Category: සුපිරි News

  • පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුව උග්‍රවෙමින් තිබේ.

    එමෙන්ම මේ වනවිට කලාප ක්‍රමයට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්පකරගැනීමට නොහැකි තත්ත්වයක්‌ද මතුව ඇත.

    මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජල හිඟයක්‌ රට පුරා ඇතිවිය හැකි යෑයි ජල සම්පාදන ආරංචි මාර්ග කියා සිටිති.

  • කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක්! විපක්ෂයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගේ ගුණ වයයි

    කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක්! විපක්ෂයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගේ ගුණ වයයි

    කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි.

    කෙසේ වෙතත් මෙය කිසියම් දේශපාලනික පෙරළියක පෙරනිමිත්තක් දැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී තිබේ.

    https://www.youtube.com/watch?v=gk9DWMRBP8M
  • මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර එය පරාජයට පත්කළ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ නිසා අපේ‍්‍රල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව පෙරේදා (30) හම්බන්තොටදී පැවසීය. 

    පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කරන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්‍ෂව ඡුන්දය ලබාදී එය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ක‍්‍රියාකළ ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරමින් තමන් විසින්ම තමන්ගේ නාසය කපාගෙන ඇති බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වැය ශීර්ෂය පරාජයට පත්කිරීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව අගමැතිවරයා පැවසීය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (30 දා* වීරවිල පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්වීමට පෙර අගමැතිවරයා පෙරේදා පෙරවරුවේ හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡුා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය. එම නිරීක්‍ෂණ චාරිකාවට අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන, අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීහු රැුසක් සහභාගි වී සිටියහ.

    රුපියල් ලක්‍ෂ 3500 ක වියදමින් ඉදිකිරීමට යෝජිත හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට වීරවිලදී මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

    පසුගිය 28 වැනිදා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කෙරෙන යෝජනාව පරාජයට පත්කළා. මේ නිසා එම ආයතනවලට ලබාදීමට සතයක්වත් ඉතුරු වී නැහැ. විපක්‍ෂය මේ ආයතන සඳහා මුදල් එපා කියනවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ.

    මේ ආයතනය සඳහා මුදල් වෙන් කර ඒවායෙහි කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වන යෝජනාවට පක්‍ෂව අපි පාර්ලිමේන්තුවේදී ඡුන්දය ලබාදුන්නා. නමුත් විපක්‍ෂය තමන්ගේ පළාත් පාලන ආයතනවලට මුදල් එපා කියමින් ඊට විරුද්ධ වූ නිසා ආණ්ඩුකාරවරුන්ට ද මුදල් ලබාදීමට හැකියාවක් නැහැ.

    කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය ආයතනවලට ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා මුදල් ලබාදීමට අපි පියවර ගන්නවා. නමුත් අනෙක් ආයතනවලට හා ආණ්ඩුකාරවරුන්ට අපේ‍්‍රල් 30 වැනිදායින් පසු මුදල් ලබාදීමට හැකියාවක් නැති බව කිව යුතුයි.

  • ජනපති අද කෝටි 10,000ක කුඩු ටොන් එකක් ප්‍රසිද්ධියේ අළු කරයි

    ජනපති අද කෝටි 10,000ක කුඩු ටොන් එකක් ප්‍රසිද්ධියේ අළු කරයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත.

    පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මේ මත්ද්‍රව්‍ය කිලෝ 779ක් මෙලෙස විනාශ කරදමන බවත්, එය මාධ්‍යවේදීන් ඉදිරිපිටදී සිදු කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකා අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.

    මෙය විනාශනය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද, ඒ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වන බවද ඒ මහතා සඳහන් කළේය. කොකේන් මත්ද්‍රව්‍ය මෙහිදී දිය කර දමා පුත්තලමට ගෙන ගොස් විශේෂ ස්ථානයකදී ගිනි තබා විනාශ කරන බවද සමන්ත මහතා ප්‍රකාශ කළේය.

  • පූජා අලූත් ආදරයක පැටලෙයි.. ඒ ආදරය හරි රසවත් ලූ..

    පූජා අලූත් ආදරයක පැටලෙයි.. ඒ ආදරය හරි රසවත් ලූ..

    මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

    තොරතුරු කියන්නේ ඉතිං සතුටු හිතෙන දේවල් ගොඩක් එක්ක ඉන්නවා…ඒ වගේම ටිකක් කාර්ය බහුල ගතියකුත් තියනවා…

    පහුගිය දවස්වල ලොකු සම්මානයක් ලැබුණා?

    ඔව්… ඔව්… එකක් නෙවෙයි කිහිපයක්ම ලැබුණා… පහුගිය දවස්වල තිබුණු slim nielsen people’s award එකේ තරුණ පරපුරේ ජනපි‍්‍රයම නිළියට හිමි ජනතා සම්මානය හම්බ වුණා ඒ විතරක් නෙවෙයි 34 වැනි කාගිල්ස් සරසවි සම්මාන උළලේදී ‘සරිගම. චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒත් එක්කම Lux Hiru Golden Film Awards

    එකෙදී ‘සරිගම. සහ ‘පත්තිණි. චිත‍්‍රපට වෙනුවෙන් ජනපි‍්‍රයම නිළියට හිමි සම්මානයත් ලැබුණා… ඉතිං ඒවත් එක්ක ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නේ…ඒ හැමදේටම වැඩියෙන් මට වටින්නේ මගේ රසික රසිකාවියන් සහ එයාලගේ ආදරය” ඉතිං එයාලා හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා. ඒ ආදරය තරම් වටින Awards එකක් මට තවත් නෑ…මේ වෙලාවේ මං එයාලා හැමෝටම ගොඩක් ස්තුති කරනවා.

    හැමදේටම හිනාවෙලා නේද උත්තර දෙන්නේ?

    (සිනාසෙයි) ඔව්…ඔව් මං ඉතිං ඒක මගේ හැටිනේ…මං හිනා වෙලා ඉන්න තමයි කැමති… ඔයාලා මෙහෙම අහනකොටත් මට හිනායනවා…(සිනාසෙයි)

    මේ දවස්වල කලා කටයුතුවලට දායකත්වය එහෙම කොහොමද?

     ඔව්…‘පත්තිණි. සහ ‘සරිගම. චිත‍්‍රපටවල සාර්ථකත්වයත් එක්ක” මේ දවස්වල හොඳ චිත‍්‍රපට කිහිපයකටම ආරධානා ලැබුණා… ඉතිං මම ඒවායේ පිටපත් මේ දවස්වල බලන් යනවා…ඒ අතරින් හොඳම කිහිපයකට රංඟනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා…ඉතිං මගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ළඟදීම රිදී තිරයෙන් මාව යළිත් ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි…

    මේ අහන්නේ පොඩි පෞද්ගලික කාරණාවක්… මේ දවස්වල යන ආදර පටලැවිල්ලක් ගැන කතාවක් යනවා…අපිටත් දැනගන්න පුළුවන්ද?

    (සිනාසෙයි) ඉතිං පෞද්ගලිකයි නම් ඇයි ඔයා මගෙන් ඒ ගැන අහන්නේ…(සිනාසෙයි) හරි…හරි… දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදරණීය රහසක් කියලා තමයි. (සිනාසෙයි)

    අපිට ඔය රසවත් ආදර පටලැවිල්ල ගැන දැනගන්න පුළුවන් වෙන්නේ කවද්ද?

     (සිනාසෙයි) ඒක ඉක්මණින්ම සිද්ධ වෙයි. දැනට කියන්න තියෙන්නේ මගේ රසිකයන්ටත් හිතවතුන්ටත් ඉවසලා ඉන්න කියලා තමයි… ඇත්තටම ඒ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි. (සිනාසෙයි)

    මීවිත


  • මෛත්‍රී ජනහද දිනාගන්නවා; ඔහුගේ දෙවන ධුරකාලය ස්ථිරයි – ප්‍රවීන ජෝතිෂ්‍යවේදීයෙකුගෙන් ප්‍රබල අනාවැකියක්

    මෛත්‍රී ජනහද දිනාගන්නවා; ඔහුගේ දෙවන ධුරකාලය ස්ථිරයි – ප්‍රවීන ජෝතිෂ්‍යවේදීයෙකුගෙන් ප්‍රබල අනාවැකියක්

    මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරයි.

