Category: සුපිරි News

  • අවුරුද්දක දරුවාට බෙන්ස් කාර් එකක් දුන්න අපේ කාලේ දේශපාලනඥයා..(video.photos)

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.

    ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.

    පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!

    එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.

    මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

    කෙසේ නමුත් රටේ එක් කොටසක මිනිසුන් කසල කන්දකට යටවී මියයද්දී සහ එදා වෙලා හරි අමාරුවෙන් හොයා ගනිද්දී තවත් පසෙක දේශපාලකයන් මෙසේ සුරංගනා ලෝකවල ජිවත් වීම කොතරම් සාධාරණද?

    කෙසේ වෙතත් දේශපාලකයන් මෙම තත්වයට පත් කරන්නට මහන්සි වෙන්නෙත් අහිංසක ජනතාවම බවද මතක තබා ගතයුතු වැදගත්ම කරුණකි…!

    [rns_reactions]

  • ඉරාජ්ගේ වීඩියෝවේ ඉන්න අමන්දා ජැක්සන්ගේ ලොකු පුතාව හැරගියාද? – PHOTOS

    ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවේ සිටින ප්‍රධාන නිරූපණ ශිල්පිණිය වන අමන්දා සිල්වා මේ වනවිට ප්‍රසිද්ධ චරිතයක්. එයට හේතුව ඇගේ සරාගී පෙනුම සහ රංගනය.

    ඇය සහ ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් පුතනුවන් වන අකිල ධනුද්ධර සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවට කටකතාවක් පැතිරෙමින් තිබෙනවා. නමුත් එම සම්බන්ධය දැන් නොමැති අතර එය නැත්වීමට හේතුවද අනාවරණය වී නෑ.

    අමන්දාගේ සරාගී ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.

    [rns_reactions]

  • කාමරේ AC කරන්න මුදල් නාස්ති කරන්න එපා! මෙන්න සුපිරි විසදුම…

    මේ දවස් වල තියන රස්නෙට මෙන්න ගෙදරදීම හදාගන්න පුළුවන් නියම A/C එකක් .

    මේ දවස්වල දවල් වෙලාවට වගේම රැටත් තියන මේ කරදරකාර රස්නය නිසා ඔබ පිඩා විදිනවද මෙන්න එහෙනම් අපෙන් එකට නියම විසදුමක් A/C ගන්න අපිට කොහෙන්ද සල්ලි කියල හිතපු කාලේ ඉවරයි ගෙදර විසිකරන බෝතල් දෙකකින් A/C එකක් හදාගන්න නියම ක්‍රමයක් මේක

    [rns_reactions]

  • කාන්තාවන්ගේ යෝනියෙන් පිටවන ශ්‍රාවය පිළිබද මේ දේවල් ඔබ දැනගත යුතුමයි.

    ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ.

    මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා පමණ ශ්‍රාවය වේ. එසේම මෙම ශ්‍රාවයන්ගේ ගති ලක්ෂණ අනුව කාන්තාව සරු කාලයේ සිටියිද නැත්ද යන්නද නිරීක්ෂණයන් මගින් දැනගත හැක.

    පළමුවෙන්ම අප සාකච්ඡා කළ යුත්තේ කාන්තාවක් උත්තේජනය වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් නිකුත් කෙරෙන ලිහිසි කාරක සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල යන දෙකම එක සමාන නොවන බවයි. ලිහිසිකාරක නිකුත් කෙරෙනුයේ යෝනි මාර්ගයෙන් වන අතර ගැබ්ගෙල ශ්ලේෂ්මල නිකුත් කෙරෙනුයේ ගැබ්ගෙලෙනි.

    කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීමට ආසන්න වත්ම , ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවශයෙන් ශ්‍රාවය වීමට පටන් ගනියි. මෙවිට ගැබ් ගෙල විවරය සුමුදු වීමටත් , විවර වීමටත් සිරස්ව නැගී සිටීමටත් පටන් ගනියි.
    ගැබ් ගෙල විවරය ඉහළට සිරස්ව විවෘතව එසැවී ඇත අයුරුද, පැහැදිළි ශ්ලේෂ්මලද දැකිය හැකිය.
    ආරම්භයේදී මෙම ශ්ලේෂ්මල බොහෝ විට වියළි ස්වභාවයෙන් සහ උකු ගතියෙන් යුක්ත වුවද පසුව එය ක්‍රමයෙන් මදක් ඇලෙන සුළු , බිත්තර සුදු මදයෙහි ස්වභාවයට පැමිණේ. මෙම තත්ත්වය සලකනුයේ කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසය. මක් නිසාද යත් මෙම ශ්ලේෂ්මලය මාධ්‍යයක් කොට ගනිමින් ශුක්‍රාණු වලට ගැබ් ගෙල හරහා ගැබට ඇතුළු වීමට පහසු නිසාත් , මෙම කාලයේදීම ඩිම්බයක් පැලෝපීය නාලයට නිකුත් කෙරෙන නිසාවෙනි. මෙම ශ්ලේෂ්මලය කෙතරම් ඇලෙනසුළුද යත් ඇඟිලි තුඩු දෙක අතරෙහි අඟල් දෙකක් පමණ වන තුරු එය අඛණ්ඩව ඇදෙනු ඇත.

    [rns_reactions]
  • පාස්වඩ් එක ගහන්නේ නැතුව බ්ලුටුත් එක හරහා ඕනෙම වයිෆයි එකකට Connect වෙන්නේ මෙහෙමයි.(video)

    වයිෆයි එකකට Connect වෙන්න දැන් පාස්වඩ් දැනගන්න ඕනේ නැ මෙන්න බ්ලුටුත් වලින් වයිෆයි Connect කරගන්න සුපිරිම ක්‍රමයක්..කරන විදිහ පහත වීඩියොවෙන්

    [rns_reactions]

  • අසල්වැසි නිවෙස් වල කුණුත් තමන්ගේ වත්තේ දමාගන්නා අපුරු කාන්තාව..(video)

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ජීවිත විනාශය හමුවේ කැළිකසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතුව තිබේ.

    කැළිකසල බැහැර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ වගකීම බලධාරීන් සතු වන බව ඇතැමෙකු පවසන අතර බැහැර කරනු ලබන කසල ප්‍රමාණය අවම කර ගැනීම පුරවැසියන් සතු යුතුකමක් බව තවත් සමහරෙකුගේ අදහසය.

    නිවෙස්වලින් බැහැර කරනු ලබන කැළිකසල ප්‍රමාණය අවම කර ගන්නේ කෙසේද ? කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද?

    බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි.

    එපමණක් නොව ඇය සිය අසල්වැසියන්ගේ කැළිකසල ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වේ.

    කුණු ප්‍රශ්නයට විසදුමක් රටම සොයන මේ අවස්ථාවේ ඇය සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ඉල්ලා සිටින්නේ හැකි පමණ නිවස තුළම කුණු ප්‍රතිචක්‍රීකරණය කර නගර සභාවට දෙන කුණු ප්‍රමාණය අඩුකරන ලෙසය.

    ඇය ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේද ගැන  කළ පැහැදිලි කිරීම පහත විඩියෝවෙන් නරඹන්න

    [rns_reactions]
  • සමන්තභද්‍ර හිමියන් ඩුබායි රටට වඩියි..(photos)

    සිරි සමන්තබද්‍ර හිමියන්ගේ පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ පුවතක් බවට පත්වුණා. මේ පිළිබඳව අප විසින් මොයා බැලූ අතර එහිදී අනාවරණය වූය‍ේ සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහා බවයි.

    එහිදී සමන්තබද්‍ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙන බව සඳහන්.

    එම සංචාරයේ ජායාරූප කිහිපයක්..

    [rns_reactions]
  • ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක්

    මේ පැවසීමට යන්නේ ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක් සම්බන්ධවයි…මේවා දැන ගෙන නිවාඩුවක් ගත කිරීමට යාම තුලින් නිකරුනේ ඔබට සිරගත වී ඔබේ නිවාඩුව අපතේ යවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ….

    1.එක්සත් අරාබි එමිර් රාජ්‍යන් තුල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමාලිංගනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    dont-1

    2.සිංගප්පුරුවේ හුවමාරු ස්ථාන වලදි චුයින් ගම් හැපීම සපුරා තහනම්ය..

    dont-2

    3.කැනඩාවේ කාසි වලින් ගනුදෙනු කිරීම් සිදු කල නොහැක.

    dont-3

    4.සැන් ෆ්‍රැන්සිස්කෝ හි පරෙවියන්ට කෑම දැමීම සිදුකල නොහැක.

    dont-4

    5.පිහිනුම් ඇඳුම් හෝ නාන ඇඳුම් අඳිමින් මුහුද අවට හෝ පිහිනුම් තටාක අසල ස්පාඟහ්යේ බාසිලෝනා හි සිටිය නොහැක.

    dont-5

    6.ප්‍රාශ්වාස වාතයේ මධ්‍යසාර ඒකකය මනින උපකරණය ක් නිරතුරුව භවිතා කිරීම ප්‍රංශයේ අනිවාර්ය වේ.

    dont-6

    7.ජර්මනියේ ඔටෝබාන් අධිවේගි මාර්ගයේ සෙමින් ගමනේ ධාවනය විය නොහැක.ඔබේ ඉන්ධන අඩු වුවද එය සිදුකල නොහැකිය.

    dont-7

    8.ස්පාන්ඝයේ පාවහන් පැළඳ රිය ධාවනය සිදු කල නොහැක.

    dont-8

    9.තායිලන්තයේ තායි කාසි ඇති තැන්වල නතර නොවන්න.එහි ඇති භුමිබෝල් නම් රජුගේ රූපය ඔවුන් දෙවියන්සේ අදහයි.එය පයට පෑගිම එයට දැක්විය හැකි විශාල අගෞරවයක් බව ඔවුන්ගේ මතයයි.

    Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

    Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

    10.ෆිජි හි ප්‍රසිද්ධ ස්ථාන වල නග්නව සිටිය නොහැක.ඒ සඳහා වෙන්වු පෞද්ගලික හෝටල් ඇත.

    dont-10

    11.මහජනයා ගැවසෙන කසකස්ස්ථාන ගුවන් ගොඩනැගිලි වල ඡායාරූප ගැනීම තහනම්ය.

    dont-11

    12.මාලදිවයින තුල ඔබේ ආගමික විශ්වාස පල කල නොහැක.. එහි ඇති එකම ආගම මුස්ලිම් ආගමයි.

    dont-12

    13.මැලේසියාවේ ප්‍රසිද්ධ ස්ථාන වල දුරියන් පලතුර විවෘත කිරිම තහනම්ය.

    dont-13

    14.ජැමෙයිකාවේ ප්‍රසිද්ධියේ දුම් බීම සපුරා තහනම්ය.

    dont-14

    15.පෙසියිඩෝෆෙඩරින් නම් ඖෂධය ජපානයේ තහනම් කොට ඇත.

    dont-15

    [rns_reactions]
  • සර්පයෙක් දෂ්ට කලවිට කල යුතු හා නොයුතු දේවල්.

    ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 6 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි.

    සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික පරිසර වලට වඩා, ගම්බද පරිසර වල සර්ප දෂ්ට කිරීම් සිදුවන වාර ගණන වැඩිය. නමුත්, මෑතකදී නාගරික සහ අර්ධ නාගරික පරිසර වලදී සිදුවන සර්ප දෂ්ට කිරීම් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. එමෙන්ම, බොහොමයක් සර්පයන් නිශාචර බැවින්, දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී වැඩි සර්ප දෂ්ට කිරීම් ප්‍රමාණයක් සිදුවේ. සර්ප දෂ්ට කිරීම් නිසා සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ, තිත් පොළඟා (දාර පොළඟා), නයා, සහ කරවලා දෂ්ට කිරීමෙනි.

    ශ්‍රී ලංකාවේ හමුවන උග්‍ර විෂැති සර්පයන්

    නයා (නාගයා)
    තෙල් කරවලා (මග මරුවා)
    දුනු කරවලා (පොලොන් කරවලා)
    තිත් පොළඟා (දාර පොළඟා)
    වැලි පොළඟා
    පොලොන් තෙලිස්සා (කුණකටුවා) – මෑතකදී උග්‍ර විෂැති සර්පයෙකු ලෙස නම් කරන ලදි.

    සර්ප දෂ්ට කිරීමකදී කල යුත්තේ කුමක්ද?

    සර්ප දෂ්ට කිරීමට ලක්වූ තැනැත්තාගේ සිතෙහි බිය නැතිවනසේ කතා කරන්න.
    බොහොමයක් සර්පයන් විෂ රහිත බව පවසන්න.
    විෂ සහිත සර්පයෙක් දෂ්ට කලද, විෂ ඇතුළු නොවීමට හැකියාව ඇතිබව පවසන්න.
    දෂ්ට කල ස්ථානයේ දළ පහරවල් තිබූ පමණින් විෂ ශරීරගත වී ඇතැයි අදහස් නොවන බව පවසන්න.
    විෂ ශරීරගත වුවත්, ඵලදායී ප්‍රතිකර්ම රෝහල් වල පවතින බවත්, සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාවක් ඇති බවත් පවසන්න.
    දෂ්ට කල ස්ථානය සබන් සහ ජලයෙන් මදක් සෝදා, පිරිසිදු සහ වියලි ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
    හැකිනම්, දෂ්ට කරන ලද ප්‍රදේශය, හදවත පවතින මට්ටමේ තබන්න.
    සර්ප දෂ්ට කිරීමට ලක්වූ ප්‍රදේශය හැකිතරම් සෙලවීමෙන් වලකින්න. එමගින්, තවදුරටත් විෂ ශරීරය පුරා පැතිරීම වළකින අතර, වේදනාව අඩුවේ. එමනිසා, රෝගියාට ඇවිදීමට ඉඩ නොදෙන්න.
    දෂ්ට කිරීමට ලක්වූ අත හෝ පාදය ඉදිමීමට ඉඩ ඇති බැවින්, මුදු , වළළු, නූල්, තද ඇඳුම්, ඔරලෝසු ආදිය ගලවා ඉවත්කරන්න.
    රෝගියාට වේදනාව ඇත්නම්, පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබාදෙන්න.
    ඉක්මනින් රෝගියා ලඟම ඇති රජයේ රෝහලට ගෙන යන්න.

    සර්ප දෂ්ට කිරීමකදී නොකල යුතුදේ කුමක්ද?

    පළපුරුදු වෛද්‍යවරයෙකුට, දෂ්ට කල සර්පයා නොමැතිව වුවද රෝගියාගේ ලක්ෂණ අනුව, දෂ්ට කරන ලද සර්පයා හඳුනාගත හැකි බැවින්, දෂ්ට කරන ලද සර්පයා මරන්න එපා.
    එකවරම කලබල වෙන්න එපා.
    රෝගියාට කිසිවිටෙකවත් මත්පැන් හෝ කෝපි, තේ වැනි කැෆේන් (Caffeine) අඩංගු පානයන් දෙන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    වේදනාව අඩුකිරීම සඳහා කිසිවිටෙකවත් ඇස්පිරින් (Aspirin) හෝ ඩයික්ලොෆෙනැක් (Diclofenac), ඉබියුප්‍රොෆන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic acid) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) දෙන්න එපා.
    නස්න කිරීමට යන්න එපා. එමගින්, පෙනහලු වල ආසාදන හෝ ස්ථිර බිහිරිබව ඇතිවිය හැකිය.
    තැඹිලි, කුරුම්බා, හෝ පළතුරු යුෂ රෝගියාට දෙන්න එපා. එවැනි දියර වල පොටෑසියම් බහුලව අඩංගු බැවින්, සර්ප දෂ්ට කිරීමකට පසුව වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපෑමක් වුවහොත්, එය උග්‍ර වීමට ඉඩ ඇත.
    පටක වලට හානි සිදුවිය හැකි බැවින්, කොන්ඩිස් වතුරෙන් තුවාලය සෝදන්න එපා.
    ශරීරයේ දෂ්ට කල කොටස සොලවන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    දෂ්ට කල ප්‍රදේශය හදවත පවතින මට්ටමට ඉහලින් හෝ පහලින් තබන්න එපා. දෂ්ට කරන ලද ප්‍රදේශය ඔසවා තැබීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැකි අතර, හදවත පවතින මට්ටමට වඩා පහළින් තැබීමෙන්, ඉදිමීම තවදුරටත් වැඩිවිය හැක.
    දෂ්ට කල තුවාළය කපන්න හෝ විෂ උරා ඉවත්කරන්න උත්සාහ කරන්න එපා. දෂ්ට කරන ලද තුවාළය කැපීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැක. එමෙන්ම, විෂ උරා ඉවත්කිරීමට යාමෙන්, එසේ කරන්නාගේ මුඛයේ මෘදු පටක හරහා විෂ ශරීරගතවීම සිදුවිය හැක.
    විෂ ඉවත්කිරීම සඳහා තුවාලය මිරිකා ලේ ඉවත්කිරීම කරන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    දෂ්ට කරන ලද තුවාළයට අයිස් තබන්න එපා.
    විෂ ශරීරගතවීම වැළැක්වීමට යැයි කියා දෂ්ට කරන ලද ස්ථානයට උඩින් ගැටගසන්න එපා. එමගින් ඉදිමීම වැඩිවිය හැකි අතර, රුධිර සංසරණයට බාධා පැමිණීම නිසා දෂ්ට කරන ලද අත හෝ පාදය කපා ඉවත්කිරීමට සිදුවන අවස්ථාද ඇතිවිය හැක.
    දෂ්ට කරන ලද සර්පයා මරා ඇත්නම්, කිසිවිටෙක සර්පයා ස්පර්ශ කරන්න එපා. ඇතැම්විට සර්පයා මිය නොගොස් සිටියහොත්, නැවත දෂ්ට කිරීමට හැකියාව ඇත. එමෙන්ම, සර්පයා මියගොස් පැයක් පමණ ගතවනතුරු ප්‍රතීක ක්‍රියාවක් මගින්, ඉබේ දෂ්ට කිරීමකට ලක්විය හැක.

    සර්ප දෂ්ට කිරීම් වළක්වාගන්නේ කෙසේද?

    වගාබිම්, ගොවිපල, සහ වතු ආදී මිනිස් වාසස්ථාන අසල සර්පයන් බහුලව ගැවසේ. එමනිසා, සර්ප දෂ්ට කිරීම් වලින් වැළකීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කල හැක.

    වැඩි වශයෙන් සර්ප දෂ්ට කිරීම් සිදුවන්නේ පාදවලට බැවින්, සර්පයන් බහුල ප්‍රදේශ වල ගැවසෙන විට, සපත්තු හෝ බූට් සපත්තු පැළඳීම කලහැක. එයට අමතරව, දිග කලිසම් (ඝනකම් රෙද්දකින් මසන ලද ඒවා නම් වඩා උචිත වේ.) හැඳීමද කලහැක.
    රාත්‍රී කාලයේ ගමන් කරන්නේ නම්, සැමවිටම විදුලි පන්දමක් දල්වාගෙන ගමන් කරන්න.
    ගමන් කරන විට, ලී කැබැල්ලක් රැගෙන ගමන් කරන මාවතේ බිමට සහ පඳුරු වලට තට්ටු කරමින් ගමන් කරන්න. එමෙන්ම, පාද පොළවේ හොඳින් ගැටෙන සේ, අඩි තබමින් ගමන් කරන්න. සර්පයන් බිහිරි වන මුත්, කම්පන හොඳින් දැනේ. එබැවින්, එසේ කිරීමෙන්, සර්පයන් ඔබ ගමන්කරන මාර්ගයෙන් ඉවත්වීම සිදුවේ.
    කූඹි ගුල්, වේ හුඹස්, ගස් බෙන, ඝන පඳුරු, ලී කොට හා ගල් තුළට හෝ යටට අත දැමීමෙන් වළකින්න.
    ඔබේ වත්තේ ඇති කූඹි ගුල්, වේ හුඹස් ආදිය ඉවත්කරන්න. ගස් බෙන වසා දමන්න. වත්තේ තැන තැන ලී කොට, දර, හෝ ඇද වැටුණු ගස් ආදිය තිබෙන්නට ඉඩහරින්න එපා. ලී කොට, දර, ගල් ආදිය ඉවත්කිරීමේදී, සැමවිටම ප්‍රවේශම් වන්න.
    ගොවිතැන් කරන විට විමසිලිමත්ව, ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අවසන් ලියැදි වල වැඩ කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න. මක්නිසාද, මුලින් අස්වනු නෙලන ලද ලියැදිවල සිටි සර්පයන්, අවසන් ලියැදි වලට ගොස් තිබීමට ඉඩ ඇත.
    වත්තේ සහ නිවසේ කුණු කසල නිසි පරිදි බැහැර කරන්න. නැතහොත්, සර්පයන්ගේ ගොදුරු වන ගෙම්බන්, කටුස්සන්, මීයන් ආදී සතුන් බෝවීම සිදුවේ.
    කිසිවිටෙක, නිවස තුළ වී ගබඩා කර තබන්න එපා. එමගින්, මීයන් බෝවීම වැඩිවන බැවින් සර්පයන් ආකර්ෂණය වීම සිදුවිය හැක.
    හැකි සෑමවිටම, බිම නිදාගැනීමෙන් වළකින්න.
    සැමවිටම, භාවිතයෙන් පසු ඔතන ලද පැදුරු බිම තිබෙන්නට හරින්න එපා. ඒවා ඉහලින් එල්ලා තබන්න. නැතහොත්, කරවලුන් වැනි සර්පයන් පැදුරු තුළට හෝ යටට ඇතුළුවීමට පුළුවන.
    කිසිවිටෙක මියගොස් ඇති හෝ සජීවී සර්පයෙකු ඇල්ලීමට යන්න එපා.
    සර්පයන් ගැවසීමට ඉඩ ඇති පරිසර වල කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ ගැවසීමට ඉඩදෙන්න එපා.
    ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නම්, කිසිවිටෙකවත් දැල් වලට හසුවූ මුහුදු සර්පයන් අල්ලන්න එපා.

    [rns_reactions]
  • "මාධ්‍යයෙන් ඉඩක් නැති නිසා මම මගේ ෆෝන් එක මාධ්‍ය කරගත්තා".. අලුත් වීඩියෝව ගැන ඉරාජ් කී කතාව.

    ඉරාජ් මොකක්ද මේ අලුත් සිංදුව වස්සානේ හීනේ

    වස්සානේ හීනේ විෂුවල් එක මාස දෙකක් තිස්සේ තිබිච්ච හීනයක්. සිංදුව ලිව්වේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. මියුසික් කළේ මම. තනුව නිර්මාණය කළේ සමන් සංගීත් කියන මල්ලී කෙනෙක් . මේ සිංදුව කියන්නේ ජනේන්ද්‍ර කියන අලුත් මල්ලි කෙනෙක්.

    විෂුවල් එකට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව යොදාගත්තේ ඇයි ?
    මට මේ වෙලාවේ වෙනස් දෙයක් කරන්න ඕන වුණා. ඉතින් මේකේ කතාවත් එක්ක ඕන වුණා සමන්ත භද්‍ර හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ නිසා මම මේකට හාමුදුරුවන්ව සම්බන්ධ කරගත්තා.

    මේක ප්‍රේම ගීතයක්ද? නැත්නම් බොදු බැති ගීතයක් ද?
    නෑ මේක බොදු බැති ගීතයක් නෙමෙයි. ඒත් අවසානයේදී අපේ මිනිසුන්ට යම් පණිවිඩයක් මේ ගීතයෙන් විෂුවල් එක හරහා ලබලා දෙනවා.

    හාමුදුරුවන්ට විෂුවල් එකට එන්න කීව ගමන් හා කීවද?
    නෑ අපි හාමුදුරුවන්ට කතා කරලා විෂුවල් එක ගැන කිව්වා. මෙහෙමයි වෙන්නේ, මේක පණිවිඩයක් මිනිසුන්ට ලබලා දෙනවා කියලා. ඒ දේවලුත් එක්ක තමයි ස්වාමීන්වහන්සේ මේකට කැමැති වුණේ.

    සමන්තභද්‍ර හාමුදුරුවෝ හා ඉරාජ් අතර තියෙන්නේ කොහොම සම්බන්ධයක්ද? ගණුදෙනුවක්ද?

    දැන් අවුරුදු දහයක් වගේ කාලයක් තිස්සේ සමන්ත භද්‍ර හාමුදුරුවන් එක්ක දැනහැඳුනුම්කමක් මට තියෙනවා.

    ගීතයේ වීඩියෝ එක බැලුවට පස්සේ හාමුදුරුවෝ මොකද කිව්වේ?

    මේක සම්පූර්ණයෙන්ම වෙනස් ගීතයක් කිව්වා. මේක අනිවාර්යයෙන්ම කතාබහට ලක්වෙන ගීතයක් සමාජයේ වෙන දේවල් තමයි මේ විෂුවල් එකේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේත් කිව්වා මෙක ලස්සනයි කියලා.

    ඉරාජ් කරන නිර්මාණ හුඟක් ආන්දෝලනාත්මකලු. ඉරාජ් නිර්මාණශීලීත්වය කියලා හිතන්නේ සංස්කෘතියට පහර ගහන එකටද?

    අපේ මිනිස්සු හංග හංග හොරෙන් කරන දේවල් මම නිර්මාණයක් හරහා එළිපිට කරනවා. මේවා තමයි උඹලා කරන්නේ අපි මේවා හදාගන්න ඕන කියලා ඒකට ගොඩක් දෙනෙක් කෑ ගහනවා. ඕවා කරන එක හරි නෑ කියලා. අපි හංගන යථාර්ථය තමයි මම මේ මියුසික් වීඩියෝවල පෙන්නන්නේ.

    මේ වගේ දේවල් කරන්නේ අමුතු පොරක් වෙන්නද?

    මට එහෙම පොරක් වෙන්න ඕනේ නෑ. මම පොරක් නෙමේ. අලුත් නිර්මාණ කරන්න කැමැති කෙනෙක්.. මම කාටවත් බය නෑ. කවුරු කෑ ගැහුවත් මම බය නෑ. මම මට ඕන දේ තමයි කරන්නේ. ඒක නිසා තමයි මගේ නිර්මාණ සාර්ථක වෙන්නේ.

    සේකරලා …මානවසිංහලා අදටත් පවතින නිර්මාණ කළේ සංස්කෘතික වටිනාකම්වලට පහර ගහලා කෑගහලා පොර ටෝක් දීලා නෙවෙයි. ඔයා හිතනවද අද පරම්පරාව කෑ ගහලා දඟලලා කරන නිර්මාණවලට ඒ වගේ පැවැත්මක් තියෙයි කියලා?

    මම කියන්නේත් මේ මම කරන නිර්මාණත් අවුරුදු ගාණක් පවතීවි. මිනිස්සු මම කරන නිර්මාණ දැකලා දැන් කෑගැහුවට මම දන්නවා මේ නිර්මාණත් මිනිස්සු දවසක පිළිගනීවි.

    සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ Facebook එක මේන්ටේන් කරන්නේ ඉරාජ්ලු නේද?

    නෑ අනේ ..ඒක බොරු. මම එහෙම මේන්ටේන් කරන්නේ නෑ. සමන්ත භද්‍ර හාමුදුරුවන් කියන දේ කෙලින් කියන හාමුදුරු නමක්.මම ඒකයි හාමුදුරුවන්ට කැමති වුණේ. මම ඔය යල් පැන ගිය බුද්ධාගමට ආස නෑ . අපේ සමහර මිනිස්සු බෞද්ධ බෞද්ධ කියලා බෞද්ධකම ඉස්සරහට දාලා ජරා වැඩ කරනවා. Google ඒකේ Sex Search කරලා දැන් අවුරුදු පහක් දිනපු රට අපියි. ඉතින් මේ හැම ජරාවක්ම කරලා බොරු බෞද්ධකමක් ඉස්සරහට දානවා.

    එතකොට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව නළුවෙක් කරන්න හිටපු ගමන් ඉරාජ්ට ඇතිවෙච්ච කැක්කුම මොකක්ද?

    කාලයක් එක එක හේතු නිසා ඒ හාමුදුරුවන්ට සමහර චැනල්වල දොරවල් වැහුණා. 2008 දී 2009 දී විතර සමන්තභද්‍ර හාමුදුරුවන්ට කිව්වා internet එකට එන්න. ඒ ආවට පස්සේ කාටවත් හාමුදුරුවන්ව නවත්වන්න බෑ කියලා. ඒ අනුව තමයි මම සමන්තභද්‍ර හාමුදුරුවන්ට internet හරහා උන්වහන්සේගේ හඬට තැනක් ලබලා දුන්නේ.

    ඉරාජ් මාධ්‍ය එක්ක තරහා මාධ්‍ය ඉරාජ්ව විවේචනය කරනවා කියලා හිතන හින්දද?

    නෑ … මම එහෙම මාධ්‍ය එක්ක තරහා නෑ. ඒත් ..මමත් මගේ නිර්මාණවලට සමහර මාධ්‍යයන් ඉඩ දුන්නේ නෑ. ඒ නිසා මගේ ෆෝන් එක මම මාධ්‍යයක් හැටියට පත් කරගත්තේ ටී.වී චැනල්වලින් බොහෝම පොඩි ගණනක් තමයි මගේ නිර්මාණවලට තැනක් දෙන්නේ.

    සමන්ත භද්‍ර හාමුදුරුවෝ චීවරය දරාගෙන කරන්නෙ මහායාන කොන්ත්‍රාත් එකක් කියලත් චෝදනාවක් එල්ල වෙනවා. ඉරාජ් කියන්නේත් ඒකේ හවුල් කාරයෙක්ද?.

