From Pharaohs to Beyoncé: අපි තවමත් ‘දිවි සම් විලාසිතාවලට’ ආදරය කරන්නේ ඇයි?

From Pharaohs to Beyoncé: අපි තවමත් ‘දිවි සම් විලාසිතාවලට’ ආදරය කරන්නේ ඇයි?
Spread the love

විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්.

ලංකාවේ අපි නම් සත්ව හමින් හෝ සත්ව ලොම්වලින් කළ ඇදුම් ඇන්දෙම නැහැ. දැනට අවුරුදු 2600කට පමණ පෙරත්, විජය – කුවේණි අපිට කපු කර්මාන්තය ගැන නිශ්චිත සාධක තිබෙනවා.

ඒත් ලංකාව කියන්නේ ලෝකය නෙමෙයි. ලෝකයේ බොහෝ රටවල් ඈත අතීතයේ සිටම සත්ව හම් සහ ලොම් ඇදුම් සහ විලාසිතා සදහා භාවිතා කරනවා. එය බැටලුවාගේ සිට දිවියා / කොටියා දක්වාත් කිඹුලා දක්වාත් පුළුල්ව පැතිර ගිය එකක්.

අපි මේ කතා කරන්නේ බැටළු හම් වාගේ හැමෝටම පැළදිය නොහැකි එදා වගේම අදත් මිලාධික, ධනය, බලය හා ගරුත්වය පෙන්වන විලාසිතාවක් ගැන. ඒ දිවි සමින් leopard. කළ විලාසිතා ගැන.

වෙල්ඩන්ට අනුව දිවියන්ගේ මෝස්තර (පොදුවේ නිරූපණ) බලය, ස්වාධීනත්වය සහ විශ්වාසය සංකේතවත් කිරීමට භාවිතා කර ඇත.

“දිවියන් දිගු කලක් තිස්සේ දරුණු, ඉතා ඔරොත්තු දෙන සතුන් ලෙස දැක ඇත.” ඇය කිව්වා. “මම හිතන්නේ මිනිසුන්ට ඔවුන් සමඟ ප්‍රාථමික සම්බන්ධතාවයක් දැනෙනවා.”

ක්‍රි.පූ 6000 සිට

පුරාණ ඊජිප්තු කුමරියක දිවි සමින් නිර්මාණය කළ ගවුමකින් සැරසී සිටින අයුරු නෙෆර්ටියාබෙට් ඊජිප්තු කුටියක දැක්වේ.

ඓතිහාසිකව ගත්විට දිවි සමින් කළ විලාසිතාවක නිශ්චිත සාධක අපට හමුවන්නේ මීට වසර 8500කට පමණ පෙර, එනම් ක්‍රි.පූ 6000 දී පමණ මැටි රූපයක් වන “සටාල්හයික් හි වාඩි වී සිටින කාන්තාව”Seated Woman of Çatalhöyük” නම් මූර්තිය සමගයි. මෙම මූර්තියේ පෙනී සිටින කාන්තාව දිවි සමින් කළ ඇදුමක් ඇදගෙන සිටිනවා.

ඊජිප්තු ප්‍රඥාවේ දේවතාවිය වන ශේෂාට් බොහෝ විට නිරූපණය කරන්නේ දිවියා හෝ චීටා සැඟවුණු ඇඳුමකි. චීන පුරාවෘත්තවල බටහිර රැජිනගේ මව ලෙස හැඳින්වෙන ෂී වැන්ග්මු දේවතාවිය කොටියෙකුගේ දත් හා දිවියෙකුගේ වලිගයෙන් නිරූපණය කෙරේ.

“18 සහ 19 වන සියවස් වලදී දිවියන්ගේ ලොම් සහ ඇඳුම් පැමිණියේ ධනය හා තත්වය සංකේතවත් කිරීමට. ඉන්පසු ඔබ 20 වන සියවසට ඇතුළු වන අතර මහා පරිමාණයෙන් නිපදවන රෙදි සහ ඇඟලුම් කර්මාන්තයක ආරම්භය ඒ සමග සිදුවිය. එහිදී සැබෑ දිවි සම වෙනුවට ඒ ආකාරයේ වර්ණ හා විලාසිතා මුද්‍රණය ප්‍රධාන ධාරාවට ඇතුළු වූ අතර එය පුරාණයේ මෙන්ම නවීන වැදගත්කමක් ලබා ගැනීමට පටන් ගත්තේය.”” යැයි වෙල්ඩන් පැවසීය. 

පරිණාමය වෙමින් පවතින ප්‍රවණතාවක්

දිවි විලාසිතාවේ කීර්තිය එතැන් සිට පුනරාවර්තන ගණනාවක් හරහා ගොස් ඇත. එය පහත්, ප්‍රකෝපකාරී, ඇලෙන සුළු හා භයානක යැයි සැලකේ. එය ඇතැම් විට ලාභ ඇඳුම් හා විලාසිතා සමඟ සම්බන්ධ වේ. පොප් සංස්කෘතිය තුළ, චිත්‍රපටවල සිට සංගීතය දක්වා දිවියන්ගෙන් විලාසිතාවලින් සැරසී සිටින කාන්තාවන් සහ ඇතැම් විට පිරිමින් හමුවේ.

