Category: සුපිරි Politics

  • රනිල් යනු මොළයක් ද?අලයක්ද? නූතනවාදියෙකු ද? ඇත්තටම එයා ක්ලීන් ද?විග්‍රහය මෙන්න..

    රනිල් යනු මොළයක් ද?අලයක්ද? නූතනවාදියෙකු ද? ඇත්තටම එයා ක්ලීන් ද?විග්‍රහය මෙන්න..

    ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු බලය ඉසිලූ පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වී තිබේ. රට පුරා ඇති මහනගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා 341 කින් ස්ථීර බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ආයතන 7 ක පමණි. එයද දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයින්ට පින්සිදුවන්නටය. 

    1994 සිට වසර 24 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍ර‍මසිංහ මහතා මේ ලබාගත්තේ ඒ මහතාගේ 30 වැනි මැතිවරණ පරාජය බව කණගාටුවෙන් වුව කිවයුතුය. 

    2018 සැප්තැම්බර් හා 2019 අප්‍රේල් මාසයට නියමිත පළාත් සභා මැතිවරණ වලදී එය කවර ආකාරයකට පැවැත්වුවද එක්සත් ජාතික පක්ෂයට අත්වන්නේ අන්ත පරාජයක් බව මේ වනවිට පැහැදිලි වී තිබේ. එහිදී, කෙසේවත් මෙවර ලැබුණු ඡන්ද ලක්ෂ 36 හෝ 32% ක ප්‍ර‍තිශතය රැක ගැනීමට නොහැකි වනු ඇත. එමෙන්ම, 2019 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ජයග්‍ර‍හණය කරවීම යළිත් වරක් සිහිනයක් පමණක් වනු ඇත. රනිල් වික්‍ර‍මසිංහ මහතාට නම් කිසි කලෙක මෙරට ජනාධිපතිවරයා වීමට ඉඩක් ඇත්තේද නැති බව සමාජ හැසිරීම සමාලෝචනයේදී ඉදුරාම පැවසිය හැකිය. 

    2019 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ රාජපක්ෂ පවුල විසින් ජයගතහොත්, එක්සත් ජාතික පක්ෂය තවත් දශක කිහිපයක්ම බලයෙන් පහවීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූවා සේ දේශපාලන සිතියමෙන් අතුගෑවී යෑම වැලැක්විය නොහැකි බව කාටත් පෙනීයන කරුණකි. 

    මේ සියල්ලට හේතුව කෙළින්ම පැවසුවහොත්, කිවහැක්කේ, අභන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයක් නැති, ජාතික නායකත්වයක් නැති, ව්‍යවස්ථා උගුල් හා දේශපාලන කුමන්ත්‍ර‍ණ හැර අන් කිසිම දේශපාලන උපායක් හෝ උපාය මාර්ගයක් හෝ රාජ්‍යතාන්ත්‍රික භාවයක් නැති, කෙටියෙන්ම කිවහොත් යුගයට කිසිම ගැලපීමක් නැති රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරු පාලන කල්ලියයි. 

    2014 වසරේදී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය නිර්මාණය කරද්දී, 2015 ජනාධිපතිවරණය සදහා උන්වහන්සේගේ සැගවුණු පොදු අපේක්ෂකයා වූයේ කරූ ජයසූරිය මහතාය. එහෙත්, තමන් හැර අන් එක්සත් ජාතික පක්ෂ, පාක්ෂිකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල් වික්‍ර‍මසිංහ මහතා ප්‍ර‍තික්ෂේප කළ නිසා (2010 ජනාධිපතිවරණයේදී ද මේ අයුරින්ම සිදුවිය) චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මෛත්‍රීපාල මහතා කරලියට ගැනීමට සිදුවිය. එසේ නොවුණා නම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ සහයෝගයද කරූ ජයසූරියට හිමිවන්නට ඉඩ තිබිණි. එසේ වූවා නම් අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකි. 

    එම තත්වය වලක්වන ලද්දේ අන් කවරෙකු වත් නොව, මා නැත්නම් එක්සත් ජාතික පක්ෂයට කිසිවෙකු එපා යන පටු ආත්මාර්ථකාමී චින්තනයේ එල්බ සිටින රනිල් වික්‍ර‍මසිංහ මහතාය. 

    2018 පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුවද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සුළුතර පක්ෂවල නව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සන්ධානයක් තනා එහි නායකයා ලෙස කරූ ජයසූරිය අගමැති ධූරයට පත්කර පළාත් සභා හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි. එයද කඩාකප්පල් කළේ රනිල් වික්‍ර‍මසිංහ මහතාය. දැන් එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ තවත් මැතිවරණ පරාජයන් පෙළක් පමණි. රනිල් වික්‍ර‍මසිංහ මහතා ජනාධිපති වීම හෝ ඔහුගෙන් පසු අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරවීමේ වික්‍ර‍මසිංහ මහතාගේ සිහිනයද හුදු සිහිනයක් පමණක්ම වනු ඇත. 

    දැන් වික්‍ර‍සිංහ මහතාගේ උපාය නම් සජිත්, හරීන්, අජිත්, සුජීව වැනි තමන්ට අභියෝගයක් එල්ල කළ හැකි තරුණ පිරිසට පක්ෂයේ ඊළග නායකත්වය නම් කැරට් අලය පෙන්වා නියතව පරදින පළාත් සභා ඡන්දයෙන් ඔවුන්වද දේශපාලනිකව විනාශ කිරීමය. 

    ලෝකයේ බොහෝ නායකයින් දශක දෙකකට අධික කාලයක් පක්ෂ නායකකම්වල සිට ඇත. එහෙත්, ඒ සෑම විටම ඔවුන් මුහුණ දුන් මැතිවරණ ජයග්‍ර‍හණය කර ඇත. (උදා –  මුගාබේ, කියාමේ, පුටින්, මර්කල්) ලොවේ කිසිදු ප්‍ර‍ජාතාන්ත්‍රික රටක මැතිවරණ ජයග්‍ර‍හණය නොකළ, පරාජිත නායකයන් දශක දෙකකට වැඩි කාලයක් ප්‍ර‍ධාන විපක්ෂයේ නායකයාව සිට නැත. රටේ අනෙක් ප්‍ර‍ධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දශක තුනේදී නායකයන් තුන් දෙනෙකු බිහිකර ඒ තිදෙනාම රටේ රාජ්‍ය නායකයා බවට පත්කර ඇති බව සිහිකරන විට, එක්සත් ජාතික පක්ෂය සමාන වන්නේ පැරණි ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි වාමාංශික පක්ෂවලට මිස ලෝකයේ දියුණු ප්‍ර‍ජාතාන්ත්‍රික පක්ෂයකට නම් නොවේ. 

    රනිල් වික්‍ර‍මසිංහ මහතා ගැන පතුරුවා තිබූ ව්‍යාජයන් රැසක් ඔහුගේ 2015 – 2018 කාර්යසාධනය විසින් හෙළිකර ඇත. 

    ඒවා පහත අයුරින් ගොණුකළ හැකිය. 

    01. ඔහු දූෂිත පුද්ගලයෙකු නොවන බව

    මහ බැංකු මංකොල්ලයේ ප්‍ර‍ධානියා රවී කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍ර‍න් නොව, රනිල් වික්‍ර‍මසිංහයන් බව දන්නෝ දනිති. දැනට හෙළිවී ඇති කරුණු අනුව, මෙන්ඩිස් ස්පෙෂල් හි විශේෂ ගිණුමකින් අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා රුපියල් මිලියන 1190 ක් එක්සත් ජාතික පක්ෂ නායකයින් හා මන්ත්‍රීන් අතර බෙදා දීමක් සිදුවී තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි වලින් කියැවේ. බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළයාමෙන් ආර්ථිකයට වූ හානිය ට්‍රිලියන ගණනකි. 

    02. ඔහු මොළයක් බව

    පසුගිය කාලය තුළ රට කරවීමේදී රනිල් වික්‍ර‍මසිංහ මහතා පෙන්වූ අදූරදර්ශී, අමනෝඥ ආර්ථික උපක්‍ර‍ම දෙස බලන කල, (ඔහු ළගාකර ගත්තේ 4% කට අඩු ආර්ථික වර්ධනයකි. ඩොලර වටිනාකම අනුව 2016 දී ඒක පුද්ගල ආදායම සෘණ විය) මොළයක් යැයි කියූ මොහුගේ මොළය ඇත්තේ කොහේදැයි පරීක්ෂා කළයුතුව තිබේ. තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කර තමන්ට ජයගත හැකි බවට ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපක්‍ර‍ම කරන්නට ගොස් මහින්ද – බැසිල් කල්ලියෙන් සල්ලං වූ ආකාරයෙන් පෙනී යන්නේද ඔහු දේශපාලන ලෙසද අමු මෝඩකම් කරන බවය. එමෙන්ම, අතේ පත්තුවන ලෙස මහබැංකුව, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගය ආදියෙන් කළ ගසාකෑම්වලින් පෙනීගියේ මැදමුලන කල්ලිය කොල්ලුපිටියේ පැරණි රෝයල් කල්ලියට වඩා මහ මොළකරුවන් බවය. එමෙන්ම, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය මත පැටවී ඇති 25% ක කාන්තා මන්ත්‍රීවරියන්ගේ අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා බව සියළු දෙනා මතක තබා ගත යුතුය. සිය බිරිඳ වූ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය එන්.ජී.ඕ. සංවිධානවල ඉල්ලීම මත මුළු පළාත් පාලන මැතිවරණ ක්‍රමයම මෙමගින් අවුල් කර ඇති බවද කිවයුතුය. 

    03. ඔහු නූතනවාදියෙකු බව

    රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ලෝකය දශක ගණනක් පැරණි ලෝකයකි. ඔහු දන්නා නවීන ආර්ථිකය හෝ තාක්ෂණ ක්‍ර‍මවේදයක් නැති බව තේරුම් ගැනීමට පසුගිය වසර 3 ප්‍රමාණවත්ය. ඔහුගේ දේශපාලන ගජමිතුරන් වූ මලික්, රවී, අකිල, වජිර ගත්ත ද, නිලධාරී ගජ මිතුරන් වූ පාස්කරලිංගම්, ඔස්ටින් ප්‍ර‍නාන්දු, චරිත රත්වත්ත, කෙන් බාලේන්ද්‍ර‍න්, අජිත් ද කොස්තා, අජිත් ඩයස් ආදීන් ගත්තද වයසට ගිය, යල් පැණගිය වැඩබැරි පිරිසක් බව සහසුද්දෙන්ම පෙනීගොස් තිබේ. මේ රට කරගත්තේ, වසර තුනක් මේ දේශපාලන විශ්‍රාමිකයන්ට රට බාරදී රටේ කාලය ආපස්සට යැවීම පමණි. නූතනවාදීන් විය හැක්කේ ටයිකෝට් ඇදීමෙන්, කෝපි බීමෙන්, සැන්ඩ්විච් කෑමෙන් නොවේ. ලොවේ නූතන ප්‍රවනතාවයන් රටේ තත්වයට ගැලපෙන ලෙස සකස් කර ගැනීමෙනි. 

    04. ජාත්‍යන්තර ප්‍ර‍ජාව පිළිගත් නායකයෙකු බව

    රනිල් වික්‍ර‍මසිංහ, ලිබරල් ක්‍රිස්තියානි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු එකම සාමාජිකයාය. මේ බව සමාජයට වසන් කර තිබේ. කෙසේ වෙතත්, ඔහු ක්‍ර‍මයෙන් කුණුවී ගිය වාමාංශික දේශපාලනය තමන්ගේ කොන්සර්වෙටිව් මූලධර්ම සමග දෙමුහුන් කරන්නට ගොස් අද ප්‍ර‍තිපත්තියක් නැති විකෘතියක් බවට ජයවර්ධන ජනාධිපති ගොඩනැගූ ප්‍ර‍තාපවත් කොන්සර්වෙටිව් එක්සත් ජාතික පක්ෂය පත්කර ඇත. එමෙන්ම, එදා මෙන් නොව, දැන් ජාත්‍යන්තරයද වෙනස් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ආදීයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය කොන්සවෙටිව් පක්ෂ උදුරා දමමින් ඉදිරියට එයි. චීනයේ රතු ධනවාදය විසින් ලෝකයට අලුත්ම ආර්ථික මාදිලියක් ලබාදී තිබේ. මේ කිසිවක් ගැන රනිල් වික්‍ර‍මසිංහ මහතාට අවබෝධයක් නැති බව පෙන්. එමෙන්ම, ජාත්‍යන්තරව අපට එල්ලවූ බලපෑම පාවාදීම් වලින් තොරව වෙනස් කිරීමට ඔහුට හැකියාවක් ලැබීද නැත. දැන් ඔහු ජාත්‍යන්තරය ඉදිරියේද ගලේ පැහැරූ බළලෙකුගේ තත්වයට පත්ව ඇත. 