    මේ අතර සිය වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතාගේ ජනාධිපතිනිය බොඳ වී ගොස් ඇති බවද ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.

    https://www.facebook.com/100017975800793/videos/364617837480740/
  • 14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

    14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

    14 වන පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනය ගාල්ල රොක් පෝට් හෝටලයේ දී ඊයේ(29) උත්කර්ශවත් ආකාරයෙන් පැවැතිවිණ.

    එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන තීරණාත්මක සාකාච්ඡාවන් කිහිපයක් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර මෙවරත් පලාත් සභා සභාපති වරුන්ගේ සංසදයේ සභාපති ලෙස සබරගමුවේ අභිමානය ලෙස කිරුල පළන් ගරු කංචන ජයරත්න මැතිතුමා නිතරඟයෙන් තේරී පත්වීම පිළිබඳ තමන් දැඩි ලෙස සතුටට පත්වන බව සංසඳයේ සාමාජිකයින් කියා සිටියේය.

  • මිනීමැරුම්, කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සිදුකළ කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි..(වීඩියෝ)

    මිනීමැරුම්, කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සිදුකළ කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි..(වීඩියෝ)

    ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබූ පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් සිවුදෙනකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

    කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ පසුව හොර රහසේම මාලදිවයින බලා පැන යෑමට උත්සාහ කරද්දී එහි සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදි.

    ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයකින් ඊයේ උදෑසන 6.15 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම පාතාල සාමාජිකයන් සිවුදෙනා ඊයේ උදෑසන මාලදිවයින බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයේ කවුන්ටරය වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

     කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් ඩුබායි දේශයේ සිට ශ‍්‍රී ලංකාව හරහා මාලදිවයින බලා යෑම සඳහා ගුවන් ටිකට්පත් ද ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් සෙසු පාතාල සාමාජිකයන් වන්නේ රොටඹේ අමිල, අනුෂ්ක කෞෂාල්, ඇන්වර්යන් ප‍්‍රනාන්දු යන අය බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සියලූදෙනා කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විශේෂ ඒකකයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

     ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් නොහොත් කංජිපාන ඉම්රාන් නමැත්තා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල සිිදු වූ මිනීමැරුම්, මිනී මැරීමට තැත් කිරීම් 11 කට සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇත.

     මීට මාස කිහිපයකට උඩදී මාලිගාවත්තේදී තම බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම, ස්ථාන කිහිපයකදී සිය විරුද්ධවාදීන් සිවුදෙනකු මරා දැමීම. කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක් මොහු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.

     කොළඹ නගරය පුරා හෙරොයින් බෙදා හැරීමේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන කංජිපාන ඉම්රාන් කාලයක් තිස්සේ මාකඳුරේ මධුෂ් සමඟ එක්ව ඩුබායි දේශයේ සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බව පොලිසිය කියයි.

     මීට වසර දහයකට පමණ උඩදී මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල සව්කැඳ කරත්තයක් තබාගෙන කැඳ වෙළෙඳාමේ යෙදුණු මොහු පසු කලෙක පාතාල ලෝකයට සම්බන්ධ වී කංජිපාන ඉම්රාන් ලෙස ප‍්‍රසිද්ධ වුණේය.

     මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි හි සංවිධානය කළ උපන් දින සාදයේදී කොකේන් පානය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 34 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මාකඳුරේ මධුෂ්, කංජිපාන ඉම්රාන්, රොටඹේ අමිල, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද සිටියහ.

     මාස දෙකකට ආසන්න කාලයක් පුරා ඩුබායි පොලිසිය රඳවාගෙන සිටි මෙම සැකකරුවන්ගෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියකු වන ලලිත් කුමාර පෙරේරා (27 දා* එරටින් පිටුවහල් කළහ. ඔවුන් මෙරටට පැමිණි පසු නදීමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු මුදාහල අතර ලලිත් කුමාර නමැති බන්ධනාගාර නිලධාරියා වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

     කංජිපාන ඉම්රාන් ඇතුළු අපරාධකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ සවස භාරදීමට නියමිතව තිබේ.

