Category: සුපිරි News
-

සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයෙකු වෙනවා’ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසරේදීය.
බාබා වැනන්ගා බල්ගේරියානු ජාතික කාන්තාවකි. මැය අන්ධ තැනැත්තියකි. බාබා වැන්ගා මියගියේ 1996 වසරේය. මියයද්දී ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය ඇතුූ මුළු ලෝකයටම බලපෑම් වන ආකාරයේ වැදගත් සිදුවීම් රැසක් පිළිබඳ බාබා වැන්ගා ඉතා නිවැරදිව අනාවැකි පළ කර තිබේ.
රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා සමත් විය.
ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණ ද පුටින් ජයග්‍රහණය කළේ සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයකිනි.
රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

-

අළුත බැදපු පුබුදු – මාෂි මධුසමය ගත කරන්න රට ගිහිං කරපු දේවල් මෙන්න
පසුගිය දිනක යුග දිවියට එළැඹුණ ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සහ මාෂි සිරිවර්ධනගේ විවාහය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනෙක් තුළ පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.
ඒ ඔවුන් දෙදෙනා ම ජනප්‍රිය තරු යුවළක්වීම සහ කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරා ගනිමින් විචිත්‍රවත් අයුරින් එම මංගල සාදය පැවැත් වූ නිසා ය.
පුබුදු සිය අලංකාර බිරිඳ සමගින් මධුසමය ගත කිරීම සඳහා ගොස් තිබුණේ බැංකොක් වෙත ය.
එහි දී ඔවුන් ලබාගත් ඡායාරූප පහතින්…..
















-

කෝටි ගණනක් වටිනා ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ මහ මුහුදට බිළිදෙන දවස මෙන්න…
ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.
එම කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස් රණසිංහ පවසන්නේ.
මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. ඒවා නාවික හමුදාව වෙත ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලය මගින්.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.
අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස.එස් රණසිංහ සඳහන් කළේ.
මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.
මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.
-

