Category: සුපිරි Politics

  • රට රැකදුන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යුධ හමුදාව ගත් තීරණය මෙන්න…

    රට රැකදුන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යුධ හමුදාව ගත් තීරණය මෙන්න…

    බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා.

    ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි.

    බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මෙරටට කැඳවුවද, ඔහුගේ පවුලේ සාමාජිකයින් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ ජීවත් වනවා. මෙරටට කැඳවීම හේතුවෙන් තානාපති රාජකාරියට අදාළ වේතන ඔහුට හිමිවන්නේ නැහැ. ඔහුට දැනට හිමිවන්නේ බි‍්‍රගේඩියර් තනතුරට අදාල වැටුප පමණයි.

    ඒ අනුව පළමු අදියර ලෙස යුධ හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ට පළමු මූල්‍යාධාරය ඉකුත් දා ලබා දුන්නා. එය මාස් පතා ඔවුන්ට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවැනි සිද්ධියකදී ඊට මුහුණ පෑ හමුදා සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යුධ හමුදාව මේ අයුරින් මුළ්‍යාධාර ලබා දුන් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ. 

  • සියල්ලන්ගේ ඇස් වසා නීති ඔක්කොම නවා මුතුරාජවෙල ගොඩකරන කෙරුමා මෙන්න…

    සියල්ලන්ගේ ඇස් වසා නීති ඔක්කොම නවා මුතුරාජවෙල ගොඩකරන කෙරුමා මෙන්න…

    මුතුරාජවෙල අභයභූමිය තුළ ගොඩකිරීම වැලිහෑරීම සහ කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබියදී ප්‍රබල දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ අනුදැනුම මත නීතිවිරෝධී ලෙස එය සිදුවෙමින් පවතී.

    රටේ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීමෙන් මෙම තෙත් බිම මහා පරිමාණයෙන් ගොඩකරමින් සිටින බව කියති. මේ වනවිටත් අක්කර සීය ඉක්මවා තෙත් බිම ගොඩකර ඇත්තේ ගොවිජන සේවා පනත සහ ලෝක රැම්සා සම්මුතියේ නීති උල්ලංඝනය කරමින් බව මුතුරාජවෙල අභයභූමිය සුරුකීමේ සංවිධානය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ තෙත් බිම් උරුමයක් වන මුතුරාජවෙල විනාශ කිරීමේ අවදානමට කොළඹ නගර සභාව, නාගරික කොමසාරිස්, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, සහකාර ප්‍රාදේශීය ලේකම් වත්තල, පතල් හා කැණීම් කාර්යාංශය හා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහ එහි ප්‍රධානීන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් වගකිව යුතු බවට මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

    එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරන්නේ 1996 අංක 947/13 දරන රජයේ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 1284.95 ක් සහිත තෙත් බිම අභ්‍යභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී මෙම ගොඩකිරීමේ ජාවාරම සිදුකරගෙන යන බවය.

    මෙම අනවසර ඉඩම් ගොඩකිරීමේ ජාවාරම පසු පස ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයකු මෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු ද සිටින බව ප්‍රසිද්ධය. ඔවුන් තෙත් බිම කෙරෙහි කෑදර කමෙන් එම භූමියට කූඨ ලේඛන සකසමින් ඉඩම් අත්පත් කරගැනීමේ නිරතව සිටින්නේ මීට වසර දෙකක් පමණ ඉහත සිට බවද සඳහන්ය.

    මෙහිදී ඔවුන් පළමු පියවර වශයෙන් නවීන තාක්ෂණය මගින් ගුවන් ඡායාරෑප ලබාගෙන එමගින් හඳුනාගත් ප්‍රදේශවල හිමිකරුවන් සතු ඉඩම් කොටස් නොවටිනා මිලකට මිලදී ගෙන තිබෙන බවද පැහැදිලිය. මේ අතර මුතුරාජවෙල අභයභූමියට අයත් බොහෝ වගුරැබිම් ගොඩකර තිබෙන අතර කටුනායක අධිවේගී මාර්ගය අසල වම් මායිමේ පිහිටි පැරණි ඕලන්ද ඇළ රොන්මඩ ඉවත් කරන බව පෙන්වමින් අසීමිතව හාරා වැලිගොඩට ගෙන ඊට නුදුරැ බිම පුරවන බව පෙනෙන්නට තිබේ.

    අභයභූමිය සුරුකීමේ සංවිධානය චෝදනා කරන්නේ ඕලන්ද ඇළ හෑරීම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගය ගිලා බැසීමේ අවදානමක් ද පවතින බවය.

    ඇළ හෑරීම හේතුවෙන් අධිවේගී මාර්ගය සඳහා පිරවූ පස් බුරුල් වී ඇළට සේදීයාමක් සිදුවන බවත් ඇළ වම් ඉවුර මීටර් ගණනක් පුරවමින් පළල් පිවිසුම් මාර්ගයක් ගොඩනගමින් ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ප්‍රදේශයේ ජනතාව සතුව පැවැති වගුරු ඉඩම් කට්ටි ක්‍රමයෙන් මිලට ගෙන ඇති ව්‍යාපාරිකයා මේ වනවිටත් අක්කර 600ක පමණ භූමියක් සතුකරගෙන ඇතැයි වාර්තා වේ.

    මේ ආකාරයට ඉඩම් ගොඩකිරීමට අපේක්ෂාවෙන් සිටියදී මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මහා ව්‍යසානයක් සිදුවූයේ 2017 අප්‍රේල් මාසයේදීය.

    ඒ අවස්ථාවේදී කොළඹ එකතු වන කුණු බැහැරකිරීමට ස්ථානයක් නොවීය. බොරදියේ මාළු බාන්න සිතූ ව්‍යාපාරිකයා බොහෝම සද්භාවයෙන් පෙනී සිට රජයට කසළ බැහැර කිරීම සඳහා සිය ඉඩම ලබාදෙන්නට පියවර ගත්තේය.

    ඒ නීත්‍යානුකූල ඉඩමක් නොව මුතුරාජවෙල අනවසරයෙන් තද කරගෙන සිටි භූමියයි. එමගින් ඔවුන් අපේක්ෂා කළේ කසළ පුරවා රජය සහ පෞද්ගලික අංශය සතු කුඹුරු ඉඩම් ගොඩකරවා ගැනීමට බව මුතුරාජවෙල සුරැකීම් සංවිධානය පවසයි.

    මෙහිදී එම සංවිධානය අතුළු ගම්වාසීන් විරුද්ධ වෙද්දී ඔවුන්ගේ බලපෑම් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබූ බවත් එහි ප්‍රධානීන්ට ද සිදුවෙන ව්‍යසනය වැටහී තිබූ බවත් කියයි.

    ඊට එරෙහිව පියවර ගත් මුතුරාජවෙල පරිසරය සුරුකීමේ සංවිධානය නියෝජනය කරන පූජ්‍ය පක්ෂය, විද්වතුන්, සමිති සමාගම්වල ප්‍රදේශවාසීන් 35 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙර කී රාජ්‍ය ආයතන 11ක් වගඋත්තරකරැවන් ලෙස දක්වමින් ශ්‍රේෂ්ඨධිකරණ නඩුවක් ගොනු කර තිබේ. මෙහි නඩුවාරයක් ලබන 12 දින විභාගයට ගැනීමට නියමිතව ඇතැයිද අභයභූමිය සුරැකීමේ සංවිධානය කියයි.

    කෙසේ වෙතත් උසාවි නියෝගය මෙන්ම ගොවිජන සේවා පනත, ලෝක රැම්සා වාර්තාවේ නීති ඇතුළු අභයභූමියට අදාළ සෑම නීතියක්ම උල්ලංඝනය කරමින් ජාවාරම පසුපස සිටින ප්‍රබල ව්‍යාපාරිකයා තමාට සහාය දෙන රාජ්‍ය නිලධාරීන් අතකොලු කොටගෙන වගුරු බිම ගොඩකරමින් සිටී. මේ අතර වාර්තා වන්නේ මුතුරාජවෙල අභයභූමියේ ඉඩම් ගොඩකිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට රජයේ ගාස්තුව වශයෙන් රුපියල් තුන්කෝටි විස්පන් ලක්ෂ පනස් එක් දහසක් ගෙවා ඇති බවය. එය පර්චස් 65102ක් ගොඩකිරීම සඳහා වන අතර පර්චසයකට මිල නියමව ඇත්තේ රුපියල් 500 බැගින් බවද වාර්තා වේ. මෙවැනි අකටයුතුකම් සඳහා රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් හිස නොනමන නිසා ඔවුන්ට හා මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයෙන් පරිසරවේදීන්ට මරණ තර්ජන පවා එල්ලවී ඇතැයි කියති.

    මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ඕලන්ද ඇළ බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ගැඹුරට හාරා වැලි ඉවත් කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රොන් මඩ ඉවත් කරනා බව දක්වමිනි. මේ ආකාරයට එම ස්ථානවල අඩි 30 – 40 තරම් පළළ පිවිසුම් මාර්ග සකසා ඇති බවත් විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා කම්බි වැටවල් ගස් වෙන්කර ඇති බවත් මුතුරාජවෙල සුරුකීමේ සංවිධානය චෝදනා කරයි.

     

  • කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..

    කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..

    වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි.

    සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී මෙවැනි කතාවක්‌ මතු විනි. ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවකු මීට මාස කිහිපයකට පෙර මා හට පැවසුවේ අයියේ ලැබෙන කෑම ගැනනම් කියලා වැඩක්‌ නැහැ. අපට සමහර දවස්‌වල එළවළු වල පෙති තිබිලත් හමුවුණා යනුවෙනි. නමුත් අයියේ මේක පත්තරේ දාන්න එපා. මොකද අපිට ලොකුම ගැටලුව තියෙන්නේ පාරිපාලනයත් එක්‌ක. මේවා දැම්මොත් අපිට තවත් ගැටලුවක්‌ වෙයි යනුවෙන් ඔලුවිල් විශ්වවිද්‍යාලෙයේ සිසුවෙක්‌ පැවසුවේය.

    මේ ආකාරයෙන් තවත් බෙහෝ තැන් වලින් ඇසුන වඳ පෙති කතාව මෙකක්‌ද යනුවෙන් හැමෝටම ගැටලුවක්‌ව පැවතිණී.

    මේ කතා කුමක්‌ වුවත් වද පෙත්තක කතාවක්‌ නිසා පසුගියදා අම්පාර නගරය ගිනියම් වූවේය.

    අම්පාර නගරයේ පන්සල් හංදියට නුදුරින් ඇති කාසීම් හෝටලයට බොහෝ දෙනෙක්‌ ගොඩවදින්නේ කටට රසට හොඳ කොත්තුවක්‌ කෑමටය. එසේ නැතිනම් ෆ්‍රයිඩ් රයිස්‌ එකක්‌ කෑමටය. පසුගියදා තරුණයන් තුන්දෙනෙක්‌ අම්පාර කාසීම් හෝටලයට ගොඩවූයේ වෙනදා මෙන් රසට කොත්තුවක්‌ කෑමටය. කොත්තු කතාව මෙච්චර දුරක්‌ යෑයි කියා එම තරුණයින් ද සිතන්නට නැතිව ඇත. හෝටලයට ගිය පසු මද වේලාවක්‌ යද්දී ඔවුනට දුම් දා සුවඳ හමන කොත්තුවක්‌ ලැබෙන්නට විය. ඒ සමග ලබා දුන් මස්‌ හොද්ද නිසා හෝටල් හිමියන් කිසිදා අපේක්‌ෂා නොකළ සිදුවීමක්‌ ඇතිවන්නට වූහ. එහි තිබුණ භාගෙට දියවුණ යමක්‌ මෙම තරුණයන්ගේ නෙත ගැටුණි. මොනවද භාගෙට දිය වෙලා තියෙන්නේ. මුන් අපට වඳ පෙති දාලාවත් දෙනවාද කියා ඔවුන්ට සිතුණි.

    සැනෙකින් මුදල් අයකැමිගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට වූහ. ඇත්ත කියපල්ලා උඹලා කෑමවලට වඳ පෙති දානවා නේද? යනුවෙන් විමසා සිටියදී නිරුත්තරුවූ ඔහු නෑ නෑ යනුවෙන් පවසා සිටින්නට වූවේය. නැවතත් තරුණයන් ඇත්ත කියනවා මේ වඳ පෙති නේද උඹලා මේවා කෑමවලට දානවා නේද? යනුවෙන් දැඩිව පවසා සිටි කල ඔව් යනුවෙන් ඔහු පවසා සිටියේය.

    මොහොතක්‌ ගත වුණි. මෙම සිදුවීම දැනගත් සැනින් එම ස්‌ථානයට සියකට ආසන්න තරුණයන් පිරිසක්‌ එකතුවී වඳ පෙති දමා අහාර දුන්නා යෑයි කියු වෙළෙඳසලට පහරදී කඩා බිඳ දමන්නට වූහ. ඒ ආසන්නයේ තිබූ වෙළෙඳසලේ තිබූ ගෝනි ගෙන මහා පාරට දමා ගිණී තබන්නට වූහ. ඉන් නොනැවතී එම ස්‌ථානයට මදක්‌ දුරින් තිබුණු ආගමික මධ්‍යස්‌ථානයට සහ තවත් වෙළෙඳසල් දෙකකට සහ පහර දෙන්නට මෙම පිරිස පිටත්වන්නට විය. අම්පාර නගරයේ මළ ගෙවල් කිහිපයක්‌ තිබෙන අතර ඒවාට සහභාගි වෙමින් තිබුණු ඇතැම් පිරිස්‌ සහ එහෙන් මෙහෙන් දැනගත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන්නට වූහ. මෙම ආගමික ස්‌ථානය ආසන්නයේ වෙළෙඳසලට පහර දෙන්නට උත්සාහ කරන විට පොලිසීය එය පාලනය කරන්නට දැඩි උත්සාහයක්‌ ගන්නා ලදී. නමුත් කෙසේ හෝ කලහකාරී පිරිස මෙම වෙළෙඳසලට පහර දුන් අතර ගිනි තබන්නට පොලිසියෙන් ඉඩ නොදෙන ලදී.

    ඒ අවස්‌ථාවේදී සැනකින් පිරිස ආගමික මධ්‍යස්‌ථානය තිබුණු භූමියට පැන යන්නට වූහ. සිද්ධිය එසේ වන විට කලහකාරීන් පාලනය කරන්නට පොලිසිට නොහැකි වන ලදී. එහි තිබුණු වෑන් රියක්‌ පෙරළා ගිනි තැබූ අතර ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයටද පහර දෙන්නට වූහ. එම ආගමික මධ්‍යස්‌ථානයේ තාප්පයටද පහරදී පෙරළා දමන්නට වූහ. එම අවස්‌ථාවේ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන්වා කලහකාරී පිරිස පාලනය කරන්නට පොලීසිය විසින් කටයුතු යොදන්නට වූහ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන්නට විය.

    මෙම සිදුවීම සිදුවු ස්‌ථානයට ඒ මොහෙතේ පැමිණි අම්පාර මහා දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ නිළධාරීන් සහ 24 වැනි සේනාංකයේ සේනාංකාධිපති මහින්ද මුදලිගේ මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිළධාරීන් සමග අලුයම 4.00 වන තෙක්‌ මෙම ස්‌ථානයේ සිට මෙම ගැටුම දුර දිග යැම වැලැක්‌වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ගවලට විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට වුහ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක්‌ මතු නොවුනි. ඒ නිසා වෙරළබඩ තීරය ඇතුළු ප්‍රාදේශවල තත්ත්වය සාමන්‍ය ලෙස පැවතුනි. මනා ආරක්‌ෂක පියවරක්‌ තිබීමද එයට එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

    27 වැනිදා උදෑසන මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හංදියේ ටයර් සහ කොන්ක්‍රීට්‌ කණු දමා මාර්ගය හරස්‌ කර තිබුණ අතර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් අම්පාර දිස්‌ත්‍රික්‌කය පුරා දැඩි විරෝධයක්‌ ඇතිවෙන බවට විවිධ කටකතා දිගින් දිගටම ප්‍රචාරය වෙමින් එහේ ගහනවා මෙහේ ගහනවා යනුවෙන් විවිධ අදහස්‌ වේගයෙන් පැතිරෙන්නට විය. නමුත් යුද හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක නිළධාරීන් ඉතා හොඳින් සිද්ධිය පාලනය කරමින් මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියටද පැමිණීලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිළධාරියකු පැවසුවේය.

    මෙම ගැටලුව විසඳීම සඳහා 27 වැනිදා දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සාකච්ඡාකර මෙම ගැටලුව සාමකාමිව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා කරන ලදී. දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ශ්‍රියානි විඡේවික්‍රම, ඇතුළු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. මේ වන විට අම්පාරේ ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්‍රදේශයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා ඇත. ඒ නිසා බොහෝ ප්‍රදේශවලට සහ ආගමික මධ්‍යස්‌ථානවලට දැඩි රැකවල් යොදවා ගැටුම් ඇතිවීම පාලනය කරන්නට වූහ.

    මේ සම්න්ධයෙන් රිෂාද් බදියුදීන් ඇමැතිවරයා විසින් ජනපතිට සහ අගමැතිවරයාට නිසි පරීක්‌ෂණයක්‌ කර අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින්නට විය. ඒ අනුව මෙම කලහාකාරී සිදුවීමට සම්බන්ධ අය සොයා පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කරන්නට වූහ.

    ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 02 වැනිදා සවස අම්පාර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 02 වැනිදා වනතෙක්‌ රක්‌ෂික බන්ධනාගාර ගතකොට නැවතත් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

    ඒ සමගම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අම්පාරේ භීක්‌ෂූන් වහන්සේලා සහ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් උන්නදුවෙන් කටයුතු කරන්නට වුහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සඳහා පොළොන්නැරුව ජනාධිපති මැඳුරු වෙත වාහන හය හතකන් විශාල පිරිසක්‌ යන ලදී. ඒ අතර ගිරිතලේ ගුණානන්ද නාහිමි, කිරිඳිවල සෝමරතන නාහිමි, සේනාපතියේ ආන්නද, සුහදගම සිලරතන යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා 15 කට ආසන්න ප්‍රමාණයක්‌ සහ දේශපාලන අධිකාරියේ විශාල පිරිසක්‌ පිටත්ව ගියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්‌ථාව නොලැබ නැවතත් හිස්‌ අතින් ආපසු හැරී එන්නට සිදුවූහ.

    මේ අත්අඩංගුවට පත්වූයේ ඇත්තටම මෙයට සම්බන්ධ පිරිසද යනුවෙන් ගැටලුවක්‌ මේ වන විට පැන නැඟී තිබුණී. කෙසේ නමුත් එම පිරිස ඇප ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක්‌ ප්‍රබල උත්සාහයක්‌ ගනිමින් සිටින ලදී. මෙය සටහන් තබන 02 වැනිදා දහවල් වන විටත් එම පිරිස නැවතත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. මේ වන විටත් මෙයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

    කෙසේ නමුත් මුස්‌ලිම් පුජකවරයෙක්‌ගෙන් මේ ගැන විමසූ විට මෙසේ පවසුවේය.

    මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. කුඩා පිරිසක්‌ තමයි මේ ආකාරයෙන් මේ දේට සම්බන්ධ වුණේ. ඔය හෝටලයේ හිමිකරුට සිංහල වැඩිය බැහැ. ඒ වෙලේ බයට තමයි එහෙම කියලා තියේනනේ. මේ කාරනේ ඇත්ත කියලා ඔප්පු වුණොත් ඔහුට දඬුවම් කරන්න. අපි සිංහල ජනතාවත් එක්‌ක සුහදතාවෙන් තමයි කටයුතු කරන්නේ. යනුවෙන් ඔහු පවසා සිටියේය.

    මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය.

  • “ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” හත් පොලේ ගා ගත්ත හැටි මෙන්න…!

    “ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” හත් පොලේ ගා ගත්ත හැටි මෙන්න…!

    පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.

    මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විශේෂ ලියකියවිලිවලින් සහ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනයේ මුල්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසත් ගණකාධිකාරී චතුරංග පල්ලෙවෙල මහතා එම ආයතනයේ මුල්‍ය උපදේශකවරයා ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට අර්ජුන් ඇලෝසිය මහතා ක්‍රියා කර ඇතැයි කියන සිද්ධියෙනි.

    “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය වෙත මෙසේ මුදල් ආයෝජනය කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම ආන්දෝලනාත්මක මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවෙන් උපාය ගත් අයථා මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා බෙදා දුන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ ඇතුළු ඔහුගේ සියලු රහස් ගනු දෙනු පිළිබඳ තොරතුරු දන්නේ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා බව ද එම ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

    “ජනයුගය” පුවත් පත වැසී ගොස් තිබෙන්නේ එම පුවත් පතට ආයෝජනය කිරීමට තිබූ මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා මෙසේ “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය සඳහා ආයෝජනය කිරීම හේතුවෙන් බව එම පුවත් පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවෝ පෙන්වා දෙති.

    සියලු සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් ද පුවත් පත නොකඩවා පවත්වා ගෙන යාම සඳහා ද රුපියල් කෝටි දෙකක් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් මහතා මුලින් පොරොන්දු වුණත් එම පොරොන්දුව ඉටු නොවූ බව ද එම සේවක සේවිකාවෝ පවසති.

    අනතුරුව “ජනයුගය” පුවත් පතේ මුද්‍රණය අත්හිටවූ අවස්ථාවේදී කර්තෘ මණ්ඩලයේ ඇතුළු සියලු සේවක සේවිකාවන්ගේ ජනවාරි වැටුප සහ අතිකාල ඇතුළු සියලු දීමනා සමග සාධාරණ වන්දි මුදලක් ද ගෙවීමට අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතා පොරොන්දු වුණත් එම පොරොන්දුව ද මේ වන තුරුත් ඉටු කර නොමැති බවට එම පිරිස චෝදනා කරති.

    උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී සිකුරාදා (02) රැස්වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති “ජනයුගය”කර්තෘ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සමස්ථ සේවක සේවිකාවන් මේ අසාධාරණයට එරෙහිව සිය අයිතීන් වෙනුවෙන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    මේ අඛණ්ඩ උපවාසය කොළඹ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි අර්ජුන් ඇලෝසියස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට හෝ ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ නිවස ඉදිරිපිට පැවැත්වීමට “ජනයුගය”කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් වෙබ් අඩවියෙන්..

  • මුස්ලිම් කොංග්‍රස් හිටපු  නායක අෂ්රොෆ්ගේ මරණය ඝාතනයක්ද? අනතුරක්ද? සියල්ල හෙළිවෙයි…

    මුස්ලිම් කොංග්‍රස් හිටපු නායක අෂ්රොෆ්ගේ මරණය ඝාතනයක්ද? අනතුරක්ද? සියල්ල හෙළිවෙයි…

    දැනට වසර 18 කට පෙර හිටපු අමාත්‍ය සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ මරණයට හේතුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගෙන තිබේ.

    ඒ තොරතුරු දැනැගැනීමේ පනත යටතේ බව එම පක්ෂය කියා සිටී.

    අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් නීතිවේදීන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

    හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ.ජි. වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මගින් 2000 වසරේ සැප්තැම්බර් 16 වනදා බිබිලේ – ඌරකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලූ අතර එ් සම්බන්ධයෙන් වූ වාර්තාව මෙලෙස ලබා ගෙන ඇත.

    එම වාර්තාවට අනුව හිටපු අමාත්‍ය එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ මරණයට හේතු වූ අනතුර කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් සැළසුම් කරන ලද්දක් නොවන බව සඳහන් වේ.

    එමෙන්ම එම අනතුර යානයේ සිදුවූ පිපිරීමක් නිසා සිදුවූ බවට සාක්ෂියක් නොමැති බවද රජයේ රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් කොමිසම අනාවරණ කර තිබේ.

    එමෙන්ම කොමිසම මගින් අනාවරණ කරගෙන ඇති තවත් කරුණක් වන්නේ හිටපු අමාත්‍යවරයාගේ නැගෙනහිර සංචාරය සඳහා ලබාදුන් හෙලිකොප්ටර් යානය අලූත්වැඩියා කරමින් පැවති එකක් බව ය.

    මේ නිසා නඩත්තු කටයුතුවල නොසැළකිල්ලක් අනතුරට හේතුවී ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ලබාගත් කොමිෂන් වාර්තාවේ සඳහන් බව මුස්ලිම් කොංග්‍රසය කියා සිටී.

  • මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය, මංගලාරාම විහාරස්ථානයට ජනපති මෛත්‍රී යයි..!

    මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය, මංගලාරාම විහාරස්ථානයට ජනපති මෛත්‍රී යයි..!

    මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් වෙනුවෙන් ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය  (3) ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවෙදී පැවැත්විණ.එම උත්සවය නිමවී ගරු ජනාධිපතිතුමා පැමිණියේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය.

    කොටි ත්‍රස්තවාදය සමයේදී මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට තිබු වටිනා පන්සලක් ලෙස මංගලාරාම විහාරස්ථානය හැදින්විය හැකිය.පසුව 2014 දී එම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි සිදුවීමක් නිසා මෙම මංගලාරාම විහාරස්ථානය කෙරෙහි ජනතාවගේ දැඩි අවධානයක් යොමුවිය.එවකට විදුලි බල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෘජුවම බැන වැදුන විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ කියා සිටියේ මඩකලපුවට තිබෙන එකම පන්සලේ විදුලිය කැපීමට එවකට රජය ක්‍රියා කල බවය.

    පසුව එවකට රජය විසින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට නොයෙකුත් චෝදනා එල්ල කලේ ද්වේශ සහගත ලෙසය.පසුව මඩකලපුවේ ඇති වූ තවත් සිදුවීමක් හේතුවෙන් එවකට අමාත්‍යවරයෙකු හා කොටි හිටපු නායකයෙකු වූ කරුණා අම්මාන් ලගද ඉතා අසරණ වීමට විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට සිදුවිය.

    පසුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම පන්සල උපයෝගී කරගනිමින් ජාතිවාදය වැපිරීමට නොයෙකුත් දෙනා උත්සහ කලත් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ ඒ සදහා ඉඩ ලබා නොදුන්නය.මඩකලපුවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව අනෙකුත් ජාතීන්ටද මහත් අස්වැසිල්ලක් වූ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණීම විහාරාධිපති හිමියන්ට මහත් සතුටක් ගෙන දුන්නේය.ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක්ද විමසීය.

  • ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

    ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

    මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුද සහභාගී වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි

    පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනපති හා හිටපු ජනපති හමුවූ මුල් අවස්ථාව එයයි.

    මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බවත් හමුව සංවිධානය කර ඇත්තේ ජනපතිගේ ඥාතියෙකු හා හිටපු ජනපතිගේ ඥාතියෙකු විසින් බවද සදහන්ය.

    එම හමුවේදී සාකච්ජාවූ කිසිවක් ගැන නිල වශයෙන් වාර්තා වී නොමැති නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ දහ වෙනිදායින් පසු ප්‍රබල දේශපාලන වෙනසක් ඇති කිරීමට එම සාකච්ජාවෙන් පසු එකඟත්වයට පැමිණි බවයි.
  • ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

    ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

    චතුර සේනාරත්න කියන්නෙ  දේශපාලන ලෝකයේ නිරන්තරයෙන්ම බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන චරිතයක්. පහුගිය කාලය පුරාවටම ඔහු විසින් සිදුකල විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වුනා.  ඒ වගේම පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිදුකල ප්‍රකාශයක් නැවතත් කතාබහට ලක්වනවා.

    ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවායින් මඩි තරකර ගන්න නොවන බවත් ඔවුන්  කළ කී දේ නෑසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණා.

    එසේම බහ තෝරන කාලයේ සිටම සිට තම පියාගේ හෝ විජය කුමාරතුංගයන්ගේ  අතෙහි එල්ලී ගොස් මෙරට දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ලබාගත් පන්නරය තුලින් රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් ඉතා හොඳින් දැනගෙන සිටි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

    එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ඔහු පෙබරවාරි පළමුවැනිදා පුවත්පතකට සඳහන් කල බවද කියා සිටිනවා.

    එම වීඩියෝව පහතින්.

     

     

  • ශ්‍රීලනිප අපේක්ෂක ප්‍රසන්නට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සොයා පොලිස් මෙහෙයුම්….

    ශ්‍රීලනිප අපේක්ෂක ප්‍රසන්නට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සොයා පොලිස් මෙහෙයුම්….

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සිය නිවසෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ.

    පොලිසිය මගහරිමින් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා (01) පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගියද ඒ වනවිටත් ඔහු නිවසෙන් පලා ගොස් සිටි ඇත.

    පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී තිබුණේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයාටය.

    පහරකෑමට ලක්වු පුද්ගලයා මේ වනවිට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මේ වනවිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනයද විසන්දි කර දමා ඇතැයි පැවසේ.

  • ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති උනොත් ඉස්සෙල්ලම කරන දේ හිටපු බෑණා ධනුන හෙළිකරයි..

    ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති උනොත් ඉස්සෙල්ලම කරන දේ හිටපු බෑණා ධනුන හෙළිකරයි..

    ධනුන තිලකරත්න එහෙමත් නැත්තම් සරත් ෆොන්සේකාගේ බෑනා  2010 වසරේ ජනාධිපතිවරණයත් එක්ක  රටම හඳුනාගත්තා.දේශපාලනය චරිත පමණක් නොව දේශපාලනය ඇසුරුකරන අයටත් වන්දි ගෙවන්නට සිදුවන බව සනාථ කරමින් ධනුනගේ තරුණ ජීවිතයෙන් වසර පහක් පමණ කැපකරමින් සැඟව සිටින්නටත් සිදුවුනා.

    කොහොම වුනත් නිදහස් තරුණයෙක් විදියට  නැවතත් අප ඉදිරියට පැමිණ තිබෙන ඔහු තමන්ගේ අතීතය සහ අනාගතය ගැන පුවත්පතකට කිවුවෙ මේ විදියට.

    ඒ වගේම මේ දවස්වල හැමදෙනාම වගේ කතා කරන නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දුන්නොත් කරන දේ ගැනත් ඔහු ප්‍රකාශ කලා. 

    ධනුන තිලකරත්නව හඳුන්වා දිය හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, සරත් ෆොන්සේකා මහතාගේ බෑනා යන යෙදුම. තවමත් ඔබ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑනාද…?

    නැහැ… දැන් මම එහෙම නෙමෙයි… ඒ පවුලෙන් මම වෙන්වෙලා ඉන්නේ. හැබැයි සරත් ෆොන්සේකා මහතා සමග මගේ තියෙන සම්බන්ධය එහෙමමයි. මම එතුමාව දන්නේ, බෑනා වෙන්න කලින් ඉඳන්… මගේ තාත්තා ආමි එකේ. තාත්තා බ්‍රිගේඩියර් කෙනෙක්‌ විදියට තමයි විශ්‍රාම ගියේ. අපි ‘ආමි කමියුනිටි’ එකක ජීවත් වුණේ. එක කාලයක්‌ අපි හමුදාවේ නිල නිවාසවල ජීවත් වුණා. අපේ සහ සරත් ෆොන්සේකා මහත්තයලගේ ගෙවල් පිහිටා තිබුණේ ආසන්නයේ… මම ජෙනරාල් සරත් ෆොන්සේකා දන්නේ මගේ වයස අවුරුදු දහයක දොළහක කාලයක ඉඳලයි. එතුමා මම කැමති චරිතයක්‌… අපේ තිබුණු ළඟ හිතවත්කම නෑදෑකමක්‌ බවට පරිවර්තනය වුණා. දැන් ඒක යළිත් පරණ පුරුදු හිතවත්කම බවට පත්වුණා. මම හිතන්නේ ඒක ‘කාලය මැව් වෙනසක අරුමේ’ කියලයි.

    පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් එක්‌ක අප්සරා සහ මම සුහදව වෙන්වෙන්න තීරණය කළා. එහෙම වුණත් සරත් ෆොන්සේකා මහතා සමඟ තිබුණු මගේ හිතවත්කම දිගටම තිබුණා. අපි වෙන් වුණාට පස්‌සෙත් මම එතුමා සමග දිගටම දේශපාලන කටයුතු කළා. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායක වුණේ මම. එතුමා, එජාපය සමග සන්ධාන ගත වෙන්න තීරණය කළාට පස්‌සේ මමත් එජාපයට එක්‌ වෙනවා. දැන් මම නැගෙනහිර කොළඹ, එජාපයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනවා. තාම මම එතුමාගේ දේශපාලනයට සහයෝගය දක්‌වනවා.

    ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සිදුවුණේ කොහොමද…?

    පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්‌ක අප්සරාට සහ මට ඉන්න සිද්ධවුණේ, දෙතැනක. අඩුම ගාණේ අපි දෙන්නට දුරකථනයෙන්වත් කතාබහ කරන්න බැරි වුණු කාලයක්‌ තිබ්බා. ඒ දේවල් එක්‌කයි මේ වෙන්වීම සිද්ධ වුණේ. අප්සරා ඇමරිකාවේ ජීවත් වෙනවා. මම ශ්‍රී ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා. ඇත්තටම අප්සරාට ඕනේ වුණේ ඇමරිකාවේ ඉඳන් පවුල් ජීවිතයක්‌ ගත කරන්න. මම කැමති වුණේ ලංකාවට එන්න. ඒ නිසා අවසානයේ අපි දෙන්නා තීරණය කළා වෙන් වෙන්න.

    සරත් ෆොන්සේකා කියන චරිතය රට විසින් හඳුනාගෙන තිබෙන්නේ, දරුණු ගණයේ පුද්ගලයෙක්‌ ලෙස. ඒ වගේම ඔහු සිය දියණියන් දෙදෙනාට පණ වගේ ආදරය කරන ලද පියෙක්‌ බව සඳහන් වෙනවා. මේ නිසා ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සමග සරත් ෆොන්සේකා මහතා, ඔබ සමග උරණ වීමට හේතුවක්‌ වුණේ නැද්ද…?

     කිසිසේත්ම එහෙම උරණවිමක්‌ ඇති වුණේ නැහැ. එතුමාගේ සහ මා අතර තියන්නේ වෙනම සම්බන්ධයක්‌. ඒ පවුලේ හැමෝම එක්‌ක මම වෙන වෙනම සම්බන්ධයි. අපේ සම්බන්ධතාවය පටන් ගත්තේ අසල්වැසියන් ලෙස. බෑනාගේ සම්බන්ධය නැතිවුණා, කියලා එදා අසල්වැසියන් ලෙස, අපේ ඇතිවුණු සම්බන්ධයට කිසිම හානියක්‌ වුණේ නැහැ.

    ඔබට අප්සරා සමග ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනැඟෙන්නේ, අසල්වැසියන් ලෙස සිටින කාලයේදීම ද…?

    ඔව්… ඒක සිද්ධ වෙන්නේ අපි දෙගොල්ලෝ, කොළඹ සමුළු නිවාසවල ජීවත්වූ කාලයේදීමයි.

    වසර හතරක පමණ කාලයක්‌ ඔබ සැඟවී ජීවත්වුණා… ඔබ සැඟවී සිටින්නේ තානාපති කාර්යාලයක බව සමහරු කිව්වා. තව සමහරු කිව්වේ ඔබ විදේශ ගත වෙලා ජීවත් වෙන බවයි. ඇත්තටම ඔබ කොහෙද සැගවී සිටියේ…?

    ඒකට කියන්න කරුණු ගොඩාක්‌ තියෙනවා. මාව ගෲප්ස්‌ ගොඩාක්‌ ආරක්‌ෂා කළා. ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්‌. මාව අමාරුවේ වැටුණාම ගොඩගන්න පිරිසක්‌ හිටියා. අපි හමුදා පවුල් හැටියට ඔක්‌කොම ට්‍රික්ස් දන්නවා. මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න යන්නේ කියලා, අපිට කලින්ම තේරුණා… ලංකාවේ හැම තැනම මම හැංගිලා හිටියා. ඔබ කියපු තැන්වලත් හිටියා.

    ඔබ අල්ලා ගන්න බැරිවුණත්, අහම්බෙන් හෝ ඔබ සිටින තැනක්‌ පිළිබඳව පොලීසියට දැනුණු අවස්‌ථා තිබුණේ නැද්ද…?

    පිළිතුර – මම වාහන වල යනකොට පොලිස්‌ චෙක්‌ පොයින්ට්‌ දෙක තුනක නැවැත්තුවා. නේවි චෙක්‌ පොයින්ට්‌ එකක නැවැත්තුවා. මම හිටපු තැන්වලටත් ආවා. ආවා කියන්නේ මම ඉන්නකොට නොවෙයි, මම ගියාට පස්‌සෙ ඇවිත් තියෙනවා. ඒ අයත් ලයින් එකක්‌ දිගේ ආවා… ඒත් මම ඉන්න තැනක්‌ හොයාගන්න බැරි වුණා.

    ඔබගේ මවට සහ තවත් ඥාතීන් දෙදෙනකුට අයත් බැංකු සේප්පුවල අමෙරිකානු ඩොලර් 525000 ක්‌ද ස්‌ටර්ලින් පවුම් 2000ක්‌ ඇතුළු මෙරට මුදල් තොගයක්‌ තිබුණු බවට එකල වාර්තා වුණා. කොහෙන්ද ඒ සල්ලි ලැබුණේ…?

     ඒ සඳහා පැහැදිලි පිළිතුරක්‌ දෙන්න මම කැමති වුණත්, එය අධිකරණය හමුවේ විභාග වෙන නඩුවක්‌… නිසා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඒ ගැන සඳහන් කිරීමට මට හැකියාවක්‌ නැහැ.

    ඔබගේ අධ්‍යාපන පසුබිම කිව්වොත්…

    පිළිතුර – කොළඹ රාජකීය විද්‍යාලයට එක වසරේ සිට ගිහින් ඊට පස්‌සේ උසස්‌ අධ්‍යාපනයට මම ඇමරිකාවට ගියා. වසර හතරක්‌ අයි.ටී. මැනේඡ්මන්ට්‌ ඩිගි්‍රය කරලා අවුරුදු හතරක්‌ අයි.ටී. කන්සල්ටන් කෙනෙක්‌ විදියට වැඩ කරලා ආවේ. ලංකාවේ කොම්පැණියක්‌ හැටියට ලංකා ඇඩ්වෙන්චර් ටේ්‍රනින් කොම්පැණිය ආරම්භ කරලා ව්‍යාපාරික ලෝකයට ඇතුල් වුණා.

    දැන් ඔබ මොකද කරන්නේ…

    මම ආරක්‌ෂක සේවා සපයන ආයතනයක්‌, ඒ කියන්නේ සිකියුරිටි ආයතනයක්‌ පවත්වාගෙන යනවා…

     එතකොට දැන් හයිකොප් ආයතනය නැද්ද..?

    යුද්දෙ පටන් ගත්ත කාලේ ඉඳන් රජය තීරණය කළා, නීත්‍යානුකූලව ආයුධ ගෙන්වීමේ සමාගමක්‌ ආරම්භ කරන්න. ලංකා ලොජිස්‌ටික්‌ කියලා තමයි ඒක හැඳින්වුණේ. එතකොට ලංකාවට ආයුධයක්‌ ගේනවා කියන්නේ ඒක ලංකාවෙ විතරක්‌ නොවෙයි එන තැන ඉඳන්ම ‘ඩොකියුමන්ට්‌’ වෙන දෙයක්‌. ඒ නිසා කාටවත් කියන්න බෑ ආයුධ ගෙනාවේ හොරෙන් කියලා. ආයුධ එකක්‌ දෙකක්‌ නොවෙයිනේ ගෙනාවේ. ඒ ආයුධ ගන්නා තැන ඉඳලා ලංකාවේ හමුදාවට බාර දෙනකම්ම සාක්‌කි සාධක ඇතිවයි ගේන්නේ. මේක පාර්ලිමේන්තුවේදීත් කියෑවුණා. ඒ කියන්නේ ඒ ගනුදෙනුවලට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ කියලා. මම ඔය ගනුදෙනුවලට සම්බන්ධ නම් ඔය ලියකියවිලිවල මගේ නමක්‌ හෝ කොම්පැණියක නමක්‌ හෝ සඳහන් වෙන්න ඕනෑනේ. නමුත් එහෙම නෑ… හයිකෝප් ගනුදෙනුවට මම සම්බන්ධයි කියලයි චෝදනා කළේ, සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙන ගිය සංවිධානාත්මක මඩ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස ලෙසයි. ඒක දිග කතාවක්‌. එක්‌තරා පුද්ගලයෙක්‌ හිටියා එයා උපුල්. එයා මේ මඩ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ආනයනය කරපු පුද්ගලයෙක්‌. ඔහු ගෙන්නුවේ කවුද… ඔහු ගෙන්නුවේ කොහොමද… එයාට ගෙවපු ගාන, මේ ඔක්‌කොම විස්‌තර අපි ළඟ තියෙනවා. මං ඒකයි කිව්වේ ඔබ අහපු ප්‍රශ්නයට තියෙන්නේ ලොකු උත්තරයක්‌ කියලා. හයිකොප් එකත් එක්‌ක මගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණේ නැහැ… ඒ නඩුවෙන් මාව නිදොස්‌ කර නිදහස්‌ වුණේ ඒ නිසයි.

    හිටපු බෑනාට අනුව, සරත් ෆොන්සේකා කියන්නේ කොයි වගේ චරිතයක්‌ ද…?

    එතුමා ගැන රටේ ඇතිවෙලා තිබෙන ප්‍රතිරූපය මම දන්නවා… එතුමා යම් තද ගති ගුණ සහිත චරිතයක්‌ බවයි බොහෝ දෙනාගේ හැඟීම… ඔව්… එතුමා තදින්ම නීතියට අනුව වැඩ කරන කෙනෙක්‌… ඒ මිසක්‌ කවදාවත් එතුමා නීතියට පිටින් වැඩ කරලා නැහැ. ත්‍රස්‌තවාදය පරාජය කරන්න එතුමාට හැකිවුණෙත් ඒ නිසයි. ඔහු සිය දියණියන් දෙදෙනාට සහ පවුලට ආදරය කරන කෙනෙක්‌. මම දන්නවා, එතුමා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරය කළාදා කිව්වොත්, කොයි තරම් වැඩ රාජකාරි මැද්දේ, ලෝකේ කොහේ හිටියත්, දුවලාට දවසකට දෙවතාවක්‌ ඔහු කතා කරනවා. එතුමා සංගීතය රස විඳින කෙනෙක්‌. එතුමා හමුදා විනය අනුව ජීවත්වුණු කෙනෙක්‌… ඒ නිසා බාහිරෙන් සරත් ෆොන්සේකා මහතාව දකින කෙනෙකුට, ඔහු දැඩි පුද්ගලයෙක්‌ කියලා හිතෙන්න පුළුවන්. මාධ්‍ය මගින් සමහර ප්‍රශ්න අහනකොට, එතුමා පිළිතුරු දෙන විලාසය නිසයි සමාජයට එතුමා ගැන මේ ප්‍රතිරූපය මැවී තිබෙන්නේ…

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබා දෙන බවට ආරංචි විටින් විට පැතිරෙනවා… ඒත් බොහෝ දෙනා සිතන්නේ එවැනි තනතුරක්‌ ලබා දුන්නොත් සරත් ෆොන්සේකා මහතා රාජපක්‌ෂලාගෙන් පළිගැනීම සඳහා ක්‍රියා කරාවි කියලයි… ඔබ මේ ගැන මොකද හිතන්නේ…?

    එතුමා කාගෙන්වත් පළිගනී කියලා, මම නම් හිතන්නේ නැහැ… නීතිය සහ සාමය කියන ඇමතිකම එතුමාට හොඳටම ගැලපෙනවා… මේ රටේ තිබෙන මත් උවදුර නැති කරන්න, ජනතාවගේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හදන්න සරත් ෆොන්සේකා වැනි චරිතයක්‌ රටට වුවමනයි. එතුමා හමුදාපති ලෙස මුලින්ම කළේ, හමුදාවේ තිබුණු ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක්‌ අනුව එය පෙළගැස්‌සවීමයි. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කරලා, දක්‌ෂයන් නිසි තැන්වලට යොදවලා, තාක්‌ෂණය සහ නිසි ක්‍රමවේදය හමුදාවට යොදවපු නිසා තමයි එතුමාට යුද්ධය ජය ගන්න පුළුවන් වුණේ… එවැනි ක්‍රමවේදයක්‌ අද රට අවශ්‍යයි. එතුමා මේ වගේ තනතුරකට ආවොත්, රටේ නීතිය හා සාමය තහවුරු කරනවා වගේම ඒ සඳහා රටට ගැලපෙන නව ක්‍රමවේදයක්‌ පිහිටුවාවී… එතුමා කාගෙන්වත් පළිගන්නවත්, නීති විරෝධීව කාටවත් උදව් කරන්නවත් යන කෙනෙක්‌ නෙමෙයි. එතුමා තමන්ගේ හිතේ තියෙන එක කෙලින්ම කියලා දානවා… ඒ වුණාට කාගෙන්වත් පළිගන්න යන්නේ නැහැ…

    සාමාන්‍ය පවුලක මාමා කෙනෙක්‌ සිය දියණියගෙන් වෙන්වූ බෑනා කෙනෙක්‌ සමග මෙතරම් සුහද ලෙස ක්‍රියා කරන්නේ නැහැ… එසේ වුවත් ඔබ සහ සරත් ෆොන්සේකා මහතා අතර සම්බන්ධය එදා මෙන්ම අදත් මෙසේ පැවතීමට වෙනත් හේතුවක්‌ තිබෙනවාද…? ෆොන්සේකා මහතාගේ ව්‍යාපාරයන්හි භාරකරු ලෙස ඔබ ක්‍රියා කරනවාද…?

    එතුමා කිසි දවසක ව්‍යපාර කරපු කෙනක්‌ නෙමෙයි… එතුමා හොඳ හමුදා නිලධාරියෙක්‌… එතුමා සිය ජීවිතයෙන් වැඩි කොටසක්‌ වෙන් කළේ මේ රට ආරක්‌ෂා කර ගන්න… මම එතුමා සමග විශ්වාසයෙන් වැඩ කරපු කෙනක්‌. අපි අතර හොඳ අවබෝධයක්‌ කාලයක්‌ තිස්‌සේ ගොඩනැගිලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවේ අය මෙවැනි ලෙස පවුලේ ගැටලුවක්‌ මතු වුණහම, ගහ මරා ගන්න යන්නේ නැහැ. ඒ අනුවයි මම හැමවිටම කටයුතු කළේ… එතුමා අපේ තරුණ පරම්පරාවේ කෙනෙක්‌ නොවුණත් ඒ විදිහට වැඩ කරන එක එතුමා සතු හොඳ ලක්‌ෂණයක්‌… මම ඒකයි කියන්නේ, රටේ ජනතාවට මවා පාලා තියෙන බිල්ලා එතුමා ළඟ නැහැ කියලා. මම හිතන්නේ එතුමා මේ රටට සම්පතක්‌… මාධ්‍ය සහ දේශපාලනයෙන් එතුමා විවිධ පැතිවලට නම්මන්න හදනවා මිසක්‌, එතුමාගෙන් මේ රට තව වැඩ ගන්න තියෙනවා නේද කියලා, හිතන්නේ නැහැ…

     නීතිය සහ සාමය අමාත්‍යාංශය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දිය යුතු බවට සමහරු චෝදනා කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව, කුමන හෝ චෝදනාවක්‌ එල්ල කර ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම සඳහා නේද…?

     මේ වෙලාවේ, මෙරටේ තිබෙන ප්‍රශ්නය ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම හෝ රාජපක්‌ෂලා හිරේ දැමීම නෙමෙයි… මේ රට තුළ සිද්ධ වෙන අපරාධ රැල්ල නවත්වාලීම සහ රටේ තරුණ පරපුර ගිලගනිමින් සිටින මත්ද්‍රව්‍ය වසංගතය දුරු කර දැමීමයි. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ, නීතිය සහ සාමය රටට තුළ නිසියාකාරව ක්‍රියාත්මක කරවීමයි. ඒ වගේම ඒ සඳහා රට යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි. සරත් ෆොන්සේකා මහතා ඒ සඳහා සුදුසුම පුද්ගලයා බවයි මගේ හැඟීම.

     නිතිය සහ සාමය යනුවෙන් සඳහන් කරන විට, මේ ආණ්‌ඩුව යටතේ ඒ තනතුර මුලින්ම දැරුවේ, තිලක්‌ මාරපන අමාත්‍යවරයා… ඊට පසුව එම තනතුර දැරුවේ සාගල රත්නායක මහතා. දැන් එම අමාත්‍ය ධුරය හොබවන්නේ අග්‍රාමාත්‍යවරයා… මේ අයට වඩා එම තනතුර දරන්නට සරත් ෆොන්සේකා මහතා සුදුසුයි කියලා ඔබ කියන්නේ කුමන හේතු සාධක මත ද…?

    සරත් ෆොන්සේකා මහතාට තියන්නේ මිලිටරි පසුබිමක්‌… දේශපාලන පසුබිමක්‌ සහිත කෙනෙක්‌ දැනට මේ තනතුරට සුදුසු නැහැ කියන එකයි මගේ මතය. යම් දෙයක්‌ දූෂිත වූ විට එය ශුද්ධ කිරීම කියන්නේ විශේෂිත තත්ත්වයක්‌… මේ රටේ දැන් තිබෙන තත්ත්වය අනුව, නීතිය සහ සාමය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ, අලුත් සහ පක්‌ෂපාති නොවූ ක්‍රමවේදයක්‌… ඒ සඳහා සිටින සුදුසුම කෙනා සරත් ෆොන්සේකා මහතායි. එතුමා ඒ යාන්ත්‍රණය ගොඩනැගුවාට පස්‌සේ, වෙනත් දේශපාලන චරිතයකට එය කරගෙන යන්න පුළුවන් වේවි… එතුමා හමුදාව තුළත් ඒ වෙනස කළා…

    රාජපක්‌ෂලා සමග ඔබට තරහක්‌, වෛරයක්‌ තිබෙනවාද…?

    පිළිතුර – නැහැ… ඇත්තටම නැහැ… එතුමන්ලා තිබෙන දේශපාලන තත්ත්වය උඩ කටයුතු කළා… මමත් ඒ තත්ත්වය තුළ කටයුතු කළා… එච්චරයි…

    ඔබ දැන් ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් සිටිනවා… මොකක්‌ද ඔබේ දේශපාලන ඉලක්‌කය…?

    මම දේශපාලනයට ආවේ 2009 අවුරුද්දේ… දැනට මම, එජාපයේ නැගෙනහිර කොළඹ සම්බන්ධිකරණ තනතුර දරනවා… මට තවම, එහෙම ලොකු දේශපාලන ඉලක්‌කයක්‌ නැහැ… ඒවා ඉස්‌සරහට බලමු…

    ඔබ දැන් අලුත් විවාහයක්‌ කරගෙන ද ඉන්නේ…?

    නැහැ… මම දැන් තනිකඩ ජීවිතයක්‌ ගත කරනවා…

  • අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වූ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිලිබදව  සෙවීමට පරික්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පැවසිය.

    එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි. 

    රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්‍රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.

    අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

    පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්‍රශ්න තිබෙනවා.

    මෙය අමූලික බොරු සිද්ධියක්.

    වදපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ.

    ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන ද මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි.

    සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම ජනපතිගෙන්  ඉල්ලා සිටියා.

    ජනාධිපතිවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.

    පසුගිය රජයේ ප්‍රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු ද වාර්තා වි තිබෙනවා.

    වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා.

    කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා.

    බණ්ඩාරනායක මහතා ද නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා.

    ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ද ඝාතනය කෙරුනා. 

  • ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    මාලබේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය සහය ලබාදීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කර තිබේ.
    එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන ලිපියක් අද දිනයේ දී ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බවය. 
  • ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දඬුවම් දෙන බව සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    මොන රටක සැගවී සිටියත් කාගේ ආශිර්වාදය තිබුනත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු සදහන් කරයි.

    ශ‍්‍රිලනිපයේ කැබිනට් සංශෝධනය සතියක පමණ කාලයක් තුල සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් විද්‍යානුකූලව ඇමති මණ්ඩල බෙදීම මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහඑු වැඩි දුරටත් පැවසීය.

  • පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    මහ මැතිවරණයක් ඉල්ලා රැලි පැවැත්වීම පසෙකලා පළාත් පාලන මැතිවරණයෙන් (පොහොට්ටුවට) ලැබුණු බලය වඩාත් ශත්කිමත් කර ගැනීමට අදාළ පළාත් පාලන ආයතන ශක්තිමත්ව පිහිටුවීමට වැඩි අවධානය යොමුකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් කරන ලද ඉල්ලීමකට එම පක්ෂයේ විරෝධයක් මතුව ඇති බැව පැවසේ.

    මේ විරෝධය එල්ලවී ඇත්තේ කාලයක සිට ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් බැසිල් විරෝධය ගෙනගිය අයගෙන් බවද පැවසේ.

    ඉකුත් ජයග්‍රහණය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම් හා සංවිධාන ශක්තිය ඉස්මතුවන කාරණාවක් බැවින් එය යටපත් කිරීමට මේ විරෝධය මතුව ඇති බවද වාර්තා වේ.

    විරෝධය මතුකරන පිරිස පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට ද විරෝධය දක්වා තිබිණි.

    එම මැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ ඡන්දය ඉල්ලීමට ද යෝජනා කළ මේ පිරිස පසුගිය කාලයේ ශ්‍රීලනිපය සමඟ ආණ්ඩු පිහිටුවීමද උත්සාහ කළේ අදාළ බැසිල් විරෝධය නිසා බව පැවසේ.

    පළාත් පාලන මැතිවරණ සමයේදී පොහොට්ටුවේ පුවත්පත් සාකච්ඡාවකට හෝ සහභාගි නොවූ මේ පිරිස පොහොට්ටුව ජයගත් වහාම නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා අත්නොහැර පැමිණි බවද වාර්තා වේ.

    මහ මැතිවරණයක් ඉල්ලමින් ක්‍රියාත්මක රැලි මාලාවේ පළමු රැලිය ලබන 07 වැනිදා නුගේගොඩදී පැවැත් වේ.

    ඇයි බැසිල්ට විරුද්ද ?

    බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය දැක්වීමට හේතුව ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධ ඊර්ශ්‍යාවදැයි අප බැසිල් විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ ජය සම්බන්ධයෙන් ඊර්ශ්‍යාවක් නොමැති බවත් ඇත්තේ ඔහු හිතුමතේ ගන්නා තනි තීන්දු නිසා ඒවායේ ප්‍රතිවිපාක කණ්ඩායමකට විඳීමට සිදුවීම සම්බන්ධ ගැටලුවක් බවත් ඔහු කියා සිටියේය.

    කෙසේවුවද, රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම මෙන් ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීම යන කරුණුවලට ද බැසිල් මහතාගේ ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

    නිමල් ලංසා රට යයි !

    බැසිල් රාජපක්ෂගේ සමිපතම දේශපාලකඥයෙකු වු නිමල් ලංසාද මේ වන විට මීගමුව පොහොට්ටුව කණ්ඩායම තුල බරපතල අර්බුදයකට මුහුණ දි සිටි.

    ඒ අතිරේක ලයිස්තුධුර මන්ත්‍රින් පත් කිරිම අර්බුදයක් වි තිබිම නිසාය.

    මෙහිදි නිමල් ලංසාට පත්කිරිම් පිළිබදව උපදෙස් ලැබි අැතැයි සදහන් වන්නේ බැසිල් රාජපක්ෂ විසින් එසේ කිය ඇති බවය.

    මේ සියළු  අර්බුද මෙසේ වර්ධනය වෙමින් තිබියදි නිමල් ලංසා ඊයේ ඕස්ට්‍රෙලියාව බලා යළිත් පිටත්ව ගොස් ඇතැයි වාර්ථා වේ.

  • අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    ඊයේ 03 දින සිට තම සියලු දේශපාලන කටයුතු නිහව සිදු කරන බව කු.පා.ම  මහින්ද රාජපක්ෂ පවසනවා.

    වසර ගණනාවක් තිස්සේ ලැබුණු ජය සහ පරාජය තුල වූ අත්දැකීම් තුලින් තමන් දේශපාලන වේදිකාව තුල හෙම්බත් වී ඇති බවද දැන් වෙනසකට කාලය බවද රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය…
    .
  • රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

    පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් කල්දැමුණු සම්මුඛ පරීක්ෂණ ද ඉදිරි මාස දෙක තුළදී පවත්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    මඩකලපුව වෙබර් කී‍්‍රඩාංගණයේ පැවති මඩකලපුව දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

    උපාධිධාරීන් දෙසිය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් හතළිස් දෙදෙනෙකුට මෙහිදී පත්වීම් ප‍්‍රදානය කෙරුණා.

    උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ ගුරු වෘත්තීයේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.