    අනේ මම ඒවා නම් දන්නේ නෑ. මම එහෙම බුදුදහම ගැඹුරට හදාරලා නෑ. අපිට පොඩි කාලේ පත පොතේ කියපු දේවල් එක්ක මම දැන් බුදුදහම internet එක හරහා යම් අධ්‍යයනයක් කරනවා. එතකොට සමහර වෙලාවට මට හිතෙනවා අපි ඉගෙන ගෙන තියෙන්නෙ, අපිට ඇහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් නෙමේ වෙනත් දෙයක් කියලා. මම කියන්නේ නෑ සමන්තභද්‍ර හාමුදුරුවෝ හරි කියලා.මම බුදුදහම ගැන ගැඹුරින් දන්නේ නෑ . මම ඒ කිසි දේක හවුල්කාරයෙක් නෙමේ.

    ඔය කීවට අරහෙන් මෙහෙන් ලොකු ලොකු කුට්ටි ඉරාජ්ටත් ලැබෙනවා ඇති නේද?

    අනේ නෑ. මට නම් කාගෙන්වත් ඔය කියන කුට්ටි ලැබෙන්නේ නෑ.

    [rns_reactions]

  • අන්තර්ජාලය කැලඹු ජෝන් සීනා සහ පෙම්වතියේගේ නිරුවත් වීඩියෝව මෙන්න..

    ලෝක ප්‍රසිද්ධ තරු යුවලක් නිරුවතින් කළ අමුතුම වැඩක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

    wrestling ක්‍රීඩක ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය වන wrestling ක්‍රීඩිකා Nikki Bella මෙලෙස නිරුවතින් රංගනයක නිරත වන්නේ.

    එම අවස්ථාව පහතින්.

    [rns_reactions]

  • ගුවන්තොටුපලේදී ලැබෙන මේ වරප්‍රසාද ගැන ඔබ දැනුවත්ද?

    විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට එනවිට ගුවන් තොටුපලේදී ලැබෙන වරප්‍රසාද  රට ගිහින් එනකොට Airport එකේදී ඔබට ලැබෙන වරප්‍රසාද ගැන දන්නේ නෑ නේද?

    මෙන්න හැමෝම අනිවා බලන්න රට ගිහින් එන අයගෙන් 90% පමණ මේවා දන්නේ නෑ අනිත් යටත් දැනගන්න Share කරන්න

    [rns_reactions]

  • කෑම දෙන දැරියට තෑගී ගෙනෙන අපුරු කපුටෝ…

    කුරුල්ලන්ට ආහාර ලබාදීම බෝහෝ පුද්ගලයන් සිදුකරන කටයුත්තක් ලෙසින් හැදින්විය හැකියි.

    එහෙත් ඒ වෙනුවට ආහාර ලබා දෙන තැනැත්තාට කුරුල්ලන් විසින් දිනපතා තෑගි ගෙන එන බවත් ඔබ අසා තිඛෙනවාද ? සුරංගනා කතාවල පමණක් එවන් දේ සිදුවිය හැකි බවට අප විශ්වාස කළද එවන් සැබෑ පුවතක් අමෙරිකාවේ වොෂින්ටන් නගරයෙන් වාර්තාවනවා. මේ එම විස්මිත පුවතයි.

    [rns_reactions]

  • අලුත බැදපු ජෝඩු වලට වෙන සුපිරි ප්‍රශ්න 6ක්..

     

    [rns_reactions]
  • අරුන් මෝලී ලසිත් මාලිංගට මැජික් පෙන්නන්න ගිහින් උන කැත වැඩේ ..(video)

    අරුන් මෝලි කියන්නේ කාඩ් කුට්ටමෙන් මැජික් පෙන්වන  දක්ෂ මැජික් ශිල්පියෙක්.

    පළමු වතාවේ වැඩේ වැරදුනාට දෙවන වතාවේ නම් මාලිංගට අරුන් මෝලි ලස්සනට කොලේ වැහුවා…

    [rns_reactions]
  • "අරණායක නාය යනකොට මුලින්ම කෝල් එක දුන්නේ මං" චතුරගෙන් තවත් සත්‍ය කතාවක්(video)

    චතුර සේනාරත්න පිළිබඳව අපට අමුතුවෙන් ඔබව දැනුවත් කිරීමට අවශ්‍ය නෑ.

    අරණායක නාය යෑම සම්බන්දයෙන් ඔහු කල මේ කතාවත් අහලම බලන්න.

    [rns_reactions]