Category: සුපිරි Politics

  • අගමැති රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ.. සිංගප්පුරුවෙත් නෑ…

    අගමැති රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ.. සිංගප්පුරුවෙත් නෑ…

    රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ.

    මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස්‌ ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    අධිකරණය මඟින් නිකුත් කළ සිතාසිය භාර දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා. සිංගප්පූරුවෙනුත් පදිංචි සිංගප්පූරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයෝ ගොස්‌ ඇතත් ඒ මහතා එම ලිපිනයේ නොසිටි බව හෙළි වී තිබේ.

    අදාළ සිතාසිය අන්තර්ජාතික කුරියර් සේවාවක්‌ ඔස්‌සේ මහේන්ද්‍රන් මහතා වෙත යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

    එහෙත් එම ලිපිනයේ මහේන්ද්‍රන් මහතා නොසිටි බැවින් කුරියර් සේවය මඟින් එම සිතාසිය නැවත මෙරටට එවා ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

    ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය මඟින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි.

  • අගමැති රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයේදි දෙමළ සංධානය ඉන්න තැන මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයේදි දෙමළ සංධානය ඉන්න තැන මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදි දෙමළ සංධානය ඉන්න තැන ගැන අප දෙමළ ජාතික සන්ධානයෙන්ද විමසීමක් කළා.

    ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ මේ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ප්‍රසන්න රණතුංග කියපු දේ මෙන්න..

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ප්‍රසන්න රණතුංග කියපු දේ මෙන්න..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට තමන් කැපවෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. 

    එහිදී ඔහු සඳහන් කළේ කවුරුන් හෝ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඒකාබද්ධ විපක්ෂයද ඊට සහය දෙනු නියත බව ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

  • රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන හැට පැනපු එජාප ඇමතිලා කියන කතාව මෙන්න..

    රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන හැට පැනපු එජාප ඇමතිලා කියන කතාව මෙන්න..

    ආණ්ඩුවට ජනතාවට කුමක් උනත් තම අතිජාත මිතුරා වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කවුරුන් හෝ විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කරන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.
    ඔහු ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්තී‍්‍ර කණ්ඩායමක් සූදානමින් සිටින බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ (26) සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්. 

     

    අමාත්‍ය ජෝන් අමරතුංගගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “අද යනවා සිරිකොතට..ගියාම බලලා කියන්නම්..2.00ට එන්න කියලා තියෙනවා.” යනුවෙනි.

     

     

  • පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ – මහින්දගෙන් ප්‍රකාශයක්..

    පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ – මහින්දගෙන් ප්‍රකාශයක්..

    පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම    කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    පළාත් පාලන ආයතන 167ක බලය තීන්දු කරන රිමෝට් එක තිබෙන්නේ සන්ධානය අතේ යැයි කී මහ ලේකම්වරයා තම සහය ලබා දෙන්නේ කුමන කණ්ඩායමකටද යන්න මෙතෙක් තීන්දු කර නැතැයි ද ප්‍රකාශ කළේය.

    තම කණ්ඩායමට වැඩි බලයක්දීමට සූදානම් නම් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ස්වාධීන කණ්ඩායමක්, මුස්ලිම් කොංග්‍රසය හෝ ඕනෑම කණ්ඩායමකට සහයෝගය ලබාදෙන බව කී මහින්ද අමරවීර මහතා එසේ තම බලය තහවුරු කරගන්නා ආසනවල පිරිසිඳු පාලනයක් ගෙනයමින් සංවර්ධනය ළඟාකරදීමට සූදානම් බව ද කියා සිටියේය. 

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී  (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

  • රනිල් පන්නන්න එජාපයේ දෙවන පෙළ සටනට.. ප්‍රබලයන් ආපු සාකච්ඡාවේදි වෙච්ච දේ මෙන්න..

    රනිල් පන්නන්න එජාපයේ දෙවන පෙළ සටනට.. ප්‍රබලයන් ආපු සාකච්ඡාවේදි වෙච්ච දේ මෙන්න..

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

    මේ සඳහා වන සාකච්ඡා වට ගණනාවක් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර ඒ සඳහා අමාත්‍යවරුන්ද සම්බන්ධ වී ඇත.

    නුගේගොඩ තිබෙන එජාප ප්‍රභලයෙකුගේ නිවසේදී (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මනත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.

    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද තමන්ව නායකත්වයෙන් ඉවත්කිරීමට එජාපය ඇතුළේම ක්‍රියාතමක වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැන ගැනීමට ලැබී ඇතැයිද වාර්තා වෙයි.

    එජාප නායකයාට හිතවත් මන්ත්‍රීවරයෙකු අරලියහග මන්දිරටේදී සිටියදී පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකට අදාළ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරමින් ඇමතුමක් ලැබී තිබෙන බවත්, එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිය දුරකතනයේ හඩ වැඩිකර රනිල් වික්‍රමසිංහ මහතා හට ඇමතුම ඇසීමටද   සලස්වා තිබෙන බවත් වාර්තා වෙයි.

  • “මම නිහඬව හිටියේ නෑ..” – කලක් නිහඩව සිටි රතන හිමිගෙන් අලුත් සටනක් ගැන ප්‍රකාශයක්…

    “මම නිහඬව හිටියේ නෑ..” – කලක් නිහඩව සිටි රතන හිමිගෙන් අලුත් සටනක් ගැන ප්‍රකාශයක්…

    නව දේශපාලන පණිවුඩයක් සමාජගත කිරිමට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව ජූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ අප කළ විමසීමකදීයි උන්වහන්සේ ඒ බව පැවසුවේ.

    එහිදී “මම හිතන්නේ ආණ්ඩුව ඇතුළේ එක එක ප්‍රවණතා..සංකීර්ණ තත්ත්වයන් දකින්න හම්බවෙනවා.මම පසුගිය කාලය පුරාම නිහඬව හිටියේ යම්කිසි වැඩපිළිවෙලක් නිසා. දැන් සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ඉදිරි කාලය තුළ හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙයි මම මොකක්ද කරන්නේ කියලා. ඇත්තවශයෙන්ම ඒක ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන පණිවුඩයක්.” යනුවෙන් සඳහන් කළා.

  • මහින්ද ඇතුළු 06ක් ඉන්දියාවට ගිය හේතුව මෙන්න..

    මහින්ද ඇතුළු 06ක් ඉන්දියාවට ගිය හේතුව මෙන්න..

    කුපාම මහින්ද රාජපක්ෂ මහතා ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අද අළුයම 04.46ට පමණ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය බව අපට වාර්තා වේ..
    අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සදහා වන බිලිපුජා සම්බන්ධ ජෝතිෂ්‍ය කටයුත්තක් සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සදහන්..
  • නායක රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදන හැටි මෙන්න..

    නායක රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදන හැටි මෙන්න..

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් සිටි අතර 2015 යහපාලන රජය බලයට පත්වනවිට සාමාජිකයන් 165 සීමාවිය. මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමයි. පලිගැනීම් හා වෙනත් කම්කටොලු දරාගෙන පක්ෂය වෙනුවෙන් 2015 දක්වා මේ 165 දෙනා දර දිය අදින ලදී. මෙම සාමාජිකයන්ගේ වැටුපෙන් පසුගිය වසර 14ක් පුරා සාමාජික මුදල් කපාගෙන ඇතත් එම සාමාජිකයන්ට කිසිම සහනයක් ලබාදී නොමැත.

    යහපාලන රජය පැමිනේනවත් සමගම එහි සභාපතිවරයා වෙනස් වී සමික අසිතන්ජන යන අය ඒහි සභාපති තනතුරට පත්කර ගන්නා ලදී. ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සැහෙන පිරිසකට මහින්ද පාලනය යටතේ පලිගැනීම් හා විවිධ අසාධාරණයට ලක්වූ සේවකයන් සිටින ලද අතර නව සභාපති වරයා යටතේ ඔවුන්ට සහනයක් ලැබේයැයි සිතා සිටියත් ඔවුන්ට මේදක්වා කිසිම සහනයක් නොලබා සේවයෙන් සැහෙන පිරිසක් දැනට විශ්‍රාම ගොස් ඇත.

    මෙම සේවකයන් සදහා සිරිකොත මන්දිරය තුල දෙවරක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එක්වරක්ද පරීක්ෂණ පවත්වා මේ දක්වා ඔවුන්ට සහනයක් ලබා දී නොමැත.

    මේ පිලිබදව ජාතික සේවක සංගමයේ පැරණි සාමාජිකයන් කණගාටුවෙන් සිටි. යහපාලන රජය අවසන් වීමට තව ඇත්තේ මාස 22 පමණි, මෙම සේවකයන් සදහා දැන්වත් යුතුකම් ඉටු නොකරන්නේ නම් ප්‍රතිපල ඉතා භයනකය, මහින්දගේ පොහොට්ටුව බලා සිටින්නේ ඔවුන්ව ඒ පැත්තට හරවා ගන්නටය.

