
Category: සුපිරි News
-
සංහිඳියාවේ නාමයෙන් උතුරට නව රූපවාහිනී නාලිකාවක්…
උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.මෙම නාලිකාව සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීම පිණිස චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී ඇත. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද අමාත්‍යවරයා පැවසීය.ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ දී පිටිවහලක් වන බැවින් “සංහිඳියාවේ නාලිකාව” ආරම්භ කිරීමට රජය තීරණය කළ බවද තවදුරටත් පැවසීය. -
නාමයෝජනා ඉල්ලු මධූෂාව මහින්දගේ සහචරයින් සමූහ දූෂණයට සැරසිලා!
ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය.
එහෙත් ඇයට නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් ‘ලිංගික අල්ලස්’ ඉල්ලූ බවට ඇය පසුගියදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණාය. එමඟින් ඇය පවසා සිටියේ, මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපව ඔහු සමඟ ගැවසෙන ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවයි. එහෙත් ඇය ඔවුන්ගේ නම් අනාවරණය කර නොතිබූ අතර අප වෙත ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ, ඒ මහින්දගේ සරමේ පොට කොට වූ විට පොට දිග්කරන බක වංශයෙන් වැඩ කරන මහින්දගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන උදිත් ලොකුබණ්ඩාර බවයි.
එසේම අනෙක් පුද්ගලයා මහින්ද ලග දැවටෙමින් සිටින වද බැස ගිය ඇට ගැසුණු රේනුක නැමැති අයවලෙකු බවයි. මෙම කුකුල් හැඩැති රේනුක නැමත්තා මිට පෙර මහින්ද රාජපක්ෂ පාලනය සමයේදි දේශපාලන යට පිවිසි හිරුණීකාටද අනවශ්‍ය ලෙස කරදර කිරිමට ගොස් රාජ්‍ය උදහසට ලක්ව සිය සභාපති කමද අහිමී කර ගත් අයෙකි.
කෙසේ වෙතත් නාමයෝජනා ලබාදීමට තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සිදුවීමට විරෝධය පළ කරමින් මධුෂා අද මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවාය.
ඇය පවසන්නේ නව මැතිවරණ ක්‍රමය තුලින් කාන්තා නියෝජනය 25% ක් කළද ඒ සඳහා ලිංගික අල්ලස් දීමට සිදුවන්නේ නම් පලක් නොවන බවයි. ඇය මේ පිළිබඳව මහින්ද රාජපක්ෂව දැනුවත් කළද එය මහින්ද නොසලකා හැරි බවද මධූෂා පැවසුවාය. මේ සම්බන්ධයෙන් ඇය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
-
ශ්‍රීපනිපයේ මන්ත්‍රීන් පොහොට්ටුව දිනවීමට කටයුතු කරනවාදැයි බැලීමට සෑම දිස්ත්‍රික්කයකටම නියෝජිතයෙක්…

ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බව ඊයේ (19 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‌ෂවල ප්‍රචාරක කටයුතු මෙන්ම එම පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මොහොතේ කටයුතු කරන්න බැහැ. එය පක්‌ෂ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මැතිවරණය වන තෙක් එම පිරිස නිදහස් පක්‌ෂය සමඟ එකතු වෙයි කියලා ජනාධිපතිවරයා ඉවසාගෙන හිටියා. ඒත් මේ මොහොතේ පක්‌ෂය දෙකඩ කරන පක්‌ෂය විනාශ කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරලා සාක්‌ෂි සහිතව ඔවුන් පක්‌ෂයෙන් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ඉන්නේ. පොදුජන පෙරමුණට අයිතියක් නැහැ එතුමාගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදවීමට. ඒ පිළිබඳවත් ඉදිරියේදී තීරණයක් ගන්නවා.”
-
එජාපයෙන් , හෙළ උරුමයෙන් හා තවත් පක්ෂ කිහිපයක සංවිධායක වරු හා ක්‍රියාකාරීන් ශ්‍රීලනිපයට…

එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම් දයාංගණී හෙට්ටිආරච්චි, ජාතික හෙළ උරුමයේ මැදදුම්බර හිටපු සංවිධායක ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීන් හා මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීමට එක්ව ඇත.
-
මහින්ද යුද හමුදා මූලස්ථානය තිබුන ඉඩම ෂැංග‍්‍රිලා සමාගමට අත්තනෝමතිකව විකිණීමෙන් කෝටි 500ක් රජයට පාඩුයි…

නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
එතුමා එසේ පැවසුවේ පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව ඇතැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව සඳහන් කරමිනි.
මෙම ඉඩම විකිණීමට පෙර යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට හෝ එක් නිශ්චිත ස්ථානයක් තෝරාගැනීමට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා ෂැංග‍්‍රිලා සමාගමට මෙම ඉඩම ලබාදී ඇත්තේ ද සින්නක්කරවම බව ප‍්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ ආරක්‍ෂක මූලස්ථානය වන පෙන්ටගනය හා සමානව යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු ආරම්භ වුවත් එහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට රජයට සිදුවූ බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
-
ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් යොදා සැරසිලි කලොත් වැඩ වරදී…

ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බවමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පුකාශ කර සිටියේය.
දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙවර ඡන්දයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී එවැනි සැරසිලි සිදුකරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන්නැයි එතුමා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කරමින් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර 2034/ 36 දරන නිවේදනයෙන් පොලිතින් හෝ ප්ලාස්ටික් විවෘත ස්ථානවල දමා පිළිස්සීමද තහනම් කර ඇති බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතූ සභාපතිවරයා මෙසේ ද කීය.
‘‘ සැප්තැම්බර් පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කළ නමුත් ඒ පිළිබඳ දැඩි පරික්ෂාවන් ආරම්භ වෙන්නේ ලබන පළමුවැනිදා සිටයි. ඒ කාලය ලබා දුන්නේ විකල්පවලට මාරුවෙන්නයි. මේ වනවිටත් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පරික්ෂා කරමින් ඉන්නවා. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙන්ම ලියාපදිංචි නොවු ආයතනත් පවතිනවා. මේ සියල්ල පරික්ෂාවට ලක්කරනවා. ලියාපදංචි නොවී පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ දන්නේ නම් මධයම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘‘
-
අයවැය විවේචනයට ඒකාබද්ධයේ කිසිම දැණුමක් හෝ හැකියාවක් ඇති කවුරුත් නෑ…- මොහාන් සමරනායක

මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර මිතුරු එකක් නොවන බවත් 2018 අයවැය යෝජනාවළියේ ආර්ථික දෘෂ්ටිය මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බවත් අයවැය යෝජනාවළිය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුමේ දුගී කම හෝ විකල්පයක් නොමැති කම මෙයට හේතුවිය හැකි බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ඊයේ(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
-
කාණ්ඩ 4ක් යටතේ රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා

2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ.
එම කාණ්ඩ නම්,
කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් – රු. 15,000
කාණ්ඩ අංක 02 – පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් – රු. 13,500
කාණ්ඩ අංක 03 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත – රු. 5, 000
කාණ්ඩ අංක 04 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් – රු. 3, 000
සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබන අතර ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුය.
144 total views, 24 views today
-
ඇස්බැස්ටස් තහනම කල් යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී 2018.01.01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
-
ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණයි – මහින්ද අමරවීර

ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේ තීන්දුවක් ගන්නවානම් එය ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එසේ සිදු වනවානම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට පෙරද පසුද කියා නිශ්චිතව කිව නොහැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
-
ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ඉතිහාසගත වන ජයක්
සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරඟයෙන් කදුළු 8ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමි කර ගත්තේය. තරඟ 2-1ක් ලෙස මෙම තරඟාවලිය ජයගත් ඉන්දියාව නොකඩවා ලැබූ 8වන එක්දින තරඟාවලි ජය ලෙසට ඉතිහාස ගත වීමට නියමිතය.
එහිදී පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5ක් තුළ ලබාගත් ලකුණු 215ට පිළිතුරු සැපයූ ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් අහිමි කරගනිමින් නියමිත ඉලක්කය පසු කර ගිය අතර, ෂිකර් දවාන් නොදැවී ලැබූ ලකුණු 100 ඉන්දීය ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වය සැපයීය.
ලකුණු 216ක පහසු ඉලක්කයක් කරා යන ගමනේ ඉන්දීය පළමු කඩුල්ල ලෙස පෙර තරගයේදී ලකුණු 208ක් ලැබූ නායක රෝහත් ෂර්මා ලකුණු 7කට අකිල ධනංජයට ගොදුරු වුණද අනෙක් ආරම්භක පිතිකරු ෂිකර් දවාන්ට එකතු වූ ශි්‍රයාස් අයියර් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සබඳතාවක් එක්කරමින් ඉන්දීය ජයග්‍රහණයට අවශ්‍ය මාර්ගය සකසා දුන්නේය.
විශාකාපට්නම්හිදී පැවැති මෙම තරගයේදී ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී එක් කඩුල්ලකට ලකුණු 136ක්ව පැවැතුණද උපුල් තරංගගේ හා සධීර සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව සෙසු පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමි කළේය.
කෙසේ වෙතත් දෙපිලම තරග එක බැගින් ජයග්‍රහණය කර ඇති හෙයින් කාසියේ වාසිය අතිශය වැදගත්කමක් දැක්වූ මෙම තරගයේ පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතුරින් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක බුම්රාගේ පන්දුවකට රෝහිත් ෂර්මාට ලබාදුන් උඩපන්දුවක් හමුවේ දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15ක් විය.
ගුණතිලකගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි සධීර සමරවික්‍රම අනෙක් ආරම්භක පිතිකරුවා වූ උපුල් තරංග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට රැගෙන ගියේය.
මොවුන් දෙදෙනා පිටියේ සෑම දිශාවකටම පහර එල්ල කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට බලවත් හිසරදයක් බවට පත්වූ අතර, තරගයේ 9 වැනි පන්දුවාරයේදී උපුල් තරංග විසින් හාදික් පාන්ඩියාට පිට පිට හතරේ පහර පහක් සමඟින් ලකුණු 20ක් ලබාගැනීම විශේෂත්වයකි. මෙම පිතිහරඹය හේතුවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණු 100 පන්දුවාර 17කදී වාර්තා විය.ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 136ක් වෙද්දී තරංග සමඟින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රමගේ ඉනිම නිමාවට පත්විය. පන්දු 57කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටි සමරවික්‍රම චහාල්ගේ පන්දුවක් හමුවේ සීමාවෙන් ඉවතට පැන ඩීප් කවර් ස්ථානයට ඉහළින් පන්දුව එල්ල කිරීමට උත්සාහ කළද එම ස්ථානයේ පන්දු රකිමින් සිටි දවාන් අතට උඩපන්දුවක් දීමෙන් දැවී යනවිට තරංග සමඟින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 121ක අගනා වටිනා සබඳතාවක් ගොඩනඟා තිබිණි.
සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව තරංගට එක්වූ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 160 සීමාව වෙත ආවේය. මේ අවස්ථාවේදී එතෙක් හොඳින් ලකුණු අතර සිටි උපුල් තරංග ස්ටම්ප් කිරීමට ලක් කිරීමට දෝනි සමත් විය. පන්දු 82කට මුහුණ දී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් දියත් කළ එම පිතිහරඹය ශතකය ආසන්නයේම එනම් ලකුණු 95කට සීමා කිරීමට කුල්දීප් යාදව් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
කෙසේ වෙතත් උපුල් තරංග ලැබූ මෙම 95ත් සමඟින් ඔහු මෙම වසරේදී එක්දින ලකුණු 1000 (තරග 25කදී ලකුණු 1011) සම්පූර්ණ කළ ලොව තෙවැනියා බවට පත්වූ අතර, මෙහි පළමු තැන ඉන්දියාවේ විරාත් කෝලිටත් (තරග 26කදී ලකුණු 1460) දෙවැනි තැන රෝහිත් ෂර්මාටත් (තරග 20කදී 1286) හිමිව තිබේ.
තරංගගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර, මුලදී ලකුණු 300 සීමාවෙන් ඔබ්බට පහසුවෙන් යාහැකිව තිබූ ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී ලකුණු 220 සීමාවට පිවිසීමටවත් නොහැකි වූයේ තරංග හා සධීරගෙන් පසු පැමිණි පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය හේතුවෙනි.
ලකුණු 42කට කඩුලු 3ක් ලැබූ කුල්දිප් යාදව් තෙවැනි හා අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ෂිකර් දවාන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
ලකුණු සටහන
ශ්‍රී ලංකාව (පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී) 215 (උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, අසේල ගුණරත්න 17, ඇන්ජිලෝ මැතිව්ස් 17, ධනුෂ්ක ගුණතිලක 13, නිරෝෂන් දික්වැල් 08, සචිත් පතිරණ 07, යාදව් 3/42, චහාල් 3/46, පාන්ඩියා 2/49)
ඉන්දියාව (පන්දුවාර 32.1කදී කඩුලු දෙකකට) 219 (ෂිකර් දවාන් නොදැවී 100, ශි්‍රයාස් අයියර් 65, දිනේෂ් කාර්තික් නොදැවී 26, රෝහිත් ෂර්මා 07, තිසර පෙරේරා 1/25, අකිල ධනංජය 1/53)
-
කුඩු ලංසත් ඒකාබද්ධ හොර කල්ලියට…

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත යොමු කර සිය ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ.
ඔහු පසුගිය ආණ්ඩු සමයේ කුඩු ගෙන්වීම හා බෙදාහැරීම යටතේ ඡෝදනා ලැබ තැබූ අතර එසමයේ ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙන් වැටලූ අවස්ථාවේදී එවකට හිටපු ජනපති මහින්ද ගොස් ඔහුව වැළද ගෙන විශාල මාධ්‍ය සංදර්ශනයක්ද දැම්මා මෙරට වැසියන්ට අමතක නැත.පසුගිය ආණ්ඩුව විසින් එසේ යටගැසූ එම ප්‍රශ්න වලට අදාල ෆයිල් බැසිල් රාජපක්ෂ විසින් නැවත එළියට ගෙන ඒමට සැරසෙන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ….
-
ඇමති සජිත් පාතාලයට සම්බන්ධ බව ඔප්පු වෙයි… බොඩිගාඩ් ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ…

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අත්අඩංගුවට පත් මෙම ඇමති අංගාරක්ෂක සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකුද වන අතර ඔහු පාතාල නායක අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ සාමාජිකයෙකු බවද සදහන්ය.
.
3,278 Viewers -
2020 ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි… මහින්ද ගෝඨව බැසිල්ව චමල්ව කපලා නාමල් ගේන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…

2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
එහිදී , “දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා බලන්න සුජීව අර නරි රැලක් දාගෙන මහින්ද රාජපක්ෂ පිස්සු කෙලිනවා කියලා අපිට කියනවා. අද විශාල ප්‍රශ්නයක් ඒ පක්ෂේ ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම ප්‍රාර්ථනය නාමල් රාජපක්ෂ මහත්තයාව විපක්ෂ නායක කරන එක.අවුරුදු 30ක් විපක්ෂේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ප්ලෑන හදන්නේ. ගෝඨාවත් කපනවා, බැසිල්වත් කපනවා,චමල්වත් කපනවා. දැන් ගේම පටන් අරන් පවුල ඇතුළේ. කලින් සෙට් එක එකට ගැහැවුවා. දැන් ඒවා නැහැ.”
“දැන් හිතා ගන්නකො කොහොමද අපේ අරික්කාල දැන් ඉන්නේ කොහොමද භාගේ, කාල වීගෙන දැන් හැදීගෙන ඉන්නේ. මේක විනාශ වුණ පක්ෂයක්. ගහලා බිම වැටුණු පක්ෂයක් දැන් හැදීගෙන එන්නේ. අලියා කෙලින් වෙලා දැන් කන් සොලෝගෙන එනවා ඉස්සරහට.
සියයට 4.2 දැන් අපේ සංවර්ධනය. අපි 2020 වෙනකොට සියයට 7 අපි පහු කරනවා ඉන්දියාවට වැඩිය සංවර්ධනයක් අපි වේගයක් ලගා කර ගන්නවා ලංකාවේ ඉදිරි අනාගතයේ. ඒක නවත්තන්න බැහැ කාටවත්. ඒවා කරනකොට 2020 ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා.” යැයිද එතුමා වැඩිදුරටත් පැවසීය.
-
බැසිල්ගේ කුහක දේශපාලනයට විරුද්ධව යසපාල කෝරලගේත් යහපාලනයට…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ බැසිල් රාජපක්ෂ නැවතත් පෙර ආණ්ඩු සමයේ මෙන් ඔහුගේ කුහක දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට දතකන නිසා බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.
-
තැපෑල වර්ජනයකට ලෑස්ති වෙයි…

සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එසේ තැපැල් දෙපාර්තමේන්තුවත් සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය