Category: සුපිරි News

  • විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු

    විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු

     

    නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවත් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව‍‍  බවත්ය.

     

  • පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට

    පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට

    මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ  අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී  වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කරමින් ජනපති සමඟ එක්වූ බව බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය මහතා ද මෙම  අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළත් මැතිවරණ ප්‍රකාශය ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වීය.

  • ඇත්තටම මට හරිම දුකයි අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන… එස්බී ගෙන් හැඟුම්බර ප්‍රකාශයක් (Video)

    ඇත්තටම මට හරිම දුකයි අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන… එස්බී ගෙන් හැඟුම්බර ප්‍රකාශයක් (Video)

    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පැවති රැස්වීමට 500ක් වත් සෙනග නොසිටි බවත්  ඉන් දැඩි සේ අපහසුතාවයට පත් මහින්ද රාජපක්ෂ මහතාට පැය දෙකක් මාදන්වල පංසලට වෙලා ඉඳල විනාඩි 5ක් රැස්වීම අමතල යන්න වුනු එකට තමාට ඉතා දැඩි දුකක් ඇතිවූ බව එස් බී දිසානායක මහතා ජන රැළියක් අමතමින් ඉතාමත් හැඟුම්බරව ප්‍රකාශ කර ඇත.එම වීඩියෝව පහතින්,

    https://www.facebook.com/supirigossip1/videos/1564597286909205/

  • වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය . කමලේෂ් තම සතුන් නිදහස් කර දෙන මෙන් කොතෙක් ඉල්ලා සිටියත් කිසිවකු ඊට සවන් දී නැත. දේශපාලන මැදිහත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.සිරගෙදර අධිකාරි කියා සිටියේ මෙය අතිසංකීර්ණ ගැටලුවක් බවය.

    “බූරුවෙක් හිරේ දමන්නනීතියක් නැහැ. ඒත් අයිතිකරුට පාඩමක් උගන්නනයි මෙහෙම කළේ. කීපවතාවක්ම අවවවාද කළත් ගණන් ගත්තේ නෑ. අධිකාරිවරයා පැවසුවේය. පැළෑටි කෑ බූරුවන්ට සිව් දිනක සිර දඬුවමක් ලැබිණි.

  • ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

    ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

     ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි – ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්‘ නමැති මෙම ආන්දෝලනාත්මක කෘතිය ට්‍රම්ප් හා ඔහුගේ සමීපතමයන් ඇඳාගනිමින් ධවල මන්දිරයේ බිත්තිවලින් මෙතෙක් කල් පිටතට නොගියාවූ රහස් රාශියක් ප්‍රසිද්ධියට පත්කරන්නකි. ෆයර් ඇන්ඩ් ෆියුරිහි අන්තර්ගතය සැබවින්ම ‘වහා ගිනිගන්නාසුලුය’. ට්‍රම්ප් සම්බන්ධයෙන් සතුටු වීමට හැකි ස්වල්ප වූ හෝ යහපත් දෙයක් ඉතිරිව තිබුණා නම්, එයද දවා හළු කිරීමට මෙම පොත සමර්ථ ය. ධවල මන්දිරය ඒ ගැන කෙතරම් කබලවූවාද යත් පොත ප්‍රකාශයට පත් කිරීම අත්සිටුවන ලෙස බලකරමින් ට්‍රම්ප්ගේ නීතිඥයා එහි ප්‍රකාශකයා වන ‘හෙන්රි හෝල්ට්‘ සමාගමට එරෙහිව නීතිමය පියවර ද ගත්තේය. නමුත් එකම ප්‍රතිඵලය වූයේ නියමිත දිනයටත් පෙරම පොත ප්‍රකාශයට පත්කිරීමට ප්‍රකාශකයා කටයුතු කිරීමය. හෙන්රි හෝල්ට් සමාගම මෙම පොත හඳුන්වා දුන්නේ ‘ඇමරිකාවේ ජාතික තත්වයට අසමසම දායකත්වයක් ලබාදුන් නිර්මාණයක්‘ ලෙසය. ට්‍රම්ප් ඇතුළු ඔහුගේ ධවල මන්දිර නීතිඥයින් විසින් මෙම පොත තොටිල්ලේදීම මරා දැමීමට උත්සාහ ගත්තේ ජාතික ආරක්ෂාව පදනම්කරගෙන නොවීමද කැපී පෙනෙන්නෙකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් ගෙනයන මර්දනකාරී පිලිවෙත ට්‍රම්ප්ගේ ආත්ම අභිමානය හා ප්‍රතිරූපය පළුදු වනු ඇතිය යන බිය පදනම් කරගත්තකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ප්‍රකාශයට පත්වීම නිසාවෙන් ට්‍රම්ප් හැරුණු කොට බරපතළම ප්‍රතිවිපාක ලැබුවේ ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයා වන ‘ස්ටීව් බැනන්ය‘. ඒ මයිකල් වුල්ෆ්ගේ ගින්දර මෙන් දවන සුලු හෙළිකිරීම් රාශියකටම පදනම් වී ඇත්තේ බැනන්ගේ ප්‍රකාශ නිසාය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරිහි‘ කොඳු නාරටිය සකස්ව තිබෙන්නේ ට්‍රම්ප් සම්බන්ධයෙන් බැනන් විසින් කළ ගිනි පුපුරු වන්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශවලිනි. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ අදටත් උණුසුම පහව ගොස් නැති 2016 වසරේදී ට්‍රම්ප් ටවර්හිදී රුසියානු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡා ය. ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු සමඟ බෑණනුවන් ජෙරාඩ් කුෂ්නර්ද සහභාගී වූ මෙම හමුව, ට්‍රම්ප් ජනපති ධූරයට පත්කිරීමට රුසියාව මැදිහත්වූ බවට චෝදනා එල්ලවීමට මුල් විය. ෆයර් ඇන්ඩ් ෆියුරි හි බැනන් විසින් මෙම හමුව හඳුන්වා දෙන්නේ ‘ජාති මාමක නොවූ දේශ ද්‍රෝහී කුණුහරුපයක්‘ ලෙසය. කලකදී ට්‍රම්ප් ගිනි සිලුවේ භාරකරු වූ බැනන් පසුගිය සතිය වන විට ඇමරිකානු දේශපාලන කරළිය තුළ සිය තත්ත්වය රැක ගැනීම සඳහා පණ අදිමින් සිටියේ ‘දේශපාලනික දිවි සුරැකුම් යන්ත්‍රයක‘ පිහිට ලබමිනි. බැනන් සමඟ වූ සියලුම සබඳතා කපා හැරියා පමණක් නොව, ‘හෙළි නොකරන ලද එකඟතාවයක්‘ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සියලු සේවා අත්හිටුවීමේ ලිපියක්ද ට්‍රම්ප් පරිපාලනයෙන් ඔහුට යවා තිබේ. ඒ අනුව ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ට්‍රම්ප් පමණක් නොව බැනන්ද සිටින්නේ ගිනි ගොඩක ය.

    සියලු විප්‍රයෝගවල නිර්මාතෘ වන මයිකල් වුල්ෆ් සියල්ලේ අවසන් ගෞරවයද තමාටම පිරිනමා ගනිමින් බැනන් හා ට්‍රම්ප් අතර වන සමානකම හුවා දක්වා තිබුණේ මෙලෙස ය. “ ජනපතිවරයකුට සුදුස ලෙස කතා කිරීමට ට්‍රම්ප් නොදන්නවා නම්, බැනන් උපදේශකයා ලෙස ට්‍රම්ප්ටම ගැලපෙනවා. ජනපති උපදේශකයකුට ඔබින ලෙස කතා කිරීමට ඔහුද නොදත් නිසාය.“ට්‍රම්ප්ගේ යුදෙව් ආගමික බෑණනුවන් වන කුෂ්නර් හා බැනන් අතර පැවති යුදෙව් හා යුදෙව් නොවන්නන් මුල්කර ගත් ආකල්පමය ගැටුමක්ද ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ හෙළි වේ. දැනට මරිකාව වෙළාගෙන තිබෙන වාර්ගික හා ආගමික ගැටුම් ධවල මන්දිරයටද ව්‍යාප්තව ඇති බව හෙළි කිරීමට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. ට්‍රම්ප්ගේ සමීපතමයින් හා විවිධ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයින් ට්‍රම්ප්ගේ අදක්ෂකම හුවා දක්වමින් අපහාසාත්මක යෙදුම්වලින් ඔහුව හඳුන්වා ඇති ආකාරද ෆයර් ඇන්ඩ් ෆියුරි හී දැක්වේ. සැකෙවින් ගතහොත් මේ දක්වා ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුළත වසන් කරමින් ඇද තිබූ තිරය ෆයර් ඇන්ඩ් ෆියුරි විසින් ඔසවා තිබෙන්නේ ට්‍රම්ප් හොඳින්ම හඳුනන පුද්ගලයන්ට ඔහු ගැන කතා කිරීමට ඉඩ හැරීමෙනි. තමා කිසිදිනක වුල්ෆ්ට කතා කර නැති බව කියන ට්‍රම්ප්, එහි ඇතුළත් සියල්ල ‘පට්ටපල් බොරු හා වැරදි අර්ථකථන‘ ලෙස පවසමින් සාවඥ ලෙස බැහැර කොට තිබේ. එබඳු මත ගැටුම් හා ආන්දෝලනාත්මක සිදුවීම් පාඨකයින් පොත මිලදී ගැනීමට උනන්දු කිරීමට මිස අධෛර්යවත් කිරීමට හේතුව නැත. පොත උණු කැවුම් මෙන් අලෙවි වන්නට වූයේ හෙන්රි හෝල්ට් ප්‍රකාශන සමාගමේ වසර එකසිය පනස් එකක ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ ‘ප්‍රබන්ධ නොවන‘ පොත ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ධවල මන්දිරය එලෙස ගිනි ගනිද්දී සිනහ උපදවන සිදුවීමක්ද වාර්තාව තිබිණි. ඒ ට්‍රම්ප්ගේ රහස් හෙළි කරන පොත මිලදී ගැනීමට පාඨකයින් අතර හටගත් උමතුවක් බඳු උද්වේගයේ ද එනමින්ම යුතු වෙනත් පොතක් වැරදීමකින් මිලදී ගැනීමට බොහෝදෙනකු පෙළඹවයි. ට්‍රම්ප්ගේ අපවාදයෙන් එලෙස වාසි ලැබුවේ කැනේඩියානු ජාතික ලේඛකයකු මෙන්ම ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකුද වන ‘රැන්ඩල් හැන්සන්ය.‘ 2009දී ප්‍රකාශයට පත්වූ ඔහුගේ ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ කෘතිය දෙවන ලෝක යුද සමයේදී ජර්මනියට බෝම්බ හෙළීම පාදක කර ගත්තකි. සිදුවු පටලැවිල්ල නිසා රැන්ඩල්ගේ පොත එක් රැයකින් ‘බෙස්ට්සෙලර්’ ලැයිස්තු තුනකම අංක එකට පත්ව තිබිණි. පොත් දෙක පටලවා ගත්තවුන් රැන්ඩල්ගේ පොත කියවා පුදුමය පළ කර තිබුණේ ඒ ගැන ධවල මන්දිරය මෙතරම් කලබලව සිටින්නේ මන්දැයි සිතාගත නොහැකි වූ නිසාය. ඒ අතර ට්‍රම්ප්ව ප්‍රිය කරන ඇතැම් පාඨකයින් කියා තිබුණේ ඔවුන් ඕනෑකමින්ම රැන්ඩල්ගේ පොත මිලදී ගත්තේ වුල්ෆ්ගෙන් පළිගැනීමට බවයි. ෆයර් ඇන්ඩ් ෆියුරි අලකලංචියෙන් වැඩිම වාසි ලැබූ රැන්ඩල් පටලැවිල්ල ගැනත්, ට්‍රම්ප් අපවාද ගැනත් චෝදනා නඟන්නේ නැත.

