Category: සුපිරි News

  • හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා.. මංගල රෑ එලි වෙනතුරු උබ_සමාව_යැද්දා…. කතාව මෙන්න

    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා.. මංගල රෑ එලි වෙනතුරු උබ_සමාව_යැද්දා…. කතාව මෙන්න

    මල් ගවුමක් ඇදන් ගමේ o/l පන්ති ගියපු උබ දෙසැම්බර් මාසෙ විභාගෙ ලියල ජනවාරි මුල ඉදන් a/l වලට ටවුමෙ පන්ති යනවා.
    ගියපු මුල් කාලේ පාඩම් කරන්න මුකුත් නැතත් උබ ගෙදර ඇවිත් රෑ 1, 2 වෙනකන් උගන්නපු පිටු 4, 5 කියවනව.
    ඔය අතරෙ උබගෙ o/l රිසාල්ට් එනව. උබට A8යි B අම්මලට හරි සතුටුයි. මොකෝ අම්මගෙයි තාත්තගෙයි හත් මුතු පරම්පරාවේ සේරම A අකුරු එකතු කරත් උබට තරම් A නෑ. ඉතින් ඒ අහින්සක මනුස්සයො දවසෙම කුඹුරෙ දුක් විදල හම්බ කරපු සල්ලි වලින් උබට ලස්සන #ස්මාර්ට්_ෆෝන්එකක් අරන් දෙනව. ඒකත් හොදම වර්ගෙන්. නෑ බන් ඒ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලා නෙවෙයි උබට හොදම ෆෝන් එක අරන් දුන්නෙ. දරුවට අඩුවක් කරන්න බැරි නිසා. පව් ඒ මිනිස්සු 😟😟😟😟


    ඕක අරන් දීල ටික දවසකින් උබ ඕකත් අරන් පන්ති යනව.කලින් A/L පන්තියෙ හිටපු අහින්සකාවි උබට ඒ කාලෙ හෙන පොශ් යාලුවො නෑ. ඒත් ටික ටික උබට පොශ් යාලුවො එහෙමත් වැඩි වෙනව. උන් කියන ඒව ඇහිල උබටත් හිතෙනව fb එකවුන්ට් එකක් හදාගන්න. උබත් කොහොමින් කොහොම හරි වෙන කෙනෙක්ගෙ නමක් දාල fb එකඋන්ට් එක හදනව. උබ දන් නෑ නන්ගි ඒ උබ හැදුවෙ උබේ විනාසෙ පාර කියල. උබට තවම මේ ලෝකෙ පුරුදු නෑ නන්ගි.
    කොහොමින් කොහොම හරි කෙල්ල එයා දන්න දෙතුන් දෙනක්ට රික්වෙස්ට් එහෙම දානව. ඔය අතරෙ සතියක් විතර යනකොට උබට රික්වෙස්ට් පෝලිමක් එනව. නෑ උබ ඒ ඔක්කොම accpet කරන්නෙ නෑ ඒත් උබගෙ හිත ගතපු එක අයිය කෙනෙක්ගෙ රික්වෙස්ට් එකක් උබ accept කරනව. 