”පොඩි කාලෙම මම කට ඇරුණු මිනියක් ඇලෙව්වා.” – මිණී එම්බාම් කරන නුවන්ගේ සංවේදි කතාව.
ටී.ජී. නුවන් නම් කියලා කියන්නෙ අවුරුදු 33 ක තරුණයෙක්. හැබැයි අනෙකුත් තරුණයින්ට නොමැති අසීමිත වූ අත්දැකීම් සමුදායක් නුවන්ට තියෙනවා. කුඩා කාලයේ සිට මල්ශාලාවක සේවය කරමින් ලබා ගත් ඔහුගේ ඒ අත්දැකීම් සමුදාය හා ජීවිත කතාව ගැන ඔහු පුවත්පතකට කියලා තිබුණෙ මේ විදියට.
කොහොමද මේ රස්සාවට ආවෙ?
ඉස්කෝලේ හය වසරෙදි වගේ තමයි මම මිනී කපන රස්සාව පටන් ගන්නේ. පටන් ගත්තා කියලා කිව්වට ඒක මෙහෙම කතාවක්. කඹුරුපිටියේ අපේ ගෙවල් ළඟ දුරින් ඥාතියකු වන මගේ යාලුවෙක් හිටියා. ගමෙන්ම ඒ ගෙදර විතරයි මෝටර් සයිකලයක් තිබුණේ. ඉතින් මම ඕක පදින්න ආසාවට පයින්ම ඒ ගෙදරට හැමදාම වගේ යනවා. ගෙදර කිව්වට ගෙදරයි ගමේ මල් ශාලාවයි දෙකම එකතැන තමයි තියෙන්නෙ. එහෙම ගිහින් තමයි මම මේ රස්සාව පටන් ගන්නේ.
මෝටර් බයිසිකල් පැදීමයි මේ රස්සාවයි අතර සම්බන්ධෙ මොකක්ද?
මම බයිසිකල් වගේම වාහන පිස්සා. ඉතිං බයිසිකලේ පදින ගමන් ආසාවට මල් ශාලාවේ හර්ස් එකටත් යතුර දාලා එහෙට මෙහෙට පොඩ්ඩක් පැද්දා. ඔය අතරෙ ළඟපාත මළගෙදරක් වුණාම මම තමයි මිනී පෙට්ටිය හර්ස් එකේ දාගෙන අරගෙන යන්නේ. ආයෙ මරණෙ කනත්තට ගෙනියනකොටත් මම හර්ස් එක අරගෙන යනවා. මට ඒක අල්ලල ගියා. පොඩි ලොකුකමක් ගෞරවයක් ලැබෙනවා වගේත් ඒකෙන් දැනුණා. පොඩි වයසනෙ. ඉතින් මහ කෙරුම්කාර වැඩක් වගේ තමයි මට ඒක දැනුණෙ.
බයිසිකල් ආසාවෙන් පස්සෙ හර්ස් එකේ ආසාව ආව කියමුකො. ඒත් මේ රස්සාවට ආසාව ආවෙ කොහොමද?
ඔය අතරෙ ඉතින් පෙට්ටිය ගෙට ගන්න, පොල්තෙල් පහන්, තිරරෙදි දාන වගේ වැඩත් ගැම්මට කළා. මුළු මළගෙදරම මගේ අතේ වගේ තමයි දැනුණෙ පොඩි එකා වුණාට. මළ ගෙදර වුණත් ඒක මට පොඩි උජාරුවක් කොටින්ම කිව්වොත්. මම ඉතින් මලගෙදර සංවිධායක වගේ ගිහින් අහනවා ආදාහනය කරනවද, භූමදානය කරනවද වගේ දේවල්. ඒ අහලා මම කෙරුමා වගේ මල ගෙදර වැඩ කරන දවසට ඇවිල්ලා පෙට්ටිය කනත්තට ගෙනියන්නෙ. ඔය අතරෙ දවසක් මගේ ලොකුකම පෙන්නන කියල හිතාගෙන මිනිය තියලා මල් ශාලාවට ගියා. දවසකට පස්සේ ආයෙ මෝටර් බයිසිකලෙන් මළ ගෙදරට ආවා අර ලොකුකම පෙන්නන්න. මළ ගේ ඇතුළට ඇවිත් ලොක්කා වගේ ඇහුවා ඔක්කොම හරි නේද, අපි ඔක්කොම බලාගන්නවා බය වෙන්න එපා කියලා. එකපාරටම ඒ මිනිස්සු කිව්වා අනේ මල්ලි ආව එක හොඳයි බලන්නකො මිනියෙ කට ඇරිලානේ ඒක වහල දෙන්න කියලා. මම එදා තමයි මුලින්ම මිනියක් ඇල්ලුවේ. මම බය වුණා නම් බය වුණෙත් එදාම තමයි.
ඊට පස්සෙ?
ඊට පස්සෙ මිනිය එහෙම දාල යන්නත් බෑ. දාල ගියොත් ආයෙ මට හර්ස් එක එලවන්න මල් ශාලාවෙන් ඉඩ දෙන්නෙත් නෑ. ආසාව එක පැත්තකින් අනික් පැත්තෙන් දැන් මිනිය අල්ලන බයයි අප්පිරියාවයි. මොනව කරන්නද ආසාවට ඉඩ දුන්නා. සුපර් ග්ලූ ගම් එකක් ගේන්න කියලා අහක බලාගෙන එ ක අතක ඇඟිලි තුඩුවලින් අල්ලලා අර මිනියෙ කට ඇලෙව්වා. හැබැයි ඒකත් එක්කම මළ මිනී ගැන තිබුණ බයයි අප්පිරියාවයි නැති වුණා. මම ඉස්පිරිතාලෙට ගිහින් මෘත ශරීර ගේන්න පටන් ගත්තා. මරණ එහෙ මෙහෙ කරන්න උදව් කළා. මුල්ම කාළෙ මිනී අල්ලන්න අකමැති වුණත් පස්සෙ මම ටික ටික මරණ අතපත ගාන්න ගත්තා ඒ පොඩි වයසෙදිම. මිනී එම්බාම් කරනවා බලන් ඉන්න පුරුදු වුණා. එහෙම හිටපු මට එම්බාම් කළාට පස්සෙ කැපුම් මහන්න දුන්නා. මම වැඩේ අල්ලගෙන යද්දි ෆෝමලීන් ගහන්න දුන්නා. එහෙම එහෙම මම අවුරුදු තුනක් වගේ යද්දී එම්බාම් කරන්න පුරුදු වුණා. මම බලන් ඉඳලා, අත්දැකීම් විඳලා තමයි පුරුදු වුණේ. මට මේකට ගුරුවරයෙක් හිටියෙ නෑ. දැන් නම් මම මිනියක් මගේ ඔඩොක්කුවෙ වුණත් දාගෙන යනවා.
එතකොට ඉස්කෝලේ ගමන?
මම ගියේ තිහගොඩ පළල්පිටිය ඉස්කෝලේට. උදේට ඉස්කෝලේ යනවා හවසට මල් ශාලාවට යනවා. සල්ලිත් පොඩ්ඩ පොඩ්ඩ අතපත ගාන්න ලැබුණා ඒ එක්කම. හය-හත වසර වගේ ඉන්නකොට කඹුරුපිටියෙ වැලිගම මල් ශාලාවෙ එම්බාමර් වුණා. ඒ කාෙල මුලින්ම එක මිනියකට රුපියල් තුන්සිය පණක්, හාරසීයක් වගේ ලැබුණා. අන්තිමට මේකට තියෙන ආසාවට ඉස්කෝලේ ගමන නතර වුණා. දහය වසර වෙනකම් විතරයි ගියේ.
ගෙදර අය මේ වැඩේට කැමති වුණාද?
අපෝ මොන පිස්සුද, අපේ තාත්තා මට ගහලා මාව ගෙදරින් එලෙව්වා. ඉස්කෝලේ ගමන නතර වුණේ ඒකත් එක්කම. උදේට ඉස්කෝලේ ගියාට හවසට මල් ශාලාවට යනව කියලා ගෙදරින් දැනගෙන හිටියෙ නෑ. අපේ අම්මගෙ ගම විල්පිට. මම එහේ යනවා කියල තමයි මල් ශාලාවට ගිහින් ඉන්නේ. කොහොම හරි තාත්තට මේක ආරංචි වෙලා තිබුණා. තාත්තා මට බැණලා ගැහුවා ඕක නතර කරපන් කියලා. මම එහෙම්ම අකුරුගොඩ අපේ ගෙදරින් එළියට බැහැලා පයින්ම කිලෝමීටර් හයක් ගෙවාගෙන කඹුරුපිටියේ මල් ශාලාවට ආවා. එදා ඉඳලා මම එම්බාමර්.
