Category: සුපිරි News

  • චීනය – තායිවානය සහ අපි ඉල්ලන ‘Lock down’

    චීනය – තායිවානය සහ අපි ඉල්ලන ‘Lock down’

    කුසල් පෙරේරා


    නාගරික මැද පංතිකයින් කතා කරන ලොක්ඩවුන් යනු අවම මට්ටමින් ජනගහනයෙන් සියයට 40 ට වැඩි ජනතාවක් සහ ඔවුන්ගේ දූ දරුවන් අනාථ කෙරෙන, ඔවුන්ට නැවත ජීවිත ගැට ගසා ගැනීමටද නොහැකිවන අතිශය කුරිරු පියවරකි. එබැවින් වූහානයේ ලොක්ඩවුන් තීන්දුව අපට අදාළ නොවන්නකි. අ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවර “ලොක්ඩවුන්” අවශ්‍ය නැතැයි කීමේ වැදගත් තේරුමක් ඇත. චීනය එයට මුහුණ දුන් ආකාරයට සිංගප්පූරුව හා තායිවානය එයට මුහුණ දුන්නේ නැත. එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් ඊටත් මඳක් වෙනස් විය. ඒ රටවල “ලොක්ඩවුන්” කතා නොවිණ.

    ලොක්ඩවුන්” චීනයෙන් පටන් ගත්තකි. පසුගිය දෙසැම්බර් අවසානයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ මේ කොරෝනා නැතිනම් “කෝවිඞ්-19” වයිරසය ජනවාරි පළමු සතිය වන විට එහිම දහස් ගණනක් ජනයා ගොදුරු වූ මහා වසංගතයක් බවට පත් විය.

    එයට මුහුණදීමට චීන ආණ්ඩුව දින සතරක් ඇතුළත අංගසම්පූර්ණ විශාල රෝහල් දෙකක් සාදා නිම කළේය. නිව්යෝක් නගරයටත් වඩා විශාල, චීනයේ චිකාගෝව ලෙස සැලකෙන, මිලියන 11 ක ජනගහනයක් ඇති වුහාන් නගරය මුළුමනින් කොටුකර වැසීමට (ලොක්ඩවුන්) චීන ආණ්ඩුව වහා පියවර ගත්තේය. වුහාන් වලට යෑමට හෝ ඉන් පිටවන්නට කිසිවකුට අවසර නොලැබිණ. අත්‍යවශ්‍ය සේවා කිහිපය හැරුණු විට ගමනාගමනය ඇතුළු අන් සියලු සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් වූහානය තුළ තහනම් කෙරිණ. සියල්ලෝ නිවෙස් වලට කොටුවූහ. චීනයට මෙන් එවැනි බලහත්කාර දැඩි පියවර ගැනීමට අනෙක් බොහෝ රටවලට නොහැකිය.

    චීනය අද්දර තිබෙන, තවමත් චීනය තමන්ගේ ප්‍රාන්තයක් යැයි කියන මිලියන 23.6 ක ජනගහනයක් ඇති තායිවානයේ පළමු කොරෝනා වයිරස් රෝගියා වාර්තා වූයේ ජනවාරි 21 වන දිනය. එදින සිට පසුගිය මාර්තු 16 වන විට මාස 02 ට ආසන්න කාලයක් තුල රෝගීන් 77 ට සීමා කරගත හැකි නිරෝධායන හා නියාමන පිළිවෙතක් තායිවානය ක්‍රියාවට නගා ඇත. ඉන් 22කු සුවය ලබා ඇත. එක් අයෙකු මියගොස් ඇත.

    චීන ආණ්ඩුවේ විරෝධය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තායිවානයට මෙතෙක් ලැබී නැත. එනිසා ඔවුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලැබෙන සහාය ලැබෙන්නේ නැත. එහෙත් 2003 දී චීනයට ඉතා ආසන්න රටක් වශයෙන් “සාස් වයිරස” වසංගතයෙන් ලැබූ ඉතා කටුක අත්දැකීම් හේතුවෙන් ඔවුන් වසංගත සඳහා මුහුණදීමේ පිළිවෙත් හා විශේෂඥතාවන් දියුණු කරගෙන ඇත

    චීන ආණ්ඩුවේ විරෝධය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තායිවානයට මෙතෙක් ලැබී නැත. එනිසා ඔවුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලැබෙන සහාය ලැබෙන්නේ නැත. එහෙත් 2003 දී චීනයට ඉතා ආසන්න රටක් වශයෙන් “සාස් වයිරස” වසංගතයෙන් ලැබූ ඉතා කටුක අත්දැකීම් හේතුවෙන් ඔවුන් වසංගත සඳහා මුහුණදීමේ පිළිවෙත් හා විශේෂඥතාවන් දියුණු කරගෙන ඇත. “අපි කල්තියා සූදානම් වුණා. චීනය ප්‍රකාශ කරන ගණන් හිලව් මත අපි තීන්දු ගන්නෙ නැහැ. අපි අපේ රට තුළ වසංගත පාලනය කර ගැනීම වෙනුවෙන් ඉස්සෙල්ලම කරන්නේ විදේශයන්ගෙන් රටට ඇතුළුවීම විධිමත් ලෙස පාලනය කිරීමයි.” ඔවුන්ගේ සෞඛ්‍ය ඇමති චෙන් ෂී-චුන් විදේශ මාධ්‍යයට පවසා තිබිණ. ඔවුන්ගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ජාතික සෞඛ්‍ය විධාන කේන්ද්‍රයක් ( National Health Command Centre) ස්ථාපිත කර ඒ හරහා සියලු තීන්දු, සියලු පියවර, සියලු තොරතුරු මධ්‍යගත කරන්නේය. ඒ සියල්ල නොපමාව නිල වශයෙන් ප්‍රසිද්ධ කරන්නේය. “අපි කරන්නේ මොනවද කියලා අපේ රටවැසියන් දන්නවා. රටක් හැටියට අපි ඉන්න තැනත් දන්නවා. ඒ නිසා ජනතාව කැමැත්තෙන් අපේ තීන්දුවලට අවනත වෙනවා.” එම කේන්ද්‍රයේ සාමාජිකයෙකු මාධ්‍යයට පවසා තිබිණ.