    ඌ කොලඹ ලොකු තැනක වැඩ කරන එකෙක් කියල fb එකේ තියෙන්නෙ. තව ඌ single. කියලත් උබ දකිනව. තුන් කුලුදුල් උබේ කුලුදුල් ආදරේ උබ පටන් ගන්නෙ උබේ ඇහැට එක දවසක්වත් නොදැකපු ඌ එක්ක. ඔහොම උබල දෙන්න ගොඩක් චැට් කරනව. වෙනදට අම්ම එක්ක පෝයට පන්සල් ගියපු උබ දැන් පෝය දවසටත් අයිය එක්ක බරටම චැට්. වෙනද පන්ති ගිහින් ආවම එලිපත්තෙ වාඩි වෙලා අම්මට කියල බත් කටක් අනවගෙන කාපු උබ දැන් පන්ති ගිහින් ඇවිත් කාමරේට වැදිලා උබට අලුතෙන් අරන් දීපු අටමගලෙ කනව. පව් බන් අම්මල දවසම මහ පොලව එක්ක ඔට්ටු වෙලා ආපු ඒ මිනිස්සු හිතන්නෙ උබ කාමරේට වෙලා පාඩම් කරනව කියල. පොත උඩින් ෆෝන් එක තියාගෙන කොහෙවත් ඉන්න එකෙක්ගෙන් මහන්සිද මගෙ මහත්තයෝ කියල අහපු උබට උබගෙ තාත්තගෙන් මහන්සිද තාත්තෙ කියල අහන්න අමතක වෙනව. අම්ම කාමරෙට එනකොට ෆෝන් එක උබේ අතේ ඉංග්‍රීසි අකුරක් බැරි ඒ මනුස්සයට උබ කියන්නෙ නෑ අම්මෙ මම මේ යාලුවෙක්ට බැරි ගනන් වගයක් කියල දුන්න කියල. යාලුවට ගානක් කියල දෙන්න තියා උබට ගානක් හදා ගන්න බැරි උනත් උබ කියන්නෙ එහෙමයි.


    අම්මත් හා මගෙ පුතේ නොතේරෙන දේවල් කියල දෙන එක හොදයි” කියනව.
    අම්ම දන් නෑ උබ අයිය එක්ක msg වලින් දරුවො හදනව කියල.
    ඔය අතරෙ ඒ අයිය උබට කතා කරනව 


    “නන්ගි මම එන්නද ඔයාව බලන්න”
    “අනේ ඔයාගෙ වැඩ පාඩු වෙනවනෙ අයියෙ”
    “අනේ ඒක කමක් නෑ නන්ගි එක දවසක් මම ලීව් දාන්නම්”
    “හා එහෙනම් ලබන සිකුරාද උදේ ඔයා stand එකට එන්නකො මට එදාට පන්ති. අපි clz නොයා කොහේ හරි යමු”
    කතා කරගතපු විදියට උබල හම්බ වෙනව. ඇවිදිනව. අවුරුදු 20ක් උබට දුකක් නොදීපු අප්පච්චි අමතක වෙලා උබ ඌට අප්පච්චි කියනව. ඉස්සෙල්ලම උගේ බයික් එකේ බීච් යනව. වෙලාව 10.20යි ෆිල්ම් එකත් පටන් ගන්න ලගයි. අයිය උබෙන් අහනව
    “ නංගි අපි ෆිල්ම් එකක් බලන්න යමු”
    උබටත් ඌට තුරුල් වෙලා ඉන්න තියන ආසාවටම කැමති වෙනව
    10.30ට ෆිල්ම් එක පටන් ගත්තට උබයි අයියයි box ටිකට් එක අරන් box එකට යන්නෙ 10.40ට.
    ගියාට පස්සෙ අයිය වැඩ පටන් ගන්නෙ.
    හොදට ඇවිදන් ගියපු උබ ෆිල්ම් එක ඉවර වෙලා එලියට එන්නෙ කකුල් ඈත් කර කර. අරූ උබට අනන්තෙ පෙන්නෙල.
    පව් බන් උබ.😟😟😟😟


    ඌත් එක්ක අනන්තෙ බලපු උබ පන්ති ඉවර වෙන වෙලාවට ගානට stand එකට බස්සල ඌ යනව. දැන ගනින් ඌ යන්නෙ ආයෙත් නොඑන්නම. උගෙ ගෙදර තියනව කියපු තැන තියෙන්නෙ උගෙ ගෙදරමද කියල උබ දන්නෙ කොහොමද. උබ් ගියාද…? නෑ නේද…