    ෆයර් ඇන්ඩ් ෆියුරි කරන හෙළිකිරීම් අතරින් වඩාත්ම කතා බහට ලක්ව ඇත්තේ ට්‍රම්ප්ගේ තෙවැනි හා වත්මන් බිරිය මෙලානියා සම්බන්ධ සිදුවීමකි. මයිකල් වුල්ෆ්ට අනුව ඇය සිය සැමියා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව දැනගත් විට හඬා තිබේ. ඒ සතුටට නොව ශෝකයටය. ට්‍රම්ප් ජනපතිවූ විට තමාටද ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ ඔහු සමඟ විසීමට සිදුවීම ගැන හටගත් ශෝකය ඇයට ඒ මොහොතේ ප්‍රබලව දැනුණු බවට වුල්ෆ් කරන ප්‍රකාශය විවාදාත්මකය. කොහොමටත් ජනපති ට්‍රම්ප් හා මෙලානියා අතර වන සම්බන්ධය සමීප වූවක් නොවන බව රහසක් නොවේ. ජෝන්. එෆ්. කෙනඩිගෙන් පසු සිය බිරියගෙන් වෙන්ව නිදන කාමරයක නිදන්නට පටන්ගත් ජනපතිවරයා ට්‍රම්ප් ය. ඔහු සිය කාමරයට අගුලක් මෙන්ම අමතර රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද ඔහු ලබාගෙන තිබීමද අසාමාන්‍ය වූවකි. වුල්ෆ් කරන අනාවරණවලට අනුව සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඇල්ලීමට ට්‍රම්ප් කිසිවකුට ඉඩ දෙන්නේ නැත. ඔහු මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නෙ සිය දත් බුරුසුව සම්බන්ධයෙනි. පෞද්ගලික බඩු ස්පර්ශ කිරීමට එරෙහිව දැඩි නීති පැනවීමට ට්‍රම්ප් පෙළඹී ඇත්තේ තමාට වස දෙනු ඇත යන සිටින අනියත බිය නිසාය. ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලෙන් පමණක් ආහාර ගන්නේද එම බිය නිසාම ය. එසේ මයිකල් වුල්ෆ්ට අනුව ට්‍රම්ප් පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි විශ්වාසය තබන්නෙකි. හොඳම නිදසුන ඔහුගේ සමීපතම සහායකයින් දෙදෙනා දියණිය ඉවැන්කා හා කෙලී ඈන් කොන්වේ ය. ට්‍රම්ප්ගේ, එම තෝරා ගැනීමට හේතුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වඩාත් පක්ෂපාතී හා විශ්වාසනීය බවට ඔහු තුළ වන පිළිගැනීමයි.

    ජෙරාඩ් කුෂ්නර් හා ඉවැන්කා ට්‍රම්ප් හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පෙළඹවු බව තවත් ආන්දෝලනාත්මක චෝදනාවකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට අනුව රුසියාවේ මැදිහත්වීම් ගැන එෆ්.බී. අයි ආයතනය විසින් සිදුකළ විමර්ශනවල අවසානය කෙබඳු වනු ඇත්ද කියා ඉවැන්කා හා කුෂ්නර් සිට ඇත්තේ දැඩි බියකිනි. පවුලේ ආදායම්ද විමර්ශනයට ලක්වනු ඇතැයි බියවු කුෂ්නර් කළ පෙළඹවීම් හමුවේ ට්‍රම්ප් කෝමි ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ කිසිවකුගේ අදහස් විමසීමකින් තොරවය. දේශපාලන විචාරකයින්ට අනුව කෝමි එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම වූකලී ජනපති ධුර ඉතිහාසයේ තනි කැමැත්තට ගත් වැදගත්ම ක්‍රියාමාර්ගයකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ සාකච්ඡාවට ලක්කරන තවත් විවාදාත්මක සිදුවීමක් වන්නේ සෞදි අරාබියේ මෑතභාගයේදී සිදුවූ බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයයි. ඊට මුල්වුයේ ට්‍රම්ප් හා කුෂ්නර් බවට වුල්ෆ් චෝදනා කරන්නේ ට්‍රම්ප් කළැයි කියන ප්‍රකාශයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි. ජනපති ධුරයට පත්ව කළ පළමු විදේශ සංචාරයේදී සෞදි අරාබිය බලා ගිය ට්‍රම්ප්, ඇමරිකාව වෙනුවෙන් ඩොලර් බිලියන එකසිය දහයක අවි ගිවිසුමකට අත්සන් කර තිබේ. එකල සෞදියේ ආරක්ෂක ඇමැති ‘මොහොමඩ් බින් සල්මාන්‘ කුමරු සෞදියේ ඔටුන්න හිමි කුමරු බවට පත්වීමට ආධාර කර ගත්තේ ට්‍රම්ප් පවුල සමඟ ගොඩනඟාගත් එම මිත්‍රත්වයයි. හිටපු ඔටුන්න හිමි කුමරු වන ‘මොහොමඩ් බින් නායෙෆ්‘ අත්අඩංගුවට ගනිමින් බලය අල්ලා ගැනීමට කළ මෙම කුමන්ත්‍රණය පිටුපසින් ක්‍රියාත්මක වූයේ ට්‍රම්ප්ගේ අදිසි හස්තය බවට වුල්ෆ් කරන හෙළිදරව්ව, සෞදිඅරාබියේ දේශපාලනික කුණාටුවක් ඇති කිරීමට හේතුවී තිබේ. මිට අමතරව ට්‍රම්ප්ගේ සමීපතමයින් හා ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරීන් ට්‍රම්ප් යනු,‘මෝඩයෙක්‘, ‘පිස්සෙක්‘,‘වැඩකට නැති අඥානයෙක්‘ලෙස හඳුන්වනු ලැබූ අවස්ථා ලැයිස්තුවක්ද මෙහි ඇතුලත්ය.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ( ගින්දර හා කෝපය ) යන්නට වඩා හොඳ නමක් ඊට දිය නොහැක. ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සිටින්නේ ගිනි පුපුරුවලට මැදිවය.

    රුක්ලන්ති පෙරේරා

  • වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට

    වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට

    සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා 22 දා දිවයිනට ළගාවීමට නියමිත ඔහු 23දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමිතය.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙයි. ඔහු නැවතත් 24 දා දිවයිනෙන් නික්ම යෑමට නියමිතියි.

    මොසේ සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමිණෙන්නේ වසර 13කට පුසුව වීම විශේෂත්වයකි.

  • දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා

    දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා

    ඊයේ (19දා) එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසන ලදී….

    “බොහෝ දෙනා අපෙන් විමසන්නේ හොරුන්ට දඬුවම් කරන්නේ කවද්ද? හොරුන් අල්ලන්නේ කවද්ද? යන ප්‍රශ්නයයි. හොරුන් ඇල්ලීම එක් කාරණයක්. දඬුවම් කිරීම තවත් කාරණයක්. නඩු ගොනු කළත් එම නඩු විභාගයේදී තවත් මාස 3 ක්  4 ක් ඉදිරියට නඩු කල් යෑම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ඇතැම් විට එම නඩු මාස 6 කට අවුරුද්දක පමණ කල් යනවා. මේ ආකාරයට නඩුවක අවසාන තීන්දුව දීමට අඩුම වශයෙන් තවත් වසර 5 ක් පමණ ගත වෙනවා. අභියාචනාධිකරණයට ගිය පසු තවත් වසර 2 ක් පමණ ගත වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉදිරිපත්වීමට සිදුවෙනවා.

    නඩු විභාග කිරීමට වසර 5ක් ගත වෙනවා නම් සාක්ෂිකරුවන්ට සාක්‍ෂිත් අමතක වීමට පුළුවන්. එවගේම එම නඩු සම්බන්ධයෙන් රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විශ්‍රාම ගන්නවා. අවසානයේ එම නඩුවලට තීන්දුවක් ලබාදීමට නොහැකි තත්ත්වක් ඇති වෙනවා.

    ගොනු කරන නඩු සඳහා ඉක්මන් තීන්දුවක් ලබාදෙන්නේ නැත්නම් ඒ සඳහා වසර 5 ක් පමණ ගතවෙනවා නම් නඩු ගොනු කිරීමේ පලක් නැතැයි පොලිස් නිලධාරීන් අපට පැවසුවා. එම නඩුවලට අදාල සාක්‍ෂිකරුවන් මියයාමටත් ඉඩ තිබෙනවා. ඇතැමුන් ගම් බිම් හැර දමා යාමට ඉඩ හැකියි. එම නඩු සඳහා වගකීමක් ගත නොහැකියි. නඩු වහාම විභාගයට ගත යුතුයි. නැතිනම් නඩු විභාග නොකර සිටිය යුතුයි.

    මේ සම්බන්ධයෙන් තලතා අතුකෝරල මැතිනිය සමඟ අප සාකච්ඡා කළා. එතුමිය සමඟ සාකච්ඡා කරමින් අප නව නීතියක් සකස් කළා. එම නීතියට අනුව නීතිපතිතුමාට සෘජුවම මහාධිකරණයට නඩුව යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එම නඩුව විභාග කරන්නේ එක් විනිශ්චයකරුවෙක් නෙවෙයි. ඒ සඳහා විනිශ්චයකරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් තිදෙනා දිනෙන් දින නඩු විභාගයට ගත යුතුයි. මේ ආකාරයට කටයුතු කරනවා නම් මාස 3 ක් හෝ 6 ක් ලෙස නඩු කල්දැමිය නොහැකියි. මේ ක්‍රමයට අනුව මාස 6 ක් යාමට පෙර නඩු විභාග කර අවසන් තීන්දුවක් ලබාදීමට ඉදිරියේදී හැකියාව ලැබෙන බව මම කියන්න කැමතියි. මේ ක්‍රමය යටතේ අභියාචනාධිකරණ දෙකක් හරහා කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. නඩුව සෘජුවම යොමු කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අඩුම වශයෙන් අවුරුද්දක් හෝ 2 ක් ගත වුවත් නඩුව ඉක්මනින් අවසන් විය යුතුයි.

    නඩු විභාග සඳහා තීන්දුවක් ලැබෙන තුරු වසර 10 ක් පමණ බලා සිටීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. දූෂිතයන් අල්ලාගැනීම පමණක් නොව ඔවුන්ට නඩු දැමීමෙන් පසුව ඉක්මනින්ම දඬුවම් දීමේ හැකියාවත් මේ අනුව ලැබෙනවා. ඉක්මනින් දූෂිතයින්ට දඬුවම් දීම සඳහා මෙතෙක් කල් තිබූ බාධකය තලතා අතුකෝරල ඇමතිතුමිය මේ ආකාරයට ඉවත් කළ බව පැවසිය යුතුයි.

    හොරු ඇල්ලීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් බාධක ගණනාවක් තිබෙනවා. නඩු භාන්ඩ වැඩිවන විට නඩු සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේ සඳහා වෙනම ඒකකයක් ඇති කළ යුතු බවට අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළා. තලතා අතුකෝරල අමාත්‍යතුමිය නීතිපතිතුමා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් දැන් වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නීතිඥ කණ්ඩායම් හරහා නඩු ඉක්මනින් ඉවර කිරීමේ හැකියාව අපට ලැබෙනවා.”