ගෙදර අය ආවෙත් නැද්ද එක්කන් යන්න?
දවස් දෙකකට පස්සේ තාත්තා ආව මාව එක්කන් යන්න. මම තාත්තට ලොකු කතාවක් කියලා නොගිහින්ම හිටියා. ඊට පස්සෙ තාත්තා මාව තේරුම් අරගෙන වෙන්න ඇති මුකුත්ම නොකියා යන්න ගියා. පස්සේ මම සතියකින් ගෙදර ගියා තාත්තවයි අම්මවයි බලන්න.
ඔය පොඩි කාෙල වුණු දේවල්වලින් පස්සෙ අද ගෙවෙනෙ ජීවිතේ කොහොමද?
මම කලින් කිව්වනෙ ඒ කාෙල එක මිනියකට තුන්සිය පණහක් වගේ ලැබුණා කියලා. මම ආසාවට මේක කළා. ලැබුණ කිව්වට එහෙමම ඒ ගාණ ලැබුණෙත් නෑ ඇත්තටම. හිතුන හිතුණ වෙලාවට තමයි සල්ලි ගෙව්වෙ. දැන් මාතර ටවුමෙ ලොකු මල් ශාලාවක මම ඉන්නේ. දැන් එක මිනියක් එම්බාම් කරන්න ලැබෙන්නෙ එක්දාස් දෙසීයයි. ඒකත් ඉතින් හරිම අමාරුවෙන් වගේ තමයි මුදලාලිලා දෙන්නේ. සල්ලි පැත්තෙන් එහෙම වෙද්දි මට දැන් වයස තිස්තුනයි. මම මට පුලුවන් හොඳම විදියට මිනියට අවසන් ගෞරවය ලැබෙන විදියට මගේ රාජකාරිය අකුරටම කරනවා. ඕක තමයි ජීවිතේ ඉතින්.
මාතරට එන්න කළින් දිගටම මාකඳුරෙ මල් ශාලාවෙමද වැඩ කළේ?
මම මාකඳුරෙ අවුරුදු දහතුනක් වගේ හිටියා. මගේ වගේ තමයි මම ඒකෙ හිටියේ. සල්ලි එද්දි පිස්සු ඔලුවට එනවනේ. ඉතින් කොල්ලො බජාර් එකත් වැඩි වුණා. මම මල් ශාලාව අතෑරලා ආවා. ඇවිත් කාලයක් එක එක ඒවා කළා. දැන් මාතර ටවුමෙ මේ මල් ශාලාවෙ අනුන්ගෙ යටතේ වැඩ. එහෙම තමයි ජීවිත වෙනස් වෙන්නෙ.
බය වුණු, අමතක නොවෙන සිදුවීම් ඕන තරම් ඇති නේද?
පොඩි කාලෙ මුලින්ම අර කට ඇරුණු මිනිය ඇලෙව්වට පස්සේ මැරුණ මනුස්සයෙකුට බය වෙලා නෑ කවදාවත්. හොල්මන් කියල දෙයක් දැකලා නෑ කවදාවත්. මමත් කැමැත්තෙන් ඉන්නවා එහෙම එකක් බලාගන්න. හොල්මන් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් මම ඒ අය කියන ඕනම තැනකට, ඕනම රෑක තනියම එනවා බලන්න. මගෙන් බය ගැන ඇහුවොත් කතාව ඒක. සමහරු කිලි අහුවෙන කතාවල් කියනවා. පට්ටපල් බොරු කතා ඕවා. අමතක නොවෙන කියලා දේවලුත් එහෙමට නෑ මේක දැන් සාමාන්‍ය දෙයක් නිසා මට. ඒත් එකපාරක් පැපොල හැදුණු මිනියක් එම්බාම් කළා. ඒකෙන් පස්සේ මට පැපොල හැදුණා. එදා ඉඳන් ලෙඩ වෙලා මැරෙන මිනී කපන්න පොඩ්ඩක් අකමැතියි.
බොන්නම ඕනද මේ රස්සාව කරන්න?
