
මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින් ද වැඩි කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
Category: සුපිරි News
-
ඖෂධ සංස්ථා සේවක වැටුප ඩබල් වෙයි…
-
කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ පුස්කයි…

අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.
-
පොලෝසියට වගේම මැති සබේටත් භාවනා පංති

ඉදිරියේදී පොලීසියේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පසුගියදා පවසන ලදී.
හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
-
රුසියාට යැවූ තේ වල කුරුමිණියෙක්…. රුසියාව අපේ නිශ්පාදන ආනයනය තහනම් කරයි…

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික වැවිලි නිශ්පාදන ලබන සඳුදා සිට ආනයනය තාවකාලිව තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.මෙරටින් යවන ලද තේ බහාලුමක තිබී එක් කුරුමිණියෙක් හමුවීමත් සමග එම පියවර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු රජය සමග සාකච්චඡා කිරීම සඳහා වැවිලි කර්මාණ්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වැවිලි කර්මාණ්ත අමාත්‍යංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ..
-
ඡන්දෙට කලින් ඒකාබද්දෙන් 4ක් එජාපයට…

එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක් නැති මුත් නාමල් වැනි ලඳ බොළද තරුණයන් හමුවේ තමන්ගේ ආත්මගෟරවය රැක ගැනීමට සිදුවීම තවත් එක් හේතුවක් බව ඔවුන් ඉඟි පල කර ඇත.
-
ලිංගික අල්ලස් ගෙන කාන්තාවන් රට යවන මල්සරාට වැඩ වරදී…
විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත කොට ඒවා පෙන්වමින් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඔහු ගලේවෙල ප්‍රදේශයේම පදිංචි එම් .එම් .මොහොමඩ් ස්මයිල් නමැති අයෙකි .
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් අනුව ගලේවෙල නගර මධ්‍යයේ දී මෙම ස්ථානය සෝදිසි කොට එහි තිබූ කාන්තා ඡායාරූප 50ක් විදේශීය ගමන් බලපත්‍ර, වීසා ව්‍යාජ ලෙස සකසන ලද රාජ්‍ය ආයතන රැසක ලියකියවිලි රබර් සීල් ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැසක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ නිවසේ පවත්වාගෙන ගිය කාර්යාලය සෝදිසියට ලක් කොට ඇත.ඒ අනුව එම නිවසේ කාර්යාලයේ තිබී දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ඡායාරූප හැදුනුම්පත් ගමන් බලපත්‍ර විවිධ ප්‍රදේශ වලින් ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිටපත් කිසිදු අත්සනකින් තොර වූ පොලිස් වාර්තා පවුල් පසුබිම් වාර්තා රබර් මුද්රා ආදී ලියකියවිලි මෙන්ම මෙම ස්ථානය දී සොයාගෙන ඇත .
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු පොලිසියට අයත් හිස්වැසුමක් පැළඳ ලබාගත් ඡායාරූප මෙන්ම පොලිස් ප්‍රජා සේවා කමිටුවේ සභාපතිවරයකු ලෙස පෙනී සිටිමින් සාදාගත් හැදුනුම්පත් දෙකක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු කාන්තාවන් කිහිපදෙනෙකුම රවටමින් ලිංගික අල්ලස් ලබා ගැනීම හා සහ ජංගම දුරකථනය හරහා අසභ්‍ය ඡායාරූප වීඩියෝ පට කාන්තාවන්ට එවීම ආදී චෝදනා මෙන්ම මුදල් ලබාගෙන විදේශ රටවලට නොයවා සිටීම ආදී සිද්ධීන් රැසක් පිළිබධව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
මෙම ජාවාරම් කරු පිළිබඳව වසර කිහිපයක සිටම ජනමාධ්‍ය මඟින් අවස්ථා ගණනාවක හෙළිදරව් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා සඳහන් කළේය. ඉතා සූක්ෂම ලෙස තැරැව්කාර කාන්තාවක් යොදාගෙන මෙම පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායමකට හැකිවී තිබේ.
මෙම ජාවාරම පිළිබඳව දැනට අනාවරණය වී ඇති ඔහු සතුව ඇති ජාතික හැදුනුම්පත් වීදෙස් ගමන් බලපත්‍ර ලියකියවිලි සතු ජනතාවට දැනුම් දී ඔවුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලීසිය කියයි. එමෙන්ම ගලේවෙල ප්‍රදේශයේ මෙවැනි ජාවාරම් කරුවකුට හසුවී ඇත්නම් වහාම ගලේවෙල පොලිසිය අමතන ලෙස ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටියේය.



-
මෙහෙයුම පැය 4යි පුද්ගලින් 1373ක් අත්අඩංගුවට…
පැය 4 ක මෙහෙයුමකින් ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
-
ඔශාක ජාගොඩ කැනඩාවේ සුපිරි කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 අතරට … VIDEO
ලෝකය ජයගත්ත අපේ මිනිස්සු ගැන අපි කතා කරනවා. ශ්‍රී ලංකා නාමය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන්න අපේ පුංචි රටේ මිනිස්සුන්ට හැකිවෙලා තියෙනවා. ඒක අපේ රටට ආඩම්බරයක්.
කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් තමයි Osaka Ayon Jagoda ඔහු දැනට කැනඩාවේ ඉන්න හොඳම කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරින් කෙනෙක්. ඒ වෙනුවෙන් ඔහුට සම්මානයක් පවා ලැබුනා. කැනඩාවේ වාර්ෂිකව පවත්වන REDKEN නම් තරඟයේදී මෙම ජයග්‍රහණය ඔහුට ලබන්නට හැකියාව ලැබුනා. ඒ අනුව 2017 වර්ෂයේ කැනඩාවේ ඉන්න සුපිරිම කොන්ඩ සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරෙ ඉන්නෙ අපේ රටේ ඔශාක. ඉතින් ඒක අපේ රටට ආඩම්බරයක්.
-
ජී.එල් ගේ නිදිමත නිසා එකතු වීමේ අවසන් පියවරත් සුං

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති අතර එහිදී මහින්ද මහතා කියා ඇත්තේ “මගෙ ප්‍රශ්නයක් නෑ.. එකතු වෙන්න ඕනනම් බැසිල් එක්ක කතාකරන්න” කියලායි.
ඒ අනුව පදනම් ආයතනයේදී රතන හිමි විසින් බැසිල් ,ජීඑල්,නිමල් සිරිපාල හා ඩිලාන් යන මහත්වරු හමුවූ අතර ජනාධිපති තුමා දෙගොල්ලො එකතු කරන්න පුළුවං ඕනම දේකට එකඟයි… අපි එකතු වෙලා ඡන්දෙ ඉල්ලමු කියල නිමල් සිරිපාල ද සිල්වා කියද්දී එයට හරස් ීඋන ජී.එල් අපි පොදුජන පෙරමුණ විදිහට තනි තීරණයක් ගන්න බෑ… ඒකබද්දයෙන් අහන්න ඕන කියල කියා සිටියා.ඒකාබද්දය මෙතන ගන්න තීරණයට එකඟයි අවශ්‍ය නම් සීබී මහින්දානන්ද පවිත්‍රා අපි මෙතෙන්ට ගෙන්නන්නම් යයි ඩිලාන් පෙරේරා කියා සිටියා.ඩිලාන් එහෙම කියද්දි එකතු වුනොත් තමන්ට සියල්ලම නැති වෙන බව දන්නා ජීඑල් දැන් මට නිදිමතයි පස්සෙ කතා කරමු කියල නැගිටල යන්න හැදුවා.මේ වෙලාවෙ නිමල් සිරිපාල ද සිල්වට කේන්ති ගිහින් අපිටත් කියල ආත්ම ගෟරවයක් තියෙනවා අන්තිම මොහොතෙත් මෙහම එකතු වෙන්න කතාකරන්නෙ මහින්ද මහත්තයයි සිරිසේන ජනාධිපති තුමයි කියන නිසා කියල කිව්වා…කෙසේ වුවත් සාකච්ඡා අතරමග දමා නිදිමත ජීඑල් නැගිට යද්දී බැසිලුත් ඒ පස්සේම යන්න ගියා කියලයි දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නේ…
-
අලියාගේ වලිගය වෙනවට වඩා මැස්සාගේ ඔළුව වෙන එක හොඳයි කියන තියරියේ තමයි නාමල් ඉන්නේ…(Video)
බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත එකතු උනොත් කිසි තැනක් ලැබෙන්නෙ නැති නිසා අලියාගේ නැට්ට වෙනවට වඩා මැස්සගේ ඔළුව වෙන එක හොඳයි කියල හිනෙවා … අන්න ඒ නිසයි මේ ගොල්ලො එකතු වෙන්න කැමති නැත්තෙ…
-
ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ? (Video)
ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?
-
ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින් දිනල ශ්‍රී ලංකා එකටම වලකපන පොහොට්ටුවන්ට මෙදා පොටේ බඩු බනිස්…(Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුර පුදේශයේ පරවති රැස්වීමකදී කිය සිටියේය.
-
රොෂාන් පිලපිටිය කියන්නේ ද්විත්ව ලිංගිකයෙක් / වංචාකාරයෙක්
කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා.
ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි.
එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි.
වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි.
ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.
• දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවෙදිනී සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය.
රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.
• සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.


• රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි. ඒත් සමගම, රොෂාන් පිරිමින් සමගද සම්බන්ධතා පවත්වන ද්විත්ව ලිංගිකයෙක් (bisexual) බව වරින් වර කලා ක්ෂේත්‍රය හරහාම ආරංචි පැතිරුණි.
මේ බව රොෂාන් ගේ කලින් බිරිඳ වූ චතුරිකා ද මාධ්‍ය වෙත පවසා තිබුණා. ඒ බව, රොෂාන් ගේ ලිංගික අභිරුචියන් මැනවින් දන්නා, ඔහු ඇසුරු කළ බොහෝ කාන්තාවෝ ද පවසති.
• මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි.
රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තිලිණ චතුරංග සුභසිංහ නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය.
චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.
• ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ අසික්කිත වැඩේ මෙන්ම, ඔහු ද්විත්ව ලිංගිකයෙකු බවට පැනනැගී තිබුණු චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.
• රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත.
හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.
• රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි.
තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.
• මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.

රිද්මා දිසානායකගේ පළමු විවාහයේ සැමියා


උපුටාගැනීම – අද දෙරණ වෙබ් අඩවියෙන්
-
සී බී රත්නායක ආණ්ඩුව එක්ක දාපු ඩීල් එක එලිවෙයි… (Video)
සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත් වන බවත් සීබී මෙසේ වැඩ කරන්නේ ආණ්ඩුව එක්ක කැබිනට් ඇමති කමකට ඩීල් එකක් දාල නිසා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.සීබී මන්ත්‍රීවරයා ප්‍රකෝපකාරී ලෙස බැන වදින හැටි ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
-
පොලිස් මුරපොල ලඟම SB කොකේන් වවයි… පොලීසිය මර නින්දේ… (Video)
තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.
‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්.
කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව, ගෙඩිත් තියෙනව සේරම තියෙනව.කොකේන් කියන්නෙ ලෝකෙ තහනම් ගහක් හැබැයි පොලීසියෙ මහත්තුරු දන්නෙ නෑ කොකෙන් ගහ මොන වගේද කියල.පොලිස් මුරපල ලගම කොකෙන් ගහක් තියෙනව. තාම කවුරුවත් ඒක අදුනන්නෙ නෑ. ලොකු කොකෙන් ගහක්’
පවතින නීතිය අනුව මේ ආකාරයේ නඩු භාණ්ඩයක් හමු වූ පසු සැකකරු ඇප නොමැතිව තුන් මාසයක් පමණ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන අතර ඉන් පසු නඩුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැතිම තරම්ය.
-
“රජයත් අපේ; පොලිසියත් අපේ; අපිට ඕන කෙනෙක්ව අපි එලවලා දානවා” ජෝන් අමරතුංග ලයිෂන් චන්ඩියෙක් වෙයි..
“රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි. “ජිවන වියදම ඉහල යාම පිලිබඳ රජයට බැනලා වැඩක් නැහැ, මිල පහල දැමීමට අපි කඩිනම් පියවර ගන්නවා”
එළෙඹෙන චන්දයට සහභාගී වීමට හැකි පරිදි ඕනෑම කෙනෙකුට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම උපකාර කිරීමටත් තමා සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය