Category: සුපිරි News

  • ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි.

    ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

    මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.

    ගෑස් ආශ්‍රිත පිපිරීම් ජනතාවගේ නොසැලකිල්ල නිසයි – ලිට්‍රෝ ගෑස් කියයි

    මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

    කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

    මේ අතර මේ දිනවල සුලභව වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන්නේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බව රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම පුවත්පත් දැන්වීමක් පල කරමින් සඳහන් කරයි. ‘‘වැදගත් නිවේදනයක්‘ ලෙස පල කර ඇති එහි, මේ දිනවල සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් දැක්වෙන්නේ “මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිතා නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රෙගියුලේටර්, නළ සහ උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙනි.” යනුවෙනි.

  • අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි.

    ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත.

    මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම්වරයා පවසයි.

    විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවූ අතිරේක ලේකම්වරු දෙදෙනාගෙන් සම්ප්‍රේක්ෂණ භාර අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙකු බවත් ඔහු පැවසුවේය.

  • මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය.

    එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට ස්තූතිය පුද කළේය.

    දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

    ආර්ථික විද්‍යාඥවරියක් වන ශ්‍රී නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඇය 2017 සිට 2019 දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිතව ඇත.

  • රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

    රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

    හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක්  දක්වාත්, බරපතල තුවාල ලබන  වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග  ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි.

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ.

    • අපරික්ෂාකාරි රිය   ධාවනය
    • මත්පැන් ,මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය
    • ජංගම දුරකථන භාවිතය
    • අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරිම
    • ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම

    ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවී ඇත.

    • මාරක රිය අනතුරු වලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12% ක් ලොරි සහ ටිපර් රථ වේ.‍
    • එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදි කරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9%ක් පාපැදි කරුවන් බව දත්ත වලින් හෙලිවී ඇත.
    • මේ අතර අනතුරු වලින් 47%ක් සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදුව ඇත.

    මෙම කරුණු හෙලිවූයේ මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීය.

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 01(අද) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන  මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කල ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදුකරන ලද අතර ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එලි දැක්වීමද සිදුකරන ලදී.එමෙන්ම හඳුනානොගත් රියඅනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතල ලෙස අනතුරුවලට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    මෙම උත්සවයේදී කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :-“මෝටර් සයිකල්වල තියෙන අනතුරු සංඛ්‍යාව තමයි වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ. මේ රටේ රියඅනතුරුවලින් දවසකට අටදෙනෙකු මියයනවා. මේ සඳහා ජාතික වශයෙන් වැඩපිලිවෙලක් සැකසිය යුතුයි…………”

  • ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

    ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇත.

    අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ

  • රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ – ඇමති රමේෂ් පතිරණ

    රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ – ඇමති රමේෂ් පතිරණ

    නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක කළ බවද නැවත රට විවෘත කළ ද, මෙරටින් සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කර ඇතැයි ඉන් අදහස් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    රටේ අතිවිශාල පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් අඩු වයස් කාණ්ඩවල දරුවන් පවා එන්නත්කරණයට ලක්කර තිබෙන බව කී අමාත්‍යවරයා, කිසිවෙකු ආරක්ෂිත යැයි ඉන් අදහස් නොකරන බව ද පැවසීය.
    එළඹෙන උත්සව සමයේදී වගකීම් සහගත ලෙස තම ආරක්ෂාව ඉහළින් සළසා ගනිමින් තම දරු පවුල් වල ආරක්ෂාවද සළසා ගනිමින් සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මුහුණු ආවරණ පැළද සිටින ලෙස මෙරට ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසුවේය.

    දැනටමත් තුන්වන එන්නත ලබාදීම සදහා රජය කටයුතු කොට ඇතැයිද, නමුත් මෑතකදී වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකය තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මෙතෙක් එන්නත් ලබානොගත් කෙනෙකු සිටී නම් ඔවුන් දැනටමත් ප්‍රමාද නැතැයිද, ඉක්මණින් ගොස් එන්නත් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුගේම සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවද රැදී තිබෙන්නේ අප සියලුදෙනාගේම කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මත බවද අවධාරණය කළේය

  • සහල් මිල පාලනයට මියන්මාරයෙනුත් සහල් ගෙනෙයි

    සහල් මිල පාලනයට මියන්මාරයෙනුත් සහල් ගෙනෙයි

    අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය කිරීමට පසුගිය සැප්තැම්බර් 27වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.  ඒ අනුව රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ලිවිසුමක් මත පදනම්ව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

    එහි දී මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ අමෙරිකන් ඩොලර් 460ක් ලෙසය. සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කිරීම පිණීස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවූ අතර  ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළේය.

