Category: සුපිරි News

  • බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා ඇත්දැයි ප්‍රහ්නයක් පැන නැගෙන අතර ජනපති උපදේශකයින් විසින් හයිලයිට් කර දුන් කොටස් පමණක් බලා කොමිසමේ නිර්දේශ ගැන අවබෝධයක් ලබාගෙන ජනපතිතුමන් විසින් එම ප්‍රකාශය කර ඇති බවක් පෙනී යන බවත් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    තනි පුද්ගලයකුට වරද පටවා මෙම අති විශාල වංචාවට සම්බන්ධ මහ මොල හා අනෙක් දේශපාලකයින් වසන් කිරීමට මෙම ප්‍රකාශය මගින් සිදුවන බව ඉතා පැහැදිලි බවත් එබැවින් එළැඹෙන ඡන්දයට ප්‍රථමයෙන් මෙම සම්පූර්ණ වාර්ථාව ජනගත කර රටේ මිනිසුන්ට මෙම වංචාව සම්බන්දව වගකිවයුත්තන් එළිකල යුතු බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    රජිත කීර්ති තෙන්නකෝන් මහතා  වොයිස් ඔෆ් සිලොන් වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවේ හඩ පටය පහතින් …

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/dcL3WYsgk-A” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

    කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

    පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු  කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
     

     ඔවුන් සන්තකයේ තිබී කසිප්පු ලීටර් 25.25ක් සීනි කරිඤ්ඤං ලීටර් 50ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී සීබී රත්නායක හිටපු අමාත්‍ය තුමන් කිරි සහ කැ#රි යන වචන පැටලී මහත් අකරතැබ්බයකට පසුගිය දිනකදී පත්ව ඇත.එම වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න…

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/iZv2W_Yjz9U” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

    පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

    මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්විමට නියමිතයි.

    එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ කිහිපයකට එළැඹිමට නියමිත බවයි.

    එමෙන්ම එළැඹෙන මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ඇති.

  • මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

    මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

    මැතිවරණ නිති  උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වන අතර මැතිවරණය ප්‍රචාරණ කාල සීමාව තුල මෙසේ බුදු පිළිම බෙදා තම ඡන්ද ගෙඩ වැඩි කරගැනීමට කටයුතු කිරීම  ඉතා කණගාටුදායක තත්වයක් බව බොහෝ ගිහි පැවිදි උතුමණ්ගේ අදහසයි…

  • රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    පසුගිය සෙනසුරාද (30) අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේදී නාවික හමුදාව සමඟ CH & FC කණ්ඩායම අතර තරඟය වැලිසරදී පැවති අතර එම තරඟය ලකුණු 27ට 24ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ජයගත්හ.තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර සිදුවූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරගිය අතර යෝශිත ගැටුමට මැදි වූ බැවින් අසල හිටි නාමල් ද තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.පසුගිය රජය මසයේ සිය පියා ජනාධිපති වීම හේතුවෙන් රගර් කණ්ඩායම් වල බලය මේ සොහොයුරන් දෙපල දරා සිටි අතර අනෙක් දක්ෂ ක්‍රීඩකයින් මේ හේතුවෙන් ඉතා දැඩි කනස්සල්ලෙන් සිටි බව නොරහසකි. සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දෙවරක්ම ලැබූ දැඩි පරාජයත් සමග මේ සොහොයුරන්ගේ බලයද බිඳී සාමාන්‍ය ක්‍රීඩයිකයින් බවට පත්වුද තවද ජනපති පුතා යන උශ්නය මොවුන්ගේ හිත් වලින් තුරන් වී නොමැති බව පෙනී යයි….

  • ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    අද 2018 ජනවාරි 02 ඒ කියන්නෙ ලැබුවා වූ 2018 නව වසරේ වැඩ කරන පළමු දිනය(පළවනදා එනම් ඊයේ පොහොය දිනයක් නිසා) ඉතින් ඔන්න 2018 වසරේ වැඩකරන පළමු දිනයේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඝ , වෙද , ගුරු , ගොවි හා කම්කරු කියන පංච මහා බලවේග එකතු කොට හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අයුරකින් කිවුවහොත් 2005 එවකට හිටි හොඳ කම්කරු නායකයෙක් වූ මහින්ද රාජපක්ෂට ජනපති වරම් හිමිකරදුන් පක්ෂය දෙකඩ කිරීමේ මහත් වූ පාප කර්මයට උරදෙන්න යන බවට ආරංචි ලැබී ඇත.