  • ජූලි වල සිට ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්යි

    ජූලි වල සිට ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්යි

    එළැඹෙන ජූලි මස පළමුදා සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්ය යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය නිකුත් කර ඇත.

  • අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි

    අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි

     

    වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය.

    ශ‍්‍රිලනිපයට විරුද්දව වෙනත් පක්‍ෂයක් හදාගෙන 2015ට කලින් සිටි තත්වයට ආපසු යමු යයි කියන්නේ මන්දැයි ජනාධිපතිවරයා එහිදී මෙසේ පැහැදිලි කලේය.”ආපසු හැරුණොත් බැංකු මංකොල්ලයේ වැරදිකාරයන්ට දඬුවම් දීල ඉවරයි. ආපහු හැරුනොත් හොරු අල්ලල ඉවරයි. ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි ආපහු හැරෙමු කියල “

  • බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නෑ

    බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නෑ

    ජනාධිපති කොමසම මගින් ලබාදුන් බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නොමැති බව හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (19දා)  අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය.

    එහිදී  “යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරීමටද? විධායකය අහෝසි කිරීමටද?” යනුවෙන් ඔහු විසින් වැඩි දුරටත් කියා සිටියේය.

  • ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්

    ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි   මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

    බ්‍රයන් රොස් ෂැඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස  සේවය කළ වකවානුවේ  අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එක් නඩුවක් පවරා තිබූ අතරවර්ෂ 2000 ජූලි මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදීඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි ද තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පවරා තිබුණු අතර මෙම නඩුව සනාථ කිරීමට සාක්ෂිකරුවන් 20ක් සහ ලේඛනයන් 14ක් ඉදිරිපත් කරන බව ද නීතිපති විසින් අධිකරණයට දැනුම් දී ඇත.

  • ගම්මන්පිළත්, විමල්ගේ පන්තියේ.. ගණන් බැහැ; මෙන්න බැඳුම්කරේ පිටු 1257 ම

    ගම්මන්පිළත්, විමල්ගේ පන්තියේ.. ගණන් බැහැ; මෙන්න බැඳුම්කරේ පිටු 1257 ම

    පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය.

    බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු 103 ක් අතුරුදන් වී ඇති බව ඊයේ(18) ගම්මන්පිළ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

    නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

    පරිච්ඡේද 34 කින් සමන්විත බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ පළමු කොටස පිටු 946 කින් යුක්ත වන අතර එහි උපග්‍රන්ථය පිටු 206 කින් සමන්විත වේ. එසේම ඇමුණුම පිටු 105 කි. ඒ අනුව මුළු බැඳුම්කර වාර්තාවේ මුළු පිටු ප්‍රමාණයේ එකතුව පිටු 1257 කි. ජනාධිපතිවරයා පසුගියදා බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ජනගත කරමින් මෙහි පිටු 1257 ක් ලෙස සඳහන් කරන ලද්දේ මෙම මුළු පිටු ප්‍රමාණයේම සංඛ්‍යාත්මක අගයවේ.

    මෙහි හාස්‍යජනක කරුණ නම් උදය ගම්මන්පිළ උගත් නීතිඥ මහතෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියද, ඔහු තම විෂය ගෝචර පොතක් හෝ වාර්තාවක් පරිශීලනයට නොදන්නා විමල්ගේ පන්තියේම තවකෙකු බවට මුළු මහත් රටක් ඉදිරියේ අනාවරණය කිරීමයි.

