යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත
  මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමුක්‌ති කොටි වැනි වදන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන ඇති අතර එවැන් තත්ත්වයක්‌ ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා…

මන්චි  බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ
බොරැල්ල ලාෆ් සුපර් සෙන්ටර් එකෙන් ගත්ත බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි හමුවී ඇති අතර ඒ පිළිබඳව මේ වන තුරු ප්‍රමිති ආයතනයේ අවධානය යොමුවී නැති බව වාර්ථා වේ.

රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා
මෙ වන විට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය හා සේවකයෝ අවුරුද්දෙන් මාස 3 ක්  රාජකාරි නිසි ලෙස ඉටුකරන අතර අනෙක් මාස 9 ම  රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකර මාසික වැටුප් ලබාගන්නා බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී රාජකාරි නිසි ලෙස ඉටු නොකළහොත් සේවයෙන් ඉවත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට පූර්ණ බලතල ලබාදී ඇති බවත් මින් ඉදිරියට…

කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්
මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින්  සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය…. “බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා…

රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ
  අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.  

ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කල ඉල්ලීමට අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලලේ සිදුවූ විමර්ශනයෙන් ජනාධිපි ධූර කාලය වසර 5කට සීමා වන බව දන්වා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.  

මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර
පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු  අනුරාධපුර රෝහලේ පශ්චාත් මරණ ඒකකය වෙත ගෙන ඒමෙන් පසු මරන පරීක්ෂන සිදුකරීමෙන් අනතුරුව මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට බාර දී ඇති අතර ඔවුන් එම සිරුරු ඒ ඒ මල්ශාලාවට රැගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර…

ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්
ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත.  ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා…

දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට
ලාංකික දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ  අයිතිවාසිකම්  සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බව ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ. මෙවර පවත්වන  පළාත්…

මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ
එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ඊයේ (12 ) අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකයින් අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදී, “මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා…..ඒ…

පුද්ගලික රෝහල් වල සැත්කම් සඳහා උපරිම මිලක්
එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යංශය සැලසුම් කර තිබේ. එහිදි පළමුව සෑම පෞද්ගලික රෝහලකම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන…

රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.  

70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට
70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බවත් ජනවාරි මස 31 වන දින…

අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි
ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව…

ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි
ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට  සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන්…