    දෙරට අතර පවතින ආරක්ෂක අංශ, විශිෂ්ඨ සහයෝගීතාව සමාලෝචනය කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙක තිබේ. වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ ආරක්ෂක අමාත්‍යවරයාට ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකා වෙරළට ඔබ්ඛෙන් නිව් ඩයමන්ඩ් හා එක්ප්‍රස් පර්ල් යන නැව්වල ඇති වූ හදිසි ගිනිගැනීම් කාර්යක්ෂමව පාලනය නොකළේ නම්, සිතාගත නොහැකි තරමට කලාපීය සාගරදූෂණයක් සිදුවනු ඇති අතර ඒවා පාලනය කිරීමට ඉන්දියාවට සහය වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකා හමුදා භටයන්ට ලබාදී ඇති පුහුණු අවස්ථා පිළිබඳව ද ස`දහන් කළ හෙතෙම ඕනෑම අවස්ථාවක පුහුණුව ලබන ශ්‍රී ලංකා හමුදා භටයක් 700ක් පමණ ඉන්දියාවේ සිටින බව කියා සිටියේය.

    රටවල් දෙකම සහභාගීවන ඒකාබද්ධ හමුදා සහ නාවික අභ්‍යාස පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ අතර දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. කොළඹ පවත්වන ලද ආරක්ෂක සමුළුව ලබා ඇති ප්‍රගතිය ද  මෙහි දී සැලකිල්ලට ගැණින. මහ කොමසාරිස් මොරගොඩ මහතා  ‘ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ඨ උපායමාර්ග 2021/2023’ ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ආරක්ෂක අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී. මෙම රැස්වීමට මහ කොමසාරිස්වරයා සමග මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාවේ කොමදෝරු තුෂාර කරුණාතුංග මහතා ද සහභාගීවිය.

    භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන ශ්‍රී රාජ්නාත් සිං කීර්තිමත් සහ ප්‍රවීණ දේශපාලනඥයෙකි. 2019 මැයි මාසයේදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ඉසිලීය. ශ්‍රී රාජ්නාත් සිං 2000 දශකයේ මුල් භාගයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇත. හෙතෙම දැනට ලෝක් සභාවේ සභාවේ නියෝජ්‍ය නායකවරයා ද වේ.

  • දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන

    දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ.

    පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළෙදුන්ගේ අඩුවීම පිළිබඳව මාධ්‍යවේදීන් උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් විමසීමක් සිදු කරමින් සිටියදී  සංවිධානාත්මක පැමිණි මෙම කණ්ඩායම ගොවි මහතුන්ට සහ එළවළු රැගෙන එන පිරිසට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේ එළවලළු මිල අඩු වූ බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමත් සමග තමන්ට එළවලු  අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවය.

    එළවළු වල මිල අඩු වී තිබුණ ද ප්‍රවාහනය සහ එළවළු නරක් වීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බවත් එක වරම ජනමාධ්‍ය මඟින් එළවළු මිල අඩු වූ පුවත ප්‍රචාරය වීමත් සමග පාරිභෝගිකයා තමන්ට බලපෑම් එල්ල කරමින් වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උදාව වී ඇතැයි එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෝ  කෑගසමින් කියන්නට වූහ.

    නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ පහුගිය කාලයේ එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත් මේ වන විට තමන් රැගෙන ආ එළවළු අලෙවි කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක උදාවී තිබෙන බවය. එවැනි අවස්ථාවක එළවළු මිල රටට හෙළි  කොට  අලෙවි කර ගැනීම තම අරමුණ බව ගොවීන් කියන්නට විය.

    කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි ඇතැම් පිරිස්  වම්බටු කිලෝ දෙකක පමණ බෑගයක් පෙන්වමින් තමන් තොග වෙළෙන්දන් බව හුවා දැක්වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු කිලෝ 5කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී තොග මිල සඳහන් වීම විශේෂත්වයකි.

    සංවිධානාත්මක පැමිණි මෙම වෙළෙන්දෙකු බිල් කිහිපයක් ඉදිරිපත් කරමින් තමන් වම්බටු කිලෝවක් තමන් රුපියල් තුන්සියයකට මිලදී ගත් බව හුවා දැක්වීම උත්සාහ කරමින්  සොපින් බෑග් එකක තිබූ වම්බටු කිලෝ එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක්  පෙන්වමින් මිල අඩු වූ පුවත ප්‍රචාරය නොකරන්නැයි ජනමාධ්‍යවලට බලපෑම් කළේය.

    එම පිරිස ඉතා  සංවිධානාත්මකව එළවළු මිල  පහත වැටීම  සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරයන් නවත්වා ගැනීම අරමුණ කරගෙන මේ ආකාරයේ බලපෑම් කළ බව පැහැදිලිව දැකගත හැකිවිය. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරය මඟින් දිනපතා නිකුත් කරන එළවළු කිලෝවක තොග මිල පිළිබඳව  අප අවධානය යොමු කළෙමු.

    එහෙත් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයන් බව පැවසූ පිරිස කියා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථාන කළමණානාකරණ භාරය විසින් දෛනිකව නිකුත් කරන මිල දර්ශනය ද නිකුත් නොකළ යුතු බවත් එම  මිල දර්ශනය තමන්  පිළිගැනීම්ට නොහැකි බවයි.

    කෙසේ වෙතත් ගොවීන් සහ තවත් කණ්ඩායම් පැමිණ මෙයාකාරයෙන් කෑ කෝ  ගැසීමෙන් පලක් නැති බව පැවසීමත්  සමග එම පිරිස ගොවි මහත්තුරුන්ට සහ ජනමාධ්‍යවේදීන්ට බැන වදිමින් එම ස්ථානයෙන් පිටව යන්නට වූයේ තමන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වීම නිසාවෙනි.

    අද (28) දින ද පෙර සතියට සාපේක්ෂව එළවළු මිල පහත අගයක් ගෙන තිබිණි.

    ඉකුත් සතියේ 11.22 දින  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  පැවැති මිල සහ 28 දින පැවති මිල ගණන් මෙසේය.

    වර්ගය              2021.11.22 මිල           2021.11.28 මිල

    • ගෝවා             230 – 300                           150 – 170
    • බෝංචි             300 320                              120 – 150
    •  ලීක්ස්             420 – 450                            180 – 230
    •  කැරට්             350 – 360                            210 – 240
    •  බීට් රූට්          90 -100                               090 – 100
    •  තක්කාලි         300 – 330                           180 -250
    •  රාබු                120 – 130                             70 – 100
    •  නෝකෝල්     150 -180                               90 – 110
    •  කැකිරි            60 – 80                                  60 – 70
    •  පිපිඤ්ඤා        80 – 90                                 60 – 70
    •  අර්තාපල් අල   220 -230                             200 – 220
    •  වැටකොළු       220 – 240                            120 – 170
    •  බණ්ඩක්කා     180 – 200                             80 -100
    •  පතෝල         230 – 240                               140 – 150
    •  කරවිල          400 – 420                               250 – 260
    •  වට්ටක්කා      50 – 60                                   35 – 45
    •  වම්බටු          200 – 220                               220 – 250
    •  දඹල            220 – 230                                110 – 130
    •  මෑ කරල්      200 – 240                                160 – 180
    •  මාළු මිරිස්    500  – 550                               430 -450
    • අමුමිරිස්       180  – 220                               220 – 250

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • කොවිඩ් Booster ජංගම සේවා මගින්

    කොවිඩ් Booster ජංගම සේවා මගින්

    කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

    අද (26) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

    රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට  තීරණය කෙරිණි.

    කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

    කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

  • ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස බල කරයි

    ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස බල කරයි

    ලෝකය අද වේගවත් ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක අභියෝග සමඟ පොරබදමින් සිටින බව ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු පැවසීය.

    ඉන්දීය උප ජනාධිපති එම්. වෙන්කයියා නායිදු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානවල ප්‍රතිසංස්කරණ සිදුකරන ම‌ෙන් ඉල්ලා සිටියේය. ඒවා වර්තමාන සමකාලීන යථාර්ථයන් පිළිබිඹු වන පරිදි සහ සමකාලීන අභියෝග සමඟ කටයුතු කිරීමට තරම් හැකියාව ඇති කරවන ලෙසයි.

    නවදිල්ලියේ සිට 13 වැනි ආසියා-යුරෝපා සමුළුවේ පළමු පූර්ණ සැසිවාරය අමතමින් උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද ලෝකය වේගවත් ආර්ථික, තාක්‍ෂණික සහ ආරක්‍ෂක අභියෝග සමඟ පොරබදමින් සිටින බවත් වත්මන් බහුපාර්ශ්වික පද්ධතිය මෙම අභියෝගවලට ඵලදායී ප්‍රතිචාර දැක්වීමට අසමත් වී ඇති බවත්ය.

    ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්විකවාදය පවතින ගෝලීය ආයතනික ව්‍යුහයන් අරමුණු සහගත ප්‍රතිසංස්කරණයක් සඳහා ඉන්දියාව අනුගමනය කර ඇති ප්‍රධාන ගාමක මූලධර්මයක් බව ඔහු අවධාරණය කළේය.

    අද ආරම්භ කරන ලද දෙදින සමුළුව කාම්බෝජය විසින් අතථ්‍ය ආකෘතියෙන් පවත්වනු ලබන අතර එය තේමා කර ඇත්තේ “හවුල් වර්ධනය සඳහා බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම” යන්නයි.

    13 වැනි ආසියා-යුරෝපා සමුළුව‌ෙහි ඉන්දීය දූත පිරිස මෙහෙයවනු ලැබුවේ උප ජනාධිපති එම් වෙන්කයියා නායිදු විසින් වන අතර ඔහු සිකුරාදා සමුලුවේ සැසියද අමතනු ඇත.

    සාමය නොමැතිව සංවර්ධනය දුක් විඳින බව නිරීක්ෂණය කළ නයිදු, සංවර්ධනයේ ඌනතාවය සහ අවහිර වූ ආර්ථික ප්‍රගතිය ප්‍රචණ්ඩත්වය සහ අස්ථාවරත්වය සඳහා සාරවත් භූමියක් නිර්මාණය කරන බව ද අවධාරණය කළේය.

    එබැවින්, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සහ ජීවනෝපාය සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සඳහා උත්සාහ කරන ලෙස ඔහු ඉල්ලා සිටිය‌ේය. එය ක‌ොවිඩ්-19 වසංගතයෙන් අහිතකර ලෙස පීඩාවට පත් වූ ජාතීන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු ගමනක් යන බව යෝජනා කළේය.

    ගෝලීය මට්ටමින් නොනැසී පවතින අනාරක්ෂිතභාවයට හේතු අවම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ උප ජනාධිපතිවරයා, ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා වගකියන ජාත්‍යන්තර ව්‍යුහයේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය අවධාරණය කළේය.

    වර්තමාන ගතික සහ අන්තර් රඳා පවතින ලෝකයේ අභියෝග රාශියකට අතීතයේ අභියෝග සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන ලද යල් පැන ගිය පද්ධති සමඟ ආමන්ත්‍රණය කළ නොහැකි බව හ‌ෙත‌ෙම ප්‍රකාශ කළේය.

    “බහුපාර්ශ්වික පද්ධතියේ අද පවතින දුර්වලතා හෙලිදරව් කර ඇත්තේ සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් නොමැතිකමයි” යනුව‌ෙන් ඔහු පැවසීය.

    වසංගතය ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය සහ බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කර ඇති බව තවදුරටත් අවධාරණය කරමින් විශ්වාස කළ නොහැකි ගෝලීය සැපයුම් දාමයේ සිට අසමාන එන්නත් බෙදා හැරීම දක්වා දෝෂ රේඛා හෙළිදරව් කර ඇති බව උප ජනාධිපතිවරයා පැවසීය.

    නැවත පරිකල්පනය කරන ලද පශ්චාත් වසංගත ලෝකය බහුපාර්ශ්වික පද්ධතියෙන් ගැඹුරින් වෙනස් ඉල්ලීම් කරනු ඇති බව සඳහන් කළ‌ේය. ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව සඳහා වැදගත් ක්ෂේත්‍ර හතරක් ඔහු ඉස්මතු කළේය: එනම් ප්‍රත්‍යස්ථ සහ විශ්වාසනීය සැපයුම් දාම, සෞඛ්‍ය ආරක්ෂාව, සංවර්ධනය සඳහා ඩිජිටල් සහ හරිත හා තිරසාර ප්‍රකෘතිය.

    1996 වර්ෂයේදී ආරම්භ කරන ලද ආසියා-යුරෝපා සංගම් ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් උප සභාපතිවරයා සහභාගී වූ සියලුම සාමාජිකයින්ට සුබ පැතුම් එක් කළේය.

    ගෝලීය අවධානයට ලක්වන ගැටළු විසඳීම සඳහා මහාද්වීප දෙකෙහිම නායකයින් සහ ජනතාව එකට ගෙන ඒම පිළිබඳව ආසියා-යුරෝපා සංගමය වෙත ප්‍රශංසා කළ ඔහු, බහුපාර්ශ්විකත්වයේ බලවේග ශක්තිමත් කිරීම සඳහා වැඩ කිරීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කළේය.

    indianewsnetwork

  • අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව Covid-19 ප්‍රභේදයක්

    අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව Covid-19 ප්‍රභේදයක්

    මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි “අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම” ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය “ඉතාම වෙනස්යැ”යි ද ඔහු සඳහන් කළේ ය.

    අපි නැවතත් හුරුපුරුදු අත්දැකීමක් ලබන තැනකට පැමිණ සිටිමු. මන්ද, නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ සිත් කලබල කරන පුවතක් නැවත මතුව ඇති හෙයිනි.

    මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය යි. එය පෙන්වන විකෘතීන්ගේ ලැයිස්තුව කොතරම් දිගු ද යත්, එක් විද්‍යාඥයෙකු එය විස්තර කරනු ලැබුවේ එය ඉතාමත් “බිහිසුණු” ලෙස ය. තවත් අයෙකු අපට පැවසුවේ එය මෙතෙක් ඔවුන් දැක ඇති නරකම ප්‍රභේදයබව යි.

    මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි දවසක් ගෙවී නැති අතර, තහවුරු කරන ලද රෝගීන් බොහෝකොටම දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකට සංකේන්ද්‍රණය වී සිටියි. නමුත් එය තව දුරටත් ව්‍යාප්ත වී ඇතැ යි පෙන්වන ඉඟි ද දක්නට ඇත.

    නව ප්‍රභේදය කෙතරම් වේගවත්ව පැතිරෙන්නේ ද, එන්නත මඟින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිභවා යෑමට එයට ඇති හැකියාව කෙසේ ද, ඒ සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ කුමක් ද ආදී ගැටලු මේ වන විට ඔබට මතුව තිබෙනවා විය හැකි ය.

    ඒ සම්බන්ධයෙන් බොහෝ අනුමානයන් ඇතත්, පැහැදිලි පිළිතුරු ඇත්තේ අල්පයකි.

    අලුත් ප්‍රභේදය ගැන අපි දන්නේ මොනවා ද?

    නව ප්‍රභේදය B.1.1.529 යනුවෙන් හැඳින්වෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝවිට අද දිනය තුළ එයට ග්‍රීක කේත නාමයක් (‘ඇල්ෆා’ සහ ‘ඩෙල්ටා’ වැනි) ලබා දෙනු ඇත.

    එසේම, මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි “අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම” ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය “ඉතාම වෙනස්යැ”යි ද ඔහු සඳහන් කළේ ය.

    “මෙම ප්‍රභේදය අපිව පුදුමයට පත්කළා. ඒක විශාල පරිණාමික පිම්මක් පැනලා තියෙනවා වගේම, අප අපේක්ෂා කරපු තවත් බොහෝ විකෘතිත් ඒකෙ තියෙනවා,” ඔහු පැවසීය.

    මාධ්‍ය හමුවක දී මහාචාර්ය ඩි ඔලිවේරා ප්‍රකාශ කළේ සමස්තයක් වශයෙන් විකෘතීන් 50ක් පමණත්, ස්පයික ප්‍රෝටීන මත විකෘතීන් 30කට වැඩි ප්‍රමාණයකුත් ඇතිබව යි. බොහෝ එන්නත්වල ඉලක්කය වන්නේ ස්පයික ප්‍රෝටීන වන අතර, එය වෛරසය අපගේ ශරීරයේ සෛල තුළට “ඇතුළුවීමට” භාවිතා කරන යතුර ලෙස හැඳින්විය හැකි ය.

    ප්‍රතිග්‍රාහක බන්ධන සෑදෙන අයුරු පිළිබඳව තවත් ළංවී බැලූවිට (අපගේ ශරීරයේ සෛල සමග ප්‍රථමයෙන්ම සම්බන්ධ වන වෛරසයේ කොටස එය යි), ලොව පුරා පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති දෙකට සාපේක්ෂව මෙහි විකෘති 10ක් ඇතිබව පෙනේ.

    බොහෝ දුරට මේ තත්ත්වයේ විකෘතිතා ඇතිවන්නට ඇත්තේ වෛරසය පැරදවීමට අපොහොසත් වූ එක් රෝගියෙකුගෙනි.

    විකෘතිතා බහුලව තිබූ පළියට ඒවා නරකයැ යි කිව නොහැකි ය. මේ විකෘතීන් මඟින් ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැ යි දැන සිටීම වැදගත් වේ.

    නමුත් සිත් කරදරයට පත්කරන කාරණය වන්නේ, චීනයේ වූහාන්වලින් මතුවූ මුල් වෛරසයට වඩා මේ නව ප්‍රභේදය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වීම යි. මෙහි අරුත වන්නේ මුල් ප්‍රභේදය යොදාගනිමින් නිපදවූ එන්නත් මේ නව ප්‍රභේදයට එරෙහිව එතරම් සාර්ථක නොවීමේ ඉඩකඩක් ඇතිබව යි.

    මින් ඇතැම් විකෘතිතා මින් පෙර මතුවූ අනිත් ප්‍රභේදයන්හි දක්නට ලැබුණු බැවින්, ඒවායේ කාර්යයභාරය කුමක් ද යන්න පිළිබඳ දළ අදහසක් ලැබේ.

    උදාහරණ ලෙස, N501Y නම් විකෘතිය මඟින් කොරෝනාවෛරසයේ පැතිරීම පහසු කරයි. ප්‍රතිදේහවලට වෛරසය හඳුනාගැනීම අපහසු කරවන විකෘතීන් ද එහි ඇති අතර, එමඟින් එන්නතේ ඵලදායීතාව පහත හෙළීමට හැකි ය. නමුත් සම්පූර්ණයෙන්ම අලුත් විකෘතීන් ද එහි වේ.

    දකුණු අප්‍රිකාවේ ක්වාසූලු-නතාල් සරසවියේ මහාචාර්ය රිචර්ඩ් ලෙසල්ස් මෙසේ පැවසීය: “මේවා [විකෘතිතා] නිසා මේ වෛරස් එකට වඩාත් වේගවත්ව පැතිරීමේ හැකියාවක්, මිනිසෙකුගෙන් මිනිසෙකුට පැතිරීමේ වැඩි හැකියාවක් වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් කොටස්වලින් ගැලවීමේ හැකියාවක් ද තියෙන්න පුළුවන් කියන කණස්සල්ල අපට ඇතිවෙනවා.”

    මෙසේ බියකරු ලෙස පෙනුණත්, බලාපොරොත්තු වූ අන්දමේ කිසිදු හානියක් සිදු නොකළ වෛරසවලට උදාහරණයන් ද බොහෝ ය. මේ වසර මුල දී බීටා ප්‍රභේදය බොහෝදෙනා තුළ බියක් ඇතිකර තිබුණේ එය ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවීමේ සමතෙකු වූ නිසාවෙනි. නමුත් අවසානයේ ලෝකය ආක්‍රමණය කළේ වේගවත්ව පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය යි.

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රවී ගුප්තා පැවසුවේ, “බීටා කළේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවෙන එක විතර යි, එච්චර යි. ඩෙල්ටාවලට තිබුණා ඉහළ පැතිරීමේ හැකියාවකුත්, ප්‍රතිශක්තියට එරෙහි ප්‍රමාණවත් හැකියාවකුත්. මේ අලුත් ප්‍රභේදයට මේ ගුණයන් දෙකම ඉහළ මට්ටමෙන් තිබීමට ලොකු ඉඩක් තියෙනවා,” යනුවෙනි.

    රසායනාගාර තුළ සිදුකෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙනු ඇති නමුත්, වඩා ඉක්මන් පිළිතුරු ලැබෙනු ඇත්තේ වෛරසය සැබෑ ලෝකයේ දී නිරීක්ෂණය කිරීමෙනි.

    පැහැදිලි නිගමනවලට එළඹීමට තවමත් වේලාසන වැඩි නමුත් කණස්සල්ලට හේතු වන ලකුණු දැනටමත් දක්නට තිබේ.

    මේ වන විට දකුණු අප්‍රිකාවේ ගෞටෙන් දිස්ත්‍රික්කයෙන් තහවුරු වූ රෝගීන් 77ක් වාර්තා වන අතර, බොට්ස්වානාවෙන් රෝගීන් සිව්දෙනෙකු ද, හොංකොංවලින් එක් රෝගියෙකු ද (දකුණු අප්‍රිකාවට කළ සංචාරයක් සමග සෘජුව සම්බන්ධ ය) වාර්තා වී ඇත.

    කෙසේ නමුත්, මේ ප්‍රභේදය වඩාත් පුළුල්ව පැතිරී ඇතිබවට සාධක තිබේ.

    මෙම ප්‍රභේදය සම්මත පරීක්ෂණවල දී අපූරු ප්‍රතිඵල (‘S-gene dropout’ ලෙස හැඳින්වේ) ලබා දෙන බව පෙනෙන්නට ඇති අතර, සම්පූර්ණ ජාන විශ්ලේෂණයකින් තොරව ප්‍රභේදය නිරීක්ෂණය කිරීමට මෙය භාවිතා කළ හැකි ය.

    එයින් ඇඟවෙන්නේ දැනටමත් ගෞටෙන්හි රෝගීන් 90%කට වැළඳී තිබෙන්නේ මෙම ප්‍රභේදය විය හැකි අතර, එය දකුණු අප්‍රිකාවේ “බොහෝ පළාත්වල දැනටමත් පැවතිය හැකි”බව යි.

    කෙසේ නමුත්, මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන්නේ ද, ඊට වඩා දරුණු ද, එන්නත මඟින් ලබාදෙන ප්‍රතිශක්තියෙන් ගැලවීමේ හැකියාවක් තිබෙන්නේ ද ආදී තොරතුරු එමඟින් පැවසිය නොහැකි ය.

    එසේම, ජනගහණයෙන් 24%ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත්කර ඇති දකුණු අප්‍රිකාවට වඩා ඉතා ඉහළ එන්නත් අනුපාතයක් ඇති රටවල මෙම ප්‍රභේදය කෙතරම් හොඳින් ව්‍යාප්ත වේදැ යි මෙයින් කිව නොහැකි ය. කෙසේ නමුත් එරට විශාල පිරිසකට කොවිඩ් වැළඳී තිබේ.

    එබැවින්, දැනට අපට ඉතිරිව ඇත්තේ අපගේ දැනුමේ විශාල සිදුරු ඇතත් අප තුළ සැලකිය යුතු කණස්සල්ලක් ඇති කරවන කොවිඩ් ප්‍රභේදයක් සමග කටයුතු කිරීම ය. එය සමීපව නිරීක්ෂණය කළ යුතු ප්‍රභේදයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කවදා කුමක් කළ යුතු ද යන්න වැනි ප්‍රශ්න ඇසීමට අපට සිදුවේ. වසංගතයෙන් අප උගෙන ඇති පාඩම නම්, සියලු පිළිතුරු අප වෙත ලැබෙන තෙක් බලාසිටීමට අපට නොහැකිබව යි.

    bbc sandesaya

  • පොහොර සහනාධාරයට තිත – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට

    පොහොර සහනාධාරයට තිත – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට

    හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර ආනයනය කිසිසේත්ම සිදු නොකරන බවත්, රජයේ ප්‍රතිපත්තිය වන්නේ හරිත කෘෂිකර්මාන්තය බවත් එය කිසිවිටෙක වෙනස් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    එනමුත් රජයේ පොහොර සහනාධාරය, රජයේ බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළඳපොළ, වැනි සියලු දේ රජය විසින් ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට බවත් රසායනික පොහොර විවෘත
    වෙළඳපොළ තුළ අවශ්‍ය පරිදි ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බවත්, සියලු පාර්ශ්ව සාමුහිකව හරිත කෘෂිකර්මාන්තය පිලිබඳ පැසසුම් එක්කළ ද ගොවින් විසින් රසායනික පොහොර නොමැතිකම නිසා උද්ඝෝෂණ ආදිය
    සිදු කරමින් ඉල්ලීම් කළ හෙයින් එහෙත් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොකර රජය විසින් මෙම ගැසට් පත්‍රය ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය

    ඒ අනුව කිසිවිටෙක රජය රසායනික පොහොර ආනයනය නොකරන අතර, ඒ සඳහා කිසිඳු සහනාධාර ලබා දීමක් සිදු කරන්නේ ද නැති බව හෙතෙම කියා සිටින ලදුව, මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කොට හරිත කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බවට ඇතැමුන් නඟන මතය මිත්‍යාවක් බවත්, මෙම හරිත කෘෂිකර්මාන්තය උදෙසා දියුණු තාක්ෂණය උපයෝගී කොට ගත හැකි බවත්, ආනයනය කරන නැනෝ නයිට්‍රජන් එලෙස මෙරට නිපැයූ තාක්ෂණයක් බවත් ඒ මහතා කියා සිටියේය.

    රසායනික පොහොර 70%ක් ජලයට සහ වාතයට මුසු වේ. එහෙත් නැනෝ නයිට්‍රජන් යනු පරිසර හිතකාමී දෙයක් බවත්, රජයේ ප්‍රතිපත්තියෙන් බැහැර නොවී දේශීය කාබනික නිෂ්පාදකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ

    අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ

    • මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි
    • එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් දැඩි තීන්දු

    අවුරුදු  20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.  මෙලෙස අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම මෙරට ආරම්භ කළද ලොව ඇතැම් රටවල් එය ලබාදීම ආරම්භ කරන ලද්දේ අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබා දෙන ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර එය මේ වන විට එය 380,213 දෙනෙකුට ලබා දීමට පියවර ගෙන ති‍බේ.

    මේ වන විට සමස්ත ජනගහනයෙන් 73% ට එන්නත ලබා දී ඇතැයිද ඉදිරි දින කිහිපය තුළ 75% ක ඉලක්කයක් සඳහා යන  වැඩපිළිවෙල ඒ අනුව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය රටේ සමස්ත ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

    ළමුන් සඳහා වන එන්නත්කරණය ලක්ෂ 11 ට ආසන්න ප්‍රමාණයකට මේ වන විට ලබා දී ඇතැයිද ඉලක්ක ගත ප්‍රමාණයෙන් තවත් ලක්ෂ 02 ට ආසන්න ප්‍රමාණයකට ලබාදීමට වැඩපිළිවෙල සකස් කර ඇතැයිද ඒ මහතා කීය.

    මේ අතර මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

    කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා ජනාධිපතිතුමන් හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන් තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය. විශේෂයෙන් මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා තිබීම , දුරස්ථභාවය ආදී කරුණූ අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් හා ඒ සඳහා එක්වන පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ

    යුතු බවත් එසේ නොවුවහොත් යළි මේ සම්බන්ධයෙන් යම් යම් දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත් ඒ මහතා කීය.

    කොවිඩ් ව්‍යසනය තුළ රට සාමාන්‍යකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත් එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කෙටිකාලීන වැඩපිළිවෙලවල් වලට නොයන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

  • අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි

    අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි

    අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම Lanka QR උපයෝගී කරගනිමින් ඩිජිටල්කරණය කිරීම උදෙසා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    නුතන තාක්ෂනය භාවිතා කිරීම මඟින් ජංගම ගෙවීම් යෙදුමක් ලෙස ක්‍රියාත්මක වන මෙමඟින් අධිවේගී මාර්ග වල නොරැඳී ඇතිවන තදබදය අවම කරගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණින් Lanka QR ගෙවීම් ක්‍රමය ප්‍රචලිත කිරීමට සියලු බලපත්‍රලාභී මුල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එකී එක පියවරක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ග වල අතින් ගාස්තු ගෙවීම් හා එකතුකිමේ දොරටු සඳහා ද Lanka QR හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

    මෙමඟින් සිය ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක Lanka QR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් මඟින් ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්ත්පර 8-10 ත් අතර කාලයක් තුළ අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට අදාළ ගෙවීම සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

  • රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්

    රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්

    උපාධිධාරින් 53,000ක් සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් අතර මෙම උපාධිධාරින් එළඹෙන 2022 ජනවාරි 01 සිට ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    2021 වසරේ දී වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට රාජ්‍ය යාන්ත්‍රණය යථා තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකි වීම රජය ලද ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විභාග පවත්වමින්, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය යන අංශවලට නවක නිලධාරින් බඳවා ගැනීමට හැකි වූ බවත් කාර්ය මණ්ඩලය පුළුල් කිරීමෙන් රාජ්‍ය අංශය බල ගැන්වීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය.

    තවද ග්‍රාමීය සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිලධාරින්ගේ කැපවීම මත කොවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීමේදී දියුණු රටවලට සමාන අන්දමින් එම කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.

    රාජ්‍ය සේවයේ දැනට පවතින ගුරු ගැටළුව, වැටුප් විෂමතා ඉවත් කිරීම මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ. රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ග කර තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා කීය‍