Category: සුපිරි News

  • ‘කාන්තාර පළඟැටි සේනා’ වැට මායිමටම ඇවිත් රාළේ

    ‘කාන්තාර පළඟැටි සේනා’ වැට මායිමටම ඇවිත් රාළේ

    විදෙස් රටක සිට මෙරටට කඩාවැදීමටඉ ඩඇති ‘කුසගිනි නොසිඳෙන’ කෑදර දළඹුවෙකුගේ අවදානමක් ගැන 2018 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අප පළමුවරට අනතුරු හැඟවූයෙමු.

    සුළං පහරේ ශක්තියත් උදව් කරගෙන මෙහි පැමිණෙන අමුත්තා අහිංසක සලබයෙක් වුවත්, භවබෝගවලට හානිකරන්නේ බඩගින්නත් අතමිට මොලවාගෙන උපදින උගේ දරුවා නොහොත් දළඹුවාය. මෙතෙක් ලංකාවේ නොසිටි සත්වයෙක් නිසා දළඹුවාට නමක් තබන්නටත් අපටම සිදුවිය. “සේනාද ළඹුවා” යන නම යෙදුවේ හිටිහැටියේම සේනාවක් ලෙසින් බෝගවගා තුලින් ඌ මතුවෙන බැවිනි. පුවත්පතෙහි විස්තර පලවී මාස එකහමාරක් ගතවෙත්ම එනම් ඔක්තෝබර් 30 වෙනිදා සන්ධ්‍යා භාගයේදී “මෙන්න ඉන්නවා” යන පණිවිඩය ගොවික් ෂේත්‍රයකින්ම අදාළ අංශ වෙතට ලැබුනු අතර සැවොම දන්නා ඉන් පසු සිදුවූ දෑ ගැන නැවතත් ආවර්ජනය කල යුතු නොවේ.

    මෙම කෙටි පූර්විකාව ලියුවේ ‘සේනා’ පැමිණි අප්‍රිකාවේ සිට එන්නට හැකි තවත් ආක්‍රමණික පලිබෝධකයෙක් ගැන මේදිනවල ජාත්‍යන්තර මාධ්‍යයන් කතාබහ කරන බැවිනි. මීට වසර මිලියන 300කටත් එහා අතීතයේදී ලොව පහල වූවායයි සැලකෙන ජීවීකොට්ඨාශයක් වන ඔවුනට අප ‘පළඟැටියන්’ යයි කියමු.

    කතාබහට ලක්වූ මෙම සත්වයා පළඟැටියන් අතරින් වඩාත් ම භයානක සත්වයා ලෙස සැලකෙන අතර ‘කාන්තාර පළඟැටියා’ (Desert Locust) නමින් හැඳින්වන්නේ මොහුය. දිගින් සෙන්ටිමීටර පහකට වඩා නැත. විද්‍යාත්මක නාමය වන්නේ Schistocercagregariaය.

    සාමාන්‍යයෙන් මෙවැනි කාන්තාර පළඟැටියන් සීමාවී ඇති සහරා කාන්තාරය, අරාබිකරය සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශ දැනට සියවස් ගණනාවක සිට කාන්තාර පළඟැටියාගේ හානියෙන් පීඩා විඳින්නේය.

    පළඟැටි උවදුර නිසාම පසුගියදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන්නට පියවර ගත් පළමු රට වන්නේ සෝමාලියාවයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන ආකාරයට වසර 25කින් පසු අප්‍රිකාවට උදාවූ නරකම තත්වය මෙයයි.

    වසරක් ඇතුලත මෙය පාලනය කරගන්නට නොහැකිවුවහොත් ‘පළඟැටි වසංගතයක්’ ලෙස මෙය නම් කිරීමට ද ඔවුන් පියවරගන්නවා ඇත. 20 වෙනි ශතවර්ෂය තුලදී පළඟැටි වසංගතහයකට අප්‍රිකාව මුහුණ දීතිබේ. අවසානයට එවැන්නක් උදාවී තිබුනේ 1987-89 කාලවකවානුව තුලයි. ඉදිරි මාස කීපය තුල කාන්තාර පළඟැටි ගහනය 500 ගුණයකින් පමණ වැඩිවීමක් බලාපොරොත්තුවන අතර කෙන්යාව මෙවැනි ව්‍යසනයකට මෙවර මුහුණදී ඇත්තේ වසර 70 කට පසුවය.

    “අප මේ අවස්ථාවේ නිවැරදිව හැසුරුනේ නැත්නම් අප්‍රේල්වලට නියමිත අපගේ අස්වැන්න නොලැබී ගොස්, අන්ත දරිද්‍රතාවයකට සෝමාලියානු ජනතාව පත් වේවි.”

    හදිසි තත්වය ප්‍රකාශයට පත්කිරීම ගැන අදහස් දැක්වූ සෝමාලියාවේ කෘෂිකර්ම අමාත්‍ය හුසේන් ලෙඩ් එසේ පවසා සිටී. ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් පසුගිය පෙබරවාරි 3 වෙනිදා නිකුත් කළ අලුත්ම නිවේදනය මගින් ඉන්දු- පාකිස්තාන සීමාවේ දැනට සිටින පළඟැටි ගහනය යාබද රටවලට සංක්‍රමයවීමේ අවදානමක් ගැනද ඉඟි පළකර තිබේ.තව මාස කීපයකින් පළඟැටි ගහනය5 00ගුණයකින් වැඩිවේනම් ඌ මෙතෙක් නොගිය ඉසව්වක් කරා පියඹායාමට හොඳටම ඉඩ තිබේ.

    මිනිසාගේ අවිධිමත් ක්‍රියාකාරකම් හරහා කලබලයට පත්ව ඇති පරිසරය පසුගිය වකවානුවේදී හැසිරුනේ බොහොම අකාරුනිකවය. අනපේක්ෂිත සුළං ප්‍රවාහයකට පළඟැටි වලාවක් පැටලී උතුරු ඉන්දියානු රාජස්තාන් ප්‍රදේශයේ සිට දකුණු දෙසටගමන් ඇරඹුවේනම් අපද නිරායුධවම මේ අවදානම් කලාපයේය.

    “අපේ රටෙත් ඕනෑ තරම් පළඟැටි විශේෂ ඉන්නවා. මේ සියල්ලම පාහේ ශාකභාක්ෂකයෝ. ඒඅයපරිසරයත් සමග තුලිතවෙලා අතීතයේ සිටම මෙහෙ සිටියා. නමුත් මේ කියන සත්වයා එහෙම නෙමෙයි. බොහොම ව්‍යසනකාරී සතෙක්. මිලියන, බිලියන ගණනින් සතුන් සුළංධාරා සමග පර්යටනය වෙනවා. හරියට අඳුරු වලාකුලක්  යම් තැනකට පාත්වෙනවා වගේ.”

    එසේ අදහස් දක්වන්නේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ මහාචාර්ය ලයනල් නුගලියැද්ද මහතාය. පෙරදී සඳහන් කල පරිදි සේනාදළඹුවාගේ අවදානම ජාත්‍යන්තර මාධ්‍යයන් තුලින් කලින් ම හඳුනාගෙන, ඒ ගැන පත්තරයට ලියන්නට මට කිතිකැව්වේද එතුමාමය. කුහුඹුවන්, බඹරුන් වැනි කෘමි හමුදාවන් පැමිණ අස්ථිපංජරය ඉතිරි වෙනතෙක් මිනිසා ඇතුළු සතුන් කා දමන බටහිර ත්‍රාසජනක චිත්‍රපටි ජවනිකා පවාඑ තුමාගේ ප්‍රකාශය හරහා මගේ මතකයට නැගේ.

    දැනට ලංකාවේ සිටින සහ පලිබෝධකයෙක්ගේ ගණයට ගැනෙන,‘කහතිත් පළඟැටියා’ ගැන ද වචනයක් කිව යුතුවේ. මොවුන්ගේ හානියට බොහෝ විට පාත්‍රවනුයේ පොල් ගසේ පත්‍රයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලැටි සංරක්ෂණ අංශය එවන් පළඟැටි පිබිදීමක් වාර්තාවූ වහාම ක්‍රියාත්මකවී තත්වය පාලනය කරනු ලබයි.

    කාන්තාර පළඟැටියන් සුළං ධාරා උපකාර කරගනිමින් දිනකට කිලෝමීටර 150ක දුරක් වුවත් පියඹායති. ඇතැම්විට මුහුදු මට්ටමෙන් මීටර් 2000කට වඩා උසින් වුවද පියාඹති. මොවුන් බිත්තර දමන්නේ පසතුලයි. සතියක් තුල ඒවා පුපුරා පැටවුන් පිටවෙන අතර තවත් සති දෙකක් ඇතුලත සිදුවෙන හැව ඇරීම් පහක් හරහා කීට අවස්ථා පසුකරමින් සුහුඹුල් පළඟැටියන් බිහිවේ. කීට පළඟැටියන්ට හොඳින් වැඩුණු පියාපත් නැත. ඒ නිසා සුහුඹුල් අවධිය එනතෙක් ඔවුහු පියාසර නොකරති. බිම තිබෙන තණ කොළත්, කුඩා පඳුරු මතට ගොඩවී ඒවාහි පත්‍රත් කමින් ජීවත්වෙති. එනම් කෝටි ගණනින් පැමිණ බිජුලෑම හරහා තවත් කෝටි ප්‍රකෝටි ගණනක් පළඟැටියන් බිහිවෙන්නේ සති තුනක පමණ කෙටි කාලයකින්ය.

    තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම සතුන් දරන වේගවත් භෝ ජන හැකියාවයි. මේ කෑදරකම  කොපමණද කියනවානම් ග්‍රෑම්දෙකක් පමණ වෙන තම දේහ බරට සමාන බරක් දිනක් තුල කා දැමීම මොවුනට සාමාන්‍ය ආහාර වේලකි. කෑමව ර්ගයේ සීමාවකද නැත. මුව ගැටෙන සෑම ශාක කොටසක්ම ආහාරයක් සේසැලකේ. පත්‍ර, කඳන්, මල්, ගෙඩි, ඇට පමණක් නොව ගසක පොත්තේ වැසුවහොත් දැවය මතුවෙන තෙක් එය දකාදැමේ. සියල්ල අවසන් කළා යයි සිතමු. එවිට තමාගේ උන්ව කා දැමීමේ ස්වජාතිභක්ෂණයද මේ නරුමයින් පටන් ගන්නේය. පුළුවන් එකා බැරි උන්ව මරා කෑමට ගන්නේය.