එහෙත් විලාසිතා ලෝකයේ සහ ධනය, බලය හිමි සුපිරි මිනිසුන්, විශේෂයෙන් ගැහැනුන් විසින් ද මෙම මෝස්තරය වැලඳගෙන තිබේ. 1947 දී වනාන්තරයේ ජීවත් වන දිවියන්ට වඩා දිවියන් මුද්‍රණය කළ පළමු නිර්මාණකරුවා ලෙස ක්‍රිස්ටියන් ඩයර් සම්මාන ලැබීය.

ජොසෆින් බේකර්, එලිසබෙත් ටේලර්, ජැකී කෙනඩි සහ එඩී සෙඩ්ග්වික් වැනි මෝස්තර නිරූපකයින් සියලු දෙනාම මේ වන රටාව වටා පෙළ ගැසුණේය.

හොලිවුඩ් හි ජනප්‍රිය නිළියක වන Carmen Miranda කාමන් මිරැන්ඩා (1948 දී ) දිවි සමින් කළ සෝපාවක් මත දිවි සමින් කළ බිකිනියක් සහ හිස පළදනාවක් සමග
Gloria Swanson ග්ලෝරියා ස්වන්සන් (1950) එඩිත් හෙඩ් විසින් නිර්මාණය කරන ලද දිවි සම් විලාසිතාවකින් සැරසී සිටී.
Jayne Mansfield ජේන් මෑන්ස්ෆීල්ඩ් (1953 දී) දිවි සමින් කළ බිකිනියකින් සහ බ්‍රෙසියරයකින් සැරසී
ජනාධිපති කෙනඩි සමග ජනපති බිරිය ජැකලින් කෙනඩි (1962 දී )ඔලෙග් කැසිනි විසින් නිර්මාණය කළ දිවි සම් කබායක් ඇඳගෙන ඉන්දියාවට සහ පාකිස්තානයට සංචාරයක් සඳහා පිටත්ව යයි.
බෙලිටා 1956 දී “නර්තනයට ආරාධනා කිරීම” හි දිවියෙකුගේ සමින් කළ ඇඳුමක් ඇඳ සිටී.
රොසලින්ඩ් රසල් Rosalind Russell 1967 දී දිවි සමින් කළ විලාසිතාවකින් සැරසී

මෑත දශක කිහිපය තුළ, ඇනා වින්ටෝර් සහ මිෂෙල් ඔබාමා මෙන් බියොන්සේ ද දිවි සමින් කළ විලාසිතා නිසා අවධානයට ලක්ව තිබෙන අතර විලාසිතා ලෝකයේ ද දිවි සමින් කළ විසලාසිතා දැඩි අවධානයක් දිනා ගෙන තිබේ.

Joan Collins, 1981-1989.රූපවාහිනී මාර්ගෝපදේශය සඳහා රූගත කිරීමකදී ජොආන් කොලින්ස්
Michelle Obama හිටපු ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමා දිවි සම් විලාසිතාවකින් සැරසී.
Beyonce on stage for ABC Good Morning America Concert with Beyonce, Times Square, New York, බියොන්ස් දිවි සම් විලාසිතාවක් සමගින් ( 2006 දී ) නිව් යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රයේ ඒබීසී ගුඩ් මෝනිං සඳහා රංගනය ඉදිරිපත් කරයි
Gwen Stefani ග්වෙන් ස්ටෙෆානි නිව් යෝර්ක් හි පැවැති විලාසිතා දැක්වකදී දිවි සම් විලාසිතාවකින් සැරසී
ජෝ වෙල්ඩන් 2015 දී ප්‍රවර්ධන රූගත කිරීමක් සඳහා දිවි සම් විලාසිතා ඇඳුමක් ඇඳ සිටී

ඉහත ලෝකය පුරා ජනප්‍රිය දිවි සම් විලාසිතා ගැන අවධානය යොමු කරන විට තවත් වැදගත් කරුණක් සදහන් කළ යුතුයි. ඒ සත්ව සමිවලින් කරන විලාසිතාවලට ලෝකය පුරා දැඩි විරෝධයක් පවතින බවයි. සත්ව අහිංසාවාදීන් දැඩිව මෙවැනි විලාසිතා ප්‍රවර්ධනය වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරනවා.

ඒ නිසා අප වුවත් මේ විලාසිතා ප්‍රවර්ධනය නොකළ යුතුව තිබෙනවා. විශේෂයෙන් දිවියන් වැනි දැඩිව වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ රැක ගැනීම අප සැමගේ වගකීමක්.

සටහන සහ ඡායාරූප සී.එන්.එන් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි