Category: සුපිරි News

  • ලංකාව ඉන්දියාවක් වෙනවාද – නැද්ද ? ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක් !

    ලංකාව ඉන්දියාවක් වෙනවාද – නැද්ද ? ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක් !

    ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අගවයි.

    මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ද එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.

    “මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියාත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන්ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා. අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්.“

  • අප්‍රේල් මාසයේදී උද්ධමනය 0.2කින් පහළට

    අප්‍රේල් මාසයේදී උද්ධමනය 0.2කින් පහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම් මේ සඳහා හේතු විය.

    මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 9.6හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 9.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී සියයට 1.8ක අගයක නොවෙනස්ව පැවතුණි.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.0හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

    2021 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සුළු වශයෙන් පහත වැටීමක් වාර්තා කළේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල අඩුවීම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩය තුළ, 2021 අප්‍රේල් මාසයේ දී පොල්, එළවළු, රතු ළූණු සහ ලොකු ළූණු මිල අඩු විය. මේ අතර, ප්‍රවාහන (ලිහිසි තෙල්) උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 අප්‍රේල් මාසයේ දී වාර්තා විය.

  • Covid-19 Hot: ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

    Covid-19 Hot: ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

    ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය.

    සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි.

    ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි – 3 (Alert Level 3) මාර්ගෝපදේශ අනුව පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

    1. සමුළු (conference), සම්මන්ත්‍රණ (Seminars), රැස්වීම් (Meetings), සන්නාම දිවා හෝජන (Brand Lunches) 2021.05.21 දක්වා තහනම්ය. ඉන් පසුව පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරනු ලැබේ.
    2. සුපිරි වෙළඳසැල් (Super Market), මහාපරිමාණ අලෙවිහල් (Shoppers Malls), මූල්‍ය ආයතන, රෙදිපිළි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25% ක සීමාවකට යටත්වය.
    3. සංවෘත ස්ථාන සහ විවෘත ස්ථානවල පවත්වන සාද අංග (Events) සහ මහජන එක්රැස් වීම් සඳහා අවසර නැත.
    4. ආගමික ස්ථානවල ජනතාව එක්රැස් වීම නොකළ යුතුය.
    5. සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, ‘Pub’, ‘Bars’, Casino (පබ්, බාර්, කැසිනෝ), රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන (Betting Centers) සහ සම්භාහන සේවා ස්ථාන වසා තැබේ.
    6. හෝටල්, තානායම් සහ ආගන්තුක නිවාස (Guest Houses) ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවයෙන් 50% ක් වන අතර රාත්‍රී 10.00 පසුව ක්‍රියාත්මක නොවිය යුතුය.
    7. කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද/ උත්සව සඳහා අවසර නැත.
    8. විවෘත වෙළඳසැල්, පොළ සහ බේකරි වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25% යටත්වය.
    9. උසාවි – මුළු ධාරිතාවයෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇත.
    10. බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැත.
    11. පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, ආධාරක (Tuition) පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
    12. 2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබේ.

    මැයි මස 20 දිනට පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව මාර්ගෝපදේශ නැවත සමාලෝචනය කෙරෙනු ඇති බව බලධාරීහු පවසති.

    Epidemiology Unit daily covid cases

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කෙරුණු නව රෙගුලාසි අනුව පහත සඳහන් සීමාවන්ද පනවා ඇත.

    1. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණි.
    2. එමෙන්ම කුලී රථ භාවිතයේදී ත්‍රීරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණි.
    3. වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.
    4. අපනයනය මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුය.
    5. එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුය.
    6. දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘත වන්නේ නැත.
    7. කොවිඩ්-19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුය.
    8. මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සව ද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.
    9. එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස් වී සිදුකරන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
    10. සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක සහ සැණකෙළි තිබෙන ස්ථාන වසා තැබේ.
    11. ආපනශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැක්කේ එහි ආසන පහසුකම්වලින් 25% පමණි.
    12. මත්පැන් අලෙවිසැල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්භාහන මධ්‍යස්ථාන වසා තැබිය යුතුය.

    මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරෙන B117 කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් එම ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිරෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    එම ප්‍රභේදය ආසාදනය වූවන් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එය ඉතාමත් භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේය.

    ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ පැතිර යමින් පවතින වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බවය.

    Text by bbc sandesaya

  • ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි !

    ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි !

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් ඉලක්ක ගත අරමුණ කරා යෑමට අයහපත් කාලගුණය හරස් විය.

    පළමු දිනයේදී ලකුණු 291 ක් රැස් කළ ශ්‍රී ලංකා පිලට පන්දුවාර 65 කට සීමාවුණු අද දිනයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. ආරම්භයේ සිටම වළාකුළු වලින් බරව තිබූ කාලගුණ තත්ත්වය ප්‍රයෝජනයට ගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඒ අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූහ.

    දිනයේ සමස්ථයක් ගත් විට බංග්ලාදේශ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව වෙත දැඩි පීඩනයක් එල්ල වුණු නමුත් ඒ අතරින් සාර්ථක වුණු නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිනය අවසන් වන තෙක්ම කඩුලු ආරක්ෂා කරගැනීමට සමතව සිටිති.

    ප්‍රවේගකාරී පිතිහරඹයක  නියැළුණු දික්වැල්ල පන්දු 64 කදී ලකුණු 64 ක් ලබා සිටින්නේ තම 18 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කියමිනි. 45 වැනි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් සිටින දික්වැල්ල තවමත් ශතකක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින බැවින් මෙතෙක් සිහිනයක්ව පවතින එම හීනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මෙම ඉනිම ඔහුට හොඳ අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ.

    කිසිදු අසීරුවකින් තොරව ලකුණු රැස් කළ දික්වැල්ල ඔහුගේ සුපුරුදු ස්වීප්, ස්ලොග් සීවීප්, කට් පහර සහ ඩ්‍රයිව් පහර එල්ල කරමින් මුහුණ දුන් 48 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. හතරේ පහර 7 ක් ඇතුළත් ඇතුළත්ව රමේෂ් මෙන්ඩිස් එක්ව ගොඩනංවන ලද මෙම සම්බන්ධතාවය, බංග්ලාදේශ නායක මොමිනුල් හක්ගේ නළලත රැළි ගන්වන ලද සම්බන්ධතාවයක් වූවාට නොඅනුමානය. තරගය නිමා කරන විට දික්වැල්ලට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 22 ක් ලබා සිටියේය.

    අදාළ සම්බන්ධතාවය අතරතුරදී රමේෂ් මෙන්ඩිස් විසින් අවස්ථාවක් ලබා දුන් නමුත් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් එය අතහැර දැමුවේය. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී නජ්මුල් විසින් අත හරින ලද දෙවැනි උඩ පන්දුව බවට එය පත්විය. මීට පෙර ලකුණු 28 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ලබා දුන් උඩ පන්දුවද නජ්මුල් අතින් ගිලිහී ගිය අතර එහි භයානක ප්‍රතිඵලය වූයේ දිමුත් සිය 12 වැනි ටෙස්ට් ශතකය (118) වාර්තා කර ගැනීමය. අත හැරි උඩ පන්දු දෙකම ටස්කින් අහමඩ්ගේ පන්දුවලට ලබා දුන් උඩ පන්දු වීමද විශේෂත්වයකි.

    පළමු සැසියේ පරිදිම දෙවැනි සැසියේදීත් තරගයේ පාලනය බංග්ලාදේශ පන්දු යවන්නන් සතු කරගැනීමට සමත්වීම නිසා පළමු දිනයේ තරම් ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්ව සිටිති. ඒ අනුව දිනය ආරම්භයේ සිට තේ පානය දක්වා වූ දෙවැනි දිනයේ යවන ලද පන්දුවාර 56 දී ශ්‍රී ලංකාව රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 134 කි.

    ඒ අතරතුරදී තම තුන්වැනි කඩුල්ල වශයෙන් ටස්කින් අහමඩ් පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින්. පිට ඉන්නට මඳක් ඈතින් පතිත වුණු පන්දුව දෝලනයක් සහිතව ඇදී පැතුම්ගේ පිට ඉන්න සොයා ගියේ නොසිතූ තරම් ඉපිලීමකින් තොරවය. ඒ වන විටත් ඕෂද සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායකත්වයක් ලබා දුන් පැතුම් ලකුණු 30 ක් ලබා සිටියේය.

    එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද ප්‍රනාන්දුද ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් සිය කඩුල්ල අහිමි කර ගත්තේ පැතුම් දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්කාසු වීමට මත්තෙනි. මෙහෙදි හසන්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර අත් ආවරණ වලත් පසුව පිත්තේත් වැදී කඩුලු රැකි ලිටන් දාස්ගේ ඈත් අත සිර වන විට ඕෂද ලකුණු 81 ක් ලබා සිටියේය. පන්ද 221 කින් සමන්විත වුණු ඕෂදගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත්විය.

    පළමු සැසියේදී දවා ගත් කඩුලු 3 ට අමතරව දිවා ආහාරය වන තෙක් ක්‍රියාත්මක පන්දුවාර 26 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අවස්ථාව උදා කර දුන්නේ ලකුණු 43 ක් පමණි. ඉන් දිනයේ යවන ලද පළමු පන්දුවාර 14 තුළදීම ප්‍රතිවාදී පන්දු යවන්නෝ ලබා දුන්නේ ලකුණු 22 ක් පමණි.  ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම පිළිබඳව දොසක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැගිය නොහැක්කේ පළමු සැසියේදී බංග්ලාදේශ පන්දු යවන්ගේ දෙපසටම වූ දෝලනය සමඟ ඉතාම නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම මතය.

    බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් පළමු සැසියේ මූලිකයා වූවේය. පළමු කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කරන විට පෙර දිනයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ඔහු රැස් කරගැනීමට සමත්ව සිටියේ ලකුණු 09 ක් පමණි. පුරා පැය හතහමාරකට අධික කාලයක් (මිනිත්තු 445 ක්) පුරා කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් විය. පන්දු 298 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

    අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඉඩ ලබා දුන්නේ නැත. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී පන්දුව උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ලිටන් දාස් වෙත ඇදී ගියද ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීමේ වාසනාව මැතිව්ස්ට උදාවිය. එවන් වාසනාවක් මැතිව්ස් සතු වුවත් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ පිලට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. මන්ද යත් ඊට පන්දු 12 කට පසු ටස්කින්ගේ පන්දුවකටම මැතිව්ස් ලිටන් දාස් අතට උඩ පන්දුවක් ලබා දුන් බැවිනි.

    පළමු තරගයේදී ශතකයක් ලද ධනංජය ද සිල්වාව තයිජුල් ඉස්ලාම් විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි නජ්මුල් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 02 කට සීමා විය.

    හෙට තරගයේ තෙවැනි දිනයයි.

    Text by sl cricket

  • නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

    නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

    වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි. ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නි‍ර්දේශ කර ඇති බැවින් ඔවුන්ට එන්නත ලබාදීම සුදුසු බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

  • ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් පමණයි

    ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් පමණයි

    ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

    එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එමෙන්ම විපක්ෂය කළ යෝජනාවකට අනුව කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන මැයි 04 වනදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටද එහිදී තීරණය වූ බව දසනායක මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව පැවැත්වෙන දින දෙකේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොවෙන බවද මහලේකම්වරයා පැවසීය.

    මැයි 04 වනදා පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද, සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදන 04 ක්, වැට් බදු සම්බන්ධව පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ද පක්ෂ නායකයින් එකඟ වූහ.

    ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට දිවා ආහාරය සඳහා සභාව කල්තැබීමකින් තොරව ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ඉල්ලා සිටි රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙන බව මහලේකම්වරයා පැවසීය.

    එමෙන්ම මැයි 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තුව දිවා විවේකය සදහා කල් තැබීමකින් තොරව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගනු ලබන බවද දසනායක මහතා කීවේය.

    මෙම රැස්වීමට සභානායක සහ  විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර සහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, ගයන්ත කරුණාතිලක, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද  සහභාගී වූහ.

  • එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමුද ?

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමුද ?

    ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

    මෙරට කෘෂි කර්මාන්තය තුළ එළවළු සහ පලතුරු නිෂ්පාදනයට සුවිශේෂ ස්ථානයක් හිමිවන අතර ජනතාවගේ පාරිභෝජන රටාවන් තුළ ද ඒ සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ගොවිජනතාවට තමන් නිෂ්පාදනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් උපරිම වටිනාකමක් ලබා ගැනීමට සහ ජනතාවට තමන් පාරිභෝජනය කරන එළවළු සහ පලතුරුවලින් උපරිම පෝෂණයක් ලබා ගැනීමට හැකියාව පවතී ද යන්නයි. 

    සෞඛ්‍යාරක්ෂිත ජීවන පැවැත්මක් සඳහා පුද්ගලයෙක් දෛනිකව එළවළු සහ පලතුරු වර්ග 5කින් ග්රෑම් 400ක් ආහාරයට එක්කර ගතයුතු බව පෝෂණවේදීන් නිර්දේශ කොට තිබෙන බැවින් ඒවායෙහි ගුණාත්මක හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීම ද වැදගත්වේ.

    එපමණක් නොව අපනයන වෙළෙඳපළ සඳහා  ද එළවළු සහ පලතුරු වගා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින හෙයින් ඒවායේ ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම එම අංශයේ සංවර්ධනය සඳහා පිටුවහලක් වනු ඇත.

    මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු වන ‘ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතභාවය’ (Food safety) යනු ආහාර වගා කිරීමේ, නිපදවීමේ, සකස් කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්වා විවිධ අවස්ථාවල දී ආහාර දූෂණය වීම වැළැක්වීම සහතික කිරීමයි. ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතතාවයෙහි වැදගත්කම වර්තමානයේ ඉස්මතු වෙමින් පවතී.

    සෞඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන්

    එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

    නිෂ්පාදනයේ දී විශේෂයෙන් ගොවිපොළහි දී පොහොර භාවිතයෙන් ද අපිරිසිදු ජලය භාවිතයෙන් ද එළවළු හා පලතුරු අපිරිසුදු විය හැකිය. තව ද කෘමිනාශක, පළිබෝධනාශක ආදිය නිසාද , ඒවායේ පවතින ආසනික්, ඊයම්, කැඩ්මියම් සහ ක්‍රෝමියම් වැනි ජලයේ පවතින අපිරිසුදු ද්‍රව්‍ය වැනි බැරලෝහ නිසාද ආහාර අපිරිසිදු වීම සිදුවේ. එළවළු හා පලතුරු වල පසු අස්වනු හානිය හා නෙලන ලද අස්වැන්නෙහි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් ඒවායෙහි ගුණාත්මකභාවය පිරිහීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු වී ඇති කාරණයක් වේ.

    මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත.

    කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි.

    අපද්‍රව්‍ය අඩංගුව තිබීමේ අවදානම

    පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

    යහපත් කෘෂිකාර්මික පිළිවෙත්

    ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

    මේ සඳහා යහපත් ප්‍රවේශයක් ලෙස 2015 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ”යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” (Good Agricultural Practice/GAP) වැඩසටහන හඳුන්වා දෙන ලදී.

    මෙහිදී පොහොර භාවිතය, වල්නාශක හා පළිබෝධනාශක භාවිතය, අස්වනු නෙළීම, වර්ගීකරණය, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය, සැකසීම, අගය එකතු කළ නිෂ්පාදන සැකසීම, ලේබල් කිරීම, බෙදා හැරීම හා ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලැබේ.

    ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශාක නිරෝධායන මධ්‍යස්ථානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී ඇත.

    ගැටලු සහ විසදුම්

    මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැත. ආහාරවල  ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි. ඒවා අතර,

    1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
    2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
    3. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
    4. තොග සහ සිල්ලර වෙළෙඳපොළවල අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
    5. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
    6. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
    7. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
    8. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.
    රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිණී – අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය.

    Sharing is caring!

  • ‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්

    ‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්

    අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමුව තිබේ.

    කොවිඩ් මර්දනය සදහා දැනට යොදා ඇති ශක්‍යතාව වැඩිකිරීම මූලික අරමුණ කරගෙන ඒ සදහා අවශ්‍ය පූර්ව සැලසුමක් සකස් කිරීමට අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය විශේෂඥයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡා කරන ලදි.

    නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බැවින් ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සදහා කටයුතු කිරීමත්, අදාල සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීමට අවධානය යොමුවූ අතර කොවිඩ් වෙනුවෙන් වෙනවූ රෝහල් සදහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම සදහා සාකච්ඡා විය.

    ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා High Flow machines සවිකිරීම කෙරෙහි ද අවධානය යොමුවිය. 

    ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහිද සාකච්ඡා වූ අතර ඒ සදහා වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම කෙරෙහි අවධානය යොමුවිය.

    රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන්ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට සාකච්ඡා වූ අතර ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවිය. දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇති බව සදහන් වූ අතර ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.  

    කොවිඩ් මර්දනයේදී පැනනගින වාහන අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස්කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදි. විශේෂයෙන් කොරෝනා මර්දනයේදී සුවසැරිය කාර්ය භාරය පිළිබදවද සාකච්ඡාවූ අතර ග්‍රාමීය ප්‍රදේශවල සුවසැරිය ගිලන්රථ සේවාව ඉටුකිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම කෙරෙහි සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

  • විස්මිත ගුණ දෙන ‘මී පැණි‘ ගැන සුපිරි හෙළිදරව්ව !

    විස්මිත ගුණ දෙන ‘මී පැණි‘ ගැන සුපිරි හෙළිදරව්ව !

    මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි.

    මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය පිළිබදය. එයට හේතුව මී පැණි යනු සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි දෙයක් වීමය. මී පැණි මඟින් සම නිරෝගී සෞඛ්‍යයට ගෙන එයි. ඔබට නිවසේ සිට වුව ද මී පැණි ප්‍රතිකාරය මගින් සමේ රෝග රැසක් සුවකර ගත හැකි අතර සම සදහා තවත් විස්මිත ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය.

    මී පැණි ස්වභාවික හියුමන්ට් ය

    මී පැණිවල ස්වභාවික මොයිස්චරයිසින් (සමේ තෙතමනය ආරක්ෂා කරන) ගුණ ඇති අතර එම නිසා එය සම රැකවරණය සදහා පහසුවෙන් භාවිත කළ හැකිය. මී පැණි සම මත ආලේප කළ පසු, සමේ ඉහළ ස්ථර මෘදු කිරීමට සහ සමට ගැඹුරට විනිවිද යාමට උපකාරී වේ.

    ඉඟිය: මී පැණි මිනිත්තු කිහිපයක් තබා ගැනීමෙන් පසු සෑම විටම සෝදා හරින්න.

    මී පැණි යනු සත්ත්ව ආහාර වලින් තොර සමක් අමුද්‍රව්‍යයකි

    ඔබ දන්නා පරිදි මී පැණි ලෝකයේ තිබෙන වටිනාම ස්වභාවික ආහාරයක් සහ ඔසුවකි. එමනිසා, ඔබ සත්ත්ව තෙල් සහ ආහාර වලින් තොර සම රැකවරණයකට යොමු වීමට කැමති නම්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍යය ඔබට හොඳ තේරීමක් නොවනු ඇත.

    ඉඟිය: මල්වල පරාග අසාත්මිකතා ඇති අය මී පැණි වලින් ඈත්ව සිටිය යුතුය.

    කුරුලෑ, සමේ රෝග සහ දද මී පැණි සමඟ ප්‍රතිකාර කළ හැකිය

    මී පැණි තුළ ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත. මෙම ගුණාංග සමෙන් අතිරික්ත තෙල් ඉවත් කිරීම සහ කැටි ගැසුණු සිදුරු ඉවත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එබැවින් කුරුලෑ සහ කළු ලප ඇතිවීම වැලැක්වීමට මී පැණි කදිම විසදුමකි.

    කාබනික මී පැණි නිරෝගී බැක්ටීරියා අඩංගු වන අතර එය රතු පැහැයට හා දැවිල්ලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. දද සහ සමේ රෝග යනු කඩාවැටීම් වලට සමාන සමේ තත්වයන් වන අතර, ඉදිමුණු සම ​​සහ රතු පැහැය විවිධ වර්ගයේ කැළැල් ඇති වේ. පැච් පරීක්‍ෂණයක් මීට පෙර සිදු කළ යුතු වුවද මී පැණි එවැනි තත්වයන් සමනය කිරීමට උපකාරී වේ.

    ඉඟිය: කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා හොඳ තේරීමක් වන පැණි කැළැල් සුව කිරීමටද උපකාරී වේ.

    මී පැණි සමඟ සම පැහැපත් කරන්න

    මී පැණිවල සමේ දීප්තිමත් කිරීමේ ගුණ ඇති අතර භාවිතයෙන් පසු මුහුණට නිරෝගී මොයිස්චරයිස් දිලිසීමක් ලබා දෙයි. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා මී පැණි හොඳම ඔසුවක් වේ. මී පැණිවල මොයිස්චරයිසින් ගුණ ඇති අතර එමඟින් සමට සජලීය බවක් දැනේ. එමෙන්ම එය ඇලෙන සුළු හා තෙල් සහිත නොවීම ද විශේෂ ගුණයකි. 

    ඉඟිය: ඔබේ කම්මුල්, නළල සහ නිකට මත මී පැණි ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා මෘදුව සෝදා හරින්න.

    මී පැණි සමඟ කැළැල් මැකී යන්න

    මී පැණි ස්වභාවික විෂබීජ නාශක ගුණ ඇති අතර එය තුවාල සුව කිරීමට සහ කැළැල් මැකී යාමට උපකාරී වේ. ලප කැලල් මත මී පැණි ආලේප කිරීම මගින් කැළැල් එකවර මැකී යාමට ඉඩ සලසයි. මී පැණි කුරුලෑ කැළැල් මැකීමට මෙන්ම පිලිස්සුම් තුවාල සහ ගැඹුරු කැපීම් වලට ද හොඳය.

    ඉඟිය: කුරුලෑ කැළැල් මැඩපැවැත්වීම සඳහා පැණි ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න.

    සම සමබර කරන මී පැණි සමඟ ෆේස් පැක්

    මේ සඳහා මී පැණි, කහ සහ කිරි මිශ්‍ර කරන්න. බඳුනකට මී පැණි තේ හැන්දක්, කිරි තේ හැඳි දෙකක් සහ කහ හැන්දක් එක් කරන්න. මෙම සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ඔබේ මුහුණට ආලේප කරන්න. මිනිත්තු 15 ක් තබා ඉන්පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

    ඟිය: තෙල් සහිත සමක් ඇත්නම් කඩල පිටි තේ හැන්දක් එක් කරන්න.

    සම පැහැපත් කරන මී පැණි ඇසුරුම්

    මී පැණි සමඟ තක්කාලි යුෂ සම පැහැපත් කිරීමට, රැළි ලකුණු අඩු කිරීමට සහ ලප සහ කැළැල් ඉවත් කිරීමට භාවිතා කරන්න. නැවුම් තක්කාලි යුෂ තේ හැන්දක් මී පැණි සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ රවුම් චලිතයකින් ආලේප කර මිනිත්තු 15 ක් තබන්න. පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. හොඳම ප්‍රතිඵල බැලීමට සතියකට දෙවරක් භාවිතා කරන්න.

    මී පැණි වයසට යාමේ සලකුණු

    මී පැණි වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක සහ එය ස්වාභාවික හියුමෙක්ටන්ට් එකක් වීම වයස්ගත වීමේ සලකුණු ඉවත් කිරීමට උපකාරී වේ. මුහුණේ රැළි සහ සිහින් රේඛා පෙනුම පාලනය කිරීමට මී පැණි උපකාරී වේ. නිරෝගීව සිටීමට, ප්‍රමාණවත් තෙතමනය, ප්‍රතිඔක්සිකාරක, සම අලුත්වැඩියා කිරීමට සහ කැළැල් මැකීයාම සමගින් එමඟින් සමට නිසි පෝෂණය ලබා දෙයි. සියල්ලට ම අමතරව එය සම රැකවරණය ශක්තිමත් කරයි, එබැවින් වයසට යාමේ සලකුණු ප්‍රමාද කරයි. තරුණ පෙනුම රැකදෙයි.

    ඉඟිය: දීප්තිමත් තරුණ සම සඳහා සෑම සතියකම මී පැණි මුහුණු ආවරණයක් තෝරා ගන්න.

    මී පැණි අව් රශ්මියට ප්‍රතිකාර කිරීම

    ඔබේ සම දවස පුරා හිරු එළියේ සිටීම කෙරෙහි අයහපත් ලෙස ප්‍රතිචාර දක්වන්නේ නම් මී පැණි ගලවා ගත හැකිය. අව්වේ පිළිස්සීම සිදුවන්නේ හිරු එළියේ වැඩි කාලයක් ගත කිරීම නිසාය.  එවැනි තත්වයක් තුළ ඔබේ සම සිසිල් කර ප්‍රතිකාර කිරීම සඳහා, පැණි මිශ්‍රණයක් කෝමාරිකා ජෙල් කොටස් දෙකක් සමඟ බලපෑමට ලක්වූ ප්‍රදේශයට යොදන්න. මිශ්‍රණයේ අතුල්ලන්න එපා. අදාළ ස්ථානය මත මෘදුව ආලේප කිරීම පමණක් කරන්න.

    ඉඟිය: අව් රශ්මියෙන් පසු ඔබේ සමේ පෙනුම වැඩි දියුණු කිරීමට මී පැණි උපකාරී වේ.

    මී පැණි සිදුරු පිරිසිදු කර බ්ලැක් හෙඩ්ස් ඉවත් කරයි

    මී පැණි බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට උපකාරී වන අතර සමේ pH සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි කුරුලෑ නිසා ඇතිවන සමේ සිදුරු පිරිසිදු කිරීමේ කාරකයක් ලෙස භාවිතා කළ හැකිය . මී පැණි තුළ ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර මොයිස්චරයිසින් ගුණ ඇති බැවින් සමට ගැඹුරට විනිවිද යාමටත්, සමේ ස්ථර මෘදු කිරීමටත්, බ්ලැක් හෙඩ්ස් ඇති කරන අපිරිසිදු ඇතුළු සිදුරු වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමටත් එය උපකාරී වේ. සම මත මී පැණි ඇතිවීමෙන් පසු ඇතිවන බලපෑම වන්නේ සජලනය හා දීප්තියයි. 

    ඉඟිය: ස්වභාවික මී පැණි හැන්දක් පොල්තෙල් හැඳි දෙකක් මිශ්‍ර කර වියළි සම පිරිසිදු කිරීම සඳහා මිශ්‍රණය යොදන්න. මෘදු ලෙස සම්බාහනය කර සීතල වතුරෙන් මෙයට පිළියමකි.

    නිතර අසනු ලබන ප්‍රශ්න

    ප්‍රශ්නය – අලංකාර සම සඳහා මී පැණි පානය කළ හැකිද?

    නැත. වඩාත් ප්‍රතිඵල දායක වන්නේ මී පැණි මගින් සිදුකරන ප්‍රතිකාරයයි.

    ප්‍රශ්නය – මී පැණි දිනපතා සම මත භාවිතා කිරීම ආරක්ෂිතද?

    පිළිතුර – ස්වාභාවික හෝ නිවසේ සාදන ලද සියලුම සම ආරක්ෂණ අමුද්‍රව්‍ය භාවිතා කිරීම නුවණට හුරුය. ඔබේ සමේ දීප්තිය  හා මොයිස්චරයිසින් කිරීමෙන්  දිනපතා මී පැණි භාවිතා කිරීමෙන් ඔබට ප්‍රයෝජන ගත හැකිය. නව අමුද්‍රව්‍ය අත්හදා බැලීමට පෙර සෑම විටම පරීක්ෂණයක් කරන්න. දෛනික භාවිතය සමේ කරදර ඇති කරයි නම්, එයට විවේකයක් ලබා දී ඔබේ භාවිතය අවම කරන්න. 

    ප්‍රශ්නය – හිසකෙස් මත මී පැණි භාවිතා කළ හැකිද?

    පිළිතුර – මී පැණි බ්ලීච් කිරීමේ ගුණ ඇති බව කියනු ලැබේ, එබැවින් මී පැණි වැඩි කාලයක් හිසකෙස් මත තැබීම සුදුසු නොවේ. මුහුණ මත ගල්වන මී පැණි පවා විනාඩි 15කට පසු පිරිසිදු ජලයෙන් හොදින් සේදා හරින්න.

    Text by femina – text by – Thushavi

  • Covid Hot: ආසාදිතයින් ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’

    Covid Hot: ආසාදිතයින් ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’

    අද (28) දින කොවිඩ්-19 ආසාදිතයින් 1451 දෙනකු හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එය මෙතෙක් ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මේ අනුව පසුගිය කාලය තුළ ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යව 104,938ක් බවට පත් වෙනවා.

    මේ අතර කොවිඩ්-19 වසංගතය පිට පළාත්වලට පැතිරීම සීමා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද (28) සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරන බවත් සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බවත් ඔහු සදහන් කළා.

    මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන ස්ථාන වන්නේ, කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යන ස්ථානයි.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185 දෙනකු දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි වාර්තා වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතික නිසා එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

  • ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ

    ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව
    ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය
    අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

    ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස
    ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ
    කෙරුණි. එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා  සෞඛ්‍ය අංශ
    නිලධාරීන්ට එන්නත්කරණය සිදු කරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ
    කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ඩාර්ලිපාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ නිව් බසාර්
    මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත්
    සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
    එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න
    සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පරීක්ෂණ කටයුතු සදහා
    රුධිර සාම්පල ලබාගැනිම සිදු කරන බව ද පැවැසීය.

    සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල
    ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 429 කට
    අද දින එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව කොළඹ මහනගර සභාවේ දිශා අංක
    01, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා පැවැසීය. එම ස්ථානයේ එන්නත්
    ලබාදීමේ වැඩසටහන අද දින (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදු කිරීමට නියමිත
    බවත් ඒ මහතා පැවැසීය.

    ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සදහා ලබාදීමට එන්නත් මාත්‍රා
    ලක්ෂ 03 ක් වෙන්කොට ඇත. ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ
    සාමාජිකයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ
    මධ්‍යම එන්නත් ගබඩාව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ
    දෙවන මාත්‍රා එන්නත බෙදාහැරිමට සියළු කටයුතු යොදා ඇත.

  • ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති මහින්ද චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි

    ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති මහින්ද චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි

    ලොව පුරා ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේය. අද (28) අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුවිය.

    මෙහිදී අගමැතිවරයා මෙසේද පැවසුවේය.

    ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත  තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබ කළ තීරණය අපි අගය කරමු.

    වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයේ ඉහළ පෙළේ දූත පිරිස් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ මෙම සංචාරය  සහ හමුවීම තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    පළමුවෙන්ම මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ  එහි සියලු ජයග්‍රහණ සඳහා මගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි.එය සැබවින්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

    තවද, දිළිඳුකම තුරන් කිරීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව  මම ඔබට සුබ පතමි. චීන රජය මිලියන 100 කට ආසන්න ග්‍රාමීය වැසියන් මේ වනවිට දරිද්‍රතාවයෙන් මුදා ගෙන තිබේ. අනෙක් අතට දරිද්‍රතාවය පිටුදැකීමේ  එක්සත් ජනපද ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන් වසර 10 කට පෙර සම්පූර්ණ කිරීමට චීනයට හැකි වී තිබේ. මෙය විශිෂ්ට ජයග්‍රහණයකි.

    ගරු ඇමතිතුමනි, මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි.  මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.

    පසුගිය සති කිහිපය තුළ  කොවිඩ් 19 ආසාධිතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු. පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි.

    මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි.  එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.

    ගරු ඇමතිතුමනි, ඔබගේ මෙම සංචාරය ගැන නැවත වරක් මම ඔබට ස්තූතිවන්ත වන අතර වසංගත තත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා දැනට පවතින සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමටත්  ඔබ සහ ඔබගේ රජය සමඟ ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙමි.

  • ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

    ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

    ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය

    චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

    (ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් , ශාමික වක්වැල්ල , රොෂාන් බොතේජු රොෂාන් බොතේජු – ජනාධිපති මාධ්‍ය අංශය)

  • Covid-19 Toaday Hot: ලංකාවෙන් ආසාදිතයින් 1096ක් !

    Covid-19 Toaday Hot: ලංකාවෙන් ආසාදිතයින් 1096ක් !

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම අද (27) වාර්තා වුණා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,472ක් බවට පත් වුණා.

    මේ අතර වර්තමානයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් කොළඹින් පිටතින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍ර භේදය තරුණයින් වෙත වඩාත් අනතුරුදායක බවයි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කොළඹින් බැහැර ජනතාව මුහුණු ආවරණ පැළදීමට යම් මැලිකමක් දක්වන බවයි.

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් නෑ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් නෑ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය.

    ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් අදාළ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද ඉල්ලීමක් කළේය.

  • පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ –  කැබිනට් අනුමැතිය හිමිවෙයි

    පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ – කැබිනට් අනුමැතිය හිමිවෙයි

    පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා.

    මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා පැවසුවේ, සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බවයි.

    මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.