    එසේ නම් අවදානම දැන් පැහැදිලිය. ස්වභාවික සතුරන්යයි කියා ගන්නා පළඟැටි බුදින මයිනන්, පොල්කිච්චන් යනාදිය වුවත් ප්‍රයෝජනවත් වන්නේ පළඟැටි ගහනය අවම අවස්ථාවලදීය. මෙවන් සේනාවක් දුටුතැන තම ආහාරය වෙනුවෙන්වත් මයිනන්, පොල්කිච්චන් ඉදිරියට නොඑනු ඇත. රසායනික ප්‍රහාරයකින් සුහුඹුලා මර්දනය කිරීමට පියවර ගැනීම, හදිසි කෘමි උවදුරු මැඬලීමට ලොව පුරා පිළිගත් ක්‍රමවේදයයි. පලිබෝධනාශක දියර ඉසීම සඳහා ඔවුන් හෙලිකොප්ටර, ඩ්රෝන යානා වැනි දේ පවා භාවිතා කරනු ලැබේ. මෙවන් නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන්  සන්නද්ධව සිටීමත්, නිසි පලිබෝධනාශක හඳුනාගෙන යම් සාධාරණ තොගයක් ළඟ තබාගැනීමත් මේමොහොතේ අනිවාර්යෙන්ම සිදුකල යුත්තකි.

    සේනා දළඹුවා වෙනුවෙන් සිදුකල අයුරින් කාන්තාර පළඟැටියා ගැන විස්තර සඳහන් මුද්‍රිත පත්‍රිකා සහ පෝස්ටර් හරහා සමාජය දැනුවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවරගෙන හමාරය. ඊට අමතරව කාන්තාර පළඟැටියන් වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන ආරක්ෂණ යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන නිළධාරීන් සමගසම් බන්ධතා ගොඩනගා ගනිමින් කලාපීය තත්වය ගැන අවබෝධයෙන් සිටීමට මහාචාර්ය නුගලියැද්ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී සිටී. කාන්තාර පළඟැටියන් මර්දනය සඳහාම ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ පිටුවා ඇති පැලැටි සංරක්ෂණ කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන නිර්මලා පත්‍රවාල්ගේ ප්‍රකාශයද මේ මොහොතේ අපට වැදගත්ය.

    “සමහර ගොවීන් උනන්දු උනා සාම්ප්‍රදායික ක්‍රමවලින් මේ සේනාව මර්දනය කරන්න. ඒ අය පළඟැටියන් පලවා හරින්නට විවිධ ශබ්ද ඝෝෂා පැවැත්වුවා. බෙර ගැහුවා. ටකරන් වැනි දේට ගසමින් ශබ්ද මැව්වා. ටයර් වැනි දේ පුළුස්සමින් දුම් ගැහුවා. ඒත් ඉතාමත් අඩුවෙන් තමයි ඔවුන් සාර්ථක උනේ. අන්තිමට දැන් අපේ උපදෙස් හැමෝම පිළිපදිනවා. රජයේ අනුග්‍රහයෙන් ජීප්රථහා ට්‍රැක්ටර් මත සවිකළ විශාල ඉසින යන්ත්‍ර හරහා දැන් අපි හරි ඉලක්කයට පහර දෙනවා. ඩ්රෝන යානා මගින් ගුවනේ සිට පවා අපි පලිබෝධනාශක ඉසිනවා. මිලියන ගණනින් එනවා වගේම මිලියන ගණනින් සතුන් මැරිලා වැටෙනවා.”නිර්මලා තම වාර්තාවේ මෙසේ ද සඳහන් කර තිබේ.

    ‘මීට පෙර මම දැකලා නෑ ගොවි ජනතාව තමාගේ පෞද්ගලික සම්පත්, ශ්‍රමය හා ශක්තිය පොදු කටයුත්තකට යොදවන්න මේ තරමට එක්සත් වූ අවස්ථාවක්. අපි ඔවුනට ප්‍රණාමය පුදකළ යුතුයි. උදේ පාන්දරම අපි දකිනවා ඉසින යන්ත්‍ර සවිකරගත් ට්‍රැක්ටර් සියගණනක් පෝලිම් ගැහෙන හැටි. තවසතියක් හෝ දින 10ක් පුරාවට වුවත් මේ සහයෝගය දෙන්න මුළු පළාතේම ගොවිජනතාව කැපවෙලා ඉන්නවා වගේ පේනවා. අපි මේ සියලුම දේ වීඩියෝ කරනවා, ඒ හරහා වසර 25කට පසුව පැමිණි මේ ව්‍යසනය ජයගත් ආකාරය චිත්‍රපටියක් මාර්ගයෙනුත් පෙන්නන්න බලාපොරොත්තු වෙනවා.”

    ඉන්දියාවේ පලිබෝධනාශක භාවිත රටාව අප ආදර්ශයට ගත යුතු නොවේ. එහි ඇති අනාරක්ෂිතභාවය මීට පෙර කීපවරක්ම මෙවැනි ලිපි හරහාම සඳහන්කර ඇති අතර ඊට සාපේක්ෂව අපගේ පලිබෝධනාශක නියාමනය ඉතාමත් ආරක්ෂාකාරී වේ. යම් වසදියරයක් බෝගවගාවන්ට යෙදීම සඳහා වෙළඳපොළට එන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය නමැති‘සිදුරු නැති පෙනේරය’ හරහා ගමන් කිරීමෙන් පසුවය. එය ඒ තරමට ම කටුක කාර්යාවලියකි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයින් සෑමවිටම උපදෙස්දෙන්නේ ඒකාබද්ධ පලිබෝධ පාලන විධි බලාත්මක කරමින් බෝග රැකගැනී මටයි. මර්දනය කල නොහැකි වසංගත අවස්ථාවකදී පමණක් රසායනික පලිබෝධ පාලනයක් කරා ඔවුහු ගොවි ජනතාව මෙහෙයවති. හෙම්බිරිස්සාවට පස්පංගුව බිව්වාට, නියුමෝනියාවත් සෑදුන පසු ප්‍රතිජීවක පෙති නොගිල්ලොත්, ගෙදර ඉස්සරහ සුදු කොඩි දමන්නට සිදුවෙන වාසේ, කළු වලාවක් සෙයින් පළඟැටි හමුදාවක් කඩාපාත්වුව හොත් නම් අඳුරේ අතපත නොගා විද්‍යානුකූලව ඒදෙස බලා කටයුතුකිරීමට අප දැන්සිටම අධිෂ්ඨාන කරගත යුතුවේ.

    අප එසේ පවසන්නේ පසුගිය වකවානුවේදී ‘සේනාදළඹුවා’ ගේ මර්දන අයිතිය දිනාගන්නට විවිධ කණ්ඩායම් ඇල්ලු අඩව්කස්තිරම් ගැන තවමත් අමතකවී නැති නිසාය. ඇතැමෙක් තමාට දෙනවා නම් දින කීපයකින් වැඩේ අහවර කරන බව පවසද්දී, දේශපාලන බලවතෙක් ඉතින් ගන්නකෝ කියා භාර දෙනවාද ජනතාව අසා සිටියේ දෙයියන්ගේ හාල්වල බලය මෙන්න මෙපමණකැයි ඇස්පනා පිට එලෙස ඔප්පුවෙත්දීය.

    බීජ හරහා හෝ පොහොර තුල බහා සේනා දළඹුවාව මෙ රටට එව්වාසේ පළඟැටියාද අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලය කැයි කියන්න කරුණු කාරනා ද නැත. මිලියන ගණනින් සතුන් සිටිනා පළඟැටි වලාකුළු මේ පැත්තට තල්ලු කරන්නට බලවත් ජාතීන්ටද නොහැකි බැවිනි. ඒ නිසා සත්‍යයය ඇති සැටියෙන් දැකඑකමුතුව ප්‍රශ්නයට මුහුණදීමේ අවශ්‍යතාවය පළඟැටියා එන්නටත් කලින් අප අවධාරණය කරමු. අවබෝධයෙන් යුතුව අවධානයෙන් සිටීම අවදානම අවම කිරීමක් බව පමණක් අප විශ්වාස කරමු. ඉතිහාසය පුරාවටම අප විසින් උවදුරු පසුකර ගොස් ඇත්තේ එම සිද්ධාන්තයට කීකරුවී මෙන් මිස අතාත්වික සිල්ලර මතවාදයන් අලෙවි කිරීමෙන් නොවේ.

    සනත් M. බණ්ඩාර

    Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • අපේ පොතට ‘පයින් ගසද්දී’ බ‍්‍රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?

    අපේ පොතට ‘පයින් ගසද්දී’ බ‍්‍රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?


    යොවුන් පරපුරේ මේ ආකල්පය ගැන අපට ප‍්‍රායෝගික උදාහරණයක් ලබාගත හැකියි. ඒ තවත් මාස කිහිපයකින් මවක් වීමට යන, යාන්තම් 20 වැනි වියට පා තබමින් සිටින ‘වික්ටෝරියා මරියා ඞී ඔලිවෙයිරා’ ගෙන්.

    විය යුතු ලෙසම ‘හතේ අපේ පොත’ ගැන ඇති වුණ උණුසුම් සංවාදයත් ‘ලැත් තැනම ලොප් වුණා. මහජනතාවගේ බදුවලින් මිලියන ගාණක් වැටුප් ලබපු, පොත ලියන්න, හදන්න දීමනා ගත්තු ආචාර්ය මහාචාර්යවරු තමන් කළ දේ වෙනුවෙන් පෙනී නොසිටි නිසා අවසානයේ ‘ඊනියා චීවරධාරීන්’ ජයග‍්‍රහණය කළා.

    ඒත් ප‍්‍රශ්නේ තවමත් එතැනම බව දිනපතා ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු වගේම ජනමාධ්‍ය හමුවට නොඑන පවුල තුළ, පාසල තුළ අඛණ්ඩව සිදුවන මැසිවිලි, ශාප කිරීම් සහ තර්ජනය කිරීම් මගින් මනාව පැහැදිලි වෙනවා.

    මේ ලේඛකයා මීට කලකට ඉහත ‘ළමා අපයෝජන හා අපචාර වළක්වා ගැනීම හමුවේ ජනමාධ්‍යයේ කාර්යභාරය’ කියලා නම් කළ වැඩමුළුවක සම්පත්දායකයෙක් විදිහට ගියා. එයට සහභාගී වුණේ 10 – 12 පන්තිවල සිසු සිසුවියන් කණ්ඩායමක්. සුපුරුදු විදිහට ගුරුවරු – ගුරුවරියොත් වේදිකාවේ සහ අසුන්මත සිටියා.

    ‘දිග කතාවක් නැහැ. ඒත් දුවේ ඔයා පෙම්වතියක් වෙන්නේ කුමන මොහොතකද ඔබ ඒ මොහොතේ සිට අපයෝජනයට හෝ අපචාරයට ලක් වෙනවා’ කියලා මම කිව්වා.

    බලාපොරොත්තු වුණ විදිහටම දැරියන් විළියෙන් ඇඹරුණා. කොල්ලෝ ටික ටිකක් අවුලට පත් වුණා. මම ගුරුවරියන්ගේ මුහුණු නිරීක්ෂණය කළා. ඒවත් ‘අවුල්’ වාගේ තමයි පෙනුණේ. ගුරුවරුත් එහෙමයි.

    මම අපේක්ෂා කළ ආකාරයටම සංවාදය උණුසුම් වුණා. ඒත් තවත් මොහොතකින් මගේ අතට ‘චිට් එකක්’ ලැබුණා. ‘කතාව අවසන් කරන්න’ එහි තිබුණා.

    ආත්ම ගරුත්වය පිළිබඳ ගැටලූවක් නිසා මට ඇති වුණේ කම්පනයක්. ඒත් ඒ බව නොපෙන්නා සිසුන් කෙටි විවේකයක් දුන්න මම දැඩි කෝපයෙන් යුතුව ආදාළ ගුරුවරිය වෙත ගියා.

    ‘ඇයි මොක්කද ප‍්‍රශ්නේ ?’ මම ඇහුවා.

    ‘ඇයි ඔබතුමා මේ වාගේ කතා කියන්නේ ’ ඇය කෝපයට පත් ස්වරයෙන් ඇසුවා.

    ‘මොන කතාවද ? මම නරක වචනයක්වත් කිව්වේ නැහැ’ මමත් කෝපයෙන් කිව්වා.

    මට මොහොතකින් වැටහුණු සිදු වුණ දේ. තවත් ආචාර්යවරු කිහිප දෙනෙක් මා අසලට ආවා.

    ‘මම හෘද සාක්ෂියත් එක්ක කතා කරන කෙනෙක්. මම කිව්වේ අපි බොහෝ දෙනකුට පොදු අත්දැකීමක්. පුළුවන් නම් හෘද සාක්ෂියට කතා කරලා අහන්න’ මම මදක් සන්සුන් වෙමින් කිව්වා.

    කොහොම වුණත් ඊට පස්සේ මා වෙනුවෙන් තවත් තරුණ ගුරුවරු කිහිප දෙනෙක් පෙනී සිටියා. ඒත් මම දේශනය අතරමග අවසන් කර පිටත් වුණා.

    ඊට පස්සේ මගේ ජංගම දුරකථනයට අදාළ පාසලේ ගුරුවරු කිහිප දෙනෙක්ම කතා කරලා අදාළ ගුරුවරිය ගැන කතා (කැත) කිහිපයක් කිව්වා.

    මට මේ කතාව ලියන්න හිතුණේ ‘හතේ අපේ පොත’ හමස් පෙට්ටියට ගියත් ප‍්‍රශ්නේ තාම එතැනම තියෙන බව දැනුණ නිසා වගේම මීට කලකට ඉහත මා හමුවට පැමිණි මවක් කළ ආයාචනයක් සිහිපත් වුණ නිසයි. මම ඒ දිනවල සේවය කළේ මේ රටේ ප‍්‍රකට නීති උපදේශන ආයතනයක. වැඩසටහන් කළමනාකරු විදිහට.

    ‘අනේ මහත්තයෝ අපි ලොකු ආමාරුවක වැටිලා ඉන්නේ’ තවමත් තරුණ වියේ සිටින මවක් කිව්වා.

    ඊට පසු ඇය දීර්ඝ කතාවක් කිව්වා. කතාව හරය වශයෙන් ඉදිරිපත් කළහොත් සිදුවෙලා තියෙන්නේ ඇයගේ තවමත් උසස් අධ්‍යාපනය ලබන දියණිය සිය පෙම්වතා සමග කළ දුරකථන සංවාද පිළිබඳ ගැටලූවක්.

    අපි අද රන්ජන්ගේ හඬපට ගැන කතා කළත් මේ කියන 2014දී මේ තරුණිය පත් වෙලා තියෙන්නෙත් හඬපට අවුලකට. ඇය සමග කතා කළ බොහෝ දේ ඇගේ පෙම්වතා පටිගත කරලා. දැන් සම්බන්ධතාව අවසන් කරන්න තරුණිය සූදානම් වන විට ඔහු තර්ජනය කරන්නේ ඒ හඬපට ලංකාවේ ප‍්‍රකට ‘අසභ්‍ය වෙබ් අඩවියකට’ යොමු කරන බවට තර්ජනය කරමින්.

    මේ වගේ කතා සිය ගණනක් අපි බොහෝ දෙනෙක් ළඟ තියෙනවා. පසුගිය දිනවල ලංකාවේ අන්තර්ජාලය සහ ලිංගිකත්වය ගැන පර්යේෂණයක් සිදුකළ මගේ හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දත්ත සහිතව පෙන්වා දුන්නේ ලෝ ප‍්‍රකට කාම වෙබ් අඩවි රැසක ලංකාවේ දැරියන්, තරුණියන් හා මැදිවියේ ගැහැනුන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට තිබෙන බවයි.

    ‘ඇතැම් ඒවා බාල වයස්කාරියන්, පාසල් දැරියන් ලෙසයි නම් කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් පාසල් නිල ඇඳුම පිටින් පවා සිටින දර්ශන තියෙනවා’ ඔහු මා සමග කිව්වා.

    ‘ඔය කෙල්ලෝ – කොල්ලෝ කුටු කුටු ගගා හාල්වල ගණන්් අහනවා නෙමෙයිනේ’ එහෙම කිව්වේ මගේ ජනමාධ්‍ය මිතුරෙක්.

    ඉතිං අපි බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම් තියෙනවා. ඒත් ප‍්‍රශ්නේ අපි ඒවාට විසඳුම් සොයන්න නොයෙන එකයි. ඒ නිසා දැවැන්ත ජාතික ව්‍යසනයක් ‘සිවුර හමුවේ’ වහන් වෙලා ගියා.

    බ‍්‍රසීලයේ සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන මේ යොවුන් ගැබ්ගැනීම් පුළුවන් තරම් ඉක්මනින් අඩුකරගත යුතුයි. ලිංගික සබඳතා පවත්වන වයස දැනට තිබෙනවාට වඩා පහු කරන්න ඕන කියලා රජය දැන් හරි කට ඇරපු එක ගැන සතුටුයි. මොකද මෙච්චර කාලයක් හැමෝම හිතාගෙන හිටියේ ඒක ආගම්වලින් දාලා තියෙන නීතියක් කියලා

    බ‍්‍රසීලය කියා දෙන පාඩම

    පවුල් සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය වන ‘ඩැටාරෙස් ඇල්විස්’

    නව යොවුන් වියේ දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඊනියා සුචරිතවාදීන් හමුවේ කැලේ පනින කොට අපිට බ‍්‍රසීලයෙන් සුවිශේෂ කතාවක් ඇසෙනවා.

    බ‍්‍රසීලය කියන්නේ අති දැවැන්ත රටක්. කතෝලික ආගමික කේන්ද්‍රීය බලපෑම තිබුණත් බොහෝම නිදහස්, ලිබරල් සංස්කෘතියක් තමයි බ‍්‍රසීලයේ තිබෙන්නේ. මේ තත්ත්වය කොතරම් ද කියන එක වාර්ෂිකව බ‍්‍රසීලයේ පැවැත්වෙන විවිධ සැනකෙළිවලින් වටහා ගන්න පුළුවන්.

    ඒත් බ‍්‍රසීලය අද දැවැන්ත සමාජ අර්බුදයකට ලක් වෙලා. ඔවුන් එය දකින්නේ වහාම පිටුදැකිය යුතු දෙයක් විදිහටයි. ඒ ‘නව යොවුන් වියේ දැරියන් ගැබ් ගැනීම වේගයෙන් ඉහළ යාම. බ‍්‍රසීල මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලතින් ඇමෙරිකාවේ බාල වයස්කාරියන් ගැබ් ගැනීම්වල ඉහළම ප‍්‍රතිශතයට හිමිකම් කියන්නේ බ‍්‍රසීලය. මේ තත්ත්වය දැඩි කතෝලික බලපෑමට පමණක් නොවෙයි පවුල් සබඳතාවලටත් විශාල අභියෝගයක් වෙලා. ගබ්සාව සම්බන්ධයෙන් කතෝලික ආගම විසින් අනුගමනය කරන ‘අනම්‍ය’ ප‍්‍රතිපත්තිය නිසා තත්ත්වය තවත් ව්‍යාකූල වෙලා.

    මේක ආගමට අයිති වැඩක් නෙමෙයි

    ‘බ‍්‍රසීලයේ සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන මේ යොවුන් ගැබ්ගැනීම් පුළුවන් තරම් ඉක්මනින් අඩුකරගත යුතුයි. ලිංගික සබඳතා පවත්වන වයස දැනට තිබෙනවාට වඩා පහු කරන්න ඕන කියලා රජය දැන් හරි කට ඇරපු එක ගැන සතුටුයි. මොකද මෙච්චර කාලයක් හැමෝම හිතාගෙන හිටියේ ඒක ආගම්වලින් දාලා තියෙන නීතියක් කියලා’

    මෙහෙම කියන්නේ බ‍්‍රසීලයේ කාන්තා, පවුල් සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය වන ‘ඩැටාරෙස් ඇල්විස්’ Minister of Women, Family and Human Rights (MMFDH) of Brazil, Damares Alves.

    මෙහිදී වැදගත්ම කාරණය තමයි ඇය ‘ශුභාරංචි දේවගැතිවරියක’ වීම. ඇගේ මේ පසුබිම යෞවනියන් අතර සිදුවන ගැබ් ගැනීම් අවම කිරීමට කාලය සිට කතෝලික පල්ලිය විසින් ගෙන ගිය වැඩපිළිවෙළට අමතර ශක්තියක් වෙලා තිබෙනවා.

    මේ වන විට ඩැටාරෙස් වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ‘යෞවනය විඳීම අංක එකට: ගැබ් ගැනීම් පසුවට’ යන තේමාවෙන් යුතුව යෞවන යෞවනියන් ඉලක්ක කරගත් දැවැන්ත වැඩසටහනක් බ‍්‍රසීල රජය විසින් ආරම්භ කර තිබෙනවා.

    ‘අපි යොවුන් පරපුර වෙත ගෙන යන්නේ සරල, ඒත් ඉතා වැදගත් පණිවුඩයක්’ ඩැටාරෙස් කියනවා.

    ‘නවතින්න – සිතා බලන්න – යෞවනත්වය විඳින්න, ගැබ් ගැනීමෙන් වළකින්න’ එහි සරල තේමාවයි.

    ‘මේක මදක් ආගමික නැඹුරුවක් ඇති තේමාවක්. ඒත් එහි ගැටලූවක් නැහැ. අපි මෙතැනින් නවතින්නේ නැහැ. අපි යොවුන් පරපුරට කියන්නේ ‘හැම දෙයක්ම නිසි කලට’ කරන්න කියලයි. මේක අද යොවුන් පරපුර අතර අතිෂය ජනප‍්‍රිය පාඨයක්. එය සමාජමාධ්‍ය තුළ සුලභව හුවමාරු වෙනවා’ ඩැටාරෙස් කියනවා.

    ‘අපි, බ‍්‍රසීල රජය යොවුන් ප‍්‍රජාවට ඒත්තු ගන්වන්න හදන්නේ ‘ගැබ් ගැනීම් කිසිසේත් අනවශ්‍ය බවයි’

    අද යොවුන් පරපුරට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙමින් දැවැන්ත අභියෝගක් කරට ගෙන සිටින්නේ බ‍්‍රසීල රජය පමණක් නොවෙයි. ආගමික නායකයින් සහ සංවිධාන ද එහි බරපතළ තත්ත්වය මනාව වටහා ගෙන සිටිනවා. එය ජය ගැනීමට අනලස්ව සටන් කරනවා. ඒ අතර ඉදිරියෙන්ම සිටින සංවිධානයක් වන්නේ ‘මම කල් ගන්න තීරණය කළා’ යන සිංහල තේරුම ඇති සංවිධානයක්.

    මෙහි පුරෝගාමියෙකු වන ‘නෙල්සන් ජුනියර්’ දේවගැතිතුමාට අනුව රජය විසින් ආරම්භ කළ නව ව්‍යාපාරය නිසා මෙතෙක් කල් ආගමික සංවිධාන හරහා ගෙන ගිය වැඩපිළිවෙළට අලූත් වටිනාකමක් එකතු වෙලා තිබෙනවා.

    ‘ආගමික සංවිධාන, පූජකවරුන් මේ වාගේ ගැටලූ ගැන සමාජ ඉදිරියට ගොස් කතා කරන කොට බොහෝ විට අපි දිහා වපර ඇසින් තමයි බලන්නේ. ඒත් දැන් තත්ත්වය වෙනස් මේ දෙස විද්‍යාත්මකව, තර්කානුකූලව බැලීමට සමාජයට බලපෑමක් එල්ල වෙලා තිබෙනවා’ දේවගැතිතුමා කියනවා.

    නිසි වයස එළඹෙන තෙක් ලිංගික සබඳතාවලට යොමු වීමෙන් වැළකීම හුදෙක් ආගමික දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව තර්කානුකූලව, සමාජයීය හා පෞද්ගලික සුවතාවය යනාදී අංශවලින් ද ඵලදායක වූ ආරක්ෂිත පූර්වෝපායක් බවයි නෙල්සන් දේවගැතිතුමා කියන්නේ.

    ‘ආගමික නායකත්වය හරහා සමාජගත කිරීමට තැත් කරන ඕනෑම දෙයක් දිහා බ‍්‍රසීල සමාජය බලන්නේ සැකයෙන්. ඔවුන් සිතනවා අපි කියන දේවල් කාලයට ඔබින්නේ නැති යල්පැන ගිය දේවල් කියලා. ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා. රජය සහ ආගමික සංස්ථාව එක්වීම සමග මෙම ව්‍යාපාරයට තර්කානුකූලභාවයක් වගේම සුජාතභාවයකුත් ලැබිලා තියෙනවා. නිල තත්ත්වයක් ද තිබෙනවා. වැය කරන්න මුදල් හා පිරිස් බලය තිබෙනවා’ දේවගැතිතුමා විශ්වාසනීය ස්වරකින් කියනවා.

    යොවුන් පරපුරේ ප‍්‍රතිචාරය

    ‘වික්ටෝරියා මරියා ඞී ඔලිවෙයිරා සිය මව සමග

    හුඟක් පිරිමි ළමයි කොණ්ඩම් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒකට ගැහැනු ළමයිනුත් වගකියන්න ඕනෑ. මොකද තමන්ගේ පෙම්වතා උපත් පාලන කොපුවක් ළඟ තබාගෙන ඉන්නවා කියන එක එයාලා දකින්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙක් එක්ක ලිංගික සබඳතා පවත්වන්න පෙර සූදානමක් විදිහටයි. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට ඒක හේතුවක් වෙනවා’

    ආණ්ඩුව සහ ආණ්ඩුවේ වැඩ ගැන බොහෝ සමාජවල, විශේෂයෙන් තරුණ පරපුර අතර එතරම් ප‍්‍රසාදයක් නැහැ. බ‍්‍රසීලයේ තත්ත්වය ඒ සියල්ලටම වඩා වැඩියි. ඒත් යොවුන් වියේ ගැබ් ගැනීම් පාලනය කිරීමට රජය ගන්නා පියවර ගැන ඔවුන්ට ‘බරපතළ’ සැකයක් හෝ ‘විරෝධයක්’ නැති බවයි පෙනී යන්නේ.

    මේ තත්ත්වය හේතුව පහසුවෙන් වටහා ගත හැකියි.

    ‘ආගමික ඉදිරිපත් කිරීම්වලදී වගෙ නොවෙයි රජය යොවුන් පරපුරට ගෙන යන්නේ ඔවුන්ටත් අවස්ථාව දීමේ ප‍්‍රතිපත්තියක්. යොවුන් වියේදී ලිංගික සබඳතාවලින් මුළුමනින්ම ඉවත් වීම’ යන යෙදුමක් රජයේ ව්‍යාපෘතිය තුළ නැහැ. එය යොවුන් ප‍්‍රජාව අතර විශ්වාසය තහවුරු කිරීමට හේතු වී තිබෙනවා’ නෙල්සන් ජූනියර් දේවගැතිතුමා කියනවා.

    යොවුන් පරපුරේ මේ ආකල්පය ගැන අපට ප‍්‍රායෝගික උදාහරණයක් ලබාගත හැකියි. ඒ තවත් මාස කිහිපයකින් මවක් වීමට යන, යාන්තම් 20 වැනි වියට පා තබමින් සිටින ‘වික්ටෝරියා මරියා ඞී ඔලිවෙයිරා’ ගෙන්.

    බ‍්‍රසීලයේ සෙසු නව යොවුන් දැරියන් සේම යාන්තම් වසය අවුරුදු 15දී පමණ ලිංගික සබඳතා ආරම්භ කළ වික්ටෝරියා ලිංගික සබඳතා ගැන තමාට තවමත් විධිමත් දැනුමක් නැති බව පවසනවා. ඒ ඇයගේ පවුලේ වැඩිහිටි කිසිවෙක් ‘තහනම් මාතෘකා’ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවූ නිසයි. එහි ආදීන ඇයට පමණක් නොව ඇයගේ පවුලේ සෙසු අයට ද නොබෝ කලකින් අත්විඳීමට සිදු වුණා. ඒ වසය අවුරුදු 19 පසු කරමින් සිටින විට ඇය ගැබ් ගැනීම සමගයි. මේ වන විට මාස කිහිපයක දරු ගැබක් දරා සිටින ඇය කියන්නේ මෙවැනි කතාවක්.

    ‘ඇත්තම කිව්වොත් මම ගැබ්ගෙන ඇති බව දැනගත් විට දැඩි කම්පනයට පත් වුණා. ඒත් ගබ්සාවක් කිරීමට මට හිත හදා ගන්න බැහැ. ඒ නිසා මම අත්දැකීම් මතයි මේ කියන්නේ. මුළුමනින්ම ලිංගික සබඳතාවලින් වැළකී සිටීමට උපදෙස් දෙනවාට වඩා අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකෙන්නේ කෙසේද යන්න ගැන විද්‍යාත්මක දැනුමක් ලබා දෙනවාට මම කැමතියි’ වික්ටෝරියා කියයි.

    ‘කොණ්ඩම්, උපත් පාලන පෙති භාවිතය වැනි කරුණු මම සලකන්නේ ප‍්‍රායෝගික නැති දේවල් විදිහටයි. ඒ අත්දැකීමෙන්ම තමයි’ යැයි තම අත්දැකීම් ගැන කියන වික්ටෝරියා වැඩි දුරටත් කියන්නේ තව දුරටත් සිතා බැලිය යුතු යොවුන් පරපුර අතරම පවතින ප‍්‍රායෝගික කතාවක්.

    ‘හුඟක් පිරිමි ළමයි කොණ්ඩම් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒකට ගැහැනු ළමයිනුත් වගකියන්න ඕනෑ. මොකද තමන්ගේ පෙම්වතා උපත් පාලන කොපුවක් ළඟ තබාගෙන ඉන්නවා කියන එක එයාලා දකින්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙක් එක්ක ලිංගික සබඳතා පවත්වන්න පෙර සූදානමක් විදිහටයි. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට ඒක හේතුවක් වෙනවා’

    ගැබ් ගැනීම්වලින් වැළකීමට නම් ලිංගික සබඳතාවලින් වැළකෙන්නේ කෙසේද යන්න නොවෙයි කියා දිය යුත්තේ. පාසල් හරහා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි’ ඩෑනී කියයි.

    වින්නඹු මාතාවක් කියන කතාව

    ‘ඩෑනී සැම්පායෝ’

    සා ඕපෝලෝ නගරයේ දිළිඳු ජනතාව සමග කටයුතු කරමින් ඔවුන්ගේ රුචි අරුචිකම් මනාව වටහා ගෙන සිටින වින්නඹු නිලධාරිනියක මෙන්ම සමාජ ක‍්‍රියාකාරිනියක ද වන ‘ඩෑනී සැම්පායෝ’ ද දරන්නේ වික්ටෝරියාගේ මතයට සමාන මතයක්.

    ‘ගැබ් ගැනීම්වලින් වැළකීමට නම් ලිංගික සබඳතාවලින් වැළකෙන්නේ කෙසේද යන්න නොවෙයි කියා දිය යුත්තේ. පාසල් හරහා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි’ ඩෑනී කියයි.

    ලිංගික සබඳතාවලින් වැළකෙන හැටි කියන්න පෙළාපාළි ගිහින් වැඩක් නැති බව ඇය කියයි.

    ‘ලිංගික සබඳතා වර්ජනය කිරීම කියන්නේ කෙනෙකු තුළ හට ගන්නා කිසියම් විශ්වාසයක් මත පදනම් වුණ තීරණයක්. ඒක අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීමට තියෙන එක් විකල්පයක් පමණයි. සමාජය තුළ මුල්බැස ගෙන තිබෙන සම්ප‍්‍රදායික විශ්වාස විතරක් නෙමෙයි, ඇතැම් විට ආගමික විශ්වාසත් මිනිස්සු විද්‍යාත්මක කරුණු සමග පටලවා ගන්නවා. සිරුර ක‍්‍රියා කරන ආකාරය සහ ලිංගික සබඳතා පිළිබඳ විද්‍යාත්මක දැනුමකුයි අද අපි තරුණ ප‍්‍රජාවට ලබා දෙන්න ඕනෑ’ ඩෑනී අවධාරණාත්මකව කියනවා. ඒ සිය ප‍්‍රායෝගික අත්දැකීම් මත වීම විශේෂත්වයක්.

    අභියෝග මොනවාද ?

    රජය සහ ආගමික අංශ විසින් මුළු වැර යොදා ගෙන යන මෙම වැඩපිළිවෙළට බාධාකාරී වන සමාජ – ආර්ථික බාධක රැුසක් පවතින බවයි ඩෑනි කියන්නේ.

    ‘බ‍්‍රසීලය කියන්නේ අමුතුම රටක්. අපේ තියෙන්නේ ආවේගශීලී පුරුෂ කේන්ද්‍රීය සමාජයක්. ඒ තුළ කාන්තාව කියන්නේ හුදෙක් ලිංගික භාණ්ඩයක් මිස වෙන කිසිවක් නොවෙයි. මේක යොවුන් වියේ ගැබ් ගැනීම් පාලනයට තිබෙන ප‍්‍රධානතම බාධාව බව මගේ අත්දැකීමයි’

    මේ අතර ලංකාවේ මැදගොඩ අභයතිස්ස හිමි වැනි පාර්ශ්ව ද බ‍්‍රසීලයේ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සිටින බව ඩෑනී කියයි.

    ‘ලිංගික අධ්‍යාපනය නිසා ලිංගික ක‍්‍රියාකාරකම් කෙරෙහි තරුණ පරපුර තුළ පෙර පැවතියාට වඩා වැඩි උනන්දුවක් හෝ නැඹුරුවක් ඇතිවිය හැකියි කියලා තර්ක කරන කණ්ඩායම් අපි අතර බහුලව සිටිනවා. සමාජය තුළ ‘අනවශ්‍ය භීතියක්’ වපුරන මෙවැනි පිරිස් තමයි බලවත්ම බාධකය වන්නේ’ ඇය කියනවා.

    ‘අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. අප ගත් තීරණය යළි ආ පසු හැරවීමට අපි කිසි විටක සූදානම් නැහැ’ බ‍්‍රසීල කාන්තා කටයුතු ඇමතිනිය අවධාරණාත්මකව කියනවා.

    දැන් අපි ලංකාව ගැන සිතමු…

    Text and pictures by BBC.COM – සටහන : තුෂාර වල්ගම

  • උදයංග වීරතුංග රිමාන්ඩ්

    උදයංග වීරතුංග රිමාන්ඩ්

    රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.

    මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

    මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි නිසයි උදයංග වීරතුංග මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදු වුණේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාල සඳහන් කළේ අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුවන බවයි.

  • COVID 19:අලුත්ම යාවත්කාලීන කිරීම

    COVID 19:අලුත්ම යාවත්කාලීන කිරීම

    නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 පැතිරීමේ කේන්ද්‍රයේ පිහිටි හුබෙයි පළාතෙහි ඉහළ දේශපාලන නායකත්වය චීන මධ්‍යම රජය විසින් අද (13) ඉවත් කරන ලද අතර මේ වන විට මරණ සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් තිබේ.

    චීන රජයට අනුව අද දින වන විට චීනය පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට අවම වශයෙන් රටවල් 25ක් පමණ රෝගීන් තහවුරු කර ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන් හුබෙයි වලින් ඉවත් කර ඇත. මේ අතර වෛරසය හේතුවෙන් මේ දක්වා චීනයෙන් පිටත මරණ තුනක් ඇති අතර ඒ හොංකොං, පිලිපීනය සහ ජපානයයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය ලෝකයට ‘බරපතල තර්ජනයක්’ “grave threat” ඇති බවට අනතුරු අඟවා ඇති අතර එහි ප්‍රධානී ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රෙයිසස් hief Tedros Adhanom Ghebreyesus කියා සිටියේ වෛරසය ‘ඕනෑම ත්‍රස්ත ක්‍රියාමාර්ගයකට වඩා ප්‍රබල ප්‍රතිවිපාක’ ඇති කළ හැකි බවයි.

    නවතම යාවත්කාලීන කිරීම් මෙන්න.

    පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා දින වන විට COVID 19 කොරෝනා වයිරස් ව්‍යාප්තියේ / ‘ගමන් පථයේ’ විශාල වෙනසක් සිදු වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා චීනයේ වෛරස් රෝගීන් 14,000ක් ඉහළ යාම නව ගණන් කිරීමේ ක්‍රමවේදයන්හි ප‍්‍රතිඵලයක් බවත් එය පුපුරා යාමේ විශාල වෙනසක් නියෝජනය නොකරන බවත්ය.

    ‘පසුගිය පැය 24 තුළ ඔබ සැවොම දැක ඇති මෙම වැඩිවීම බොහෝ දුරට සිදුවීම් වාර්තා වන ආකාරයෙහි වෙනසක් දක්වා අඩු වී තිබෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී මයිකල් රයන් Michael Ryan, head of WHO’s health emergencies programme,  වාර්තාකරුවන්ට පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර දූත මෙහෙවරක සාමාජිකයින් සති අන්තයේ චීනයට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රයන් පැවසීය.

  • ‘වැඩ බැරි ඇමතිලා’ මාස 30න් පසු පන්නන බව ඇමැති බන්දුල කියයි

    ‘වැඩ බැරි ඇමතිලා’ මාස 30න් පසු පන්නන බව ඇමැති බන්දුල කියයි

    ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13* පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දක්‍ෂතා නොදක්වන ඇමතිවරුන් වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු එවන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවයි.

    මෙහිදී සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ගැන ද සදහන් කළ අමාත්‍යවරයා, සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කරන අයට ද එම ආයතතන වසරක් තුළ ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හෝ ආයතනය පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනඒමට නොහැකි වුවහොත් තනතුරු වෙනස් කරන බවට උපදෙස් දී ඇති නිසා අමාත්‍යවරුන් සම්බන්ධවත් එවන් ක්‍රමවේදයත් අනුගමනය කිරීම සුදුසු බව ද කීවේය.

    දක්‍ෂතා නොදක්වන්නන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යා හැක්කේ දක්‍ෂයන්ට පමණක් බව සදහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආයතනවල සභාපතිවරුන් පත්කරන කමිටුව පත්වීම් ලබාදෙන්නේ සාධක ගණනාවක් සළකා බැලීමෙන් පසුව බව ද කීවේය.

    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුව සියලු දෙනාම එක් නීතියක් යටතේ වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව කී ඇමතිවරයා එය ඇමතිවරුන්ටද අදාළ විය යුතු බව කියා සිටියේය.

  • වෝහාරික විගණනය ඇමණුම් පිටු  10,000ක්

    වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000ක්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී.

    එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති  මහතා ප්‍රකාශ කළේය.

    වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබදව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

    එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවද සභාපතිවරයා පැවසුවේය.

     කෙසේ නමුත් මේ වනවිට  එස්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්  යුත් රජයේ මුදල් කාරක සභාවේ මේ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවද හඳුන්නෙත්ති මහතා කීවේය.

  • ඩොලර් මිලියන 100ක් රැක ගන්න PB ගේ ‘ටිකිරි මොලේ’

    ඩොලර් මිලියන 100ක් රැක ගන්න PB ගේ ‘ටිකිරි මොලේ’

    වෙළෙදපොළේ සහල් මිල ඉහළ ගියත් සහල් ආනයනය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් රජයේ එම තීරණය නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පෙන්වා දී ඇති ජයසුන්දර මහතා මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

  • අභීත නිලධාරිනියක් සහ අමන දේශපාළුවෙක් ගැන ‘සංවේදී කතාවක්’

    අභීත නිලධාරිනියක් සහ අමන දේශපාළුවෙක් ගැන ‘සංවේදී කතාවක්’

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් “මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනිය, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

    සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අදාළ නිලධාරිනියගේ ක්‍රියාව අගය කරමින් අදහස් පළ කර තිබිණි.

    වන සංරක්ෂණ නිලධාරිනිය
    වන සංරක්ෂණ නිලධාරිනිය

    දේවානි ජයතිලක නමැති එම නිලධාරිනිය ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස සේවය කරන්නීය. ඇය එම තනතුරට පත්ව ඇත්තේ, මීට වසර 3කට පමණ පෙරය.

    සිදුවූයේ කුමක් ද?

    මීගමුව ආශ්‍රිතව ක්‍රියාත්මක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සඳුදා (පෙබරවාරි 10) වන දා රැස්වීමක් කැඳවා තිබිණි.

    එම රැස්වීමට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරත් කුමාර ගුණරත්න ද සහභාගි වී සිටියහ.

    "කොන්ද පණ ඇති රාජ්‍ය නිලධාරිණිය"

    මෙහිදී දිසා වන නිලධාරිනිය පැහැදිලි කළේ, “මේ වන විට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනව ඒෂියන් චැම්පියන් වෙන්න කඩොලානවලින්. කඩොලාන භූමි අපට තව මදි හෙක්ටයාර් 10000ක්. ඊට අමතරව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ම අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ,” යනුවෙනි.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ, “මම ඉන්න ස්ථාවරය අපි ඉන්නෙ බොහොම පුංචි දූපතක. මේක ලෝකෙ අනික් රටවල් එක්ක ගත්ත ම අපි බොහොම පුංචි රටක්. එක පැත්තකින් වන සංරක්ෂණය, අනික් පැත්තෙන් වනජීවීන්, අනික් පැත්තෙන් වෙරළ සංරක්ෂණය. මේ කියන සේරම නීති පස්සෙ ගියා ම මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැතුව යනව. ඒ නිසා ඔබතුමියත් නම්‍යශීලී වෙලා මේක බේරගම්මු කියන එකයි මගේ අදහස,” යනුවෙනි.

    “ඔක්සිජන්”

    “මේක පැහැදිලිව ම රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් නිදහස් කරන්න බැහැ. ගම්පහ තමයි අඩු ම වනගහනය 1.6%යි.” යැයි කී ඇය “මේ වෙනකොට අන්න බෙදනව ඉඩම් කච්චේරි තිය තිය. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ?” යැයි ප්‍රශ්න කළාය.

    එහිදී එම රැස්වීමට සහභාගි වී සිටි අයෙකු ප්‍රකාශ කළේ, “මැඩම් ඔක්සිජන් තිබිල වැඩක් නෑ, ළමයි කුඩු ගංජා ගහනවා,” යනුවෙනි.

    ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “ඔක්සිජන් ඕන නෑ කියන මිනිස්සු ගැන ඔබ තුමා හිතල බලන්න. සයන්ටිෆික් ඩිසිෂන් එකක් ගන්නව ද? ගමේ ගොඩේ මිනිස්සුන්ට ඕන විදිහට වැඩ කරන්න ඕන නම් මෙච්චර ඉගෙනගෙන අපි මේ තනතුරුවලට එන්න ඕන නෑ. ඒකයි මගේ ස්ථාවරය,” යනුවෙනි.

    මෙහිදී ඇය දැඩිව කියා සිටියේ, “නීතියට පිටින් වැඩ කළ නොහැකි,” බවය.

    දෙපාර්ශවයේ ප්‍රතිචාර

    දේවානි ජයතිලක

    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවේ, “මෙය රුපියල් ලක්ෂ 10000ක මහා පරිමාණ ව්‍යාපෘතියක්. කලපුවේ ගැඹුර වැඩි කිරීම, මාර්ග සංවර්ධනය වගේ වැඩ ගොඩක් තියෙනවා මේ ව්‍යාපෘතිය යටතේ,” යනුවෙනි.

    “මේ ව්‍යාපෘතියෙන් අවුරුදු 7ක් තිස්සේ තව ම රුපියල් ලක්ෂ 3000ක් විතරයි පාවිච්චි කරල තියෙන්නේ. තවත් රුපියල් ලක්ෂ 7000ක මහා පරිමාණ ව්‍යාපෘතියක් මේක. එක නිලධාරිනියකගේ ලියුමක් නැති නිසා මේක නතර වෙලා තියෙනවා. සමහර හිතුවක්කාර නිලධාරීන්ගේ කකුලෙන් ඇදීම් නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ.”

    “යම් පරිසර හානියක් වෙන්න පුළුවන් මේ හරහා. ඒත් එක සිද්ධියක් මුල් කරගෙන මහා පරිමාණ ව්‍යාපෘතියක් නතර කරන්න බැහැ. අපි කරන්න පුළුවන් දේවල් ඉදිරියට කරගෙන යනවා,” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත්, ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ, “අදාළ භූමිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති,” බවය.

    “ගම්පහ දිස්ත්‍රික්කයේ වනගහනය අවම මට්ටමක තියෙන්නේ. ඒ නිසා කඩොලාන ඇතුළු වනාන්තර පද්ධති ආරක්ෂා කර ගත යුතුයි.”

    පරිසරවේදීන්ගේ ප්‍රතිචාරය

    “මම දකින විදිහට මෙතන වැරදි දෙකක් සිද්ධ වෙනවා. එකක් වටිනා පරිසර පද්ධතියකට හානි කිරීමට උත්සහ කිරීම. දෙවෙනි එක එක් නිලධාරිනියක් වට කරගෙන ඇයව යටපත් කරන්න දරන උත්සහය,” පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

    පරිසරවේදී නයනක රන්වැල්ල
    පරිසරවේදී නයනක රන්වැල්ල

    “ලෝකයේ පරිසර පද්ධතිවලින් හොද ම පරිසර පද්ධතිය විදිහට මේ වෙනකොට පිළිඅරගෙන තියෙන්නේ තෙත්බිම් පරිසර පද්ධති. කඩොලාන පරිසර පද්ධතිය අයත් වෙන්නේ තෙත්බිම් පරිසර පද්ධති යටතට. ඒ වගේ වටිනා පරිසර පද්ධතියකට හානි කරන්න අමාත්‍යවරයෙකු අනුබල දීම කණගාටුවට කරුණක්.”

    “දශක 7ක් තිස්සේ ලංකාවේ මිනිස්සු මේ විදිහට වැඩ කරපු නිසා තමයි මේ රටට මේ තත්ත්වය උදා වුණේ. ඇමතිවරයාට කරන්න තිබුණේ පරිසරය වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනියට එරෙහි වීම වෙනුවට ඇය වෙනුවෙන් පෙනී සිටින එකයි. ඒත් ඔහු ඔක්සිජන් ඕන නෑ කියන මිනිසුන්ගේ මතය නියෝජනය කිරීම ගැන හරි ම කනගාටුයි,” පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.

    Text copied by bbc ශීර්ෂපාඨය වෙනස්කර ඇත.

  • දකුණට ‘අලුත් මාරයෙක්’

    දකුණට ‘අලුත් මාරයෙක්’

    2019 වසරේදී විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ 2019 විදුලි සැර වැදීම් මරණ වාර්තාව හෙලි කරනවා. 2018 වසරට සාපේක්ෂව එය සියයට 16ක වැඩවීමක්. මෙලෙස විදුලි සැර වැදීම් මරණ ඉහල යාම පාලනය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ආරක්ෂාව පිළිබද විශේෂ වැඩසටහන් මේ වසරේදී ක්‍රියාවට නගා තිබේ.

    2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර, අඩුම මරණ සංඛ්‍යාවක බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. එම පළාත් වලින් වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව පිළිවලින් 30ක් හා 03 කි. පසුගිය වසර 5ක කාලය තුලදී ද මෙරට වැඩිම විදුලි සැර වැදීම්  මරණ දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.. එම මරණ සංඛ්‍යාව 97කි.

    වගා ආරක්ෂාවට සහ වන සතුන් දඩයම සදහා අනවසර විදුලි රැහැන් ඇදීම විදුලි සැර වැදීම් මරණ සිදුවීමට බලපා ඇති ප්‍රධානතම හේතකි. , නිවසේ/රැකියා ස්ථානයේ අනාරක්ෂිත විදුලි ඇළුත්වැඩියා කටයුතු, විදුලි රැහැන් ආසන්නේ සිදුකරන අනාරක්ෂිත කටයුතුද විදුලි මරණ සඳහා හේතු වී තිබේ. 2019 සංඛ්‍යා අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත්තේ පුරුෂ පක්ෂයයි. එය සියයට 88ක ප්‍රතිශතයකි. වයස් කාණ්ඩය අනුව  අවුරුදු 40 සහ 50 අතර පසුවන්නන් වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත.

    විදුලි සැර වැදීම් මරණ සම්බන්ධයෙන් වන අන්තර්ජාතික මිනුම් දණ්ඩට අනුව වසරක් තුලදී ජනගහනයෙන් මිලියන 01 කට විදුලි මරණ සිදු විය හැක්කේ 01 ක් පමණි. 2019 දී ශ්‍රී ලංකාවේ එම දර්ශකයේ අගය 05 ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂිත විදුලි භාවිතය ප්‍රවර්ධනය සදහා විවිධ රෙගුලාසි සහ නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාවට නගා ඇත.  ඒ හේතුවෙන් 2012 වසරේදී 180ක්ව පැවති විදුලි සැර වැදීම් මරණ ආසන්න වශයෙන් 100ක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇත. ජාත්‍යන්තර මට්ටම දක්වා විදුලි සැර වැදීම් මරණ අඩුකිරීම සදහා විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් නව නියාමන පියවර මෙම වසරේදී ක්‍රියාවට නගනු ඇත.

  • 92 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොලිවුඩ් සුපිරි තරු හැඩකළ ‘සුපිරි විලාසිතා’

    92 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොලිවුඩ් සුපිරි තරු හැඩකළ ‘සුපිරි විලාසිතා’

    2 වන ඇකඩමි සම්මාන උළෙලේදී (ඔස්කාර්) විනෝදාස්වාදයේ ඉහළම ගෞරවය ලබා ගැනීම සඳහා සුපිරි තරු පරිපූර්ණ කළු පැහැති ඇඳුමින් සැරසී සිටියහ. නමුත් රාත්‍රිය සඳහා හොඳම පෙනුම දැකගත හැක්කේ පසු-සාදයයි. ප්‍රධාන උත්සවයෙන් පසු හොළිවුඩයේ ප්‍රියතම තරු බොහෝ දෙනෙක් සිය නැවුම් විලාසිතා සමග පින්තූර ගත් ආකාරය සැබවින්ම ආකර්ෂණීයයි. මේ උළෙලේ හොඳම ඇඳුමින් සැරසුණු සුපිරි තරුවල සුපිරි විලාසිතා එකතුවයි.


    Paris Jackson පැරිස් ජැක්සන්

    Billy Porter බිලී පෝටර්

    Kate Beckinsale කේට් බෙකින්සාලේ

    Ciara සියරා

    Freida Pinto ෆ්‍රීඩා පින්ටෝ

    Lili Reinhart ලිලී රයින්හාර්ට්

    Kylie Jenner කයිලි ජෙනර්

    Kim Kardashian කිම් කාර්ඩාෂියන්
    Cami Mendes කැමී මෙන්ඩිස්
    Emma Roberts එමා රොබට්ස්
    Hailey Bieber හේලී බීබර්
    Kerry Washington කෙරී වොෂිංටන්

    Crissy Teigen ක්‍රිස්සි ටීජන්

    BY : FEMINA.IN

  • ඉන්ටනෙට් Money & Marketing දෙකම එකට දෙන ලංකාවේ පළමු සහ එකම සමාගම!

    ඉන්ටනෙට් Money & Marketing දෙකම එකට දෙන ලංකාවේ පළමු සහ එකම සමාගම!

    ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි.

    අද මේ මොහොත වන විට ලොව අන්තර් ජාලය භාවිතා කරන පිරිස (Internet Users) 4,470,094,000 ඉක්මවා ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහණයෙන් 57%කට වැඩි ප්‍රතිශතයකි. 2016 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස 6,087,164 කි. එය ප්‍රතිශතාත්මක අගයක් ලෙස ගත් කළ 29.3%කි. මෙය ගත වන සෑම තත්පර 37කට වරක්ම ඉහළ යමින් පවතී.

    මෙලෙස ලොව සෑම තත්පරයකටත් අඩු කාල සීමාවකදී ඉහළ යමින් පවතින අන්තර්ජාල පරිශීලීකයින් (Users) භාවිතා කරන්නේ අන්තර්ජාලයේ ඇති ඉඩ (ඉඩම්) හෙවත් වෙබ් අවකාශය(space) යි. මෙය අප නොදන්නා කෙනෙකුට පැහැදිලි කිරීමට සරල උපමාවකින් කියනවා නම් අන්තර්ජාල අවකාශය (ඉඩ ) මහ පොළවේ ඇති ඉඩම්වලට ආදේශ කළ හැකි වුවත් මහපොලොවේ සහ අන්තර්ජාලයේ ඉඩ අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනස් තත්වයකි.

    මුදල් ඉපයීමේ ඇති හැකියාවත් අසිමීතය

    එසේම ව්‍යාපාරික වශයෙන් ගත් කළ අන්තර්ජාලයේ නිසි ලෙස ආයෝජනය කළ වෙබ් අවකාශයක (ඉඩ ප්‍රමාණයක) ඇති වටිනාකමත් ඉන් මුදල් ඉපයීමේ ඇති හැකියාවත් අසිමීතය. එය පොලොවේ ඇති ඉඩම් මිලට වඩා සිය දහස් ගුණයකින් ඉහළ යයි. අද ලොව දැවැන්තම අන්තර්ජාල ව්‍යාපාර වන ගූගල්, ෆේස්බුක් වැනි බිලියන, ත්‍රිලියන ගණන් ආදායම් වාර්තා තබන ව්‍යාපාරවල සාමාන්‍ය පුද්ගලයෙකු එතරම් නොපෙනෙන මූලික පදනම සහ උපයා මාර්ගය මෙයයි.

    වෙබ් අඩවි නාමයකට යටත් කළ වෙබ් අඩවි අවකාශකය (ඉඩක)වටිනා කම තීරණය වන මූලිකම මිනුම් දණ්ඩ වන්නේ එය වෙබ් අවකාශයට ඇතුල්වන සහ එය භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයයි. මෙය අප තොරතුරු තාක්ෂණයට අනූව හදුන්වන්නේ වෙබ් ටැෆික් ලෙසයි.

    අද ගූගල් සහ ෆේස්බුක් ලොව වටිනාකමින් ඉහළම වෙබ් අඩවි සහ ව්‍යාපාර දෙක බවට පත්ව ඇත්තේ මේ නිසාය. මෙම සමාගම්වල මූලිකම සහ ප්‍රධානම ආදායම් මාර්ගය තම වෙබ් අවකාශය “වෙළඳ දැන්වීම් අවකාශයක්” ලෙස ව්‍යාපාර හෝ යම් අලෙවියක්, ප්‍රචාරණයක් බලාපොරොත්තු වන සහ අවශ්‍ය පිරිස් වෙත විකිණීමයි. ඊට අදාළ වෙළඳපොළ ලෙස ඔවුන් පෙන්වන්නේ තම වෙබ් අවකාශය භාවිතා කරන පරිශීලකයින් (users) ප්‍රමාණයයි. ඔවුන් තම වෙබ් අවකාශය තුළ ලබාදෙන එම ඉඩ ප්‍රමාණය වෙබ් අවකාශ නීර්ණයන්ට අදාළව පික්සල්(pixels) වලින් (මීටර්, සෙන්ටිමීටර් වැනි මිනුම් ක්‍රමයක්) ලබාදෙයි.

    යළිත් යළිත් විකුණා අසිමිතව මුදල් ඉපයීමේ අවස්ථාවක්

    මෙය අප සරල ව්‍යාපාරික භාෂාවෙන් පැහැදිලි කර දෙනවා නම් මෙසේ කිව හැක. ඔබ කෙතරම් හොඳ පහසුකම් වලින් සමන්විත සුපිරි වෙළඳ සැලක් නිර්මාණය කළද එයට භාණ්ඩ අලෙවි කරුවන් සහ පාරිභෝගිකයින් නොපැමිනෙන්නම් වැඩක් නැත. එසේම අලෙවිකරුවන් පැමිණ භාණ්ඩ අලෙවි කිරීමට සැරසුනද ඊට පාරිභෝගිකයින් නොපැමිණෙන්නේ නම් ඒත් වැඩක් නැත. අද වෙබ් අවකාශය තුළ ව්‍යාපාරකරණයේ ඇති අභියෝගය සහ වැදගත්ම කාරණය මෙයයි.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ විකිණීම සඳහා වෙළඳ දැන්වීම් පලකිරීමට ලුහුඬු වෙළඳ දැන්වීම් වෙබ් අඩවි ඇතුලු ව්‍යාපාරික වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් බිහි වී ඇත. එහෙත් ඒ කිසිඳු වෙබ් අවකාශයක ඇති දැන්වීම් ප්‍රචාරණ අවකාශය (ඉඩ ) තමන්ට යළිත් යළිත් විකුණා අසිමිතව මුදල් ඉපයීමේ අවස්ථාවක් මෙම කිසිඳු වෙබ් අඩවි ව්‍යාපාරයක නොමැත. එසේම ඔබේ දැන්වීම නරඹන ස්ථිර පාරිභෝගිකයින් පිරිසක් මේ කිසිවක නැත.

    I.C.A.N. Advertising පුද්ගලික සමාගම

    එපමණක් නොව ඔබ මුදල්වලට ලබාගෙන අන්තර්ජාලයේ ගෙවා දමන ඩේටා (හුවමාරු වන දත්ත ) වලට වටිනාකමක්, මුදලක් ලැබෙන ක්‍රමයක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ තිබුණේ නැත. එහෙත් මෙම සියලු තාක්ෂණික සහ ව්‍යාපාරික අභියෝග ජයගනිමින් ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එකම තැනක එකලෙස තමා ගනුදෙනු කරමින් වැඩි ලාභයක් රිසිදේ ඉපයිය හැකි වෙබ් අවකාශයක් නිර්මාණය කොට හඳුන්වා දීමට I.C.A.N Holdings සමාගම යටතේ ඇති ආයතනයක් වන I.C.A.N. Advertising පුද්ගලික සමාගම සමත්ව ඇත. ඔවුන් වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ තම වෙබ් දැන්වීම් අවකාශය ගනුදෙනුකරුවන් 50,000කට ආසන්න පිරිසකට අලෙවිකොට ඔවුන්ට රිසි දේ මුදල් ඉපයීමේ ඉඩකඩ විවර කොට ඇත. ඒ එම සමාගමට අයත් www.bannercuts.com “බැනර් කට්ස් ඩොට් කොම්”වෙබ් අඩවිය හරහායි.

    මෙහි ඇති වෙන අන්කවර තැනකවත් නැති සුවිශේෂීම වැදගත් කරුණනම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ඉඩක් ලබාගනිමින් පුද්ගලයෙකු තම භාණ්ඩ හෝ සේවා දැන්වීම් තුලින් අලෙවිකරණයේ යෙදෙන අතරේ ඔහුට හෝ ඇයට අන් අය පළ කරන වෙළඳ දැන්වීම් නැරඹුවහොත් තව තවත් අමතරව මුදල් ඉපයීමට ඇති හැකියාවයි. එය පුද්ගලයෙකු විසින් ඔවුන්ගෙන් මිලදී ගන්නා වෙබ් දැන්වීම් පළකිරීමට ගන්නා අවකාශයේ ප්‍රමාණය මත තීරණයවේ.

    ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක්

    මේ වන විට ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක් සිටින මෙම සමාගමේ වෙබ් දැන්වීම් අවකාශය තුළ පළකරන වෙළද දැන්වීම් සතියකට මිලියන 21ක් නරඹන බවට එම සමාගමේ සංඛ්‍යාලේඛන හෙළිකරයි. මෙයට බොහෝ දෙනා නොදන්නා කමටත්, පහසුවටත් යල් පැන ගිය “ඇඩ් ක්ලික්” ආකල්පය ආදේශ කිරීමට උත්සහ කළද මෙහි නිවැරදි සහ පරිඝණක තාක්ෂණික අර්ථ කථනය මෙයයි.

    සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයෙන් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා නම් මෙම සමාගම තම වෙබ් අවකාශය තුළ සිදුකරන්නේ “සුපිරි වෙළඳ සංකීර්ණයක වෙළඳ කුටියක් ඔබට වසරකට බදුදෙනවා හා සමාන දෙයකි. ඔබ ඔවුන්ගේ එසේ මිලදී ගන්නා වෙළඳ කුටිය තුළ ඔබට ඔබේම නිෂ්පාදනත්, වෙනත් අයගේ නිෂ්පාදනත් පිටින් ගෙන අලෙවි කර හැක.

    එසේම මේ වන විට ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩ ප්‍රමාණයකට සුපිරි වෙළඳ සැල් වලින් ඔවුන්ගේ සාමාජික කාඩ්පත්වලට “පොයින්ට්ස්” එකතු කර එම පොයින්ට්ද අවසානයේ ඔබට මුදල් කරගත හැකි අයුරු ඔබට මෙහිදී ඔබ ඔබේ ඩේටා වැයකොට නරඹන දැන්වීම් වෙනුවෙන් ඔබට එකතු වන පොයින්ට්ස් කල් පිරුණු පිට මුදල් කර ලබාගත හැක. මෙම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රමය මෙතෙක් ශ්‍රී ලංකාවට වෙනත් කිසිඳු සමාගමක් විසින් හඳුන්වා දී නොමැති අතර මේ වන විට මෙය හඳුන්වා දී ඇති ප්‍රථම සහ එකම සමාගම වන්නේ  I.C.A.N Holdings සමාගම යටතේ ඇති  I.C.A.N. Advertising පෞද්ගලික සමාගමයි.

    නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් යන පාර්ශව තුනට එකම තැනකදී

    ලොව නවීනම ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමය තුළ නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් යන පාර්ශව තුනට එකම තැනකදී එක ලෙස වාසි සහ ලාභ ලැබිය ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකීය සමාගමකට හැකියාව ලැබීමත් එය නියාමන ව්‍යාපෘතියක සිට ව්‍යාපාරයක් දක්වා වර්ධනය කොට වසර 5කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් පවත්වාගෙන යමින් ව්‍යාපාරික සහ පාරිභෝගික යන පාර්ශව දෙකේම ජනතාවට ශක්තියක් වීමත් සමාජ මෙහෙවරකි.

    එසේම අන්තර්ජාලය පදනම් කොටගත් මෙවැනි නව්‍ය ව්‍යාපාර තුළින් මෙරටින් පිටරටට ප්‍රචාරණයන් සඳහා ගලාගන විදේශ විනිමය ඉතිරි කරන අතර මතුදිනෙක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ ඔසවා තැබීමට ඉවහල් වනු නොඅනුමානය.   

  • ‘විමල් කෝටි 100ක් සූදානම් කරගන්න’ – රිෂාඩ් බදුර්දීන්

    ‘විමල් කෝටි 100ක් සූදානම් කරගන්න’ – රිෂාඩ් බදුර්දීන්

    තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතාට අභියෝග කළේය.

    අද (11) කොළඹ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අභියෝගය කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් මහතා, ‘ඔප්පු කොපි සිය ගණනක් ක්‍ෂෘ යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. ක්‍ෂෘ පරීක්ෂණයක් තිබෙනවා නම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද ? එහෙම නැත්නම් ක්‍ෂෘ එක්ක හොර සබඳතාවක් තිබෙනවාද ? මම එතුමාට අභියෝග කරනවා ක්‍ෂෘ දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ.

    ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා.
    මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ.

    මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්\ දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ.

    එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා’

  • ‘සැලා කන්න ආ’ නව අධ්‍යක්ෂ ජනරාල් ගැන හෙළිදරව්වක්

    ‘සැලා කන්න ආ’ නව අධ්‍යක්ෂ ජනරාල් ගැන හෙළිදරව්වක්

    ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගලගේ අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

    එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක් හරහා මෙකී චෝදනාව ඉදිරිපත් කරන අතර මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ද අවධානයට යොමුකර තිබෙනවා.

    එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා.

    ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාව වන්නේ  1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදායි.ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික,තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය ‍සේවා ව පවත්වාගෙන යාම කරගෙන යනු ලබයි.

    විවිධ රජයන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට සේවක වැටුප් ගෙවා ගැනීමට පවා බැරි තත්වයකට වැටී ඇත්තේ අප රට පාලනය කල පාලකයින්ගේ වරදින්ම බව නොකියා බැරිය. මක්නිසාද යත් වර්තමානයේදී ද පාලකයින් විසින් නිසි සොයා බැලීමකින් තොරව  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත්කරන ලද නිළධාරීන් විසින් ජනතාවගේ දේපලක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කාබාසිනියා කරමින් සිටින නිසාය.

    වර්තමාන රජය බලයට පත් වූ විගස ජනාධිපතිවරයා පැවැසූවේ රාජ්‍ය ආයතන නිසි ලෙස කළමනාකරණය කල හැකි පුද්ගලයින් රාජ්‍ය සංස්ථා සදහා පත් කරන බවයි. එහෙත් අද වන විට වර්තමාන රජය විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සදහා සුදුසුකම් නොමැතිව (පරිපාලනය සදහා) පත් කරන ලද අධ්‍යක්ෂක ජනරාල්වරයා වන අජිත් නාරගල නැමැත්තා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ධනය තම සුඛවිහරණය සදහා භාවිතා කරමින් සිටී.

    ඒ සදහා වන කදිම උදාහරණ අප සතු අතර එයින් කිහිපයක් හුදීජනයාගේ පහන් සංවේගය සදහා සටහන් කරමු.

    01.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නාන කාමරය සදහා උණු වතුර හීටරයක් සවි කර ගැනීම.  

    02. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව වාහන තිබියදී ඒවා තමන්ට නොගැලපෙන බව පවසමින්  වෙනත් අමාත්‍යාංශයකින් ලබා ගත් ජීප් රථය සදහා රුපියල් 89,000.00 කට ආසන්න මුදලකට ගුවන් විදුලි යන්ත්‍රයක්  මිලදී ගෙන සවි කිරීම. එම මිලදී ගැනීම නීති විරෝධී බව නිළධාරීන් පැවැසූවද තමන් රාජපක්ෂවරුන්ගෙන් පැමිණ ඇති බව එම නිළිධාරීන්ට පැවැසූ බව එහි සේවකයින් පවසයි.

    03. ආයතනයේ සුලු මුදල් වලින් තමන්ගේ ආහාරපාන ලබා ගැනීම. දවල් ආහාර බනානා ලීෆ් අවන්හලෙන් ද  දෙලුම් ජූස් හා අඔ ජූස් ජාවත්ත පිහිටි සී.අයි.සී අවන්හලෙන් ලබා ගන්නා අතර   බම්බලපිටියේ එළයිට් අවන්හලෙන්ද ආහාර ලබා ගනී

    04.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාමරයේ වායු සමනයකරන යන්ත්‍රයක්  තිබියදී නව වායු සමන යන්ත්‍රයක් සවිකිරීමට නියෝග කිරීම.

    05.කාර්යාල වේලාවේදී කාර්යාලය තුළ රැදී නොසිට කාර්යාල වේලාවෙන් පසුව කාන්තාවන් තමන්ගේ රාජකාරී සදහා රදවා ගැනීම.

    06. තමන්ගේ කාරමරය නිරතුරුවම පළතුරු සුවදින් තබා ගන්නා ලෙස සේවකයින්ට උපදෙස් ලබා දී ආයතනයේ සුලු මුදල් වලින් පළතුරු මිලදී ගැනීම.

    07. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාල නොමැති විදේශ සංචාරයක් සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් රුපියල් 60,000.00 කට ආසන්න මුදලක් ලබා ගැනීම.

    වෙනත් ආයතන වල එනම් ජාතික තරුණ සේවා සභාවේ ඔහු සේවය කරද්දී ඔහු වෙත එල්ල වූ චෝදනා රැසක් අප සතුව ඇති අතර ඒ අතර කාන්තා හිංසනද වේ. එම කාන්තා හිංසනය සම්බන්ධයෙන්  ජාතික තරුණසේවා සභාවේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ටද ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත යාමට සිදුව තිබේ.

    මෙරට ජීවත් වූ සමහර අමාත්‍යවරු  තම ගෙදර තිබෙන බඩු භාණ්ඩ පවා තම ආයතනයට රැගෙන විත් ඇති බව අප අසා ඇත. එසේ තිබියදී මෙරට ආර්ථික විද්‍යාව පිළිබද ඔස්තාර්වරයෙකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයාද වන හා ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලද පුද්ගලයා තම නාන කාමරය සදහා උණුවතුර හීටරයක් සවිකිරීම හා වෙනත් ක්‍රියා සිදුකිරීම බන්ධුල ගුණවර්ධන අප ගුරුතුමා ආර්ථික විද්‍යාවේදී අපට කියා දුන් ආවස්ථික පිරිවැය න්‍යාය එනම් හිග සම්පත් විකල්ප අරමුණු අතර බෙදා හැරීමේදී එක් අවස්ථාවක් තෝරා ගත් විට එම අවස්ථාව වෙනුවෙන් කැපකරන ඊලග හොදම අවස්ථාව අනුව නිවරැදිද? යන්න අප ගුරතුමාගෙන් විමසමු. තවද අප එතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දී නැවත වරක් ජනතාවට මාසයක් කෑමට රුපියල් 2500 ක් ඇති බව ප්‍රකාශ නොකරන ලෙසයි. අප සංවිධානය ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.

    ජනාධිපතිතුමනි,

    වහාම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පිළිබදව වහා සොයා බලන්න.

  • රැකියා නැති උපාධිධාරීන් ‘ගෝඨගේ රැකියාවලින් හලන’ කොන්දේසියක්

    රැකියා නැති උපාධිධාරීන් ‘ගෝඨගේ රැකියාවලින් හලන’ කොන්දේසියක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී  සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමාවක්  2019-12-31 දිනට සම්පූර්ණ කර ඇති සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිය.

    ඒ අනුව 2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුල (උපාධිය ලබාගත් දින සිට) රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැක.

  • ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

    ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

    ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡන්ද පදමක් නැති බවයි.

    ‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත ඡන්ද ප‍්‍රතිශතය අනුව අද ගණනය කිරීම විහිළුවක්. එදා ජනාධිපතිවරයාට යම් ජනප‍්‍රසාදයක් තිබුණා. ඡන්ද පදනමක් තිබුණා. ඒ වගේම එජාපය ගැන කළකිරීමට පත්ව සිටි එක්සත් ජාතික පාක්ෂියන් පවා එදා ජනපතිවරයා ගැන තිබූ විශ්වාසයෙන් ශ‍්‍රීලනිපයට ඡන්දය දුන්නා. විශේෂයෙන් සුළුජාතීන, මුස්ලිම් ජනතාව. උදාහරණයක් විදිහට බියගම ප‍්‍රාදේශීය සභාවේ මල්වාන ඡන්ද කොට්ඨාශය ජයග‍්‍රහණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එය සියයට සියයක් මුස්ලිම් ජනතාවක් ජීවත් වන ප‍්‍රදේශයක්. ශ‍්‍රීලමුකෝ සහාය එජාපයට ලැබුණත් ඔවුන්ට එය ජයග‍්‍රහණය කළ නොහැකි වුණා.

    මේ වගේ තත්ත්වයක් රටපුරාම තිබුණා. පොළොන්නරුවේ ලංකාපුර වාගේ තැන්වල එය සිදු වුණා. ඒත් මෛත‍්‍රීපාල සිිරිසේන මහතාට ඊට පසුව තම ජනප‍්‍රියභාවය රැක ගන්න බැරි වුණා. පාස්කු ප‍්‍රහාරය ඔහුව දේශපාලනිකව අනාථ කළා. ඒ නිසා අද ඔහුට ජාතික තලයේ කිසිදු බලපෑමක් කළ නොහැකියි.

    අනෙක ශ‍්‍රීලනිපයේ ඡන්ද පදනමක් තිබුණ සියලූ දෙනා අද ඉන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද අතීතයට හිමි පක්ෂයක්. එයට දැන් අනාගතයක් නැහැ. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා නම් තමන්ට සියයට 15ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් තිබෙනවා කියලා පැහැදිලිව තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේදී අපට සහාය දෙන්න. බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි කියලා කියන්නා වාගේ.

    ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ අතිෂය දුර්වල ශ‍්‍රීලනිපය සමග අපිට කිසිදු ආකාරයක සම අසුන් ගැනීමක් නැහැ. එය සිදුකළ නොහැකියි. ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ ඉතිහාසය මතක කිිසිවෙක් 2015 දී මහා පාවාදීම කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයෝ එක්ක එකට හිට ගන්නේ නැහැ’ ඔහු අවධාරණාත්මකව සඳහන් කළේය.

  • විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න – ජනාධිපති

    ”විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

    උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු  බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ  තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත.  ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

    “පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට  ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

    “පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර  යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.

    විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්ව විද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.