    ගෙදරින් උදේ යද්දි එලියට බැස්ස පුන්චි කෙල්ල ගෙදරට එන්නෙ ගෑනියෙක් වෙලා. ටික කාලෙකින් අරූ උබට කතා කරන්නෙත් නෑ. Fb ඔන්ලියින් එන්නෙත් නෑ. ඇවිත් msg seen කරල reply නොකර offline වෙනව…..
    ඔහොම ටික දවසක් යද්දි උබට මෙන්සස් වෙන් නෑ
    බය උනාට වැඩක් නෑ නන්ගි දැන් උබ පරක්කු වැඩි. .
    ඔව් ඔව් උබ හිතුව හරි උබට හිටල තමයි
    දැන් ඉතින් රටේ නැති ටැබ්ලට් ගහපන් නන්ගි…..
    අරූ කියපු තරම් ලොකු තැනක වැඩ කරන් නෑ ඌ කසාද බැදල ලමයි ඉන්න ත්‍රීවිල් කාරයෙක් කියල දැන ගත්තම උබ පරක්කු වැඩි නන්ගි…..
    උබ ඔහොම ඉදල කසාද බැන්දම උබ බැදපු එකත් මෙහෙම කියයි…
    💔💔💔


    මල් නටුවට පිනි බිදුවක් බර වැඩි නැති හන්දා…
    මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා….
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා….
    මංගල රෑ එලි වෙනතුරු #උබ_සමාව_යැද්දා….

  • සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

    සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

    ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය.

    කවර ආණ්ඩුවක හෝ කවර කණ්ඩායමක මර්දණයට මුහුණ දිම සදහා වෙබ් සහ සමාජ ජාලා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු අතර වූ එකමුතුවකින් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” නමින් මූලික එකමුතුවක් සකසා ගැනිමට කටයුතු කර තිබේ.

    පසුගියදා අත්හදා බැලිමක් ලෙස සමාජ ජාලා අවහිර කල වත්මන් යහපාලන ඉදිරියේදි එම තත්ත්වය බරපතල ලෙස ක්‍රියාත්මක කරමින් වෙබ්, සමාජ ජාලා, බ්ලොග් අවහිර කිරිමට කටයුතු කිරිමට මේ වන විටත් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින් ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දී එය පරාජය කිරිම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ පලමු අරමුණ වි ඇත.

    පසුගියදා ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් වත්මන් ආණ්ඩුව කල අත්හදා බැලිම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන අනතුර සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෙබ් සහ සමාජ ජාලා ක්‍රියාකාරින් දඩමීමා කරගනිමින් විවිධ සංවිධාන බිහිකරමින් ඒ හරහා විවිධ වරප්‍රසාද ලබන කණ්ඩායම් පිළිබඳවද දැඩි ලෙස එහිදි විවේචනයට ලක්ව තිබේ.

  • පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.  

    p19 1

     

  • මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    “මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවාමයි” යෑයි මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන් වීරසිංහගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය  පුවත් පතකට ප්‍රකාශ කර ඇත.

    එහිදී ඇය විසින් වැඩිදුරටත් පහත පරිදි ප්‍රකාශ කර ඇත,

    “මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා.”

  • සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

    සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

    පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

    සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී රජය මෙතෙක්‌ කිසිදු ප්‍රතිශතයක්‌ අයකර නොගත් බවත් සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර තිබෙන මුදලින්  10% ක්‌ කාලයක සිට මහබැංකුව අයකරගනිමින් සිටින බවත් එම  10% ක මුදල  14% දක්‌වා වැඩිකිරීමට යෝජනා වී ඇතත් එය මේ වනතෙක්‌ ක්‍රියාත්මකව නැති බවත් ඒ මහතා කියා සිටි අතර නව පනත සම්මත වනතෙක්‌ ස්‌ථිරවම කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව වැඩිදුරටත් කියා සිටියේය.

  • ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

    ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

    එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට පැමිණ තිබේ. 

    ලොව ප්‍රීතිමත් රාජ්‍යය පින්ලන්තය වන අතර ලොව ප්‍රීතියෙන් අඩුම රට බුරුන්ඩි දේශයයි.

  • ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

    ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
     
     එම නිවේදනයේ ,
     
     “ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක්‌ සඳහා ජපානයට වැඩම කර තිබූ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්‌ථානවල නායක ස්‌වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේද සහභාගි වී ඇත.
     
     එම අවස්‌ථාවේදී ලබාගෙන ඇති ඡායාරූප කිහිපක්‌ භාවිත කරමින් ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ එක්‌වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බව දන්වා සිටිමු.” යයි සදහන් වේ.

  • යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක්‌ ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් එක්‌ හිමිනමක්‌ අපවත් වී අනෙක්‌ හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්‌aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම විහාරස්‌ථානයේ වැඩවසන සාමනේර හිමිවරුන් දෙනමකි.
     
     අනතුරින් අපවත් වී ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 16 හැවිරිදි තිස්‌සපුර සද්ධානන්ද හිමියන් වන අතර  බරපතළ ලෙස තුවාල ලබා සිටි 14 හැවිරිදි අනෙක්‌ සාමනේර හිමියන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි. 
     

  • උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16දා) විවෘත වරෙන්තු නිකුත් කළාය.
     
    මෙම නඩුව ඊයේ (16දා) කැඳවූ අවස්‌ථාවේදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිහාල්  මහතා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එම නඩුවේ සැකකරුවන් ලෙස විදේශ ජාතිකයන් පස්‌දෙනකු හා විදේශීය සමාගමක්‌ නම්කර ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරුවන්ට කුමන චෝදනා ගොනු කරන්නේද නැතහොත් ඔවුන් සිදු කර ඇති වැරදි කුමක්‌දැයි වෙන් වෙන්ව සවිස්‌තර ආකාරයෙන් ලිතව අධිකරණයට කරුණු දක්‌වා කරුණු තහවුරු කරන ලෙසට එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
     
     සැකකාර උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ආගමන විගමන පාලකවරයා විසින් නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රයක්‌ උපයෝගි කර ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට ඇමරිකා එක්‌සත් ජනපදය බලා යැමට උත්සාහ දැරීමේදී පසුගිය පෙබරවාරි 4 වැනිදා ගුවන් තොටුපළ බලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ ඔහුට එරෙහිව නිකුත් කර තිබූ නිල් නිවේදනය අනුව බවද විමර්ශන නිලධාරීහු එහිදී සඳහන් කළහ.
     
     විදේශ ගමන් බලපත්‍රය රඳවාගෙන පදිංචි ස්‌ථානය හා දුරකථන සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බවත් පසුව පෙබරවාරි 12 වැනිදා ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව විසින් රතු නිවේදන ඔහුට නිකුත් කර ඇති බවත් එහිදී දැන්වූ විමර්ශන නිලධාරීන් ඔහු පදිංචි බවට දැන්වූ ස්‌ථානයෙන් අතුරුදන්ව සිටීම නිසා එරට පිහිටි සියලුම ගුවන්තොටුපළ හා හෝටල් වෙත ඔහු අත්‍යවශ්‍ය සැකකරුවකු බවට දැන්වීමට ජාත්‍යන්තර පොලිසිය පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
     
     එම ගනුදෙනුවට අදාළ මුල් ලේඛනවල පිටපත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයේ තිබියදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය කුමක්‌දැයි අධිකරණය එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එම විමර්ශනවල උධෘත උපදෙස්‌ ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

  • ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

    ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය, ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බව අවධාරණය කළාය.

    ”දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත” යනුවෙන්ද ඇය පැවසුවාය.

    මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා වෛද්‍යවරු රැසක්ද සහභාගි විය.

  • බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

    බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

    මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා ලබා මේ වන රටින් පැනගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් හට අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇත.

    මේ වන විට රටින් පැන ගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

  • ජාතික සමගිය මොනවට කියාපාන පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ ධර්මශාලාව හා චෛත්‍ය විවෘත කෙරේ

    ජාතික සමගිය මොනවට කියාපාන පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ ධර්මශාලාව හා චෛත්‍ය විවෘත කෙරේ

    “තම දෙමාපියන් ගෙදරින් පන්නා දමන දරුවන් සිටින සහෝදර සහෝදරියන් සමඟ ඉඩම් නඩු කියන යුගයක එම සැමට ආදර්ශයක්‌ ලබා දෙමින් පුපුරැස්‌සේ සුබ්‍රම නියම් දෙමළ ජාතික මුදලාලි මහතා ඉඩමක්‌ සසුනට භාරකර විහාරස්‌ථානයක්‌ සංවර්ධනය කර ජාතික සමගිය ඇතිකිරීමෙන් අප සිංහල ජාතියට හොඳ ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගෙලිඔය තෙලඹුගල නිග්‍රෝධාචෙත්ත පරිවේණාධිපති පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නායක හිමියෝ පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ අභිනවයෙන් සංවර්ධනය කර ධර්ම ශාලාව හා චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේදී කියා සිටියහ.

    එහිදී  උන්වහන්සේ ,

    “අප වසර 30 ක්‌ ජාතිවාදය නිසා රට විනාශ වෙමින් ජීවිත නැති කර ගත්තා. එවැනි යුගයක මෙවැනි මිනිසුන් රටට සම්පතක්‌. අප කාටත් ආදර්ශයක්‌ ගෙනදී තිබෙනවා. දරුවාගේ සිට වැඩිමහල්ලා දක්‌වා අද මෙම විහාරස්‌ථානයට පැමිණි චෛත්‍ය, බෝධිය, බුදු පිළිමය දෙස බලා ගෙන සිටිමින් තම කේන්තිය තරහා නැතිකර ගනිමින් හික්‌මීමක්‌ ඇතිකර ගන්න පුළුවන්. විහාරස්‌ථාන වැසී යන යුගයක මෙවැනි විහාරස්‌ථාන ආරක්‌ෂා කරන හිමිවරු රැක ගැනීම අප සිංහල බෞද්ධ ජනතාවගේ යුතුකමකි.

    අප සිංහල ජාතිය වඳ වී යන යුගයක විහාරස්‌ථාන වැසී යන යුගයක රට විනාශ වෙන යුගයක අප සිංහල ජාතියක්‌ ලෙස තිබෙන එකම රට ආරක්‌ෂා කිරීම බුදු දහම ආරක්‌ෂා කිරීමට එකමුතුව පියවර ගමු, ජාති ආගම්වලින් තොරව නැගී සිටීමට පියවර ගමු, සෝරත නායක හිමි අද වයසට ගියත් දුෂ්කර කඳු නගිමින් විහාරස්‌ථාන තුනක්‌ ආරක්‌ෂා කරනවා කියන්නේ එසේ පහසු වැඩක්‌ නොවෙයි. එම නායක හිමියන් බලා ගැනීම දායක සභාවේ යුතුකමක්‌. එම නිසා අප කාටත් අද සතුටුවිය හැකි දවසක්‌ කියලා මම හිතනවා.”

    යැයි වැඩි දුරටත් කියා සිටි අතර මෙම අවස්‌ථාවට සුබ්‍රමනියම් විහාරාධිපති පූජ්‍ය කොහොවල සෝරත හිමිගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාවනැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එක්‌සත් බෞද්ධ රාජ්‍යයේ මහා සම්මේලනයේ ලේකම් සමුදය භානුක විමලසූරිය මහතා ඇතුළු දායක සභාව සහභාගි වූහ.

