හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්
හිටපු  ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි…

ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි
මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය. එසේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට පවා මුදාහැර තිබූ…

Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට
ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ. ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි. එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි. (Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14 000කට  වැඩි සංඛාවක් සේවය කරන අතර රටවල් 25ක ශාකා පිහිටා ඇත.

ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද…

අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක
රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා…

දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා
බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ…

උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි. අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ.ඒ,…

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක (අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා) පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.  වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායි හි ඇති කොන්සල්ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි…

නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි
ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී. ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ හදුනාගත් කලපු ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක කඩොලාන පැල 1000 කට වැඩි …

රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට
දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ සිරිලක පාලන ව්‍යුහයට කනකොක් සුද පෙනෙන්නට ගන්නේ, කිතු වසින් 1505 න් පසුව සිට ය. එතැන්…

2017 සා/පෙ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන්ව ජනපති අගයයි
2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි. ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ…

ගුවන් යානයේ අසුන්ගෙන සිටි උඩුවේ හිමියන්ව යානයෙන් ඉවත් කරයි
උඩුවේ ධම්මාලෝක හිමියන්  ‘මස්කට් නුවර හරහා ලන්ඩන්  බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.   උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත…

ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…
රාජපක්‌ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.      මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා…

දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා
ගාල්ල, අක්මීමන, නරාවල ප්‍රදේශයේ දී දින 28 පමණ වයසති ගව පැටවෙකු සමඟ ලිංගිකව හැසිරුනු පුද්ගලයෙකු පිළිබදව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ. නරාවල ප්‍රදේශයේ පදිංචි ගව හිමියකු විසින් ඊයේ (23) දිනයේදී මෙම පැමිණිල්ල සිදුකර ඇති ඇති අතර පසුගිය 16 දින සවස ගවයන් බැදීම සදහා ගව හිමියා ⁣ගොස් ඇති වටදී ගව පැටවෙකු නොමැති බව දැනගත්…

ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි
කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින්…

ඊශ්‍රාලයේ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්.. එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන්නන්ට ඉදිරියේදී දැඩි නීතිමය පියවර
මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.  …