Category: සුපිරි News

  • ශ්‍රීලනිපය යළිත් ජාතික ආණ්ඩු හදන්න කඩේ ගියොත් ත්‍රීවිල් පක්ෂයක් වේවි

    ශ්‍රීලනිපය යළිත් ජාතික ආණ්ඩු හදන්න කඩේ ගියොත් ත්‍රීවිල් පක්ෂයක් වේවි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයෙන් වෙන්වී යළිත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළහොත් ත්‍රීවිල් පක්ෂයක් බවට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ තම පක්ෂය යළි කිසි දිනක ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා නොකරන බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසීය.

    “අපේ කොටස් වෙලදපොල ඉතාම පසුගාමි තත්ත්වයකයි තියෙන්නේ. කොටස් වෙලද පොලේ පසුබෑම රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය දක්වන්නක්. ආයතනවලට වෙලදාමක් නැත්නම් නිෂ්පාදනයකිරීමේ අංශ වැඩි දියුණු වෙන්නේ නැත්නම් සේවා අංශය දුර්වල වෙනවා නම් අවසානයේ කොටස් වෙලදපොල පහත වැටෙනවා.

    ලංකා ඉතිහාසයේ කිසිමදාක නොවුන විදියට කොටස් වෙලදපොල පහත වැටිලා තියෙන්නේ. දැන් මේ පිලිබදව ආර්ථකමය විග්‍රහයක් නොකරන අගමැතිතුමාගේ උපදේශනය වෙලා තියෙන්නේ ජනතාවගේ ඊ.ටී.එප්, ඊ.පී.එප් මුදල් කොටස් වෙලදපොලේ ආයෝජනය කිරිමයි. කොටස් වෙලදපොලක් වැටෙන්නේ කොටස් වෙලෙදපොලේ කර්මාන්තවල දියුණුවක් නැති වුනාමයි.

    දියුණුවත් නැති වුනාම කොටස් මිල වැටෙනවා. කොටස් ගැනීම අඩු වෙනාව. ඊලගට කොටස්වෙලද පොල වැටෙනවා. මේ තර්කය අනෙක් පැත්තට දාලා කොටස් වෙලද පොළට මහජනයා එකතු කරන් තියෙන අරමුදල් දාපුවාම වෙන්නේ මහජනතාවගේ මුදලුත් සම්පූර්ණයෙන්ම විනාශ වීමයි.

  • යළි එජාපය සමඟ සන්ධාන නැහැ! අපි ගොඩනගන්නේ එජාප විරෝධී දේශමාමක බලවේගයක්!(Video)

    යළි එජාපය සමඟ සන්ධාන නැහැ! අපි ගොඩනගන්නේ එජාප විරෝධී දේශමාමක බලවේගයක්!(Video)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශමාමක බලවේගයක් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල සඳහන් කරනවා.

    ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප‍්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බවත් දෙපාර්ශවයම එකතු වී එක ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල පවසයි.

    ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම තම පක්ෂයේ එකම බලාපොරොත්තුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    https://youtu.be/jmFnv4dUp3Y
  • ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය ඕනිමයි

    ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය ඕනිමයි

    රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය.

    ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත්, අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (26) අරලියගහ මන්දිරයේ පැවැති ධනාභිමානී කාන්තා සම්මේලනය අමතමිනි.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම සම්මේලනය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “මේ රටේ කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. රටේ බහුතරයක් වන කාන්තාවන්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ඇතුලූ සියලූ අංශයන්ගෙන් බලගැන්විය යුතුයි.

    එහි එක් පියවරක් ලෙස අපි ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය ඉහළ දැමුවා. එම අවස්ථාවේ ඊට බොහෝ දෙනා විරුද්ධ වුණත් කෙසේ හෝ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා.

    අපි කාන්තා නියෝජනය ඉහළ දැමූ නිසා අද කාන්තා නියෝජිතවරියන්ට එක් එක් පක්‍ෂවලින් ඉදිරියට ඒමට අවස්ථාව උදා වී තිබෙනවා. ධනාභිමානී වැඩසටහන ඔස්සේ කාන්තාවන්ට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. රටේ සෑම ප්‍රදේශයකම කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇරැඹිමට අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම විදේශ රැකියාවල නියුතුවූවන්ට නිවාස සෑදීම සඳහා මෙවර අයවැයෙන් සහන ක්‍රමයට ණය මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. කාන්තාවන් නගා සිටුවීම සඳහා මෙවැනි වැඩසටහන් ගණනාවක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.”යැය පැවසීය.

  • නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

    නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

    ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අදාළ නඩුව අද(26) කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කල බව අධිකරණ වාර්තාකරු පැවසීය

    මෙහිදී විත්ති පාර්ශවයේ නිතීඥවරුන් පවසා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවට නිගමනය කර යළි නියම කරන දිනයකදී පෙනී සිටින ලෙස දන්වා ඔහුව බැදුම්කරයක් මත මුදා හරින්න ලෙසයි.

    අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 115 – 2 වගන්තිය ප්‍රකාරව නීතිඥවරයා විසින් සිදුකල එම ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්ය.

    නාලක සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 05 ක කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද එම කිසිඳු ප්‍රකාශයක් මේ දක්වා එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී තිබේ.

  • FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්

    FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්

    පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

    අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් යම් යම් දුෂණ වංචා පිළිබඳ නඩු කටයුතු සිදුවන අවස්ථාවල ඒවා පිළිබඳ විරුද්ධ පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පසුගිය කාල වකවානුවේ පැවති නඩු කටයුතු වලදී ඇතැම් දූෂිතයන් නිදහස් වූයේ එවැනි තොරතුරු ලබාදීම් නිසාවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ අදාළ ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරන ඕමාන සමාගම පිළිබඳ පැතිර ගිය ව්‍යාජ ප්‍රචාර එරට ඛණිජ තෙල් අමාත්‍යවරයා මෙරටට පැමිණිමෙන් පසු නතර වු බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

  • හිටපු ජනපති සහ වෙන්ට ජනපති ආශිර්වාදයෙන් මධු මාධව 3 වන මඟුලත් කයි

    හිටපු ජනපති සහ වෙන්ට ජනපති ආශිර්වාදයෙන් මධු මාධව 3 වන මඟුලත් කයි

    ගායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරියකු වන මධුමාධව අරවින්ද ඊ‌යේ (23) තෙවෙනි වරට විවාහ දිවියට පිවිසියා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාරිත්‍ර සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්වූ අතර ඔවුන් දෙදෙන සාක්ෂි අත්සන් කර තිබුණි.

    ප්‍රකට නිළි නිල්මිණි තෙන්නකෝන් සමග පළමු විවාහයෙන් දියණියකද සිටින මධුමාධව එම විවාහයෙන් ඉවත්වූයේ වසර 2000 දීය. අනතුරුව රෙනුෂා නමැති මුස්ලිම් ජාතික තරුණියක හා 2011 දී ඔහු දෙවන විවාහයකට ගියත් එය 2015දී අවසන් විය.

    මදු මාධව අලුතින් විවාපත් තැනැත්තිය ගැන වැඩි විස්තර තවම හෙළි නොවූ රහසකි. පසුගිය දින කිහිපයේ මේ පිළිබඳව ආරංචි පැතිර යද්දී මධුමාධව ඒ ගැන තැබූ සටහන

    මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. අරවින්ද යායේ අවසාන මලත් 2015 පරවුණා… ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ.. කියලා කිව්වා.
    ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා…

  • SIX PACK පෙන්නපු ඉලන්දාරියාගේ Pack එක Check කරන නිවේදිකාව(Video)

    SIX PACK පෙන්නපු ඉලන්දාරියාගේ Pack එක Check කරන නිවේදිකාව(Video)

    ඕනිම Girl කෙනෙක් කැමති හොඳ Personalityයක් තියෙන Boy කෙනෙකුටලු. ඒක boy කෙනෙක්ට හරි important ලු. අනේ මන්දා.. මෙහෙම කියන්නේ සිරසේ program ක් කරන නිවේදිකාවක්. එයා කොල්ලන්ගේ SIX PACK එක අල්ලලාම පෙන්වනවා.

  • නොනවතින අත්පොලසන් ඔල්වරසන් මැද මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි..(video)

    නොනවතින අත්පොලසන් ඔල්වරසන් මැද මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි..(video)

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත‍්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.

    https://youtu.be/A6dTrBf-2Dc
  • 2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න

    2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න

    හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.