  • Facebook වලින් තහනමක්

    Facebook වලින් තහනමක්

    ‘සුදු ජාතික වාදය’ සහ ‘බෙඳුම්වාදය’ සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. 

    ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බව එම සමාගම පසුගිය අගහරුවාදා සදහන් කර ඇත. මේ අනූව ත්‍රස්තවාදය හා අන්තවාදය දිරි ගන්වන කිසිඳු ආකාරයක ප්‍රකාශයක් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරනු ඇත.  

    ෆෙස්බුක් සමාගම තවදුරටත් කියා සිටින්නේ, ත්‍රස්තවාදී කණ්ඩායම් සිදු කරන ප්‍රචාරණයන් සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැළැක්වීමට ක්‍රියා කරන බවයි. එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී එම ප්‍රහාරකයා සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එය විකාශය කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින්ය. එම සිද්ධියෙන් 50දෙනෙකුට දිවි අහිමි විය. 

  • නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)

    නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)

    ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද නදිමාල් පෙරේරා කටුනායකදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගිය නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නැමැත්තා නොතකා නදිමාල් පෙරේරා යන්නට ගියේය.

    එම අවස්ථාවේදී මදක් කෝපයටත් ලැජ්ජාවටත් පත් වූ උදුල් පේ‍්‍රමරත්න ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද.. පොඩි එකෙක් ඌ.. සලමන් ඛාන් කුඩු ගහල අහුවුනාද..’ යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ ඔහු පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේ නදිමාල් පෙරේරා හෝ අමල් පෙරේරා කිසිදු වරදක් කර නැති බවයි.

    පොලීසියෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයක් පමණක් බවත් ඔහු සදහන් කලේය.

    මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මුල් දිනවල උදුල් පේ‍්‍රමරත්න නීති සහාය සදහා කියමින් ඩුබායි බලා පිටත්ව ගියේය.

    නිසි පුහුණුවක් සහ දක්ෂකමක් නොමැතිකමින් නඩු නොමැති, ජනතාව පයිසකට මායිම් නොකරන කළු කබා පොරවා ගත් නීතිඥයින් ලෙස පෙනී සිටින ඇතැමුන් අපරාධකරුවන් හෝ සැකකරුවන් පසුපස ලුහුබඳින්නේ කීයක් හෝ කඩාගෙන ජීවත්වීමට සහ පොර ප්‍රචාරණයක් ලබාගැනීමට බව නොරහසකි.

  • සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න..

    සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න..

    පසුගිය දෙසැම්බර මාසයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

    එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය.

    01 වැනි ස්ථාන

    01. කොළඹ විශාඛා විද්‍යාලය – නිලක්නා දිසිවරී වරුෂවිතාන

    02 වැනි ස්ථාන

    02. කොළඹ විශාඛා විද්‍යාලය – සචිදි හංසදී 03. ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය – සංජානි දිලේකා කුමාරි 04. මාතර සුජාතා විද්‍යාලය – මින්දි රෙබෙකා

    03 වැනි ස්ථාන

    05. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – ගයාත්‍රි හර්ෂිලා

    04 වැනි ස්ථාන

    06. කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලය – සදලි මුතුනිමා 07. කොළඹ රාජකීය විද්‍යාලය – සහන් යසංක 08. කොළඹ රාජකීය විද්‍යාලය – කවිරු මෙත්නුක 09. ගාල්ල මහින්ද විද්‍යාලය – ශස්මිත ආකාශ්වර 10.හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – හිමාෂි එරන්දිකා
  • විදුලි අර්බුදයෙන් ලාභ අරන් ගොඩයන්න සුපිරි විසඳුමක්

    විදුලි අර්බුදයෙන් ලාභ අරන් ගොඩයන්න සුපිරි විසඳුමක්

    විදුලි අර්බුදයෙන් මේ වන විට ආණ්ඩුව පමණක් නොව විදුලි පාරිභෝගිකයින් වු සාමාන්‍ය පොදු මහජනතාවද බැට කමින් සිටිති. මෙයින් ආණ්ඩුවට ගොඩ එමින් ජනතාවට ලාභ ලැබිය හැකි අපූරු ක්‍රමයක් ව්‍යාපාරිකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිලංග සුමතිපාල මහතා විසින් ඊයේ(28) ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළේය.

    ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම ගොඩයන විසඳුම ඉදිරිපත් කරමින් තිලංග සුමතිපාල මහතා පැවසූයේ, අද වන විට තාප බලාගාරවලට පිලිස්සී යන මහජන මුදල් කන්දරාව දෙස බලද්දී වසරේ වැඩි කාලයක් සහ දවසේ වැඩිකාලයක් සූර්යා ලෝකය ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටකට සූර්ය බලශක්තිය ඉතා ලාභදායී විදුලි ජනන ක්‍රමයක් බවත්, ඒ සඳහා මේ රටේ විදුලි පාරිභෝගිකයින් වන සෑම දෙනාටම පහසුවෙන් දායක වී ඔවුන්ට රටේ සංවර්ධනයට දායක වන අතරේ ලාභදායී ආදායම් මාර්ගයක් සපයා ගත හැකි වන බවත්ය.

    දැනට රජය විසින් සූර්ය බලශක්ති පැනල සවිකරගැනීම සඳහා ජනතාවට ණය ලබාදෙනුයේ සියයට 14-17 ක් වැනි ඉහළ පොළියට බවත්, එය සියයට 5-6 ත් අතර විය යුතුබවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම දැනට එලෙස විදුලිය නිපදවන විදුලි පාරිභෝගිකයින්ගෙන් විදුලි බල මණ්ඩලය ඒකකයක් මිලදී ගනු ලබන්නේ රුපියල්17 ක් වැනි සුළු මුදලකට බවත් එය රුපියල් 24 ක් 30 ක් දක්වා වැඩිකළ හැකිබවත් පැවසූ තිලංග සුමතිපාල මහතා එවැනි මුදලකට ජනතාවගෙන් විදුලිය මීලදී ගත්තද එය තාප විදුලිය නිපදවීමට වැය කරන මුදලට වඩා ලාභදායී බව ඔහු උදාහරණ සහිතව කරුණු දක්වමින් සඳහන් කර සිටියේය.

    අද පවතින්නේ විදුලි මාෆියාවක් බවත්, මෙයින් ඇතැමුන් අතිවිශාල කොමිස් කුට්ටි කඳුගනනින් උපයන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, ජනතාව අතට සූර්යබලයෙන් විදුලිය නිෂ්පාදනය පත්කළහොත් ජනතාව පමණක් නොව කොමිස් කුට්ටි වලට යටවූ විදුලි මාෆියාව පරාජයට පත්කර රටත් ජනතාවත් ජයග්‍රහණය කරවිය හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

  • ඉසුර කියන නම පාසලට දමන්නේ ඒකමතික තීරණයකින්

    ඉසුර කියන නම පාසලට දමන්නේ ඒකමතික තීරණයකින්

    කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේවනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති අශෝක ගුණවර්ධන මහතා පවසන්නේ පාසල් සංවර්ධන සමිතිය මගින් මෙම තීරණය ගත් බවයි.

    එයට ප්‍රධාන අමාත්‍යවරයාගේ හෝ ආදී ශිෂ්‍ය සංගමයේ සම්බන්ධයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    පාසල් සංවර්ධන සමිතිය මගින් මෙම තීරණය ගැනීමෙන් අනතුරුව විදුහල්පතිවරයා ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීමක දී එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස සේවය කරමින් සිටියදී පරිහානියට පත්වෙමින් තිබූ මෙම පාසැල තමන්ට බලයක් ලැබුණු ඕනෑම මොහොතක සංවර්ධනය කරන බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පොරොන්දුවී සිටි බවයි ඔහු සඳහන් කළේ.

    ළමුන් 3000ක් පමණ සිටි මෙම පාසලේ දැනට සිටින්නේ ළමුන් එකසිය ගණනක් පමණක් බව පෙන්වා දෙන ඔහු වැසීයාමට තිබූ මෙම පාසැල රැක ගත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බව අවදාරණය කළා.

    මෙම පාසලේ ආදී සිසුවන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තනතුරු ද දැරූ අතර ඔවුන් ද මෙම විදුහල සංවර්ධනය නොකළ අතර පාසල් සංවර්ධන සමිතිය කළ ගුණ සැළකීමක් ලෙස ඉසුර යන නම යෝජනා කර ඇති බවත් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

    රාහුල විදුහල යන නම ඇසු පමණින් ගුරුවරු සේවයට නොපැමිණෙන අතර ගිලෙන නැවක් ලෙස ඇතැමුන් මෙම විදුහල දුටු අතර පාසල නවීකරණය කර නම වෙනස් කළ හොත් තත්ත්වය වෙනස් වනු ඇති බවට දෙමාපියන්ගේ අදහසක් තිබු බවයි ඔහු කියා සිටියේ.

    පාසලේ උප විදුහල්පතිවරයා දෙමාපියන් සමග පැවති රැස්වීමකදී ඉසුර යනු සෞභාග්‍ය බවද එය පුද්ගලික නමක් නොවන බවද සඳහන් කර ඇති අතර එම රැස්වීමෙන් පසුව ඔවුන් එක්ව කලාප කාර්යාලයට එය දන්වා ඇති බවද රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

    නම වෙනස් කිරීම සඳහා සඳහා පාසල් සංවර්ධන සමිතියට ඉදිරිපත් වූ යෝජනාව ද ඒකමතිකව සම්මතවී තිබෙනවා.

    මෙහි පිහිනුම් තටාකයේ නම ශ්‍රී රාහුල ලෙසින් නම් කරන බවද ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

    දේශපාලන කුහකත්වයෙන් යුතු පුද්ගලයන් මෙම විදුහලේ සංවර්ධනය නවත්වා දැමීමේ අරමුණෙන් ප්‍රධාන අමාත්‍යවරයා තමන්ගේ නම පාසලට දමා ගැනීමට සුදානම් වන බවට චෝදනා කරන බවයි රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ

  • හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්

    හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්

    පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    “හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා ඕමාන රජය ඒකට සම්බන්ධ නැහැ කියලා. BOI කියනවා ඕමාන රජයත් සමඟ තවම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නවා කියලා. මේ මුල්ගලක් තියන්නේ සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නකොට.“

    “සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් එක්ක ගනුදෙනුවක් කරනවා. ඒත් එක්කම අනෙක් පැත්තෙන්, සිල්වර්පාක් පෙට්‍රොලියම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තව සමාගමක් ඔබ තමුන්නාන්සේලා පිහිටුවලා තියෙනවා. දැන් මේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගම ආමර්වීදියේ කඩයක් ළඟ තියෙනවා තියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නෙ. සිල්වර්පාක් පෙට්‍රොලියම් කියන එක තිඹිරිගස්යායේ අපාර්ට්මන්ට් එකක තමයි සමාගම රෙජිස්ටර් කරලා තියෙන්නේ.“ යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

  • බිල නොගෙවා ජනාධිපතිගේ දුරකතනය කපයි

    බිල නොගෙවා ජනාධිපතිගේ දුරකතනය කපයි

    ජනාධිපතිවරයා විසින් ඇමති ධුරය දරන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන ඊයේ දින සිට විසන්ධි කර ඇතැයි වාර්තා වෙයි.

    මෙසේ විසන්ධි කර ඇති දුරකතන අතරට ඇමතිවරයා වන ජනාධිපතිගේ දුරකථනය, රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථනය, අමාත්‍යාංශ ලේකම්ගේ දුරකථනය ආදී සියළු ස්ථාවර දුරකතන සබදතා වෙයි.

    හිග බිල්පත් මුදල් නොපියවීම නිසා මෙම විසන්ධි කිරීම සිදු කර ඇති බවද වාර්තා වෙයි.

  • වාහන දඩය 25,000 තෙක් ඉහලට..

    වාහන දඩය 25,000 තෙක් ඉහලට..

    රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

    ඒ අනුව බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීය, දුම්රිය හරස්මාර්ග සංඥා නොතැකීම ඇතුළු වැරදි හතක් සම්බන්ධයෙන් මෙසේ දඩ මුදල් ඉහල දැමීඹට සාකච්චා වෙමින් ඇති බව ඔහු සදහන් කලේය.

    මීට පෙරද මෙම වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා වුවත් වැඩි කරන ලද්දේ රුපියල් 3000කින් පමණක් යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.