    05. රනිල් වික්‍ර‍මසිංහ සුළු ජාතීන්ට ප්‍රිය බව

    පළමුව කිව යුත්තේ බහුතර සිංහලයන්ගේ බහුතරය දිනා ගැනීමට නොහැකි නම් රට පාලනය කිරීමට නොහැකි බවය. ජයවර්ධන, චන්ද්‍රිකා ජනාධිපතිවරු දෙදෙනාම සුළු ජාතීන් ආකර්ෂණය කළේ බහුතර ජාතියේ බහුතරය දිනා ගැනීමෙනි. මෙවර මැතිවරණයේදී පෙනීගොස් ඇත්තේ එක් අතකින් සිංහල ජනයා අතර රනිල් වික්‍ර‍මසිංහ මහතා පිළිකුලට ලක්වන විට ඔහුගේ දෙමළ සහායකයින් වූ සුබන්දිරන්, සම්බන්ධන් ආදියටද දෙමළ සමාජයේ මහත් පරාජයක් ලැබී ඇති බවය. (යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ ඡන්ද ප්‍ර‍තිශතය 33% කි. හරියටම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ප්‍ර‍තිශතයයි. 2013 පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානය 78% ක් යාපනයේ ඡන්ද ගත්තේය). එමෙන්ම, දිගම්බරන්, මනෝ ගණේෂන් ආදීන්ටද වතුකරයේ පරාජය අත්වී ඇති බවය. නැගෙනහිර එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් පදනම අතුගෑවී ඇති බවය. දෙමළ, මුස්ලිම් සියළු ජනයාද රනිල් වික්‍ර‍මසිංහ අසාර්ථක බව පිළිගනිමින් ඇති අතර, ඔහු සමග කටයුතු කළ දෙමළ මුස්ලිම් නායකයන්ද ජනතාව විසින් පරාජය කර ඇත. 

    මේ සියලු කරුණු එක්ව ගත්කළ පෙනී යන්නේ රනිල් වික්‍ර‍මසිංහ මහතා බලයේ සිටින්නේ කරුණු කිහිපයක් මත බවය. 

    01. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට 1995 කතරගමදී කළ ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී සංශෝධනයෙන් නායකයාට ගත් අසීමිත ඒකාධිපති බලතල. 

    02. 19 වැනි සංශෝධනය හරහා ස්වාධීන කොමිසම්වලට මුවා වී අගමැතිවරයාට ගත් ජනාධිපති ව්‍යවස්ථා බලතල. 

    03. එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍ර‍මසිංහට අභියෝගයක් කිරීමට දක්වන බියසුළු කම හා රනිල් වික්‍ර‍මසිංහ පැරදුණු විට තමන්ට නිකම්ම නායකත්වය එතැයි සිතනා සජිත් ප්‍රේමදාස මහතාගේ දුර්වල සිතුවිල්ල. (නායකත්වය ගන්න 2020 න් පසු එක්සත් ජාතික පක්ෂයක් ඉතුරු වන්නේද නැත) 

    04. රනිල් වික්‍ර‍මසිංහ මහතා බලයේ තබාගැනීමට ඔහුගේ ගජමිතුරු කල්ලිය සල්ලි බෙදමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් නැටවීම. 

    05. රනිල් වික්‍ර‍මසිංහ මහතා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කිසි විටෙක ඉඩ නොදීම. 

    යන ඉහත කාරණා මතය.

    මේ සියල්ල වෙනස්කර එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට, එක්සත් ජාතික පක්ෂ තරුණ නායකයන් ක්‍රියා නොකළ හොත් සිදුවන්නේ රනිල් වික්‍ර‍මසිංහ සමගම එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යෑම පමණකි. පැහැදිලිව පෙනෙන සත්‍ය එයයි.

  • එකපාරටම මියගිය තාජුඩින්දේ පරිගණක කරලියට ආපු හේතුව මෙන්න……

    එකපාරටම මියගිය තාජුඩින්දේ පරිගණක කරලියට ආපු හේතුව මෙන්න……

    රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගනක දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත  (28) නියෝග කළාය.