    මේ අනුව 2015 සිට අදාල ජනාවාසයේ ව්‍යාප්තිය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. 2015 දෙසැම්බර් මස 22වන දින සිට විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් 178ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියුම්ව සතිපතා කරන ලද නිරීක්ෂණ වලදී අදාල ජනාවාසයේ ව්‍යාප්තියෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ජනාවාසය ව්‍යාප්ත වීමක් හෝ වගා කටයුතු සඳහා විල්පත්තු වනෝද්‍යානය හෙළි කිරීමක් සිදු කරනවා ද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලදි.

    2015 වර්ෂයේදී මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේදී සියුම්ව හඳුනාගත් වන විනාශයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාල බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් නැවත වන වගාව ස්ථාපිත කිරීමටත් අදාල බලධාරීන් කටයුතු කර තිබිණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම පියාසර මෙහෙයුමකදීම මිනිස් ක්‍රියාකාරකම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් වගකිවයුතු නිලධාරීන් හට ක්ෂණිකව දැනුවත් කිරීම් සිදු කරන ලදි. කැලෑ ගිනි තැබීම් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයුරු ද නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදි.

    විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත්ව නොතිබුණු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චිකඩ්ඩි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 24 වැනිදා අත්සන් තබා තිබිණි.

    දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් ලබාගත් ඡායාරූප සැලකිල්ලට ගැනීමේදී තහවුරු වන්නේ 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැත. අවසාන වරට ගුවන් නිරීක්ෂණ චාරිකාව සිදු කරන්නේ 2019 මාර්තු 22 දිනයි.

    – defence.lk

  • විදුලි කප්පාදුව තවත් දින 10ක්

    විදුලි කප්පාදුව තවත් දින 10ක්

    දැනට පවතින විදුලි කප්පාදු තවත් දින 10 ක පමණ කාලයක් පවතිනු බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    විදුලි කප්පාදුව සම්බන්ධයෙන් එළඹෙන සදුදා දිනයේදී තිරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි

    ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි

    ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.

    ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහ්නසේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා යන සියලුම මහානායක නාහිමියන් වහන්සේලා මෙම අවස්ථාවට එක්වීම ඓතිහාසික කරුණක් විය.

    ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.

  • ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් කණ්ඩායමට වචනයකින්වත් වරදක් හෝ දෙස් තැබීමක් සිදුකළේ නැත.

    96 ලෝකශූරයින් 99 දී ගෙදර ආ හැටි

    1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේද 1996 දී නායකයා වූ අර්ජුන රණතුංගමය. 1996දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආ අර්ජුන රණතුංග පුමුඛ ක්‍රිකට් කණ්ඩායම එදා 1999 දී පළමුවටයෙන්ම පරාජයට පත්ව ආ මොහොතේ එහි නායකයා වූ අර්ජුනම කියා සිටියේ, සැමදාම දිනන්න බැහැනේ, ජය පරාජය අපි සමසිත්ව විඳදරා ගත යුතුය කියාය. ක්‍රීඩාවේ මෙන්ම සෑම දෙයකම ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටින හෙයින් එය සත්‍යයකි.

    එහෙත් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායක වූ කණ්ඩායමෙන් 80%ක් ඉක්මවා 1999 ලෝක කුසලානයට ක්‍රීඩා කරද්දී එම ලෝකශූරයින්ට අවම තරමේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයවත් ජය ගත නොහැකිව යළි සියරටට පැමිණීම ප්‍රශ්නාර්ථයක් විය.

    96දී ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග එදා මෙදා තුර ඔහුට විකිණිය හැකි හැම දේටමත්, හැම තැනකමත් ඔහු පෞද්ගලිකව විකුණන්නේ 96දී කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම ලෝක කුසලානයේ නායකත්වයයි. එසේම ඔහුගෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් සියලු නායකයින්ට සහ ක්‍රීඩකයින්ට පහර ගැසීමට යොදා ගන්නේත් මෙම 96 ලෝක කුසලානයයි. එහෙත් 1999 දීත් ඔහු විසින් නායකත්වය දුන් ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම ගෙදර එන්න වුණු ක්‍රීඩා කිරීම ගැන ඔහු කටක් හැර නැත.

    අභිරහස එළියට ආ හැටි

    අදවන විට රණතුංග පවුල රටේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම රිංගමින් දේශපාලනයට අරක්ගෙන ඇති පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගැනීමට නොහැකිවන පරිදි තිලංග සිදුකරන මැදහත් ආවරණය නිසාම අර්ජුනට තිලංග සමඟ ඇත්තේ බද්ද වෛරයකි.

    ඊයේ (18) එජාප ආණ්ඩුවේ ප්‍රවාහන ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී එහි වරප්‍රසාදවලට මුවාවෙමින් දැඩි පෞද්ගලික මඩ ප්‍රහාරයක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත එල්ල කළේය. එහෙත් කිසිදා නොසිතු පරිදි අර්ජුනගේ සුදු පිරුවරට ගලවමින් තිලංග සුමතිපාල ලෝක ඉතිහාසයේ තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකාවේ පළමු තරඟ පාවාදීම හෙළිදරව් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් පළමුවරට තරඟයක් පාවාදී ඇත්තේ අර්ජුන රණතුංග විසින් බවට එදා ක්‍රිකට් බලධරියෙකු වූ තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පිටු අතරට එක්කරමින් හෙළිදරව් කරන ලද්දේ ක්‍රිකට් ඉතිහාස පොත් පෙරමින් වන අතර අර්ජුනගේ සුදු පිරුවට උනාදමමිනි.

    1992 දී ලක්නව්වලදී ඉන්දියාව සමඟ පැවති ටෙස් ක්‍රිකට් තරඟයක් ඇමෙරිකානු ඩොලර් 15,000කට අර්ජුන රණතුංග විසින් ඉන්දියාවට පාවාදී ඇති අතර එය අර්ජුනගේ ක්‍රිකට් පාවාදීම්වල මූලාරම්භය වී ඇත. එහෙත් 1994,95 වන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රිඩකයින්ගේ අතිවිශිෂ්ට දක්ෂතා හමුවේ කණ්ඩායමේ ජයග්‍රහණ සීමා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වූ බව පැහැදිලිය. එසේ ලෝක ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී පහතට ඇදවැටීමට ක්‍රිකට් තරඟ පාවාදීම් ඉස්මතු වූ කාලයක 1992දී පළමු තරඟ පාවාදීමෙන් පන්නරය ලද අර්ජුන යළි සැක නොසිතෙන පරිදි යළි කෙලෙස සක්‍රීය වන්නට ඇත්දැයි කාට කිව හැකිද?

    මේ එම හෙළිදරව්වයි(විඩීයෝ)

    https://www.youtube.com/watch?v=vmDv7li96eA

    1999දී පරාජිතව කණ්ඩායම ගෙදර එද්දී අර්ජුන පමණක් පැනගියේ කොහේද..?

    1999දී ලෝක කුසලාන තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා ගෙදර එද්දී, එම කණ්ඩායමේ නායකයා වූ අර්ජුන කණ්ඩායම සමඟ ගෙදර පැමිණියේ නැත. ඔහු පැරිසිය බලා පියාසර කොට සතියක් පමණ එහි ගත කර පැමිණියේය. එය සැබැවින්ම සැක උපදවන කරුණකි. මෙරට ඇතැම් දේශපාලඥයින් විවිධ අවස්ථාවල යම් යම් පාවාදීම්, පක්ෂ මාරු කිරීම් සඳහා ඩීල් දමන්නේ ලංකාවේ නොවන බව නොරහසකි. එම ඩීල් මුදල් ගනුදෙනු සිදුවන්නේ රටින් පිට සිංගප්පුරුව හෝ ඩුබායි වැනි රටවලය. එසේ නම් ක්‍රිකට්වල මුදලට තරඟ පාවාදීම් වලට අදාළ මුදල් ගනුදෙනුද වෙනත් රටකදී මිස මේ රටේදී අතට හසුවන ලෙස සිදුනොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    96 දී කණ්ඩායමක් ලෙස කැපවීමෙන් රට වෙනුවෙන් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය හෑල්ලුවට ලක්කරමින් කඩේ පිලේ යන හැම තැන තමා ඉස්මතු කර පෙන්වමින් එය සිල්ලරට විකුණන අතරතුර තිලංග සුමතිපාලට බුකී කාරයා ලෙස නිරන්තරයෙන් පහර ගසන අර්ජුන මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු සභාගැබෙන් හීන් සීරුවේ මාරු වී හොස් ඇතැයි වාර්තාවේ. 

  • මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌

    මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌

    වියළි කාලගුණය හමුවේ ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (22 දා) මාවුස්‌සාකැලේ විදුලි බලාගාරයෙන් ආරම්භ විය.

    ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ12 ගුවන් යානයක්‌ මගින් මාවුස්‌සාකැලේ ජලාශයට අඩි අටදහසක්‌ ඉහළ අහසේ වලාකුළුවලට විනාඩි 45 ක්‌ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරිණි. මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ තාක්‌ෂණය ලබා දීමට තායිලන්ත රජය කැමැත්ත පළ කර තිබූ අතර ඒ අනුව මෙරටට පැමිණි තායිලන්තයේ විශේෂ ඉංජිනේරුවෝ පිරිසක්‌ මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූහ.

    වලාකුළු මතට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමෙන් පසු විනාඩි 45 ක පමණ කාලයක්‌ වැසි ඇදවැටුණු බවත් ඉදිරි සති දෙක පුරා මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කරන බවත් විදුලිබල හා පුqනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය හා ගුවන් හමුදාව ගිවිසුම්ගතව මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කෙරේ. දිවයිනේ වියළි කාලගුණය පහව යන තෙක්‌ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දියත්a කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රවි කරුණානායක මහතා අදාළ අංශවලට උපදෙස්‌ දී තිබේ.

  • අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    2019 වසරේ එක්සත් ජනපදය පුරා පවතින රෝහල් අතරින් සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා. ඊට අමතරව වසරේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානයද මෙම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය විසින් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

    පසුගියදා අමෙරිකාවේ බර්මින්හැම් හිදී පැවති වෛද්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මාන දෙකම පිරිනමා තිබෙනවා. අමෙරිකාවේ ප්‍රාන්ත 52ක් නියෝජනය වන පරිදි තෝරා ගෙන තිබු රෝහල් 149ක් අතරින් මෙම සුවිශේෂී සම්මාන දෙක හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරිය අධ්‍යක්ෂ ධුරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල සමත්වුණා.

    අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුයි. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයක්. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා විසර්ජන සැලැස්ම පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසීමක් සිදු කරනු ලබනවා.

    රොක් හිල්හි සෞඛ්‍ය සේවය ලබාගත් රෝගීන් 90% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිචාර මෙම ඇගයීමට හේතු කොට ගැනුණා. මෙහි තවත් සැලකිය යුතු ගුණාංගයක් වන්නේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීමයි.

    මෙම රෝහල රෝගියාගේ ආරක්ෂාව සඳහා කැපවුණ අතර, රෝගීන්ට ඉහළම මට්ටමේ රැකවරණය ලබා දී සාමාන්‍ය ජීවිතය ගතකිරීමට නැවත යාමට ඉඩ සලසා දීම සහතික කිරීම විශේෂත්වයක්. රෝගීන්ට තම ඉලක්ක වෙත ළඟා වීම සහ ඔවුන්ගේ පවුල් වෙත යළි යෑමට උපකාර කිරීම රෝහලේ අවසාන අරමුණයි.

    ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන ශිරානි මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවය කොට තිබෙනවා. 

    මීට පෙරද එනම් 2018 වසරේදීද එක්සත් ජනපදය පුරා රෝහල් අතර සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය වෛද්‍ය ශිරානි මාලිකා ජයසූරියගේ අධ්‍යක්ෂධූරය යටතේ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා.

    තවද පසුගිය වසරේදී ද අමෙරිකා එක්සත් ජනපදය පුරා රෝහල් අතර සිදුකෙරෙන තරගාවලියකදී තෙවන වරටත් සෑම අංශයෙන්ම හොඳම රෝහල බවට මෙම රෝහල තේරී පත්ව තිබුණා.

    ඊට අමතරව 2018 වසරේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවකර පිටකර යවා ඇති රෝහල බවට තේරී පත්ව ඇත්තේද මෙම රෝහල වීම විශේෂත්වයක්. 

  • ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි

    ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි

    ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.

    පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

    සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් තිහකට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කළේය.

    එසේම නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් වෘත්තීය සමිති කටයුතු කරන බවද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

    පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.

    අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගැටලු විසඳීමට නම් අයවැය තුළින් 06%ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්විය යුතු බවත්, එහෙත් දැන් සිදුකරමින් තිබෙන්නේ අධ්‍යාපනයට සුළු මුදලක් වෙන්කර පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ගැනීම බවත් හෙතෙම පවසා සිටියේය.

    වසර ගණනාවක් තිස්සේ ගුරුවිදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා ගුරුවිදුහල්පතිවරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.

  • ‘ශ‍්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..

    ‘ශ‍්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..

    කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ‘ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර ඇත.

    මේ පිළිබඳව පළවූ පුවත් පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

    පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.