අද (10) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 04 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.


අද (10) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 04 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.


මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදෙයි. මෙම එන්නත ලබාදීම සදහා වන කරුණූ සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කරයි.
කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල ඊට අදාල එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විති.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය මෙහිදී අවධාරණය කරන ලදි.
ඒ අනුව ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාල භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගන්නා ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය ඊයේ (09) හිමිවිය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී උසස් නිලතල පිළිබද කාරක සභාව අද පස්වරුවේ රැස්විය.

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිවරයා කියා සිටී.
ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය” ජනාධිපතිවරයා පැවසීය.
“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුය” ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි”
“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” ජනාධිපතිවරයා පැවසීය.
ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 35වන කොවිඩ්-19 මරණය අද (08) දින පස්වරු 21.00ට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මෙසේ මියගොස් ඇත්තේ 78 වන වියේ පසුවන පුද්ගලයෙකි.
ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මරණය හේතුව කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වාර්තා කර ඇත.

හෙට (09) දින පෙ.ව 05.00 බස්නාහිර පළාතේ නිරෝධාන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ අදාළ සේවකයින් හුදකලා කළ ප්‍ර දේශවලට ඇතුළුවීම සහ පිටවීම නිසි නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකළ යුතු වෙයි.
මෙහිදී හුදකලා කළ ප්‍ර දේශ හරහා ගමන් කරන වාහනවල රියැදුරන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
‘ හුදකලා කර ඇති ප්‍රදේශ හරහා යම් මාර්ගයක් වැටී ඇත්නම් එම මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒත් හුදකලා කර ඇති ප්‍රදේශයේ වාහන නවතා තැබීමට අවසර හිමි නොවන අතර එම හුදකලා ප්‍රදේශ තුළින් මගීන් ලබා ගැනීමට හෝ බැස්සවීමටත් අවසර ලැබෙන්නේ නැහැ. හුදකලා ප්‍රදේශ හරහා ගමන් කරන සියලුම රථවාහන නොනවත්වා ධාවනය කළ යුතුයි‘
මෙහිදී හුදකලා කළ ප්‍ර දේශවල ජීවත් වන ජනතාව විසින් අනුගමනය කළ යුතු පියවර පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“හෙට දින සිට හුදකලා කරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් අනෙකුත් සියලුම කාරණා සඳහා යම් අවශ්‍යතාවයක් වුවහොත් එම ප්‍රදේශයේ පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමකින් තොරව ගමන්බිමන් සිදුකිරීමට අවසර ලැබෙන්නේ නෑ,

හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය.
සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී සිදුකළ යුතු බවද සඳහන් කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බවත් දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.


ආණ්ඩුවේ කොරෝනා මර්ධන මෙහෙයුම භාරව සිටින චරිත අතරට අලුතින්ම එක් වූ චරිතයක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. ඔහු දැන් නිතර නිතර මාධ්‍ය හමුවේ පෙනී සිටින අතර කොරෝනා මෙහෙයුම් ගැන ද ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ලබා දෙන්නේය.
එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ඇත්තටම ‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක‘ තනතුරක් නොතිබීමය.
ඒ ගැන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින්ම හෙළිකර තිබුණේ අද (08) දින ‘රාවය‘ පුවත්පතටය. මේ ඒ කතාවයි.
‘…සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මට නිල තනතුරක් ලබා දී හෝ පත්වීම් ලිපියක් ප්‍රධානය කර හෝ වගකීමක් පැවරීමක් හෝ බලයක් ලබා දීමක් සිදු කර හෝ නැහැ. අමාත්‍යවරියගෙන් ඒගැන විමසූ විට කියා සිටියේ මේ අවස්ථාවේ රෝගයෙන් බේරී සිටිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් සහ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කාරණා සම්බන්ධනේ මිනිස්සු දැනුවත් කිරීමට අදාළ ප්‍රකාශ ලබා දෙන ලෙසයි. රටේ මිනිස්සු දැනුවත් කරන ලෙස අමාත්‍යවරිය කළ ඉල්ලීමට මට පිටුපෑමට නොහැකියි, මම ඒ වගකීම ඉටු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නම් වගකීම් රාශියක් දැරිය යුතු තනතුරක් වුවත් එවැනි තනතුරක් නිල වශයෙන් මට ලබා දී නැහැ.

මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍ර දේශයන්හි එම නිරෝධාන ඇදිරිනීතිය හෙඨ (09) දින පෙරවරු 05.00 ට ඉවත් කරනු ලබන බව කොවිඩ්-10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (08) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දෙයි.
එසේ වුව ද කොළඹ නාගරික බල ප්‍ර දේශයට අයත්වන පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 08ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02ක් සහ ග්‍රාම නිලධාරී වසමක්, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් 02 බැගින් ‘හුදකලා ප්‍රදේශ‘ වශයෙන් නම්කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.



ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බිඩෙන් ජනපතිවරණය ජයග්‍රහණය කළේය. බිඩෙන් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන සටන් බිම ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ට වඩා ඔහු ලබා ගෙන ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රචාරක කාර්යාලය පෙන්වා දී ඇත්තේ තමන් බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බවයි.
බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිබඳ බීබීසී ප්‍රක්ෂේපණය පදනම් වී ඇත්තේ දැනටමත් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති ප්‍රාන්තවල නිල නොවන ප්‍රතිඵල සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවලින් අපේක්ෂිත ප්‍රතිඵල මත ය.
මෙම මැතිවරණය 1900 න් පසු වැඩිම ඡන්දය ප්‍රකාශ කර තිබේ. බිඩෙන් මහතා මේ වන විට ඡන්ද මිලියන 73 කට වඩා ලබාගෙන ඇති අතර එය එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයෙකුට ලැබී ඇති වැඩිම ඡන්ද ප්‍රතිශතයයි. ට්‍රම්ප් මහතා මිලියන 70 කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අතර එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි.
ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ විට ජනාධිපති ට්‍රම්ප් තමන් මැතිවරණයේ ජයග්‍රාහකයා යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කර තිබුණි. එතැන් සිට ඔහු ගණන් කිරීමේ අක්‍රමිකතා චෝදනා කර ඇති නමුත් මැතිවරණ වංචා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.
ඔහුගේ ප්‍රචාරක කාර්යාලය විසින් විවිධ ප්‍රාන්තවල නඩු පවරා ඇත.

එක්සත් ජනපදය පුරා කොරෝනා වෛරස් රෝගීන් හා මරණ අඛණ්ඩව ඉහළ යමින් තිබියදී මැතිවරණය සටන් වැදුණි. ජනාධිපති ට්‍රම්ප් බිඩෙන් ජනාධිපති ධුරයක් දැරීම නිසා අගුලු දැමීම හා ආර්ථික අඳුරු වීමක් සිදුවනු ඇතැයි තර්ක කළේය. කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට ජනාධිපති අපොහොසත් වූ බවට ජෝ බිඩෙන් චෝදනා කළේය.
ජෝ බිඩෙන් දැන් ධවල මන්දිරයට පැමිණීමට සූදානම් වන අතර එහිදී ඔහු ජනාධිපති බැරැක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් සේවය කළේය. වයස අවුරුදු 78 දී ඔහු ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපති වනු ඇත. මීට පෙර ඔහු පරාජය කළ පුද්ගලයා වන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තබා ඇති වාර්තාවකි.
බී.බී.සී. ඇසුරිණි

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය.
ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ. පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී.
රට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් විසින් හෝ ප්‍රපාතයට තල්ලු කිරීම නිසා සිදුවූවක් නොව, රටේ නායකයින් හා බුද්ධිමතුන්ද ඇතුළුව රටේ ජනතාව සිය කැමැත්තෙන් උදාකරගත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ලංකාව කටපාඩමෙන් අධ්‍යාපනය ලබාදෙන මෝඩ ජාතියකි. පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඉගැන්වීම් කෙරෙන්නේ කටපාඩමෙනි. ගණිතයට තිබුණ ජාතික අසමත්භාවය ජය ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍ය සමාර්ථයක් සඳහා ලබාදෙන ලකුණු සංඛ්‍යාව උපරිම මට්ටමකට පහළ දැමීමෙනි. සමහර වසරවල සාමාන්‍ය සමාර්ථයක් සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 14 දක්වා පහත දමා තිබේ.
මිනිස් දරුවකුට කුඩා කාලයේ සිටම උසස් තත්ත්වයේ ඥානන හැකියාවක් පවතී. සතියක් වයස දරුවකුට පවා සිය මවගේ කිරිවල සුවඳත් අන් මවකගේ කිරිවල සුවඳත් අතර වෙනස හඳුනාගත හැකිය. ළමුන් සමූහ ක්‍රියාකාරීත්වයෙන්, ගවේෂණයෙන් හා ප්‍රශ්න කිරීමෙන් ඉවත් කොට සියලු දේ කටපාඩමෙන් ඉගෙන ගතයුතු කෙනෙකු බවට පත් කළ විට සිදුවන්නේ ළමයා විචාර බුද්ධිය අහිමි කළ ඔලමොට්ටලයකුගේ තත්ත්වයට පත්වීමය. දැන් එය (ඔලමොට්ටලකම) මුළු ජාතියම වසා ගත් මහ පිළිකාවක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.
IQ දර්ශකය
2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ ෂු මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. පසුගිය දශක හතරක් තරම් කාලය තුළ ලංකාවේ ඇතිවී තිබෙන බුද්ධිමය පරිහානියේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. කටපාඩම මත පදනම් වූ මෝඩ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ පවත්වා ගැනීමට ඉඩහැරීම මගින් අධ්‍යාපන බලධාරීන් හා රටේ පාලකයින් රටට කර තිබෙන විනාශයේ තරම ඒ අනුව සිතා ගත හැකිය. ඒ තත්ත්වයට බුද්ධිමතුන් සේ ම ජනමාධ්‍යවේදීන්ද වගකිව යුතුය.
කටපාඩම මත පදනම් වී පවත්වාගෙන යන අධ්‍යපන ක්‍රමය ගැන රටේ කිසිම සංවාදයක් ඇත්තේම නැති තරම්ය. මෙම විනාශකාරී මෝඩ ක්‍රමය ගුරුවරුන්ගේ හෝ ගුරු වෘත්තිය සමිතිවලද විරෝධයට හේතුවී නැත. වඩාත්ම හාස්‍යජනක දේ වනුයේ මේ මෝඩ ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් බලවත් විරෝධයකට හසුවීමෙන් තොරව නිසසලව ගලා යන තත්ත්වයක් පැවතීමය.
විචාර බුද්ධිය අහිමිකර ගැනීම
විචාර බුද්ධිය අහිමි කරගත් සමාජයකට භුක්ති විඳිය හැකි විශේෂ ජොලියක් තිබේ නම් ලංකාව ඒ ජොලිය උපරිම ලෙස භුක්ති විඳින රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ආර්ථිකය තිබුණේද තිබෙන්නේද අතිවිශාල අර්බුදයකය. රටේ ණය අර්බුදය තිබුණේද, තිබෙන්නේද වැඩි කල් නොගොස් ලංකාව මුළුමනින් බංකොළොත් තත්ත්වයට පත්කිරීමට නියමිත තත්ත්වයකය. ඒ සියල්ලට අතිරේකව දැන් රටේ කොරෝනා වසංගත තත්ත්වය තිබෙන්නේ මුළුමනින් පාලනයෙන් ගිලිහුණ අවුල්සහගත තත්ත්වයකය.
ලංකාව තිබෙන්නේ අර්බුදයේ කරවටක් ගිලුණු බිහිසුණු තත්ත්වයක වුවද ලංකාවේ පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට, බුද්ධිමතුන්ට හෝ සමාජයට ඒ ගැන මොනම අවබෝධයක්වත් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ගැන වන කිසිම සංවාදයක් කොතැනක හෝ තිබෙන බවක්ද පෙනෙන්නේ නැත. රටේ බුද්ධිමතුන් ඇද වැටී තිබෙන තැන ඛේදජනකය.
ජනමාධ්‍යවල හැසිරීමද හාස්‍යජනකය. ඔවුන් තමන්ගේ මුද්‍රාව සලකුණු කරගැනීම සඳහා ඕපාදූප කඳු තරගෙට සමාජ ගතකරමින් සිටිනවා විනා ඇතිවී තිබෙන විපත ගැන හෝ එය ජයගැනීම හෝ හානි අවම කරගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න ඵලදායි සංවාදයක් ආරම්භ කොට පවත්වාගෙන යන වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට සමත් වී නැත.
රටේ පාලන කටයුතුද රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මකවීමද අන් සියලු දේවල්ද සිදුවෙමින් තිබෙන්නේ රටේ මුල්බැස තිබෙන මුග්ධ තත්ත්වය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයටය.
රාවය 2020 නොවැම්බර් 07 – උපුටා ගැනීමකි

ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවේදී කරුණාප්‍රේම මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා මෙසේ ද පැවසීය.
‘ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොවිඩ් වසංගතයේ අදියර 4ක් පවතිනවා. පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්, දෙවන මට්ටමේදී රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත් සිදුවෙනවා. ලංකාව දැන් ළගා වෙමින් සිටින තුන්වන මට්ටමේදී දැකිය හැකි වන්නේ පොකුරු කීපයක් මතුවීමයි. හතරවන මට්ටමේදී සිදුවන්නේ පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් සිදුවීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මට්ටම් පිළිවෙළින් කොළ, කහ, තැඹිලි, රතු වර්ණයන්ගෙන් දක්වා තිබෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ තැබිලි පැහැයෙන් දැක්වෙන තුන්වන මට්ටමේයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ කොවිඩ් රෝගයත් සමග තව වසර දෙකකට වැඩි කාලයක් ගත කිරීමට ලෝකයට සිදුවනු ඇති බවත් ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති බවත් ජයරුවන් මහතා මෙහිදී හෙළි කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කළ වෛද්‍ය ජයරුවන් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන් කියන කාරණය. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන් බවයි ඔවුන් කියන්නේ.
දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතළ ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න. එහෙම කළොත් ඔබත් බේරී සමාජයත් කොවිඩ් වලින් බේරා ගන්න පුළුවන්.

මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනයවල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේෙ අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි.
අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතු බවත් අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බවත් ආටිගල මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම නියෝගය චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.ෙ

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී තිබේ.
මෙම නව ක්‍රියා පිළිවෙතට අනුව, එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) ඇති නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ට පමණක්, ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කීරිමට පියවර ගෙන ඇත..
එබැවින්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමානයේ සුල්තාන් රාජ්‍යයට බඳවා ගැනීම පිණිස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ලබා ගැනීම, බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන් සඳහා අනිවාර්ය වේ
ඒ අනුව, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ට, පහත සඳහන් ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දෙයි.
1. එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවගේ රැකියා කොන්ත්‍රාත්තුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශයට මෙන්ම, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද අවශ්‍ය සහතික කිරීම් සඳහා ඉදිරිපත් කිරීම.
2. ඕමාන සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව සත්‍යාපනය සඳහා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම.
3. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව යැවීම මඟින්, අදාළ ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාව විදේශීය රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාපිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
4. එම ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පසුව, “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) නිකුත් කරන ලෙස ඉල්ලා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
5. ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ අනිවාර්ය ලෙස ලියාපදිංචි කිරීම තහවුරු කිරීමෙන් පසුව, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) නිකුත් කරනු ඇත.
6. ඕමාන සුල්තාන් රාජ්‍යයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට අවශ්‍ය රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) සමඟ රැකියා කොන්ත්‍රාත්තු රාජකීය ඕමාන් පොලිසියේ විදේශ ගමන් බලපත්‍ර සහ පදිංචිය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
මෙම අවශ්‍යතාවය සඳහා “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) තානාපති කාර්යාලය මඟින් නොමිලයේ නිකුත් කරන බව මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් දැනුම් දෙයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “විරෝධතාවක් නොමැති බවට සහතිකය” නිකුත් කිරීමේ නව ක්‍රියා පිළිවෙත 2020 ඔක්තෝබර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මෙම නව ක්‍රියා පිළිවෙත පිළිබඳව කාරුණිකව දැනුවත් වන ලෙසත්, ඉහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස ඔවුන්ගේ බඳවා ගැනීමේ නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී. ඕනෑම තුන්වැනි රටක් හරහා පැමිණීමේ/සංචාරක වීසා කාණ්ඩය යටතේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීමට පොරොන්දු වන වංචනික ආයතන/පුද්ගලයින්ට ගොදුරු නොවන ලෙස අනාගත ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට උපදෙස් දීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි.
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අවිධිමත් ලෙස සංක්‍රමණය වීම/මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා, ඉහත සඳහන් ක්‍රියා පටිපාටියට දැඩි ලෙස අවනත වන ලෙසත්, මෙම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම විදේශීය හා දේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ගෙන් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ගේ අවිධිමත් සංක්‍රමණ/මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම පිණිස මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම සඳහා ලබා දුන් කාරුණික සහයෝගීතාව සහ නොසැලෙන සහය වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වකරුවන්ට සිය අවංක අගය කිරීම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය- මස්කට්-