    ඒ, අද ඔහු සුගතදාස ක්‍රීඩාංගනයේ පොහොට්ටුව නමින් තමන්ව හදුන්වාගන්නා බැසිල් ප්‍රමඛ දේශපාලන අනාතයන් සුළුතරයක් සමඟ අත්වැල් බැඳගෙන නාමල්ව 2025 වනවිට ජනපති අපේක්ෂකයා ලෙස කල එළි දැක්වීමට ඇති පටු දේශපාලන කොණය නිසා පමණක් බව උගත් බුද්ධිමත් පාඨක ඔබ සැමට අලුතින් කියන්න දෙයක් දෙයක් නැත.

     

  • පිපෙන්නේ නැති පොහොට්ටුවටවත් හොර අලියටවත් මේ පාර ජනතා මනාපයක් නෑ – මහින්ද

    පිපෙන්නේ නැති පොහොට්ටුවටවත් හොර අලියටවත් මේ පාර ජනතා මනාපයක් නෑ – මහින්ද

    ජාතිවාදය කතා කළ නායකයෝ, ජාතිවාදය ඇවිස්සු නායකයෝ ඉතිහාසයේ කුණු බක්කියට ගිහිල්ලා හමාරයි. ඒ කුණු බක්කියට ගිහිල්ලා නැවත ගොඩ එන්න හදන්නේ ජාතිවාදයෙන් නම් කවුරුහරි, එහෙම ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මේ රටේ ජාතිවාදය ජනතාවට අද තිත්ත වෙලා. මේව කතා කරලා ඡන්දෙ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සිංහල ජනතාවත් දෙමළ මුස්ලිම් කිසිම ජනතාවක් ඒ ජාතිවාදය කතා කරන කට්ටියට ඡන්දය දෙන්නේ නැහැ කියන එක අපි ස්ථිර වශයෙන් දන්නවා, යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැසීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
    මේ මැතිවරණය තිබුණු තත්ත්වය නෙවෙයි දැන්. හැම ගමකටම ගියාම මේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් මම දැක්කා ගිය හැම ගමකම වගේ එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් අපිට එකතු වෙනවා.

    මේ ආණ්ඩුවට, මේ ජනාධිපතිතුමාට චෝදනා රාශියක් එල්ල කළා. පට්ටපල් බොරු තමයි දවසින් දවස කියන්න පටන් ගත්තේ. මේ ආණ්ඩුව බලයට පත්වුණාම කිව්වා එල්.ටී.ටී.ඊ. එකට උදවු කරනවා. කොටි සංවිධානය ශක්තිමත් කරනවා කිව්වා. රට බෙදනවා කිව්වා. හමුදා කඳවුරුවලට ගල් ගහනවා කිව්වා එල්.ටී.ටී.ඊ. කාරයෝ ඇවිල්ලා. එල්.ටී.ටී.ඊ. අය ඇවිල්ලා හමුදාවේ අය මරන්න පටන් ගන්නවා කිව්වා. නැවත සංවිධානය වෙනවා කිව්වා. මේ වගේ දවසින් දවස අමූලික බොරු කියන්න ගත්තා. නමුත් අද ජනතාවට ඔප්පු වෙලා තියෙනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න මේ ආණ්ඩුව තුළ කිසිම දවසක රට බෙදෙන්නේවත් නැවත යුද්ධයක් ඇති වෙන්නේවත් නැති බව.
    බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු කණ්ඩායම තමන්ගේ තනතුරුවලින් අයින් වෙලා ශ්‍රී ලනිප ගොඩනැඟුවේ. එහෙම තමයි පක්ෂ ගොඩනැඟෙන්නේ. තනතුරුවලින් ඉවත් වෙලා ගිහිල්ලා මිසක් තනතුරුවලට ලෝබකමේ ඉඳගෙන පක්ෂ ගොඩනඟන්න බැහැ. එහෙම ගොඩනඟපු ඒ පක්ෂය විතරයි සාර්ථක වුණේ. එතැනින් පස්සේ හදපු සියලුම පක්ෂ විනාශ වෙලා ගියා.

    අද මේ පක්ෂවලට වෙන්නෙත් ඒ ඉරණමම තමයි. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ඒ විතරක් නෙවෙයි එහා පැත්තේ ඉන්න යන්න කතා කරන අයත් දන්නවා.
    පක්ෂයකට ගිහිල්ලා හොරාට උදවු කළාට මේ පක්ෂයෙන් අයින් වෙලා, ඒ පක්ෂයේ සාමාජිකත්වය ගන්නෙ නැත්තේ ඒ නිසා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා.
    එක්සත් ජාතික පක්ෂයෙත් විශාල පිරිසක් අපිට එකතු වෙලා. ඒ අය දන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ අයට අනාගතයක් නෑ කියලා. එක්සත් ජාතික පක්ෂය පිරිසුදු නෑ කියලා මේ වෙනකොට ඔප්පු වෙලා හමාරයි. අමාත්‍යාංශ අරගෙන වැඩ කරපු ආකාරය දැක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හරි ආකාරව තමන්ගේ අමාත්‍යාංශ මෙහෙව්වා වගේම ඒවා චෝදනාවට ලක් වුණේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යාංශ කිහිපයක්ම දෝෂදර්ශනයට ලක්වෙලා තියෙනවා. චෝදනා එල්ල වෙලා තියෙනවා. සමහර චෝදනා සත්‍ය වෙමින් යන බවත් අපිට පේන්න තියෙනවා.

    අපිට එකතු වෙච්ච යූ.එන්.පී. කට්ටිය කිව්වේ මහ බැංකු බැඳුම්කර සිද්ධියත් එක්ක ලැජ්ජයිලු දැන් ගම්වල ගිහින් යූඑන්පී කියල කියන්න. ඒ නිසා පිරිසුදු නායකයෙක් වෙච්ච මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න බය නැතුව පුළුවන් කිව්වා.

     

  • හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

    අවුරුදු 30කට වඩා පැරැණි සඳුන්ගස ඉතා හොඳින් වැඩීතිබූ බවත් මුල වට අඩි 04ක් පමණ වන බවත් සැකකරුවන් සොයා හල්දුම්මුල්ල පොලීසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් පොලිසීය ප්‍රකාශ කරයි.

     

  • මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

    මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

    මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ දේශය පුවත්පත සිදුකළ සාකච්ඡාවකි මෙය.

    ඔබගේ සම්පූර්ණ නම?

    අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

    ගම කොහේද?

    අකුරල ග්‍රාමයේ

    පවුලේ විස්තර?

    මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

    පාසල් ගියේ?

    මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

    ඔබගේ රැකියාව මොකක්ද?

    මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

    කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?

    ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

    ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?

    මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්.

    මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?

    නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

    ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?

    අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

    ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?

    එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

    ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?

    කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

    ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

    එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

    එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

    මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

    මොනවද කිව්වේ?

    මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

    ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

    ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

    ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

    2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

    මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?

    ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

    ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?

    මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

    මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

    මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

    දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

    ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

    ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?

    නෑ… නෑ… හම්බවුණේ නෑ… එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

    ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?

    නෑ… ඒක බොරු කතාවක්.

    ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයිද මේ කඩා වැටීමට ප්‍රශ්න?

    නෑ… ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

    ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?

    බෑ එහෙම කියන්න බෑ.

    වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?

    අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

    ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?

    නෑ… ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

    ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?

    අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

    දිනේෂ්ට වාසනාව තියෙනවාද?

    නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

    කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?

    කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

    ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?

    නෑ… නෑ… මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

    ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?

    දෙගොල්ලොම ඉන්නවා.

    පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?

    අනිවාර් යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන.

    දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

    මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

    ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?

    මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

    රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?

    බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

    මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

    එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

    ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?

    අනිවාර් යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

    මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?

    නෑ… නෑ… මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

    වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?

    එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

    ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?

    ඒකට දැන් උත්තර දෙන්න බෑ.

    රටට මොන වගේද?

    දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

    2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?

    ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

    ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

    අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

    2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?

    2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

    – Deshaya

  • කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

    කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

    VOICE OF CEYLON වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි

    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි.

    එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු පලාත් පාලන ආයතන වලට තරග වදින මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹ මහ නගර සභාවට පමණක් තනිව තරග වදින්නේ ඇයිදැයි යන්න අපගේ ගවේෂණයට හේතුවූ පලමු හේතු සාධකය විය.

    මෙය හුදෙකලා සිද්ධියක් නොවන වගත් මෙය පිටුපස කුමක් හෝ දේශපාලන කාරණාවක් ඇති බවත් වටහාගත් අප ගවේෂක කණ්ඩායම සොයාගත් කරුණු මෙසේය.

    කොළඹ මහනගර සභාවේ බලය ඉදිරි මැතිවරණයන්හීදී අතීශය තීරණාත්මක සාධකයක් නිසාවෙන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුනම කොළඹ මහ නගර සභාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇත. එහෙයින් එජාපයෙන් රෝසි සේනානායකද ශ්‍රිලනිප පාර්ශවයෙන් අසාද් සාලිවද නම් කොට ඇත. ඩීල් එක ගොඩ නැගෙන්නේ එතනින් නොව. පොහොට්ටුවෙන් ඉදිරිපත් කොට ඇති නාමමාත්‍රික නගරාධිපති අපේක්ෂකයා වෙනුවෙනි.

    නාමයෝජනා සකස් කරමින් පවතින කාලය පුරාම මනෝ කටයුතු කලේ එජාප නාම යෝජනා මණ්ඩලය සමග වුවත් අවසාන දින රාත්‍රියේ මනෝට අදාල ස්ථානයෙන් පිටව යෑමට තිබුණේ ඉතා හදිසියකි. ඒ කලින් කතා කරගත් පරිදි අදාල ඩීල් එක වනවාද නැද්ද යන්න දැන ගැනීමටය. රාත්‍රී 10.00ට පමණ එජාප නාමයෝජනා මණ්ඩලයෙන් මනෝනැගිට යන්නේ හදිසියේ ලැබෙන වයිබර් පණිවුඩයක් හේතුවෙනි. ඒ පණිවුඩය එවන ලද්දේ අන් කිසිවෙක් නොව කොළඹ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හා වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකුගෙනි.

    ”වැඩේ හරි….යුරේ…. සල්ලි ටිකත් එක්ක ඇමතිතුමාගේ ගේ ගාව”

    එලෙස සටහන්ව ඇති පණිවුඩය දුටු වහාම මනෝ එජාප නාමයෝජනා මණ්ඩලයට පවසා සිටියේ තමන්ගේ අපේක්ෂකයින් හත්දෙනා සමග තමන් තනිව කොළඹ මහනගර සභාවට තරග වැද ජයග්‍රහණයෙන් පසුව එජාපය සමග එක්වෙන බවයි. මනෝගේ අපේක්ෂකයින් වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩ වහාම තමන්ගේ අපේක්ෂකයින් දැමීමට එජාප නාමයෝජනා මණ්ඩලය කටයුතු කල අතර මනෝ එම ස්ථානයෙන් පිටත්ව තම නිවස බලා ආවේ විදුලි වේගයෙනි.

    එදා රාත්‍රිය මනෝට කාමාසුඛල්ලිකානුව ගත කිරීමට අදාල මාධ්‍ය හිමිකරු එවා තිබූ ජනප්‍රිය නිළිය සමගවූ බීෆ් කේසය දැක මනෝ වහාම අදාල මාධ්‍ය ආයතන හිමිකරුට දුරකථනයෙන් ඇමතීය. දුරකථනය විසන්ධිකල අදාල මාධ්‍ය හිමිකරුවා වයිබර් හරහා මනෝ සමග සම්බන්ධ විය.
    ” මනෝ මම ඔන්න වැඩේ කලා. අපිට කොළඹ දිනන්න ඕනේ,ඒක අපේ බිස්නස් වලට වටිනවා. අපිට සුළු ජාතික ඡන්ද වල අඩුවක් තියෙන්නේ. අපි දන්නවා ඔයාට ඒක කවර් කරන්න පුළුවන්. ඉතිරි හරිය මම වෙනත් විදියකට කතාකරගෙන යනවා. ඔයා අපිට සහාය දෙන්න”

    එදින රාත්‍රිය සුවපහසුව කාමයෙන් හා සුරාවෙන් වෙලී ගතකල මනෝ අවධිවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමතුමෙනි.”ඇයි මනෝ ඔයා කොළඹින් වෙනම ඉල්ලන්නේ” අගමැතිවරයා එසේ විමසද්දී මනෝ ප්‍රකාශ කලේ
    ”සර් මම කොහොම ඉල්ලුවත් සර්ලා එක්ක ඉන්නවනේ” යනුවෙනි.
    ” ආ එහෙමනම් ගැටලුවක් නැහැ මනෝ” අගමැතිවරයා දුරකථනය විසන්ධිකල අතර උදෑසන 11ට පමණ ජනපති මෛත්‍රීපාල සිරිසේන මනෝව දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින්
    ” මනෝ මොකද ඔයා කොළඹ විතරක් තනිවම ඉල්ලන්නේ” විමසා සිටි අතර මනෝ එවෙලේ පැවසුවේ අපූරු පිළිතුරකි.

    ” සර් එජාප ලිස්ට් එකේ අන්ඩර්වර්ල්ඩ් අය ගොඩාක් ඉන්නවා මගේ අය දැම්මොත් එයාලව කපලා මගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන්”

    මනෝව දිනා ගැනීමේ අවස්ථාවක් ලෙස භාවිතා කල හැකි අවස්ථාවක් යැයි කල්පනා කල ජනාධිපතිවරයා
    ” මනෝ මම දැන්ම ඔයාට STF ගාර්ඩ් එකක් එවන්නම්. භය වෙන්න එපා”යනුවෙන් ප්‍රකාශ කලේය.

    මනෝගේ මේ ප්‍රකාශය නිසා ක්ෂණිකයෙන් කොළඹ එජාප ලැයිස්තුවට පාතාල සාමාජිකයින් ඇති බවත් ඒ නිසා මනෝට STF  ආරක්ෂාව ලබාදුන් බවත් පුවත නිර්මාණය විය. මේ පුවත නිර්මාණය වන්නේ අදාල මාධ්‍ය හිමිකරුට අයත් ප්‍රචාරක ආයතනයෙනි. පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයාද සේවය කරන්නේ අදාල ප්‍රචාරක ආයතනයේයි.

    STF පිරිවරාගෙන මනෝ කොළඹ ඡන්දේ කරන හැටි

     

    රටේ ජනපති අගමැති අන්දවා මනෝගේ ඩීල් නාට්‍ය හා STF ආරක්ෂක වලල්ල නිර්මාණය වන්නේ එලෙසිනි. පෙබරවාරි 11 වැනි දින වන විට මනෝ ජනපතිව හා අගමැතිව ඇන්දූ බව තේරෙන විට ඔවුන්ට විහිදෙනේ තරු සමග රැස් වළලුය.

    VOC ගවේෂක කණ්ඩායම

    මනෝගේ චීන්නු බෝඩිම් හා අවුරුදු දෙකහමාරෙන් හදපු සැප නිවාස ගැන තොරතුරු බලාපොරොත්තු වන්න

  • ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

    ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

    කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැහැ මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් එතනදි මට අදාල වෙන්නෙ නෑ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය ප‍්‍රතිඥාව දීමේ උත්සවයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32ක නායකයෝ හා ක‍්‍රියාකාරීහු ඉදිරියේදී පැවසීය.

    “මට අවශ්‍ය වන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මා ප‍්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරි ගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් මේ වැඬේ පටන් ගත්තම ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳ සාක්ෂියක් කර ගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩු ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගනිමු. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති රටක් වෙනුවෙන් සියලූ දෙනා අධ්‍යාත්මික දර්ශනය අනුව කැපවෙමු.’ යයිද ජනපති තුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

    මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

    මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය.

    ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100 ක් බවට වාර්තා විය.

    එහෙත් එම ලැම්බෝගිනියේ උණුසුම පහව යන්නට මත්තෙන් පසුගිය දින කිහිපයේදී තවත් ලොව සුපිරිතම මෝටර් රථ වර්ගයක් වන ෆෙරාරේ මෝටර් රථ 2 ක් ප්‍රොවිඩන්ස් ඔටෝ යටතේ ලංකාවට ගෙන්වන ලදී. එහි එක් මෝටර් රථයක හිමිකරුවකු වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇවෙන් රා සමුහයේ හිමිකරු දනේෂ් ද සිල්වාය. එය කහ පැහැති ෆෙරාරි ස්පයිඩර් වර්ගයේ රථයකි. මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් හෙවත් මිලියන 100 කි.

    එසේම මීට දින කිහිපයකට ඉහතදී ගෙන්වන ලද අනෙක් ෆෙරාරි රථය ගෙන්වන ලද්දේ රිෂ්මි අමනුඩීන් නැමැති තැරැව්කරුවකු විසින් වන අතර එහි හිමිකරුවා ශ්‍රී ලංකාවේ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බව සඳහන්. එය රතු පැහැති ෆෙරාරි 488 GTB වර්ගයේ රථයක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 9 ක් පමණ වන බව සඳහන්.

    මෙහි ඇති විශේෂත්වය නම් මෙම සුපිරි මෝටර් රථ ගෙන්වන ලද සියළු දෙනාම රාජපක්ෂවරුන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන යන්නන් වීමයි. රිෂ්මි අමනුඩීන් නම් සුපිරි මෝටර් රථ තැරැව්කාර ව්‍යාපාරිකයාද රාජපක්ෂවරුන් සහ බුරියානි මුස්තාෆා සමඟ සමීප රහස් ඇසුරක් පවත්ගෙන යන අයෙකු බවට වාර්තාවේ.

    මේ අතර අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ඉදිරි සතියේදී තවත් සුපිරි ෆෙරාරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි වටිනාකම මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බව සඳහන්. එම ෆෙරාරි රථය මීට පෙර කෝටි11ක ලැම්බෝගිනිය ගෙන්වන ලද ජෙහාන් හමීඩ්ට අයත් බාවේරියන් මෝටර්ස් යටතේ පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.

  • ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

    ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

     

    ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනකසාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් පොලිසිය ඉදිරිපටදීම බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත.

    පුජා භාණ්ඩ වලටද පහර දෙමින් මේක බෞද්ධ විහාරයක්.. තමුසෙලා ඔක්කොටම වැඩේ දෙනවා යයි පවසමින් බැතිමතුන් විසින් පොළොවේ ඇඳ තිබූ කෝලම් නම් සහල් පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල සැරසිල්ලක් ආණ්ඩුකාර බිරිද විසින් පාවහන් සහිතව පෑගීම නිසා තත්වය උණුසුම් වී ඇත.

    වීඩියොව පහතතින් බලන්න

  • දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය

    පසුගිය දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ අතර ඉදිරියේදිත් දිනේෂ්ගේ නායකත්වය පසෙකලා පොහොට්ටුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් තවත් කණ්ඩායමක් ශ්‍රීලනිපය වෙත පැමිණීම සනාත කර ඇති බවත් ඒ හේතුවෙන් දිනේශ් ගුණවර්ධන මේ දින වල ඉතාමත් කණගාටුවෙන් පසුවන බවත්  නෙළුම් මාවත කාර්යාලයේ විශේෂ ඔත්තු කරුට තහවුරු වී ඇත.

    මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතින බැවින්‍ෙ එයට සෘජුවම බැසිල් වගකිව යතු යයි ජී.එල් මහින්ද රාජපක්ෂට පැවසීමත් සමග මේ දින වල බැසිල් හා ජී.එල් අතර දැඩි නොහොඳ නෝක්කඩුවක් පවතින බවට ද ආරංචි ලැබී ඇත.

  • පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි…  සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි… සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධයෙන් ඉවත්ව ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩ කටයුත් සඳහා සිය පූර්න කැපවීම යොදන බවට අද උදෑසන ජනපකි මෛත්‍රී හමුවී ප්‍රකාශ කර ඇත.

    එතුමන් මෙම තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව තුල බැසිල් රාජපක්ෂ විසින් ගෙනයන ඒකාධිකාරී පාලනය නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.තමන්ට මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසිදු අමනාපයක් නැති අතර මහින්ද නම විකුණා බලය ලබා ගන්න දගලන බැසිල් හා නාමල් යන දෙපලගේ අවිචාරවත් දේශපාලන හැසිරීම නිසා මේ රට ඉදිරියේදී මහා ව්‍යවසනයකට ලක්විය හැකි බැවින් ඒ සඳහා කොටස් කාරයෙක් වෙන්න තමන්ට නොහැකි යයි ඔහු සිය සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.