Category: සුපිරි News

  • ඩිජිටල් බැංකුකරණයේ සුපිරි බව ඔබ වෙත රැගෙන එන Online බැංකු සේවාව

    ඩිජිටල් බැංකුකරණයේ සුපිරි බව ඔබ වෙත රැගෙන එන Online බැංකු සේවාව

    Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

    මේ තත්ත්වය හමුවේ බැංකු සේවාවන් ද වේගයෙන් තම සාම්ප‍්‍රදායික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ඩිජිටල්කරණ සේවාවන් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටී.

    ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියා වන්නේ සම්පත් බැංකුවයි. ගෝලීය වශයෙන් බැංකු පද්ධතිය තුළ ඩිජිටල්කරණය ආරම්භ වූ වහාම සම්පත් බැංකුව ද මෙරට තුළ ඩිජිටල් බැංකුකරණ සේවා ආරම්භ කළ අතර ඒ පුරෝගාමී මෙහෙවර අඛණ්ඩත්, ශක්තිමත් ලෙසත්, පුළුල් ලෙසත් පවත්වා ගෙන යාමට සම්පත් බැංකුව සමත්වි සිටී.

    මේ පුරෝගාමී නායකත්වය මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින් සහ ඉදිරියට ගෙන යමින් සම්පත් බැංකුව සිය පාරිභෝගිකයින්ට නිවෙසේ හෝ ඕනෑම ස්ථානයක සිට තම බැංකු කටයුතු පහසුවෙන් හා ආරක්ෂාකාරීව කරගෙන යාම සඳහා හඳුන්වා දුන් ‘සම්පත් විශ්ව’ ඔන්ලයින් බැංකු සේවාව මේ වන විට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

    නවතම තාක්ෂණය උපයෝගී කරගෙන පාරිභෝගිකයින්ගේ රහස්‍යභාවය හා ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාත්මක කොට ඇති ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් රැසකි.

    Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් අතර

    1. සම්පත් ගිණුම් හිමියන්ට බැංකුවට නොගොස් නිවසේ සිටම අලුතින් ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට හැකි වීම.

    2. තම ගිණුමේ ශේෂය දැන ගැනීම.

    3. බැංකුවේ සිය ගිණුමේ තිබෙන තැන්පතුවලින් ක්ෂණික ණය මුදලක් ලබා ගැනීම.

    4. මොබයිල් කෑෂ් පහසුකම යටතේ ඕනෑම ගිණුමකට මුදල් යැවීම.

    5. තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනු විස්තර ලබා ගැනීම හා එහි බිල ගෙවීම.

    6. ජල, විදුලි, දුරකතන බිල්පත් රක්ෂණවාරික රෝහල් ගාස්තු හා පාසල් ගාස්තු ද ‘සම්පත් පහසුකම යටතේ ගෙවීමට හැකිය.

    එසේම තමන් විසින් ලබා දෙන ස්ථාවර නියෝගයක් මඟින් මාසිකව ගෙවිය යුතු බිල් නියමිත දිනට බැංකුව මගින් ගෙවීමට හැකිවීම ද මෙහි තවත් විශේෂත්වයකි.

    තවද වෙනත් ගිණුම්වලට තම ගිණුමෙන් මුදල් යැවීම, නිකුත් කරන ලදචෙක්පත් ගෙවීම් අත් හිටුවීමට හා එක් දිනක් තුළ තම ගිණුමෙන් රුපියල් 20,000,000 දක්වා වූ මුදලක් වෙනත් ගිණුම්වලට බැර කිරීමට ද ‘සම්පත් විශ්ව’ මඟින් පහසුකම් සලසා ඇත.

    ‘සම්පත් විශ්ව’ මඟින් මුදල් යැවූ පසු ඒ බව සඳහන් ක්ෂණික දැනුම් දීමක් (SMS) පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට ලැබේ.

    මෙම සියලු පහසුකම් ලබා ගත හැක්කේ සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ට පමණි. සම්පත් බැංකුවේ ගිණුමක් තිබෙන ඕනෑම පාරිභෝගිකයෙකුට  https://www.sampath.lk/en/ සම්පත් බැංකුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති  https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController පිටුවට ගොස් ‘සම්පත් විශ්ව’ පහසුකම් සඳහා ලියාපදිංචි වීමට පුළුවන. තම ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ සේවාව (SMS) තිබේ නම් පාරිභෝගිකයාට සිය නිවසේ සිටම මෙහි ලියාපදිංචිය (0112303050) ලබා ගත හැකිය.

    සම්පත් බැංකුව විසින් හඳුන්වා දී ඇති මෙම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් මගින් ඔබ පමණක් නොව සමස්ත සමාජයම ගෝලීය ආපදාවෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඒ සමග ලෝකයේ වඩාත් නවීනතම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් ලබා ගැනීමට ද ඔබට අවස්ථාව ලබා දී ඇත.

  • ‘7%ට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි

    ‘7%ට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි

    අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී.

    2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    ඒ අනුව එවැනි ණය සඳහා බලපත්‍රලාභී බැංකුවලට අවම වශයෙන් ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි. ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තික සහිත පොලී අනුපාතිකයකින් අය කළ යුතු වේ. මේ සඳහා උපදෙස් ළඟදීම බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කෙරේ.

    අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී.

    ඉහළ වර්ධනයක් සහ ඉපැයීමේ හැකියාවක් ඇති ආර්ථික අංශ ප්‍රවර්ධන කිරීමේ අවශ්‍යතාවය ද මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තෝරාගත් අංශ සඳහා ණය දීමේ ඉලක්ක හඳුන්වා දීමට තීරණය කරන ලදී.

  • ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී  ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

    ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

     ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.

    ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත ප්‍රවාහනය කර තිබේ. 

    ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකික ජාතිකයන්, නෙබො දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.

    ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. 

  • ‘සාමාන්‍ය පෙළ ගැන’ කඩිනම් තීන්දුවක් ගැනීමට සූදානම් – අධ්‍යාපන ඇමැති

    ‘සාමාන්‍ය පෙළ ගැන’ කඩිනම් තීන්දුවක් ගැනීමට සූදානම් – අධ්‍යාපන ඇමැති

    අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු

    පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

    මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් විසින් පවත්නා වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය අඩපණ නොවී සෞඛ්‍යාරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කරුණු පැහැදිළි කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

    රටතුළ පවත්නා කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ වත්මන් වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී ඇති යම් යම් ප්‍රශ්න විසඳීමටත් මෙම තත්වය තුළ අප රටේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට ගතයුතු සාමාන්‍ය ක්‍රියාමාර්ග වලින් ඔබ්බට ගොස් සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් රජයේ අමාත්‍යාංශ හැටියට කටයුතු කරන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට යටත්ව ප්‍රවාහන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මේ අවස්ථාව වන විට රටේ යම් යම් අවිනිශ්චිතතාවන් තිබෙනවා. ඒ වගේම කොවිඩ් 19 වසංගතය පිළිබඳ ඇති වී තිබෙන තත්වයන් දිනපතා වෙනස් වෙමින් තිබෙනවා. එම වෙනස් වන සුළු තත්වයන් නිසා අධ්‍යාපනයට ඇති වන බලපෑම් වලින් ඔබ්බට පැමිණ, එම අභියෝගය භාරගෙන රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වීමට ඉඩ නොතබා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඊට සහාය දෙන සෞඛ්‍ය හා ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර වලටත් ඇති වගකීම ඉටු කිරීමට රජය ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා. අපට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ එම පණිවිඩය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් ඇතුලු රටේ පුරවැසියන් වෙත ලබාදීමටයි.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,

    පසුගිය සඳුදා (23) පාසල් ආරම්භ කළ අතර, මේ වන විට දින තුනක් ගත වී තිබෙනවා. නොවැම්බර් 23 දින 34%24 දින 44% ,25 දින  51%  වශයෙන් දිවයින පුරා  දරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එයින් පෙනී යන්නේ දෙමාපියන් තුළ ඒ දරුවන් පාසලට එවීමේ විශ්වාසය වර්ධනය වී ඇති බවයි. එසේම දිවයින පුරා ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූ දෙකක්.

    බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙක් ප්‍රදේශවල  පාසැල් විවෘත කරනු ලැබුවා. ඒ අනුව, දිවයින පුරා  පාසල් 10165ක් පවතින අතර එයින් 5100ක් විවෘත කරනු ලැබුවා.

    6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විවෘත  කිරීමට තීරණය කළේ යම් කිසි කාලයක් ගෙන පියවර කිහිපයක් ඔස්සේ කටයුතු කරමින්. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ක්‍රමවේද වලට යටත්ව පාසල් වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඇති කළ අතර, ඒ සඳහා රජය රුපියල් ලක්ෂ 370 ක් වැය කර තිබේ. එසේම, සෑම පාසලකටම ඒ සම්බන්ධයෙන් විදුහල්පති, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකග්‍රාම සේවක යන අයද ඇතුළත් කමිටු පත්කර තිබෙනවා .ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීමට පළාත් අධ්‍යක්ෂකවරුන්ට බලය පවරා තිබෙනවා.

    කොවිඩ් අභියෝගය හමුවේ දිගින් දිගටම පාසැල් වසා දැමීම රජයේ ප්‍රතිපත්තිය නො වන අතර දරුවාගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාවය හා දරුවාගේ අනාගතය යන දෙකම මත පිහිටා රජය කටයුතු කරනවා.

    5 වසර ශිෂ්‍යත්ව විභාගය  සාර්ථකව පවත්වා එහි ප්‍රතිඵල දින 33 කදී ලබා ලබාදීමට හැකිවුණා. අපොස උසස් පෙළ විභාගයෙදි සිසුන් තුන් ලක්ෂ හැට දෙදාහක්  විභාග මධ්‍යස්ථාන 2900 ක දී විභාගයට පෙනී සිටියා. එය සාර්ථකව කර ගැනීමට හැකි වුණේ සියලු දෙනාම එක්ව කටයුතු කළ නිසයි.

     ඒ නිසා මේ සම්බන්ධයෙන්  විවේචන අත හැර සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු අතර දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන විශේෂ වගකීමක් තිබෙනවා එම නිසා තමාගේ දරුවා රෝගී තත්ත්වයෙන් පසුවේ නම් කිසිසේත්ම පාසලට එවීම නොකළ යුතුයි.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා,

    මෙම තත්වය තුළ, පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවනවා.

    සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් පනස් හතරක් (54) පවතිනවා. එම විෂයන් 54 ටම අදාලව ඉටු කිරීමට අවශ්‍ය ඒකක ප්‍රමාණය ගැන සලකා බලා ඉදිරියේදී අවශ්‍ය තීන්දු තීරණ ලබාගන්නවා.

    මේ වසරේ දින 184න් මුහුණට මුහුණ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි වූයේ දින අසූ හතක් (87) පමණයි. දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට අපි පියවර ගන්නවා.

    සාමාන්‍ය පෙළ විභාගයට පලමු වරට පෙනී සිටින සිසුන් 350,000 පමණ සිටින අතර එම දරු දැරියන්ට අදාල දත්ත නිවැරදි ආකාරයෙන් සැකසීමෙන් අනතුරුව ගරු ඇමතිතුමාට ඉදිරිපත් කිරීමෙන් පසුව අවශ්‍ය තීන්දු තීරණ අප ලබාගැනීමට පියවර ගන්නවා.

    අත් සේදීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ගත් විට,  සෞඛ්‍ය නිර්ණායක මත පාසලේ සිසුන් 50ට අඩු නම් අත සේදීමට ගන්නා ජල කරාම එකක්ද, ළමුන් පනස් (51) එකේ සිට සියය(100) දක්වා සිටීනම් අත සේදීමට ගන්නා  කරාම 2ක්  ද ආදී වශයෙන් ද ළමුන් දෙදහසට (2000) වැඩිනම් කරාම විස්සත් හතළිහත් අතර ප්‍රමාණයෙන්ද තිබිය යුතුයි.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය,

    මේ අවස්ථාවේදී අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශ දෙකම එක්ව මැයි මාසයටත් පෙර පටන්ම සාකච්ඡා කර මාර්ගෝපදේශ කිහිපයක්ම  ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සියල්ල සලකා තවත් මාර්ගෝපදේශයක් ලබා දී තිබෙනවා. මෙම වසංගතය ලංකාවට පැමිණි මුල් අවස්ථාවේ පටන්ම මේ ගැන අවධානය යොමු කරනු ලැබුවා.

    අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ පාසලක් තුළින් කොවිඩ් 19 සම්බන්ධ පොකුරක් නිර්මාණය වනවා දකින්න. එහෙම වීමට ඇති අවස්ථාවත් ඉතාම අඩුයි. මොකද, මේ වෙලාවේ අපට පැහැදිළිව පෙනෙනවා උක්ත මාර්ගෝපදේශ පිළිපදින බව. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ සඳහා වන සූදානම පිළිබඳව අපට සෑහීමට පත්විය හැකියි. පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු තිබෙනවා. එම කමිටු පාසල් මට්මින් අධීක්ෂණය සිදු වෙනවා. මෙය එක් එක් මට්ටම්වලින් පසුවිපරමට ලක් වෙනවා.

    මෙහිදී  වාර්තා වූ යම් සිද්ධීන් සමග අවධාරණය කළ යුතුයි සෑම කෙනෙකුටම අදාළ වගකීම්  බෙදී තිබෙනවා. නිරෝධානය වන නිවෙසකින් දරුවකු පාසලට එවනවා නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා රෝග තත්වයක් ඇති පසුබිමකින් දරුවකු පාසලට නොයැවීමට. මේ තත්වය ජය ගැනීමට මුළු ප්‍රජාවම සූදානමින් සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් පැවතිය යුතුයි.

    සිසුන් අතර සාමාන්‍ය සිහිසුන් වීම ඉතා සුලබ තත්වයක්. සිසුවෙකු සිහිසුන් වූ පමණින් කියැවෙන්නේ නැහැ එය කොවිඩ් නිසා වූවක් බව. එවැනි දරුවකු කොවිඩ් කියා නාමකරණය කිරීම වැරදියි. එවැනි දේ ප්‍රචාරය කිරීමෙන්ද වැළකිය යුතුයි.

    ලංකාවේම පොදු අවශ්‍යතාවක් තිබෙනවා අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවට. ඒ අනුව නව තත්වයට අනුගත වෙමින් සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. මෙහිදී සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ දෙක අතර ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙහිදී ඉතා හොඳින් ක්‍රියාවට නංවනවා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා,

    පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගය පැවති කාලයේ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට අප කටයුතු කළා. එහිදී ඇතැම් විට එක් සිසුවකු වෙනුවෙන් පවා බස් රථ ධාවනය වූවා. මේ අවස්ථාවේදීත් බස්නාහිර පළාත හැර සෙසු පළාත් සඳහා සිසු සැරිය බස් රථ 375 ක් යොදවා තිබෙනවා.

    ඇතැම් ප්‍රදේශ වලින් ඉල්ලීම් ලැබෙනවා. සිසුන්ගේ ප්‍රවාහනයට යොදවා ඇති බස්රථ ප්‍රමාණවත් නොවන බවට. ඒ අනුව, අද දින අප තීරණයක් ගෙන ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දුන්නා අවශ්‍යතාව මත එක් මාර්ගයකට බස් රථ කිහිපයක් හෝ යොදවන ලෙස. සුදුසු පරිදි එම තීරණ ගැනීමේ බලය අප ඩිපෝ කළමනාකරුවන්ට ලබා දුන්නා. ඒ අනුව, ඉදිරියේදී ධාවනය කෙරෙන බස්රථ ප්‍රමාණය තවදුරටත් වැඩි වනු ඇති.

  • ‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

    ‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

    කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි.

    නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (26) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

    21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක් කරනු වස්  “තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහි කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණයි.

    කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

    රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි. ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ය.

  • නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ

    නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ

    කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.

    නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති.

    කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග අතර නිවෙස්ගත නිරෝධායනය ප්‍රමුඛ ස්ථානයක් ගනී. රෝගාශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා අය දින 14ක කාලයක් පුරා නිරෝධායනය විය යුතුය. නිරීක්ෂණ කමිටුවට අයත් එක් එක් නිලධාරීයා සතියේ එක් එක් දවස තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ඇත.

    සියලු නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කර ගත යුතුය. කිසියම් පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි විමර්ශණය ද කණ්ඩායමේ වගකීමකි. රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෝ බැඳී සිටිති. නිරෝධායන නිවෙස්වල පවිත්‍රතාව සහ වෙනත්  රෝගීන්, ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන් ගැන ද ඔවුන් අවධානය යොමු කළ යුතුය.

    නිරෝධායන කාලය ඇතුළත පවුලේ සාමාජිකයෙකුට රෝගය ආසාදනය වුවහොත් සෙසු සාමාජිකයන් එතැන් සිට තවත් දින 14ක් නිරෝධායනය කරනු ලැබේ. නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරී වෙත ඒ බව නොපමාව දැනුම් දිය යුතුය.

    නිවෙස්ගත නිරෝධායන පිළිබඳ නිරීක්ෂණ යාන්ත්‍රණයේ සංයුතිය සහ වගකීම් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් මගින් ඊයේ (25) දැනුම් දෙනු ලැබීය.

    නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදු වන බව සහතික කිරීම අදාළ නිලධාරීන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

  • නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත්  අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි සැපයුම පුලුල් කෙරෙන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පරිසර අධිකාරිය එක්ව මෙම ඇගයීම් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ගරු  චරිත හේරත් මහතා මෙම නිර්දේශය කළේ ලක්විජය බලාගාරය සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ සොයාබැලීමට   පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   ඊයේ ( 24 ) පාර්ලිමේන්තුවේදී   රැස්වූ අවස්ථාවේදීය.  

    අමාත්‍ය මහින්දාන්න්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්,   පාර්ලිමේන්තු මන්ත්‍රිවරු  වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, රන්ජන් රාමනායක  යන මහත්වරු මීට සහභාගී වුහ.

    එසේම 2015 වසරේ සිට මෙරට විදුලි බලාගාර ඉදි නොවීම නිසා 2019 වර්ශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 85 ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කොප් කමිටුවේදී අනාවරණය කළහ.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම පිළිබඳ කොප් කමිටු සභාපතිවරයාගේ  අවධානය යොමු වූ අතර 2023 වර්ෂය වන විට නව මෙගාවොට් 300ක් සහ 2026 වර්ෂය වන විට තවත් මෙගාවොට් 300ක්  මෙම බලාගාරයට එක්වීමට නියමිතව ඇති බව එහිදී අනාවරණය විය. නමුත් මෙම ධාරිතාවය ගබඩාකිරීමට සහ බෙදා හැරීමට ලක්විජය බලාගාරය සතුව පහසුකම් පවතින්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ පිළිබඳ  මේ වනවිට පරීක්ෂාකිරීම් සිදුවන බවත් නිවැරදි අවශ්‍යතාවන් සපුරන්නේ නම් පමණක් මෙම පුලුල් කිරීම් සිදු කරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

    තවද ලක්විජය බලාගාරයේ පියාසර අළු කළමනාකරණය පිළිබඳ කොප් කමිටුවේදී අවධානය යොමු විය. පියාසර අළු සඳහා ජලය ඉසීමට පමණක් වසරකට රුපියල් මිලියන 26 වැයවන බව මෙහිදී කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අනාවරණය කළේය. ඒසේම අනු අංගනයක ගබඩා කොට ඇති පියාසර අළු ටොන් 6,580,00 ක් ප්‍රයොජනවත් ආකාරයෙන් යොදාගැනීම පිළිබඳ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම අළු මගින් ගඩොල් නිෂ්පාදනය පිළිබඳ අවධානය යොමුවී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ.

    ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වන ඒකක 3න් පළමු ඒකකයෙන් නියමිත කාරයක්ෂමතාව නොලැබී ඇති බවත් අවස්ථා කිහියකදීම බිඳවැටීම් සිදු වී ඇති බවත් කෝප් කමිටුවේදී අවධානය යොමු විය. එසේම මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපුරන්නේ ලක් විජය බලාගාරයෙන් බැවින් එහි බිඳවැටීමක් සිදු වූ විට රටටම විදුලිය ඇනහිටීමක් සිදුවන බැවින් ඒ් සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේහිදී සාකච්ඡා කළේය.

    එසේම සිසිලන ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳව ද, මෙම ප්‍රදේශයේ භූ ගත ජලය පිළිබඳ සොයාබැලීමේ අවශ්‍යතාවය ද, ගල් අගුරු ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳව සහ ගල් අගුරු ගොඩබෑමේ ධාරිතාව වැඩිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඊයේ කොප් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.

  • අදත් කොවිඩ් ආසාදිත මරණ 04ක්

    අදත් කොවිඩ් ආසාදිත මරණ 04ක්

    අද (24) දින කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (24) දින ප.ව 21.55ට නිකුත් කළ තවත් නිවේදනයක සදහන් වුණේ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 458 දෙනකු වාර්තා වූ බවයි.

  • පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා

    පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා

    නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා  ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය .

    මාසයක් ඇතුළත විශ්‍රාම ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත රැස්කර තබා ගන්නා ලෙස කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. විශ්‍රාම වැටුප් අහිමි වීමට බලපාන කාරණා නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ දී සාකච්ජා විය.

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධාරින්ගේ සේවය නැවත රාජ්‍ය සේවයට ලබා ගැනීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.

    කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රියර් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම මැතිවරණය පවත්වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට ද, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ද යන්න පිළිබඳව ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා තිබේ.

    සීමා නිර්ණන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියා කරන බවත් , ඒ සඳහා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ වෙනම කොමිෂන් සභාවක් පිහිටුවන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කාරක සභාවේදී පැවසීය.

    කොට්ඨාස ක්‍රමයෙන් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරයන් පත් කිරීම ගැටලු සහගත බව සභාවේ සාකච්ජා වූ අතර, නව මැතිවරණ ක්‍රමය ද සමාලෝචනය කළ යුතු බව එහි මතය විය. අනවශ්‍ය ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයන් නඩත්තු කිරීමට සිදුවීම ගැටලුවක් වී තිබේ.  පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කඩිනමින් ඉවත් කිරීමට ක්‍රියා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  පැවසීය. රාජ්‍ය නිලධාරින්ට ද පළාත් පාලන ක්‍රමයට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම සඳහා සාකච්ජා කෙරෙන බව ද අමාත්‍යවරයා කීවේය.

    පළාත් පාසල්වල පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බංඩාර මහතා කාරක සභාවේ දී මතු කළේය. ගුරු පුරප්පාඩු පිරවීමේ දී අදාළ උපධාරින්  ජීවත්වන ප්‍රදේශයේම පත්වීම් ලබා දෙන්නේ නම් ඵලදායි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මෙහිදී පැවසුවාය.

    සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමි වූ උපාධිධාරින්ගේ අභියාචානා සලකා බලා අවසන් බවත්, පත්විම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කාරක සභාව මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය .

    කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීමේ දී මතුව ඇති ප්‍රමාදය අනෙකුත් උපාධිධාරින් වෙත පත්විම් ලබාදීමට ගැටලුවක් බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ ලබාදුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය යොමුකර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේ දි පැවසීය. එම ආයතන සඳහා අභ්‍යන්තර විගණකවරුන් බඳවා ගැමීමේ අවශ්‍යතා ද මෙහි දී සාකච්ජා විය.

    පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර, ඒ සඳහා දිස්ත්‍රීක් කමිටු ද පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය විය.

    මේ අවස්ථාවට අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වූහ. රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද කාරක සභාවට එක්ව සිටියහ.

  • හුදකලා ප්‍රදේශවල රෝගීන්ට විශේෂ ඉල්ලීමක්

    හුදකලා ප්‍රදේශවල රෝගීන්ට විශේෂ ඉල්ලීමක්

    සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම දඅහස් පළ කරන ලද්දේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

    “ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ නගර සීමාවෙන් රෝගීන් 167 ක් වාර්තා වුනා. වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ දැනට හුදෙකලා කර තිබෙන අටලුගම ග්‍රාම නිලධාරි කොට්ථාසයෙන්. එහි සිටින අනෙකුත් රෝගීන් හදුනා ගැනීම සදහා අද දිනයෙත් එහි නියැදි පරීක්ෂාවන් සිදු කරනවා.”

    “කොළඹ මහ නගර සීමාව තුල උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ කිහිපයක් මේ වනවිට හුදෙකළා කොට තිබෙනවා. එම හුදෙකළා කරන ලද ප්‍රදේශවල අධික රුධීර පීඩනය, දියවැඩියාව ඇතුලු අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා කොළඹ මහ නගර සීමාවේ ඔබගේ ලඟම තිබෙන සායනයට ගොස් ලියාපදිංචි වන්න. නැතිනම් ඔබගේ සායන පොත ලඟම තිබෙන පොලිස් මුරපොලට ලබාදුනහොත් ඔබට අවශ්‍ය ඖෂධ ඔබට හෝ ඔබගේ නිවසටම ලබාදීමට අපට හැකියාව තිබෙනවා. හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සදහා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් යොදවා ජංගම සායන පවත්වාගෙන යනවා. එම ජංගම සායන වලින් හෝ නැතිනම් සායන පත්‍රිකාව අප වෙත ලබාදුනහොත් අදාල රෝහලෙන් අවශ්‍ය ඖෂධ නිවෙසටම ලබාදීමට අප කටයුතු කරනවා. කිසියම් හෝ රෝගියෙකුට සායනයට පැමිණිමට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිනවා.”

  • සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්දක්’ ගැහුවා

    සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්දක්’ ගැහුවා

    බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

    1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.
    ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා.  සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා.  සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.

    යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා.  මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා – දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා.  සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා.  මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා.  ඒ දුප්පත්කම නිසයි.

    සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

  • ITN – SLRC – SLBC මාස 09ට මිලියන 762ක් වනසලා

    ITN – SLRC – SLBC මාස 09ට මිලියන 762ක් වනසලා

    පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වූ බවත්, වසර දෙකක් තුළ එම ආයතන ලාබ ලබන මට්ටමට නැවත පත් කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 21 වැනිදා ‘ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළා.

    ජනමාධ්‍ය අමාත්‍යවරයාට රාජ්‍ය මාධ්‍ය ලාබ ලබන තැනට පත් කිරීමට කොතරම් අභියෝගාත්මක ද යන්න ගැන මනා වැටහීමක් ලබාගත හැකි විශේෂ වාර්තාවක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ ‘රජය සතු ව්‍යවසායන්හි ලාභදායීත්වය‘ නම් වාර්තාවයි. 2018, 2019 සහ 2020 අගෝස්තු 31 වැනි දිනට එම වාර්තාව මගින් අදාළ රාජ්‍ය ව්‍යවසායන් 52ක ලාභ අලාභ දක්වා තිබෙනවා.

    මෙම වාර්තාව අනුව පැහැදිලි වන්නේ රජයට අයත් ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ස්වාධීන රූපවාහිනී ජාලය මිලියන 420ක්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මිලියින 330ක් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්ව රුපියල් මිලියන762ක් 2020 වසරේ අගෝස්තු 31 වැනි දින වන විට වාර්තා කර ඇති බවයි. ඒ අනුව ඉදිරි මාස 3 තුළ මෙම අලාභය තව දුරටත් ඉහළ යා හැකි බවයි ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂඥයින් පවසන්නේ.

    මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව සියලු රාජ්‍ය දැන්වීම් රාජ්‍ය මාධ්‍යවලට පමණක් ලබාදී තිබියදී මේ දැවැන්ත අලාභය වාර්තා කිරීමයි.

  • Covid-19 Hot: අද උදෑසන වන විට සම්පූර්ණ නිල පුවත් මෙන්න !

    Covid-19 Hot: අද උදෑසන වන විට සම්පූර්ණ නිල පුවත් මෙන්න !

    ඊයේ (22) දින කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයින් 04 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (23) දින පෙරවරුවේ නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වන්නේ (සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ) අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 400 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉන් දේශියව පුද්ගලයින් 391 දෙනෙකු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු බවයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් සහ නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද (23) දින පෙ.ව 5.11ට සිදුකර ඇති නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,171ක් බවයි. මරණ සංඛ්‍යාව 87ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 456ක් බව ද එහි සදහන් වේ.

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ.

    අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 400 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 391 දෙනෙකු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් සහ නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වේ.

    අද (23) දිනඋදෑසන වනවිටමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,639 ක් වේ. ඉන් පුද්ගලයින් 10,503 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    1. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර           –             3,059
    2. කොළඹ මාළු වෙළඳපලේ පොකුර                   –           13,580

    ඊයේ (22) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,170 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,068 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (22) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,015 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (23) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 479 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (23) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයා කො‍ළඹ 10, කොළඹ 12, කොළඹ 15 සහ බොරැල්ල  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.  අනුව, අද (23) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (23) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 25 ක්, UL 230 දරණ මගී ගුවන් යානය මගින් කුවේට් සිට පුද්ගලයින් 295 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 02 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (23) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 42ක් තුළ පුද්ගලයින් 4,501 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුල PCR පරික්‍ෂණ 12,095 ක් සිදුකර ඇත.

  • ‘ගැසට් හාල්’ කන දවස ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

    ‘ගැසට් හාල්’ කන දවස ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

    සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) දින පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි  සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවයි.  එමෙන්ම වත්මන් රජය ගොවියාගේ පැත්තේ සිටගන්නා බවද ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය

    සහල් මාෆියාවක් ඇති බව කියමින් වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ සහල් මිල පාලනයට ගැසට් නිවේදන 04ක් නිකුත් කළේය.

  • නව අමාත්‍යාංශ දෙකක් – පොලිසිය නව අමාත්‍යාංශය යටතට – ගැසට් නිවේදනය මෙන්න

    නව අමාත්‍යාංශ දෙකක් – පොලිසිය නව අමාත්‍යාංශය යටතට – ගැසට් නිවේදනය මෙන්න

    නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

    තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද එයට එක්කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදන පහත දැක්වෙනවා.

    S

  • ආණ්ඩුව වෙබ් නියාමනයට සූදානම් වෙයි

    ආණ්ඩුව වෙබ් නියාමනයට සූදානම් වෙයි

    වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක් වෙමින් පැවසීය

    සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් මහතා මෙහිදි කීවේය.

    පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය. ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසුවේ පුවත් පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පැවසීය.

    අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව වයවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පැවසීය. පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍ය ආයතන වලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහි දී අවධාරණය කළේය.සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය. ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරින් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමු විය.

    රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාරක සභාවේ අවධානය යොමු කළේය. ස්වාධින රූපවාහිනි සේවයට වසර 04 ක් තුළ සභාපතිවරුන් 06 දෙනෙක් පත්කර තිබෙන බවත්  2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තා වලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වු බවත්, වසර 02 ක් තුල එම ආයතන ලාභ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ, මාධ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් සහනදායි ණය ලබා දෙන බවත් , ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නොමැති බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති  සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආර්ම්භ කරන බවත් , සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේ දී ආරම්භ කරන බවත් , ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය.

    උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවන බවත්, එවා පාලනයට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සහාපතිවරයාගෙන් ඉල්ලිමක් කළේය. එවැනි අවස්ථාවල දී කඩිනමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පැවසීය.

    තැපල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සහ ලිපි බෙදීමේ ප්‍රදේශ නැවත සීමානිර්ණය කල යුතු බවත් කාරක සභාවේදී සාකච්ජා විය. එමෙන්ම උප තැපල් කාර්‍යාල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ දී අරඹන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කාරක සභාවේ දී පැවසීය. ආදේශකයන් ස්ථිර කිරීම පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව ද හෙතෙම පැවසීය.

    මේ අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉසුරු දොඩංගොඩ, ගුණතිලක රාජපක්ෂ, සාගර කාරියවසම්, ජයන්ත වීරසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් එක් වූහ.