  • අල්ලස් දීමට තැත්කල දේශපාලුවා අත්අඩංගුවට ගත් අවංක පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක්

    අල්ලස් දීමට තැත්කල දේශපාලුවා අත්අඩංගුවට ගත් අවංක පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක්

    පවුල් ආරවුලක්‌ සම්බන්ධයෙන් තමන්ට වාසි දායක ලෙස කටයුතු කර ගැනීම සඳහා හම්බෙගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට ගත් උත්සාහයේදී එම ස්ථානාධිපති වරයා විසින් පොලීසියේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අදාල දේශපාලනඥයා අත්අඩංගුවට ගත් පුවතක් පසුගියා දා වාර්ථා විය.

    පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‌ෂා කරගෙන තම රාජකාරිය අකුරට ඉෂ්ට කළ මෙම පොලිස් නිළධාරියාව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇල්පිටිය මූලස්‌ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.

    මෙම අවංක නිළධාරියා මෙසේ මාරුකර යෑවීම පිළිබඳව හම්බෙගමුව ජනතාව විමතිය පළ කර සිටින අතර අවංක නිළධාරියෙකට පොලීසියේ අත්වන්නේ මෙවන් ඉරණමක් නම් රටවැසියන්ට අත්වන්නේ කවර ඉරණමක්ද යන්න හිතාබැලිය යුතුම කරුණක් බව ඔවුන් අසා සිටී.

     

     

  • නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

    නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

    කොළඹ වරාය 2017 වසරේදී නැව් බහලුම් මිලියන හයයි දශම එකක්‌ (6.1) ඉක්‌මවන ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම නිසා නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ ඇතැයි වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (14දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.

    එහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය,

    “මේ වනවිට කොළඹ වරායේ එස්‌. ඒ. ජී. ටී. (SAGT), සී අයි සී ටී (CICT) සහ ඡේ සී ටී (JCT) පර්යන්ත තුනම සමාගම් තුනක්‌ යටතේ මෙහෙයුම් කටයුතු සිදු කර ගෙන යනවා. මේවායින් SAGT සහ CICT පර්යන්ත දෙකෙහි සීයට 85 ක කොටස්‌ පෞද්ගලික සමාගම් දෙකකට අයත් අතර සීයට 15 බැගින් කොටස්‌ වරාය අධිකාරියට අයත්ව පවතිනවා. JCT පර්යන්තයේ සීයට සීයම වරාය අධිකාරියට අයත් වනවා. මේ වනතෙක්‌ සමාගම් තුන වෙන වෙනම බහලුම් කටයුතු සිදු කළත් ඊයේ (14දා) සිට මෙම සමාගම් තුනම ගිවිසුමක්‌ මගින් ඒකාබද්ධ වී බහලුම් කටයුතු සිදු කරනවා.

    රාජ්‍ය පෞද්ගලික ගිවිසුම් යටතේ 1989 වසරේදී කොළඹ වරායේ SAGT පර්යන්තය පෞද්ගලික මෙහෙයුම් සඳහා වසර 30 ක ගිවිසුමකට ලබාදී තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 180 ආදායමක්‌ ලැබී තිබෙනවා. එම ගිවිසුමට මේ වනවිට වසර 19 ක්‌ ගතවී තවත් වසර 11 ක්‌ ගතවීමට නියමිතයි. මෙම පර්යන්තය මේ වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 220 ක්‌ ආයෝජනය කර තිබෙනවා. මෙහි 2017 වසරේදී බහලුම් මිලියන 1.8 ක්‌ මෙහෙයුම් කටයුතු කර තිබෙනවා.

    CICT පර්යන්තය 2013 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 550 ක වසර 35 ක ගිවිසුමකට බදු දී තිබෙනවා. මේ වනවිට මෙයට මිලියන 600 ක විතර ආයෝජනයක්‌ කර තිබෙනවා. මෙහි බහලුම් මිලියන 2.4 කට ආසන්න මෙහෙයුම් සිදු කර තිබෙනවා. JCT පර්යන්තය සීයට සීයක්‌ වරාය අධිකාරියට අයත්. 2016 වසරේදී ඝෘණ අගයක්‌ පෙන්නුවත් 2017 වසරේ තුන්වැනි කාර්තුවේදී සීයට 8.5 ක වර්ධනයක්‌ සිදුව තිබෙනවා. මෙහි මිලියන 2.1 බහලුම් කටයුතු සිදු කර තිබෙනවා.

