ඇත. නමුත් ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාසය සඳහා ශ්වසන ආධාරකයක් (Ventilator) අවශ්‍ය නොවීය.

    රෝගී විය හැකි පුද්ගලයන් කවුරුන්ද?

    ඇතැම් පුද්ගලයන්ට රෝගී තත්ත්වය උත්සන්න වී සංකූලතා ඇතිවීමේ අවදානම වැඩිය.

    පෙර රෝගී තත්ත්වයන් තිබුනත් නැතත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සියලු දෙනා එම ලැයිස්තුවට ඇතුළත් වෙති.

    එමෙන්ම හෘද රෝග වැනි පෙර රෝගී තත්ත්වයන් පවතින සියලු දෙනා ද වයස් භේදයකින් තොරව එම ලැයිස්තුවට අයත් වෙති.

    පිළිකා රෝගයකට ගොදුරු වී ඒ සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරය ලබන පුද්ගලයන් ද එම කාණ්ඩයට ඇතුළත් කොට ඇත. නව කොරෝනාවෛරසයෙන් බේරී සිටීම සඳහා, නිවසින් බැහැරව නොයන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබේ.

    කොවිඩ්-19 වෛරසයෙන් රෝගී වීමට වැඩි අවදානමක් සහිත ගණයට ඇතුළත් කර නොමැති වුවත්, වයස අවුරුදු 50 ත් 60 ත් අතර සිටින පිරිමින්ට එය තදින් බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙය සර්ව පැහැදිලි නිගමනයක් නොවේ. මෙම සහසම්බන්ධතාව නියත හේතුවක් නොවේ.

    වයසින් වැඩි පුද්ගලයන්ට මෙහෙම වෙන්නේ ඇයි?

    රෝග ලක්ෂණ

    විද්‍යාඥයන්ට තවමත් එය පැහැදිලි නැත.

    එක්සත් රාජධානියේ රෝහල් හි දැඩි සත්කාර ඒකක ගෙන හැර දක්වන වාර්තා අනුව බරපතල ලෙස රෝගාතුර වන්නන්ගේ දල වයස අවුරුදු 60 කි. මින් බහුතරය පිරිමින් ය. එමෙන්ම ස්ථුලභාවය සහ හෘද රෝග වැනි තත්ත්වයන් හේතු කොට ගෙන බොහෝ දෙනා වැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්වී ඇත.

    කෙසේ වෙතත් වයසත් සමඟම මරණ අනුපාතිකය ද ඉහළ යන බවත් එහිදී පිරිමි පුද්ගලයන්ට වැඩි අවදානමක් පවතින බවත් පෙනී ගොස් ඇත.

    නව කොරෝනාවෛරසය ආරම්භ වූ චීනයේ දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේ දී පවා පෙනී යන්නේ ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට මෙහි අවදානම වැඩි බවය.

    නමුත් එය ස්ත්‍රී – පුරුෂභාවය මත පමණක් යැපෙන දෙයක් නොවන බව විශේෂඥ මතයයි. ඊට දුම්පානය වැනි චර්යා ද බලපෑ හැකි බව ඔවුහු පවසති. දුම්පානය සහ පිරිමින් අතර සම්බන්ධතාවය ඉන් පැහැදිලි විය හැකිය.

    “පිරිමි වීම නිසාම මෙහි අවදානම වැඩියි කියන නිගමනයට එන්නට මම පෙළඹිලා නැහැ. ඒ සඳහා මෙතෙක් හඳුනා නොගත් තවත් සාධකයක් තිබිය හැකි බවයි පෙනෙන්නට තියෙන්නේ.” යනුවෙන් නොටිංහැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් හෝල් පැවසීය.

    ගැහැනුන්ට වඩා පිරිමින්ට හෘද රෝග, දියවැඩියාව සහ පෙනහළු රෝග ඇතිවීමේ ප්‍රවනතාව ඉහළය.

    ඇතැමුන් පවසන්නේ ඊට ජාන සහ ලිංගික හෝමෝන ද බලපෑ හැකි බවය.

    ස්ත්‍රීන්ගේ ප්‍රතිශක්තිය වැඩිද?

    උපදෙස්

    “පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රතිශක්තිය අතර සැලකිය යුතු වෙනසක් පවතින බවට එන්න එන්නම තහවුරු වෙමින් පවතිනවා. එය බෝවන රෝගවලදී ලැබෙන අවසන් ප්‍රතිඵලයට විශාල බලපෑමක් ඇති කරවනවා.” යනුවෙන් ප්‍රතිශක්තිය පිලිබඳ විශේෂඥ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය පිලිප් ගොල්ඩර් ප්‍රකාශ කළේය.

    “පිරිමින් හා සංසන්දනය කිරීමේදී, එන්නතකට හෝ ආසාදනයක දී ස්ත්‍රීන් ගේ ප්‍රතිශක්තිය වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.

    ස්ත්‍රීන් ගේ ජාන X ක්රෝමසෝම දෙකකින් සමන්විත වීම සහ පුරුෂ ජාන එක් X ක්රෝමසෝමයකින් සහ Y ක්රෝමසෝමයකින් සමන්විත වීම මීට හේතුව විය හැකිය.

    “ඉතා වැදගත් ප්‍රතිශක්ති ජාන කිහිපයක්ම ස්ථාන ගත වෙලා තියෙන්නේ X ක්රෝමසෝමය තුළ.” මහාචාර්ය පිලිප් ගොල්ඩර් පැවසීය.

    ඔබ ප්‍රවේශම් විය යුත්තේ කෙසේද?

    • සමබර ආහාර වේලක් ගනිමින් සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා හොඳින් ව්‍යායාමවල යෙදිය යුතුය.
    • ඔබ දුම්පානය කරන්නේනම් එය නතර කිරීමට මෙය හොඳ අවස්ථාවකි.
    • ස්ත්‍රීන්ට වඩා පුරුෂයන් පහත සඳහන් චර්යාවන්ට හුරු වී ඇත.
    • දුම්පානය හා වැඩි ප්‍රමාණයක් දුම්පානය කිරීම.
    • පමණට වඩා ලුණු ආහාරයට ගැනීම.
    • පමණට වඩා රතු පැහැති මාංශ සහ පිළියෙළ කරන ලද මාංශ (processed meat) පරිභෝජනය.
    • අවශ්‍ය පමණට පලතුරු සහ එළවලු ආහාරයට නොගැනීම.
    • මත්පැන් පානය සහ අවදානම් මට්ටමට මත්පැන් පානය.

    (බීබීසී පුවත් සේවයේ සෞඛ්‍යය පිළිබඳ සංස්කාරකමිෂෙල් රොබට්ස් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) – කාලීන භාවය මත මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට Covid-19 මගින් ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

    ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට Covid-19 මගින් ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

    රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

    තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ.

    ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් හතර දෙනෙකු ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න සහ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

    “දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි” – චමෝදි ගාඩිනර්

    ගැබිණි කාන්තාවන්ට මෙම වෛරසය වැළඳීමේ ‘දැඩි අවදානමක්’ තිබේද?

    “මේ වෛරසය නිසා මම සෑහෙන බයකින් ඉන්නේ. මම මාස හතක ගැබිණියක්. මට මේ ලෙඩේ හැදුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා අමාරු වේ දැයි හිතෙනවා. ඒ බලපෑම දරුවාට ඇති වෙයි කියලා බයකුත් තියෙනවා. මේ දේවල් නිසා මම මානසිකව කඩා වැටෙන අවස්ථාත් බොහොමයි,” නීතිවේදිනියක ලෙස සේවයේ නිරත දයක්ෂි පෙරේරා පැවසීය.

    ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේම ඔවුන් ද වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න
    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

    “ගර්භණී තත්ත්වයේ සිටියදී රෝගය වැළඳුණහොත්, අන් අයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නු කරන්නේ හෝ වෙනත් බරපතල තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ අයගේ සෞඛ්‍ය නිතර පරීක්ෂාවට ලක් වන නිසා සහ ගැබිණි මව්වරුන් සාමාන්‍යයෙන් සිය සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දක්වන නිසා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ අඩුයි,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    වෙනත් පුද්ගලයන් සේම ඔවුන් ද නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරයා පැවසීය.

    නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

    • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
    • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
    • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
    • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
    • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
    • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
    • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
    • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

    ගැබිණි මවගෙන් දරුවාට වෛරසය ආසාදනය විය හැකිද?

    දරු ප්‍රසුතිය

    දැනට වාර්තා වී ඇති රෝගීන් අනුව මවගෙන් දරුවාට මෙම වෛරසය ආසාදනය වන්නේ දැයි ප්‍රත්‍යක්ෂව කිව නොහැකිය. චීනය සහ එක්සත් රාජධානියේ අලුත බිහි වූ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණු අතර, ඔවුන්ගේ මව්වරුන්ට මෙය ගර්භණී කාලය ඇතුළත වැළදී තිබිණි.

    නමුත්, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුනු මවක් බිහි කළ දරුවාට මේ වනතෙක් එය ආසාදනය වී නොමැත.

    “දැනට තිබෙන සාක්ෂි අනුව අම්මාගෙන් බබාට මේ වෛරසය ආසාදනය වෙනවා කියන එක නිශ්චිත වශයෙන් කියන්න බැහැ,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

    කොරෝනාවෛරසය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේ දී සංකූලතා ඇති විය හැකි ද?

    මෙය නව වෛරසයක් හේතුවෙන් එය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා ගැන 100%ක් තහවුරු වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

    “වෛරසයේ බලපෑමෙන් ගබ්සා වීම් සිදු වී නැහැ. දරු ප්‍රසූතියේ සංකූලතා ගැන තවමත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ.”

    ගැබිණි මව්වරුන්ට පෙර පරිදි සිය සායනවලට සහභාගී විය හැකි ද?

    ගර්භණී මව්වරුන්ට ලබා දෙන කාඩ් පත රැගෙන ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළත පවා අදාළ මාතෘ සායනවලට සහභාගී වීමේ ඉඩකඩ ඇත.

    ගැබිණි මවක්

    “සායනවලට එනකොට කාඩ්පත අනිවාර්යයෙන් රැගෙන එන්න. හැබැයි ඊළඟට තිබෙන සායනයට ගන්නා දිනය හැකි තාක් පස්සට දාගන්න මේ ඇඳිරි නීතිය අවසන් වෙනතාක් වත්,” වෛද්‍යවරයා පැවසීය.

    “නමුත් නියමිත කාලයේදී නිර්දේශ කරන ස්කෑන්වලට පැමිණිය යුතුයි. ඊට අමතරව යම් උපදෙසක් අවශ්‍ය නම් වෛද්‍යවරයා හා දුරකතනයෙන් හෝ වෙනත් අන්තර්ජාල පහසුකමක් හරහා සම්බන්ධ වෙන්න,”

    මෙම කාලය තුළ ගර්භණී මවක් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් තිබේ ද?

    • රෝහලට යන විට මුහුණු ආවරණයක් නිවැරදි ලෙස පැළඳීම අත්‍යවශ්‍යය.
    • පුද්ගලයන් අතර මීටර දෙකක දුරක් පවත්වා ගත යුතුය.
    • රැකියාවේ නිරතවන මවක් නම්, හැකිනම් නිවසේ සිට සිය රාජකාරියේ යෙදිය යුතුය.

    උණුවතුර නිතර බීමට ගැනීම සහ පැය හතරකට වරක් හුමාලය ආශ්වාස කිරීමෙන් සාමාන්‍ය කොරෝනාවෛරසවලින් වැළකී සිටිය හැකිය. නමුත් මෙම නව කොරෝනාවෛරසය එවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි දැයි තවමත් ප්‍රත්‍යක්ෂ වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

    වසංගත තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතිය කල් දැමිය යුතුද?

    “කලින් සැලසුම් කළ දරු ප්‍රසූතිය මෙම තත්ත්වය නිසා කල් දැමිය යුතු නැහැ. කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් නම් පමණයි දරු ප්‍රසූති ක්‍රියාවලිය වෙනස් වෙන්නේ” යැයි වෛද්‍යවරයා පැවසීය.

    ගර්භණී මවකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් කුමක් කළ යුතුද?

    කැස්සක් සහ උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් තම වෛද්‍යවරයාට දුරකතන මාර්ගයෙන් දැනුම් දිය යුතු අතර, හුස්ම ගැනීමේ අපහසුතා තිබේනම් වහාම රෝහලක් වෙත යා යුතුය.

    “කොරෝනාවෛරසය ආසාදනය වී ඇති මව්වරුන්ට රජයේ රෝහල් දෙකක් වෙන් කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශ අනුව, යම් මවකට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සංකූලතා ඇත්නම් වහාම ළඟම තිබෙන රෝහල වෙත යන්න පුළුවන්,” වෛද්‍යවරයා පැවසීය.

    ගර්භණී මවකට තිබෙන වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගත හැකි ද?

    දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ ඇති ගර්භණී මවක් නම් එම රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබා ගත යුතු වේ.

    ගැබිණි මවක්

    “එවැනි රෝගවලට හරියට ප්‍රතිකාර නොගතහොත් ඇතිවන සංකූලතා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන සංකූලතාවලට වඩා වැඩියි,” වෛද්‍යවරයා පැවසීය.

    කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් දරුවාට මව්කිරි දීම සුදුසුද?

    මව්කිරිවලින් කොරෝනාවෛරසය ආසාදනය නොවන නමුත්, දරුවා අසළ සිටීමෙන් වෛරසය දරුවාට ආසාදනය විය හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා හොඳින් පිරිසිදු වී, මුහුණු ආවරණයක් පැළඳ දරුවාට මව්කිරි දීම කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය.

    කෙතරම් කාලයක් දරුවා නිවසේ රඳවා ගත යුතුද?

    “මට අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා. මගේ පුතා ලැබුනේ මාර්තු 4 වෙනිදා. ඊට පහුවෙනිදා අපි ගෙදර ආවා. ඒ දවසේ ඉඳන් අපි කොහේවත්ම ගියේ නැහැ. මගේ පුතාත් දුවත් ගැන තමා බය. එළියට යන්න නැහැ, ගෙදරටම හිර වෙලා. ආයෙත් කවදා යන්න හැකි වෙයි ද දන්නේ නැහැ. දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි,” චමෝදි ගාඩිනර් පැවසුවාය.

    මව් කිරි

    අලුත උපන් බිළිඳෙකු සාමාන්‍යයෙන් සති හයක කාලයක් නිවසේ රඳවා තබා ගැනීමට ලැබෙන උපදෙස්වලට අමතරව, ඇතිවී තිබෙන තත්ත්වය අනුව වැඩි කාලයක් නිවසේ රඳවා ගැනීමට සිදු වනු ඇතැයි වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

    පවතින තත්ත්වය දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

    “මම පෙබරවාරි මස දරුවා බිහි කළා. දරුවාගේ අනාගතය ගැන මට දැනෙන්නේ අනියත බියක්. මට තව ලොකු දරුවෝ ඉන්නවා. ඔවුන්ට කවදා ආයෙත් පාසල් යන්න හැකිවේවිද? කවදා අයෙත් එලිපහලියේ බයක් නැතිව සෙල්ලම් කරන්න ලැබෙයිද කියලා හිතෙනවා. දිනපතා ඇසෙන්නට ලැබෙන දේවල් නිසා දරාගැනීමේ ශක්තිය හීනවී ගොසින්ද කියාත්, මානසික ආතතියක් ඇතිවී ඇත්දැයි සිතෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” දිනේන්ද්‍රා සෙනෙවිරත්න පැවසුවාය.

    දිනේන්ද්‍රා
    දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” – දිනේන්ද්‍රා සෙනෙවිරත්න

    “කෙසේනමුත් එක්තරා අකාරයකට මුළු පවුලම එකට හිද එකිනෙකා තෙරුම් ගැනීමේ අවස්ථාවක් මේ තත්ත්වය නිසා ඇති වුණා. හැල්මේ දුවපු අපිට නැවතිලා අපේ ජිවිත ගැන ආපහු හැරිලා බලන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා,” යැයි දිනේන්ද්‍රා තවදුරටත් පැවසුවාය.

    ඇඳිරි නීතිය පවතින මෙවැනි අවස්ථාවක වෙනත් අය සේම මව්වරුන් ද සිය මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හැකිතාක් විවිධ කටයුතුවල නිරත විය යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසීය.

    • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
    • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
    • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
    • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
    • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
    • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
    • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
    • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
    • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
    • අන් අයට පිහිට වන්න.
    DR. MADHUBHASHINEE DAYABANDARA
    විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර

    වසංගත තත්ත්වය ගර්භණී මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

    පූර්ව ප්‍රසව අවධියේ දී මව මානසික ආතතියට ලක්වීමෙන්, එයින් දරුවා තුළ චර්යාත්මක ගැටලු සහ චිත්තවේගයන්හි ගැටලු පැන නැඟිය හැකිය.

    “මානසික සංකූලතා ඇති වීම දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්. කෙසේනමුත් පෙර සිටම මානසික රෝගයක් තිබුණ කෙනෙකු නම් එය මෙම පවතින තත්ත්වයත් සමග වැඩි වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ අය සිය පවුල් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි” යැයි වෛද්‍යවරිය පැවසීය.

    ගර්භණී මවක් සිය මානසික සුවය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාවලට යොමු විය හැකිය:

    • තමන්ගේ සහ දරුවාගේ පෝෂණය ගැන සිත යොමු කර ගුණදායී ආහාර වේලක් ලබා ගැනීම.
    • එක් ස්ථානයක් නොසිට, විවිධ ව්‍යායාමවල නිරත වීම.
    • නිවසේ අය සමග සතුටු සාමිචියේ යෙදීම.
    • වගකිව යුතු මාධ්‍යයක පුවත් පමණක් නැරඹීම.
    • දරු ප්‍රසූතියට සූදානම් වීම.
    • සාමාන්‍ය දිනචර්යාවේ යෙදීම.
    මිහින්තලා ගමගේ
    මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” – මිහින්තලා ගමගේ

    “මම මාස හයක ගැබිණියක්. බබා හම්බ වෙන්ට කල් තිබුනත් මාස 5 පැන්න ගමන් එයාට අවශ්‍ය දේවල් ටික ටික එකතු කර ගත්තා. මොකද අන්තිම මාසවල දී ගොඩක් මහන්සි වෙන්ට බැරි නිසා. මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” මිහින්තලා ගමගේ පැවසුවාය.

    කෙසේවෙතත්, වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පෙන්වා දෙන්නේ “නිවසේ අන් අය ද ආරක්ෂා වන අතරම, ඔවුන් ගර්භණී මවට ද සහයෝගය ලබා දිය යුතුයි. පවුල් සබදතා වැඩි දියුණු කරගෙන, මත්පැන්, සිගරට්වලින් ඈත් වී සිටිය යුතුයි” යනුවෙනි.

    කාලීනභාවය සහ නිවැරදි තොරතුරු පිළිබදව පවතින දැඩි අවශ්‍යතාව සලකා බී.බී.සී සන්දේශය මගින් මෙම ලිපිය හා ඡයාරූප සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද ප්‍රධාන ඡායාරූපය සහ ශීර්ෂපාඨය පමණක් වෙනස් කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • නුහුරු නුපුරුදු අයටත් ගොවිතැන් කලයුතු කාලය ඇවිත්

    නුහුරු නුපුරුදු අයටත් ගොවිතැන් කලයුතු කාලය ඇවිත්

    කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු

    දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

    වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින කරන්නක් පමණක්ම නොව ඒ මගින් නව සමාජ හැසිරීම් හා විශ්වාසයන් පවා බිහිකරනා බව ලෝකයේ සිදුවීම් දෙස විමසිලිමත් වෙන අයට මේ වනවිට හොඳාකාරවම පෙනෙන්නට තිබේ.

    කෝවිඩ්-19 වයිරසය හදිසියේම මිනිස් සමාජය ආක්‍රමණයකර ලොවපුරා වෙසෙන බහුතර ජනතාවක් නිවාස තුලට කොටුකර හමාරය. ගෝලීයකරණය ගැන උපරිම විශ්වාසය තබමින් ලාභයට හා පහසුවට ලෝකයේ තිබෙනා තැනකින් තම දෛනික අවශ්‍යතාවයන් සඳහා අවැසි දෑ ගෙන්වාගත් මිනිසා, ජාත්‍යන්තර වෙළඳාම හා ගමනාගමනයට සීමා පැනවෙත්දී කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අතරමංවී සිටී.

    දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

    ඝර්ම කලාපික දේශගුණයක් යටතේ ප්‍රශස්ත හිරුඑලියක් හා වර්ෂාපතනයක් සහිත පරිසරයක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට දේශීය කෘෂිකර්මාන්තයක ප්‍රබෝධය උදෙසා තම සිතිවිලි අවදි කරන්නටද මෙය හොඳ අවස්ථාවකි.

    ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ

    සදළුතලයේ හෝ වගා කරන්න

    ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ. එසේනම් නුහුරු නුපුරුදු අයටත් ගැලපෙන ආරම්භයක් ලබාදීමට අප උත්සාහ දරමු. මේ වනවිට ලක්‍ෂ ගණනක් වූ පාසැල් දරුවන් ගෙදරය.

    කෙලිලොලෙන් ගතවෙන සහ නෑ හිතමිත්‍රාදීන් පිරිවරාගත් සිංහල අවුරුද්දක් ඔවුනට උදා නොවන්නා සේ පෙනේ. ගුරුවරුන් සමග රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ලක්‍ෂ සංඛ්‍යාවක්ද නිවෙස් තුලය. මේ අතරින් බහුතරය කෘෂිකාර්මික මූලධර්ම ආශ්‍රිත ගොවිතැන දන්නේ නැත. එහෙත් ඒ සියලු දෙනාම ගොවිතැනේ නියැලෙමින් දේශීය ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටුකළ හැකි පිරිසක් වේ. එවන් මගපෙන්වීමක ආරම්භක පියවර අප මෙසේ ඉදිරිපත් කරමු.

    මූලිකව සැලකිය යුතු කරුණු කීපයක්

    ගොවිතැනට ආධුනික ඔබ මේ මොහොතේදී ගෙවත්තේ හෝ ඉඩකඩ සීමා සහිත සඳළුතලයක හෝ වගාකිරීමට බෝගයක් තෝරා ගන්නාකල මූලිකව සැලකිය යුතු කරුණු කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීම හදිසි අවශ්‍යතාවයක් වී ඇති බැවිනි. දෙවැනි කරුණ විය යුත්තේ පරිසරයට එතරම් සංවේදී නොවන බෝග තෝරාගැනීමට ඔබ උනන්දු වියයුතු වීමයි.

    නිතර රෝගයන්ට පාත්‍රවන, පළිබෝධකයින්ට ගොදුරුවෙන සංවේදී බෝග කරා ගොස්, රෝග හා පළිබෝධකයින් හඳුනාගන්නටත්, පාලනය උදෙසා උපදෙස් සොයන්නටත් සිදුවේනම් එය, ආධුනික ඔබට මේ අවස්ථාවේ අතිරේක කරදරයක් වනු ඇත. ඒ නිසා හැකි පමණ තෝරාගත යුත්තේ, පරිසරය පහසුවෙන් ජයගන්නා බෝග වර්ගයි. එවන් දේශීය මාදිලි අප අතර සුලභව තිබේ.

    නියං වැටකොළු, ඇත්දළ බණ්ඩක්කා, කැකිරි වර්ග, ආලංගා වැනි පාරිසරික තත්වයන්ට හොඳට හැඩගැසුණු ගමේ ගොඩේ බෝග වර්ග රාශියක් ඔබ අවට වටාපිටාවෙන්ම සොයාගැනීමේ අපහසුවක් නැත. තුන්වෙනුව සැලකිය යුත්තේ මෙරට ඇති විෂම දේශගුණික තත්වයන්ට හැකිතාක් දුරට ගැලපෙන බෝග මාදිලි වෙතටයාමයි.

    ශ්‍රී ලංකාව වනාහී කෙටි දුරක් තුල ඉතා පැහැදිලිව දේශගුණය වෙනස් කලාපයන් හමුවෙන රටකි. මේ හැම තැනකම එකසේ වගාකළ හැකි පොදු බෝග නොමැති තරම්ය. එහෙත් පුළුල් පරාසයකට ගැලපෙන බෝග මෙහි විරල නැත. අවසාන වශයෙන් ඔබ තවදුරටත් උනන්දු නම්, තෝරාගන්නා බෝගයේ පෝෂණ අගයද තක්සේරුකර, වැයකරන ශ්‍රමයට උපරිම ප්‍රතිලාභයක් තහවුරු කරගැනීමට උත්සාහ කරන්න.

    රනිල බෝගවල පෝෂණ ගුණය වැඩිය. දඹල, බුෂිටා වැනි බෝග වර්ග කෙටි කාලීන වෙනවා මෙන්ම, රෝග පලිබෝධ අවදානමද අඩුය. තම්පලා වැනි පලා වර්ග ඇතැම්විට වල් පැලෑටි ලෙස පවා වැවේ. ඉතා පසුවෙන් වැවිය හැකි පලා වර්ගයක් ලෙසට එය තෝරා ගත හැකිය.

    තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත

    මෙරට ගොවිතැනේ වගා කන්නයන් දෙක වන යල හා මහ අතරින් අප මේ වනවිට සිටින්නේ යල කන්නයේ අබියසයි. එය අප්‍රේල් සිට සැප්තැම්බරය පමණ දක්වා පවතී. ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශයන්ට මෙම වගා කන්නයේදී ජලය සීමාකාරී වුවත්, නිරිත දිග මෝසම් වැසි ලැබෙන නිසා තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත.

    ගෙවතුවල සිටුවන බෝග ඇතැම් ඒවා බීජ වෙනම තවාන් දමා පසුව භූමියේ සිටුවන ඒවා වන අතර බටු, මිරිස්, තක්කාලි වැනි දෑ ඊට උදාහරන වේ. අනෙක් බෝග කොටසේ, බීජ හෝ දඬු කැබලි තවාන් නොදමා කෙලින්ම භූමියේ සිටුවයි. බණ්ඩක්කා, බතල දඬු, කැකිරි, වට්ටක්කා වැනි බෝග එම කොටසට නිදසුන්ය. අද දිනය වනවිට වර්ෂාව හොඳාකාරවම රට තුල ස්ථාපනය වී නොමැති නිසාත්, තවාන් පිළියෙළ කිරීම ආදී තාක්ෂණික පියවරයන් කරා නුහුරු නුපුරුදු ඔබව මේ මොහොතේ කැඳවාගෙන යා යුතු නැති නිසාත්, මා යෝජනා කරන්නේ ඉහත දැක්වූ බෝග කාණ්ඩ දෙකෙන් කුමක් වුවද කුඩා බඳුන් තුල සිටුවමින් ඔබට ආරම්භයක් ගතහැකි බවයි.

    මේ හරහා ගොවිතැනට නුපුරුදු ඔබ, කෙලින්ම භූමියේ  බීජ සිටුවීමට ගොස් මුහුණදෙන අවදානමින් යම් තරමට ආරක්ෂා වනු ඇත. කුමන බෝගය වුවත් බඳුනක පැලකර, ඉන් ගලවා නැවත සිටුවීමේදී බඳුනේ පස් කුට්ටියත් සමගම සිටුවන නිසා ඔබගේ අවදානම තවදුරටත් අවම වනු ඇත. ඉවතලන යෝගට් කෝප්ප, නිවසේ ගලවා ඉවත්කරන ලද වැහි පිහිල්ලක්, වැනි කුමක් හෝ බඳුනක් මේ සඳහා යොදාගත හැකිය. එකම අවශ්‍යතාවය වන්නේ වැඩිපුර ජලය ඉවත්වීමට එහි සිදුරු තිබිය යුතු වීමත්, කොම්පෝස්ට් හා වැලි මිශ්‍ර බුරුල් පසකින් එය පුරවා ගැනීමත් පමණි.

    තවාන් ක්‍රම සහ තවත් වැදගත් දේ

    තවානක් සැකසීමට තරම් දැනුමක් හා ශ්‍රමය අවශ්‍ය නොවීමත්, සම්පූර්ණ තවානක පස තෙමනවා වැනි ජල සම්පාදනයක් නොකර ජලය පිරිමැසීමටත් මේ හරහා හැකි වෙනවා ඇත. හිරුඑළිය ලැබෙනා සුදුසු තැනක මෙම ‘බඳුන් තවාන’ මේ දිනවලම පිළියෙළ කරගන්නා ඔබට සිංහල අවුරුදු දින ලංවෙන විට, බෝග සිටුවීම සඳහා ගෙවත්තේ සුදුසු තැනක් පිළියෙළ කරගැනීමටත් කාලය ඉතිරිව තිබේ. හැකි පමණින් අවුරුදු චාරිත්‍රද හමාර කරන අවධිය එළඹෙත්දී ඔබගේ බඳුන් තවානේ පැල, භූමියේ සිටුවෙන මට්ටමක් දක්වා පැමිණෙමින් තිබේවි.

     ‘බඳුන් තවාන’ අවසන් කල ඔබ දැන් අවධානය යොමුකළ යුත්තේ ගෙවත්තේ කුමන ස්ථානයක් වගාව සඳහා තෝරා ගන්නේද යන්නයි. හොඳින් ජලවහනය සිදුවෙන, හිරුඑළිය ප්‍රමාණවත්ව වැටෙන ස්ථානයක් මේ සඳහා තෝරාගන්න. ඉහලින් ඇති ශාක අත්තක් දෙකක් කපා ඉවත්කර හෝ ඔබගේ වගා බිමට හොඳ සූර්යාලෝකයක් ලබාගැනීමට කටයුතු කල යුතුවේ.

    ගෙවත්තේ හෝ මිදුලේ අතුගා ඉවත්  කෙරෙන කොලරොඩු ගිනිතබා විනාශ නොකොට දැන් සිටම එක් ස්ථානයකට ගොඩගසා තබන්න. එය ඉදිරියේදී ඔබගේ කොම්පෝස්ට් මිශ්‍රණය වනු ඇත. ඔබ තෝරාගත් භූමිය මීට පෙර  කිසිවක් සිටුවා නොතිබූ තැනක් නම්, පොලොව කොටා පස බුරුල් කර කැට පොඩිකර ගැනීමද අවශ්‍ය වේවි. වියලි ගොම හෝ කොම්පෝස්ට් ටිකක් මේ අවස්ථාවේදී පසට කලවම් කර ගැනීමට හැකියාව ඇත්නම් ඉතාමත් යෝග්‍යයය.

    අවශ්‍යතාව හා ප්‍රමාණය ගැනත් සිතන්න

    කරවිල, දඹල වැනි බෝගයක් ඔබ තෝරාගෙන ඇත්නම්, එහි වැල් යැවීම සඳහා අධාරක ලෙස භාවිතා කල හැකි, අතු බෙදුණු ශාක අතු කීපයක් ඉපල් ලෙස භාවිතා කිරීම සඳහා කපා තබන්න. බෝග සිටුවන කාලය එත්දී ඒවාහි කොළ හැලී, පදමට වේලී සුදානම්ව තිබේවි. ස්ථානයේ ඉඩකඩ ඇත්නම් කොහුලණු වැනි යමක් ඔස්සේ වුවද මේ වැල් යැවිය හැකිය. ගෙදර පරිභෝජනයට පමණක් සෑහෙන වගාවක් අරමුණු කරන්නේ නම්, ඉපල් දෙක තුනකට යැවෙන වැල් කීපයක් සෑහේ.

    බීරළු රාබු පහතරට තෙත් කලාපයේ පහසුවෙන් වැවෙන කෙටි කාලීන බෝගයකි. ලෙඩ රෝගද අඩුය. මෙය නම් බඳුන්වල සිටුවා පසුව භූමියට නොගත යුතුය. පාත්තියක් සාදා පේලියට බීජ දැමීම සාමාන්‍ය ක්‍රමයයි. වැඩි පැල ඉවත්කිරීමේදී ගලවා දමන පැලද ආහාරයට ගතහැකිවීම අතිරේක වාසියකි. වෙළඳපොලෙන් ඉවතලන බතල අල වැනි දෙයක් ඔබට ලබාගත හැකිනම්, මේ අවස්ථාවේදී ඒවාද යම්තැනක සිටුවා දමන්න. ඉන් ලියලා එන දඬු, ඔබගේ ඉදිරි ගෙවතු වගාවේ රෝපණ ද්‍රව්‍යයක් වේවි.

    ගොවිතැන නුහුරු නුපුරුදු ඔබ සාරවත් ගෙවත්තක හිමිකරුවෙකු වීමේ මුලික පියවර ගෙන දැන් අවසානයි. ඉහල ගුනාත්මයකින් යුත් බෝගයක් ගෙවත්තෙන්ම නිපදවීමත්, එය පවුලේ ආහාරයට එකතුකර ගැනීමත් හරහා ලබනා තෘප්තිය හමුවේ, නිවසට සිරවී හිඳිමින් වසංගතයක වේදනාකාරී පුවත් ඇසීම නැරඹීම නිසා ඇතිවෙන මානසික පසුබෑමද සැලකිය යුතු තරමින් පහව යනු ඇති බව අප විශ්වාස කරමු.

    (මෙම ලිපිය සදහා උපුටා ගත් ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් තිදෙනක් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරායි. ඔවුහු මේ දිනවල සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිය. මෙහිදී සිදුවන්නේ එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති – ප්‍රධාන සංස්කාරක)

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • Covid -19: ළදරුවන්ට සහ දරුවන්ට බලපාන්නේ කෙසේද ?

    Covid -19: ළදරුවන්ට සහ දරුවන්ට බලපාන්නේ කෙසේද ?

    මේ දක්වා ලැබී ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ට ද කොරෝනා ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි ?

    ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් Elon Musk විසින් මෑතකදී මෑතකදී නිකුත් කරන ලද ටවීටර් පණිවුඩයක විශ්වසනීයත්වය පිළිබඳව බොහෝ විවාද පවතී. මේ දක්වා විශ්වාසය වී ඇත්තේ කොරෝන වෛරසය වැඩිහිටියන්ට දරුණු හෝ මාරාන්තික රෝග ඇති කළ හැකි වුවද දරුවන් සඳහා වන ප්‍රතිඵල සැනසිලිදායක බවයි.

    එසේ වුවද, යෞවනයන් වෛරසයට බරපතල ලෙස ගොදුරු වී ඇති බවට වාර්තා කිහිපයක් තිබේ. 

    දැඩි සමාජ දුරස්ථ පියවරයන් සමඟ ලොව පුරා බොහෝ රටවල පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද පාසල් වසා දැමීම් සමඟ වුවත් බොහෝ දෙමාපියන් කොරෝන වෛරසය තම දරුවන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම ගැන කනස්සල්ලට පත්ව ඇත.

    ළමයින්ට කොරෝන වෛරසය ආසාදනය විය හැකිද?

    ඔව්. වැඩිහිටියන් සේම, කොරෝනා වෛරසයට නිරාවරණය වන දරුවන්ටද එය ආසාදනය විය හැකිය.

    “වසංගතයේ ආරම්භයේදීම ළමයින්ට කොරෝන වයිරසය ආසාදනය නොවන බව සිතුවද, ළමුන් තුළ ආසාදනය වීමේ ප්‍රමාණය වැඩිහිටියන්ට සමාන බව දැන් පැහැදිලි ය” යනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘෘ පොලාර්ඩ් Andrew Pollard, professor of paediatric infection and immunity at the University of Oxford පැහැදිලි කරයි.

     “ආසාදනය වූ විට ඔවුන්ට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති වේ.”

    රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, කොරෝන ආසාදිත 72,314න් සියයට 2ක් (පෙබරවාරි 20 වන විට)  වයස අවුරුදු 19 ට අඩු ළමයින් වූ නමුත් එක්සත් ජනපදයේ රෝගීන් 508 දෙනකු පිළිබද කරන ලද අධ්‍යයකින් ළමයින් අතර කිසිදු මාරාන්තික  ආසාදනය වීමක් වාර්තා වී නොමැත.

    සවුත්හැම්ප්ටන් ළමා රෝහලේ ළමා රෝග බෝවන රෝග උපදේශක සංජේ පටෙල් පවසන්නේ “කොරෝනා වෛරසය මේ වන විට වැඩිහිටියන්ට වැඩි මනාපයක් ලබා දී ඇත්තේ එය ඔවුන්ගේ සේවා ස්ථාන තුළදී සම්ප්‍රේෂණය වී ඇති බැවිනි. දැන් වැඩිහිටියන් තම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන විට, දරුවන් තුළ ආසාදන වැඩිවීමක් අපට පෙනෙනු ඇත‘‘ යනුවෙනි.

    සමස්ත ගෝලීය ප්‍රවණතා මඟින් වැඩිහිටියන්ට, විශේෂයෙන් වැඩිහිටියන්ට වඩා ළමයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බව පෙනේ, නමුත් සමහර රටවල පරීක්ෂණ දත්ත ඉදිරිපත් කරනු ලබන්නේ රෝහලේ සිටින අය ගැන පමණි. ඔවුන්ගෙන් ඉතා ස්වල්ප දෙනෙක් දරුවන් ය.

    “පැහැදිලිවම, අපි සිතනවාට වඩා වැඩි දරුවන් පිරිසකට කොරෝන වෛරසය ආසාදනය වී ඇත. අපි රටේ සෑම දරුවෙකුම පරීක්ෂා කරන්නේ නැහැ.”පටෙල් වැඩි දුරටත් පවසයි.

    කොරෝනා වයිරසය වැඩිහිටියන්ට වඩා වෙනස් ලෙස දරුවන්ට බලපාන්නේ කෙසේද?

    “ ගෝලීය වශයෙන් අප දැනටමත් කොරෝන වෛරස් සඳහා කර ඇති කැපී පෙනෙන නිරීක්‍ෂණය අනුව මෙය වඩාත් පැහැදිලි වේ. ඉතා බරපතල වෛද්‍ය තත්වයන් ඇති දරුවන් පවා, ප්‍රතිශක්ති ඖෂධ ප්‍රතිකාර හෝ පිළිකා ප්‍රතිකාර සඳහා යොමුවී ඇති වැඩිහිටියන්ට වඩා අඩු බලපෑමක් ඇති කරයි. මේ තත්ත්වය සරලව පැහැදිලි කරන්නේ නම් දරුවන් තුළ වැඩිහිටියන්ට වඩා වැඩි ප්‍රතිශක්තිකරණ හැකියාවක් ඇත”  කොවිඩ් 19 සදහා එන්නතක් සොයා ගැනීම සදහා පත්කර ඇති ඔක්ස්පර්ඩ එන්නත සමූහයේ ප්‍රධානී  ඇන්ඩෘෘ පොලාර්ඩ් සදහන් කරයි.

    පොදුවේ ගත් කල, කොවිඩ් -19 සහිත දරුවන් වැඩිහිටියන්ට වඩා මෘදු රෝග ලක්ෂණ අත්විඳියි. නමුත් බෙල්ජියමේ 12 හැවිරිදි දැරියක් සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර 13 හැවිරිදි පිරිමි ළමයෙක්   මෑත දිනවල මියගොස් ඇති අතර ඔවුන් යුරෝපයේ ලාබාලතම ගොදුරු බවට පත්විය. චීනයේ 14 හැවිරිදි දරුවෙකු වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා

    කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස බොහෝ රටවල පාසල් දැන් වසා දමා ඇත.

    ළමයින් තුළ කොවිඩ් 19 ආසාදනය වීම පිළිබද චීන අධ්‍යයනයක දත්ත වලින් අඩකට වඩා තරමක් වැඩි ප්‍රමාණයක ළමුන් තුළ, කැස්ස, උගුරේ අමාරුව, නාසයේ නාසය, ශරීර කැක්කුම සහ කිවිසුම් යාම වැනි මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත. තුනෙන් එකක් පමණ නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර නිතර නිතර උණ, දෘඩ කැස්සක් සහ හුස්ම හිරවීමක් ඇති නමුත් හුස්ම හිරවීමකින් තොරව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තොරව වඩාත් දරුණු අවස්ථා දරුවන් දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී ඇත.

    සදම්ටන් විශ්ව විද්‍යාලයේ ගෞරවනීය උපදේශක ළමා රෝග විශේෂඥ ග්‍රැහැම් රොබට්ස් මෙසේ පැහැදිලි කරයි. “කොවිඩ් -19 ප්‍රධාන වශයෙන් ළමුන්ගේ නාසය, මුඛය සහ උගුර වෙත බලපායි. එම නිසා වෛරස් කළමනාකරණයට වඩා සීතල වැනි ලක්ෂණ ඔවුන්ට ලැබේ‘‘

    හුස්ම ගැනීමේ අපහසුතාව, උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය (ARDS) සහ කම්පනය වැනි දරුණු තත්ත්වයන් චීනයේ වැඩිහිටියන් තුළ වාර්තා වූයේ 19%ක් පමණ වූ අතර දරුවන් තුළ එය 6 %කි.

    “වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ ආසාදිත දරුවන්ගෙන් බහුතරයකට very mild symptoms ඉතා මෘදු රෝග ලක්ෂණ තිබේද ? නැතහොත් වැඩිහිටියන් තරම් ළමුන් ඇත්ත වශයෙන්ම වෛරසයට ගොදුරු නොවන්නේද ? යන්නයි.

    කොරෝනා ආසාදිත දරුවන් වැඩිහිටියන්ට වඩා හොඳ ඇයි?

    එක්සත් රාජධානියේ නිව්පෝර්ට් හි ඩේවිඩ් හයිඩ්, ඇදුම සහ අසාත්මිකතා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වන රොබට්ස් පවසන්නේ “වෛරසය කොතරම් අලුත්ද ? ඒ නිසා අපි ඒ ගැන දන්න දේත් බොහෝ අඩුයි‘

    “වෛරසයකට සෛලයක මතුපිටට (ප්‍රතිග්‍රාහකයකට) ප්‍රෝටීන අවශ්‍ය වීම සෛලයක අභ්‍යන්තරයට ඇතුළු වී ගැටලු ඇති කිරීම ආරම්භ කිරීමට එක් හේතුවක් විය හැකිය” යනුවෙන් ඔහු පවසයි. 

    “මේ සඳහා කොරොන වයිරස් ඇන්ජියෝටෙන්සින් පරිවර්තනය කරන එන්සයිම II (ACE-2) ප්‍රතිග්‍රාහකය භාවිතා කරන බව පෙනේ. ළමයින්ට ඔවුන්ගේ මුඛය, නාසය සහ උගුර වැනි ඉන්ද්‍රියන් වලට පෙනහළු, ACE-2 ප්‍රතිග්‍රාහක අඩු විය හැක. මේ නිසා එය ප්‍රධාන වශයෙන් බලපානුයේ ඔවුන්ගේ නාසය, මුඛය සහ උගුර වෙතයි ”

    ළමයින්ට එතරම් බලපෑමක් සිදු නොවීම එතරම් දෙයක් නොවේ, නමුත් පුද්ගලයෙකු වයස්ගත වන විට යම් දෙයක් වෙනස් වන අතර එය තවත් කෙනෙකුට බලපානු ඇත – ඇන්ඩෘෘ පොලාර්ඩ්

    කොරෝනා වයිරසය ආසාදනය වූ දරුවන්ට නියුමෝනියාව හෝ වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන ජීවිතයට තර්ජනයක් වන  Sars picture වඩා සෙම්ප්‍රතිශ්‍යාවක් ඇතිවීමට හේතුව මෙය පැහැදිලි කරයි.

    පොලාර්ඩ් පවසන්නේ තවත් පැහැදිලි කිරීමක් තිබිය හැකි බවයි. “ළමයින්ට එතරම් බලපෑමක් සිදු නොවීම එතරම් දෙයක් නොවේ. නමුත් පුද්ගලයෙකු වයස්ගත වන විට යම් දෙයක් වෙනස් වන අතර එමඟින් තවත් කෙනෙකුට එය බලපානු ඇත.”

    ඔහු මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වයස්ගත වීම දක්වා අඩු කරයි (ප්‍රතිශක්ති ඌනතාව), එමඟින් ශරීරයට නව ආසාදන සමඟ සටන් කිරීමට ඇති හැකියාව අඩු කරයි. “කෙසේ වෙතත්, තරුණ වැඩිහිටියන් තුළ ප්‍රතිශක්ති උෘනතාවය අපට නොපෙනේ. කුඩා දරුවන්ට වඩා තරුණ වැඩිහිටියන්ට පවා දරුණු රෝග ඇතිවීමේ අවදානමක් ඇති බව ඉතා පැහැදිලිය. එය සම්පූර්ණ පිළිතුරම නොවේ” යැයි පොලාර්ඩ් පවසයි.

    දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිහිටියෙකුට වඩා වෙනස් වන බොහෝ ක්‍රම තිබේ, මන්ද යත්, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින හෙයිනි: ළමයින්, විශේෂයෙන් කණ්ඩායම් හෝ පාසලේ සිටින දරුවන් ශ්වසන ආසාදනවලට විශාල වශයෙන් නිරාවරණය වේ. එනිසා ඔවුන් තුළ වඩා දැඩි හා ක්‍රියාශීලී ප්‍රතිශක්තිකරණයක් පැවතිය යුතුමය. මෙය වැඩිහිටියන්ට වඩා වෛරස් වලට එරෙහිව මූලික ප්‍රතිදේහ ඉහළ මට්ටමක පැවතීමට හේතු විය හැකිය.

    ‍ෙ

    රොබට්ස් මෙසේ පවසයි. “ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසය පාලනය කිරීමට, වෙනත් ගැටළු රාශියක් ඇති නොවී ඔවුන්ගේ උගුර, මුඛය හා නාසය තුළදී වෛරසය තුරන් කිරීමට වඩා හොඳ හැකියාවක් ඇත”.

    “මීට පෙර වෙනත් කිරීටක වෛරස් ආසාදිත දරුවන්ට පෙර ආසාදනවලින් හරස් ආරක්ෂාවක් අත්විඳිය හැකිය” යනුවෙන් පටෙල් තවදුරටත් පවසයි.

    මීට අමතරව,  චීනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනයේ කතුවරුන් යෝජනා කරන්නේ ළමයින්ට නිදන්ගත හෘද හා ශ්වසන තත්ත්වයන් අඩු බැවින් වැඩිහිටි වැඩිහිටියන්ට වඩා දරුණු කොරෝන වෛරස් ආසාදනවලට ඔරොත්තු දෙන බවයි.

    “ඉතා සුළු පිරිසකට දරුණු කොවිඩ් -19 ආසාදනය ඇති බව” පොලාර්ඩ් පවසයි. “එයින් ඇඟවෙන්නේ ඔවුන් වෛරසය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් මූලික වශයෙන් වෙනස් දෙයක් ඇති බවයි.”

    කොවිඩ් -19 සමඟ ළමයින් දරුණු ලෙස රෝගාතුරව නොසිටීමට තුන්වන හේතුවක් තිබේ. නොමේරූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති ළමයින්ට වෛරස් ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා cytokine storms සවි කිරීමට ඇති හැකියාව අඩු බව පෙනේ.

    මෙම උපකල්පනය කොවිඩ් -19 හි තවම සනාථ කර නොමැති අතර 2003 සාර්ස් ආසාදනයේදී ළමුන් තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබද අධ්‍යයන් සනාථ කළේ වැඩිහිටියන් මෙන් නොව ළමයින් සයිටොකීන් ප්‍රතිචාරයක් ඉහළට ඔසවා නොමැති බවයි.

    මෘදු හෝ අසනීපයකින් පෙළෙන දරුවන්ට කොරෝනා අන් අයට සම්ප්‍රේෂණය කළ හැකිද?

    ඔව්, ඔවුන්ට පුළුවන්.

    රොබට්ස් මෙසේ පවසයි. “මෙය විශාල ප්‍රශ්නයක්. “බොහෝ අය සිතන්නේ ළමයින් අඩු අවදානමක් ඇති බවත් අපි ඔවුන් ගැන කරදර විය යුතු නැති බවත්, ඔව්, ප්‍රතිශක්ති උෘනතා වැනි නිදන්ගත වෛද්‍ය තත්වයන් නොමැති දරුවන්ට එය සත්‍යයක් බවත් ය. මිනිසුන් අමතක කරන දෙය නම්, මෙම ආසාදනය ප්‍රජාව පුරා ව්‍යාප්ත වීමට ප්‍රධාන මාර්ගවලින් එකක් ළමයින් විය හැකි බවයි. ”

    කොරෝන වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ සිට ආසාදිත නොවන පුද්ගලයෙකුට එය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ ශ්වසන ජල බිඳිති සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් (කැස්ස සහ කිවිසුම් මගින් ) සහ වෛරසයෙන් දූෂිත පෘෂ්ඨයන් (අත, කඩදාසි වැනි) ස්පර්ශ කිරීමෙනි. මෙයින් අදහස් කරන්නේ කොරොන වෛරස් ආසාදිත දරුවන්ට ඉතා මෘදු හෝ රෝගයකින් තොරව ආසාදනය අන් අයට, විශේෂයෙන් පවුලේ සාමාජිකයින්ට සහ වැඩිහිටි ඥාතීන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

    රොබට්ස් මෙසේ පවසයි. “ඉතා මෘදු රෝගයකින් පෙළෙන දරුවන් ප්‍රජාව පුරා වෛරසය පැතිරවීමට ප්‍රධාන දායකත්වයක් සපයනු ඇත. එක්සත් රාජධානිය පුරා වසංගතය පැතිරීමේ වේගය අඩු කිරීම සඳහා පාසල් වැසීම ඉතා වැදගත් වන්නේ මේ නිසා ය

    ඔවුන් වැඩිහිටියන් වැනි දරුණු රෝග ලක්ෂණ නොපෙන්වා සිටියත්, ළමයින්ට තවමත් කොවිඩ් -19 රැගෙන යා හැකි අතර පැතිර යා හැකිය

    රොබට්ස් මෙසේ පවසයි. “ඉතා මෘදු රෝගයකින් පෙළෙන දරුවන් ප්‍රජාව පුරා වෛරසය පැතිරවීමට ප්‍රධාන දායකත්වයක් සපයනු ඇත. එක්සත් රාජධානිය පුරා වසංගතය පැතිරීමේ වේගය අඩු කිරීම සඳහා පාසල් වැසීම ඉතා වැදගත් වන්නේ මේ නිසා ය‘‘

    වැඩිහිටියන්ට වඩා ළමයින්ට මෘදු රෝගාබාධ ඇති නමුත් ආසාදනයේ වැදගත් ව්‍යාප්තියක් වන වෙනත් වෛරස් සමඟ සමාන රටාවක් අප දැක තිබේද?

    ඔව්, ඉන්ෆ්ලුවෙන්සා යනු අපගෙන් බොහෝ දෙනෙකුට හුරුපුරුදු එවැනි වෛරසයකි.

    රොබට්ස් මෙසේ පවසයි. ඔබට වැදගත් පණිවිඩයක් තිබේ: “මීට වසර කිහිපයකට පෙර රජය (එක්සත් රාජධානියේ) ළමයින් සඳහා උණ එන්නත් ගෙනාවා. එය විශේෂයෙන් ළමයින් ආරක්ෂා කිරීම සඳහා නොවේ, එනම් ළමයින්ගෙන් ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන් වෙත ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහායි“

    කොරෝනා වෛරසය සඳහා ද මේ මූලධර්මය සත්‍ය වේ. ළමයින්ට කොවිඩ් -19 අවදානම අඩුය. නමුත් ඔවුන් වෙතින් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ට හෝ රෝගී ඥාතීන්ට එය සම්ප්‍රේෂණය කිරීමේ අවදානම ඉහළය.

    චීන දත්ත වලට අනුව කුඩා දරුවන්, විශේෂයෙන් ළදරුවන්, අනෙකුත් වයස් කාණ්ඩවලට වඩා කොවිඩ් -19 වලට ගොදුරු වේ

    තවත් උදාහරණයක් වන්නේ 2009 සහ 2010 උණ වසංගතයට වගකිව යුතු සූකර උණ (H1N1) වෛරසයයි. “H1N1 ආසාදනය ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් අතර වඩාත් නරක අතට හැරී ඇති අතර, ළමයින්ට යම් යම් රෝග ලක්ෂණ ඇති නමුත් වැඩිහිටියන්ට වඩා මෘදුයි” පටෙල්.

    Covid-19 විවිධ වයස්වල දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේද?

    එය එසේ පෙනේ. චීන දත්ත වලට අනුව කුඩා දරුවන්, විශේෂයෙන් ළදරුවන්, අනෙකුත් වයස් කාණ්ඩවලට වඩා කොවිඩ් -19 වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. ළදරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු තුළ දරුණු හෝ බරපතල රෝගාබාධ වාර්තා වී ඇති අතර, ළමයින් වයසින් වැඩෙත්ම මෙම අනුපාතයන් විශාල ලෙස අඩු වී ඇති අතර එම නිසා වයස අවුරුදු පහක් හෝ ඊට වැඩි දරුවන් තුළ දරුණු හෝ බරපතල රෝගාබාධ 100 ක් ඇති වූයේ තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු පමණි.

    රොබට්ස් මෙසේ පවසයි. “පෙර පාසල් දරුවන්ගේ ශ්වසන මාර්ග කුඩා වන අතර ආසාදනයට එරෙහිව සටන් කිරීමේදී වැඩිහිටි දරුවන්ට වඩා ශක්තිමත් බවක් නැත.  ඔවුන් රෝහල් ගත කිරීමට වැඩි ඉඩක් ඇත.”

    යෞවනයන් ගැන කුමක් කිව හැකිද?

    රොබට්ස් මෙසේ පවසයි. “සමහර අවස්ථාවලදී ළමයින් වැඩිහිටියන් බවට පත්වේ. යෞවනයන් තුළ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මේරීම වඩාත් වැඩිහිටි රටාවකට අප දකින අතර එය මෙම වෛරසය පාලනය කිරීමට ඵලදායී විය හැකිය. කෙසේ වෙතත්, මෙම වෛරසය ගැන අප දන්නේ ඉතා අල්ප වශයෙනි ”

    චීන අධ්‍යයනයේදී වයස අවුරුදු නවය හා ඊට අඩු ළමුන් අතර කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර අවුරුදු 19ට අඩු ළමුන් තුළ ඇති එකම මරණය වන්නේ 14 හැවිරිදි දරුවෙකි. මාර්තු 23 වන දින එක්සත් රාජධානිය විසින් කොවිඩ් -19 සම්බන්ධ 18 හැවිරිදි වියේ පසුවූ යහපත් සෞඛ්‍ය තත්වයක් සහිත 13 හැවිරිදි දරුවෙකු අප්‍රේල් 1 වන දින ලන්ඩනයේදී මිය ගිය බව වාර්තා විය.

    අලුත උපන් බිළිඳුන්ට කොවිඩ් -19 බලපෑම් කළ හැකිද?

    ඔව්.

    ලෝකයේ බොහෝ ප්‍රදේශවල වසංගතය තවමත් දිග හැරෙමින් පවතින අතර, අලුත උපන් බිළිඳුන් තුළ අවම වශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වත් තහවුරු වී ඇත. ඉන් එකක් චීනයේ වුහාන් සහ එක්සත් රාජධානියේ ලන්ඩන් වේ.  මෙම ළදරුවන්ට කොරෝනා ආසාදනය වූයේ ගර්භාෂයේ දී හෝ උපත ලැබීමෙන් පසුවද යන්න තවමත් නිශ්චිතව දක්වා නැත. අවස්ථා දෙකේදීම, ඔවුන්ගේ මව්වරුන් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළහ.

    කොරෝන වෛරසය ගර්භාෂයේ ළදරුවන්ට බලපාන ආකාරය ගැන අප දන්නේ කුමක්ද?

    එච්චර නැහැ.

    දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (සාර්ස්) සහ මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (මර්ස්) සඳහා වගකිව යුතු කිරීටක වෛරස් ගර්භනී කාන්තාවට මෙන්ම ඇගේ දරුවාටද බලපාන අතර ගබ්සා කිරීම්, නොමේරූ දරු ප්‍රසූතිය සහ දරුවාගේ දුර්වල වර්ධනයට හේතු වේ.

    ළමයින් මේ වන විට කොවිඩ් -19 වලට ගොදුරු වීමේ අවදානම අඩු බව පෙනේ, නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන් ආසාදනය වීම වැළැක්වීම සඳහා පූර්වෝපායයන් නොගත යුතු බවයි

    කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ කුඩා අධ්‍යයන දෙකක්  මතය. ගර්භණී සමයේදී කොවිඩ් -19 අවදානම පිළිබඳව ජාතික මාර්ගෝපදේශ, මවට සහ දරුවාට නිරන්තරයෙන් යාවත්කාලීන කරමින්

    එසේ වුවද ගර්භනී කාන්තාවන්ට කොවිඩ් -19 වෙතින් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානම වැඩි බවට උපදෙස් දෙන අතර සති 12 ක් දක්වා සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට දැඩි ලෙස නිර්දේශ කරයි.

    කොරෝන වෛරස් ආසාදනය වීමෙන් පවුල් ආරක්ෂා කරන්නේ කෙසේද?

    නිවැරදිව අත් සේදීම, සමාජ දුරස්ථ භාවය වෛරසය පැතිරීම සීමා කිරීමේ මූලික වේ. 

    පටෙල් මෙසේ පවසයි. “මූලික කරුණු නිසි ලෙස කරන්න. ඔබ ප්‍රජාව සමග එකම ප්‍රදේශයක සිටී නම්, ඔබ යමක් ස්පර්ශ කරන්නේ නම්, හොඳින් අත් සේදීමට පෙර ඔබේ මුහුණ ස්පර්ශ නොකරන්න.”

    කොවිඩ් -19 වලින් ආරක්ෂා වීම  පිළිබඳව යුනිසෙෆ් දෙමාපියන්ට මග පෙන්වීමක් ලබා දී ඇත.

    ළමයින්ට ආසාදනය වීමෙන් ආරක්ෂා කිරීමට පවුල්වලට හැකිද?

    ඔව්, නමුත් එය පහසු නොවනු ඇත. මෙම පියවර තුනෙන් (හොඳින් අත් සේදීම, සමාජයෙන් ඈත් වීම සහ විෂබීජ හරණය) වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි ඥාතීන් ළමයින් හෝ වෙනත් අයෙකු විසින් ආසාදනය වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ඇති එකම සාර්ථක ක්‍රමය වන්නේ දුරස්ථ කිරීමයි.

    “මවුවරුන්ගේ දිනයේ ආච්චිලා – සීයලා, දෙමාපියන් සහ දරුවන් එකට සිටින පවුල් රාශියක් මම දුටුවා” කියා පටෙල් පවසයි. 

    “මම හිතන්නේ එය ඇත්තෙන්ම භයානකයි – වැඩිහිටියන් තුළ, විශේෂයෙන් පෙර පැවති වෛද්‍ය තත්වයන් ඇති අය තුළ දරුණු රෝග ඇතිවීමේ අවදානම පිළිබඳව දත්ත ඉතා පැහැදිලියි. දරුවන් ආච්චිලා සීයලාගෙන් ඈත කර තැබීම නිවැරදි දෙයයි – අවදානම ගන්නේ ඇයි? ”

    සෑම තත්වයකදීම පාහේ ළමයින් දරුණු කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂා වේ – ඇන්ඩෘෘ පොලාර්ඩ්

    වයෝවෘද්ධ ඥාතීන්ගෙන් නිරෝගී දරුවන් වෙන් කිරීම අනවශ්‍ය පියවරක් ලෙස පෙනෙන්නට තිබුණද, කොරෝන වෛරසය ආසාදනය වූ බොහෝ දරුවන් රෝගයේ සුළු සලකුණු පමණක් පෙන්නුම් කරන බව හෝ මතක තබා ගත යුතුය‘

    කොරෝනා වයිරසය පැතිරීම සීමා කිරීම නවීන වෛද්‍ය විද්‍යාව හා විද්‍යාත්මක දියුණුව මත මෙන්ම සමාජ හා චර්යාත්මක වෙනස්කම් වල සාර්ථකත්වය මත රඳා පවතී.

    කොවිඩ් -19 ගැන දරුවන් සමඟ කතා කිරීම වැදගත් වන්නේ ඇයි

    “කොවිඩ් -19 පිළිබඳ බොහෝ කතා සමාජ මට්ටමින් සිදුවෙමින් පවතින හෙයින්, ඇත්ත වශයෙන්ම දෙමාපියන් විසින් කළ යුතු එක් දෙයක් වන්නේ කොවිඩ් -19යෙන් දරුවන් මිය නොයන බවට දරුවන්ට සහතික කිරීමයි. මෙම පණිවිඩය ඔවුන් වෙත ලබාදීම ඇත්තෙන්ම වැදගත්. ළමා රෝග විශේෂඥයින් වශයෙන් අපි දන්නවා ළමයින් නරකම දේට බිය වන බව‘‘

    පොලාර්ඩ් එකඟ වේ. “සෑම තත්වයකදීම පාහේ ළමයින් දරුණු කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂා වන” බව දෙමාපියන් තම දරුවන්ට සහතික කළ යුතු බව ඔහු යෝජනා කරයි.

    ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් සහ ළමා මනෝචිකිත්සකවරියක් වන ලීනියා කාල්සන් පවසන්නේ “දරුවන් සහ යෞවනයින් තම පවුල් ගැන කනස්සල්ලට පත්ව සිටින” බවයි. 

    “මෙය සුවිශේෂී තත්වයන් බව අපි ළමයින්ට සහ යෞවනයින්ට පැහැදිලි කළ යුතුයි. මෙවැනි තත්වයන් තුළ අප සහ අපගේ පවුල් පමණක් නොව සෑම කෙනෙකුම රැකබලා ගැනීම ගැන සිතා බැලිය යුතු බව අපි ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. ”

    බී.බී.සී ලෝක සේවයේ වාර්තාවක් ඇසුරින් සම්පාදිතය – සකස් කළේ – තුෂාධවි

  • From Pharaohs to Beyoncé: අපි තවමත් ‘දිවි සම් විලාසිතාවලට’ ආදරය කරන්නේ ඇයි?

    From Pharaohs to Beyoncé: අපි තවමත් ‘දිවි සම් විලාසිතාවලට’ ආදරය කරන්නේ ඇයි?

    විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්.

    ලංකාවේ අපි නම් සත්ව හමින් හෝ සත්ව ලොම්වලින් කළ ඇදුම් ඇන්දෙම නැහැ. දැනට අවුරුදු 2600කට පමණ පෙරත්, විජය – කුවේණි අපිට කපු කර්මාන්තය ගැන නිශ්චිත සාධක තිබෙනවා.

    ඒත් ලංකාව කියන්නේ ලෝකය නෙමෙයි. ලෝකයේ බොහෝ රටවල් ඈත අතීතයේ සිටම සත්ව හම් සහ ලොම් ඇදුම් සහ විලාසිතා සදහා භාවිතා කරනවා. එය බැටලුවාගේ සිට දිවියා / කොටියා දක්වාත් කිඹුලා දක්වාත් පුළුල්ව පැතිර ගිය එකක්.

    අපි මේ කතා කරන්නේ බැටළු හම් වාගේ හැමෝටම පැළදිය නොහැකි එදා වගේම අදත් මිලාධික, ධනය, බලය හා ගරුත්වය පෙන්වන විලාසිතාවක් ගැන. ඒ දිවි සමින් leopard. කළ විලාසිතා ගැන.

    වෙල්ඩන්ට අනුව දිවියන්ගේ මෝස්තර (පොදුවේ නිරූපණ) බලය, ස්වාධීනත්වය සහ විශ්වාසය සංකේතවත් කිරීමට භාවිතා කර ඇත.

    “දිවියන් දිගු කලක් තිස්සේ දරුණු, ඉතා ඔරොත්තු දෙන සතුන් ලෙස දැක ඇත.” ඇය කිව්වා. “මම හිතන්නේ මිනිසුන්ට ඔවුන් සමඟ ප්‍රාථමික සම්බන්ධතාවයක් දැනෙනවා.”

    ක්‍රි.පූ 6000 සිට

    පුරාණ ඊජිප්තු කුමරියක දිවි සමින් නිර්මාණය කළ ගවුමකින් සැරසී සිටින අයුරු නෙෆර්ටියාබෙට් ඊජිප්තු කුටියක දැක්වේ.

    ඓතිහාසිකව ගත්විට දිවි සමින් කළ විලාසිතාවක නිශ්චිත සාධක අපට හමුවන්නේ මීට වසර 8500කට පමණ පෙර, එනම් ක්‍රි.පූ 6000 දී පමණ මැටි රූපයක් වන “සටාල්හයික් හි වාඩි වී සිටින කාන්තාව”Seated Woman of Çatalhöyük” නම් මූර්තිය සමගයි. මෙම මූර්තියේ පෙනී සිටින කාන්තාව දිවි සමින් කළ ඇදුමක් ඇදගෙන සිටිනවා.

    ඊජිප්තු ප්‍රඥාවේ දේවතාවිය වන ශේෂාට් බොහෝ විට නිරූපණය කරන්නේ දිවියා හෝ චීටා සැඟවුණු ඇඳුමකි. චීන පුරාවෘත්තවල බටහිර රැජිනගේ මව ලෙස හැඳින්වෙන ෂී වැන්ග්මු දේවතාවිය කොටියෙකුගේ දත් හා දිවියෙකුගේ වලිගයෙන් නිරූපණය කෙරේ.

    “18 සහ 19 වන සියවස් වලදී දිවියන්ගේ ලොම් සහ ඇඳුම් පැමිණියේ ධනය හා තත්වය සංකේතවත් කිරීමට. ඉන්පසු ඔබ 20 වන සියවසට ඇතුළු වන අතර මහා පරිමාණයෙන් නිපදවන රෙදි සහ ඇඟලුම් කර්මාන්තයක ආරම්භය ඒ සමග සිදුවිය. එහිදී සැබෑ දිවි සම වෙනුවට ඒ ආකාරයේ වර්ණ හා විලාසිතා මුද්‍රණය ප්‍රධාන ධාරාවට ඇතුළු වූ අතර එය පුරාණයේ මෙන්ම නවීන වැදගත්කමක් ලබා ගැනීමට පටන් ගත්තේය.”” යැයි වෙල්ඩන් පැවසීය. 

    පරිණාමය වෙමින් පවතින ප්‍රවණතාවක්

    දිවි විලාසිතාවේ කීර්තිය එතැන් සිට පුනරාවර්තන ගණනාවක් හරහා ගොස් ඇත. එය පහත්, ප්‍රකෝපකාරී, ඇලෙන සුළු හා භයානක යැයි සැලකේ. එය ඇතැම් විට ලාභ ඇඳුම් හා විලාසිතා සමඟ සම්බන්ධ වේ. පොප් සංස්කෘතිය තුළ, චිත්‍රපටවල සිට සංගීතය දක්වා දිවියන්ගෙන් විලාසිතාවලින් සැරසී සිටින කාන්තාවන් සහ ඇතැම් විට පිරිමින් හමුවේ.

    එහෙත් විලාසිතා ලෝකයේ සහ ධනය, බලය හිමි සුපිරි මිනිසුන්, විශේෂයෙන් ගැහැනුන් විසින් ද මෙම මෝස්තරය වැලඳගෙන තිබේ. 1947 දී වනාන්තරයේ ජීවත් වන දිවියන්ට වඩා දිවියන් මුද්‍රණය කළ පළමු නිර්මාණකරුවා ලෙස ක්‍රිස්ටියන් ඩයර් සම්මාන ලැබීය.

    ජොසෆින් බේකර්, එලිසබෙත් ටේලර්, ජැකී කෙනඩි සහ එඩී සෙඩ්ග්වික් වැනි මෝස්තර නිරූපකයින් සියලු දෙනාම මේ වන රටාව වටා පෙළ ගැසුණේය.

    හොලිවුඩ් හි ජනප්‍රිය නිළියක වන Carmen Miranda කාමන් මිරැන්ඩා (1948 දී ) දිවි සමින් කළ සෝපාවක් මත දිවි සමින් කළ බිකිනියක් සහ හිස පළදනාවක් සමග
    Gloria Swanson ග්ලෝරියා ස්වන්සන් (1950) එඩිත් හෙඩ් විසින් නිර්මාණය කරන ලද දිවි සම් විලාසිතාවකින් සැරසී සිටී.
    Jayne Mansfield ජේන් මෑන්ස්ෆීල්ඩ් (1953 දී) දිවි සමින් කළ බිකිනියකින් සහ බ්‍රෙසියරයකින් සැරසී
    ජනාධිපති කෙනඩි සමග ජනපති බිරිය ජැකලින් කෙනඩි (1962 දී )ඔලෙග් කැසිනි විසින් නිර්මාණය කළ දිවි සම් කබායක් ඇඳගෙන ඉන්දියාවට සහ පාකිස්තානයට සංචාරයක් සඳහා පිටත්ව යයි.
    බෙලිටා 1956 දී “නර්තනයට ආරාධනා කිරීම” හි දිවියෙකුගේ සමින් කළ ඇඳුමක් ඇඳ සිටී.
    රොසලින්ඩ් රසල් Rosalind Russell 1967 දී දිවි සමින් කළ විලාසිතාවකින් සැරසී

    මෑත දශක කිහිපය තුළ, ඇනා වින්ටෝර් සහ මිෂෙල් ඔබාමා මෙන් බියොන්සේ ද දිවි සමින් කළ විලාසිතා නිසා අවධානයට ලක්ව තිබෙන අතර විලාසිතා ලෝකයේ ද දිවි සමින් කළ විසලාසිතා දැඩි අවධානයක් දිනා ගෙන තිබේ.

    Joan Collins, 1981-1989.රූපවාහිනී මාර්ගෝපදේශය සඳහා රූගත කිරීමකදී ජොආන් කොලින්ස්
    Michelle Obama හිටපු ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමා දිවි සම් විලාසිතාවකින් සැරසී.
    Beyonce on stage for ABC Good Morning America Concert with Beyonce, Times Square, New York, බියොන්ස් දිවි සම් විලාසිතාවක් සමගින් ( 2006 දී ) නිව් යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රයේ ඒබීසී ගුඩ් මෝනිං සඳහා රංගනය ඉදිරිපත් කරයි
    Gwen Stefani ග්වෙන් ස්ටෙෆානි නිව් යෝර්ක් හි පැවැති විලාසිතා දැක්වකදී දිවි සම් විලාසිතාවකින් සැරසී
    ජෝ වෙල්ඩන් 2015 දී ප්‍රවර්ධන රූගත කිරීමක් සඳහා දිවි සම් විලාසිතා ඇඳුමක් ඇඳ සිටී

    ඉහත ලෝකය පුරා ජනප්‍රිය දිවි සම් විලාසිතා ගැන අවධානය යොමු කරන විට තවත් වැදගත් කරුණක් සදහන් කළ යුතුයි. ඒ සත්ව සමිවලින් කරන විලාසිතාවලට ලෝකය පුරා දැඩි විරෝධයක් පවතින බවයි. සත්ව අහිංසාවාදීන් දැඩිව මෙවැනි විලාසිතා ප්‍රවර්ධනය වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරනවා.

    ඒ නිසා අප වුවත් මේ විලාසිතා ප්‍රවර්ධනය නොකළ යුතුව තිබෙනවා. විශේෂයෙන් දිවියන් වැනි දැඩිව වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ රැක ගැනීම අප සැමගේ වගකීමක්.

    සටහන සහ ඡායාරූප සී.එන්.එන් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • Covid 19 : මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර

    Covid 19 : මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර

    EMMA RUSSELL

    කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත.

    කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස් මාලාව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.

    Scott Bryan@scottygb

    This is actually valuable advice, and I reckon applies to Twitter as well.

    View image on Twitter

    විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන මෙම කාලය ඇතුළත මානසික සෞඛ්‍යය පවත්වාගත යුතු ආකාරය පිළිබඳව ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවක නිරත විණි.

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර
    Image captionජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර

    “මෙවැනි අවස්ථාවක කණ්ඩායම් තුනක පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යට බලපෑම් එල්ල වෙනවා,”

    1. සාමාන්‍ය ජනතාව.
    2. කොවිඩ් 19 වැළඳුණ රෝගියෙකු සමග සම්බන්ධ වීමෙන් රෝගය වැළඳීමේ අවදානමක සිටින පුද්ගලයන්.
    3. වෙනත් මානසික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්.

    “මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න සිදුවීමෙන් සහ වෙන දා ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න සිදු වීමෙන් මානසික සුවයට යම් බලපෑම් ඇති වී තිබෙන තත්ත්වයක් ද දකින්න පුළුවන්. ඒ වගේ ම රෝගය වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයන් සිය දෙමාපියන් සහ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඈත් වී ජීවත් වීමට සිදු වීමත් මනසට දැඩි ලෙස බලපා තිබෙනවා,” වෛද්‍යවරිය පැවසීය.

    සමාජ මාධ්‍ය ජාල සහ පුවත්වලින් ඈත් වී සිටිය යුතු ද?

    පුවත් පිළිබඳ සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් විය හැකි නමුත් එයින් බොහෝ දෙනෙකු තුළ පවතින මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර අතට හැරීමට ද පුළුවන.

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් පළවන පුවත් නිරන්තරයෙන් නැරඹීමෙන් සහ කියවීමෙන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙන බව පිළියන්දල පදිංචි සමාධි දළුවත්ත බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මාත් අපි එක්ක ජීවත් වෙන්නේ. මේ නිව්ස් කියෙව්වට පස්සේ මට පාලනය කර ගන්න බැරි තරම් බයක් දැනෙනවා. ඒ නිසා ගෙදර අයටත් පරිස්සම් වෙන්න කියලා ඕනෑවට වඩා කෑ ගහනවා,” ඇය පැවසීය.

    bbc

    “සාමාන්‍යයෙන් මම කලබල කෙනෙක් වුණාට ඉස්සර මේ තරම් බයක් ඇති වෙලා නැහැ. හැබැයි දැන්නම් පාලනය කර ගන්න අමාරුයි.”

    කෙසේනමුත්, පුවත් සහ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවලින් වැඩි කාලයක් ඈත් වී සිටීමෙන් සිය මනස යම් තාක් දුරකට “සන්සුන්” වූ බව ද ඇය පැවසීය.

    මේ අතර, කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ පුවත් බොහොමයක් ද සංසරණය වෙමින් පවතී. සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් වගකිව යුතු ආයතන නිකුත් කරන පුවත් සහ දැන්වීම් පමණක් අනුගමනය කළ යුතු බවට රජය නිරන්තරයෙන් නිවේදන නිකුත් කරමින් සිටී.

    ප්‍රියයන්ගෙන් ඈත් වී සිටීම

    “මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන්නේ. අපි මනසින් සෑහෙන ශක්තිමත්ව ඉන්න පුළුවන් උපරිම උත්සහ කරනවා. නමුත් විශාල බයක් තියෙනවා මගෙන් ගෙදර අයට මේ ලෙඩේ බෝවෙයි කියලා,” කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසීය.

    “විශේෂයෙන් මගේ වයසක දෙමාපියන්ට මේ වෛරස් එක බෝ වෙයි කියන බය නිසා මම ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක මනසට හරි අමාරු දෙයක්. නමුත් හරි අමාරුවෙන් හිත හදාගන්න උත්සහ කරනවා. පුළුවන් උපරිම විදිහට ආරක්ෂා වෙනවා,” ඇය තවදුරටත් පැවසුවාය.

    EMMA RUSSELL

    ඔබේ අත් සෝදන්න – නමුත් ඕනාවට වඩා නොකරන්න

    ඕසීඩී (Obsessive-Compulsive Disorder) යනු, සුලබව දැකිය හැකි නිදන්ගත මානසික රෝගී තත්ත්වයක් වන අතර, මෙහිදී යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ඉටුකළ යුතු යැයි නැගෙන සිතුවිල්ල පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණෙනු දැකිය හැකිය.

    කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර අතර, නිතර දෑත් සේදීම වැනි ක්‍රියාවන් ඕසීඩී වැනි මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට දැඩි ලෙස බලපා තිබේ.

    ඕසීඩී මානසික රෝගය සමග දිවි ගෙවීම පිළිබඳ සිය අත්දැකීම් ‘Because We Are Bad’ නම් ග්‍රන්ථයෙන් හෙළි කළ ලිලී බේලි පවසන්නේ වෛරසයක් ආසාදනය වේ යැයි ඇති බිය සිය මානසික රෝගී තත්ත්වයේ එක් අංගයක් බවය.

    මෙම මානසික රෝගී තත්ත්වයෙන් මිදුණු පුද්ගලයන්ට අත් සේදීම පිළිබඳ උපදෙසින් නැවත බලපෑම් එල්ල විය හැකි බව ඇය පවසයි.

    “මම මග හැර සිටි හැසිරීම් රටා කිහිපයක් දැන් නැවත සිදුකළ යුතු වීම ඇත්තෙන් ම දුෂ්කර ක්‍රියාවක්.”

    “මම අවවාදය තදින් අනුගමනය කරනවා. නමුත්, මට සබන් සහ සනීපාරක්ෂක දියර භාවිතය ඇබ්බැහි වීමකට සමාන කරන්න පුළුවන්,” ලිලී බේලි පැවසීය.

    ඕසීඩී මානසික රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට නිවසින් පිටව යෑම වඩාත් පහසු වන හෙයින් ස්වයං හුදකලා වීම අභියෝගයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

    ගම්පහ ප්‍රදේශයේ දිවි ගෙවන සුනිලා විජේවීර පැවසුවේ, කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සනීපාරක්ෂක පියවරවලින් ඕනෑවට වඩා සිය මනසට බලපෑම් එල්ල වන බවය.

    “මගේ විතරක් නෙමෙයි, පවුලේ අය අත් සෝදන එක ගැනත් මම ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවා. ගෙදර කවුරුහරි එළියට ගිහින් ආවා ම මම ඒ අයගේ ඇඳුම්, භාණ්ඩ ඔක්කොම පිහනවා, සෝදනවා. මමත් සෑහෙන වාරයක් අත් සෝදනවා,” සුනිලා පැවසුවාය.

    එසේ නම්, අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

    මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය.

    • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
    • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
    • දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
    • තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
    • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
    • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
    • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
    • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
    • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
    • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
    • අන් අයට පිහිට වන්න.
    EMMA RUSSELL

    “මේ වන විටත් මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි කාලයක් තුළ සිය රෝගී තත්ත්වය උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා. මෙම සතියේ සිට (මාර්තු 30) ඔවුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග තැපැල් කිරීමට කොළඹ ජාතික රෝහලේ මානසික රෝග අංශය ක්‍රියා කරමින් ඉන්නවා.”

    “ඒ වගේ ම මේ කොරෝනාවෛරසය වැළඳුණ කෙනෙකු, එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එය හෙළි කිරීමෙන් සමාජයට යහපතක් වන අතර, අන් අය තමන්ට උදව් කරන්න ඉදිරිපත් වීම තුළින් මානසික සහනයක් ද ලැබෙනවා,” යැයි වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

    මහජනතාව නිවැරදිව හා විද්‍යාත්මකව දැනුවත් කළ යුතු නිසා මෙම විද්‍යාත්මක ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලදි. ශීර්ෂපාඨය සහ මුල් ඡායාරූපය පමණක් වෙනස්කර ඇත- ප්‍රධාන සංස්කාරක

  • මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි

    මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි

    ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි

    කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා.

    “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් කිසිදු වාසියක් ඇති බවට නිශ්චිත සාක්ෂි නොමැත. එහෙත් මුහුණු ආවරණ නිසි ප්‍රමිතියට නොමැති වීම හෝ නිසි ලෙස නොපැළදීම නිසා සෞඛ්‍ය හානි සිදුවන බවට සාක්ෂි තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ  වෛද්‍ය මයික් රයන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුකදි පැවසීය.

    මුහුණු ආවරණ සහ වෙනත් වෛද්‍ය සැපයුම් පිළිබඳව රයන් පැවසුවේ “අපට විශාල ගෝලීය හිඟයක් පවතින බව පිළිගත යුතුව තිබේ. මේ වන විට කොරෝන වෛරසයෙන් වැඩිපුරම අවදානමට ලක්ව ඇත්තේ සෑම දිනකම නිරන්තරයෙන්ම වෛරසයට නිරාවරණය වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ය. ඔවුන්ට මුහුණු ආවරණ නොමැති බවට සිතීම බිහිසුණුය‘‘

    වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය

    ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් ද සඳුදා පැවති සාකච්ඡාවේදී කියා සිටියේ “වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය. ප්‍රජාව තුළ සිටින ඔබට කොරෝනා ආසාදනය වී නොමැති නම් අපි ඔබට මුහුණු අවරණ පැළදීම නිර්දේශ නොකරමු. එහෙත් ඔබ ආසාදිතයෙක් වුවහොත් මුහුණු ආවරණ පැළදීම අනිවාර්යයෙන් කළ යුතුය” වැන් කෙර්කොව් පැවසීය.

    “අපි මුහුණු ආවරණ පැළදීම නිර්දේශ කරන්නේ අසනීපව සිටින පුද්ගලයින් සහ අසනීපව සිටින නිවසේ සිටින පුද්ගලයින් රැකබලා ගන්නා පුද්ගලයින් සඳහා ය.”

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවූයේ වෛද්‍යවරුන් සඳහා පුද්ගලික ආරක්ෂක ආම්පන්න හෝ පීපීඊ ඇතුළු වෛද්‍ය සැපයුම්වල “සැලකිය යුතු හිඟයක්” ගෝලීය වශයෙන් පවතින බවයි.

    “මුහුණු ආවරණ, අත්වැසුම්, නිල ඇදුම් ඇතුළුව අපගේ පෙරටුගාමී සේවකයින් සඳහා සැලකිය යුතු PPE හිඟයකට මුහුණ දී සිටින අතර අපගේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම මෙම PPE භාවිතය සඳහා ප්‍රමුඛතාවය විය යුතුයි.” වැන් කෙර්කොව් පසුගිය සතියේ පැවසීය.

    ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

    ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

    මේ අතර එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් නව කොරෝන වෛරසය වැළැක්වීම සදහා මුහුණු ආවරණ මිලදී ගැනීම නැවැත්වීම පමණක් නොව, මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ නොගන්නේ නම් කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කරන බවට අනතුරු අඟවයි.

    “ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය” යනුවෙන් ඇඩම්ස් සඳුදා පැවසීය.‍

    ‘‘මුහුණු ආවරණ නිසි ලෙස අඳින්නේ කෙසේදැයි නොදන්නා අය මේ අවධානමට ඍජුව ගොදුරුවේ. ඇත්ත වශයෙන්ම එවැනි පුද්ගලයින් අතර කොරෝන වයිරස් පැතිරීම වැඩි විය හැකිය” යනුවෙන් ඇඩම්ස් පැවසීය.

    “අපි නිසැකවම ප්‍රජාවන් තුළ වැඩි ව්‍යාප්තියක් දකිනවා. ආරක්ෂිතව සිටීමට මිනිසුන්ට කළ හැකි දේවල් තිබෙනවා. එය කිසිසේත් මුහුණු ආවරණයක් මිලදී ගැනීම හෝ කුමක් හෝ මුහුණු ආවරණයක් ලෙස යොදා ගැනීම නොවෙයි. ඔවුන් අවධානම වැඩි කරනවා මිස එය පාලනයට දායක වෙන්නේ නැහැ. ඒ නිසා මම අවධාරණය කරන්නේ ඔබ ආසාදිතයෙක් හෝ ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයෙක් නොවේ නම් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය සහ ඔබ සහ සෙසු අය අනතුරේ හෙළන කටයුත්තක්. ඔවුන් නොකළ යුතු දේ සහ එකක් ඔවුන් සාමාන්‍ය ජනතාව තුළ නොකළ යුතු දේ එළියට ගොස් වෙස් මුහුණු මිලදී ගැනීමකි‘‘

    ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න

    මුහුණු ආවරණ පැළදීම වෙනුවට ඔහු ට්වීට් කර ඇත්තේ ‘‘ඔබ සහ ඔබ අවට සිටින අය නිරෝගීව තබා ගැනීමට නිතරම අත් සේදීම කරන්න. ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න“ යනුවෙනුයි.