    සමික අසිතන්ජන යන නව ජාතික සේවක සංගමයේ සභාපති බලයට පැමිණි පසු දුක් විදගෙන සිටි සාමාජිකයන් 165ට අමතරව ඔහුගේ තෙල් ටැoකි වැලලිමේ ව්‍යාපාර වලට හා වෙනත් කටයුතු වලට උදවු කරන අය (84 දෙනකු පමණ) බදවාගෙන සාමාජිකත්වය 249 දක්වා ඉහල දමන ලදී, මෙම මුළු පිරිසම දේශපාලන පලිගැනීම් වලට ලක්වුවා යැයි කියා සිරිකොතට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරීක්ෂණ සදහා යවන ලදී.

    සමික අසිතන්ජන යන අය භර්යාවගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඒ නමින් සංස්‌ථාවේ පිරවුම්හල් වලට අලුත් හා පරණ තෙල් ටැoකි ගලවා සවිකිරීම හා දිවයින පුරා ඇති පිරවුම්හල් වලින් ප්‍රාදේශීය කළමනාකරුවන් හා ප්‍රාදේශීය පරිපාලකවරුන් මුදල් ලබාගන්නා අතර ඒ සදහා ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඔහුගේ රැකවරණය ලබා දෙමින් එම මුදලින් කොටසක් ලබාගනී

    මෙවැනි ව්‍යාපාර කරගෙන සිටින අතර ඔහු සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් කිසිවක් මේ දක්වා ඉටුනොකර සිටි, මේ නිසා සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයද, ජාතික සේවක සංගමයද එපාවෙන තත්වයට පත්ව ඇත, මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ඉල්ලමු.

  • එජාපය රනිල්ට එරෙහි වෙයි

    එජාපය රනිල්ට එරෙහි වෙයි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව  එම ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව සිරිකොතින් වාර්ථා වෙයි.

    පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මෙන්න ඊට පෙරත් ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව හම ආරංචි වල සඳහන් වන අතර  එජාප ප්‍රභලයෙකුගේ නුගේගොඩ නිවසේදී පෙරේරදා (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.

     

  • අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..

    අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..

    අගමැති රනිල්ට එරෙහිව එම පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රකාශකයෙක් පැවසිය. මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය වන්නේ රනිල් ඉවත්කිරීම බවත් ජනමතයට තමන් හිස නමන බවත් ඔහු අවධාරණය කළා.

  • ‘මටත් SMS, ඊමේල් ආවා‘  – අගමැතිට එරෙහිව විශ්වාසභංගය  රන්ජන්, කිරිඇල්ල කතා කරයි..

    ‘මටත් SMS, ඊමේල් ආවා‘ – අගමැතිට එරෙහිව විශ්වාසභංගය රන්ජන්, කිරිඇල්ල කතා කරයි..

    ජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
     
    එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
     
    රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.
     
    ‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ. 
     
    මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ. 
     
    මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු  කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුලුවන් කමක් නෑ. 
     
    මේ පක්ෂයේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න. සමස්ත රටේම හඬ මේකයි. පාර්ලිමේන්තුවේ ඉන්න මැතිඇමැතිවරුන්ට කියන්නේ ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ පක්ෂය ගැන හිතන්න. පක්ෂය දියකරන්න ඉඩ දෙන්න එපා.  
     
    මේ ක්‍රියාදාමය තුලින්වත් වැඩක් වෙන්නේ නැතිනම් අපිට සිද්ධ වෙනවා අනුකම්පා විරහිතව විශ්වාස භංගයක් ගේන්න. ඒ විශ්වාස භංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියාකරන්න යන්නේ. ඒ විශ්වාස භංගයට නායකත්වය ගන්න අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා. ‘‘

    කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ අප එක්සත් ජාතික පක්ෂයේ තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.

    එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.

    “තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”

  • කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කරමින් කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට සිදුවූ වෙඩි තැබීමට අදට (27) වසරක් සම්පූර්ණ වනවා.

    එහෙත් මෙම වෙඩි තැබීමෙන් මියගිය හෝ තුවාල ලැබූ නිලධාරින්ට මේ දක්වාත් කිසිඳු වන්දියක් ලබා දී නැහැ.

    බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුද මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර තවත් නිලධාරියෙකුගේ පාදයක් කපා ඉවත් කිරිමට සිදුවුණා.

    වෙඩි තැබීම සිදුවී දින කිහිපයක් ගතවූ අවස්ථාවේ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කළේ එලෙස මියගිය නිලධාරීන්ට වන්දියක් මෙන්ම ජීවත්ව සිටියේ නම් ඔවුන්ගේ විශ‍්‍රාම වයස පැමිණෙන තෙක් ඔවුන්ට හිමි වැටුපද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දීමටයි.

    ආබාධිත වූ නිලධාරියාට සහ තුවාල ලැබූ සෙසු නිලධාරින්ට වන්දි ලබා දීමටද එහිදී තිරණය කෙරුණා. එහෙත් ප‍්‍රකාශිත එම කිසිඳු ප‍්‍රතිලාභයක් මේ දක්වා ලැබී නොමැති බවයි මිය ගිය නිලධාරියෙකුගේ භාර්යාව අප වෙත කියා සිටියේ. 

    අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ මියගිය නිලධාරීන්ට වන්දි සහ වැටුප් ලබා දීමට අදාළ සියලූ තොරතුරු අමාත්‍යාංශයට යවා ඇති බවයි. ආබාධිත වූ සහ තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි ලබා දීම සඳහා වූ තොරතුරුද අමාත්‍යාංශයට යවා ඇතැයි ඔහු පැවසුවා.

    මේ අනුව අදාළ නිලධාරින්ට තවමත් වන්දි ලබා නොදීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර හා පුනුරුත්තාපන අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි ලේකම් පී. සුරේෂ් පැවසුවේ කරුණු සොයා බලා මේ පිළිබඳ අද දිනය ඇතුළත පිළිතුරක් ලබා දෙන බවයි.

  • රනිල් ගෙදර යවන්න අවශ්‍ය වන්නේ සරල බහුතරයක් – නීතිවේදීන් සියල්ල හෙළිකරයි…

    රනිල් ගෙදර යවන්න අවශ්‍ය වන්නේ සරල බහුතරයක් – නීතිවේදීන් සියල්ල හෙළිකරයි…

    කවරෙකු හෝ විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවකදී අග‍්‍රාමාත්‍යවරයා පරාජයට පත්වුවහොත් ඔහුට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවන බව නීතිවේදීන් පවසනවා.

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 

    ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙන්නේ “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනුත් ඉතා පැහැදිළිව සඳහන් කරනවා..අගමැතිවරයාගේ ධූරය අහිමි කළ හැකි එක ප්‍රධාන අවස්ථාවක් වශයෙන් ඔහුට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව.” යනුවෙනි.

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ කුමන කණ්ඩායම්වලටදැයි ද මෙහිදී විස්තර කෙරුණා.

    “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ හුදෙක් විපක්ෂයට පමණක් නෙමෙයි. ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායම් හැරුණු කොට (අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය).. එයට අයිති නොවන ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා සාමාන්‍ය තත්ත්වය තුළදී විශ්වාසභංග යෝජනාවක් වන ඉල්ලීම ඉදිරිපත් කරන්න.”

  • රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයට අපිත් සහය දෙනවා – ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්….

    රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයට අපිත් සහය දෙනවා – ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්….

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයද ප්‍රතිචාර දැක්වූවා.

    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මේ පිළිබඳ අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “බොහොම පැහැදිළිව අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කරන්න ඕනේ.. රනිල් වික්‍රමසිංහට දැඩි චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා රංගේ බණ්ඩාරටත් යම් සහයෝගයක් ජනපති සහ ශ්‍රීලනිපයෙන් ලැබෙනවා ඇති කියලා. මේ මොහොතේ අපිත් සහය දෙනවා ” යනුවෙනි.

  • අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

    අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශයෙන් දේශපාලන කරළියේ තිගැස්මක් ඇතිවී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කළේ පුත්තලමේදී ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින්.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.

    “තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”

    අප මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නවලට ඔවුන් අත නොදමන බවයි. පසුව ඔහු දුරකතනය විසංධි කළා.

    ජනතා විමුක්ති පෙරමුණද පවසන්නේ කිසියම් අයෙකු කරන ප‍්‍රකාශයක් පිළිබඳ එකවර ප‍්‍රතිචාර දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කිරිම ජනතා විමුක්ති පෙරමුණේද අවශ්‍යතාවයක් බව ඔවුන් අවධාරණය කළා.