Category: සුපිරි News

  • Covid-19 Local Review: ආසාදිතයින් සංඛ්‍යාව 889ට නගී – 428ක් නාවික හමුදාවෙන්

    Covid-19 Local Review: ආසාදිතයින් සංඛ්‍යාව 889ට නගී – 428ක් නාවික හමුදාවෙන්


    අද (12) දින ප.ව 23.05 වන විට කොවිඩ් -19 ආසාදිතයින් 20 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 889 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මේ වන විට රෝගීව් 509 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 117ක දෙනෙක් විමර්ශනය යටතේ පසුවන බවයි. මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 366ක්.

    මේ අතර අද (12) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 320 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. එසේ පැමිණි සියළු දෙනා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලද බව ද එම මාධ්‍ය නිවේදනයේ සදහන්.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (50), පම්පේමඩු (32), හොටෙල් ඩොල්ෆින් (11) සහ නච්චිකුඩා (28) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 121 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (12) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

    ඒ අනුව, අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3701 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    නාවික හමුදාව තුළ අද (12) දිනය වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 428 ක් වන අතර ඉන් 41 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 387 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

  • යුද්ධ හමුදාවත් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර ගන්න ජනපතිගෙන් සැලසුම්

    යුද්ධ හමුදාවත් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර ගන්න ජනපතිගෙන් සැලසුම්

    ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එසේ සදහන් කළේය.

    ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට  මුහුණ පා සිටී. ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට  තම රජයට හැකි වූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කර ඇතැයි පැවසීය.

    දේශීය ආර්ථිකය ගොඩනැගීමේදී වැවිලි ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරී තිබේ. එය අවබෝධ කර ගෙන පාඩු ලබන වතු ලාභ ලබන තත්වයට කඩිනමින් දියුණු කළයුතුයයි ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් රාජපක්ෂ මහතා අපනයන ප්‍රවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළේය.

    අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය. අගය එකතු කිරීම මත කුරුඳු, ගම්මිරිස් ඇතුළු ප්‍රධාන වැවිලි මගින් ඉහළ අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    2018 වසරේදී මෙරට වැවිලි භෝග අපනයන ආදායම රුපියල් මිලියන 538කි. 2022 වන විට එය රුපියල් මිලියන 753 දක්වා නැංවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    දේශීය වෙළෙඳපොළ හා අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් වගාව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී පතිරණ මහතා පලෙයි, කිලිනොච්චි සහ මුලතිව් යන උතුරේ ප්‍රදේශවල ද පොල් වගාව සාර්ථක වී ඇතැයි සඳහන් කළේය. කොකෝවා සහ කෝපි වගාව දියුණු කිරීමට ද පියවර ගෙන තිබේ. යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහායවිය  හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

    සියලු වැවිලි භෝග ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපනයනය කළයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය පාඩු ලැබීමට හේතු විමර්ශනය කොට ඉක්මණින් ලාබ ලැබීමට ඉවහල්වන අයුරින් වැවිලි සංස්ථාව සතු දැව අපනයනය විධිමත් කරන ලෙස ද ජනපතිවරයා උපදෙස් දුන්නේය.

    ග්‍රාමීය කජු වගාව දියණු කර ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුය. වැවිලි ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය සඳහා වන සංරක්ෂණ සහ ඉඩම් අමාත්‍යාංශය හවුල් කර ගැනීමට ද තීරණය විය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරුද්ධ විජේකෝන් යන මහත්වරු සහ අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වු යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට

    සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වු යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට

    කොරොනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වු යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ඒ සදහා කඩිනම් පියවර ගන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (12) උපදෙස් දුන්නේය.

    මීට අදාල කැබිනට් පත්‍රිකාව සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කරන ලෙසද ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    සංචාරක ක්ශේත්‍රයේ නියුතු හෝටල් හිමියන්ට සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගම් සමගද අද (12) පැවති සාකච්ඡාවකදි ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව පැවැත්විණි. 

    මෙම සංගම්වල නියෝජිතයින්ගේ ඉල්ලීම වුයේ සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වන තුරු ක්ශේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසිය යුතු බවයි. චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලීසිං සහන සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා සහන ලබා දීම සම්බන්ධයෙන් ඔවුහු අදහස් පල කලහ. 

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මෙම සියළු ඉල්ලීම සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමුව ඇති බවයි.  සංචාරක ව්‍යාපාර නංවාලීම සදහා දිගු කාලීන හා කෙටි කාලීන විසදුම් යෝජනාවලිය සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් ක්ශේත්‍රයේ නියුතු වුවන්ට සහන ලබා දීම  සදහා මෙන්ම සංචාරක ක්ශේත්‍රය නංවාලීම සදහා වු යෝජනා ඇතුලත් ඇමති මණ්ඩල පත්‍රකාවක් කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පෙන්වා දුන්නේ ජූලි මාසය වන විට මෙරට සංචාරක හෝටල් දේශීය හා විදේශිය සංචාරකයන්ට විවෘත  කිරීමට හැකිවනු ඇති බවයි. එහිදි අනුගමනය කළ යුතු සෙඛ්‍ය නිරිදේශ දැනටමත් හෝටල් හිමියන් වෙත ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සමගද සාකච්ඡා කිරීමට අපෙක්ෂා කරන බවත් සභාපතිවරිය මෙහිදි පෙන්වා දුන්නාය.

    ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාගේ රට නගන සෙභාගයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ සංචාරක ක්ශේත්‍රය පිළිබදවයි. 2025 වසරෙදි සංචාරක ව්‍යාපාරයෙන් අපෙක්ෂිත ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 10 යකි. මෙම ඉලක්කය සපුරාලීම සදහා  සංචාරක ව්‍යාපාරය තුල කටයුතු කරමින් සිටියදි කොවිඩ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් එය අඩාල වුවද ඉදිරි මාස 06 ක කාලය තුල සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇතැයි ඇමතිවරයා මෙහිදි විශ්වාසය පල කලේය.

    කටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සදහා පියවර ගනිමින් සිටින බවත් ලෝකයේ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය වූ වහාම මෙරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩසටහන ආරම්භ කරන බවත් ඇමතිවරයා කිවේය.

  • සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

    සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

    සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ තොගය, කොළඹ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මැතිතුමා විසින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත අද දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී සංකේතාත්මකව භාරදෙන ලදී.

    2020 මැයි 8 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ ඉන්දියානු ගුවන් යානයකින් ගෙන එන ලද ඖෂධ සහ උපකරණ ටොන් 12.5 කින් පමණ සමන්විත මෙම භාණ්ඩ තොගය, කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීමට අසල්වැසි සහ හවුල්කාර රටවලට සහාය වීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කටයුතු කිරීම සනිටුහන් කරයි.

    මෙම සංකේතාත්මක භාණ්ඩ භාරදීමේ කටයුත්තෙන් අනතුරුව, දේශපාලනය, වෙළඳ, සංචාරක, සෞඛ්‍ය සහ කලාපීය කටයුතු යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කිරීම පිණිස වූ කෙටි රැස්වීමක් සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍යවරයා බැහැදැකීය.

    වර්තමාන පොදු අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ දී පරිත්‍යාග ලෙස වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් බෙදාහදා ගනිමින් ඉන්දියාව දක්වන අඛණ්ඩ අනුග්‍රහය විදේශ සබඳතා අමාත්‍යවරයා අගය කළේය. ජාතික වශයෙන් අගුලු දමා තිබීම අතරතුර දී ඉන්දියාවේ සිටි ශ්‍රී  ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කළේය.

  • කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු: කෘෂිකර්ම – සෞඛ්‍ය හමුදාවෙන්

    කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු: කෘෂිකර්ම – සෞඛ්‍ය හමුදාවෙන්

    කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේයි.

    1. එස්.එම්. මොහොමඩ් මහත්මිය  – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
    • ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
    • එස්.හෙට්ටිආරච්චි මහතා – සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය
    • එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා – කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය
    • ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා  – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා  – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට මේජර් ජෙනරාල්වරයෙකු පත් වෙයි

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට මේජර් ජෙනරාල්වරයෙකු පත් වෙයි

    යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ලෙස වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් මුනසිංහ මහතා නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරනු ඇත. 

  • පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කරයි

    පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කරයි

    ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය.  සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා සදහන් කරයි.

    නාවික හමුදාවෙන්  සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

    බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කෙරිණ. පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභී  3297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද  ජනාධිපති කීය.

    නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක්  පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි   ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.

    නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා  ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතුය.

    ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතුයැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට කීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • පළමු ගනුදෙනුවෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි

    පළමු ගනුදෙනුවෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි

    කොවිඩ්-19 වසංගත අවදානම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා වසා දමන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට සිය දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ ද ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමීමට සිදු වූ බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

    කොටස් වෙළෙද පොළ වාර්තා සදහන් කරන ආකාරයට ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38යි. මේ සමග කොටස් වෙළෙදපොළ 10.11% කින් පහළ ගිය අතර ඒ සමග කොටස් වෙළෙපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා වන අතර ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගෙන තිබුණි.

    කොළඹ කොටස් වෙළෙපොළ වාර්තා අනුව ජනවාරි පළමු  වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.

  • පාසල් ආරම්භ කරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරනවා – ඩලස්

    පාසල් ආරම්භ කරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරනවා – ඩලස්

    කොවිඩ්-19 වසංගත අවධානම නිසා වසා දැමූ පාසල් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන දිනයක නැවත ආරම්භ කළ ද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (11) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

    ‘ රට සාමාන්‍යකරණය කිරිමේ අවසන් පියවර ලෙස දරු දැරියන්ගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත වු දිනයේ දී පාසල් විවෘත කිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ. එම දිනය ලබන සතියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම දිනය ප්‍රකාශ කළ පසු දිවයිනේ සෑම පාසලක්ම විෂබීජහරණය කර නැවත දින හතරක් වසා තබන අතර පළමුව විදුහල්පති හා ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැදවීමට පියවර ගන්නවා. ඊට පසුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ඉන් පහළ ශ්‍රේණි වල දරුවන් ක්‍රමයෙන් පාසලට කැදවීමට පියවර ගන්නවා. එහිදී පාසල් දරුවන්ගේ දෑත් සෝදා ශරීරයේ උෂ්ණත්වය බැලීම සදහා අවශ්‍ය උපකරණ ද අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකටම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු පියවර විධිමත් ලෙස ගැනීමෙන් පසුවයි පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්නේ‘

  • මැතිවරණයට කෝටි 800ක් වියදම් කරමින් රාජ්‍ය සේවක වැටුප ඉල්ලීම සදාචාර සම්පන්න නෑ – ස.සේ.නි. සංගමය

    මැතිවරණයට කෝටි 800ක් වියදම් කරමින් රාජ්‍ය සේවක වැටුප ඉල්ලීම සදාචාර සම්පන්න නෑ – ස.සේ.නි. සංගමය

    ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව  දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරනවා.

    මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!” යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය මගින් ජනාධිපති ලේකම්ගේ මෙම ඉල්ලීම සදාචාර සම්පන්න නොවන බවත්  එය බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් සඳහන් කර තිබෙනවා.

    එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ගරු ජනාධිපති තුමනි,

    මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!

    ගරු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය පල කරමු.

    අග‍්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකු අධිපති, අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දක්වා යොමු කරමින්, නීතිපති හා විගණකාධිපති වෙත පිටපත් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා සිදු කර ඇති පෞද්ගලික ඉල්ලීම බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද ප‍්‍රකාශ කළ යුතුව ඇත.

    #Covid- 19 වසංගත තත්වය අපේ රටට ඇතුල්වූ දා සිට අපේ රටේ ජනතාව වෛරසය වැළදේයයි දැඩි ජීවිත අවධානමකින් සිටින අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයකින් ද පෙළෙති.

    මෙම තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ද විශාල අර්බුදයකට මුහුණ දී සිටී. මාර්තු හා අපේ‍්‍රල් මාසවල රාජ්‍ය සේවකයින්ට මූලික වැටුපට අමතර අතිකාල හෝ වෙනත් දීමනා ලබා ගැනීම සඳහා ඉඩකඩක් නොවුණි.

    මැයි මාසය රාජ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුවන දරුණුම මාසයක් වනු ඇත. අත්හිටුවා ඇති බැංකු ණය පොළී හා වාරික අයකර ගැනීම, ගෙවල් වලට එන අධික මිලක් සහිත විදුලි, ජල හා දුරකතන බිල්පත් ගෙවීමට සිදුවීම, මේ වන විටත් දැරීමට නොහැකි බඩුමිල ඉහළ යෑම ආදී ගැටළු ගණනාවකට ඔවුහූ මුහුණ දෙති.

    #Covid- 19 වසංගත තත්වය හමුවේ රාජකාරී කිරීමට සිදු වූ අවස්ථාවේ දී ආශ‍්‍රිත සේවයට අයත් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් බොහෝ පිරිසකට මුව ආවරණ ඇතුළු උපකරණ පවා සිය පෞද්ගලික වියදමින් මිල දී ගෙන රාජකාරී කිරීමට සිදුවිය. එවැනි අවම පහසුකම් පවා නොලැබුණි.

    මෙම වසංගත තත්වයට මුහුණදුන් ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට විශේෂ සහන ලබා දී ඇත. ඇතැම් රටවල් ජනතාවට විශේෂ පීඩනයක් එල්ල නොකර මැති ඇමතිවරුන්ගේ වරප‍්‍රසාද ඉවත් කර ගනිමින් රටේ ආර්ථිකයට සහනයක් වී ඇත.

    මාර්තු – අපේ‍්‍රල් දැඩි අවධානම් කාලසීමාවල් තුළ දී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරන MN-04 වැටුප් තලයට අයත් උපාධිධාරීන් සිය රාජකාරී ඉටු කරනු ලැබුවේ කිසිඳු දීමනාවක් ද ලබා නොගනිමින් බව ද දන්වා සිටිමු.

    වාහන මිලදී ගැනීම්, හිටපු රාජ්‍ය ඇමතිවරු සඳහා විශේෂ වරප‍්‍රසාද, අධිවේගී මාර්ග අලූතින් ආරම්භ කිරීම, මැතිවරණයට කෝටි 800 වැනි මුදලක් වියදම් කිරීමට නියමිත වේ. සියලූ වියදම් මේ තත්වය යටතේ කළයුතු දැයි යලි සිතා බැලිය යුතුව ඇත.

    කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා සිදුකර ඇති පෞද්ගලික ඉල්ලීම මේ මොහොතේ සදාචාර සම්පන්න එකක් නොවන බව අපි පෙන්වා දෙන්නෙමු. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අයත් සමස්ත උපාධිධාරී නිලධාරීන් නියෝජනය කරන අප මේ ඉල්ලීම මේ මොහොතේ නුසුදුසු යෝජනාවක් බව පෙන්වා දෙමු. පෞද්ගලික ඉල්ලීමක් වේශයෙන් පැමිණ කිසිඳු ආකාරයකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා ගැනීමේ සූදානමක් පවතී නම් අප වෘත්තීය සමිති ව්‍යාපාරය ඊට එකඟ නොවන බවද දන්වා සිටිමු.

    ස්තූතියි.

    මෙයට,
    චන්දන සූරියආරච්චි
    ප‍්‍රධාන ලේකම්

  • Covid-19 Review: ලංකාවේ ආසාදිතයින් 855 දක්වා ඉහළ යද්දී ඇමෙරිකාවේ මරණ 78,932ක්

    Covid-19 Review: ලංකාවේ ආසාදිතයින් 855 දක්වා ඉහළ යද්දී ඇමෙරිකාවේ මරණ 78,932ක්

    අද දින (10) ප.ව 18.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    එහි දැක්වෙන ආකාරයට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් වන අතර විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 116ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලියින් සංඛ්‍යාව 321ක් වන අතර මරණ සංඛ්‍යාව 09ක්.

    ගෝලීය ප්‍රවණතා

    ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් ගැන දත්ත ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව අද (10) දින පෙ.ව 09.32 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,067,112ක් වන අතර මරණ සංඛ්‍යාව 280,507ක් ලෙස සටහන්ව තිබුණා.

    වැඩිම මරණ සංඛ්‍යාවක් හා ආසාදිතයින් සංඛ්‍යාවක් තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,314,799 සහ 78,932ක් ලෙස සටහන් වුණා.

    මරණ 1000ට වැඩියෙන් වාර්තා කළ රටවල්

    31,930 එක්සත් රාජධානිය, 30,560 ඉතාලිය, 26,478 ස්පාඤ්ඤය, 26,313 ප්‍රංශය, 10,697 බ්‍රසීලය, 8,656 බෙල්ජියම, 7,549 ජර්මනිය, 6,640  ඉරානය, 5,459 නෙදර්ලන්තය, 4,824 කැනඩාව, 4,637  චීනය, 3,786  තුර්කිය, 3,353 මෙක්ෂිකෝ, 3,225 ොස්වීඩන්, 2,153 ඉන්දියාව, 1,915 රුසියාව, 1,830  ස්විස්ටර්ලන්තය, 1,814  පීරු, 1,717 ඉක්දෝරය, 1,446  අයර්ලන්තය, 1,135 පෘතුගාලය.

    ආසාදිතයින් සංඛ්‍යාව 50,000ට වැඩි රටවල්

    1,314,799 US, 223,578 Spain, 220,449 United Kingdom, 219,070 Italy, 209,688 Russia, 176,782 France, 171,639 Germany, 156,604 Brazil, 138,657 Turkey, 107,603 Iran, 83,994 China, 68,952 Canada, 65,021 India, 65,015 Peru, 53,081 Belgium
  • ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම: ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ මාර්ගෝපදේශ’

    ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම: ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ මාර්ගෝපදේශ’

    හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

    අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

    P

  • කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි

    කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි

    ‘රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය සංශෝධනය කළ බවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

    කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

  • Covid-19 Center Press – සම්පූර්ණ වාර්තාව- පසුගිය සතිය පුරාම ජනතාව අතරින් ආසාදිතයින් වාර්තා වී නෑ

    Covid-19 Center Press – සම්පූර්ණ වාර්තාව- පසුගිය සතිය පුරාම ජනතාව අතරින් ආසාදිතයින් වාර්තා වී නෑ

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම පහත පළවේ.

    පසුගිය සතිය පුරාම ජනතාව අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නෑ – සෞඛ්‍යඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

    හෙට (11) දින රට විවෘත කිරීමෙන්, රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැංවීමට පුද්ගලික අංශය විවෘත කිරීමත්, ඒ සඳහා වූ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වේ. එම නිසා සියළුම ජනතාව නගර වෙතට පැමිණීම රජය විසින් අපේක්‍ෂා නොකරයි.

    එසේම, පසුගිය දින කිහිපය තුලදී අවධානම් කලාප ලෙස නම්කර ඇති බණ්ඩාරනායකපුර ප්‍රදේශයත්, සුදුවැල්ල ප්‍රදේශයෙනුත් කිසිදු රෝගියෙකු වාර්ථා නොවේ. විශේෂයෙන් පසුගිය සතිය තුලදී ප්‍රජාව තුලින් ආසාධිත රෝගීන් වාර්ථා නොවන අතර වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සොයුරන් හා ඔහුන් සමීපව ඇසුර කළ අයවළුන් පමණක් ආසාධිතයන් ලෙස වාර්ථා වේ.

    එම කරුණු පදනම්ව රජය විසින් හෙට (11) දිනයේ රට විවෘත කරනුයේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ යාන්ත්‍රණය ආරම්භ කිරීම වේ. එම නිසා සියළුම ජනතාව අනවශ්‍ය ලෙස ගමනාගමනයේ නොයෙදිය යුතු වේ. එසේම, නාවික හමුදාවේ සොයුරන් සහ ඔහුන්ගේ පවුල්වල අයවළුන් සහ සමීපව ඇසුර කළ අයවළුන් සියළුම දෙනා නිරෝධායනයට ලක්කර ඇත. ඔබ නිරෝධායනය වූ අයෙකුනම් ඔබගේ වගකීම වනුයේ අදාළ නිරෝධායන ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියාකිරීමයි.   

    ප්‍රවාහන පහසුකම් රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණයි – ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    ඊයේ (09) දිනයේ වාර්ථා වූ ආසාධිතයින් ප්‍රමාණය 12 ක් වන අතර එයින් 10 දෙනෙකු නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් වේ. එසේම, අනෙක් දෙදෙනා එම රණවිරුවන් සමීපව ඇසුරු කරනු ලැබූ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් වේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආසාධිතයින් 578 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. විශේෂයෙන් 259 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

    මෙල්බර්න් (Melbourne) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 274 ක කණ්ඩායමක් අද (10) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, අද (10) දින සන්ද්‍යාවේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම හෙට (11) දිනයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් යම් සීමාවන් යටතේ විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇඳිරි නීතිය තවදුරටත් පවත්නා ප්‍රදේශ පිළිබඳව අද (10) දින සන්ද්‍යාවේ දැනුම් දීමට නියමිතව ඇත.

    මීට ප්‍රථම සති වලදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත 3න් 1ක් වූ අවම පුද්ගලයින් සංඛ්‍යාවක් මඟින් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය සැලසුම් කරගැනීම සඳහා වූ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, ආයතන ප්‍රධානීන් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව හෙට (11) දිනයේ සිට ක්‍රියාකරනු ඇතැයි අපේක්‍ෂා කරනු ඇත. එසේම, සේවකයින් ක්‍රියාකරන ආකාරය, ශාරීරික දුරස්ථභාවය තබාගැනීම, ගමනාගමනය හා සියළුම සෞඛ්‍ය උපදෙස් සබැඳිව දැනුවත් කිරීම් සිදුකර ඇත.

    මීට ඉහතදී හඳුන්වා දුන් ඇඳිර නීතිය බලපවත්නා ප්‍රදේශයන් තුළ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් ගමන් කළහැකි ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජනතාව නගර වෙත පැමිණෙතැයි අපේක්‍ෂා කරනු ලබයි. එසේම, මීට ඉහතදී ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්ක ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබයි.

    මේ අනුව, හුදෙක්ම ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණක් වන අතර පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනු ලැබේ.

    ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය සති කිහිපය තුළ කොවිඩ් – 19 තුරන් කිරීම සඳහා විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදු කරන ලදී. එසේම, හෙටින් ආරම්භ කරනු ලබන සතියේ ජනතාවගේ අරමුණ හා වගකීම විය යුත්තේ කොඩිඩ් ආසාදිතයෙක් නොවී සිටීමත් ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ඔහුන්ගේ රාජකාරි කරගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

    ලංකාවෙන් කොවිඩ්-19 තුරන් කරන්න විශාල කාලයක් ගතවේවි –  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    කොවිඩ් – 19 සඳහා වූ සීමාවන් හෙට දිනයේ සිට රජය විසින් යම් ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිතව ඇත. පූර්ව කොවිඩ් – 19 තුළ අප ජීවත් වූ ආකාරයත් මේ වන විට පූර්ව පශ්චාත් කොවිඩ් – 19 කාලය ගතකරමින් සිටින අතර, ඉදිරියේදී අප ජීවත් විය යුත්තේ කොවිඩ් – 19 පූර්ව කාලය තුළ හැසිරූ ආකාරයෙන් නොවේ.

    අප සමාජය තුළට ආගන්තුක වූ වචන මෙන්ම ක්‍රියාකාරකම් කිහිපයක් එකතු විය. එසේම, මෙම ලිහිල් කිරීම සිදුකරනවා සේම කොවිඩ් – 19 පැතිරීම පාලනය කිරීමේ ක්‍රියාදාමය සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් මෙයින් කිසිසේත්ම කොවිඩ් – 19 ශ්‍රී ලංකාව තුලින් සම්පූර්ණයෙන් තුරන් වූවා යැයි අදහස් නොවේ. මේ සඳහා විශාල කාලයක් ගත වේ. එනිසා මේ කාලය තුළ අප විසින් උගත චර්යාවන් හා ක්‍රමවේද, නීතින්, ප්‍රතිපත්තීන් හා සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක වේ. එම නිසා පුද්ගලික අංශ, රාජ්‍ය අංශ, ව්‍යාපාර, ගමනාගමනය සහ අනෙකුත් සියළුම ආයතන වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු වේ.

    ඉදිරියේදී ඔබ හට කැස්ස, ස්වසන අපහසුතා, උණ හෝ වෛරසය ආශ්‍රීත ඕනෑම මූලික රෝග ලක්‍ෂණයක් වේනම් නොපමාව හුදකලා රෝහල් ලෙස නම්කර ඇති රෝහල් 30 න් රෝහලක් වෙත වාර්ථා කරන ලෙසත්, සෞඛ්‍ය අංශ වෙතින් ලබා දී ඇති නීතීන්ට, ප්‍රතිපත්තීන් හා උපදෙස් වලට අනුකූලව ක්‍රියාකරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේත් උපදෙස් අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය අංශ වලින් සිදුකරනු ලබන මෙම ක්‍රියාදාමය ඉදිරියටත් සිදුකරනු ලබයි.   

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්ණායක අකුරටම පිළිපැදිය යුතුයි – නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

    හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇඳිරි නීතිය පවත්වාගෙන යන අතරතුර එදිනෙදා කටයුතු ආරම්භ කරනු ලබයි. නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, ආර්ථිකය ගොඩනැංවීම හා ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන කාරණා මත මෙම තත්ත්වය ගොඩනංවා ඇත.

    හෙට (11) දින රාජ්‍ය අංශයේ සේවකයින් තම සේවා ස්ථානයට පෙරවරු 08.30 ට පෙර වාර්ථා කළයුතු අතර පුද්ගලික අංශයේ සේවකයින් රාජකාරි ආරම්භ කිරීම පෙරවරු 08.30 ත් 10.00 ත් අතර කාලය තුළ වාර්ථා කිරීම උචිත වේ. එසේම, එම සේවකයින් නැවත රැගෙන යෑම වස් රාජ්‍ය සේවකයින් සඳහා පස්වරු 03.00 – 04.00 ත් අතර සහ පුද්ගලික අංශය සඳහා පස්වරු 04.00 – 05.00 ත් අතර කාලය තුළ පිටව යෑම නිර්දේශ කරනු ලබයි.

    මෙම කාලයන්ට අනුගතව ඔබ ගමන් කරන්නේනම් වාහන තදබදය සහ වාහන පරික්‍ෂා කිරීමට අවශ්‍යනම් එය පහසුවක් වන බැවිණි. නමුත් සේවා මුර ලෙස රාජකාරි ඉටු කරනු ලබන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා මෙම රීතිය වලංගු නොවේ. එසේම, පුද්ගලික වාහන මඟින් සේවා ස්ථානයට ගමන් කරන්නේනම් එය සනාථ කළයුතු අතර බස්නාහිර පළාත තුළ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට අවසර ලබා නොදෙනු ඇත. එසේ සිදු කරන්නේනම් එය ඇඳිරි නීති කැඩීමක් වේ.

    එසේම, 2019 – 04 – 17 දින කොවිඩ් වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිර්නායක කෙරෙහි සියළුදෙනා අවධානය යොමු කළයුතු වේ. ත්‍රී රෝද රථ, කුලී රථ හා පොදු ප්‍රවාහන සේවා ලබාගන්නේනම් (ත්‍රී රෝද රථයක දෙදෙනෙක් සහ මොටර් රථ සඳහා තිදෙනෙකු වශයෙන්) එය නිරෝධායන රීතීන්ට අනුකූලව සිදුකළයුතු වේ.

    ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇති ආකාරයට තම සේවකයින් එම පරිපාලන දිස්ත්‍රික්කය තුලින් ගෙන්වාගැනීමට කටයුතු කළයුතු අතර අත්‍යවශ්‍යතාවයක් වුවහොත් පමණක් පිටස්තර පරිපාලන දිස්ත්‍රික්කයක් වෙතින් සේවකයන් ගෙන්වාගත හැක. සියළුම රාජ්‍ය හෝ පුද්ගලික සේවකයන් සඳහා අනන්‍යතාවය ඔප්පු කළහැකි හැඳුනුම්පතක් තිබීම හා එදිනට රාජකාරි සඳහා සේවා ස්ථානයට වාර්ථා කළයුතු බවට ආයතනය විසින් ලබාදී ඇති අවසරපතක් (ඉලෙක්ට්‍රොනික, කෙටි පණිවිඩ හෝ වෙනත් ක්‍රම) තිබීම අනිවාර්ය වේ.

    ඉදිකිරීම් සඳහා ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළහැකි අතර සැලුන් සහ රූපලාවන්‍යාගාර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අවසරය මත පවත්වාගෙන යා හැක. එසේම, පිසූ ආහාර අලෙවි කරනු ලබන ස්ථාන (හෝටල් සහ තේ කඩ) විවෘත කිරීම සඳහා අවසර නොලැබෙන අතර ඩිලිවරි හෝ ඔන්ලයින් ක්‍රමයට ආහාර බෙදාහැරීම සඳහා අවසර ලැබෙනු ඇත. විශේෂයෙන් නවාතැන් පහසුකම් සහිත හෝටල් නීරෝධායන ප්‍රතිපත්තියට අනුව සිදුකළ හැකි අතර රෙස්ටූරන්ට් පවත්වාගෙන යාම සඳහා අවසර නොලැබෙනු ඇත.  

    නිෂ්පාදනාගාර, සාමාන්‍ය වෙළෙඳසැල් හා අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ආරම්භ කළහැකි අතර සම්භාහන මධ්‍යස්ථාන, සතිපොළ, කායවර්ධනාගාර හා සමාජශාලා විවෘත කිරීම සඳහා අවසර නොලැබෙනු ඇත. එසේම, පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළ යුතු වේ.

    මීට පෙර හඳුන්වා දී ඇති හැඳුනුම්පත් ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කරුණක් (ඖෂධ, ආහාර මිලදී ගැනීම) සඳහා ස්ථීර පදිංචි ස්ථානයේ සිට පයින් ගොස් ලඟම ඇති ස්ථානයෙන් අවශ්‍යතාවය ඉටුකරගත හැක. එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට නිරෝධායන රීතීන්ට අනුව නීතිමය පියවර ගනු ලබයි.

    පෝලිම් සැදී සිදුකරනු ලබන ක්‍රියාවන් (බිල් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම) සිදුකරනු ලබන ආයතන හා වෙළෙඳසැල් නිරෝධායන ක්‍රමවේදයට අනුව සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි හා සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකිරීම සඳහා ආයතන ප්‍රධානින් වගකිව යුතු වේ. එසේම, පරික්‍ෂා කිරීම සඳහා ඔබ ආයතනය වෙතට පැමිණෙන සෞඛ්‍ය නිලධාරි හා ආරක්‍ෂක අංශ නිලධාරින් වෙත සහයෝගය ලබාදෙන ලෙස දන්වා සිටිනු ලැබේ. බස්නාහිර පළාත තුළ හෙට දිනයේ පොලිස් නිලධාරින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරින් සඳහා යොදවනු ලැබේ.

  • ජල බිල්පත් දෙකක් ලැබුණොත් පාරිභෝගිකයින්ට සහනයක්

    ජල බිල්පත් දෙකක් ලැබුණොත් පාරිභෝගිකයින්ට සහනයක්

    හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි.

    සභාපතිරයා වැඩි දුරටත් සදහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවත් එතෙක් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවයි.

    පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් හෝ බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

  • හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය සීමා කරයි : සාමාන්‍ය ගමන් තහනම්

    හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය සීමා කරයි : සාමාන්‍ය ගමන් තහනම්

    හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත.    

    ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත. 

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි. ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් සැපයීමක් සිදුකෙරෙන්නේ නැත.

    පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත සදහන් වේ.