බොදුබලේ මහලේකම් ඥානසාර හිමිගේ සැත්කම අද
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම අද (20දා) සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඊයේ (19) පැවැසීය. වකුගඩු ආශ්‍රිතව හටගත් ගලක් ඉවත් කිරීම සඳහා උන්වහන්සේට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය හෘද ස්පන්දය නියමිත පරිදි සිදු නොවීම හේතුවෙන් පසුගියදා කල් දැමීමට සිදුවිය. මේ වනවිට උන්වහන්සේ ශල්‍යකර්මය…