වැඩේ ඉවර වෙලා නම් ටිකක් බොනවා. මම බීලා කවදාවත් එම්බාම් කරලා නෑ. එකක් බිව්වම අපි නෙමෙයි වැඩේ කරන්නෙ. වෙරිමත තමයි ඒක කරන්නෙ. අපිට ඕන විදියට ඒක වෙන්නෙ නෑ. දෙක පිරිසිදුව මේ වැඩේ කරන්න බැරි වෙනවා බිව්වාම. ඒක මටත් මැරුණ මනුස්සයටත් හොඳ නෑ. අනික වැරදි නහරයකට එහෙම බෙහෙත් වැදුණොත් ඔක්කොම අවුල් වෙනවා. මිනිය කළු වෙලා, සුදු මැලි වෙලා, අඳුනගන්න බෑ වගේ දේවල් කියන්නෙ එහෙම වුණාම. මේක විද්‍යාවක්. එක අතකින් කලාවක්. මේක කරන්න සංයමයක් ඕන. මම එක දවසෙ මරණ දහය එම්බාම් කරලා තියෙනවා. මල් ශාලාවෙ අයිතිකාරයා කෙළගාලා සල්ලි මිටිය ගණන් කරල සාක්කුවට දාගත්තට මට තමයි මිනියක් ලැබුණ වෙලාවේ ඉඳලා කනත්තට යනකම් ඒකෙ වගකීම තියෙන්නේ. බීලා කරන්න පුලුවන් වැඩක් නෙමෙයි මේක.
එම්බාම් කරන්න අමාරු වුණු මරණ තියෙන්න ඇති?
ඔව්. දැන් ඉන්නෙ මාතර නිසා කෝච්චියට පැන්න අයගෙ බොඩීස් ගොඩක් ගේනවා මගේ ලඟට. සමහර ඒවා පෝර උරවලට එකතු කරගෙන එන්නේ. හැබැයි මූණට ලොකු හානියක් වෙලා නැති නම් මම කොහොම හරි හදල ඥාතීන්ට බාරදෙනවා. ඒ වගේම හොස්පිටල් එක ලඟ නිසා මරණ පරීක්ෂණවලට කපාපු බොඩීස් ගේනවත් වැඩියි. ඒව කෑල්ලෙන් කෑල්ල මහලා ඥාතීන්ට පෙනිලා දුකක් හිතට නොඑන විදියට හදන්න ඕන. කකුල්වලට අත්වලට වගේම මූණට වෙන වෙනම ෆෝමලීන් ගහල වැඩ ගොඩක් කරන්න අමාරු වැඩක්. පොඩි අය ගෙනාවම නම් හිතට හරිම අමාරුයි. මම කරන්න අකමැතිම පොඩි අයගෙ එම්බාම්. ඕව තමයි අමාරු ඒවාට තියෙන්නෙ.
එම්බාම් කරද්දි එක එක විදියෙ මරණ ෙග්නවා. ඒ අතරින් සැකසහිත ඒවා හමුෙවලා නැද්ද?
වෙලාවකට අධිකරණ දොස්තර වගේ තමයි අපිත්. එම්බාම් එකට කපන්න කළින් කියන්න පුලුවන් මොනව වගේ ලෙඩක් හැදිලද මැරිල තියෙන්නෙ කියලා. පිළිකා හැදුණ අය එම්බාම් කරන එකත් සමහර වෙලාවට ටිකක් අමාරු වැඩක්. ඔය අතරෙ සමහර වෙලාවල් තියෙනවා කැපුවම අපිට ටිකක් සැක හිතෙන. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කරලා එවන ඒවා ගැන මාධ්‍යයකට සැක හිතෙන යමක් කියන්න මට අයිතියක් නෑ කියලා මම හිතනවා. ඒ කතාව මෙතනින් නතර කරමු. ඒ මොනවා වුණත් මට මේ මිනිස්සු ඔක්කොම එකයි. මම හොඳට එම්බාම් එක කරල දෙනවා.
මැරුණ මිනිස්සු එහෙම වෙද්දි ජීවත්වෙන මිනිස්සු ගැන මොකද හිතෙන්නෙ?