    වසංගතවලට මුහුණදීමේ එවැනි පෙර සූදානමක් අප නොදන්නා නිසා හැම වසරකම ඩෙංගු පාලනයේදී පවා බරපතළ ගැටලුවලට මුහුණදීමට අපට සිදුව තිබේ. සෞඛ්‍ය සේවා ව්‍යුහ ප්‍රජා මට්ටමින් ශක්තිමත් කර ගැනීම වෙනුවට අප ඩෙංගු පාලනයට යොදා ගත්තේද චීනයේ වැනි බලහත්කාර අධිකාරවාදී විධාන මගින් රෝග පාලනය කරගැනීමේ පිළිවෙතකි

    වසංගතවලට මුහුණදීමේ එවැනි පෙර සූදානමක් අප නොදන්නා නිසා හැම වසරකම ඩෙංගු පාලනයේදී පවා බරපතළ ගැටලුවලට මුහුණදීමට අපට සිදුව තිබේ. සෞඛ්‍ය සේවා ව්‍යුහ ප්‍රජා මට්ටමින් ශක්තිමත් කර ගැනීම වෙනුවට අප ඩෙංගු පාලනයට යොදා ගත්තේද චීනයේ වැනි බලහත්කාර අධිකාරවාදී විධාන මගින් රෝග පාලනය කරගැනීමේ පිළිවෙතකි. අප යැපෙන්නේ චීන විදේශ ආධාර මත පමණක් නොව, චීන අත්දැකීම් මත බැව්ද කොරෝනා වයිරසය පාලනය කිරීමේ උත්සාහ පෙන්වන්නකි. සමාජයේ දැනුවත් පිරිස්ද ලංකාවම වූහාන් වල මෙන් “ලොක්ඩවුන්” කරන මෙන් ඉල්ලා සිටින්නේ එහෙයිනි.

    තායිවානයේ අත්දැකීම් සඳහා ලොව පුරා ඇත්තටම එතරම් අවධානයක් නැත. එයට එක් ප්‍රධාන හේතුවක් නම් ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර තැබීමය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලද තායිවානය හමුවන්නේ ඉඳහිට ය. එහෙත් කෝවිඞ්-19 පාලනයට නවීන ලෝකයේ තාක්ෂණය ඉතා මැනවින් යොදා ගන්නේ ඔවුන්ය. තායිවානයට “ලොක්ඩවුන්” අවශ්‍ය නොවුණේ එබැවිනි. සමූහ නිරෝධායන වෙනුවට ස්වයං නිරෝධායනය ඉතාම ඉහළ තත්ත්වයකින් පවත්වා ගැනීමට ඔවුන්ට හැකිව ඇත්තේත් එබැවිනි. ස්වයං නිරෝධායනයට යටත්ව ඇති පුද්ගලයකු අනිවාර්යෙන් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකව තබා ගත යුතුය. ඔවුන්ගේ දෛනික නියාමනය සිදුවන්නේ එමගිනි. යම් හෙයකින් කිසිවකු නියමිත ස්ථානයෙන් බැහැර වුවහොත් එය ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතන “සිම් කාඞ්” එක මගින් වහා සටහන් වන ආකාරයේ “ඇප්” එකක් තායිවානය හඳුන්වා දී ඇත. එවැනි විටෙක එවැනි පුද්ගලයෙකුට තායිවාන නව ඩොලර් 33,200 දක්වා වන දඩයක් අය කරනු ලැබේ.

    තවත් පියවරක් වන්නේ කෝවිඞ්-19 පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමය. ඒ අනුව ආසාධිතයෙකු සමග කිසියම් සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ඉතා අවම මුදලකට අවශ්‍ය පරීක්ෂණ කරගත හැකිය. පරීක්ෂණ මධ්‍යස්ථාන සියල්ල ඔවුන්ගේ ජාතික සෞඛ්‍ය විධාන කේන්ද්‍රය හා ජාලගත කර ඇති අතර, කිසියම් පුද්ගලයෙකු ආසාධිත යැයි පරීක්ෂණයෙන් තහවුරු වුවහොත් එය ඒ මොහොතේම විධාන කේන්ද්‍රයේ දත්ත ගොනුවෙහි සටහන් වන්නේය. මේ වනවිට දිනකට එවැනි පරීක්ෂණ 800 ක් පමණ කෙරෙති. ඔවුන්ට ඉතාම වැදගත් වන්නේ වහා නිවැරදි තොරතුරු ලබා ගැනීම යැයි තායිවාන සෞඛ්‍ය ඇමති මාධ්‍යයට පැවසුවේ එවැනි යාන්ත්‍රණයක වැදගත්කම ඇතිවය. මුව වැසුම් නිෂ්පාදන අපනයනයද තායිවාන ආණ්ඩුව ආරම්භයේදීම තහනම් කළේය. රටේ සමස්ත මුව වැසුම් නිෂ්පාදනය ආණ්ඩුව මිලට ගත්තේය. එසේ ගත්තේ ප්‍රමුඛතා අනුව සලාක ක්‍රමයට බෙදා දීමටය. ඔවුන් එක් මුව වැස්මක් භාවිත කරන්නේ දින 03 ක් පමණි. එය ඉවත් කිරීමටද විශේෂ පිළිවෙතක් සකසා ඇත.

    ඔහු අදහස් කෙරුවේ චීනය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හෝ හොංකොං රාජ්‍ය නොවේ. ඒවායේ එවැනි පැතිරීමේ තත්ත්වයක් නැත. ඔහු එසේ කියූවේ “විශාල වසංගත කොලනි හා පුද්ගල පැතිරීම් වලට මුහුණ දෙන රටවල අභියෝගය වන්නේ ඔවුන්ට එවැන්නක් කළ හැකිද යන්න නෙවෙයි. ඔවුන් එළෙසින් කරනු ඇතිද යන්නයි” කීමෙනි.

    ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ දේහය රැගෙන යන අයුරු

    එවැනි ඉතා පැහැදිලි සැලසුම් වෙනත් බොහෝ රටවල නොවීම මෙය ගෝලීය වසංගතයක් බවට පත්වීමට හේතුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ප්‍රධානියා විශ්වාස කරන්නකි. “ජාත්‍යන්තර කණස්සලකට හේතුවන හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්” මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළ පසුගිය ජනවාරි 31 වන දිනෙන් මාසයකුත් දින 10 ට පසු එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසුස් පසුගිය මාර්තු 11 වන දින ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, “පැතිරීමේ බරපතළ තත්ත්වය පිළිබඳව අපි ඉතාම කණස්සල්ලට පත්ව ඉන්නේ. විශේෂයෙන් ඉතා අවදානම් සහගත ඉහළ අක්‍රීයත්වයක් පැවතීම නිසා” යනුවෙනි. ඔහු අදහස් කෙරුවේ චීනය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හෝ හොංකොං රාජ්‍ය නොවේ. ඒවායේ එවැනි පැතිරීමේ තත්ත්වයක් නැත. ඔහු එසේ කියූවේ “විශාල වසංගත කොලනි හා පුද්ගල පැතිරීම් වලට මුහුණ දෙන රටවල අභියෝගය වන්නේ ඔවුන්ට එවැන්නක් කළ හැකිද යන්න නෙවෙයි. ඔවුන් එළෙසින් කරනු ඇතිද යන්නයි” කීමෙනි.

    ඇමෙරිකා එන්සත් ජනපදය, මහ බි්‍රතාන්‍ය, ඉතාලිය වැනි රටවල් කෝවිඞ්-19 පැතිරීම පාලනය කර ගැනීමට තවමත් මහන්සි ගන්නා අතර, තායිවානයේ ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යන්නකි. පාසල් වසා නැත. විශේෂ නිවාඩු ලබාදී නැත. කාර්යාල, වෙළෙඳසැල්, ගමනාගමන පහසුකම් වෙනදා වැනිය. එනිසා ඔවුන්ගේ ආර්ථිකයද ආතතියකට හසුව නැත.

    අප ඉන්නේ ඊට හාත්පසින් වෙනස් තැනක ය. අපගේ ආර්ථිකය බිඳ වැටී තිබුණේ කෝවිඞ්-19 එන්නට බොහෝ කලකට ඉහතින්ය. මේ තාවකාලික ආණ්ඩුවට පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමටද නොහැකි විය. දේශීය හා විදේශීය ණය ප්‍රමාණයන්ද අතිවිශාලය. එබැවින් ආණ්ඩුව ඉන්නේ බරපතළ ආර්ථික අසීරුවක ය. ඉන්පසු කෝවිඞ්-19 පැතිරීම පාලනය කරගැනීමට ගනු ලැබූ පියවර හැමවිටම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ඉලක්කය සමග ගැට ගැසූවක් විය. ඒ සියල්ල අසාර්ථකව ඇත. ජාතික ආර්ථික ක්‍රියාකාරකම්ද දැන් බිඳ වැටී ඇත. විශේෂයෙන් නාගරික මැද පංතිය විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩ මිලට ගන්නා සුපර් මාකට් කිසිදු වැදගත් ආරක්ෂණ පියවර නොමැතිව විවෘතව ඇත. නාගරික මැද පංතිය මාසයකට දෙකකට අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ මිලට ගත්තද සාමාන්‍ය ජනතාවට එවැනි මිලදී ගැනීමේ හැකියාවක් නැත.

    ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් ය. ලොක්ඩවුන් කියන්නේ ඔවුන් අනාථ කිරීමකි

    ඒ අතර, මාර්තු 11 වන දින සිට මෙය ලියන 18 වන බදාදා දින වන විට පළමු ආසාදිතයාගේ සිට 52 දෙනකු දක්වා ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඔවුන් හා සම්බන්ධකම් පැවති සංඛ්‍යාව හා ඔවුන් ගැවසුණු හා රැකියා කළ ස්ථාන පිළිබඳව විස්තර ජනතාවට ලබා දෙන්නේද නැත. එයම තව තවත් පැතිරීමට හේතු වන්නේය. ආසාදිතයින්ගේ සංඛ්‍යාව එසේ ඉහළ යන විට විශේෂයෙන් කොළඹ මැද පංතිකයින් ලොක්ඩවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ ආරක්ෂාවටම පමණි.

    ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් ය. ලොක්ඩවුන් කියන්නේ ඔවුන් අනාථ කිරීමකි. ඊට අමතරව දෛනිකව කුලී වැඩ කරන්නන්, පදික වෙළෙඳුන් ලක්ෂ ගණනකි. නාගරික මැද පංතිකයින් කතා කරන ලොක්ඩවුන් යනු අවම මට්ටමින් ජනගහනයෙන් සියයට 40 ට වැඩි ජනතාවක් සහ ඔවුන්ගේ දූ දරුවන් අනාථ කෙරෙන, ඔවුන්ට නැවත ජීවිත ගැට ගසා ගැනීමටද නොහැකිවන අතිශය කුරිරු පියවරකි. එබැවින් වූහානයේ ලොක්ඩවුන් තීන්දුව අපට අදාළ නොවන්නකි. අප වහා අවධානය යොමුකළ යුත්තේත් වහා අනුගමනය කළ යුත්තේත් කෝවිඞ්-19 වයිරසය සාර්ථකව පාලනය කළ තායිවානයේ ප්‍රායෝගික ආරක්ෂණ සැලැස්ම ය.

  • Covid 19 ‍දේශීය උණුසුම් පුවත් සියල්ලම

    Covid 19 ‍දේශීය උණුසුම් පුවත් සියල්ලම

    විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවත් මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. මේ අනුව දිවයින පුරා පුද්ගලයින් 14,111 දෙදෙනකු නිරෝධානයට ලක්ව සිටී.

    කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ ශ්‍රී ලංකාවේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් 77 දෙනාගෙන් 48 දෙනකු විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් වන බවයි.

    තවත් 27 දෙනෙක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොරෝනා ආසාදනය වූවන් බව ද තවත් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති ආකාරය පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

    දැඩි සත්කාර ඒකක වැඩි කිරීමට පියවර

    නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බවත් ඒවා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සූදානම් කොට ඇති බවත් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය.

    මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් පළිහවඩන මහත්මිය සදහන් කළේ දැඩි සත්කාර ඒකක වැඩිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් රෝහල් සඳහා අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදී ඇති බවත් තවදුරටත් ඒවා ලබාදීමට කටයුතු කරන බවත්ය.

    කොරෝනා ආසාදිත මවුවරුන් හා දරුවන් සදහා රෝහල් සූදානම් වන අයුරු

    කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකරන මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

    මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ජසිංහ මහතා කියා සිටියේ කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රොස්ටරයකට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශයේ ප්‍රතිකාර අවශ්‍ය පරිදි ආරම්භ කරනු ඇති බවයි.

    කොරෝනා අවදානමට ඇති සූදානම පිළිබද වැඩි දුරටත් කරුණු හෙළි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්්ෂ ජනරාල්වරයා කියා සිටියේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට කොරෝනා ආසාදිත කුඩා ළමුන් ද ඇතුළු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවත් එහි සාමාන්‍ය ඇඳන් 100ක්, දැඩි සත්කාර ඇඳන් 30ක්, මාතෘ රෝගීන් සඳහා ඇඳන් 30ක් සහ මාතෘ රෝගී අධි දැඩි සත්කාර ඇඳන් 6ක් එහි සූදානම් කර ඇති බවත් කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඇදන් 30ක් ද මේ සඳහා වෙන්කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

  • අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් අතර ගැටුමෙන් අයෙක් මරුට – 5කට තුවාල

    අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් අතර ගැටුමෙන් අයෙක් මරුට – 5කට තුවාල

    අද (21) සවස අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය සදහන් කළා.

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැක රැදවියෙකු හමුවීමත් සමග රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.

    මේ ගැටුම සමග බන්ධනාගාරය තුළ ගින්නක්ද හට ගෙන තිබෙන අතර ගින්න සහ තත්ත්​වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

  • ඇඳිරි නීතිය දීර්ඝ කරයි

    ඇඳිරි නීතිය දීර්ඝ කරයි

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

    සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලැබේ.

    ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

    ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබේ.

    එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය  ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.

  • විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි

    විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි

    සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.  මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි  විශේෂ  ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි.

    මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට බටහිර කලාපයේ රටවල් නියෝජනය කරන තානාපතිවරු මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපල හා ගුවන් සේවා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සිවිල් ගුවන් සේවා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල නියෝජිතවරු ද සහභාගී වූහ.

