Category: සුපිරි Politics

  • අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

    අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

    තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස්‌ කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක්‌ බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා නැගෙනහිර මනම්පිටිය සමගි අවමංගල්‍යාධාර සමිති ඇතුළු ස්‌වෙච්ඡා සංවිධානවලට ප්ලාස්‌ටික්‌ පුටු සහ ගොවි සංවිධාන ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත්කිරීම සඳහා පැවැති උත්සවයකදී පවසන ලදී

    එහිදී, 

    “මේ රටේ සියලු දෙනා ජීවත්වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව මතයි. සිංහල ගම්මානවලට සහ වැලිකන්දේ මුස්‌ලිම් ගම්මානවලට හා මනම්පිටියේ දෙමළ ගම්මානවලට උදව් කරන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනුයි.මෙම ප්‍රදේශවල අහිංසක දුප්පත් ජනතාවට විශාල ගැටලු තිබෙනවා. ඒවා පිළිබඳව පක්‌ෂ නායකයන් දැනුවත් කළද ඔවුන් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

  • රටම හිනස්සමින් තමන් අගමැති වන්න සුදුසු බවට ජෝන් අමරතුංග කියපු කතාව මෙන්න

    රටම හිනස්සමින් තමන් අගමැති වන්න සුදුසු බවට ජෝන් අමරතුංග කියපු කතාව මෙන්න

    තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බවය.
    වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
  • රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදාවත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

    අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා යටතේ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ  සහායක සුරේද සුරවීර ඇතුළුව සැකකරුවන් 10 දෙනකු පසුගිය 8 වනදා අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දැනුම් දී ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් සඳහා රැඳවුම් භාරයේ තබා ඇත.

  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූවකි.

     “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට ආවේ අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ මොහොතකය.

     පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද සිටිනු ගොමගොඩ පන්ස‍ලේ කහගල ධම්මානන්ද හිමියන් දුටුවේය. මේ පිරිස දැකීමෙන් උන්වහන්සේගේ හදවත සංවේදි විය. පන්සලට පැමිණි මුස්ලිම් දෙමළ පිරිමි ගැහැනු හා දරුවන් සියලු දෙනාම පන්සල ඇතුළට කැඳවා ගත් හාමුදුරුවෝ ඔවුන්ට නවාතැන් දුන්නේය.

    පන්ස‍ලේ තිබුණු කොට්ට පැදුරු සියල්ල පන්ස‍ලේ ගොඩනැගිල්‍ලේ ඇතුළත බිම දමා බියටත් කම්පනයටත් පත්ව සිටි පිරිස හිදුවා හාමුදුරුවෝ ඔවුන්ට බිස්කට් හා තේ වතුර සංග්‍රහයක්ද සූදානම් කළෝය.

    එසේ කළ ධම්මානන්ද හිමියෝ පණිවුඩ යවා ගමේ දායකයින් කීප දෙනෙකු කැඳවා ගත්තේය. අපේ ගමේ කිසිකෙනෙක් කලබලවලට හවුල් වෙන්න බෑ. මේ බලන්න මේ අහිංසකයෝ කිරි කැටි දරුවෝ එක්ක ගුලිවෙලා ගැහෙනවා. අපි කව්රුත් මනුෂ්‍යයෝ සිංහලයෝ මුස්ලිම් අයට ගහනවා කියලා

    මේ අය පන්සලට දුවගෙන ආවේ අපෙන් ඔවුන්ට කරදරයක් නැති බව විශ්වාසයෙනි. අපි ඔවුන් රැක බලා ගන්න ඕනේ ධම්මානන්ද හිමි පන්සලට පැමිණි දායකයින්ට කීහ. 

    කිරි කැටියන් තුරුල් කරගත් මුස්ලිම් කාන්තාවක් බයෙන් ගැහෙනු දැක ඔවුන්ගේ හදවත්ද සසල විය. ඔවුන්ද මේ අසරණභාවයට පත්ව සිටි පිරිසට ආහාර පිළියෙළ කර දෙන්නට ඉදිරිපත් වූහ. ඒ වන විටත් ධම්මානන්ද හිමි උන්වහන්සේට හැකි අයුරින් බිස්කට් විස්කෝතු සමග ඔවුන්ට තේ බොන්නට දී තිබුණි. බඩ ගින්නට වඩා ඔවුන්ට තිබුණේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියකි. 

    දෙමසක් වයසැති බිළිඳකු අතැතිව සිටි ෆාතිමා අපට කීවේ මෙවන් කතාවකි. එදා අපි ගෙදර හවස කෑම උයමින් සිටියේ. අපි දැන ගෙන හිටියා දිගන නගරයේ කලබල තියෙනවා කියලා අපිත් බයේ තමයි හිටියේ. ඒ ගැන හිතමින් සිටියදී තමයි ත්‍රීවීලර් එකකින් කට්ටියක් කෑ ගහගෙන ගියේ.

     ඔවුන් කිව්ව දේ අපට පැහැදිලිව ඇහුණෙ නෑ. ඒ වුණාට මුස්ලිම් අය සිංහල කෙනෙක් මැරුවා කියල සිංහල අය මුස්ලිම් අයට ගහන්න එනවා කියලා අපිට ආරංචි වුණා. අපි බය වුණේ මේ පුංචි දරුවත් අරගෙන මටවත් අපේ ගෙදර අයටවත් යන්න තැනක් තිබුණෙනැති නිසයි මේ ගැන හිත හිත ඉන්න කොට තමයි ගමේ මුස්ලිම් අය හැමෝම පන්සලට යමු කියලා තීරණයක් ගත්තේ. අපේ හාමුදුරුවෝ කාටවත් කරදර කරන්නේ නෑ. උන්වහන්සේ ගැන අපිටත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපි උයන්න ගත්තුව එහෙම දාලා සමහර අයගේ ගෙවල්වල බාගෙට ඉදුණු බත් එක නිවා දාලා පන්සලට ආවා. හාමුදුරුවෝ අපිට ආරක්ෂාව දීලා කන්න බොන්න දීලා නිදා ගන්නත් ලෑස්ති කරලා දුන්නා යැයි ඇය කීවාය. 

    ධම්මානන්ද හිමියන් අපිට පැවසුවේ බුද්ධාගමේ උගන්වන්නේ මනුෂ්‍ය ගුණධර්ම ගැනයි. අපි බෞද්ධයෝ නම් ඒ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මුස්ලිම් අය කීප දෙනෙක් පහර දීලා අපේ සිංහල මනුෂ්‍යයෙක් මැරුණා. අපි ඒක අනුමත කරන්නේ නෑ. සිංහල සිංහල අයත් මුස්ලිම් මුස්ලිම් අය අතරෙත් ඔය වැනි සිද්ධි වෙනවා. එහෙම වෙලාවට අපි මේ විදියට කලබල කර ගන්නවාද? ඇයි මේ ආරවුල් ජාතිවාදී ආරවුල් බවට පත් කරගන්නෙ ආරවුලට සම්බන්ධ වූ අයට පමණක් අපේ අය දඬුවම් දෙනවා නම් ඒක තරමක් හෝ සාධාරණයි කියල හිතන්න පුළුවන්. එහෙම නැතිව ගැටුමට කිසිම සම්බන්ධයක් නැති අයට පහර දීලා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම කව්රු කළත් වැරදියි. 

    මොන ජාතියට අයත් වුණත් අසරණ වෙලා අපේ ළඟට එන්නෙ අපි ගැන විශ්වාසයෙන්. ඒ නිසා අපිට අහක බලාගන්න බෑ. කිරි කැටියෝ තුරුල් කරගෙන ගැහෙමින් ජීවිත ආරක්ෂාව ඉල්ලාගෙන පන්සලට ආවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට මට පුළුවන් විදියට පන්ස‍ලේ නවතින්න ඉඩකඩ දුන්නා. මට පුළුවන් විදියට කන්න බොන්නත් දුන්නා. මගේ දායකයිනුත් ඔවුන්ට කන්න ගෙනත් දෙන්නද කියලා මගෙන් ඇහුවා. ඒ විදියට අපේ ගමේ මගේ දායකයෝ සමගියෙන් කටයුතු කරනවා. මගේ දායකයෝ කව්රුත් ඔය කලබලවලට ගියේ නෑ. ධම්මානන්ද හිමියෝ අප සමග කීහ. 

    මුස්ලිම් තරුණයින්ගේ පහර දීමෙන් මියගිය අයගේ නිවසට යන පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට හා ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේපළවලට හානියක් නොවී රැක ගත්තේද අපේ බෞද්ධ හිමි නමකි. උන්වහන්සේ අම්බා‍ලේ පේරකැටිය විහාරයේ අධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමියන්ය. මියගිය තැනැත්තාගේ ගමේ පන්සල පේරකැටිය විහාරයය. එහෙම අයද ගැටුම්වලට සම්බන්ධ වීම වළක්වා ගෙන ඇත්තේ උපාලි හිමියන්ය. රටක් ගිනි තියන්න ඇතැම්හු අවස්ථා සොයමින් සිටියදී ගිනි ගැනීම් වළක්වන්නට කටයුතු කළ මෙවැනි යථිවරයන්ද සිටි බව අපි සටහන් කරන්නේ ඔබට යමක් සිතන්නට ඉඩ ඉතිරි කරමිනි.

    සටහන – ජයසූරිය උඩුකුඹුර
    ඡායාරූප :ලක්මාල් වසන්ත

     

     

  • පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

    පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

    පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

    පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌ නිවේදනයට ඇතුළත් වන අතර එමනිසා මුද්‍රණය, සෝදුපත් බැලීම ආදී කටයුතුවලට දින කිහිපයක්‌ ගතවනු ඇති බවත් මේ වන විට නම්වල නිවැරැදිතාව පරීක්‍ෂා කිරීමට මැතිවරණ කොමිසමට එම ලේඛන යොමුකර ඇති බවත් ඒවා අඩුපාඩු සකස්‌ කිරීමෙන් පසුව අවසන් කර මුද්‍රණයට යොමු කරන බවත් එම ආරංචි වල  වැඩිදුරටත් සඳහන් වේ.

     

     

  • බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට  විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදෙන කොන්දේසි සියල්ල ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු  කළ යුතු බවටයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

    එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

    ” මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ. 
     
    මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
     
    එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ. 

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ ලෙසය. 

  • නිදහස් දිනය දා රටේම අවධානය දිනාගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේම රට ගිය හේතුව මෙන්න..

    නිදහස් දිනය දා රටේම අවධානය දිනාගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේම රට ගිය හේතුව මෙන්න..

    බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ, මාස 05ක පුහුණු පාඨමාලාවක් සඳහායි.

    බල සේනාධිපති පාඨමාලාව සඳහා ඔහු මෙලෙස චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ රැඳී සිටිනවා. ඔවුන්ගේ වියදම් සඳහා යුද හමුදාවෙන් මාසික ගාස්තුවක් ද ලබාදෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

    මෙරට 70 වන නිදහස් දිනය දා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර දැක් වූ අභිනයක් හේතුවෙන් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු දැඩි කතා බහට ලක්වුණා.

    එම ක‍්‍රියාව පදනම් කර ගනිමින් ඔහුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගැණුනු අතර පසුව ජනාධිපතිවරයා විසින් එම සේවා අත්හිටුවීම අවලංගු කෙරුණා. 

  • ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…

    ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර දුරකතන සංවාද දෙකක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා වී ඇති බවයි වාර්තා වන්නේ.

    ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසුව රට තුළ ඇති වූ දේශපාලන තත්ත්වයත් සමග ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් සිදු කිරීමට ඇමතිවරුන් ප‍්‍රබල උත්සාහයකද නිරත වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයේ කැබිනට් සංශෝධනයද මේ දක්වා සිදුවී නැහැ.

  • ෆේස්බුක් තහනම ඉවත්වෙන දිනය ගැන ඩිජිටල් ඇමති හරීන් කියන අමුතු කතාව මෙන්න..

    ෆේස්බුක් තහනම ඉවත්වෙන දිනය ගැන ඩිජිටල් ඇමති හරීන් කියන අමුතු කතාව මෙන්න..

    සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද (12) දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.

    මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

  • ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට ඊයේ (11) පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    ඊයේ අලුයම 2.00ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබූ අතර
    රාත්‍රි 8.00 ට පමණ වන විට යළි එම ආපන ශාලාව විවෘත කිරීමට පවා හැකි වී තිබේ.

    මෙම අවස්ථාවට මහා සංඝරත්න, ස්ලාමීය ආගමික නායකයින්ද, ජල කළමණාකාරන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන පිරිසද එක්ව සිටියේ ය.

    කවුරුන් විසින් සිදු කළත් මෙම ක්‍රියා හෙළා දකින බවත්, ජාතිවාදී ගිනි දැල් වැපුරවීමට ඇතමුන් ගන්නා ක්‍රියාවන්ට ආණමඩුව ජනතාව හොඳ පිළිතුරක් ලබා දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශණ සිදු කර අතර ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශනද ඊට උපයෝගී කරගෙන විමර්ශන කටයුතු සිදු කෙරුණි.

    ඊට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 19 – 25 අතර වියේ පසුවන්නන් වේ.

  • දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි තහනම දිගටම පවත්වා ගැනීම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි තුලින්ම දැඩි විරෝධයක් එල්ලව තිබුණා. ෆේස්බුක් තහනම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල පළව තිබු නිර්මාණ කිහිප‍යක් පහතින් , 

     



    \


     

  • අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    රජය විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය තහනම් කිරීම තමන්ගේ මානව හිමිකම් කඩවීමක් යැයි පවසා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කටයුතු කර තිබේ.

    එම සංගමයේ සභාපති විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් සිදුවීම පිළිබදව පැමිණිලි කර තිබේ.

    එම ලිපිය පහතින් ,

    ”පසුගිය 7 වැනිදා උදැසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්‌මවූ සමාජ ජාලා භාවිත කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක්‌ සිදුකර ඇති බැවින් නිතිය හා සාමය ඇමතිවරයාට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මා විසින් ජිනීවා හි පිහිටි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක්‌ කිරීමට 2018.03.09 දින පියවර ගනු ලැබීය.

    මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක්‌ නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කළෙමි.

    තහනම තුළින් නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම රජය  කඩ කර ඇති බවට මම චෝදනා කරමි.

    තෙල්දෙණිය හා රට තුළ ඇතිවන ජාතිවාදී සිද්ධීන් වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද මා එහිදී පෙන්වා දෙයි. රජය විසින් සමාජ වෙබ් අඩවි තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කණ්‌ඩායම් හට වාසියක්‌ සිදුවූ බවද මා එහිදී පෙන්වා දෙයි. මන්ද පරිගණකය පිටුපස සිටි ෆේස්‌බුක්‌ වීරයන් තහනම නිසා කුපිත වී පාරට බැස්‌සේය.”

  • පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    නිදහස් කුසලාන 20 20 තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගයට පිවිසියා.තරගය අතරතුර ක්‍රීඩාංගනයේ සිටි පිරිසක් ෆේස්බුක් තහනම පිලිබදව පුවරු කිහිපයක් අතේ තබාගෙන සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාලා තුල සැරිසරමින් පවතිනවා.

    එම පුවරු තුලින් ඔවුන් ප්‍රදර්ශනය කර තිබුනේ පිරිසිදු මුහුණු පොතක් අවශ්‍ය බවත් හැමෝම ජාතිවාදීන් නොවන බවත්ය.”අපි ෆේස්බුක් වලටයි ආදරේ,ආන්තවාදයට නොවේ.

    ෆේස්බුක් තුල ජාතිවාදය පතුරවන්නන් අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔවුන් එම පුවරු තුලින් ප්‍රකාශ කර තිබුනේ එවැනි අය අත්අඩංගුවට ගෙන පිරිසිදු මුහුණු පොතක් නැවතත් ලබා දෙන ලෙසයි.නරක දෙයට නොව හොද දෙයට පමණක් ෆේස්බුක් භාවිතා කරමු යන දෙයින් ඔවුන් ජනතාවටද පණිවිඩයක් ලබා දී තිබෙනවා.

  • ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
    අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. 
    ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ. 
    ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    Image caption යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි
    “රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්” එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් කියා සිටියේය.
    . 
    ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.
    ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි. 
    ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.
    එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම කාගේත් පුදුමයට හේතු විය. 
    Image caption අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.
    හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.
  • දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. මහින්දගෙන් අමුතු කතාවක් (Video)

    දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. මහින්දගෙන් අමුතු කතාවක් (Video)

    වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය.

    දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

  • රට වැනසූ ජාතිවාදී  ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    රට වැනසූ ජාතිවාදී ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරි තත්වයත් සමග පුද්ගලයින් 161 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය සදහන් කරන්නේ මෙම පිරිසට අමතරව අම්පාර, මොරටුමුල්ල, බදුල්ල, මාවතගම, කුරුවිට හා කල්මුණේ ප්‍රදේශයන් හිදි තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනා.

    මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 06 වෙනිදා සිට  (11) වනදා උදෑසන දක්වා වු කාලයේදි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කරනවා.