    මේ වනවිට ලෝකයේ බහලුම් කටයුතු සිදු කරන වරායන් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ තිබෙනවා. 2017 වසරේ මිලියන 6 කට වැඩි බහලුම් කටයුතු සිදු කිරීම නිසා එම තත්ත්වයට පැමිණ තිබෙනවා. මේ වසර අවසන් වන විට බහලුම් මිලියන 7 ඉක්‌මවන්න හැකියාව පවතිනවා. එසේ වුවහොත් ලෝකයෙන්ම 20 වැනි තැනට පමණ පැමිණිය හැකියි. මේ වනවිට අලුත් නැව් සමාගම් පැමිණීම නිසා මෙම තත්ත්වය ළඟා කර ගන්න හැකියාව ලැබෙනවා.”

     

  • හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි..  Sex වල ඇත්ත කතාව මෙන්න…

    හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි.. Sex වල ඇත්ත කතාව මෙන්න…

    ලිංගික සංසර්ගය සහ ඒ හා සම්බන්ධ දේවල් ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අවිධිමත් දැනුමක්. කෙසේ නමුත් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදීම සිරුරට විවිධාකාරයේ වාසි රැුසක් ගෙන එන බව සොයා ගෙන තිබෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී යුවලක් අතර ඇති වන මානසික සම්බන්ධය ඔවුන්ගේ මොළයේ යහ පැවැත්මට හේතු වනවා. සතුටින් සිටීමට හේතු වන එන්ඩොෆින් නම් ද්‍රව්‍යය ලිංගික සංසර්ගයේදී ශ‍්‍රාවය වන අතර එය ඔබව සතුටින් තබනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී ශරීරයේ ක‍්‍රියාකාරිත්වය වැඩි වන අතර හෝමෝන ශ‍්‍රාවය වැඩි වනවා. මේ හෝමෝන නිසා ඔබ ව්‍යායාම කරනවාට සමාන වාසියක් සිරුරට ලැබෙනවා.

    සමීක්ෂණ වලින් ඔප්පු වී ඇති පරිදි ඔබ පිහිනුම් ව්‍යායාම විනාඩි 20ක් පුරා සිදු කරනවා හා සමාන කායික සුවයක් හා ශාරීරික යෝග්‍යතාවයක් එක වරක ලිංගික සංසර්ගයකින් ලැබෙන බවයි.

    එමෙන්ම සංසර්ග ක‍්‍රියාවලියේදී සිදු වන දහඩිය දැමීම සහ සමේ උත්තේජන නිසා ස්වේද ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරිත්වය ඇති වී සමේ රෝග අවදානමත් අඩු කරන බව පැවසෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලිය සිදු කිරීමේදී බොහෝ දෙනා තුල පවතින්නේ බියක්. තමා ගැන තම සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත්ද යන්න පිළිබඳව සැකයකින් පසු වීම නිසාම ලිංගික තෘප්තිය අඩු වීම සහ විවාහ ජිවිතයේ විවිධ ගැටළු උද්ගත වනවා.

    මේ සියලූ‍ ගැටළු සඳහා හොඳම විසඳුම ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ අවම වශයෙන් සතියකට තුන් හතර වතාවක් හෝ සංසර්ගයේ දීමයි.

    ලිංගික ක‍්‍රියාවලිය සන්සර්ගයටම පමණක් සිමා නොවිය යුතු බවත් ඊට පෙර හා පසු සිදු වන සෑම ආදරණිය හැසිරිමක්ම හා කතාබහක්ම සෑම කෙනෙකුගේම ජිවිතයේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට යෝග්‍යවන බවත් ඔවුන් කියා සිටිනවා.

  • ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

    කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

    “අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.