    දැනට පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින්, මෙම මගීන්ට මෙන්ම ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා ගමන් ගන්නා වාහනය සහ එහි රියදුරු සඳහා ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට තම ගුවන් ටිකට් පත භාවිත කළ හැකි බව වැඩබලන පොලිස්පතිවරයා සහතික කොට ඇත. මෙම ගමන් බිමන් සඳහා සහාය වන ලෙස පිළිගත් කුලී රථ ජාල සහ හෝටල් හිමියන්ගෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා පැවසීය.

    ඇතැම් අවස්ථාවල දී සංචාරක නවාතැන්පලවල හිමිකරුවන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ඇතැම් පිරිස් වෙතින් ද සංචාරකයින් අත්විඳින ඍණාත්මක ප්‍රතිචාර හේතුවෙන්, වර්තමානයේ දී මෙරට තුළ සිටින ඔවුන්ගේ ජාතිකයින් දිගින් දිගටම මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව එහි පැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් මෙම රැස්වීමේ දී අවධානය යොමු කරන ලදී. මෙම දුෂ්කර අවස්ථාවේ දී විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරය ලබා දීම සහතික කිරීම සඳහා පොදු පියවර ගන්නා බව ශ්‍රී ලාංකික නියෝජිතායතන අවධාරණය කළේය. එවැනි සිදුවීම් පිළිබඳව කඩිනමින් වාර්තා කොට, ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා විශේෂ දුරකථන මාර්ග ද පිහිටුවා තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබන විදේශීය ජාතිකයින් සඳහා විශේෂ සන්නිවේදන පහසුකම් ද සපයා ඇත.

    මෙම සතිය මුල දී ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමෙන් අනතුරුව, වීසා බලපත්‍ර කල් ඉකුත් වී හෝ කෙටි කලෙකින් කල් ඉකුත් වීමට නියමිතව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට තමන් විසින් පියවර ගන්නා ලද බව රටවල් කිහිපයක රජයන්හි නියෝජිතයෝ දැනුම් දුන්හ. එම ඉල්ලීම තම රටවල අගනගරවල දී ඉහළම අවධානයට ලක්වෙමින් පවතින බවට අනෙක් රටවල් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට සහතික කරන ලදී. මීට ඉහත දී ශ්‍රී ලංකාව, මෙහි සංචාරය කරන සියලුම විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර එක් මසකින් දීර්ඝ කළේය.

  • කොරෝනා ආසාදිතයින් 70 දෙනාගෙන් 45%ක් වසය 41-50 අතර පිරිමි

    කොරෝනා ආසාදිතයින් 70 දෙනාගෙන් 45%ක් වසය 41-50 අතර පිරිමි

    කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  පස් දෙනකු  පිළිබඳව  අද දින (20) තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි. මේ අනුව අද දින (20) වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  70දක්වා   ඉහළ ගොස් තිබේ.

    මේ අතර මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක්, 45.2%ක් අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

  • රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසියෙන් කොළඹට කැඳවයි

    රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසියෙන් කොළඹට කැඳවයි

    දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින කොළඹට කැඳවන ලදී.

    මෙම අධ්‍යක්ෂවරුන් කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

    සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

    විශේෂයෙන් මෙම රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ ‌සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසදුම් මෙම සාකච්ඡාවේදී ලබා දෙන ලදී. ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන්  පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීමද මෙහිදී සිදු කරන ලදී.රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා   PCR පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නියෝග කරන ලදී. එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධවද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී.

    මෙම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් දුන් අතර එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ද සහභාගි වූහ.

    මෙහිදී කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, “ මේ වන විට මේ තත්වයේදී වඩාම ප්‍රශ්නගත තත්වෙට පත්වෙලා ඉන්නෙ රෝහල් අධ්‍යක්ෂවරුන් කියලි අපි දන්නවා.නමුත් ඒ සියළු තත්වයන් හමුවේ ඔබ මේ සඳහා දෙන නායකත්වය ඉතාම විශිෂ්ටයි.ඉතින් මම මෙතනට ආවේ මේ වෙලාවේ රෝහල් අධ්‍යක්ෂතුමන්ලා මේ සම්බන්ධයෙන් ගත් ඒ නායකත්වයට එකඟවෙමින් එම කටයුත්තට ස්තූතිය පුද කරන්න.අපට අද සිද්ධ වෙලා තියෙනවා විශාල වගකීමකින් සහ තදින් ක්‍රියා කිරීමට.ඔබතුමන්ලාට මෙය සුළුපටු වගකීමක් නොවෙයි. සුළුපටු අවදානමක් නොවෙයි. ජාතිය ඉස්සරහා තියෙන්නෙ ලොකු වගකීමක්. මෙම වගකීම ගන්නෙ නායකත්වය ගන්නෙ ඔබ. ඔබ රෝහලේ සියලුදෙනාම එකතු කරගෙන කණ්ඩායමක් විදිහට ඔබේ සේවකයොත් රැකගෙන මේ කටයුත්ත කරන්න කියලා ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.”

  • කොරෝනා දේශීය උණුසුම් පුවත්

    කොරෝනා දේශීය උණුසුම් පුවත්

    අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇඳිරි නීතියෙන් බාධාවක් නෑ – රජය

    ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20* රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවේදී සදහන් කළා.

    අමාත්‍යවරයා කිසා සිටියේ විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක සේවා අංශය, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය යන අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන යන සේවාවන්ට මෙම ඇඳිරි නීතියෙන් බාධාවක් ඇති නොවන බවයි.

    සියලුම අධිවේගී මාර්ග වසා දමයි

    සියලුම අධිවේගී මාර්ග අද (20* සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දෙනවා.

    සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි

    කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රිය වන අතර යළි සදුදා උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත. මේ අතර අද සවස 3 රඹුක්කනට සහ මහව බලා දුමිරියක් ධාවනය වන බවයි දුමිර්ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

  • මහරගම අපේක්ෂා රෝහලෙන් කාරුණික ඉල්ලීමක්

    මහරගම අපේක්ෂා රෝහලෙන් කාරුණික ඉල්ලීමක්

    මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගේ ඥාතීන්ගෙන් සහ සෙසු පුද්ගලයින්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින වෛද්‍යවරු රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.

    පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙක් සඳහන් කර ඇති අතර රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින බවද ඔහු විසින් පෙන්වා දී තිබෙනවා.

    වෛද්‍යවරයකුටල කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වුවහොත් ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින් රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල විය හැකි බවයි අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

  • විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහාම තහනම් කෙරේ

    විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහාම තහනම් කෙරේ

    කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.

    උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.

    ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී.

    බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර  ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබේ.

    ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත.

    ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22  ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.

  • ඉතාලියටත් වඩා වේගවත් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන GMOA අනතුරු අගවයි

    ඉතාලියටත් වඩා වේගවත් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන GMOA අනතුරු අගවයි

    Italy vs Sri Lanka situation (Chart) We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)
    Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO.

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෙන් සියයට 4ක් මිය යාමේ තත්ත්වයක් මේ වන විට පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධව අදහස් දැක්වූ අතර වෛරසය ව්‍යාප්තවීම හමුවේ කැපකිරීම් කිරීමට සිදුවිය  හැකි බවත් එම සංගමය වැඩි දුරටත්පවසයි.

    මේ වන විට වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීම සිදුවෙමින් ඇති බවත් එබැවින් එම ප්‍රමාණය කොළඹ කොපමණද හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශවල  කොපමණද යන්න පැවසිය නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස වී තිබේ.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත් අලුත්ගේ පවසා සිටියේ වෛරසය පැතිර යන අවස්ථාවේ ප්‍රමාදවී ගනු ලබන තීන්දු තීරණවල  වගකීම ගන්නේ කවුද යන්න  ප්‍රශ්නයක් වී ඇති බවත්මේ වන විට නිරෝධායනය කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථාන ආශ්‍රිතව අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍ය , හෙද සහ අනෙකුත් කාර්‍ය මණ්ඩල වලට අවශ්‍ය මුහුණු ආවරණ වල පවා හිඟයක් ඇති බවයි.

    මරාගෙන මැරෙන්න සූදානමින් මෙන් රෝගීන් බැලීමට යාමට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වෙත  නොහැකි බවත් වෛද්‍ය අලුත්ගේ මෙහිදී   අවධාරණය කර සිටියේය.

    ” පෞද්ගලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ නැතුව රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමට ගොස් ඔවුන් ස්පර්ශ වුණොත් , ප්‍රතිකාර කිරීමට යාමට සිදුවුණහොත් ඒ වෛද්‍යවරයා, හෙදිය හෝ අනෙක් කනිෂ්ඨ නිලධාරීන් දවස් 14ක් නිවෙස් වල තබා නිරෝධායනය කරන්න වෙනවා. කවුද එතකොට ප්‍රතිකාර කරන්නේ ? ඒ නිසා දැන් ඉල්ලීම් කර කර ඉන්න එක ප්‍රමාණවත් නෑ . තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න ඕන.

    ඉතාලියේ වෛරසය පැතිරීම සිදුවී දින 23ක් ගියා ඒ රට ලොක්ඩවුන් (lockdown) කරන්න. ආසාදනය ව්‍යාප්තිය අතින් ඉතාලියට උඩින් ලංකාව ඉන්නෙ. අපේ තවම දවස් 9යි. ඉතාලිය ජනගහනයට අනූව ICU බෙඩ් වැඩිම රටක්. අපේ වගේ නෙවෙයි. එච්චර පහසුකම් ඇති ඉතාලියේ තත්ත්වය මෙහෙම නම් අපි කොහෙන් කෙළවර වෙයිද ?මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටවලට දැඩි අවධානම් නිවේදන නිකුත්කර තියෙන්නේ.

    රටම ලොක්ඩවුන් කරන්න විදියක් නැත්නම් එය  කිරීමට පෙර අඩුගානේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ටික  හඳුනාගෙන ඒ ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න කියලා අපි ඉල්ලනවා‘

    මෙහිදී දඹදිව වන්දනාවේ ගොස් සිටයදී මෙරටට ගෙන්වා ගත් 1000කට අධික පිරිසක් නිරෝධානයට ලක් නොකර ස්වයං නිරෝධානය සදහා යැයි කියමින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීම ද වෛද්‍ය අලුත්ගේගේ දැඩි විවේචනයට ලක්විය.

    නිරෝධායනයට ලක්නොකිරීම තුළ ප්‍රතිඵල ලැබීමට තවත් දින 14ක් යන බවත් ඔහු එහිදී සිහිපත් කළේය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළ කළ ට්ව්ටර් පණිවුඩයක් ද ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ. එහිදී කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මේ වන විට අති භයානක වසංගත තත්ත්වයකට මුහුණ දෙන ඉතාලියටත් වඩා අවදානම් බවයි. ප්‍රස්තාර සටහනක් මගින් ද මේ තත්ත්වය පැහැදිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.

    Italy vs Sri Lanka situation (Chart) We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)
    Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO.

  • Covid 19 World Hot News: ඇමෙරිකාවේ කෙල්ලේ – කොල්ලේ කොරෝනාට වැල්ලේ සැප ගනිති

    Covid 19 World Hot News: ඇමෙරිකාවේ කෙල්ලේ – කොල්ලේ කොරෝනාට වැල්ලේ සැප ගනිති

    ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම සාරාංශය

    1. ඔස්ට්‍රේලියානු මගී නෞකාවක් වන Ruby Princess නෞකාවේ මගීන් 2,700 ක් පමණ හදිසියේම ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ.
    2. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශයන්හි සිටින ඇමරිකානුවන් වහාම සිය රට බලා යා යුතු බවයි
    3. කැලිෆෝනියාවේ මිලියන 40 ක ජනතාව සඳහා නිවාසවලට වී සිටින ලෙස නියෝගයක් ප්‍රකාශයට පත් කරයි
    4. ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් Gavin Newsom පවසන්නේ තම ජනතාවගෙන් 56% ක් රෝගාතුර වී ඇති බවයි
    5. ඉතාලියේ බ්‍රහස්පතින්දා තවත් මරණ 427 ක් වාර්තා වූ අතර එය චීනයේ සංඛ්‍යාව අභිබවා යමින් තිබේ.
    6. එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව දැන් 144 දක්වා ඉහළ ගොස් තිබේ
    7. එලිසබෙත් රැජින පවසන්නේ එක්සත් රාජධානිය “දැඩි අවධානයෙන් හා අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් සිටින” බවයි.
    8. ලොව පුරා තහවුරු කරන ලද සිද්ධීන් 222,000 කට වඩා වැඩි වී ඇති අතර 9,000 කට වඩා මිය ගොස් තිබේ

    ශ්‍රී ලංකාව ඇඳිරි නීතිය පැනවීම හා මැතිවරණය කල් දැමීම

    පසුගිය දින කිහිපය තුළ රට තුළ සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබුණි. පසුගිය දින තුන තුළ සක්‍රීය ආසාදන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබේ. රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ සිද්ධි ගමන් මාර්ගය ඉතාලියට වඩා දරුණු බව අනතුරු අඟවා තිබේ.

    ශ්‍රී ලංකාව සිකුරාදා රාත්‍රී 18:00 සිට (GMT 12.30) සඳුදා අලුයම 06:00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් කල් දැමීමෙන් දිනකට පසුව මෙම පියවර ප්‍රකාශයට පත් කරන ලදී.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර පවසා තිබුණේ මැතිවරණය කල් දැමීමට හේතුවක් නොමැති බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ සලසන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය.

    පසුගිය දින කිහිපය තුළ රට තුළ සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබුණි. පසුගිය දින තුන තුළ සක්‍රීය ආසාදන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබේ. රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ සිද්ධි ගමන් මාර්ගය ඉතාලියට වඩා දරුණු බව අනතුරු අඟවා තිබේ.

    Italy vs Sri Lanka situation (Chart)
    We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)
    Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO.

    චීනයේ නිල සංඛ්‍යා ලේඛන ගැන සැක සාංකා

    ඔවුන් ආසාදනය ශූන්‍ය අගයකට ගෙනා බව ඇත්ත. ඒත් ඒ සංඛ්‍යා දත්ත නිවැරදිනම් පමණයි. ඒත් ඔවුන් ආරම්භ කළ වසංගතය අද ගෝලීය අවදානමක් ඇති කර තිබෙනවා. එහි වගකිම භාර ගන්න අද කිසිවෙක් නැහැ

    චීනය පවසන්නේ නැවත වරක්, නව දේශීය ආසාදන නොමැති දිනයක් වාර්තා කර ඇති බවයි. බීජිං පවසන්නේ ඊයේ (19) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 39 දෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් බවයි. (එයින් අදහස් කරන්නේ විදේශ සංචාරකයින් චීනයෙන් පිටතදී වෛරසය ආසාදනය වී ඇතැයි සිතූ අතර රට තුළට ඇතුළු වූ පසුව පමණක් ධනාත්මක බව පරීක්ෂා කළ බවයි) චීනයේ මරණ සංඛ්‍යාව ද විශාල ලෙස මන්දගාමී වී ඇත. සිදුවී ඇත්තේ නව මරණ තුනක් පමණක් බව බලධාරීහු පවසති.

    නමුත් මෙම නිල සංඛ්‍යා මත විශ්වාසය තැබිය නොහැකි බවට නැවත නැවතත් චෝදනා එල්ල වී තිබේ. බීජිං හි අවධානය දේශීය සම්ප්‍රේෂණයන් වලක්වා වෛරසය පිටතින් රට තුළට පැමිණීම වැළැක්වීම දක්වා වෙනස් වී තිබේ. එය චීනයේ ප්‍රධාන ප්‍රචාරක මාර්ගයක් වන අතර එය පුපුරා යාමේ මුල් අවධීන් හැසිරවූ ආකාරය පිළිබඳව විවේචනයට ලක්විය.

    චීනය සහ බොහෝ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ සිද්ධීන් පහත වැටීමට හේතුව එහි දැඩි අගුලු දැමීමේ පියවර නිසා මුළු නගර සහ පළාත් නිරෝධායනයකට ලක් කිරීම බවයි. වෛරසය නැවත පිටතින් / සංචාරකයින් මගින් චීනය තුළට පැමිණීම ගැන චීනය කණස්සල්ල පළ කිරීම හාස්‍ය ජනක බව විචාරකයින්ගේ මතයයි. ඔවුන්ගේ කියන්නේ ගෝලීය අවදානමක් නිර්මාණය කළ චීනය දැන් ‘අත සෝදා ගැනී‘ නිවැරදි නොවන බවයි.

    ‘ඔවුන් ආසාදනය ශූන්‍ය අගයකට ගෙනා බව ඇත්ත. ඒත් ඒ සංඛ්‍යා දත්ත නිවැරදිනම් පමණයි. ඒත් ඔවුන් ආරම්භ කළ වසංගතය අද ගෝලීය අවදානමක් ඇති කර තිබෙනවා. එහි වගකිම භාර ගන්න අද කිසිවෙක් නැහැ“

    ආසියාවේ නවතම තත්ත්වය කුමක්ද ?

    ඉන්දියාවේ පොදු ප්‍රවාහන සේවා දුර්වල වෙමින් තිබේ.

    එක්සත් ජනපදයේ ප්‍රමාද ප්‍රවෘත්ති සහ ඕස්ට්‍රේලියාවේ අපගේ සගයන්ගේ පූර්ව යාවත්කාලීන කිරීම් සමඟ සිංගප්පූරුවේ අපට කාර්යබහුල දිනයක් විය. එබැවින් අපි ඔබට මඟ හැරී ඇති සමහර ආසියා ප්‍රවෘත්ති දෙස බැලීමට අපි සිතුවෙමු:

    • චීනය පවසන්නේ දෙවන දිනටත් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ රෝගීන් නොමැති බවයි – නමුත් සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතු වී තිබේ.
    • පිලිපීනය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ඇතුළුවීම තහනම් කර ඇත. (බ්‍රිතාන්‍යයන් 200 ක් පමණ පීඩාවට පත්ව සිටිති)
    • 2020 ටෝකියෝ ක්‍රීඩා උළෙල ගිම්හානයේදී පැවැත්විය යුතුදැයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රශ්න කළද ඔලිම්පික් වසන්තය ජපානයට පැමිණ තිබේ .
    • අගමැති නරේන්ද්‍ර මෝදි පුරවැසියන්ට නිවෙස්වල රැඳී සිටින ලෙස ඉල්ලා සිටීමෙන් පසුව ඉන්දියාව පොදු ප්‍රවාහනය සීමා කර තිබේ.
    • මාර්තු 22 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් -19 සඳහා පැමිණෙන සියලුම යුරෝපීය සංචාරකයින් පරීක්ෂා කරන බව දකුණු කොරියාව පවසා තිබේ.

    ඕස්ට්‍රේලියාවේ නවතම තත්ත්වය

    කොරෝනා භීතිය සමග භාණ්ඩ මිල දී ගැනීම සීමා කිරීම සඳහා සිඩ්නි නුවර පියවර ගනී

    දින ගණනාවක අසාමාන්‍ය වර්ධනයන්ගෙන් පසු වැඩ සතිය සිඩ්නි නුවරින් අවසන් වන විට, සිකුරාදා විස්තරයක් මෙන්න:

    • රූබී ප්‍රින්සස් Ruby Princess, නමැති නෞකාවේ පුද්ගලයින් තිදෙනෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
    • ආර්ථික අස්ථාවරත්වය උපුටා දක්වමින් අගමැති ස්කොට් මොරිසන් ජාතික අයවැය නිකුත් කිරීම ඔක්තෝබර් දක්වා කල් දැමීය.
    • ඔහු සමාජ දුරස්ථ නීති රීති ද දැඩි කළේය – කුඩා රැස්වීම්වල සිටින පුද්ගලයින් දැන් අවම වශයෙන් වර්ග මීටර් 4 කින් වෙන් කළ යුතුය.
    • වයස්ගත සත්කාරක පහසුකම්වල සිටින සියලුම සේවකයින් පරීක්ෂා කරනු ලැබේ.
    • කැන්බරා දුරස්ථ ආදිවාසී ප්‍රජාවන්ගෙන් ඉවත්වීම හෝ ඇතුළුවීම සඳහා වන සීමාවන් හරිතකරණය කරයි.
    • ක්වන්ටාස් ලන්ඩන්, හොංකොං සහ ඕක්ලන්ඩ් සිට ඕස්ට්‍රේලියානුවන්ට සිය නිවෙස් කරා යාමට ඉඩ සලසයි.
    Ruby Princess

    නිව් සවුත් වේල්ස් බලධාරීන් පවසන්නේ බ්‍රහස්පතින්දා සිඩ්නි වරායට පැමිණි ලද නෞකාවක සිටි පුද්ගලයින් තිදෙනෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි. Ruby Princess නෞකාව සිඩ්නි නුවරට යාමට පෙර නවසීලන්තයට ගියේය. එහි කාර්ය මණ්ඩලයේ 1,000 ක් පමණ ඇතුළුව 3,800 දෙනෙකු එහි සිටියහ.

    සිඩ්නි නුවර නගර මධ්‍යයේ පිහිටි චක්‍රලේඛ මාවතේ බැස ගිය මගීන් 2,700 කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගැනීමට දැන් හදිසි උත්සාහයක් ගනු ලැබේ.

    “අපගේ ලොකුම කනස්සල්ල නම්, එම පුද්ගලයින් [කොවිඩ් -19] සැබවින්ම ඔවුන්ගේ නෞකාවේ සිටින බවට කිසිදු දැනුමක් නොමැතිව මගී නෞකාවෙන් පිටත පැමිණීමයි” යනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසාඩ් පැවසීය.

    ඔහු කියා සිටියේ මගීන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි. වෛරසය ඇති බවට සැක කෙරෙන සිව්වන පුද්ගලයා දැනටමත් ටස්මේනියාවට පැමිණ ඇත. එම මගීන් කෙසේ හෝ නිරෝධායනය කළ යුතුව තිබුණි – නව නීතිරීති යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනාට දින 14 ක් ස්වයං හුදකලා විය යුතුය.

    ඇමෙරිකාව යළි හදට යාමත් ප්‍රමාද වේ

    මිලියන ගණනක් ඇමරිකානුවන්ට තවදුරටත් වෙළඳ සංකීර්ණයට යා නොහැකි බව පවසන පරිදි, එක්සත් ජනපදයට ද සඳ වෙත යාමට නොහැකි විය හැකිය. 2024 වන විට ඇමරිකානුවන් සඳ වෙත ආපසු යැවීමේ නාසා සැලැස්මට පහරක් එල්ල වී තිබේ. එක් සේවකයෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව. බ්‍රහස්පතින්දා අභ්‍යවකාශ ඒජන්සිය විසින් රොකට් නිෂ්පාදන පහසුකම් දෙකක් වසා දැමීමට නියෝග කළේය.

    සවුදි අරාබිය දේශීය ගුවන් ගමන් අත්හිටුවයි

    සෞදි අරාබිය සියළුම දේශීය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. බස් රථ, කුලී රථ සහ දුම්රිය ද සති දෙකක කාලයක් නවතා දමා ඇත. මෙම නව ක්‍රියාමාර්ග සෙනසුරාදා උදෑසන සිට ක්‍රියාත්මක වන බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.මානුෂීය හා වෛද්‍ය ගුවන් යානා හෝ සෞඛ්‍ය හේතූන් මත මිනිසුන් ප්‍රවාහනය සඳහා භාවිතා කරන බස් රථවලට අදාළ අත්යවශ්ය ගුවන් ගමන් සඳහා මෙම අත්හිටුවීම අදාළ නොවේ. ආසාදන 270 කට වැඩි ප්‍රමාණයක් රාජධානියේ තහවුරු වී ඇති නමුත් මරණ කිසිවක් නොමැත.

    ඉන්දියාව පොදු ප්‍රවාහනය සීමා කරයි

    මුම්බායි හි දුම්රියක් සාමාන්‍යයෙන් පෙනෙන්නේ මේ ආකාරයෙනි.

    කොරෝන වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා නිවසේ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දියාවේ දැවැන්ත පොදු ප්‍රවාහන පද්ධති සේවාවන් දැඩි ලෙස කප්පාදු කරමින් සිටී. රටේ බහුතරයක් පුරවැසියන්ගේ ප්‍රධාන ගමන් මාර්ගය වන්නේ පොදු ප්‍රවාහන සේවයයි.

    උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සියලුම පොදු ප්‍රවාහන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. දිල්ලි අගනුවර, දිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවාව තවදුරටත් ජනාකීර්ණ දුම්රිය ස්ථානවල නතර නොවනු ඇත, දුම්රිය සංඛ්‍යාතය වෙනස් වනු ඇත, මගීන් අහඹු ලෙස තාප පරිලෝකනය කරනු ඇත.

    මුම්බායි හි, නගරයේ ජීව රුධිරය ලෙස සැලකෙන දේශීය දුම්රිය මාර්ග ඉදිරි දිනවලදී නවතා දැමිය හැකි බවට කතාබහක් පවතී. මුම්බායි පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති උද්දව් තැකරි පැවසුවේ “හිස් දුම්රිය දැකීමට අවශ්‍ය” බවයි.

    ප්‍රධාන නගරවල බස් රථ තවදුරටත් ස්ථාවර මගීන්ට ඉඩ නොදෙන අතර බොහෝ නගරවල ධාවනය වන බස් රථ සංඛ්‍යාව අඩකින් අඩුවී ඇත.

    බ්‍රහස්පතින්දා (19) සවස් වන විට ඉන්දියාව විසින් රජයේ විද්‍යාගාර 72කදී පුද්ගලයින් 14,175 දෙනකු පරීක්ෂාවට ලක්කර ඇති නමුත් බිලියනකයට වඩා වැඩි ජනගහනයක් සිටින ජනාකීර්ණ රටක් මෙතරම් අල්පය.

    නිල උපකල්පනය නම් රෝගය තවමත් ප්‍රජාව තුළ පැතිරී නොමැති බවයි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මාර්තු 1 සිට 15 දක්වා කාලය තුළ ඉන්දියාවේ රජයේ රෝහල් 50 කින් උග්‍ර ශ්වසන රෝගයෙන් පෙළෙන රෝගීන්ගෙන් ලබාගත් සාම්පල 826ක් කොරෝන වෛරස් රෝගය සඳහා ඍණාත්මක ලෙස පරීක්‍ෂා කළ බවයි. 

    එසේම, රෝහල්වල තවමත් ශ්වසන අපහසුතා ඇතුළත් වීමේ වැඩිවීමක් වාර්තා වී නොමැත. නමුත් විශේෂඥයින්ට වත්මන් තත්ත්වය ගැන එතරම් විශ්වාස නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඉන්දියාව ද පරිමාණයෙන් අඩු මට්ටමක පවතින බවයි. මන්ද යත්, එහි අඩු සම්පත් සහ අසමාන මහජන සෞඛ්‍ය පද්ධතිය වසංගතයකදී අවදානම් නිසාය.

    ‘කොරෝනා වයිරස් මාව සාදයෙන් වළක්වන්නේ නැහැ’

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය සහ ස්වයං හුදකලාව පිළිබඳ එක්සත් ජනපද බලධාරීන්ගේ නිර්දේශ නොතකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල සිසුන්ගේ වසන්ත විවේකය සඳහා ෆ්ලොරිඩාවට පැමිණ ඇත. පුද්ගලයන් 10 ක් හෝ වැඩි ගණනක් එක්රැස් වීමට එරෙහිව ජාතික සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දෙයි. නමුත් මෙම වසන්ත ඍතුව එය ගණන් නොගන්නා බව පෙනේ.

    අසමත් රාජ්‍ය ගැන අවධානයක් නෑ

    මේ වන විට එක්සත් ජනපදය හා කැලිෆෝනියාව කෙරෙහි අවධානය යොමු කර ඇති වෛරසය ගෝලීය වසංගතයක් ලෙස පවතින අතර එකින් එක නව රටවලට ව්‍යාප්ත වෙමින් පවතී. කතාව සෑම රටකම බෙහෙවින් වෙනස් ය, නමුත් අනෙක් ඒවාට වඩා අවදානමට ලක්විය හැකි ඒවා තිබේ.

    මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු විය යුතු රටවල් රැසක් ලෝකය පුරා තිබේ. ඉරාකය, සිරියාව සහ ඇප්ගනිස්ථානය ගැන අවධානය ඇත්තේම නැති තරම්ය. ඒ අතර ඇමෙරිකාව පාමුල තිබෙන හයිට් රාජ්‍ය ගැන අවධානය යොමු කළ යුතුමය.

    හයිට්ය යනු බිද වැටුණු අසමත් රාජ්‍යයකි. රට මේ වන විටත් පුළුල් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය සේවා පද්ධතියට වෛරසය පැතිරීම පාලනය කිරීමට නොහැකි වනු ඇත.

    හයිටි යනු කිරීටක වෛරසයෙන් තොර අවසාන කැරිබියානු ජාතීන්ගෙන් එකක් වන අතර මේ වන විටත් ජාත්‍යන්තර ගමනාන්ත ගණනාවකින් ගුවන් ගමන් නතර කර තිබුනේ රෝගය වැළැක්වීම සඳහා ය. හයිටිය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් දේශසීමා වසා දමා ඇඳිරි නීතිය පැනවීය.

    Text By BBC.COM

  • අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

    අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

    අද  (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

  • රුපියල රැක ගන්න මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරයි

    රුපියල රැක ගන්න මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරයි

    කොරෝනා වෛරස්ව සංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ.

    1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

    ඒ අනුව සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් තුළ පහත සඳහන් පියවරයන් අනුගමනය කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.

    1. 2020 අංක 01 දරණ බැංකු පනත යටතේ විශේෂයෙන් බැහැර කර ඇති ඒවා හැර අනෙකුත් සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි යටතේ පහසුකම් සැපයීම අත්හිටුවීම.

    2. 2020 අංක 01 දරණ බැංකු පනතෙහි දක්වා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීම සඳහා ණයවර ලිපි යටතේ අත්තිකාරම් ගෙවීම් සහ භාර ගැනීම් අත්හිටුවීම.

    3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීම අත්හිටුවීම.

    ඊට අමතරව, විදේශ විනිමය බලයලත් වෙළෙඳුන්ට සංචාරක දීමනාවක් ලෙස විදේශ මුදල් නෝට්ටු නිකුත් කිරීමට අවසර දී ඇත්තේ උපරිම ඇමරිකානු ඩොලර් 5,000ක් (හෝ වෙනත් විදේශ මුදල් වලට සමාන) දක්වා පමණි.

  • මුළු ඉන්දියාවටම ‘ජනතා ඇදිරි නීතිය’

    මුළු ඉන්දියාවටම ‘ජනතා ඇදිරි නීතිය’

    කොරෝනා වයිරසය මර්ධනය කිරීම සදහා වන කඩිනම් පියවරක් ලෙස ඉන්දීය අගමැතිවරයා විසින් මුළු ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය Janta Curfew’ පනවා තිබෙනවා. මේ දක්වා කොරෝනා මර්ධනය සදහා යම්කිසි රටක් විසින් ගත් දැඩිම තීන්දුව මෙය බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

    කොරොන වයිරස් (කොවිඩ් -19) වසංගතය ඉන්දියාවට ද බලපා ඇති හෙයින් අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉරිදා උදේ 7 සිට රාත්‍රී 9 දක්වා ‘ජනතා ඇඳිරි නීතිය’ තෝරා ගන්නා ලෙසයි.

    අද දින (19) ජාතිය අමතමින් අගමැති මෝඩි පැවසුවේ “අද මම මේ රටේ මාර්තු 22 වනදා උදේ 7 සිට රාත්‍රී 9 දක්වා ජනතා ඇඳිරි නීතිය පනවතා තිබෙනවා. මෙය මහජන ඇඳිරි නීතියයි. ජනතා ඇඳිරි නීතිය යනු මහජනයා සඳහා වන අතර ඇඳිරි නීතිය මහජනතාව විසින්ම පනවනු ලැබේ‘

    මෙම ‘ඇඳිරි නීතිය’ අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වීදිවලට ​​නොයන්න. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ඉදිරි සතිවලදී පිටතට යාමෙන් වළකින්නැයි අගමැතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

    ප්‍රාන්ත රජයන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් පිළිපදින ලෙස ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    “අද සෑම කෙනෙකුම කොවිඩ් -19 ආසාදනය නොකිරීමට අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතු අතර අනෙක් අය කෝවිඩ් -19 ආසාදනයෙන් බේරා ගත යුතුය. එවැනි වසංගත අවස්ථාවකදී එක් මන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මක වේ. ‘අප සෞඛ්‍ය සම්පන්න නම් මුළු ලෝකයම සෞඛ්‍ය සම්පන්න වේ. ” අගමැතිවරයා කීවේය.

    මේ අතර මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ද ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශීය ගුවන් යානා වෙත ඉන්දියාවට ගොඩ බැස්සවීමට අවසර නොලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පියවරවලට සමගාමීව අත්‍යවශ්‍ය හා හදිසි සේවා වල නියුතු අය හැර පෞද්ගලික සමාගම්වල සියලුම සේවකයින් නිවසේ සිට වැඩ කළ යුතු බවත්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 10ට අඩු ළමයින්ට නිවසේ රැඳී සිටින ලෙසත් ඉන්දීය රජය විසින් උපදෙස් දී තිබෙනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සමගාමීවයි මෙම තීන්දුව ගෙන තිබෙන්නේ.

    ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා (19) කෝවිඩ් -19 හි නව රෝගීන් 22 ක් වාර්තා කර ඇති අතර, මුළු පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 173 කි. පන්ජාබ්, කර්නාටක, දිල්ලි සහ මහාරාෂ්ට්‍ර යන රටවලින් අවම වශයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

  • ජා-ඇල හා වත්තලට රාත්‍රී 10 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය

    ජා-ඇල හා වත්තලට රාත්‍රී 10 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය

    අද (19) රාත්‍රී 10.00 සිට – ඇල හා වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.