Category: සුපිරි News

  • යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත

    යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත

     

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමුක්‌ති කොටි වැනි වදන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන ඇති අතර එවැන් තත්ත්වයක්‌ ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යස්‌ථාන වෙත පැමිණිලි කොට ඇත.

    මෙම රැස්‌වීම සඳහා පැමිණ සිටි තරුණයන්ගේ ජංගම දුරකථනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත වාදනය වන අවස්‌ථාවේදී එම තරුණයන් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියෑසින් දුටුවෝ පවසන බැවින් මෙය හිතාමතාම  සැලසුම් සහගතව සිදුකරන ලද්දක්‌ බව යාපනයේ ජනතාව කියා සිටින අතර පොලිස්‌ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

     

     

  • මන්චි  බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ

    මන්චි බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ

    බොරැල්ල ලාෆ් සුපර් සෙන්ටර් එකෙන් ගත්ත බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි හමුවී ඇති අතර ඒ පිළිබඳව මේ වන තුරු ප්‍රමිති ආයතනයේ අවධානය යොමුවී නැති බව වාර්ථා වේ.

    https://www.facebook.com/supirigossip1/videos/1559607377408196/

  • රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා

    රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා

    මෙ වන විට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය හා සේවකයෝ අවුරුද්දෙන් මාස 3 ක්  රාජකාරි නිසි ලෙස ඉටුකරන අතර අනෙක් මාස 9 ම  රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකර මාසික වැටුප් ලබාගන්නා බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී රාජකාරි නිසි ලෙස ඉටු නොකළහොත් සේවයෙන් ඉවත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට පූර්ණ බලතල ලබාදී ඇති බවත් මින් ඉදිරියට ආයතනයේ ලාභ නොපෙන්නුවහොත් ප්‍රසාද දීමනා ලබාදීම අත්හිටුවන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
     
    එලෙසම රාජකාරි කටයුතු සඳහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත්, ආයතනය තමන්ගේ යැයි සිතා සේවය කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 
  • කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්

    කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්

    මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින්  සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය….
    “බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා මේකට හොඳ වචනයක් හැදුවා ෆේක් නිවුස්. (Fake News) එතුමා ජනතාව ඉදිරියට ගිහින් මේ ගැන කරුණු කිව්වා. 99 ක්ම මාධ්‍ය එරෙහිව ඉඳලත් එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ජනතාව ඒ දේ තේරුම් ගත්තා. ඒ නිසා මම මාධ්‍යයට කියනවා ඔබට සීමාවක් තියෙන්න ඕනේ, සීමාව ඉක්මවා ගියොත් ජනතාව පෙබරවාරි මාසේ 10 වෙනිදා උත්තරයක් දෙනවා. එදාට මේ රටේ සමහර මාධ්‍යවලට අමතක නොවෙන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා කියන එක මම කියන්න කැමැතියි.
    මේ ජනාධිපතිතුමා පත් කරන්නත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ආණ්ඩුව හදන්නත් ශක්තිය ලැබුණේ කන්ද උඩරටින්. පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ඡන්ද විශාල ප්‍රමාණයකින් මහනුවර ජයග්‍රහණය කළා. මේ පළාත් පාලන මැතිවරණයේදීත් කන්ද උඩරට තියෙන සෑම සභාවක්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.”
  • රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

    රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

     

    අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

     

  • ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි

    ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කල ඉල්ලීමට අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලලේ සිදුවූ විමර්ශනයෙන් ජනාධිපි ධූර කාලය වසර 5කට සීමා වන බව දන්වා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

     

  • මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර

    මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර

    පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු  අනුරාධපුර රෝහලේ පශ්චාත් මරණ ඒකකය වෙත ගෙන ඒමෙන් පසු මරන පරීක්ෂන සිදුකරීමෙන් අනතුරුව මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට බාර දී ඇති අතර ඔවුන් එම සිරුරු ඒ ඒ මල්ශාලාවට රැගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර නිවෙස්වලට රැගෙන ගොස් ඇත. එහිදි සිරුරු මාරුවී ඇති බව පෙනී යෑම නිසා නැවත එම සිරුරු අනුරාධපුර රෝහලට රැගෙන ආ අතර එහිදී එම වරද නිවැරැදී කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. සීප්පිකුලමේ සහ ශාස්තිපුර පදිංචි කරුවන් දෙදෙනකුගේ සිරුරු මෙසේ මාරු වී ඇත. 
     

  • ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

    ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

    ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත.  ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

    ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇති අතර  එම මුදලෙන් පලමු  අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.

  • දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට

    දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට

    ලාංකික දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ  අයිතිවාසිකම්  සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බව ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.

    මෙවර පවත්වන  පළාත් පාලන මැතිවරණය සදහා  මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත්  ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන්  රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට යැවීම තම බලාපොරොත්තුව බවත් වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති මුත් නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් මේ සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක්  සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇති නිසා   තම වරිගයේ ඇත්තන් ගම පළාත  දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත්  එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.

  • මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ

    මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ

    එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ඊයේ (12 ) අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකයින් අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදී,

    “මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා…..ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ 

    ‘19 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවට අනුව මගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබුණා . සමාජය තුල වගේම උගතුන් බුද්ධිමතුන් නීති විශාරදයින් පවා මත දෙකක සිටි නිසා මට අවශ්‍ය වුණා නිවැරදි මතය දැනගන්න

    එහෙම නැතිව අවුරුදු හතරක්ද පහක්ද හයක්ද කියලා බලයේ රැදී ඉන්න නෙවෙයි .  පළාත් පාලන හෝ පළාත් සභා හෝ මහ මැතිවරණ ආදී ඕනෑම ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵලය ජනතාව පිළිගන්නවා . සියයට සියයක් නොවුනත් පහුගිය මැතිවරණ වල ඒ විනිවිද භාවය තිබුණා.

    ඡන්දයෙන් ලැබෙන තීරණය වගේම අධිකරණය ලබා දෙන තීරණ ගැනත් ජනතාව තුල විශ්වාසය ඇති වී තිබෙනවා .පහුගිය රජය කාලේ වගේ නඩුකාරයින්ට කෝල් දීලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තත්වයක් දැන් රටේ නැහැ . පහුගිය අවුරුදු තුනේම අධිකරණය ස්වාධීන ආයතනයක් බවට මා පත් කළා .ඒ නිසා මට ලැබී තිබෙන බලතල අනුව නීතිපතිවරයා මගින් අවශ්‍ය ලිපි ලේඛන මා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.“

  • පුද්ගලික රෝහල් වල සැත්කම් සඳහා උපරිම මිලක්

    පුද්ගලික රෝහල් වල සැත්කම් සඳහා උපරිම මිලක්

    එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

    එහිදි පළමුව සෑම පෞද්ගලික රෝහලකම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර එම වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව මිල ගණන් සීමා කෙරෙනු ඇත.ඉදිරි මාස 06 තුළ පෞද්ගලික රෝහල්වල සිදු කරන එකම වර්ගයේ සැත්කම් සඳහා   එකම මිලක් අය කිරීමට නියමිතය.

  • රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා

    රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.

     

  • 70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට

    70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට

    70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බවත් ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

     

  • අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි

    අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි

    ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

  • ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

    ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

    ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට  සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන් පසු දහවල් 12.15ට සභාව ආරම්භ වුවද නියමිත ඝණ පූර්ණය නොමැති විය.