70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි !!!
[rns_reactions]
70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි !!!
[rns_reactions]
වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය.
‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච ඇල්ලක් වූ කිරි ඇල්ලගේ තවත් පචයක් මේ වන විට සමාජජාල වල හුවමාරුවෙමින් තිබේ.
රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකුගේ මෙම හැසිරීම මුළු මහත් රජයටම කැළලක් වී හමාරය.
[rns_reactions]
රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය…
ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළ`ගටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට අයත් සියලූ දේශපාලන පක්ෂයන් ද සෑම වසරකදීම මැයි දිනය සමරනු ලබන්නේ මහත් ඉහළිනි. ලෝක කම්කරු දිනයේ ඉතිහාසය 1888 තරම් ඈතට දිවයන්නකි. එහි ඇරඹුම සටහන් වන්නේ තම වැඩකරන සේවා මුරයන් පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලා සිදුකරන ලද අරගලයකි. 1888 මැයි මස පළමු වනදා ඇමරිකාවේ චිකාගෝ නගරයට එක්රැුස් වූ හැටපන්දහසකට අධික කම්කරු ජනතාවක් සිය සේවා මුරය පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලමින් ගෙනගිය උද්ඝෝෂණයට එදා සිටි ඇමරිකානු පාලකයන් පිළිතුරු දී ඇත්තේ තුවක්කුවෙනි. ප‍්‍රථිඵලය වූයේ කම්කරුවන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමය.
එදා ඇමරිකාවේ චිකාගෝ නගරයේදී වෙඩි වැදුණ කම්කරුවන්ගේ සිරුරින් ගැලූ රුධිරයෙන් තෙත් වූ ඇ`දුම්වල රතු පැහැය සංකේතවත් කරමින් රතු ධජය කම්කරු දිනයේ සළකුණ බවට පත්විය. එදා සිට අද දක්වාම සමස්ත ලෝකවාසී ජනතාව සිය වෘත්තීය අයිතිවාසිකම් උදෙසා මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උදෙසා කරන අරගල මුවහත් කරගැනීමට මැයි දිනය මනා පිටුවහලක් කරගනු ලැබීය. ඒ අනුව තවත් දින කිහිපයකින් එළැඹෙන මැයි දිනය ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවට ද සුවිශේෂි වූ තවත් එක් අනුස්මරණීය දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.
එහෙත් මෙහිදී අවධාරණය කළයුතු, මේ රටේ සමස්ත ජනතාවම තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් විශේෂයෙන්ම අප රටට අදාළව සැලකීමේදී දේශීය ආර්ථිකයට මෙන්ම ශ‍්‍රී ලංකා ජනසමාජයේ ප‍්‍රගමනයට ද සුවිශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ සැබෑ කම්කරුවන් අතරින් එක් කොටසක් අමතක කර දමා ඇති බවය. එනම් මැද පෙරදිග ද ඇතු`එ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවය. ඔවුන් විසින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඉහළම දායකත්වය නොවන්නට වර්තමාන ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්වය මීට වඩා බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබේ. ඉතා සරළව පැහැදිළි කළහොත් අද ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයම ර`දා පවතින්නේ විදේශගත ශ‍්‍රමිකයන් වෙතින් රටට උපයා දෙන විදේශ විනිමය මුල් කරගනිමිනි. එහෙත් මේ රටේ දේශපාලකයන් මෙන්ම වැඩකරන ජනතාව පෙරටු කරගත් ශ‍්‍රී ලාංකීය වමේ ව්‍යාපාරය මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයද ඒ පිළිබ`දව දක්වන අඩු සැලකිල්ල තේරුම්ගැනීමට ද අසීරුය.
ඒ සමගම ගැඹුරින් විමසා බැලියයුතු ප‍්‍රශ්නයක් ද තිබේ. එනම් කම්කරු දිනයේ අරමුණ හා අපේක්ෂා සහ දේශපාලන උපායමාර්ග අතර දක්නට ඇති බරපතළ පරස්පරයයි. ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී නම් එය සියලූ දේශපාලන ව්‍යාපාරයන්ට හා බොහෝ වෘත්තීය සමිති මෙන්ම සංවිධාන වලට ද අදාළය.
ඒ ස`දහා දැක්විය හැකි හො`දම උදාහරණය මැයි මස පළමුවනදා ගෝල්ෆේස් පිටියේදී අත්දැකිය හැකිය. මෙවර සිය මැයි දින රැුළිය ස`දහා ගෝල්ෆේස් පිටිය තෝරාගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින්ය. එහිදී ප‍්‍රතිවාදී බොහෝ දේශපාලන කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂය දෙස ඇස් යොමා බලා සිටින්නේ ගෝල්ෆේස් පිටිය පිරවීම ස`දහා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන ආකාරය ගැනය. එහෙත් සත්‍යවශයෙන්ම විමසා බැලියයුත්තේ ඒ ගැන නොවේ. ඒකාබද්ධ විපක්ෂය ස`දහන් කරන ආකාරයට ඔවුන් මේ වනවිට සමාජගත කරන්නට උත්සාහ කරන බලවත් සටන් පාඨයක් තිබේ. එනම් රාජ්‍ය දේපල විදේශිකයන්ට විකිණිමට එරෙහිවීමය. එය මේ රටේ ජනතාව ගැඹුරින් අවබෝධ කරගතයුතු ඉතා වැදගත් සටන් පාඨයකි. නිසි සමාජ සංවාදයක් මේ වනතෙක්ම ඇතිවී නැතත් එය සමාජයේ සංවාදයට ලක්විය යුතු වැදගත් මාතෘකාවකි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි රැුළියට සහභාගී වීමට අපේක්ෂා කරන සියලූම පාක්ෂිකයන්ට සිදුකළ හැකි වැදගත් අභ්‍යාසයක් තිබේ. නිසැක වශයෙන්ම එය ඔවුන්ගේ දේශපාලන අවබෝධයට ද ඉතා වැදගත්විය හැකිය.
එහිදී ගෝල්ෆේස් පිටියට පැමිණ ඔවුන් මුලින්ම කළයුතුව ඇත්තේ හො`දින් නෙත් හැර උතුරු දිශාව නිරීක්ෂණය කිරීමය. එවිට දිස්වනු ඇත්තේ ඉදිකරමින් පවතින පෝර්ට් සිටි වැඩබිමය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී එම භූමිභාගය චීන සමාගමකට පවරා දී තිබුණේ කෙසේද යන්න එවිට ඔවුන්ට මෙනෙහිවනවා නිසැකය. කෝට්ටේ යුගයේදී රජකළ දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කිසිදු පාලකයෙක් සිදුකර නැති අන්දමේ ශ‍්‍රී ලංකා භූමියේ කොටසක් විදේශීය සමාගමකට සින්නක්කරවම ලියාදුන්නේ කවුරුන්දැයි ඔවුන්ට එහිදී ප‍්‍රශ්න කළ හැකිය.
එපමණක් ද නොවේ. ගෝල් ෆේස් පිටියේ සිට නැගෙනහිර දෙසට නෙත් යොමුකළ විට එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක පිළිරුව පුංචි කුහුඹුවකු කරමින් අහස්කුස කරා යොමුවූ දැවැන්ත ගොඩනැගිලි දෙකක් ඔවුන්ට දැකගත හැකිය.
ඒ ඉදිවෙමින් පවත්නා ෂැංග‍්‍රිලා හෝටලයයි. එය ඉදිවන බිම චීන සමාගමකට පවරා දුන්නේ කවුරුන්දැයි ඔවුනට එහිදී ප‍්‍රශ්න කළහැකිය. එපමණක්ද නොව නූතන වෙළෙ`දපොළ වටිනාකම අනුව රුපියල් කෝටි ගණනාවකට වඩා වටිනා එම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ අටක් තරම් අඩු මුදලකට විකිණීමේ රහස ද එහිදී ඔවුනට තේරුම්ගත හැකිය.
අභ්‍යාසය එතැනින්ද නතර කළයුතු නැත. ගෝල්ෆේස් පිටියට මදක් නුදුරින් කොටුවේ ට‍්‍රාන්ස්වර්ක් හවුස් අසළ පිහිටි ඉඩමට ද ඔවුන් පැමිණිය යුතුමය. එම ඉඩමේ වර්තමාන අයිතිය හිමිව ඇත්තේ කවුරුන් වෙත දැයි හො`දින් විමසා බැලිය හැකිය. එම ඉඩම විකිණීමෙන් ලබාගෙන ඇති රුපියල් දසලක්ෂ හයසිය පනහක කොමිස් මුදල තැන්පත්ව තිබුණේ කාගේ බැංකු ගිණුමේද යන්න ඒ සමගම විමසා බැලිය හැකිය.
දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම ගැන තවදුරටත් කරුණු ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට අවශ්‍ය වන්නේ නම් මරදානේ ටෙක්නිකල් වටරවුමට ගොස් එහි ඇති අක්කර 29යි රූඞ් දෙකක ඉඩම ද හො`දින් දැකබලාගත හැකිය. ඉහත ස`දහන් කළේ ගෝල්ෆේස් පිටිය හා ඒ අවට ඇති ස්ථාන තුනක් පමණය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැුළියට එන සෑම කෙනෙකුටම එතැන් සිටම තම විරෝධය ඇරඹිය හැකිය. ඒ විරෝධය අවංක එකක් වේ නම් අවබෝධයෙන් යුතුව සිදුකරන්නේ නම් ඊට වගකිවයුත්තන් පහසුවෙන්ම සොයාගැනීමට ඔවුනට හැකිවන ඇත.
එය අවබෝධ කරගතහොත්, මැනවින් හ`දුනාගතහොත් මේ රටේ දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම කෙරෙහි සැබෑ සටන ඇරඹෙනු ඇත්තේ එතැනදී ය.
සුනිල් ජයසේකර
[rns_reactions]
රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්. බී. දිසානායක සඳහන් කර තිබෙනවා.
මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළා.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විනය රැකීමට භාරදීම පිළිබඳ ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක් නොමැති බවද ඒ ගැන ගණන් ගත යුතු නොමැති බවද එස්. බී. දිසානායක ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
[rns_reactions]

රංගන ශිලිපිනි සමනලී ෆොන්සේකා share කල මෙම post සම්බන්දව බොහෝ කතා බහ ඇතිවුනා.
ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් පවා ඉල්ලා සිටීයා…
මේ පිළිබඳව සමනලී තම facebook පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා.
“ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය.
මේ මාගේ සිව්වන ෆේස්බුක් ගිණුමය. ගැහැණියක ලෙසත්, රංගන ශිල්පිණියක ලෙසත් මා යම් මතයක් දැරීම බහුතරයකට ඉවසිය නොහැක. ඔවුන්ගේ ෆැන්ටසි නිළියන් සෙල්ෆී වලට පමණක් සීමාවී සිටීම ඔවුන්ට සහනයක් ගෙනදෙයි. ඔවුනගේ ෆැන්ටසිය බිඳ දමමින් වෙනස් මතයක් දැරීම ඒ මතයට දක්වන විරුද්ධත්වයකට වඩා එහා ගිය පිරිමි සංවාදයට එක්වන ගැහැණියකට දක්වන විරුද්ධවයකි. වෙනස් මත දරණ තවත් පිරිස් සිටිය ද මාගේ ගිණුමට විරුද්ධව පමණක් වාර්තා කොට මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මොවුන් කටයුතු කරන්නේ මන්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් මාගේ ප්‍රකාශන මාධ්‍ය හුදෙක් ෆේස්බුක් පමණක් නොවන බව ඔවුන් නොදන්නවා යැයි මම නොසිතමි. මේ වන විටත් මාගේ ෆේස්බුක් ගිණුමට විරුද්ධව වාර්තා පැමිණෙමින් ඇති බව මට ඊමේල් මගින් දැනුම් දී ඇත. එහි මට කිසිඳු ගැටලුවක් නැත. එහෙත් මාගේ මෙම ෆේස්බුක් ගිණුම අත්හිට වුවහොත් මේ වන විට පාඩු සිදුවිය හැකි පාර්ශවයන් බොහෝ පිරිසක් සිටී. ඔවුනට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමටත්, මට මඩ ප්‍රහාර එල්ල කිරීමටත්, අදැහිය නොහැකි පරුෂ වචන යොදා පෝස්ට් සාදා ඒවාට මා ටැග් කිරීමටත්, නින්දිත වදන් ලියා මැසෙන්ජර් පණිවිඩ එවීමටත්… ඔවුන්ට ඒ මගින් නොහැකි වේ. එබැවින් මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මේ මොහොතේ වාර්තා කරමින් සිටින්නනි, ඔබ මේ ක්‍රියාවෙන් අවාසියක් සිදු කරන්නේ මට විරුද්ධව ක්‍රියාකරමින් සිටින ඔබේ සගයන්ටයි!”
– සමනලී ෆොන්සේකා.
[rns_reactions]
පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය.
එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ මහතා ඉතා සරල පැහැදිලි උත්තර දුන් අතර ඉදිරි දින, සති කිහිපය තුළ උද්ගත විය හැකි තත්වයන් පිළිබඳව වූ විශේෂ හෙළිදරව්වක් ද සිදුකරන ලදී.
ඊට අදාළ සම්පූර්ණ විඩියෝ පටය පහතින්
[rns_reactions]
පොලිස් නිතිය පොඩි මිනිහට පමණද?
පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය.
රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම පැසසිය යුත්තකි. නමුත් දැන් පවතින ප්‍රශ්නය වන්නේ එය යථාර්ථයක් වී ඇත්ද යන්නයි. කොහොමත් මේ රටේ නීතිය සෑම පුරවැසියෙක්ටම අදාළව එක හා සමානව ක්‍රියාත්මක නොවීම පිළිබඳව එදත් ප්‍රශ්නයක් විය.
අදත් එය එලෙසම සාකච්ඡාවට බඳුන් වී තිබේ. දේශපාලන බලය සහිත පුද්ගලයන්ට නීතිය එක එක ආකාරයට නැවීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ඔවුන්ට නීතිය අදාළ නොවීම ඊට වඩා බරපතල කාරණයකි.
ඊයේ දින (25) එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සුඛෝපභෝගී ජීප් රථය මාර්ග නීතිය අතට ගෙන ගමන් කළ ආකාරය අපට දැක ගන්නට ලැබුණි. මාර්ග නීති උල්ලංඝනය කරමින් වලං කඩේට පැන්න ගොනා සේ රිය පදවන්නේ දේශපාලන රැකවරණය නිසාය. මෙම ජීප් රථය ධාවනය වූයේ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා වන ප්‍රධාන මාර්ගයේය. මෙම මාර්ගයද ඉතා කාර්යබහුල මාර්ගයකි. මෙවන් හැසිරීම් තුළ අනතුරු සිදු වුවත් එයද දේශපාලන හයිය නිසාම සාක්ෂිත් නැත. නීතිය යකාටය.
[rns_reactions]
සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ.
එම නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට වරායේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.
විශේෂයෙන් ම 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සාගර චාරිකාවක නිරතවෙමින් විනෝදවීමට අවශ්‍ය පහසුකම් මෙහි දී සැපයෙන අතර උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව මෙන්ම ආයතනවල පැවැත්වෙන විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව මගින් විනෝදවීමට අවස්ථා ලබා ගත හැකිය. එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසුමිලකට මෙම නෞකාව වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි මාධ්‍ය අමතමින් පැවසීය.
රාජ්‍ය ආයතනයක් වන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම කටයුතු පවත්වාගෙන යන අතර, රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල යටතේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් රජයට බරක් නොවී ආයතන පවත්වාගෙන යාමට හොද නිදර්ශනයක් ලෙස සයුරු නෞකාව හඳුන්වා දිය හැකි බව අමාත්‍යවරයා කීය.
එමෙන්ම මෙම නෞකාව තුළ තමන් කැමැති ඕනැම ආහාරපානයක් සකසා දීමට සුදානම් කාර්ය මණ්ඩලයක් සිටින අතර, මුහුදු ආහාර Sea Food සඳහා ප්‍රමුඛත්වය ලබාදීමත් එමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර සාගරය ආශ්‍රිතව සිදු කෙරෙන විනෝද චාරිකා මෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර ජනප්‍රිය කරවීමත් මෙහි අභිප්‍රාය වේ. මෙම අවස්ථාවට එම සංස්ථාවේ සභාපති වරයා ඇතුලු පිරිසක් සහභාගි වූහ.
කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.
ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරයි.
ගල් අරක්කු මිල වැඩි වීමෙන් වතුකරයේ හා ගම්වල බීමට ඇබ්බැහි වූ බොහෝ පිරිසක් ඉතා විස සහිත අඩු වියදමකින් ලබාගත හැකි මත් ද්‍රව්‍යවලට විශාල ලෙස යොමුවෙමින් සිටිනවා. වර්තමානයේ වතු ප්‍රදේශවල පිරිමින් මෙන්ම කාන්තාවන්ද කසිප්පු පානයට දැඩි ලෙස යොමුවී සිටිනවා. කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.
මහන්සි වී වැඩ කරන බොහෝ පිරිසක් මහන්සියට සවසට ගල් අරක්කු ටිකක් පානය කරන්න පුරුදුව සිටිනවා. කසිප්පු පානය නිසා මොවුන් ඉතා ඉක්මනින් දරුණු රෝගයන්ට ගොදුරුවීම නොවැළැක්විය හැකියි. ඒ නිසා ගල් අරක්කුවල මිල තරමක් හෝ අඩු කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව සෙනෙවිරත්න මහතා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.
මෙම දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග හා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ගේ හා ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රි සිරිපාල කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙය ඉතා හොඳ යෝජනාවක් බවයි. හැකිනම් රුපියල් 500කින් පමණ මෙම මිල අඩු කළ හැකි නම් එමඟින් විස සහිත මත්ද්‍රව්‍ය කරා ඇදී යන පිරිස අඩුකරගත හැකි බවයි. සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග මහතාද මෙම යෝජනාවට පක්ෂව අදහස් දැක්වීය.
[rns_reactions]
අද කාලේ මිනිස්සු ගොඩක් වෙලාවට පිට රටින් ගෙන්වන දෑ පමණක් ආහාරයට ගන්නට පුරුදු වෙලා.
දේශීය දේවල් වලට වඩා මිලෙන් අඩු වීමත් රසෙන් වැඩි වීමත් මෙයට ප්‍රධානම හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මේ විදේශීය ආහාර පාන වර්ග සෞඛ්‍යය ආරක්‍ෂිතද යන වග දෙසැරයක් සිතා බලා පරිභෝජනය කරනවා නම් තමයි වඩාත් වැදගත් වන්නේ
[rns_reactions]
ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
පොලිස්පතිතුමා,
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
පොලිස්පතිතුමනි,
ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට
එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.
අන්තර්ජාලයෙහි සමාජ වෙබ් අඩවියේ ගිණුමක බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන මහසෙන් රජතුමා (ක්‍රි.ව.276–303) විසින් නිර්මාණය කරන ලද අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් පළකර ඇත. මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන බුදු සසුනට නිගා දෙන ඡායාරූපයක් බව අවිවාදිතය. එසේම මෙය සමස්ත ලෝක බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක් ලෙස අපි සළකමු.
මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි මුවිදු බිනෝයි නම් අයෙකුගේ ය. එසේම ප්‍රකට නිළියක වන සමනලී ෆොන්සේකා ද මෙම ඡායාරූපය ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇත. (Share කර ඇත.) වසර දහස් ගණනක් මුලුල්ලේ බෞද්ධයන්ගේ වන්දනාවට හා නොමද ගෞරවයට ලක්ව ඇති බෞද්ධ පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබ් වහන්සේට කරන ලද මෙම අපහාසයට එරෙහිව ඊට වගකිව යුතු චූදිතයන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.
01-මෙම තොරතුරට අදාළ මුහුණු පොතෙහි සම්බන්ධතාවය (Link)
02-සමනලී ෆොන්සේකාගේ ෆෙස්බුක් ගිණුම සම්බන්ධතාවය (Link)
තෙරුවන් සරණයි!
මෙයට
දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති
පිටපත් – අතිගරු ජනාධිපතිතුමා/ගරු අග්‍රාමාත්‍යතුමා/බුද්ධශාසන අමාත්‍යතුමා
අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියතාවයකට පත්ව සිටින සමන්තබද්‍ර හිමියන් ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමියන් පවසන්නේ එම නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතින බවයි.
මෙම මියුසික් වීඩියෝව සඳහා ඉරාජ් රැස්වළල්ලක් යොදාගෙන තිබෙන අතර මේ නිසාද එම වීඩියෝව සෑම දෙනා අතරම බොහෝ කතාබහට ලක් වී තිබෙනවා.
කෙටි කලක් තුල ලංකාව තුල පමණක් නොව ලෝකයේ වෙනත් රටවල් වලත් ඉතා ජනප්‍රිය වූ මෙම මියුසික් වීඩියෝව නිසා සමන්තබද්‍ර හිමියන් අතිශය සතුටට පත්ව සිටින බවත් මේ නිසාම තම රැස්වළල්ල වෙනුවෙන් වහාම පේටන් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ඉරාජ්ගේ හිතවතුන්ගෙන් අපට දැනගන්න ලැබුනා.
[rns_reactions]
ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා.
මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.
ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත් සමගයි.
කොහොමවුනත් සමාජජාල තුලින් මතුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරාජ් සමන්තබද්‍ර හිමියන් සමග කරන ලද සංවාදයක් අපට දැකගන්නට ලැබුණා.
මේ එම සංවාදයයි මේ … සිහියෙන් සවන් දෙන්න…
[rns_reactions]
ප්ලාස්ටික් සම්බන්ධ පරිසර දූෂණ ගැටළුවට විද්‍යාඥයන් විසින් නව පිළිතුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Galleria mellonella සලබ විශේෂයට අයත් දළඹුවා, මී වද වල මී ඉටි අනුභව කර දිරවන ආකාරයටම ප්ලාස්ටික් ද දිරාපත් කරන බවයි.
මෙම සතුන්ට පැයකට ආසන්න කාලයක් තුළදී පොලිතින් බෑගයක හිල් සෑදිය බව ඔවුන් සඳහන් කරයි.
ලොවපුරා වාර්ෂිකව ප්ලාස්ටික් පොලිතීන් ටොන් මිලියන 80ක් පමණ නිෂ්පාදනය කෙරේ.
[rns_reactions]
මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට වුවද රටේ ජනතාව දැක්කේ මහින්ද පමණි.දැන් මහින්ද පරාද වි හමාරය පරාද වු මහින්දටද දැන් හොරු නැතුවම බරිය.මහින්දට ඇයි හොරු නැතුවම බැරි කියා මේ අවුරුදු දෙකක කාලය තුල අහපු පුද්ගලයන් ගණන හරියටම මතක නැත.අහපු කිසිවෙකුටත් හරි උත්තරයක් නොලැබුන බව නම් අමුතුවෙන් කියන්නට අවශය නැත…. එක්කෝ මහින්දට හොරු නැතුව බැරිය…නැත්නම් හොරුන්ට මහින්ද නැතුව බැරිය….දෙකෙන් මොක උනත් අන්තිමට තනියම හොරා යැයි කර ගහන්නට වන්නේ මහින්දට පමණී.
හිටපු වෙළද අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු.. යහපාලනයට අනුව නම් ඔහු සිටින්නට සුදුසුම තැන බන්ධනාගාරයයි.නමුත් මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ පුද්ගලික සහායිකා සැන්ඩ්‍රා පෙරේරා,අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර,තලතා අතුකෝරළ අමාත්‍යවරිය,සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, සහ එජාපයේ තවත් කිහිප දෙනෙකු සමග ඇති ඩීල් නිසාම ජොන්ස්ටන්ට බන්ධනාගාරවල දොරටු වැසි ඇති බව රටේ ජනතාව දැනගත යුතුම කරුණකි.

ජොන්ස්ටන් -සමිතා ආදර අන්දරය ගැන රටේ මිනිසුන්ට අමුතුවෙන් කියාදියයුතු නැත.සමිතාගේ පුතා දැක්ක ගමන් ඒ කතාව ටක්කෙටම තේරුම් ගත හැක.ඒ සමිතාය සමිතාට අමතරව ජොන්ස්ටන්ගේ බිරිඳට අමතර අනිත් ප්‍රේමය නම් රූකීය.මේ ලගදී දවසක ජොන්ස්ටන් රූකී සමග පවසා ඇත්තේ …තමන් හැම මාසයකම මහින්ද මහත්තයාට රුපියල් කෝටි 10ක මුදලක් ලබාදෙන බවත් ඒම මුදල් වලින් මහින්ද මහත්තයා ජිවත් වන් බවත් ය.මහින්දට කෝටි 10ක් දෙනවාද? නැද්ද යන්න දන්නේ මහින්දම පමණි.ඇතැම් විට එහි ඇත්තෙ නැත්ත ඉදිරියේදි අපට දැන ගැනිමට හැකිවනු ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිස්ටලරිස් සමාගමේ ව්‍යාපර කටයුතු සිදුකරමින් පවතින්නේ ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටී ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා වන අතර ක්‍රිෂාන්ත කපුවා අද ඉනේ මුදල් අමාත්‍ය රවි සමග බව දන්නෝ දනිති. ක්‍රිෂාන්ත ගානට මිම්මට ජොන්ස්ටන්ගේ අරක්කු ටික ආරක්ෂා කරදිමට කටයුතු කරමින් සිටි.කපුවාට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනය ජොනීගේ අරක්කු වලට ආරක්ෂාව දෙන සහ එම ව්‍යාපාර සාර්ථක කරන මධ්‍යස්ථානය යැයි කිවත් වරදක් නැත.
