Category: සුපිරි News

  • වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘

    මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය.

    ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

    එහිදී වැඩි දුරටත් තම අදහස් පළ කරමින් පුරපතිනිය කියා සිටියේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන වැඩිහිටි ජනගහනය ඉහළ බවත් කොවිඩ් වසංගතයෙන් ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් තිබේද යන්න අද ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

    කොවිඩ් සමග ජීවත්වෙනවා යනු කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත් වීම නොවන බවත් කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතු බවත් මෙහිදී රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය,

    ” අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ‘

  • 2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

    2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) ඉදිරිපත් කිරීම සඳහා හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

    ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. එය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.

    2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා  පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

    ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

    අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

    අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

  • අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද දින මේ දක්වා (ප.ව 18.05) නව ආසාදිතයින් 544 දෙනකු වාර්තා වූ බවයි. වාර්තා වූ සියලම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • චීන ජනපති ප්‍රංශයේ දී සිදුකළ සුපිරි හෙළිදරව්ව

    චීන ජනපති ප්‍රංශයේ දී සිදුකළ සුපිරි හෙළිදරව්ව

    මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව

    අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි,

    පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය. මෙම වැදගත් වේදිකාව ඉටු කළ කාර්යභාරය ධනාත්මක සහ වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති මැක්‍රොන්ගේ සහ ප්‍රංශයේ සියලුම දෙනාගේ සියලු උත්සාහයන් අගය කරමි.

    මේ වන විට ගෝලීය භූ දර්ශනය වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන දිගින් දිගටම මතුවෙමින් තිබේ. ජාත්‍යන්තර තත්වය තුළ අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන් වර්ධනය වෙමින් පවතී. ගෝලීය තර්ජන හා අභියෝග සඳහා ගෝලීය ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සත්‍යය මූලික  කරගෙන පහත සඳහන් යෝජනා තුන ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි:

    පළමුව, COVID-19 එරෙහිව සටන් කිරීමේදී අපි සහයෝගීතාවය පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතුවේ.  කොරෝනා වෛරසය තවදුරටත් ලෝකය පුරාම විනාශයන් ඇති කරමින් තිබේ. අප මිනිසුන් සහ ජීවිත වලට මුල් තැන දිය යුතු අතර, මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය.

    COVID-19 ට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා අප පූර්ණ දායකත්වයක් ලබා දිය යුතුය.

    චීනය විසින් වෛරසය ගැන ඇති අත්දැකීම් සහ රෝග විනිශ්චය මෙන්ම චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම අඛණ්ඩව බෙදාහදා ගනු ඇති අතර අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා සහාය ලබා දෙනු ඇත. චීන එන්නත් ගෝලීය වශයෙන් පොදු මහජන යහපත වෙනුවෙන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට චීනය ගරු කරනු ඇත. චීනය ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා අවශ්‍යය සූදානම් වීම් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. අප සැමට එකතු වී, සෑම දෙනා සඳහා වූ ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය.

    දෙවනුව, යතා තත්වයට පත්වීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ සහයෝගිතාවය වැළඳ ගනිමු. සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ පස්වන සමුළුව පැවති අතර එහිදී  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 සඳහා දිගුකාලීන අරමුණු සම්පාදනය කිරීම පිළිබඳ නිර්දේශයන් සාකච්ඡා කොට සම්මත කරන ලදී. මෙම වැඩපිළිවෙල චීනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූලික වේ.  චීනය අඛණ්ඩව නව සංවර්ධන දර්ශනය අනුගමනය කරනු ඇත.

    නව සංවර්ධන ආදර්ශයක් පෝෂණය කරනු ඇත. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත. මේ සඳහා චීනය අවශ්‍යය ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ ලෝකයට පුළුල් ලෙස විවෘත කිරීම සඳහා කැපවී සිටිනු ඇත. ගෝලීය කාර්මික හා සැපයුම් දාම ස්ථාවරව තබා ගැනීමටත් විවෘත ලෝක ආර්ථිකයක් පෝෂණය කිරීමටත් චීනය සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇත.

    දුප්පත්ම රටවල් සඳහා වන ජී 20 ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් කටයුතු කරනු ඇත. චීනය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවයට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර අප්‍රිකානු සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කරනු ඇත.  හරිත ආර්ථිකය මානව ප්‍රගතියේ අනාගතය නියෝජනය කරයි.

    ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීමේ යතුර ද එය සතුව ඇත. චීනය සහ යුරෝපය යන දෙකම හරිත සංවර්ධනයේ අනුගාමිකයන් වන අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය උපරියෙන් අවම කිරීම සඳහා ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

    එසේම 2060 වන විට කාබන් නැති තත්වය ළඟා කර ගැනීමට චීනය ප්‍රමුඛව කටයුතු කරන බව මම නිවේදනය කළෙමි.  ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස සහ සොබාදහම සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ඇත. මෙම ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අපට එවැනි අවස්ථාවන් භාවිතා කළ හැකිය.

    තෙවනුව, ලෝක සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා යුක්තිය තහවුරු කරමු. සාමකාමී සහජීවනයකට අප අනුගත විය යුතුය. අප වෙනත් රටවල සංවර්ධනයට ඇති අයිතියට ගරු කළ යුතුය. අප බහුපාර්ශ්වීයත්වය තහවුරු කරමින්  ඒකපාර්ශ්විකත්වයට, ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ අන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුය. ලෝකයේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් වන චීනය සහ ප්‍රංශය ලෝක සාමය සඳහා විශේෂ හා වැදගත් වගකීම් දරති. චීනය සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය සාමකාමී සංවර්ධනයේ මාවතට කැපවී සිටී. ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් පිළිපැදීමටත්, එක් එක් කාරණයේ සුදුසුකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තීරණය කිරීමට ඇති අයිතියට ගරු කරමින්  පටු දෘෂ්ටිවාදාත්මක නැඹුරුව හා ගැටුම්  වලට ඇති නැඹුරුව අභිබවා කටයුතු කරන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු.

    චීනය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය වේගවත් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර හා කලාපීය වශයේ ඇති දේශපාලන ගැටළු විසඳීම සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

    චීන කියමනට අනුව, “විශ්වීය මාර්ගය සියලු දෙනාගේම යහපතට හේතු වේ.” සාමය හා සංවර්ධනය අපේ කාලයේ තේමාවයි. ඒවා ඉතිහාසයේ නොනවතින ප්‍රවණතාවයි. මානව වර්ගයා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.

    රටවල් වලට අවශ්‍ය වන්නේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම මිස ගැටුම් අවුලුවාලීම හෝ වෙන්වීම නොවේ. මානව වර්ගයා වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ප්‍රජාවට වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු..

  • විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

    විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

    ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

    අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් නිවේදනය කරයි.

    මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙනු ඇත.

    විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන්න. නැතහොත් ඔබේ ගැටලු https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’  අන්තර්ජාල ද්වාරය වෙත යොමු කරන්න.

  • කොරෝනා මෘතදේහ ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

    කොරෝනා මෘතදේහ ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

    විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිලිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.

    කොවිඩ් – 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා.

  • තවත් කොවිඩ්-19 මරණ 05ක් වාර්තා වෙයි

    තවත් කොවිඩ්-19 මරණ 05ක් වාර්තා වෙයි

    අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව පස්වරු 17.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ මරණ 5ත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් බවට පත්වේ.

    ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

    මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

  • කොළඹ නගරයේ 600,000/ 30,000ක් කොරෝනා ආසාදිතයින් වුණේ මෙහෙමයි !

    කොළඹ නගරයේ 600,000/ 30,000ක් කොරෝනා ආසාදිතයින් වුණේ මෙහෙමයි !

    කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි.

    ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බවයි විජේමුණි මහතා සදහන් කර ඇත්තේ.

    එහෙත් මෙම සංඛ්‍යාව පිළිබද උපකල්පනය සිදුව ඇත්තේ කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂාවක දී බවත් එයින් 5%ක් ආසාදිතයන් වී තිබු බවත් ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා ලංකාදීප කළ විමසුමකදී සදහන් කර තිබෙනවා.

    එම වාර්තාවේ වැඩි දුරටත් මෙසේ ද සදහන් වෙනවා.
             
    ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත් කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළේය.

    මෙකී රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
             
    මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්ත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහි පෙනෙන ප්‍රමාණය මෙන් අති විශාල ප්‍රමාණයක් නෙ‍ාපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජේමුණි සඳහන් කළේය.

  • 2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

    2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

    2020 ආදායම් වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.  අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. 

    පසුගිය වසරේ දී මේ වස‍රට අදාළ අයවැයක් ඉදිරිපත් ‍නොකෙරුනි. ඒ අනුව, අතුරු සම්මත ගිණුම් 4කින් රාජ්‍ය වියදම් සදහා මුදල් වෙන් කෙරිණ. එම අදායම් වියදම් පිළිබඳ විසර්ජන පනත දෙවැනි වර කියැවීමේ විවාදය අද පෙරවරු 10.00ට ආරම්භ වූ අතර ප.ව 5.00 දක්වා පැවැත්විණ.  

    විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.  2021 ලබන වසර සඳහා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනි දිනයි.

  • ශ්‍රී ලංකා යුද්ධ  හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

     අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින (12)   ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.  

    නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම අංශය  15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස  නම් කර ඇත.

    එහිදි අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණික දියුණුව හා නව අභියෝග සඳහා හමුදාව සූදානම් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක  යුද තත්ත්වය, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෘදු මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් උදාහරණයක් ලෙස COVID-19 වැනි වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ යුධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගය’ අත්වැල් බැඳ ගත යුතු බැවින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කළ බවය.

    මෙම අවස්ථාවට කාලතුවක්කු රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල්  සම්පත් කොටුවේගොඩ අතුලු නිලධාරී ඇතුලු විශාල පිරිසක් සහභාගි වි සිටියහ..  

  • දීපාවලී සමරන්න සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ

    දීපාවලී සමරන්න සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ

    මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත.

    ඒ අනුව රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වයද සමග ලබන නොවැම්බර් මස 14 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය සමරනආකාරය පහත සදහන් පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ උපදෙස් මත සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    v  මෙම දීපවාලී උත්සව සමයේ දී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත්, උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුට වත් වෛරසය ආසාදනය නොවීමට වගබලා ගත යුතුය.

    v  ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථාන වලම රැඳී සිටිය යුතුය. කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතුය.

    v  දුර ගමන් නොගොස් නිවසේ රැදී සිටිමින් දීපවාලී උත්සවය සැමරිය යුතුය.

    v  පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකථනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුය.

    v  කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි.

    v  වහා ගිණි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිත කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතුවලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා සෝදන්න.

    v  අතට අත දීමෙන් සහ වැළැදගැනීමෙන් තොරව “ආයුබෝවන් / වනක්කම්” යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුය.

    v  මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිත කරමින් සාද නොපැවැත්විය යුතුය.

    මෙම දීපවාලි උත්සව සමයේ දී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් COVID පැතිරීම වැළැක්වීමට සහාය වන ලෙසත්, වගකීමෙන් හා ආරක්ෂිතව ක්‍රියා කිරීමෙන්! මෙම දීපවාලි උත්සවය නව ආකාරයකින් සමරමු! යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

  • නව ආසාදිතයින් 635ත් සමග මුළු ආසාදිතයින් ගණන 15,350ක්

    නව ආසාදිතයින් 635ත් සමග මුළු ආසාදිතයින් ගණන 15,350ක්

    අද (11) දින පස්වරු 22.11 වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 635ක් වාර්තා වූ බවත් මේ සමග තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 15,350ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන ආකාරයට මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5121ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 523කි.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (11) පස්වරු 21.55 වනවිට තවත් ආසාදිතයන් 316 දෙනෙකු එක් වූ බවත් එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 625 ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයින් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,542 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 11,858 ක් විය.‍

  • බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම්

    බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම්

    මේ දැනුම් දෙන මොහොතේ සිට (2020 නොවැම්බර් 11 පස්වරු 19.30) 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ලගයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

  • Covid-19 Update: අද දිනය තුළ මරණ 4ක් – මුළු මරණ ගණන 46ක්

    Covid-19 Update: අද දිනය තුළ මරණ 4ක් – මුළු මරණ ගණන 46ක්

    අද (11) දින 46වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

    එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

    මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද  PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

    මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය

    අද (11) දින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගොස් ඇත්තේ 40 සහ 45 වැනි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

    මියගිය එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වු හෘදයාබාධයකි.

    අනෙක් පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු නොවැම්බර් මස පළමු වන දින හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. කොවිඩ් ආසාදනය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

  • රෝස තොල් හිමිකර දෙන ‘ස්වභාවික රහස්’ හතරක් මෙන්න !

    රෝස තොල් හිමිකර දෙන ‘ස්වභාවික රහස්’ හතරක් මෙන්න !

    ‘නාදළු වාගේ දෙතොල්‘ ඇති ලියන් ගැන කවි සමයේ තිබෙනවා. ඒ නිසා අපි කවුරුත් එවැනි දෙතොල්වලට කැමතියි. ඒත් එවැනි දෙතොලක් හිමිකර ගැනීමේ වාසනාව තියෙන්නේ කීයෙන් කී දෙනාටද ?

    ඒ නිසා නාදළු දෙතොල් පමණක් නොවෙයි ඕනෑම පැහැයක් ඇති දෙතොල් ලබා ගන්න අපි කරන්නේ ලිප්ස්ටික් ගාන එක. ලිප්ටින්ට්ස් කරන එක. ඒවා නරකයි කියලා අපි කවුරුත් කියන්නේ නැහැ.

    නමුත් ස්වභාවිකවම රෝස, නැති නම් නාදළු පැහැති දෙතොලක් තිබුණොත් කොපමණ හොදද ? එවිට ලිප්ස්ටික් ගාන්න, ලිප්ස්ලයිනර් අදින්න යන කාලයත් ඉතිරි වෙනවා නේද ? ඒ වගේම තවත් දේවල් (ඔහුගේ මුහුණේ හෝ පපුව මත තොල් ආලේපන තැවරීම) වළක්වා ගන්න පුළුවන් නේද !

    ඇත්ත වශයෙන්! තොල් කියන්නේ තරුණියකගේ සුන්දර මුහුණේ වැදගත්ම අංගයක් වන අතර ඒවා රැකබලා ගැනීමට යම් තරමක කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. 

    ඊට අමතරව, තොල් වටා ඇති සම ශරීරයේ බොහෝ කොටස් වලට වඩා සංවේදී බව ඔබ දන්නවාද ?

    ඒ නිසා මේ කොවිඩ් සමයේ මුහුණු ආවරණයට තොල් ගැන වැඩි අවධානයක් නැති වුණත් ඔබ ඔහු අභියස ඒවා නිරාවරණය කරන බව අපි දන්න නිසා තෙල් රැකබලා ගැනීම සඳහා සරල ක්‍රම කිහිපයක් හදුන්වා දෙනවා. බලන්න මේවා කොතරම් පහසු සහ සරල ඒවාද කියලා.

    පොල්තෙල් සහ සීනි ස්ක්‍රබ් Coconut Oil And Sugar Scrub මගින් තොල්වල මියගිය සම ඉවත් කිරීම

    ඔබේ තොල් මත ඇති මියගිය සම නැතහොත් කැඩීබිදී ගිය ශෛල ඉවත් කිරීම සඳහා ඇති පහසුම හා ඵලදායී ක්‍රමය වන්නේ සීනි සමඟ පොල්තෙල් මිශ්‍ර මෘදු ආලේපයක් තොල් මත තැවරීමයි. 

    පොල්තෙල් මගින් තොල් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර සීනි කැටිති සමඟ සීරීම මගින් තොල්මත තිබෙන මිය ගිය සමේ සෛල ඉවත් කිරීම සිදුවෙනවා. ඒ සමග ඔබේ තොල් රෝස පැහැයක් ගන්නවා.

    ඔබ දත් බුරුසුව භාවිතා කරන්නේ දත් මැදීමට පමණක් වුවත් එයින් තවත් සේවයක් ලබාගත හැකියි.  සෑම උදෑසනකම, ඔබ දත් මැදීම අවසන් කළ පසු එයින් ඔබේ තොල් මදක් මෘදුව මදින්න. එමගින් තොල්මත ඇති මිය ගිය සමේ සෛල ඉවත් කර ඔබේ තොල් යළි සජීවීභාවයට පත්වන බව සිකුරුයි.

    බීට්රූට් සහ දෙළුම් කියන්නේ ඔබේ දෙතොල් සුවපත් කිරීමට සහ ඒවා රෝස පැහැ ගැන්වීමට ප්‍රබල උත්තේජනයක්.  ඔබේ ආහාර වේලට ඔබට හැකි තරම් බීට්රූට් සහ දෙළුම් ඇතුළත් කරන්න. ඒවා ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා විශිෂ්ට වනවා පමණක් නොව, ඒවා ඔබේ තොල්වල ස්වභාවික වර්ණයෙන්ද ක්‍රියා කරයි. ඔබට හැකි නම්, ඔබට මේ සමඟ කැරට් ද ප්‍රමාණවත් තරම් එකතු කළ හැකිය.

    Benefits of Peppermint Oil: Uses, Side Effects & Research

    වෙළඳපොලේ ඇති කෘත්‍රීම තොල් බාම් (Lip balms) සෙවීමට නොයන්න. ඔබ කළ යුත්තේ පොල් හා Peppermint oil  පෙපර්මින්ට් තෙල් සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර කුඩා වීදුරු පෙට්ටියක මුද්‍රා තැබීම පමණි. එය ඉන්ද්‍රජාලික තොල් බාම් එකක් වන අතර (එය අතිශයින් පෝෂ්‍යදායී වන අතර) ඔබේ තොල්වල ස්වාභාවික වර්ණය ගෙන එයි.

    Text by Femina – by – Thushadhavi

  • කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද රෑ සිට බස් ගාස්තු ඉහළට

    කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද රෑ සිට බස් ගාස්තු ඉහළට

    ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් ‘කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට‘ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු තාවකාලිකව සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ.

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් අද පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    මෙහිදී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ප්‍රවාහන අමාත්‍යවරයා,

    ‘පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දෙන්න වෙනවා. පුද්ගලික බස්රථවලට තියෙන මුදල් අවහිරකම හින්දා ලීසිං අයකරන එකත් මාස 6කට නවත්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මඟින් ඒ අයට සහන පොළියට ලක්ෂ 3 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා.“

    අද රාත්‍රි යේ සිට සංශෝධනය වන බස්රථ ගාස්තු පහත දැක්වෙනවා.