මැරුණ මිනිස්සු අපි කරනදේ වෙනුවෙන් නිසොල්මන්ව ඉන්නවා. නමුත් ජීවත් වෙන මිනිස්සුන්ට අපි කරන සේවය ගැන කිසිම අගයක් නෑ. අපි ඒ අයගෙ ඥාතියෙක් මැරුණම කැත කුණු අතගාලා ශුද්ධ පවිත්‍ර කරනවා. පණුවෝ ගහපුව පවා අපි අපේ අත්වලින් ගෞරවයෙන් ශුද්ධ කරලා පෙට්ටියක ලස්සනට පිරිසිදුව තියනවා. අපේ පපු දනවා එම්බාම් එකේදි ෆෝමලීන් ගහද්දි. අපි පිච්චි පිච්චි තමයි මේක කරන්නේ. ඒත් ඒ වැඩේ කරගත්තට පස්සෙ අපි දිහා බලන්නෙ අප්පිරියාවෙන් වගේ. අත සෝදන්න සබන් කෑල්ලක් ඉල්ලුවම දෙන්නෙ වැසිකිළියෙ තියෙන සබන් කෑල්ලෙන් බාගයක් කඩලා. මූණකට සෝදගන්න දෙන්නෙ වැසිකිළි පනිට්ටුව. අපිට එහෙම පහත් විදියට සලකන්නෙ පණපිටින් ඉන්න මිනිස්සු. හැබැයි ඒ අතරිනුත් දුප්පත් මිනිස්සු එහෙම නෑ. මම මගේ අතේ වියදමින් එම්බාම් කරල අත පිහදාගෙන ආව වෙලාවල් තියෙනවා. ඒ මිනිස්සු අඩුම ගානෙ අහල තියෙනවා කහට එකක් බීල යමුද කියලා. තියෙන මිනිස්සු එහෙම හමුවෙලාම නෑ.
ඒත් එහෙම මිනිස්සු වටින පෙට්ටි තෝරනවනේ?
ඔය මොන පෙට්ටියත් ඇල්බීසියා තමයි. ඩයි එකෙන් තමයි ඕව බුරුත, නැදුන් වෙන්නෙ. සල්ලිකාරයන්ට මැරුණ මනුස්සයගෙන් පවා තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඕන. ඔච්චරයි ඕකෙ වෙනස. මගේ අම්මා තාත්තා මැරුණ දවසක මම එක දවසින් ඒක කරනවා. මම එම්බාම් කරලා, උත්සව තියලා බොරු වැඩ කරන්නෙ නෑ. මම හිතන්නෙ ඒක ඒ මිනිස්සුන්ට කරන අගෞරවයක් කියලා. ලොකුවට පෙට්ටි අරගෙන රටට ලෝකෙට පේන්න අවමගුල් කරලා, ලොකු වළවල් බැඳලා සොහොන් හදනවා. ටික දවසයි බල්ලො කකුල උස්සලා බුදියල ඉඳලා යනවා ඒව උඩ. ඕව බොරු වැඩ. මම මගේත්, මගේ දෙමව්පියන්ගෙත් සොහොන් බඳින්නෙ නෑ. වළ බඳින්නෙත් නෑ. ලොකු පෙට්ටි ගන්නෙත් නෑ. අපි අයිති මේ ලෝකෙට. ඉතින් අපි පොළවටම පස් වෙන්න ඕන. මගේ සහෝදරයා එක්ක මම කතා කරලා අම්ම තාත්තගෙ වැඩකටයුතු එදාට කරන්නෙ එහෙමයි.
ඕව ගැන ඔහොම කතා කළාට තාම තරුණ වයසෙ ඉන්නෙ. බඳින්න එහෙම අදහසක් නැද්ද දැන්ම?
ඒකටත් දෛවයෙ ලියවුණු කෙනා එන්න ඕන. මිනී අතපතගාන අපිත් එක්ක කෙල්ලො යාලු වෙන්නෙ නැහැනෙ. අපේ අතින් අල්ලන්නත් ගෑණු ළමයි බයයි අප්පිරියයි වගේ. බඳින්න වුවමනාවක් නැතුව නෙමෙයි. ඒකටත් වෙලාව එන්න එපැයි. බලමු එහෙම මට කැමති කෙනෙක් හමු වුණු දවසක.
කසුන් පුස්සෙවෙල – රැස පුවත්පත
-

එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි
එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.
ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත් නිසාවෙනි.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.
-

පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග
කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් පවසා ඇත.
එසේ පැමිණෙන මන්ත්‍රීවරුන්ට නිසි ගෞරව දක්විම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් එම ලිපියේ දැක්වෙයි

-

සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා
පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක් එක් රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස් මිල ගණන් අයකර ගැනීම නිසා බවත් මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක් හෘද සැත්කමක් සඳහා රෝගියකුගෙන් රුපියල් ලක්‍ෂ 23 ක් අය කරගෙන තිබූ බවත් ඇමැතිවරයා කියයි.
එසේ වැඩි මුදලක් සැත්කම සඳහා අයකර ගත්තද එම රෝගියා සැත්කමින් පසුව මිය ගොස් ඇති අතර සැත්කම සිදු කළ වෛද්‍යවරයා තමන්ට හිමි මුදල ලබා නොගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
-

රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි
මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක් විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක් අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළ අතර ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“අපි ඉතා වගකීමෙන් කියනවා දැන් වත් මේ රට තුළ ගොඩනැගෙමින් තියන බරපතළ ගණයේ සංස්‌කෘතික ආක්‍රමණය නතර කරන්න කියලා. සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව වහාබ්වාදී අන්තවාදයට ගොදුරු වෙමින් සිටිනවා. සාම්ප්‍රදායික කතෝලික ජනතාව ක්‍රිස්‌තියානි මූලධර්මවාදයට ගොදුරු වෙමින් සිssටිනවා. මේ රටේ හින්දු බෞද්ධ ජනතාව වහාබ්වාදී අන්තවාදීන්ට හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් යන දෙපිරිසටම ගොදුරු වෙමින් සිsටිනවා. ඒ නිසා තැන්තැන්වල විශාල ආතතියක්, විශාල අවිශ්වාසයක්, මේ ආගමික කොටස් අතර ගොඩනැගෙමින් තිබෙනවා. අවාසනාවකට මේවා පාලනය කිරීමට හරි හමන් වැඩපිළිවෙලක් නොමැති කම ගැන අපි ජාතියක් විදියට කනගාටුවනවා. කොයි තරම් කාලයක් එකිනෙකාට වෛර කරමින් අපි මේ ගමන යන්නද? එකිනෙකාගේ මුහුණ නොබලා විරසකව ද්වේශයෙන් අපිට මේ ගමන යන්න බැහැ. සිංහල, දමිළ හා මුස්‌ලිම් භේදයක් නැතිව මේ රටේ පරිසරයක් හදන්න, මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය පැත්තකට දාලා රටක් හැටියට එකට හිටගන්න පුළුවන් පරිසරයක් තමයි අප නිර්මාණය කරගත යුතු වන්නේ, එහෙම නොමැති වුව හොත් මේවා කෙළවර වෙන්නේ මහා ගැටුම් මැදින්. තෙල්දෙනිය හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට මහසෝන් බළකායේ අමිත් විරසිංහ වත් අනෙක් තරුණයින් වත් නෙවේ අත්අඩංගුවට ගන්න ඕනේ, මේ රටේ නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය තුළ මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා රටේ වාර්ගික සංහිදියාව ඇති කරන්න. ජනවර්ග අතර ඇතිවෙලා තියෙන මේ ඝට්‌ටනය ඒ වගේම වාර්ගික කොටස් අතර ඇතිවෙලා තියෙන ආතතිය දුරලන්න පමණක් නොවෙයි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නත් මෙරට කරවපු සියලු පාලකයෝ අසමත් වුණා. එවැනි වටපිටාවක රටේ ඇතිවන බොහෝ නොසන්සුන්තාවලදී ජාතික සංවිධාන වෙනත් ආවේගකාරී තරුණ කොටස් විවිධ කණ්‌ඩායම් සිතනව ජාතිය වෙනුවෙන් අපි කුමක් හරි කරන්න ඕන කියලා. ඔවුන් යම් යම් දේ කරනවා ඉතින් අවසානයේදී ඒ අය අපරිමිත ලෙස අදුරදර්ශීව මේ කටයුතුවලට අත පෙවීමේදී නීතියේ රැහැනට හසු වෙනවා. අවසානයේදී ඒ අයගෙ දෙමම්පියන් හා ඒ පාර්ශ්වයන් පීඩාවට පත් වෙනවා.
තෙල්දෙණිය හා මහනුවර ඇතිවූ සිද්ධීන් වලදී අපි දැක්‌කා පාලනයකින් තොරව මේ රටේ පොලීසිය හැසිරිච්චි ආකාරය, අපි ඉතා පැහැදිලිව කියනවා මේ මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්වලට මේ රටේ අගමැතිවරයා සෘජු ලෙස වගකිව යුතුයි කියා. ඒ සිද්ධිය වෙනකොට අගමැතිවරයා තමයි මේ රටේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා. තෙල්දෙණියේ සිට දිගන බලගොල්ල දක්‌වා කිලෝ මීටර් දා හතක ප්‍රමාණයක දේපළවලට හානි කරමින් පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණිs කණ්‌ඩායම් පහරදි තිබෙනවා. නමුත් අත්අඩංගුවට අරන් තියෙනවා මේ කිසිම දේකට සම්බන්ධ නැති මේ ඇවිලෙන ගින්න නිවන්න මැදිහත් වුණු තරුණයින් කීප දෙනෙක්. ඔවුන් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. විලි වසා ගන්න බොහොම ලැඡ්ජා සහගත ක්‍රියාවලියක ආණ්‌ඩුව නිරත වනවා. අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා.”
-

2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි
මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක් ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස් පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි.
කෙසේ නමුත් කොංග්‍රස් ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක් තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර ඇත.
-

ෆේස් බුකියේ ඔබේ ගිණුම ආරක්‍ෂිත කරන BFF වදන නිසා හැක්වෙන්නත් පුළුවන්ද? ඇත්ත මෙන්න..
පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ෆේස්බුක් ගිණුම් හි තොරතුරු පිටවීමේ සිදුවීමක් නිසා මේ දිනවල ෆේස්බුක් ගිණුම් වල ආරක්ෂාව පිළිබදව අතිශය කතාබහට ලක්ව තිබෙනවා.මේ අතර ෆේස්බුක් ගිණුම් සුරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට වන ක්‍රමයක් යැයි කියන උපක්‍රමයක් පිළිබදව මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙහි දැක්වෙන්නේ ෆේස්බුක් ගිණුමෙන් “BFF” ලෙසට කමෙන්ට් කළ පසු , එය කොල පැහැයෙන් දැක්වුනහොත් ඔබගේ ගිණුම ආරක්ෂිත බවත් , ඒසෙ නැති නම් ගිණුම ආරක්ෂිත නොවන බවත් ය.
නමුත් මේ පිළිබදව අප සොයා බැලු අතර , මෙය අසත්‍යයක් . BFF යන කෙටි අකුරු තුනෙන් දැක්වෙන්නෙ Best Friends Forever යන අර්ථයයි, ලඟම මිතුරන්ගේ ගිණුම් වල මෙලෙසින් කමෙන්ට් කළ විට එය කොල පැහැති වීමට ෆේස්බුක් වෙබ් අඩවිය සිය සැකසුම් සාදා තිබෙන අතර එය කිසිම විටෙක ආරක්ෂක උපක්‍රමයක් නොවේ.
-

ගැහැණු ළමයින්ට මෙන්සස් හැදුනම දැන් දුක් විදින්න ඕනේ නැහැ.. නියම බෙහෙත ගෙදරින්ම…
ළදැරියක් වැඩිවියට පත්වීමත් සමඟම මාසික ඔසප් වීම සිදුවන අතර සමහර යුවතියකට මෙය තරමක් අසීරු දින කිහිපයක් වනවා.
උදරයේ අසීමිත වේදනාව ඔබගේ එදිනෙදා සෑම ක්‍රියාවකටම බාධා ඇතිකරනවා නේද?මෙම නිසාම ඔබට නොරිස්සුම, කේන්තියාම, අලස බව ආදී දේවල්ද සිදු වීම සාමාන්‍ය දෙයක්.
එහෙත් මාසික ඔසප් වේදනාව නොමැතිනම් එම දින කිහිපයද ඔබගේ සාමාන්‍ය දිනක් ලෙස එදිනෙදා වැඩකටයුතු කිරීමට ඉතාම පහසුවක් වෙනවා.බටහිර ඖෂධ වෙනුවට ගෙදර තියෙන කුරුඳු,ඉඟුරු වලින් ඔබේ මෙම ගැටළුවට ඉක්මන් සහනය ලබා ගන්න හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.
-

රට කැළඹූ ලංකාවේ සමලිංගික ක්‍රීඩා උළෙලේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න
ලංකාවේ වෙනස්ම ආකාරයකට පැවැත්වූ ක්‍රීඩා උළෙලක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම කතාබහක් ඇතිවී තිබෙනවා. එනම් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ සමලිංගිකයන්. කෙසේ නමුත් මොවුන්ගේ මෙම ඡායාරූප පෙළට සමාජ මාධ්‍ය තුළින් ලැබී තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.
එමඡායාරූප පහතින්…


-

නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා
පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත.ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර මේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් පසුවෙයි. -

ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට
රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තම ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02.366 කි.
සැකකරු ග්‍රීන් චැනල් හරහා ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