සතයක් අතේ නොතිබුනි ජොනී “ජොනී පනී” කියා නමක්ද හදාගෙන ජොන්ස්ටන් එජනිසයට පැන්න තර එවකට ජොනිට පනින්න වාහානයක් පවා නොතිබුන අවස්ථාවක වාහනයක් සපයා දුන්නේ පහුගිය කාලයේ වැඩිපුරම නම කියවුන ඇවන්ගාඩ් අයිතිකරු වු නිශ්ශංක සේනාධිපතිය.ඒ වනවිටත් ජොන්ස්ටන්ගේ පුතා මහින්දගේ පුත් නාමල්ගේ හොදම මිතුරෙකි.ඒ මිතුරුකම ගානට පාවිච්චියට ගත් ජොනී මහින්දට ලංවුයේ ඉතාමත් ලේසියෙන්මය.
>වයඹ ඩිස්ටලරිස් සමාගම කෝටි 300
>ඇලහැර අක්කර 50ක මැණික් ඉඩම දෛනිකව මැණික් හැරිමේ කටයුතු වෙමින් තිබේ. වටිනාකම කෝටි 50ක් පමණ
නුවරඑළියේ තේ ඉඩම වටිනාකම කෝටි 50 ඉක්මවයි
>කොල්ලුපිටියේ අමරාවතී රෙස්ටුරන්ට් වටිනකම කෝටි 100ක් වන අතර එහී පරිපාලනය ජොනීගේ අනියම් බිරිදක් වන රූකී නැමත්තිය මෙහෙයවනු ලබයි.
>කොළඹ කොටුවට ආසන්නයේම පිහිටි Sea Fish Restaurant වටිනාකම් කෝටි 100ක් ඉක්මවයි.
>කවුරුත් දන්නා V fm නාලිකාව කෝටි 30ක් පමණ
>Havelock City නිවාස 4ක අයිතිය වටිනාකම කෝටි 16ක් පමණ
>කොම්පඤ්ඤවිදියේ නවලෝක රෝහල අසල ලිලී මාවතේ ඉදිවෙන විශාල හෝටලය වටිනාකම කෝටි 100ද ඉක්මවා තිබේ.
සමිතාට නාවලින් දුන් කෝටි ගණනක් නිවස,අදටත් සමිතා ඇතුලු පවුලේ අය භාවිතා කරන වාහන 7 පමණක් නොව සමිතාගේ පුතාට ජොනී පියා දි තිබේන ආරක්ෂකයින් ඒ සියල්ලම ජොනීගේ සල්ලිය.ඒ හා සමාන ප්‍රමාණයක් රූකිටද දි තිබේන අතර මේ ලගදි දවසක කොළඹ පැවැති ප්‍රිය සම්භාහනයකදි ජොනී තමන්ගේ කසාද බිරිද,සමිතා,රූකී එකම මෙසයක ඉදගෙන සිටින්නට තරම් ජොනී වාසනාවත්ත වුයේ සල්ලි වල ඇති බලය නිසාමය…එම උත්සවයට පැමිණි සිටි ශ්‍රීලනිපයේම ජ්‍යෙෂ්ඨයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට ජොන්ස්ටන් පෙන්වා පවසා ඇත්තේ “ජොනී පනී ” කිව්වාට ගැණුන්ව දාලා නම් ජොනීට පැනලා යන්න හම්බ වෙන්නේ නෑ යැයි කියා ..කොක් හඩලා සිනාසී තිබේ.
ජොනීගේ බාර් ගණන ජොනී හැරෙන්නට වෙනත් අයෙකු නොදන්නවා විය හැක මන්ද ඒ තරමට ජොනී බාර් වලට හිමිකම් කියන නිසාය.දන්නා ප්‍රමාණයට ඔහුට අයත් බාර්ගණන 16කි සමාන්‍යයෙන් එක් බාර් එකක වටිනාකම කෝටි 15ක් පමණ වන අතර ඒ වාගේ 16ක මිල සදා ගැනිම අපහසු නොවනු ඇත.
ජොන්ස්ටන් සල්ලි හොයාගත් අකාර රැසක්ම තිබේ එයින් පලමු වැනි ක්‍රමය නම් වෙළද අමාත්‍යවරයා වි සිටින සමයේ සිමෙන්ති මෙන්ම කිරිපිටි මිළ වැඩිකිරිම් සම්බන්ධයෙන් වු මෙහෙයුම් වලදි එම ආයතන වලින් මිලියන ගණනින් කප්පම් ලබා ගැනිමයි.ඇතැම් විට එම කප්පම් මුදල මිලියන 50ත් -100ත් වන අතර වන අතර කප්පමේ හැටියට මිළ වෙනස් කිරිමට එදා ඇමතිවරයාට බලය තිබුන අතර ඒ සදහා විවිධ උපක්‍රම භාවිතාකර තිබේ.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05ක් ගොනු කර තිබේන අතර 2010 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කිරිමට කොමිසම කටයුතු කර තිබේ.එම නඩුවට අනුව ජොනීට සිය මන්ත්‍රී ධුරයද අහිමිවීමට ඉඩ පැදුන අතර යහාපාලන ඩීල් නිසාම තවමත් මන්ත්‍රීධුරය ඔහු සතුවම පවතී.කොමිසම නඩු පවරා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙනි නමුත් පරීක්ෂණ සිදුවෙමින් ඇත්තේ වෙනත් දුෂණ චෝදනා පිළිබදවය ඒ හරහා ජොනී ගොඩගියේය.
රාජිත සේනාරත්න මහතා 1995දි මන්ත්‍රී ධුරය අහිමි වුයේ මන්ත්‍රීවරයකුව සිටියදී රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීමේ චෝදනවකටය . ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ලවන චෝදනා වඩා බරපතළ වුවත් ඩිල් ඊට වඩා බලවත් නිසා වැඩේ ගොඩ ගියේය.
අමාත්‍යවරයාව සිටි කාලයේ දී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ජොනීව අත් අඩංගුවට ගත් අතර දින කිහිපයක් බන්ධනාගාරයේ සිටි ඔහු සිය පවු යහපාලනට කියා සොදා ගත්තේ කාගෙ කාගෙත් හිත් නොරිදෙන ලෙසය.
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් අධ්‍යපන සේව නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතිය හෙවත් ගුර ගෙදර ට සිදු කරන තිබෙන කෝටි ගණනක වංචා, දුෂන සහ මුදල් අක‍්‍රිමිකතාවයන පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි තිබේ. නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත් කර ඒ හරහ ජොනස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා විසින් මෙම ආයතන පාලනය ඔහු අතට ගෙන විශාල වශයෙන් වංචා දුෂණ සිදු කර ඇති අතර ගුරුවරු ඇතුළු 1 40 000 වැඩිය සමාජිකත්වයක් ඇති මෙම ආයතනය නමින් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගනිමින් සිදු කර ඇති බර පතල මූල්‍ය වංචා ද, කෝටියකට වැඩි වටිනා වාහන ද මිල දී ගනිමින් විශාල ලෙස මුදල් කාබාසිනියා කර තිබේ.
[rns_reactions]
අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය.
එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම පැහැර හැර තීබූ වාහනයක් රැගෙන යම්න් සිටියදී එය පැහැරගෙන ගොස් සඟවා තිබියදී හසුව තිබෙනවා.
ලීසින් සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක්මත බලහත්කාරයෙන් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය (21) වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැරයන් තිදෙනෙකු ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන අතර රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී තිබෙනවා.
ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක්මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇත්තේ ලීසින් සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බවය.
රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
[rns_reactions]