    මෙහිදී මෙම ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වල දත්ත තුලින් තාජුඩින් ජීවත්ව සිටියදී නාමල් යෝෂිත සහ අනෙකුත් අය සමග තිබු ගැටළු සහ ඝාතනයට සම්බන්ධ වූ කරුණු තහවුරු කර ගැනීමට අපේක්ෂිතය…

    මෙම සිද්ධියට අදාළ නඩුව  (28) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් සාක්කි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි 5 වැනි දා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

  • අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..

    අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..

    කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා”සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ මෙහිදී රනිල් අර්ජුන් මහේන්ද්‍රන්වද මුණගැසීමේ සුදානමක් ඇති බවයි..

    ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

    මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

    2018 වසරේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇත.

    සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වෙති.

  • අහිමි වු බලය නැවත ලබාගන්න සිව් වසරකට පසු, මහින්ද තිරුපති වන්දනාවට යයි.

    අහිමි වු බලය නැවත ලබාගන්න සිව් වසරකට පසු, මහින්ද තිරුපති වන්දනාවට යයි.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    හිටපු ජනපතිවරයා අද (28දා) අලුයම් කාලයේදී හිටපු ජනපතිවරයා තිරුපති කෝවිලේ වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට නියමිතව තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27දා) තිරුමාලා වෙත ළගා වී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළුව ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එකවෙයි.

    හිටපු ජනපතිවරයා අවසන් වරට තිරුපති කෝවිලට ගොස් ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් 10 දාය.

  • විපක්ෂනායක වෙන්න කුපාම මහින්ද කරන්න ඕනේ දේ මෙන්න.. විග්‍රහය මෙන්න..

    විපක්ෂනායක වෙන්න කුපාම මහින්ද කරන්න ඕනේ දේ මෙන්න.. විග්‍රහය මෙන්න..

    පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පැවසීය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලුවා. ඒ අවස්ථාවේදී ආපු තර්කය තමයි ඔවුන් තරග කරලා තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කියන කාරණය. පාර්ලිමේන්තුවෙන් එළියේ තියෙන දේශපාලන පක්‍ෂ ගැන පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුළේ තිබෙන පක්‍ෂ නියෝජනය කරන්නේ කවුද කියන එකයි වැදගත්.

    මේ පාර ඡන්දයේ දී සිදුවූ‍ විශේෂ දේ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු 45 ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති පක්‍ෂය හරහා එයට උදව්ක්, එයට කැමැති වෙලා ඇවිත් තියෙනවා.

    දැන් එතුමන්ලාට තිබෙන්නේ ඒ පක්‍ෂය තමන්ගේ පක්‍ෂය හැටියට තමන් පිළිගන්නා බව, තමන් ඒ පක්‍ෂයේ සාමාජික බව ප්‍රකාශ කරලා කථානායකතුමාට ඉල්ලීමක් කිරීමයි. එහෙමඉල්ලීමක් කළොත් අපි එය පිළිගන්නවා’ යැයි ප්‍රකාශ කළේය.

  • අගමැති රනිල්ට කනේ පහරක් දෙමින් ජනපති විසින් එලවා දැමු රනිල්ගේ සුදු අලියා මෙන්න…

    අගමැති රනිල්ට කනේ පහරක් දෙමින් ජනපති විසින් එලවා දැමු රනිල්ගේ සුදු අලියා මෙන්න…

    රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.

    කැබිනට්‌ මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ.

    ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට යැම නිසා රටේ ආර්ථිකය කඩාවැටුණු බවත් දේශීය කර්මාන්ත නැංවීමට ආර්ථික කළමනාකරණ කමිටුව දුන් සහාය ඉතා අල්ප බවත් ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව මින් ඉදිරියට රටේ ආර්ථිකයට බලපාන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම ජාතික ආර්ථික සභාවට පවරන බවත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කාගේ හෝ අකමැත්තක්‌ වේදැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන් ගෙන් විමසා ඇති අතර එහිදී ඇමැතිවරුන් කිසිවෙකු ඊට විරෝධතාවය පළකර නැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එස්‌. එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් වූහ.

  • පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..

    පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..

    එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. පක්‍ෂ දෙක එක්වුවහොත් එම ආයතනයේ බහුතර බලය ලබාගත හැකි නම් ඒ සෑම පළාත් පාලන ආයතනයකම බලය ඒකාබද්ධව පිහිටුවීමටයි තීරණය කර ඇත්තේ.

    එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඊයේ පැවති රැස්වීමේදී පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව දැනුම් දී ඇතැයි සදහන්. ඒ අනුව ඊට අදාළ කටයුතු සොයා බලන්නැයි මහ ලේකම්වරයා දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ. 

    කෙසේවෙතත් පළාත් පාලන ආයතන පිහිටුවීම මාර්තු 20 දක්වා කල් තැබීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (27) තීරණය කළා.

  • ෆොන්සේකා අද ජනපති හමුවෙයි

    ෆොන්සේකා අද ජනපති හමුවෙයි

    ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) උදෑසන 9 ට  ජනපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබූ බව දේශපාලන ආරංචි වල සඳහන් වේ.සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුණ ගැසී ඇති අතර. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ඉකුත් සමයේ දිගින් දිගටම විවිධ වාර්තා පළ වුණත් කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකරන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකාවේ රැඳී නොසිටි බැවින් මෙම හමුවීම් යොදාගෙන ඇතැයි එම ආරංචි වල වැඩි දුරටත් සඳහන් වේ.
  • එජාප-ශ්‍රීලනිප උණුසුම් වෙද්දී  ජනපති මෛත්‍රී ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළට එක්වෙයි….

    එජාප-ශ්‍රීලනිප උණුසුම් වෙද්දී ජනපති මෛත්‍රී ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළට එක්වෙයි….

    දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සඳහා මෙවර එක් කරන ලද නව සම්මාන 03 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා වන පාරිසරික මාර්ගෝපදේශන සංග‍්‍රහය ද මෙහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

    නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්. කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

  • රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

    රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

    විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒ සම්බන්ධයෙන් විදියට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්නේ?

    “රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. ”

    නියෝජ්‍ය නායකයා විදියට ඔබතුමාට හිතෙනවාද මේ කියන කරුණු වල යම් සත්‍යතාවයක් තියනවා දකියලා?

    “මම කිසිසේත්ම බැහැර කරන්නේ නෑ එතුමා කියන කතා වැරදියි කියලා.”

    එතුමා පැහැදිළිවම කියන්නේ අගමැතිධූරයේ වෙනසක් වෙන්න ඕන කියලා ඒකියන්නේ ඔබතුමා කියන්නේත් එහෙම වෙනසක් වෙන්න ඕන කියලා?

    “මම කියන්නේ යමිකිසි කෙන්කු කරන චෝදනාවන් බැහැර කරන්නේ නැතුව. යම් චෝදනාවක් ඉදිරිපත් කරන කොට අපි ඒවා සාකච්ඡා මට්ටමින් විසද ගන්න ඕන.”

  • විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි…  ජනපති හමුවූ ප්‍රබලයන් මෙන්න…

    විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි… ජනපති හමුවූ ප්‍රබලයන් මෙන්න…

    කැබිනට් සංශෝධණය ගැන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාස භංග යෝජනාව ගැන හදිසි සාකච්චාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂ ඉහල පෙලේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කර ඇත.

    මෙම හමුව සදහා එජාප මහ ලේකම් කබීර් හෂීම්, මංගල සමරවීර, අකිල විරාජ්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය ගැන ජනාධිපතිවරයා සමග මෙහිදී වැඩි වශයෙන් සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි.

  • අම්පාරේ ගැටුමට හේතුව මත්පැන් සම්බන්ධ ගැටලුවක අළු යට තිබු ගිනි පුපුරු… ඇත්ත මෙන්න…

    අම්පාරේ ගැටුමට හේතුව මත්පැන් සම්බන්ධ ගැටලුවක අළු යට තිබු ගිනි පුපුරු… ඇත්ත මෙන්න…

    අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටුමට පාදක වූ සිදුවීම් කිහිපයකම පසුගිය කාලයේ අම්පාර නගරය ආශ්‍රිතව සිදුවී ඇති බවයි.

    මෙම ගැටුමට පෙර අම්පාර නගරයේ එම ගැටුමට පාදකවූ වටපිටාව සැකසීමට හේතුවූ මෙතෙක් හෙලිනොවූ කරනු පහත වීඩියෝව නැරඹීමෙන් දැනගතහැකියි. 

    https://www.facebook.com/supirigossip1/videos/1604795022889431/

  • නිතිය හා සාමය ඇමතිධුරය ගැන කතා කරන්න අද ජනපති මෛත්‍රී සහ ෆොන්සේකා අතර හමුවක්…

    නිතිය හා සාමය ඇමතිධුරය ගැන කතා කරන්න අද ජනපති මෛත්‍රී සහ ෆොන්සේකා අතර හමුවක්…

    ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතයි. ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවන්නේ උදෑසන 9 ට බවයි දේශපාලන ආරංචි සදහන් කළේ. 

    නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ඉකුත් සමයේ දිගින් දිගටම විවිධ වාර්තා පළ වුණා. එහෙත් ඉකුත්දා කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකරන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකාවේ රැඳී සිටියේ නැහැ. ඒ, දින 5 ක පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා ගොස් සිටි බැවින්.

    ඇතැම් වාර්තාවල දැක්වුණේ ඔහු නිල සංචාරයක් සදහා ඉන්දුනිසියාවට ගොස් සිටි බවයි. එහෙත් සිය දියණියන් දෙදෙනා මුණ ගැසීම සදහා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම සංචාරයේ යෙදී ඇති බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

    ඔහු යළි මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් 25 වනදායි.

  • එජාපයේ රවීගෙන් කරපු දුෂණ ගැන අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

    එජාපයේ රවීගෙන් කරපු දුෂණ ගැන අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

    හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ හැකි බවට බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබුණි.

    ඒ සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ස්ථාවරය විමසීම සඳහා අදාළ කැඳවීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

  • රනිල්ට එරෙහිව රංගේ බණ්ඩාර සමගින් එජාප අභ්‍යන්තරයේ සේනා සංවිධානය කර සෙන්පතියෝ මෙන්න..

    රනිල්ට එරෙහිව රංගේ බණ්ඩාර සමගින් එජාප අභ්‍යන්තරයේ සේනා සංවිධානය කර සෙන්පතියෝ මෙන්න..

    ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය ඔහුගෙන් මුදාගැනීම සඳහා මේ වන විට එජාපයේම මන්ත්‍රීවරුන් පෙළගැසෙමින් සිටී.

    මෙතෙක් කල් රනිල් එලවීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුකර ගනිමින් ගිය පිරිස් මේ වන විට එළිපිට සටන් කිරීම අරඹා ඇති අතර එහි නායකත්වය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ගෙන අවශ්‍ය සංවිධානය කටයුතු සිදුකරමින් සිටී.

    එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

    පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක් කල යුතු යයිද ඇමතිවරයා කීය.

    පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.

    ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය. ඒ සදහා හෙට අනිද්දාම වාශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

    මේ අතර වාර්තා වන්නේ මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කල යුතු බව කියූ එජාප මැති ඇමති පිරිස 52ක් වූ බවත් කැබිනට් සංශෝධනයෙන් පසු එම ප‍්‍රමාණය තවත් ඉහල ගොස් ඇති බවත්ය.

    එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.

    ඒකාබද්ද විපක්‍ෂය සතුව මන්ත‍්‍රී ධුර 54ක් ඇති අතර ශ‍්‍රීළනිපයෙන්ද යම් කොටසක් මෙම විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇත.

    ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කර ගත හැකි තත්වයක් මතුව ඇති බවද වාර්තා වෙයි.

  • රනිල් රැකගන්න අද එජාපයේ ආසන සංවිධායකයින් සියල්ල සිරිකොතට…

    රනිල් රැකගන්න අද එජාපයේ ආසන සංවිධායකයින් සියල්ල සිරිකොතට…

    එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.
    උද්ගතව ඇති තත්වය හමුවේ නායකත්වය රැකගැනිමේ සටනක නියැලි සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගමේ පාක්ෂිකයා සහ පළාත් පාලන නියෝජිතයා පෙළගැස්වීම සහ පක්ෂයේ අනාගතය තීරණය කිරිමට මෙම කැඳවීම කර ඇති සදහන්.