    ගම්මන්පිළලා වැනි සුද්දන් පවා සුද්ද කළ හොරුන් මෙතෙක් බැඳුම්කර ජනාධිපති කොමිසමේ පිටු ගණන ගනන් කරමින් කවට කතා කියමින් ජනතාව මුලා කළද එහි අන්තර් ගත බැංකු කොල්ලය පිළිබඳ කිසිඳු කරුණක් මෙතෙක් ජනතාවට පවසා නැත. මෙය ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේම ඉත්තෙකු වන උදය ගම්මන්පිළලා එක්සත් ජාතික පක්ෂයේ බළල් අත් ලෙස ක්‍රියාකරන බවට කදිම උදාහරණයකි.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2018/01/table-of-contents-1.pdf” width=”100%” height=”600″]

    [googlepdf url=”http://s.readsrilanka.com/wp-content/uploads/2018/01/table-of-contents-2.pdf” width=”100%” height=”600″]

    ඇමුණුම සහිත සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.

  • කවුද මේ සේනානි සමරනායක ?

    කවුද මේ සේනානි සමරනායක ?

    සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්.

    වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට  NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල්  රුපියල් කෝටි එකහමාරක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිවූ අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්‍යක්ෂවරුන්ද අසමත් වීම හේතුවෙන් අංක 66, උයන, මොරටුව පදිංචි සේනානි සමරනායකට මුදල් විශුද්ධිකරණය හේතුවෙන් සිරගතවිමකට පවා ලක්වීමට සිදුවිය.

    මෙසේ ජනතා මුදල් කොල්ල කා එම කලු සල්ලි සුදු කරමින් සියළු සැප සම්පත් විඳි වංචා කාරියක්, සරලවම කිව්වොත් පට්ට හෙරක් අද නාමල්ගේ ආශිර්වාදයෙන් කොළඹ පුරපතිනි සිහින දකිමින් සිටී.

    දේශපාලන පාට පක්ෂ බේදයක් නැතිව මිලින්ද රාජපක්ෂ වැනි උගත් බුද්ධිමත් රටට වැඩක් කල හැකි දක්ෂ තරුණයින් එක්ක මෙවන් වංචාකාරී ලිංගිකත්වයෙන් ලොවම දිනන්න දත කන නින්දිත ගැහැණියක් තරඟ කරවීමට කටයුතු කිරීම ගැන මේ වන විට පොහොට්ටු පාක්ෂිකයින් මෙන්ම පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ද නාමල් හා බැසිල් සමඟ දැඩි අප්‍රසාධයෙන් පසුවෙන බවට ආරංචි ලැබී ඇත.

     

  • මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි

    මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි

    පසුගිය දිනක ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ විදුහල්පති තුමියකට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් ඊට පසු දිනක එම විදුහල්ලතිනිය මාධ්‍ය ඉදිරියට ඇවිත් එවැනි සිද්ධියක් නොවූ බවට ප්‍රකාශ කලාය.

    කෙසේ වෙතත් නැවත එම විදුහල්පතිනිය තමාට මහ ඇමති වරයාගෙන් වැඳ සමාව ගැනීමට සිදු වූවා යයි අද හඬා වැටෙමින් පිළිගත්තාය.

    ඒපළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් ඉදිරිපිටදීය.එහිදී ඇය පැවසුවේ තමා මාද්ධ්‍යට එසේ පැවසුයේඅධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද තමා ඒසිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා ඇති බව කියා සිටියේය.

    ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. ජනවාරි නව වැනි දා විදුහල්පතිනිය පළාත් සභාවට කැඳවූ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විදුහල්පතිනිය පළාත් සභාවට යෙමු කොට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටින අතරමේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන විමර්ශනයක් ආරම්භ කළ බවයි. ලංකා ගුරු සංගමය ද ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බව ද කොමිෂන් සභා ප්‍රකාශකයා කියා සිටියේය.

  • බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

    බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

     

    දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත.

    මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.

     

  • ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි

    ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි

     ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බව ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

    භූමිතෙල් පෙඟවූ ගෝනි ටයර්වලට දමා ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.