සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි
මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී. මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල්…

බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට  රුපියල් 5000 ක දඩයක්‌
තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවාය. මෙසේ දඬුවම් නියම වූයේ චන්න සුජීව…

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි
මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.  ඔවුන් කිසි දිනෙකත් මත් උවදුරින් විනාශ වන තරුණයන්ගේ මානව අයිතිවාසිකම්…

පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ
පොලිස්‌ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.    අගතියට පත්වූ පොලිස්‌ නිලධාරියාට රුපියල් තිස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?
පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත. ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර…

කතරගම ඇසළ පෙරහැරේ දෙවියන් වැඩම කරවන විට හා දේවාලය තුල ඡායාරූප/වීඩියෝ තහනම් – ප්‍රධාන කපු මහතා
මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ සිට දෙවියන් වැඩම වන අවස්‌ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ ගත කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතාකතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම බස්‌නායක නිල මැඳුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමින් පැවැසීය. ඒ මහතා මෙසේද පැවැසීය, අනාදිමත් කාලයක්‌ පුරාවට පවතින චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායන් රැකගෙන…

සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්
පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මගින් ප්‍රචරය වූ වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත. පියා විසින් තම දරුවාට මත්පැන් පොවන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තවත් පාර්ශවයක් විසින් ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කරනු ලදුව පසුව එය විද්‍යුත්…

මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි
මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ඊට ප්‍රසාදය පළ කරමින් පෝස්ටර් අලවා තිබෙනවා .එම අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් මේ වන විට වන විට ඇතැමුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ ප්‍රචාර පළ කරමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යස්ථ ජනතාව පවසන්නේ පසුගිය රජය සමඟ මත්…

වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි
වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා ඇත. ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන අතර රෝහල් ගාස්තුවේ ඉතිරි කොටසද පියවන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයිද වාර්තා වේ.

ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..
ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද යැයි වැඩිදුරටත්…

කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි
රුපියල් හාර කෝටි අසූ ලක්‌ෂයක්‌ (4,80,00,000) වටිනා විදේශ මුදල් තොගයක්‌ නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .    මෙහි ඉන්දීය ජාතික ගුවන්…

අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි
පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා
එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය. වෙල්ගම මහතා…

ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …
රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ සදහා නියම කළ යුතු දඩ මුදල්ද මෙහිදී යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම…

දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….
මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය 11 දා සොයාගෙන තිබේ. දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල් මලු තොගය සොයා ගෙන ඇති අතර එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද…

හමුදාවට තොරතුරු දෙන්න එපා …. උතුරු රාජ්‍ය නිළධාරීන්ට විග්නේෂ්වරම් කියයි
උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කිලිනොච්චි ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය. එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය. ‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම…